Friday, August 1, 2025

තමන්ට කෙළවනතෙක් පුරුෂාධිපත්‍යයට සපෝට් කොට තමන්ට කෙළවුනාම අඬන පික්මී ගැහැණු

  නියම වින්දිතයා (victim) සහ වින්දිතයා වේශයෙන් පීඩකයාට සහය දෙන්නා (enabler) ගැන තේරැම් ගන්න එක හරිම වැදගත්. 

මේ දෙදෙනාම පීඩිතයාගේ සතුරන් වුවත් එනේබ්ලර්ව පීඩිතයාට සතුරෙක් ලෙස පේන්නෙ නෑ ගොඩක් වෙලාවට. සමහරවිට මිතුරෙක් ලෙසත් පේනවා. මොකද එනේබ්ලර්ගෙන් පීඩිතයාට ලැබෙන්නේ මිශ්‍ර සංඥාවල්. අපි උදාහරණයක හිතමු කාර්‍යාළයක බුළි කරන සහ බුළි වෙන දෙදෙනෙක් ඉන්නවා. මේ කාර්‍යාළයේ තවත් කෙනෙක් ඉන්නව සමන් කියල. සමන් බුළි වෙන කෙනා තනියම ඉද්දි හොඳට කතා කරනවා. නමුත් බුළි කරන සහ බුළි වෙන දෙදෙනාම ඉන්න තැන බුළි වෙන කෙනා නොදන්න ගානට ඉන්නවා. බුළි කරන කෙනා එක්ක හොඳට කතා කරනවා. සමන් එනේබ්ලර් කෙනෙක්. සමන් බුළි කරන කෙනාට නිහඬව ආධාර දෙනවා. හොඳට මතක තබා ගන්න, සමන් අවස්ථාවාදී සතුරෙක්. දැන් මේක තේරැම් ගන්න බැරි බුළි වෙන කෙනා සමන්ව දුක අහන අයිය ලෙස තබා ගත්තොත් එය විශාළ ඛේදවාචකයකින් කෙළවර වෙන්නේ. 

එනේබ්ලර්ගේ හැසිරීම ඉතාම සියුම් ලෙස සොයන්න ඕන දෙයක්.

ලන්කාවේ ඕනෑම ආදරේ සම්බන්දව ගැටළු දාන සමාජ මාධ්‍යය ඉඩක මේ ජාතියෙ ගෑනු ඇනෝනිමස් විදිහට දාන "මගේ වර්ජිනිටි එක නැති උනා, මම ඉවරයි" ගොන්පාට් එක එනේබ්ලර්ගේ හැසිරීම සියුම්ව පේන තැනක්. "මගේ වර්ජිනිටි එක නැති උනා, මම ඉවරයි" පෝස්ට් වලට ප්‍රෝග්‍රෙසිව් විදිහට හිතන ගෑනු සහ පිරිමි තමන්ගෙ කාලෙ කකා දිග හෑළි ලිය ලියා ඕකුන්ගේ හිත හදනවා. නමුත් මේ මගේ වර්ජිනිටි එක නැති උනා, මම ඉවරයි කියන ජාතියෙ ගෑනු බහුතරයක් ඇත්ත ජීවිතේ තමන්ගෙ සෝෂල් සර්කල් වල ඉන්න ගෑනුන්ට ඒවගේ ගැටළුවකදී වචනෙකින්වත් සප් එකක් දෙනවාද? කවදහරි දවසක තමන්ගෙ පුත්තුන්ට කසාදෙට කන්‍යාවො හොයන්නෙ නැද්ද? ඇත්තවශයෙන්ම මේ ගෑනු අනිත් ගෑනුන්ගේ, විශේෂයෙන්ම අර තමන්ගේ "අනේ මගේ වර්ජිනිටි එක නැති උනා, මම ඉවරයි" ඇනෝනිමස් පෝස්ට් එකට හිත හද හද හෑළි ලියපු ඕපන් මයින්ඩඩ් ගෑනුන්ගේ සහ පිරිමින්ගේ ලින්ගිකත්වයට සහ ලිංගික නිදහසට දුටු තැන පහරදෙන, හෙළා දකින, දැක්ක තැන විනාස කරන සම්ප්‍රදායික ගෑනු නියෝජනය කරන ජරාම කුළකයක්. ඇයි මම කැට තියල එහෙම කියන්නෙ? වර්ජිනිටි නැති උනාම අකම්පාල වෙලා අනේ මම ඉවරයි ගගා වැළලෙන ගෑනු බාහිිරව ඩෙනිම් ගහල මොඩ් වෙලා හිටියට අදහස් අතින් අමු සාම්ප්‍රදායිකයි (ඒකනිසානෙ උන් වර්ජිනිටි නැති උනාම ඔක්කොම ඉවරයි මතයේ ඉන්නෙ). උන් කොන්දේසි විරහිතව සම්ප්‍රදායික ගොන් අදහස් වලට සප් කරනවා. 


සම්ප්‍රදායික ගොන් අදහස් වලට සප් නොකරන ගෑනු අවාසනාවකට අපතයෙක්ට අහු වෙලා ලින්ගික සූරාකෑමකට ලක් උනත් "මගේ වර්ජිනිටි එක නැති උනා, මම ඉවරයි"මානසිකත්වයේ ඉන්නෙ නෑ, මොකද උන් දන්නව උන්ගේ වටිනාකම ඊට වඩා ගොඩක් වැඩි බව. උන් හිත හදාගෙන එතනින් අයින් වෙලා තමන්ගෙ ගමන යනවා. තමන්ගෙ සෝෂල් සර්කල් වල ඉන්න ගෑනුන්ට ඒවගේ ගැටළුවකදී වචනෙකින්වත් සප් එකක් දෙනවා.

(Sex ගැන කන්‍යාභාවය ආදරය, විවාහ ජීවිතේ ගැන වෙනමම කියවීමක් එන්න ඕනෙ මිනිස්සුන්ට. ඒව සංකල්ප. මිනිස්සුන්ගෙ ඔළුවල ඒ සංකල්ප කාටවත් ඕනෙ විදියට හැදෙන්නේ හෝ implement වෙන්නෙ නෑ. කාලයක් තිස්සෙ ක්‍රමානුකූලව එලියෙ සමාජෙ තියන අධ්‍යාපනය, අත්දැකීම්, අර්ථනිරූපණ එක්ක බොහොම හෙමීට වෙනස් වෙන්නෙ. ඉතින් උඹල කොහොම කිව්වත් ඒක එහෙමයි. හැබැයි තමන්ට සහ තමන්ගෙ සහකාරියට සහකාරයට අන්‍යොන්‍ය අවබෝධය එක්ක මේ cultural boundaries පන්නන්න පුළුවන්. හැබැයි දෙන්නම අවංකභව විනිවිදභාවය maintain කරන්න ඕනෙ. සම්බන්ධතාවක අංක 1 integrity සහ අවබෝධය. එතකොට ඔය කියන cultural හෝ වෙන බක්කක් අදාල වෙන්නෙ නෑ. ඔය දෙකම නැති පොඩි ඇච්චො තමා හැමතැනම sex ගැන කිය කිය නාහෙන් අඬන්නෙ. හොඳ healthy relationship maintain කරන මිනිස්සුන්ට ඕව අදාල නෑ. උන් ගාණට ඕනෙ වෙලාවට sex කරගෙන හරි අවබෝධයෙන් ඉන්නව. සම්බන්ධතාවක integrity, අවබෝධය maintain කරගන්න බැරුව එකෙක්ට එකෙක් ශුවර් නැති වටේ යන්න බලන් ඉන්න පොඩි ඇච්චොන්ට ගහන්න දෙන්නෙ නැති වෙද්දි හෝ කොල්ල ශුවර් නැති වෙද්දි නාහෙන් අඬනව FB එකේ.)

ඒ කතාව නෙමේ මට කියන්න ඕන උනේ මේ කතාව.  කිසියම් කෙනෙක් ඔබට මිශ්‍ර සංඥා දෙයි නම් ඔහු / ඇය ඔබේ මිතුරෙකු නොවේ. ඔබේ ලව් ඉන්ටරෙස්ට් එක ඔබට මිශ්‍ර සංඥා දෙයි නම් ඔහු / ඇය වංචනිකයෙකි. 

එනේබ්ලර්ලව හැන්ඩල් කරන්නේ කොහොමද? එනේබ්ලර් බවුන්ඩරීස් දමා අතේ දුරින් නමුත් තරහ කර නොගෙන ශේප් එකේ තියා ගත යුතුය. එනේබ්ලර්ල වෙනුවෙන් කාලෙ නාස්ති කරන් උදව් පදව් කරන්නට යාම තමන්ගෙ කැමැත්තක්. 


No comments:

Post a Comment

තමන්ට කෙළවනතෙක් පුරුෂාධිපත්‍යයට සපෝට් කොට තමන්ට කෙළවුනාම අඬන පික්මී ගැහැණු

  නියම වින්දිතයා (victim) සහ වින්දිතයා වේශයෙන් පීඩකයාට සහය දෙන්නා (enabler) ගැන තේරැම් ගන්න එක හරිම වැදගත්.  මේ දෙදෙනාම පීඩිතයාගේ සතුරන් වුව...