Saturday, March 8, 2025

ලෝක කාන්තා දිනය - කාන්තාවනි, ඔබ වැටී ඇති මර නින්දෙන් අවදි වී මර උගුලෙන් ගැළවෙන්න

 මාස කීපයක් නිහඬව සිටි එක නැගී එන යූටියුබ් ලයිෆ් ස්ටයිල් චැනල් එකක් කරන සහෝදරියක් - ඇය ගෙදර සම්ප්‍රදායික බිරිඳගේ රෝල් එක තිතටම කරපු ගැහැණියක් - ගිය  සතියේ වීඩියෝ එකක් දාල සැමියගෙන් වෙන් වුනා දැන් ඩිප්‍රෙෂන් නිසා බෙහෙත් ගන්නවා කියල. මේ සහෝදරියට තමන් හිටපු ගෙදරින් හිස් අතින්ම යන්න සිද්ද උන බවක් පේනවා. මැටි වළං පියන් වලට පවා පින්සලෙන් ලස්සන රටා ඇඳපු, මිදුලේ ගහකොළ පුංචි පැළ කාලෙ ගෙනත් සාත්තු කරල මහ ගස් කරපු ඇයට අන්තිමේ ඒ ගෙදරින් හිස් අතින් දොට්ට බැසීමට සිදු උනා. ලස්සන රටා ඇඳපු මැටි වළං සහ දැන් පළදාව ලබා දෙන රෑස්ස ගස් ඇතුළු මෙකී නොකී ඇගේ ශ්‍රමයේ ප්‍රතිපල කිසිවක් දැන් ඇයට අයිති නැහැ. ඇය වසර ගණනක් තම කුළගෙයට ඇපකැප වූ නිසා ඇගේ රෙසියුමේ එකේ ඒ  වසර ගණන ගැප් එකක්. ඒ නිසා ඇයට රස්සාවක් හොයන්නත් බැහැ ලේසියට.

මේ කාන්තාව මම අනිත් යූටියුබර්ස්ලට වඩා ගොඩක් විශේෂ ලෙස දැකපු කෙනෙක්. ඇය තමයි එකම යූටියුබර් තමන්ගෙ සේවිකාවට සමානාත්වයෙන් සළකපු. සේවිකාවක් කියල අඩුවෙන් නොසළකා එක පතේ පවා කාපු, කරැණාවෙන් සළකපු එකම ලාංකික ස්වාමිදුව ඇයයි. ඊට අමතරව, බෞද්ධ වතාවත් උදේ හවා කරපු, තමන්ට නැති දේ අනුන්ට තිබෙන විට සතුටු වූ තමන්ට ඇති දේ අනුන්ට නැති විට නිහතමානී වූ එකම ලාංකික යූටියුබර්. කෙනෙක් කියන්න පුළුවන් ඒක රඟපෑමක් කියල නමුත් රඟපෑම් පහසුවෙන් සොයා ගත හැකියි පොඩ්ඩක් මොළේ තියෙනවනම්. ඒ වෙනුවට මම දැක්කෙ මේ සහෝදරී පට්ට නයිව් කියන එක. ඇය ට්‍රෝෆී වයිෆ් කෙනෙක් නමුත් ඒ බව ඇය දැන සිටියේ නෑ. මෙතනදි මම දැක්කෙ ඇය රඟපානව කියල නෙමේ, ඇය නොදැනුවත්වම ඇයගේ පාට්නර්ගෙේ ඇය නොදැකපු රතු කොඩි අපට පෙන්නුවා. උදාහරණයක් ලෙස, ඇය ඇයගේ පාට්නර්ගේ පියා වසර පහළොවක් ඇමරිකාවෙ ඉඳල ලංකාවට සතියකට ආපු වීඩියෝවක් පෙන්නුවා. එහි ඒ පියා කරන නොයෙක් සමාජ සත්කාරද පෙන්නුවා. එම වීඩියෝවෙන් ඇය පෙන්වීමට අදහස් කලේ ඔහුගේ හොඳ උනාට මම එහි රතු කොඩී බොහොමයක් දැක්කා. මේ මනුස්සය  ඇමරිකාවෙ හිටියට ඔහුගේ බිරිිඳ ඉන්නේ ලංකාවේ. වසර පහළොවක් ඇමරිකාවෙ ඉඳල ලංකාවට සතියකට ආපු මිනිහ හැසිරැනේ ඒ බිරිිඳ සත පහකට මායිම් නොකර. ඒ මනුස්සය රැස්වීම් තියනව, පාටි දානව, දාන දෙනව ඒ එක තැනකවත්් ඔහුගේ බිරිඳ නැහැ. එක වතාවක් පාටියකදි මේ සහෝදරී නැන්දම්මයි මාමයි එක තැන තියල ටිකක් ඒ දෙන්නට දෙන්න කතා කරවන්න හදනව නමුත් ඒක හරිම අමුතුයි ඒ මනුස්සය ඇබ්‍රප්ට්ලි එතැනින් යනව. පැහැදිළිවම ඒ නැන්දම්මයි මාමයි නමට පවුල් කන ඩබලක්.ඇයගේ පාට්නර් තාත්තව අදහන පුතෙක්. තමන්ගෙ ගෑනිව පැත්තකට දාන තාත්තෙක්ගේ පුතෙක්ට ඒ ස්වභාවය එන්නට පුළුවන්. ගෑනු උනාම දෙන දේ කාල වෙන දෙයක් බලාගෙන හිටිය යුතු බව අදහන, ඔය කීයක්හරි රට ඉඳල එවීම පවුල් කෑම කියල හිතන, තමන්ගේ ඇඩ්වෙන්චර් වලට, සෝෂල් සර්කල් එකට ගෑනි සහභාගී කර ගන්න අකමැති, තනිකරම වැඩකාරකමට ගෑනු ගත්ත පිරිමි තරම් පිළිකුල් සහගත ජාතියක් මට තවත් නැහැ. 

මේ කාන්තාව ගැන කියල මම කතාවට ප්‍රවේශයක් ගත්තේ, කාන්තා ඔබ ආදරයෙන් අන්ධ වෙලා කවුරැහරි අපතයෙක් සහ අපත පවුළකට නොමිළේ ජීවිත කාලයම කඹුරන්නට ගිවිසුම් අත්සන් කරන මරි මෝඩ කම දැන් වත් අතහරින ලෙස කියන්නටයි. 

මගේ තරැණ කාලේ මගේ පවුල හරි දුප්පත්. මේ සිද්ධිය වෙද්දි මම විශ්ව විද්‍යාලෙ යනවා. මාව බලන්න මනමාළයෙක්ව ලෑස්ති කරා ගෙදරින්. පරණ ටොයෝට කාර් එකක කට්ටිය ආව. මනමාළයගෙ තාත්ත පොළිස් ලොක්කෙක්. ඒ මූණ අම්බ මිනීමරැ මූණක්, මගේ ඇඟ සීතල උනා ඒ මිනිහගෙ නගටිව් වයිබ් එකට. පුතා අමු මෝඩපහේ එකෙක්, රට යවල උගන්නල යන්තම් උපාධියක් දාල තිබුණට මම වගේ අධ්‍යාපනයට ආස එකෙක් නෙමේ. කතාබහෙන් හෙළි උනා එදා රෑ තාත්තයි පුතයි ලොකු හෝටලේක ක්ලබ් එකකට යන බව. දැන් කොහොම හරි මේ සෙට් එක ගියා කියමුකො. මම කෙළින්ම මේ මඟුළට බෑ කිව්වා. එතකොට මගේ නැන්ද කෙනෙක් මට මෙහෙම ි කිව්ව. "ක්‍රිෂා, මයෙ දුවේ, අපි හරි දුප්පත්, අපිට ආයෙ මේ වගේ පෝසත් තැනකින් යෝජනාවක් එන එකක් නෑ. බලන්න එයාල ආපු නැවක් වගේ වාහනේ. ඔයාට එහෙ සැපට ඉන්න පුළුවන්"

කාලය වේගයෙන් ගත වෙලා ගියා. ගිය මාසෙ මම මගේ අළුත්ම පෝෂ් වාහනේ මගේේ සල්ලි වලින් මිළදීගෙන, ස්ටාට් කරද්දි, අර නැන්ද කියපු වචන නැවත මතක් උනා. එදා මම මගේ ජීවිතය කබල් ටොයෝට කාර් එකකට ලෝබ වෙලා අර මිනිමරැ තාත්තගෙ මෝඩ පුතාට වික්කනම් මමත් අද  ඩිවෝස් වෙලා ඩිප්‍රෙශන් හදාගෙන, එක්කො අරෑ මට ෂොට් එක දීල. කාන්තාවනි, ඔබ ඔබේ ගමන යන්න, ඔබ ගැන විශ්වාසය තබන්න. මේ කතාව කිව්වෙ ඔබ මුදලට බලයට ඇති කෑදර කමට හෝ කම්මැළි කමට නිකන් කන්න හිතාගෙන  කවුරැහරි අපතයෙක් සහ අපත පවුළකට නොමිළේ ජීවිත කාලයම කඹුරන්නට ගිවිසුම් අත්සන් කරන මරි මෝඩ කම දැන් වත් අතහරින ලෙස කියන්නටයි. 

මේ නැන්ද ඒ කාලෙ අපේ ගෙදර නිතර යනව එනව. ඒ මම කොළඹ ඉස්කෝලෙ යන කාලේ. මේ මනුස්සය සෙනසුරාද ඉරිදත් පහට විතර නැඟිටගෙන, අර සතියෙ දවස් පහම කොළඹ යන්න පාන්දර නැගිටල නැහිල නැහිල පෙරේතය පොළොවෙ ගැහුව වගේ නිදාගෙන ඉන්න මාව පහමාරට හයට නැගිට්ටවනව බැණ බැණ. ගෑණු ළමයි උදේ නැඟිටින්න ඕනෙලු කසාද බඳින්න නම්. ඉතින් මාත් දෙයියනේ කියල කසාද බැන්ද. මගේ පාට්නර් මම නිවාඩු දවස් වල උදේ  පාන්දර නැගිටිනකොට කිව්ව "ක්‍රිෂා, සතියෙ දවස් පහම පාන්දර නැගිටල නැහිල නැහිල ඇයි ඔයා නිවාඩු දවස් වල උදේ  පාන්දර නැගිටින්නේ, ටිකක් නිකන් ඉන්න ඉගෙන ගන්න කියල.සැමියෙක් කියන්නේ ඒ වගේ හිතන පතන සම පාට්නර් මිසක ගෑනි මට කැඹිරිය යුතුයි කියල හිතන අයෙක් නොවේ. ඉතින් පිරිමින්ට කැඹිරීමටම  උපන් මගේේ නැන්දත් බැඳල, උදේ රෑ නැතිව කැඹුරැවත් ඒ මිනිහ නැන්දගෙ සබ්බ සකළ මනාවම අතගාගෙන පැනල ගියා. ඒ නැන්ද දුක් විඳල විඳල මේ ළඟදි කාත් කවුරැවත් නැතුව මළා.මේ කතාව කිව්වෙ ඔබ පිරිමින්ට කැඹිරීම පවුල් ජීවිතයේ සාර්ථකත්වයේ රහස කියල හිතනව නම් ඒක ලොකු වරදක් බව කියන්නටයි.

කාන්තාවක් වන ඔබ ඔබේ මුළු ජීවිතයම කිසියම් පිරිමියෙක් වටා ගොඩ ගැගීම නවත්වා එය ඔබ වටා ගොඩ ගැගීම විවාහය ඇතුළු ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමේ රහසයි. ශක්තිමත්, උගත්, වැදගත්, බොහෝ ඇසූ පිරෑ තැන් ඇති කාන්තාවක් ලෙස ගොඩ ගැගෙන්න. විවාහය නම්් බිස්නස් එකේ තේ හදන මේස පුටු පිහන අතුගාන වැඩකාරියක් ලෙස නොව බිස්නස් එකේ සම අයිතිකරැ ලෙස තම තැන ලබා ගැනීමට සුදුසුකම් හදා ගන්න. එම තැන දීමට බැරි පිරිමින්ව හලන්න. තනියම ඉන්න එක ඊට වඩා සැපය.

පොඩ්ඩක් බලන්න ඔබේ ජීවිතයේ ඉන්න පිරිමි ඔබව සෙන්ට්‍රලයිස් කරගෙන නැහැ. ඔබ වගේම, ඔහුගේ වෘත්තීමය ජීවතය, යාළුවෝ, වාහන හෝ වෙනත් ඔහු උමතුවෙන් මෙන් ලුහුබඳින හොබීස්, සමාජ ජීවිතය ආදියත් ඔහුට තියෙනවා. ඔබ පමණක් ඔබේ වෘත්තීමය ජීවතය, යාළුවෝ,හොබීස්, සමාජ ජීවිතය ආදී ඔක්කොම කැප කරගෙන පවුල් කාගෙන ඉන්නවා. ඒක නවත්වන්න. පිරිමින්ව ඩීසෙන්ට්‍රලයිස් කරන්න. මේ කියන්නෙ ආදරය හෝ සැළකිල්ල අඩු කරන්න කියල නෙමේ. ඔබ සෙන්ට්‍රලයිස් කරන්න ඕනේ ඔබවයි.

කාන්තාවනි, ඔබ වැටී ඇති මර නින්දෙන් අවදි වී මර උගුලෙන් ගැළවෙන්න.



Thursday, March 6, 2025

“සීහළවත්‍ථු” - ඉතා පැරණි ස ිංහල බණ කථා වලින් හෙළි වන එදා ලංකාව ගැන රසවත් තොරතුරැ

 අද කාලෙ චීවරධාරියො ගෑණුන්ට කුණුහරැප කියන එක රස්සාව කර ගත්තට “සීහළවත්‍ථු” - ඉතා පැරණි ස ිංහල බණ කථා  පොත පුස්කොළපොත් වලින් සොයාගෙන ලියපු පොල්වත්තේ බුද්ධදත්ත හාමුදුරැවො කරපු සේවය කොතරම්ද කියන එක පෙන්වීම සඳහා සීහළවත්ථු පොතේ පෙර වදන මම පහතින් පළ කරනවා.




දුටුගැමුණු රජුගේ පුතා සලිය ගැන අපි දන්නෙ නැහැනේ අසෝකමාලගෙ හුටපටය මිසක. නමුත් මේ පොතේ ඒ කුමාරයගෙ නම හැදුනු ආකාරය සහ රසවත් තොරතුරැ තියෙනවා.





























ලෝක කාන්තා දිනය - කාන්තාවනි, ඔබ වැටී ඇති මර නින්දෙන් අවදි වී මර උගුලෙන් ගැළවෙන්න

 මාස කීපයක් නිහඬව සිටි එක නැගී එන යූටියුබ් ලයිෆ් ස්ටයිල් චැනල් එකක් කරන සහෝදරියක් - ඇය ගෙදර සම්ප්‍රදායික බිරිඳගේ රෝල් එක තිතටම කරපු ගැහැණියක...