Wednesday, November 27, 2019

ප්‍රතික්ශේප වීමට ඇති අධික බිය නැති කරගමු

ශ්‍රී ලාoකික අපගේ පෞරැෂයේ ඇති කුඩා අඩුපාඩුවක් අද කතා කරමු. ඒ තමයි ප්‍රතික්ශේප වීමට අප තුල ඇති අධික බිය/අකමැත්ත. මොකක්ද මේ ප්‍රතික්ශේප වීමට ඇති අධික බිය (fear of rejection)? මම උසස් පෙළ කරන කාලයේ මගේ හොඳම මිතුරියකට තමන් ගියපු යෝගා පන්තියක ගුරැවරයකු ගැන ආදරයක් පහළ උනා. ඒක ඇයට ඒකපාර්ශවිකව පහළවූ අදහසක් නෙමේ, යෝගා ගුරැතුමාත් ඇයට අනිත් අයට වඩා විශේෂත්වයක් දැක්වූවා. ඒත් දැන් කාලයක් තිස්සේ දෙන්න දෙන්නාට කැමති උනත් එක්කෙනෙක්වත් මේ ගැන කතාකරල ඊලඟ අදියරට යන්නෙ නෑ. ඉතින් මම ඇයගෙන් ඇසුවා ඇයි ඇයට බැරි ඔහුට මේ ගැන (ඇය ඔහුට ආදරය කරන බව) පවසන්න කියලා. ඇය මට කිව්වා ගැහැණු ළමයෙක් එසේ පැවසීම ඇය අනුමත නොකරන නිසා ඇය කවදාවත් එසේ නොකරන බවත් ඒ වෙනුවට ඇයගේ කැමැත්ත ඔහුට හැඟී යන පරිදි හැසිරී කෙසේහෝ ඔහුව ඇයගෙන් ආදරය අයැදීමට පොළඹවාගන්නා බවටත්. කරැමෙ කියන්නේ යෝගා ගුරැතුමාටත් ප්‍රතිපත්තියක් තිබිලා තම ශිෂ්‍යාවකගෙන් කවදාවත් ආදරය අයදින්නේ නැතිය ශිෂ්‍යාව ඇහුවොත් කැමති වෙනවා මිසක කියලා. එක අවස්ථාවක ඔහු ඒක ඇයට කියල තිබුණා (ඇයට එසේ  කරන ලෙස නොකියා කියා තිබුණා) අන්තිමේ ප්‍රතිපත්තිමය හේතු මත ඒක කවදාවත් සිදු වුනේ නෑ. ඇයි තමන්ගේ හිතේ තිබෙන ආදරය ගැන කියන්නට (නෛතික/සදාචාරාත්මක හේතු නැතිනම්) අප බිය වන්නේ? කෙනෙකුට ආදරය කිරීම අපරාධයක්ද? ඔබ ආදරය කලේ වැදගත් ගැහැණියකට/මිනිසෙකුට නම් වියහැකි නරකම දෙය ඔවුන් ඔබේ ආදරය කාරැණිකව ප්‍රතික්ශේප කිරීමයි. ඒත් මගේ මිතුරිය වගේ ජීවිත කාලයම ඔහු ගැන හිත හිතා දුක් වීමට වඩා කාරැණිකව ප්‍රතික්ශේප වීම කොතරම් හොඳද, ඔබට එවිට හිත හදාගෙන ඉදිරියට යා හැකියි. ලoකාවේ බොහෝ දෙනා ආදරයේදී පමණක් නොවේ වෙනත් සෑම කරැණකදීමත් ප්‍රතික්ශේප වීමට ඇති බිය නිසා පසුබානවා. ඒවගේම ප්‍රතික්ශේප වූ පසු අධික ලැජ්ජාව නිසා වෛර කරනවා, අපහාස කරනවා. මොහොතකට නැවතී සිතන්න, ප්‍රතික්ශේප වීම ලැජ්ජාවක් නොවේ නව ආරම්භයක් නේද? අනික ඔබව හෝ ඔබේ අදහසක්/යෝජනාවක්/ක්‍රියාවක් ප්‍රතික්ශේප වුනේ ඔබේ වරදකට නොවේ, මේ ලෝකයේ සෑම මිනිසෙකුටම ඇත්තේ තමන්ටම අනන්‍ය වූ ජාන. ඒ නිසා තමන්ටම අනන්‍ය වූ කැමැත්තවල්/අකමැත්තවල්. ඒනිසා ප්‍රතික්ශේප වූ විට ඔබේ ego එක මැඩගෙන (එමගින් ඔබව ලැජ්ජාවට පත් කර ප්‍රතික්ශේප කල අයගෙන් පලිගැනීමට පෙළඹවීම මැඩගෙන) අනිකාගේ කැමැත්තට ගරැ කර ගෞරවනීය ලෙස ඉවත්ව යන්නට පුරැදු වෙන්න.

කලකට පෙර දියවඩන මළුව නම් ඉතා ලස්සන ටෙලි නාට්‍යයක් විකාශනය වෙලා තියෙනවා. මම අහම්බෙන් යූ ටියුබ් එකේ දැකලා නැරඹුවේ. මිනිසුන්ගේ මිනිස් ගුණය ඉස්මතු කරන අගනා ටෙලි නාට්‍යයක්. එහි මින්නේරිය වැවේ අළුත් ඉන්ජිනේරැවා ඉතා යහපත්, ගෞරවනීය තරැණයෙක්. ඔහු අනාථ දරැවෙකු ලෙසයි හැදී වැඩී ඇත්තේ. එම පලාතේ පොහොසත්ම ව්‍යාපාරිකයාගේ සරසවියෙන් අළුත පිටවූ හොඳ පෞරැෂයක් සහිත එකම දුව මේ ඉන්ජිනේරැවා දැන හඳුනාගෙන ඔහුගේ ගුණයහපත් කමට පැහැදී ඔහුට ආදරය කරන්නට පටන් ගන්නවා. ඇය ඇයගේ ආදරය හසුනකින් ඔහුට දන්වනවා. ඔහුත් ඒ වනවිට ඇයට ආදරය කලත් තමන් අනාථයකු නිසාත් ඇයගේ high status නිසාත් ඇයට එය එතෙක් අඟවාවත් තිබුනේ නෑ. නමුත් ඇගේ හසුන සමඟ සියල්ල වෙනස් වී ඔවුන් පෙම්වතුන් බවට පත් වෙනවා. ඇය ඔහුට තම ආදරය ප්‍රකාශ නොකලානම් ඔහු කවදාවත් ඇයගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඇයට එතරම් හොඳ මිනිසෙක් නැවත කවදාවත් හමුවන එකකුත් නෑ. ඇය ඔහුට තම ආදරය එසේ ප්‍රකාශ කිරීම ගැන අවස්ථා ගණනාවකදී ඔහු ඇයට කෘතඥ වෙනවා.

දැන් අනීටාගේ කතාව කියන්නම්. අනීටා මගේ ඇමරිකානු ජාතික මිතුරියක්. ඇය eharmony නම්  dating web site එකකට ලියාපදිoචි උනා සහකරැවෙක් සොයාගැනීමට. ඇය ටික කලකින් හොඳ සහකරැවෙක් හඳුනා ගත්තා (තවම යහලුවන් පමණයි). ඔහු එවිට වැඩ අධික සීමාවාසික වෛද්‍යවරයෙක්. එකල ඔහුගේ මවටත් පිළිකාවක් සෑදී ඔහුට eharmoney site එකට යන්නවත් වෙලාව නැති වුනා. අනීටා මෙය දන්නෙ නෑ. ඔවුන් ඒතරම් කිට්ටු යාළුවන් නොවේ එකල, ඔවුන් ගනුදෙනු කලේ web site එකෙන් පමණයි. ඇය දන්නේ ඔහු එකවරම web site එකට ඒම ඉතාම අඩු කර ඇගේ දිගු පණිවිඩ වලට පමාවී කෙටි උත්තර එවන්නට ගත් බව පමණි. ඇයත් ප්‍රතික්ශේප වීමේ භීතිකාවෙන් පෙලුනානම් ඔහු වෙන කාටහරි set වෙන්න ඇති කියල තමන්ම උපකල්පනය කරගෙන තරහවෙලා අයින් වෙන්න තිබුනා. ඇය ඊට වඩා බුද්ධිමත්. ඒවගේම ඇය දැන සිටියා ඔහු ඇයට අවoකවම කැමති බවත්. ඒවගේම ඔහුට වෙන කෙනෙක් මුණ ගැසුනත් ඔහු ඇයව එලෙස අතහැරීමට වඩා ඇත්ත පවසා ආචාරශීලීව ඇයගෙන් සමු ගන්නා මහත්මයෙකු බව ඇය විශ්වාස කලා. ඉතින් ඇය ඔහුට අවoක පණිවිඩයක් යැව්වා ඇය ඔහුට ආදරය කරන බවත් ඔහුගේ වෙනස් වීම ඇයට මහත් වේදනාවක් බවත් සඳහන් කරමින්. ඔන්න එවිට ඔහුට මතක් වුනා ඇය ගැන. ඔහු ඇයගෙන් සමාව අයැද සිටියා. ඇයට තම පවුලේ ගැටලුව පවසා සිටියා. මගේ පලමු යාලුවා වගේ අනුවණ ප්‍රතිපත්තියක් රකින්නට ගොස් හොඳම ආදරය නැති කරගෙන පසුතැවිලි වෙනවා වෙනුවට අනීටා අර යහපත් මිනිසාව හිමි කර ගත්තා. ඇය දැන සිටියා ඇයව ප්‍රතික්ශේප වීමට හැකි බව ඔහුට ආදරය ප්‍රකාශ කරද්දී. ඒත් ඇය ඊට බිය වුනේ නෑ. ඇය බිය වුනේ ඒ මොහොතේ ඇය ආදරය ප්‍රකාශ නොකලොත් ඇයට ඔහුව නොලැබේය යන හැඟීමට. ඇගේ සැමියා පසුව කිව්වා එදා ඇය ඔහුට ආදරය ප්‍රකාශ නොකලානම් එකල ඔහු මුහුණදුන් ප්‍රශ්න සමඟ ඔහු web site account එක කාලයකට වසා දැමීමට පවා ඉඩ තිබුන බවත් ආදරය රැකගැනීම ගැන ඇයට ඔහු ස්තූතිවන්ත වන බවත්. 

අවසාන වශයෙන් මම කතාකරන්න කැමති උදාහරණය නම් බ්ලොග් අඩවි වල/මුහුණු පොතේ කොමෙන්ටු දැමීමේදී ඇතැම් අය පෙන්වන ප්‍රතික්ශේප වීමට ඇති අධික බිය. මුලින්ම ඔබ සිoහල බ්ලොග් අඩවි පවත්වාගෙන යන අතලොස්සක් වන බ්ලොග් කරැවන්ට කුඩා ඇගයීමක්හෝ ලබා දීමට කාරැණික වන්න.  ඒවයේ ලිපි වල හරි වැරැද්ද (ඔබට සාපේක්‍ෂව) මොකක් උනත් සමාජය තුල කතිකාවක් ඇති කරන්නට බ්ලොග් කරැවන් ගන්නා උත්සාහය අගය කරන්න. ගොඩක් මිනිස්සු හරිම අකමැති දෙයක් තමයි බුද්ධිමය සoවාද. ප්‍රතික්ශේප වීමට ඇති අධික බිය නිසා බොහෝවිට අපි කරන්නේ සoවාදයකට සහභාගී නොවී පිටුපසින් හිඳ වැරදි කතා කිරීම, කෝපයට පත් වී කුණුහරැප කියාගෙන තරහ වීම, කාන්තාවක් නම් බොහෝවිට අනේ මම නම් දන්නෙ නෑ ඕවා යයි පවසා මඟහැරීම වැනි සෘනාත්මක ප්‍රතිචාර දක්වා අර සoවාදය මතුකරන පුද්ගලයාව අධෛර්‍යමත් කිරීම. තව කට්ටියක් ඉන්නවා තමන්ගේ කල්ලියට අයිති පුද්ගලයෙක් මොනවා කිව්වත් කලත් සපෝට් එක දෙන සහ තමන්ගේ කල්ලියට පිට කෙනෙක් මොනවා කිව්වත් කලත් කිසිම හොඳක් දකින්නට බැරි. ඔන්න ඔයවගේ හේතු නිසා ලෝකය පුදුමාකාර විදියේ අදහස් හුවමාරැ කර ගැනීමේ ඌනතා සහිත තැනක් බවට පත්වීගෙන එන බව පෙනෙනවා. ඇයි තව කට්ටියක් ඉන්නවා තම මතය ප්‍රතික්ශේප වීමට ඇති අධික බිය නිසා සoවාදයක් කියන්නේ යුද්ධයක් කරගෙන පරදින්න වෙයි කියල එල්ලි එල්ලී තමන්ගෙ මතය අනිකාගේ මූණේ අතුල්ලන්නට හදන. එබඳු අය දකිනවිට මම හිතන්නේ තම අදහස්ම හරියැයි සිතන වෙනත් අදහස් ඇති අය සමඟ ආචාරශීලීව සoවාදයකවත් යෙදෙන්නට බැරි ඔවුන් විද්‍යුත් ප්‍රකාශන මාධ්‍යවල හැසිරෙන්නේ මෙහෙම නම් සැබෑ ජීවිතයේ තම පවුලේ අය, අසල්වාසීන්, මිතුරන්, කාර්‍යාල සගයින් සමඟ ගනුදෙනු කරනවා ඇත්තේ කෙසේද කියා. ඔවුන්ගෙන් නිර්දය ලෙස ප්‍රතික්ශේප වීම ගැන සතුටු වෙන්න. එය ඔබගේ යහපත් මානසික තත්වය ගැන ලැබුණු තත්ව සහතිකයක්. මට හිතෙන හැටියට සoවාදයක් කියන්නේ ජය පරාජයක් සහිත දෙයක් නොවේ, යම් දෙයක් ගැන තමන් මෙතෙක් නොහිතපු පැත්තක් දිහා බලන්නට විවර කරපු අගනා කවුළුවක්. සoවාද මගින් ඔබේ බුද්ධියේ නිම් වළලු පුළුල් වෙනවා, ඒ සම්බන්ධයෙන් ඔබ සoවාදයට සහභාගි වන අයට, ඔබට එකඟ වුනත් නැතත්, කෘතඥ විය යුතුයි. ඒවාගේම කිසියම් දුබලයෙක් ඔබේ අදහසක් ගැන ආචාරශීලීව සoවාදයක යෙදෙන්නට බැරිව ඔබට මඩ ගසා අවලාද කරයි නම් ඔහුට අනුකම්පා කර නීරෝගී සුවය පතා (බොහෝවිට ඔවුන් මානසික අසමතුලිතතාවන් ඇති අය, එය රෝගී තත්වයක්) ගෞරවනීය ලෙස සoවාදයෙන් ඉවත්ව යන්න. මන්ද ඔබ වද විය යුත්තේ ඔබේ ආදරණීයයන්ගේ සහ ඔබේ සතුට සැනසීම ගැන මිසක මෙවැන්නන්ගේ delusions ගැන නොවන නිසා.


No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...