අස්වැසුමේ තවත් කතාවක් - මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හෂිනි යශාරා විසින් පහත විස්තරය සමාජ මාධ්‍යයේ පළ කරල තිබුන. ඒක මේ ටිකේ වෛරල් උනා. මේ ගෑනුන්ට නිකම් කනව කියල කුණු බැනුම් ලැබුනා. විස්තරය පහතින්.
================
නිකමට වගේ අස්වැසුම පෝලිම පැත්තට එබිල බලනකොට බැලූ බැල්මටම ඒ හැටි වයසක් නොපෙනෙන තරුණ ගෑණු ළමයි දෙන්නෙක් පෝලිමේ බර කතාවක. නිකමට ඒ පැත්තට ගියෙ විස්තර ටිකක් කෝකටත් අහල බලන්න හිතාගන.
👩ඔයාල අස්වැසුම ගන්නද?
👭ඔව් මැඩම්
👩ඉතින් දරුවො ඔයාලට මහ ලොකු වයසක් වත්, අසනීපයක් වත් පේන්න නෑනෙ. වයස කීයද?
👭මට 25 යි. මෙයාට 30 යි.
👩දෙන්න යාලුවොද?
👭නෑ මේ මගෙ ලොකු අම්මගෙ දුව. ලොකු අම්මත් ආව. මේ ඉන්නෙ ලොකු අම්ම
👩ඔයාල බැඳලද?
👭ඔව්. දෙන්නම බැඳල.
👩තව කවුද පවුලෙ ඉන්නෙ
👭බබයි මායි මහත්තයයි. අක්කගෙ බබාල දෙන්නයි මහත්තයයි
👩මහත්තුරු දෙන්න මොකද කරන්නෙ?
👭මොකුත් නෑ
👩ඇයි අසනීපෙන්ද එයාල?
👭අපෝ නෑ
👩කෝ එයාල දැන්?
👭ගෙදර
👩ඉතින් ඔයාල ආව අස්වැසුම ඉල්ලන්න?
👭අපිට මේ වෙනකම් රජයෙන් කිසි දෙයක් නිකම් දීල නෑ මැඩම්. ඒ නිසා අපිට ඕක ගන්න අයිතියක් තියනව
👩හ්ම්ම්.... දරුවො ඔයාලට අවු.18 ක් රජයෙන් ඉගැන්නුවෙ නිකම් නෙමෙයිද එතකොට? ඒවට ඔයාලගෙන් කීයක් හරි අය කලාද? ඒකෙ පල ප්‍රයෝජන නොගත්ත වරද රජයෙද?අනික අම්ම ඔයා අස්වැසුම ඉල්ලන් ආව එක වෙනයි. ඒත් මේ වයසෙ දරුවෙක්වත් ඉස්සර කරන් එන එක හරිද. දෙමව්පියො දරුවො තමුන්ට වඩා හොඳ තැනකට යවන්න නේද හරිනම් මහන්සි වෙන්න ඕනෙ.
හැමෝටම එක වගේ ඉගෙනගන්න බෑ. හැමෝටම කැම්පස් යන්න බෑ. ඒත් දරුවො වෘත්තීය පුහුණු කියල ජාතියක් තියනව. මේ ඔෆිස් එකේ සර්ල, මිස්ල ඕනෙ තරම් ඉන්නව ඔයාලට ස්වයං රැකියා පුහුණුවක් ඕනෙ නම් දෙන්න. දැනුත් අයිස්ක්‍රීම්, යෝගට් හදන්න නොමිලේ උගන්නන පුහුණුවක් තියනව උඩ. යමුද ආව එකේ ඔය ඇප්ලිකේශන් එක පුරවල බාර දීල උඩට?
👭අනේ බෑ මැඩම්
👩ඇයි ඒ
👭නිකම්. බෑ
👩ඔයාලට ඔය තරුණ වයසෙ ඉඳන් ආධාර ගන්නවට වඩා නරකද තමුන්ගෙම ව්‍යාපාරයක් පටන් අරන් දියුණු වෙලා හොඳ ආදායමක් ගන්න එක. එහෙම ආස නැද්ද? අනික බැරිවෙලා වත් අස්වැසුමට නොතේරුනොත්.....?
👭අනේ බෑ
👩ඇයි ඒ
👭බබාල ඉස්සරහ ගෙදර දාල ආවෙ. යන්න ඕනෙ
👩ඔයාලට ලැබුණ අංකෙ කීයද අස්වැසුම පෝලිමේ
👭174
👩බැරිවෙලා ඔයාලට 250 වගේ ලැබුණ නම් බබාල ඉස්සරහ ගෙදර කියන එක තව පැය එකහමාරකට වගේ මතක් වෙන එකක් නෑ නේද. යන්න ගිහිං අස්වැසුමම ගන්න 🤷♀😒
ප.ලි: ලැබිය යුතුම වූවන්ට අස්වැසුම ලබාදීමේ ගැටලුවක් නැත.නමුත් මේ යැපුම් මානසිකත්වය???? 😔
හොඳයි දැන් අන්ඩර් ඩෝග් ගේ පැත්තෙනුත් මේ ගැන කල්පනා කරමු.
මෙතන තියන බරපතළ සමාජ විද්‍යාත්මක ගැටළුව "අයිස්ක්‍රීම්, යෝගට් හදන්න නොමිලේ උගන්නන පුහුණුවක්" වගේ සිල්ලර දේකින් විසඳන්න බැහැ. අවාසනාවකට වගේ ප්‍රාදේශීය ලේකම්ලා හෝ රටේ වගකිවයුතු කිසිම කෙනෙක් මේ වගේ ගෑනු ඔය මොකක්හරි සුළු රස්සාවකට දම්මවල දුප්පත්කම නැති කරන්න හැදුවට ඒක වෙන්නෙ නෑ. හරි නම්, ඔය හැට හුට හමාරක් තියෙන විශ්ව විද්‍යාල වල සමාජ විද්‍යා පීඨ වල කාර්යභාරය තමයි මේ වගේ ගෑනු ගැඹුරට අධ්‍යයනය කරල මෙතන වෙලා තියෙන සංකීර්ණ සමාජ ගැටළුව හඳුන ගන්න එක. එතකොට විතරයි ස්ථිරසාර විසඳුමක් හොයා ගන්න පුළුවන්. (මම විද්‍යා අංශයෙන් (STEM) ඉගන ගත්ත කෙනෙක්. මම තරයේම විශ්වාස කරනවා විද්‍යා අංශය හා සමානව හෝ ඊටද වඩා කළා අංශයේ උපාධි වල අතිශයින්ම වැදගත් කමක් තියෙන බවට. මොකද සමාජයේ මිනිස්සුන්ගේ හැසිරීම් වගේ ඒව අධ්‍යයනය කරන එක ඒ සමාජයේ ප්රගමනයට හරිම වැදගත් නිසා.)
අයිස්ක්‍රීම්, යෝගට් හදන්න නොමිලේ උගන්නන පුහුණුවක් මඟින් මේ ගෑනුන්ව ලොවෙත් ගොඩ දාන්න බැහැ. මේගොල්ලො ඇටෙන් පොත්තෙන් එළියට ආපු දා ඉඳල කර ගන්න තියන සියළුම නස්පැත්ති ටික කර ගෙන බර්න් අවුට් වෙලා, අර හදා ගත්ත ළමයි නිසා කර කියා ගන්න දෙයක් නැතුව ජීවත් වෙන්නන් වාලෙ ජීවත් වෙන අය.
අයිස්ක්‍රීම්, යෝගට් හදන්න නොමිලේ ඉගන ගත්තා කියමු, ඒක ව්‍යාපාරයක් විදියට කරන්නට අවශ්‍ය පරිසරයක් මෙයාලට තියෙනවද? ප්රාග්ධනය කෝ? අවම පිරිසිදු තත්වයේ කුස්සි කෑල්ලක්, ඒව ගබඩා කරන්න ශීතකරණයක් තියෙනවද? බීගෙන ඇවිත් යෝගට් ලෑල්ල පෙරලන අමනුස්සයෙක් වගේ මිනිහෙක්ව බැඳගෙන මේව කරතැකිද? ගැනුම්කාර මුදලාලිල හොයන්නෙ කොහොමද? ලොකු සන්නාම එක්ක හැප්පෙන්නෙ කොහොමද? මේ ගැටළු කීපයක් විතරයි.
යෝගට් හෝ කුමන හෝ ව්‍යාපාරයක් කරනව කියන්නෙ යෝගට් හරි වෙන මළඉලව්ව හරි හදන එක පමණක් නෙමේ. මූල්‍ය පරිපාළනය, රෝ මැටීරියල් කළමණාකරනය, පැකේජින්, මාකටින්, තොග මැනේජ් කිරීම, තත්ව පාළනය, තත්ව පරීක්ෂාව, ප්‍රවාහනය ආදී නොයෙකුත් දේ වල එකතුවක්. බිස්නස් එකක් කරනව කියන එක සෙල්ලමක් නෙමේ. විශේෂයෙන්ම අඩු අධ්‍යාපනයක්, සමාජ අවබෝධයක්, බුද්ධියක්, අරපිරිමැස්ම වගේ ඇටිටියුඩ් මොකවත් නැති,අඩු වයසෙන් ගෙවල් වල නිකම් ඉන්න (ගොඩ වෙලාවට පීඩක) පිරිමි බැඳගෙන ඒ මදිවට තව ළමයිනුත් හදා ගත්ත ගෑනු ටිකක් බිස්නස් කරල සාර්ථක වීමේ සම්භාවිතාව කීයද?
මේ ගෑනුන්ගෙ පිරිමි ගෙදරට වෙලා ඉන්නවලුනෙ. අඩුම තරමේ අස්වැසුම පෝළිමටත් ගෑනිව එවන්නෙ. පොඩි ළමයි බබාල ඉස්සරහ ගෙදර දාල ආවෙ කියන්නෙ ගෙදරට වෙලා ඉන්න පිරිමි අඩුම තරමේ ළමයිව බලා ගන්නෙ වත් නෑ. බැරිවෙලා හරි මේ ගෑනු ස්වයං රැකියාවක් හරි කලොත් මේ ගෑනුන්ගෙ පිරිමි කීයක් හරි හම්බ කරන එකත් නවත්තල මුන්ගෙන්ම යැපෙන එක අනිවා. ගෙදරක වැඩ ටික ඔක්කොම කරන ගමන්, ළමයින්ගෙ වැඩ ටිකත් ඔක්කොම කරන ගමන්, තව රස්සා කරල පවුළත් නඩත්තු කරන්න ඕනෙ මේ ගෑනුද? එක අතකට උන් ඒකට බෑ කියපු එක ස්මාට් මූව් එකක්. නැත්නම් ඒ වගකීමත් උන්ගෙ පිරිමි කර අරිනව.
ආර්ථික දියුණුවක් ගැන සිතන්නට නම් සහනාධාර මානසිකත්වයෙන් ඔබ්බට යාමට හිත හදාගත යුතුය.
ReplyDelete