Friday, February 28, 2025

පීතෘමූලිකත්ව සමාජ වල කාන්තා විරෝධී ලක්‍ෂණ (ගෘහස්ථ හිංසනය සාමාන්‍යකරණය කිරීම) - 9

 



තමන්ගේ පාට්නර්ට වංචා කරල රවට්ටල කසාද බැඳගන්න එක වැරදියි, එහි කතා දෙකක් නැහැ. නමුත් ඒක ගෑණු සහ පිරිමි යන දෙපාර්ශවයම කරන දෙයක්. නමුත් මොනම හේතුවකටවත් පාට්නර්ට ශාරීරික හින්සා කිරීම සපුරා වැරදියි. 

මෙතනදී අපි දැන ගන්න ඕනෙ අපි හොයා ගන්න පාට්නර්ගේ හිඩන් ඇජෙන්ඩා එකක් තියෙනවද කියල සම්බන්දෙ දුර දිග යන්න පෙර බුද්ධිමත් ලෙස සොයා බලන එක. හුඟක් පිරිමි ගෑනියෙක්ගෙ ලස්සනට හෝ වෙනත් දේකට තියෙන කෑදරකමට රතු කොඩි නොසළකා ඒ ගෑනිව කසාද බැඳල, ගෘහස්ථ හින්සනය මගින් ඒ ගෑනිව පාළනය කරන්න හදනවා. පුරැෂමූළික සමාජ වල ගෑනුන්ට ශාරීරික හින්සන කරන එක පිරිමින්ට ඇති අයිතියක් ලෙස සළකනවා.

පුරැෂමූළික තරැණයන්ගේ සමාජ කව වල මෙවැනි පෝස්ට් සෑහෙන්න පළ වෙනවා. 
මේ තරැණයන් කෙල්ලෙක් යාළු කර ගන්න පස්සෙන් යද්දි කවදාවත් මේ නරැම පුරැෂමූළික අදහස් ඒ කෙල්ලන්ට අඟවන්නෙ නැහැ. 

ඒ නිසා ඔබේ තරැණ දියණියන්ට මෙවැනි නරැමයන් අඳුනාගෙන ඔවුන්ගෙන් පරිස්සම් වන හැටි ඉගැන්වීම දෙමව්පියන්ගේ වගකීමක්.  

Saturday, February 22, 2025

පීතෘමූලිකත්ව සමාජ වල කාන්තා විරෝධී ලක්‍ෂණ (කාන්තාවන් අද වන විට වැටී ඇති ආගාධයේ දිග පළල සහ ගැඹුර ) - 8

බලන්න මේ පහත දැක්වෙන පෝස්ට් එක දිහා. මේක ඇල්ෆ මේල් ගෘප් එකකට තරැණ වයසේ පිරිමියෙක් පළ කරන ලද්දක්. මෙවැනි, ඇල්ෆ මේල් වැනි පුරැෂමූළිකත්වය උත්කර්‍ෂයට නඟන සමාජ මාධ්‍ය ඉඩකඩවල බහුළව පළ වෙන අදහසක් තමයි පිරිමින්ගේ සියළුම වැඩ අතට පයට කර දීමට ගැහැණු බැඳී සිටින බව. ඔවුන්ට අනුව රැකියාවක් කරන සැමියෙක් රැකියාවක් නොකරන බිරිඳට "ගෙදර වැඩ" වලට කිසිසේත් උදව් විය යුතු නැතිවාක් මෙන්ම මේ පෝස්ට් එකේ ආකාරයට රැකියාවක් කරන බිරිඳකට "ගෙදර වැඩ" වලට උදව් විය යුතු වන්නේ ඇගේ රැකියාවෙන් උපයන මුදලින් ඇය පවුලේ කටයුතු වලට වියදම් කරන කොටසට සමානුපාතික වන ලෙසයි. මේ තරැණයා මෙසේ කියන්නේ සරළ භාග පිළිබඳව අපගේ නොදැනුවත්භාවයටද උපහාසයෙන්. මේ පෝස්ට් එක කාන්තාවන් අද වන විට වැටී ඇති ආගාධයේ දිග පළල සහ ගැඹුර හොඳින් පෙන්වන නිසා අද ලිපියට ඉතා හොඳ ප්‍රවේශයක් ලෙස හැඟුනා.  


මේ තරැණයාගේ පෝස්ට් එකේ කාන්තාවන්ගේ ජෙන්ඩර් රෝල් එක ගැන කතා කලාට පිරිමින්ගේ ජෙන්ඩර් රෝල් එක ගැන කතා කරල නැහැ. පිරිමින්ගේ ජෙන්ඩර් රෝල් එක ආර්ථිකව පවුළ නඩත්තු කිරීම සහ ආරක්ශාව සැපයීමයි. ඒ අනුව ගෑනිව හැටදාහක් පඩි ගන්න රස්සාවකට යැවීම පිරිමියා ඔහුගේ ජෙන්ඩර් රෝල් එක සපුරා පැහැර හැරීමක්.     

පුරැෂමූළික සමාජයේ මුදුන් මල් කඩ වන මැදපෙරදිග ජෙන්ඩර් රෝල් ක්‍රියාත්මක වන ආකාරය බැළුවොත්, ඒ රටේ පිරිමි තිතටම  ආර්ථිකව පවුළ නඩත්තු කිරීම සහ ආරක්ශාව සැපයීම කරනවා. ලංකාවෙන් පවා ගෘහසේවිකාවෝ  මැදපෙරදිග යනවනේ. ඒ රටේ බිරිඳට රැකියා කරල පවුල නඩත්තු කරන්නට හෝ ගෙදර වැඩ කිිරීමට පිරිමි ඉඩ තියන්නෙ නෑ, පඩි ගෙවල උයන්න, සුද්ධ පවිත්‍ර කරන්න, ළමයි බලන්න, ඩ්‍රයිවර් වැඩේට, ගාඩන් එක මේන්ටේන් කරන්න ආදී වැඩ වලට සේවකයො යොදවන මට්ටමටම පිරිමි ආර්ථිකව පවුළ නඩත්තු කරනවා. බිරිඳට ඇඳුම් සුවඳ විළවුන් ආභරණ ගන්නත් අත දිග හැරල වියදම් කරනව. ලස්සන ගේක අතට පයට වැඩකාරයො යහමින් මිළ මුදල් එක්ක හොඳට කන්න අඳින්න දෙනවනම් ගෝනි බිල්ල කිට් එකට දහයක් අඳින්න බැරියැ. 

ඒකට හරියන්න ලන්කාවේ පුරැෂමූළිකත්වය උත්කර්‍ෂයට නඟන තරැණයො ගෑනිගෙන් කකා ගෑනිගෙන් ගෙදර වැඩ ගන්න ප්ලෑන් ගහනව. 

ඉහත පෝස්ටුවේ තියන තවත් අවුළක් තමයි කාන්තාවන්ට හැම විටම පාහේ එකම සුදුසුකම් සහ රැකියා තිබුනත් පුරැෂමූළික සමාජ වල පිරිමින්ට වඩා අඩු වැටුපක් ගෙවීම. මේ උදාහරණයේ උනත් ගෑනිට ලැබෙනවයි කියන්නෙ මිනිහගෙ වැටුපෙන් බාගයයි. නමුත් සමහරවිට ඇයට  පිරිමියාට වඩා උගත්කමක්, විභවයක් තියෙනව වෙන්න පුළුවන්. සමහරවිට ඇයට දරැවන් සිටීම ප්‍රමෝෂන් වලට බාධාවක් වෙන්න පුළුවන්. සමහරවිට ඇයට දරැවන් සිටීම ප්‍රමෝෂන් වලට සුදුසුකම් හදා ගැනීමට බාධාවක් වෙන්න පුළුවන්, මොකද ළමයට කිරි දෙන එක, ලෙඩකදි දුකකදි ළඟ ඉන්න එක, පාඩම් වැඩ කරවන එක ඇයට තමන්ගේ කැරියර් එක හදා ගන්නවට වඩා වැදගත් නිසා. මේ කිසිිම කැපකිරීමකට සහකම්පනයක් නැති වීම සහ ඒවා මෙතන ගණනය කර නොමැති වීම විශාල අවුළක්.

මේ පෝසට් එකේ පිරිමි කරන ගෙදර වැඩ ලිස්ට් එකක් දාල. වහළ සුද්ද කිරීම, දුර ගමන් වල ඩ්‍රයිවින් බ්ලා බ්ලා බ්ලා. ඒ හැම වැඩක්ම කරන ෆ්‍රීක්වන්සි එක මාස කීපයකට පාරක් වගේ. ළදරැවෙක් රැක බලා ගන්න එකේ ෆ්‍රීක්වන්සි එක 24/7 බ්‍රෝ. ඒ නිසා මේ සංසංදනය කෙරෙන්න ඕනෙ මිනිස් පැය වලට ගෙවන රේට් එකට. තව එකක්. අපි දන්නව හයි රිස්ක් රස්සා වලට වැටුප වැඩි බව. මාස නවයක් ළමයෙක් බඩේ තියාගෙන බිහි කරන එකට මිළ කීයද? සොරොගේට් කෙනෙක්ට ඩොළර් පනස් පන් දාහත් හැට පන් දාහත් අතර ගෙවනව ඒ වැඩේට. ඒ අනුව ගෘහණියක් කරන කෝකියගෙ වැඩේ (24/7), ක්ලීනින් වැඩේ (24/7), චයිල්ඩ් කෙයා වැඩේ (24/7) කියන වැඩ තුනට පමණක් ගෙවන්න ඒ සැමියගේ 120 000 හැරෙන්නත් මදි.   

කාන්තාවක් ලෙස ඔබේ අගය හෑල්ලු කරන මෙබඳු පිරිමින්ව ජීවිතයට ළං කර ගන්න එපා. තරැණ පිරිමි ළමයින්ට මෙවැනි පටු ආකල්ප ඇති නොවන තැනට දෙමාපියන් සහ ගුරැවරැ වැඩ කළ යුතුයි.





Thursday, February 20, 2025

පීතෘමූලිකත්ව සමාජ වල කාන්තා විරෝධී ලක්‍ෂණ (දරැවන් නොහොත් කන්න ඕනෑ වූ විට තලගොයින් වන කබරගොයින්) - 7

 පීතෘමූළික සමාජ වල පිරිමි, බලය සහ පාලනය පිරිමි අතේ තබා ගැනීමේ මෙහෙයුමේ නියැලෙනකොට, ඔවුන්ට ඇති වූ ලොකුම අභියෝගය තමා දරැවන් නොහොත් අළුත් ජීවයකට උපත දීමේ විශ්මයජනක, ඒවගේම සමාජ පැවැත්මට ඉතාම වැදගත් කාර්‍යයභාරය ස්වභාවධර්මය විසින් ගෑනුන්ට ලබා දී තිබීම. ඒ නිසා පීතෘමූළික සමාජ වල පිරිමි දරැවන්ගේ අයිතිය සහ පාලනය තමන් අතට ගැනීමට ප්ලෑනක් ගැහුවා. ඒ තමා කසාදයෙන් (නිල වශයෙන් පිරිමියෙක් සහිතව) පසු උපදින ළමයි පින්වන්ත සුජාත ළමයි ලෙසත් කසාදයෙන් පෙර (නිල වශයෙන් පිරිමියෙක් රහිතව) උපදින ළමයි පව්කාර අවජාතක ළමයි ලෙසත් සංස්කෘතිකව ඉතා කෘතිම සහ සාපරාධී ලේබලයක් අහින්සක දරැවන්ට ඇලවීම. 

ඒ වගේම කසාද බැඳල ළමයි හදන ගෑනුන්ට "උතුම් මව් පදවිය" කියල  එකක් ලැබීමටත් ඒ ගෑනිම කසාද නොබැඳ ළමයෙක් හැදුවොත් "අසික්කිත පට්ට පදුරැ ඒසියෙක්" ලෙස ලේබල් කරල ඒ ගෑනි සහ ළමයගේ ජීවිතේ විනාස වෙන තැනට කරන්න පුළුවන් සේරම පජාත දේවල් කිරීමටත් සමාජය කන්ඩිශන් කලා.

ඒවගේම, දරැවෙක් ලැබීමට අදාළ කාන්තා ශරීරයේ ක්‍රියාවලි ඉතා පිළිකුල්සහගත අපවිත්‍ර කිළි ලෙසද සමාජගත උනා. 

තමන්ගේ ශරීරය තුළ ජීවයක් වැඩීමේ ඉතා අපහසු, වේදනාත්මක, ජීවිතය පවා අවදානම් වන කටයුත්තත්, ඊටපසු එළඹෙන නිදි නැති, විඩාබර සහ අපහසු ළදරැවෙක් පෝෂණය කිරීමත් නිකම් දෙකයි පණහට ගිහින්, ළමයගේ නමට පවා තාත්තගේ පෙළපත් නම දෙන තැනට ගෑනුන්ව දැම්මා.

පීතෘමූළික නොවන සමාජ වල මේ කසාදයේ සුජාතභාවය ළමයින්ට එරෙහිව යොදා ගැනීමේ හැකියාව අඩුයි. මොකද බේකන් කෑමට ඌරන් ඇති කළ යුතු නැතිවාක් මෙන්ම ළමයෙක් හැදීමට පිරිමියෙක්ව කසාද බැඳීමට එවැනි සමාජ වල ගෑනුන්ට පීඩනයක් නැහැ. අනිත් අතට, තමන් හදන්නට කැමති ළමයාගේ ශුක්‍රාණු දායකයාගේ ශාරීරික/මානසික ගතිගුණ වලට හරියටම ගැළපෙන පිරිමියෙක් කසාද බඳින්නට ගැහැණුන්ට ලැබෙන සම්භාවිතාවය අවමයි.  

අපි හිතමු උදාහරණෙකට, ලාංකික කාන්තාවක්  කැමති  අඩි හයට වඩා උස, ඇත්ලටික් ශරීරයක්, කළු හමක් සහ ඉහළ අයි කිව් එකක් තියෙන ශුක්‍රාණු දායකයෙකුගේ ශුක්‍රාණු වලින් ළමයෙක් හදන්න. අඩි හයට වඩා උස, ඇත්ලටික් ශරීරයක්, කළු හමක් සහ ඉහළ අයි කිව් එකක් තියෙන මනුස්සයෙක් කසාද බැඳීමට ඇයට ඇති සම්භාවිතාව ඉතාම අඩුයි (විශේෂයෙන්ම ඇය ලස්සන හෝ පෝසත් නැත්නම්). 

අපි හිතමු ලංකාවේ  අඩි හයට වඩා උස, ඇත්ලටික් ශරීරයක්, කළු හමක් සහ ඉහළ අයි කිව් එකක් තියෙන පිරිමි සීයක් ඉන්නව කියල. ඒ අතරින් ඇයගේ වයසට/පෙනුමට/අධ්‍යාපනයට/ගතිගුණ වලට/පොරොන්දම් වලට ගැළපෙන, කසාද නොබැඳපු පිරිමි ඉන්නේ කී දෙනාද, ඒ අතරින් ඇයගේ වයසට/අධ්‍යාපනයට/පෙනුමට/ගතිගුණ වලට/පොරොන්දම් වලට/දෑවැද්දට කැමති වෙන පිරිමි ඉන්නේ කී දෙනාද? ඒ ඉන්න දෙතුන්දෙනාට ඇයව හමු වීමේ සම්භාවිතාව කීයද? ගොඩක් වෙලාවට සම්භාවිතාව බින්දුවයි.

අන්තිමට වෙන්නෙ ගෙදරට නාකි වෙන නිසා දෙමව්පියො කරේ එල්ලන අඩි පහ මාරක, බඩ තඩි, ලෝ අයිකිව් කුණ්ඩවාලයක් කර ගහන්, ඒකගෙයි උගෙ පවුලෙයි වැඩකාරකම් ටික කරන ගමන්, අඩි පහ මාරක, බඩ තඩි, ලෝ අයිකිව් ශුක්‍රාණු වලින් ළමයෙක් හදන්න. 

තමන්ට අවශ්‍ය ආකාරයට ළමයෙක් හදන්නට ගෑණු එතරම් කටු කෑ යුතුද? 

පුරැෂමූළික නොවන සමාජයක ඇය ශුක්‍රාණු බැන්කුවකින් ඉල්ලනවා අඩි හයට වඩා උස, ඇත්ලටික් ශරීරයක්, කළු හමක් සහ ඉහළ අයි කිව් එකක් තියෙන ශුක්‍රාණු දායකයෙකුගේ ශුක්‍රාණු. සරළයි. 



Wednesday, February 19, 2025

පීතෘමූලිකත්ව සමාජ වල කාන්තා විරෝධී ලක්‍ෂණ (ශුක්‍රාණු දායකයන් සහ බේබි ට්රැප්) - 6

 පුරැෂමූළික සමාජ වල ගෑනු කසාදයකදී ශුක්‍රාණු දායකයන් සහ බේබි ට්‍රැප් වලින් ප්‍රවේශම් වීම ඉතාමත්ම වැදගත්. 

මේ සමාජ වල පිරිමින් අතර සැළකියයුතු ප්‍රතිශතයක් ළමයි හැදීමට කැමතියි. ඒකට හේතුව මේ සංස්කෘතියේ පුරැෂයාගේ ප්‍රබලත්වයේ එක සංකේතයක් වන්නේ ඔහුගේ සරැ භාවය වන නිසා. නමුත් ළමයි හැදීමට කැමති වූ පමණින් ඒ පිරිමි හදන ළමයින්ට හොඳ තාත්තලා වන්නට කැමති නැහැ. ළමයින්ගේ වගකීම් බිරිඳගේ උර මත පටවන මොවුන් එක පසකින් බිරිඳට පීඩනයක් වන අතර අනිත් පසින් ළමයාගේ වර්ධනයට පියෙකුගෙන් අවශ්‍ය වන මානසික උත්තේජනය ළමයාට ලබා නොදේ. එබැවින් මෙවැනි සමාජ වල ගෑනු (ළමයි හදනවා නම්) විවාහය සඳහා සහකරැවෙක් සොයන විට හුදෙක් "ළමයි හැදීමට" කැමති සහකරැවෙකුට වඩා "ළමයින්ට හොඳ පියෙක් වීමට" යම් කැපවීමක් දරන්නට කැමති සහකරැවෙකු සොයා ගැනීම කල යුතුයි. එය වචනයෙන් නොව ක්‍රියාවෙන් පෙන්වන සහකරැවෙකු සොයා ගැනීමට බුද්ධිමත් විය යුතුය. ඔබ කාන්තාවක් නම්, විවාහය සඳහා හුදෙක් ශුක්‍රාණු දායකයෙකු නොවන ඔබේ දරැවන්ට පියෙකු වීමට හැකියාව ඇති පුද්ගලයෙක් තෝරා ගන්න.

පුරැෂමූළික සමාජ වල ගෑනු දුක් කසාදයක හිර කර ගැනීම සඳහා පීඩක පිරිමියා සහ එම පවුලේ උදවිය සිදු කරන ප්‍රධානම උපක්‍රමය නම් එම පිරිමියාගෙන් ගැහැණියට හැකි ඉක්මනට ළමයෙක් හදවා දීම නොහොත්  බේබි ට්‍රැප් කිරීමයි. ළමයෙකුට කන්න දෙන්න තියා තමන්ටවත් ඉන්න හිටින්න හරි හමන් විදිහක් නැති තැන් වල මෙසේ අන්තිම ආත්මාර්ථකාමී ඇජෙන්ඩා වලට ළමයි හැදීමට පීඩක පිරිමියා සහ එම පවුලේ උදවිය ගැහැණියට බල කරන අතර පවුලේ උදවිය ළමයෙක් ලැබුනාම ඕව හරි යයි යන මිත්‍යාව ගැහැණියව ගොනාට ඇන්දීමට යොදා ගනී. එබැවින් මෙබඳු සමාජ වල ජීවත් වන කාන්තාවන් බේබි ට්‍රැප් වලට හසු නොවීමට වග බලා ගත යුතුයි.

සබඳතා වලදී අවාසනාවන්ත වෙන්නේ තමන්ට තමන් කිසිම ආදරයක් නැති  කාන්තාවන් ය. . සබඳතා වලදී සෑම විටම පරාජය වෙන්නේ තමන්ට ආදරය නොකරන  කාන්තාවන් ය.  


Monday, February 17, 2025

පීතෘමූලිකත්ව සමාජ වල කාන්තා විරෝධී ලක්‍ෂණ (මැඩගෙන සාර්ථක කාන්තාවක් වන්නේ කෙසේද?) - 5

පීතෘමූලිකත්ව සමාජ වල බලය සහ පාලනය පිරිමින් අතේ තබා ගැනීම සඳහා කාන්තාවන් පාගන සංස්කෘතික, ආගමික සහ නෛතික වටපිටාවක් තියෙන බව කලින් ලිපි වල කෙටියෙන් සාකච්ඡා කලා. මේ කාන්තා මර්ධනය ඇතැම් සමාජ වල වසර දහස් ගණනක ඉඳලම එන එකක් නිසා ඩී එන් ඒ වලටම කාවැදිල තියෙන, බොහොම සාමාන්‍යකරණය වෙච්ච දෙයක්. උදාහරණයකට, පොඩි කාලේ තියා අදටත් වෙස්සන්තර ජාතක කතාව අහද්දි වෙස්සන්තර රජතුමා නෝනට හොරා ජූජක බමුණට අන්ඩර් ඒජ් ළමයි වැඩකාරකමට "දන් දීම" අවුළක් නෑ වගේ පේන්නෙ ඒ නිසා. වෙස්සන්තර රජතුමාට ජූජක බමුණට එවෙලෙ දෙන්න තිබ්බ ඉහළම දානය උනේ වැඩකාරකමට තමන්වම දන් දීම මිසක අහක ඉන්න අන්ඩර් ඒජ් ළමයින්ව, තමන්ගෙ ගොන්කම් නිසා කැළේ අපා දුක් විඳින්නට සිදු උන,  තමන්ට කන්න කෑම හොයන්න ඩිංගක් එළියට ගිය ගෑනිට හොරා අනතුරේ හෙළීම නෙමේ. වෙස්සන්තර රජතුමා අන්තිමේ ඉතින් දරැවො නැති සෝකයෙන් වැළපෙන ගෑනිවත් නමක් ගමක් නොදන්න මිනිහෙක්ට "දන් දුන්න" කෙනෙක්. නමුත් මේ කතාවට මේ සංස්කෘතියේ හැදී වැඩුනු ගෑනු මිනිස්සු එදත් අදත් හෙටත්  සාධුකාර දෙනවා.

එසේ පීතෘමූලිකත්ව සමාජයක "හොඳ" පිරිමියෙකු ලෙස නම් දරාපු වෙස්සන්තර රජතුමාට එහෙම තමන්ගෙ ගෑනිගේ දුක ගැන, ළමයින්ගේ දුක ගැන අබමල් රේණුවකවත් හැඟීමක් ඇති නොවුනේ ඇයිද යන්න වැදගත් ප්‍රශ්නයක්. පීතෘමූලිකත්ව සමාජ වල පිරිමියෙකු හට ජීවිතය පහසු කරවන සහ ආතල් දෙන  සිත් පිත් නැති උපකරණයක්/බඩුවක් ලෙස කාන්තාව සැළකීම නිසායි එය එසේ සිදු උනේ. ඒ සිත්පිත් නැති උපකරණය ගෙදර උයා පිහාගෙන, ළමයි හදාගෙන, අස්පස් කරගෙන, වයසක උන්දැළව බලාගෙන, සැමියටත් යුතුකම් කරගෙන සෙස් බොත්තම එබුවම සෙස්ද, බේබි ඉන්කියුබේටර් බොත්තම එබුවම ළමයිද, නැනී බොත්තම, කුක් බොත්තම, ලොන්ඩර් බොත්තම, ක්ලීනර් බොත්තම, හොස්පයිස් කෙයාර් බොත්තම සහ එන්ටර්ටේනර් බොත්තම, ආදී සියළුම දේ බොත්තම් එබුවම ඒ ඒ දේද දෙන උපකරණයක්/බඩුවක් පමණයි. මේව එකක් හරි මිස් වෙනව කියන්නෙ උපකරණයේ දෝෂයක් ලෙස මිසක මේත් මනුස්සයෙක්‍ය යන සංවේදීතාවය නැහැ.  එතකොට උපකරණය මැල්ෆන්‍ෂන් නිසා එක්කො මැනුෆැක්චරර්ට (ගෑනිගෙ දෙමාපියන්ට) යවනවා, එක්කො විසි කරල අළුත් එකක් ගන්නවා. මැනුෆැක්චරර්ට යවපු උපකරණ මැනුෆැක්චරර් ගහල බැණල පාස්සල හදල එවනවා.

මේ "කාන්තා අජීවීකරණය" අපේ ගෙවල් වලත් තියෙනව. අපේ සමාජ වල අම්මල ලෙඩක් දුකක් ගැන කියන්නේ ඉවසන්නම බැරි අවස්ථා වලදී විතරයි ගොඩක් වෙලාවට.  අම්මල ආසද ලෙඩ හංගගෙන ඉන්න? නැහැ.  මේ සමාජ වල පිරිමින්ව හදන්නෙ  සංවේදීකම දුර්වලකමක් ලෙසත් අසංවේදී අමනුස්සකම වීර කමක් ලෙසත් සළකල (ඒකට හේතුත් කළින් ලිපි වල කතා කලා.). ඉතින් එක දවසක් ගෑනි ඉව්ව කෑම රස නැත්නම් ගෑනිට කුණුහරැපෙන් බැනීම  පහරදීම හෝ අඬපාළි කීම මිසක අසනීපයක්ද ප්‍රශ්නයක්ද සෙවීමක් බැලීමක් නෑ ගොඩක් ගෙවල් වල. අපේ අම්මල බැරි අමාරැකම් සඟවගෙන වැඩ කරන්නෙ ජීවිතය පහසු කරවන සහ ආතල් දෙන  සිත් පිත් නැති උපකරණයක්/බඩුවක් ලෙස මිසක මනුස්සයෙක් ලෙස තමන්ට නොසළකන බව අවිඥ්ඥානිකව දන්නා නිසයි.

මම විවාහක ගෑනු ළමයි හදනවට හෝ ගෙදර වැඩ කරනවට විරැද්ධ නැහැ. නමුත් ළමයි හැදීමට හෝ ගෙදර වැඩ කිරීමට වැඩකාරකමට ගෑනු ගේන එකට විරැද්ධයි. මේ දෙක අතර වෙනස බේබි ඉන්කියුබේටරයක් සහ අම්මෙක් උදාහරණයකට ගෙන කතා කරමු. බේබි ඉන්කියුබේටරයක් සහ අම්මෙක් යන දෙදෙනාම ළමයි ඉන්න විවාහක ගෑනු දෙන්නෙක් උනාට ඒ ස්ටේටස් දෙක එකිනකට ගොඩක් වෙනස්.

බේබි ඉන්කියුබේටර්එකක් තමන්ගේ "වටිනාකම" සහ "අනන්‍යතාවය" සොයන්නේ ළමයින්ගෙන්. ඒවගේම ළමයින් ගැන තීරණ ගැනීමේ අයිතියක්, ගෙදර මුදල් ගැන හෝ වෙනත් දේ ගැනද තීරණ ගැනීමේ අයිතියක් නැහැ. නමුත් නීරෝගී කසාදයක පාට්නර් කෙනෙක් ලෙස අම්මා කෙනෙක් වන කාන්තාවකට ගෞරවය සහ පිළිගැනීම ලැබෙන්නේ අම්මා කෙනෙක් නිසාම නොවේ, ඇයගේ සමස්ථ අනන්‍යතාවයටයි. මෙවැනි කාන්තාවන් ළමයි හදන්නේ තම සහකරැ සමඟ ඉතා හොඳට සැළසුම් කරල මිසක කසාදෙට මුක්කුවක්, පෙන්‍ෂන් ප්ලෑන් එකක් ආදී ඇජෙන්ඩා වලට නොවේ.

නැනී, කුක්, ලොන්ඩර්, ක්ලීනර්, හොස්පයිස් කෙයාර් සහ එන්ටර්ටේනර් ආදී වැඩකාරකම් වලට කසාද බැඳීම සහ ගෘහණියක වීමද එකිනකට ගොඩක් වෙනස්. 

මේ වගේ සමාජ වල ජීවත් වෙන ගෑනු ළමයි පුළුවන් ඉක්මනට තේරැම් ගත යුතු කටුක සත්‍යයක් තිබෙනවා. ඒ තමයි පිරිමියෙකු හට ජීවිතය පහසු කරවන සහ ආතල් දෙන  සිත් පිත් නැති උපකරණයක්/බඩුවක් ලෙස කාන්තාව සැළකීම වසර දහස් ගණනක ඉඳලම එන-බොහොම සාමාන්‍යකරණය වෙච්ච දෙයක් කියන කාරණය. මෙතැනදී ගෑණු ළමයින්ට තෝරා ගැනීමට මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි  පිරිමියෙකු හට ජීවිතය පහසු කරවන සහ ආතල් දෙන  සිත් පිත් නැති උපකරණයක්/බඩුවක් ලෙස ජීවත් වීමට කන්ඩිෂන් වීම. දෙවන එක තමයි තමන්ගේම මාර්ගයක ස්වාධීන ගමනක් යාම. 

මේ දෙකම කරන්න ලේසි  නෑ

උපකරණයක්/බඩුවක් ලෙස ජීවත් වීමට කන්ඩිෂන් උනාම මිනිහ හප් ගානකොට නට්ට කකුල් දෙක අස්සෙ ගහගෙන, ඕනෑම අසාධාරණයකට ඔළුව නවාගෙන, බරපතල වැඩ සහිත එළිමහන් සිර කඳවුරක ඉතිරි ජීවිත  කාලයම  ජීවත් වෙන්න ඕනෙ.

තමන්ගේම මාර්ගයක ස්වාධීන ගමනක් යන්න එක්කො මහන්සි වෙලා ඉගෙන ගන්න හරි රැකියාවක් හරි කරගෙන, සමාජයේ ප්‍රතිරෝධයටත් මුහුණ දීල හෙන කට්ටක් කන්න ඕනෙ. එක්තරා අවස්ථාවක සමාජයේ ගල් මුල් වදින්නැති දුරකට ඉගිලුනාම පට්ට සනීප උනාට ඒකට මුළදි හෙන කට්ටක් කන්න ඕනෙ. 

නමුත් ගොඩක් ගෑණු ළමයි මේ දෙකම කරන්න ලේසි නැති නිසා ෂෝට් කට් එකට කරන්නෙ අම්බ ටොක්සික් නමුත් සල්ලි තියෙන/කඩවසම් හෝ වෙනත් භෞතික දේවල් තියෙන පිරිමින්ව සෙට් කරගෙන, ඒ අම්බ ටොක්සික් ස්වභාවය දැන දැනම කසාද බඳිනවා. එහෙම බඳින්නෙ මෙන්න මේ ගොන් උපකල්පන හිතේ තියාගෙන.

1. බැන්දම මම එයාව මට ඕන විදිහට හදා ගන්නවා

2. බැන්දම ළමයි ලැබුනම කල් යන කොට එයා වෙනස් වෙයි

3.  දැන් මේක අතහැරියොත් රටේ මිනිස්සු මොනව නොකියයිද? ඒ නිසා කොහොමහරි මේ මිනිහවම බැඳගෙන ජීවත් වෙනවා.

4.  මේ මිනිහ එක්ක ජීවත් වෙන්න දැනටත් අමාරැයි, බැන්දම ඊටත් වඩා අමාරැ වෙයි. ඒත් මේ මිනිහට සල්ලි තියෙනව, බලය තියෙනව, xyz තියෙනව,  ඒ නිසා මට භෞතික සැප හරි ලැබෙනවා.

මෙවැනි මෝඩ අදහස් ඇතිව අම්බ ටොක්සික් මනුස්සයෙක්ට සෙට් වෙන ගෑනු ටික දවසකින් ඒ හීන ලෝකෙන් සැබෑ ලෝකයට පතබෑවෙලා අපා දුකට වැටෙනවා. 


පීතෘමූලිකත්ව සමාජ වල කාන්තා විරෝධී ලක්‍ෂණ (මැඩගෙන සාර්ථක කාන්තාවක් වන්නේ කෙසේද?)

ප්‍රතිපත්තිගරැක වටිනාකමක් සහිත ආත්ම විශ්වාසයක් ඇති කාන්තාවක් වෙන්න. තමන්ගේ ප්‍රතිපත්ති වලින් පිරිමියෙක් නිසා පිටතට පනින්න එපා.

අද ඔයා ඉන්න සමාජ තලයේ/සමාජයේ හරිහමන් පිරිමි නැති නිසා තමන්ගේ ස්ටෑන්ඩඩ් පහළට දා ගන්න එපා. එක්කෝ නොබැඳ ඉන්න (නොබැඳ ඉන්න එක විශාල ටැබූ එකක් ලෙස හිතන මානසිකත්වයෙන් අයින් වෙන්න) එක්කෝ තමන්ගේ ස්ටෑන්ඩඩ් එකට හරියන පිරිමි ඉන්න සමාජ තලයකට/සමාජයකට යන්න. උදාහරණයකට, ඔයාගෙ හම කළුයි නම් ඒක කැතක් ලෙස දකින, ඒ මත ඔයාගේ මුළු වටිනාකම බාල්දු කරන සමාජයෙන් අයින් වෙලා කළු හමේ ලස්සන දකින මිනිස්සු ඉන්න සමාජයකට යන්න. බලන්න මේ උගත් වැදගත් පෝසත් සුදු මනුස්සය ලන්කාවෙ මිම්මෙන් කළු කැත කෙල්ලෙක්ව බැඳල හොඳට ඉන්න හැටි.ඒ කෙල්ල හොඳට ඉගෙනගෙන එවැනි මිනිස්සු හමු වන සමාජ තලයකට ගියපු නිසා ඒ මනුස්සයව හමු උනා.  https://www.youtube.com/watch?v=_28d5rX71Os

කිසිම පිරිමියෙක්ට බයවෙන්න එපා. තාත්තාට පෙම්වතාට අයියාට හෝ සැමියාට  බියවෙන්න එපා. ආදරය කරන්න. නමුත් බියවෙන්න එපා..!

අන්ධ වෙන්න එපා. අන්ධවෙලා වගේ කාවවත් අදහන්න යන්න එපා.

හොඳින් දැණුවත් වෙන්න. කාරණා දැනගන්න. ඉගෙනගන්න. 

පාළුව තනිකම සාංකාව වගේ අත්දැකීම් පිරිමි සමඟ බෙදාගන්න එපා. ඒක විශාල හෙණයක්. හිස් තැන් පුරවන්න එන පිරිමින්ගෙන් ප්‍රවේශම් වෙන්න. එයාලා ඔය එන්නේ සෑහෙන අයගේ හිස් තැන් පුරවන ගමන්මයි.

කිසිම අවස්ථාවක තම තාත්තාගෙන් සහෝදරයාගෙන් සැමියාගෙන් ඇරෙන්නට වෙන අයගෙන් මුදල් ඉල්ලාගෙන යන්න එපා. එයාලා පොළියත් සමඟ ඉල්ලනවා. පොළිය ජොලිය ලෙස ලියාගන්නා අය වැඩියි. මතක තබාගන්න.

කිසිම දේකට කිසිම කෙනෙක්ට ආසාවෙන් උඩ පනින්න එපා. ඒ තරම් බාල ගැහැණු ගතිගුණයක් තවත් නෑ. සන්සුන්ව ඉන්න ඉගෙනගන්න.

ආරාධනාවක් ලැබෙන තුරු කිසිම දේකට යන්න එපා.

’මේ ගැන මොකක්ද අදහස’ කියලා අසන තුරු කිසිවක් ගැන අදහස් ප්‍රකාශ කරන්න යන්න එපා.

’මොකද වුනේ’ කියලා ඇහුවත් අනවශ්‍ය අයට මොකද වුනේ කියලා කියන්න යන්න එපා.

අමාරුම අවස්ථාවක් ආවත් උදව් ඉල්ලාගෙන යන්න එපා. දරාගන්න.අයියෝ බුදු අම්මෝ කියාගෙන මේ සමාජය මැද්දේ ගිනි තියාගෙන දුවන්න යන්න එපා. සන්සුන් වෙන්න. 

බාල අයව හඳුනාගන්න. තත්පර කිහිපයක් තුළ එයාලාගෙන් ඉවත්වෙන්න. නැත්නම් ඔයාවත් බාල කුලකයට වැටෙනවා.

තියෙන එකම ඇඳුම හෝ ලස්සනට ඇඳගෙන යන්න. 

හැකිතරම් ඉක්මනට ජීවිතයේ තැනකට එන්න හිතන්න. වැටිලා ඉන්න එපා.

ඔයා ඔයාව ලස්සනට ඇඳගන්න. ඒත් කවුරුවත් අන්ඳන විදිහට ඇන්ඳෙන්න එපා.






දොස්තර නෝනා රේප් කේස් එක ගැන මගේ සත දෙක

 දොස්තර නෝනා කෙනෙක්ව පපුවෙ අම්මා කියල පච්ච කොටපු පොඩි කොල්ලෙක් රේප් කරල. මම ලන්කාවේ ලොකුම කියල කියන ගෑණු ඉස්කෝලෙට ගියපු කෙනෙක්. මගේ ඕ ලෙවල් ...