Saturday, December 7, 2019

සර්වසම්පූරණ දරැවා vs අඩුපාඩු සහිත දරැවා

Image may contain: 4 people, people smiling, people on stage, table and indoor


දරැවන් හෝ අඩුම තරමින් සුරතල් සතුන් සෑදීමට පෙර ඔබ හිතන්නේ හෝ සූදානම් වෙන්නේ එහි සුබවාදී පැත්තට පමණක් නම් ඔබ අන්තිම ආත්මාර්ථකාමියෙකි. ඔබ පතන ඒ දක්‍ෂ කීකරැ ලස්සන නීරෝගී යහපත් සෑම අතින්ම සම්පූරණ දරැවාට මව/පියා ලෙස ආදරය කිරීම ඉතාම පහසුය. එහි කිසිම අභියෝගයක් නැත. දෙමාපියන් ලෙස ඔබගේ ආදරයේ නියම පරීක්‍ෂණයට සහ අභියෝගයට ඔබ මුහුණදෙන්නේ ඔබේ දරැවා අදක්‍ෂ අකීකරැ, විශේෂ ශාරීරික/මානසික අවශ්‍යතා සහිත, තැලසීමියා/පිලිකා/හෘද රෝග ආදී දරැණු රෝග වලට ගොදුරැ වූ, එසේත් නැතිනම් අයහපත් කල්කිරියාවක් සහිත ආදී ආදරය කිරීමට අපහසු දරැවන් වූ පසුය.

පසුගිය දිනක ඉන්දියාවේ විසිහත් හැවරිදි පශු වෛද්‍යවරියක අමානුශික ලෙස සමූහ දූෂණය කර මරා පුළුස්සා දැමූ දූෂකයන්ගේ මවක්/පියෙක් පැවසූ කතාවක් නිසායි මට මෙම අදහස ලිවීමට සිතුනේ. ඒ දෙමාපියන් පැවසුවේ ඔවුනට තම පුතා දැන් මැරැණා හා සමාන බවත්, එතරම් පිළිකුල් බවත්, ඔහු එල්ලා මරා උපරිම දඬුවම් දියයුතු බවත් ආදී දේයි. එම දූෂකයන්ගේ දෙමාපියන් පැවසූ ඇතැම් දේ වල ඉoග්‍රීසි පරිවර්තන පහත දැක්වේ. (මූලාශ්‍ර: https://www.thequint.com/news/india/hang-him-hes-dead-to-me-kin-of-accused-in-hyderabad-doctor-rape-murder-case)

"I felt humiliated as the policemen went on taunting us. They asked us why we let our child go down the wrong path, that we should have instilled fear in him, that we should have put him in a different line of work. They kept asking us why we let our child go astray. I did not say anything. Just looked down and listened. What can I say? Is this why we wanted a son?"

"Of course I am angry with him. How dare he do something like this? How dare he even think of something like this? I am in disbelief that my son could be this person but I am so much more angry. He should be punished,"

"Kill him. What else should they do? After what he has done, what else does he deserve? Kill him."

“I don’t want anything to do with my son. I have disowned him... I will not go to court when the trial starts either. He is dead to me.”

ලoකාවේද කලකට පෙර කුඩා දැරියක් පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමූ පසු අත්අඩoගුවට ගත් සැකකරැගේ මව මෙලෙසම කියා තිබුනා.

මේ දූෂකයන් හය හතර නොදත් කුඩා දරැවන් කාලයේ කසිප්පු බීගෙන ගෑනිට කුණුහරැප කියමින් පහර දෙමින් කාන්තාවක් යනු පිරිමියෙකුගේ දේපලක් ලෙසත් කාන්තාවකට අත ඉස්සීම පිරිමියෙකුගේ පරම අයිතියක් ලෙසත් හැඟී යන පරිදි වැඩ කල, සම වයසේ කෙල්ලන්ට නොහොබිනා උසුළු විසුළු, වීදි හින්සනය කරද්දී ඒවා කොලු කමට යැයි සාධාරණීකරණය කල, ලිoගිකත්වය ගැන ගැටවර වියේ දරැවා සමඟ කතාබහ කර ඔහුගේ අවශ්‍යතා,අදහස්,හැඟීම් තේරැම්ගෙන කටයුතු නොකර ඔහුව තමා පාලනය කරගත හැකි ශක්තිමත් පෞරැෂයක් ඇති  පිරිමියෙකු නොකර සමාජයට මුදාහැර දැන් ඔහුව මරන්නලු, කොහොමද වැඩේ?

උඩ ඡායාරෑපය දිහා බලන්න. ඔබ පැතූ සර්වසම්පූරණ දරැවා වෙනුවට ඔබට ලැබුණු වැරදි කරන, අතපසුවීම් සිදුවන, අඩුපාඩු සහිත දරැවාට (ඔබේ සිහින සැබෑ නොකිරීමේ වරදට) නිර්දය ලෙස දඬුවම් කිරීමට පෙර ඔබේ ආත්මාර්ථකාමී අදහස තේරැම් ගෙන ඔබව පාලනය කර ගන්න. ඔබේ දරැවන් ඔබේ දේපලක් නොවේ. හැඟීම් දැනීම් ඇති ස්වාධීන මිනිසුන්ය, ඔවුන්.


No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...