Tuesday, October 15, 2024

දරුවන්ට Organising පුරුදු කරන්නම ඕනෙද???

 🤔📚🗑🧮

දරුවන් මුල් කරගෙන මේ ලිපිය ලියන්නේ ගුරුවරියක් විදියට දරුවන් එක්ක වැඩ කරලා ලැබන අත්දැකීම් එක්කයි..බෝහෝ විට දෙමව්පියන් දරුවන් ගැන ඉගෙන ගන්නෙ ඔවුන් දෙමව්පියන් වුණාට පස්සෙ.. ඒත් ගුරුවරුන්ට නම් විවාහ වෙන්න කලින් ඉඳන්ම දරුවන් ගැන හොඳ අධ්‍යයනයක් කරන්න ලැබිලා තියන අවස්ථාව දෙවියො දුන්න බෝනස් එකක් වගේ...

අද මම කතා කරන්නෙ දරුවන්ට Organising skills ලබාදීම අත්‍යවශ්‍ය වෙන්නෙ ඇයි? ඒක මොනතරම් ඔවුන්ගේ ජීවිතයට වැදගත් වෙනවද කියන එක ගැන...

🏆මොනවද මේ Organising Skills?

අපි දකිනවා පොඩි ළමයි ඉන්න ගෙවල් වල බොහෝදුරට සෙල්ලම් බඩු ඉහිරිලා,පාට කූරු පොත් පෑන් පැන්සල් මේස උඩ, බිම,  ඇඳ යට හැමතැනම තියනවා දකින්න පුලුවන්..නමුත් අපි හරියට උත්සහ කළොත් අපිට දරුවන් පුංචිම වයසෙදි හරිම පහසුවෙන් මේ දේවල් අසුරාගන්න, අස්පස් කරගන්න යොමු කරන්න පුලුවන්.

🏆කොහොමද පුංචි දරුවන් ඒ වගේ දේකට යොමු කරන්නෙ? එයාලා කැමති වෙයිද? 

අපොයි ඔව්! ඉහළින්ම කැමතියි.පොඩ්ඩක් මතක් කරලා බලන්න ඔබේ ළමා කාලය.ඔබ ලොකු අය කරන වැඩ කරන්න කොච්චර උත්සහ කළාද කියලා? පොල් ගාන්න..හිරමණේ ළඟට උසත් නෑ ඒත්. අතුගාන්න, උදැල්ලක් අරන් කොටන්න.. අපි ආස කළා.මෙන්න මේ අවශ්‍යතාව අපිට කිසිම බාධාවක් නැතුව යොදාගන්න පුලුවන්. මෙතන අපිට හිතන්න දෙයක් තියනවා.ඔව්ොබ අතෙයි ඒ වැඩේ තියෙන්නෙ. ඔබේ දරුවා ඔබ මත යැපෙන කෙනෙක් කරනවද නැත්නම් ස්වාධීන දරුවෙක් කරනවද කියන එක මුලින්ම ඔබ තීරණය කරන්න ඕනෙ .එකට ඔබ අවටම තියන උදාහරණ භාවිත කරන්න පුලුවන්.ඔබ දැකලා ඇති ඇතැමුන් ඉන්නවා තමන්ගේ සිරුර හැර අනිත් සියල්ල අනිත් අයගෙ රාජකාරි කියලා හිතලා වැඩ කරන.ඇඳගෙන හිටපු සරම, කාපු පිඟාන ,තවකෙනෙකුට අස් කරන්න ඉතුරු කරන අය.විශේෂයෙන්ම මේක බලපාන්නෙ පිරිමි දරුවන්ට.ඔබ කැමති නම් ඔබේ පුතා ඒ වගේ කෙනෙක් වෙනවට ...ඔව් ඔබ ඔහුට කිසිම

වගකීමක් දෙන්න එපා.හැම දේම අතට පයට කරලා දෙන්න.එයා හැඩි කළාම ඔබ හැමදාම අස් කරන්න.අවුරුදු 25 - 30 වෙනකල් ඔබ කල රාජකාරිය කවදා හෝ තවත් දියණියකට පැවරේවිනෙ.. ඔබට බැන බැන ඇය ඒ සියල්ල කරාවි. එහෙම නේද? 

මේක කාන්තා පාර්ශවයටත් පොදුයි. දුවෙකුට මේ පුරුද්ද නැත්නම් ඇය වසන නිවහන මිහිපිට අපායක් වන බව නොඅනුමානයි.

🏆කොහොමද අපි පටන් ගන්නෙ?

දරුවො හරී කැමතියි තමන් පවුලේ වැදගත් කෙනෙක් බවට සළකනවට.ඒ තමා පොඩි දරුවන්ගේ පෞරුෂයට අඩිතාලම වැටෙන තැන.දරුවො ප්‍රශ්න අහන්නෙ තර්ක කරන්නෙ ඒකයි.ඔයාට බෑ, තාම ඔයා පොඩියි, ඔයාට තේරෙන්නෙ නෑ... ඔන්න ඔය මන්තර ටික මතුරන එක වහාම නවත්තන්න මුලින්ම.එයාට දැනෙන්න අරින්න එයාටත් නිවසේ වගකීම් තියන බව.එයාගෙ part එක එයාට් පවරන්න.එයාට පොඩි ඉඩක් නිවසේ වෙන් කරලා දෙන්න.එයාගෙ පොත් , සෙල්ලම් බඩු, තියන්න වෙනම තැනක් හදලා දෙන්න.ඒක අස් කරන වැඩේ එයාටම බාර දෙන්න.මේවා හරිම ලේසියෙන් එයාලව යොමු කරගන්න පුලුවන් වැඩ.

🏆 ඇයි ඉතින් එයාට වෙනම තැනක්? එයා තාම පොඩීනෙ.

ඔව්.පුංචියි.ඒත් මේ තමයි ඔහුගේ/ ඇයගේ පෞරුෂයේ දැවැන්තම කාලය.ඔබ වයස 4 දි 5 දි දරුවාට පුරුදු කරන සියල්ල ඔහු / ඇය තමාගේ ජීවිත කාලය පුරාවට අරන් යනවා.පස්සෙ දුක් වෙන්න බනින්න එපා.මොකද අරටු නවන්න බෑ.ළපටි කාලෙදි ම ඔවුන්ගේ  පෞරුෂය හැඩගස්වාගන්න.දුර දකින්න.තාම පොඩී කිය කියා හුරතල් කරන්න එපා.ආසියාතික සමාජය මේ අංශයෙන් හරිම මන්දගාමියි.ඔබමයි ඔවුන්ගේ පෞරුෂය මොට කර දමන්නේ.අවුරුදු 12 ළමයාටත් බත් කව කවා හුරතල් කරන අම්මෙක් නම් ඔබ, දරුවාගෙ පෞරුෂයට දෙවියන්ගේම පිහිට පතනවා මම.

ඇයි දරුවාට වෙනම ඉඩක්?  දරුවාට පෞද්ගලිකත්වය හුරු කිරීම අංක එක.අංක දෙක තමයි තමන්ට කියා ඉඩක් තිබියදී දරුවාගේ පරිකල්පන ශක්තිය වර්ධනය වෙනවා.ඔබ දැක ඇති විදෙස් රට වල දරුවන්ට වෙනම කාමර තිබෙනවා.ඔවුන් නිදාගන්නෙ තනිවම.සමහර වෙලාවට පාසැල් උයන දරුවො තමන්ගේ උදේ කෑම වේල තනිවම සකස් කරගන්නවා.පාඩම් කරන්නෙ තනිවම.තමන්ගේ ජීවිතයේ පාලනය තමා අතට ලැබෙනවා කුඩා කාලයේදීම.ඒ නිසා ඔවුන් වැඩෙන්නෙ ඔවුන්ට සුවදායක පරිසරයක් තුළ.

🏆අපෝ..දරුවන්ට වෙන් කරන්න කාමර අපිට නැහැනෙ.

ඔව් ඔබ ඒ තරම් දුර යන්න ඕනෙ නැහැ දැන්ම.ඔබේ දරුවා ඔබේ ප්‍රමුඛතා ලැයිස්තුවේ හිමි කරගෙන තියන ස්ථානය අනුව ඔබ එය තීරණය කරන්න.මම දැක තිබෙනවා සමහර නිවෙස් වල අම්මලා කතා කරන්නේ දරුවවෙනුවෙන් සියල්ල කැප කර ඇති බවට.ඒත් දරුවාට ලියන කියන වැඩ ටික කරගන්න පොත් මේසයක්වත් නැහැ.හැබැයි ගෙදර සාලෙ අති විශාල වර්ණ රූපවාහිනියක් නම් තියෙනවා.අම්මාට නාට්‍ය ටික බලන්න.තාත්තට ප්‍රවෘත්ති බලන්න.ළමයා ඇතැම් විට කෑම මේසෙ ඉඳගෙන තමා පාසල් වැඩ කරන්නෙ.නැත්නම් බිම.මේ ඔබේ ප්‍රමුඛතාවය ද? ඔව් ඔබට දරුවා වෙනුවෙන් වෙනම කාමරයක් දෙන්න බැරි වෙන්න පුලුවන්.ඉඩ කඩ මදි වෙන්න පුලුවන්. ඒත් දරුවා වෙනුවෙන් ගෙදර පොඩි මුල්ලක් වෙන් කරන්න බැරි කමක් නෑ නේද?එයා වෙනුවෙන් පුංචි පොත් මේසයක්,කියවන්න පොත් රාක්කයක් හදා දෙන්න බැරිකමක් නෑනේද?

සෙල්ලම් බඩු ටික අහුරගන්න ප්ලාස්ටික් කූඩ දෙකතුනක් ගෙනත් දෙන්න බැරි තරම් හිඟ පාඩු තියෙන්න විදියක් නෑ නේද? අඩුගානෙ ලොකු කාඩ් බෝඩ් පෙට්ටි කිහිපයක්.?

🏆ඔව්.හොඳ අදහසක්. මට පුළුවන් එයා වෙනුවෙන් නිවසේ පොඩි කොටසක් වෙන් කරන්න.

එහෙනම් මේ ලිපිය සහ ඉදිරියට පල වෙන ලිපි ඔබට කියවාගෙන යන්න කියලා මම ඇරයුම් කරනවා. ඒ දේවල් කරන්න අවශ්‍ය අවම සැලසුම් ලබාදෙන්න මම සූදානම්.

මුලින්ම ඔබ තෝරාන්න නිදහස් තැනක්.ජනේලයක් ළඟ.නැත්නම් පරිසරය පොඩ්ඩක් පේන තැනක් තියනවා නම් වඩාත් හොදයි.මේක ඔබේ නිර්මාණශීලී අදහස් වලින්ම ගොඩනැගෙන්න ඕනෙ දෙයක්.මේ වැඩේට දරුවාව හවුල් කරගැනීමත් අනිවාර්යයි.එයාලා හරිම කැමතියි මේ වැඩේට.එයාට කියන්න .අපි ඔයාට ලස්සන කාමරයක්/නැත්නම් පාඩම් මුල්ලක් (Study  corner)  /(Reading Corner) කියවීම් මුල්ලක්/සෙල්ලම් කරන්න තැනක් (Play area )හදලා දෙන්නයි යන්නෙ කියලා.එයාලා උඩ පැනලා එනවා මේ වැඩේට. එයාගෙ  වයසට හරියන දේ තමා ඔබ තෝරාගැනීම් කරන්න ඕනෙ.

 එතෙන්ට මූලිකවම ඕනෙ මෙච්චරයි.

1.වයසේ හැටියට මේසයක්. කුඩා දරුවෙක් නම් පොඩි මේසයක්. 

2.පොත් ටිකක් තියන්න පුලුවන් රාක්කයක්.බිත්තියෙ ලලි කිහිපයක් ගහලත් මේ රක්කය අපිටම හදාගන්න පුලුවන්.

3.සෙල්ලම් බඩු වෙන වෙනම අහුරාගන්න කූඩ කිහිපයක්.නැත්නම් කාඩ්බෝඩ් පෙට්ටි කිහිපයක්.(මේවා ලස්සන කොළ වලින් අලවා ගන්න පුලුවන් ඔබට .දරුවාත් එක්කම කතු වෙලා)

4.පෙට්ටි ලේබල් කරන්න ඕනෙ.නැත්නම් පින්තූර අලවලා වෙන් කරන්න ඕනෙ.ටෙඩීස්ලා, බෝනික්කො,කාර්,බිල්ඩින් බ්ලොක්ස් වගේ.

5.පොඩි පුටුවක්. එයාට පහසුවෙන් ඉන්න පුලුවන් එකක්. බංකු පොඩ්ඩක්.

6.එයා ආස කරන විදියෙ කතන්දර පොත් ටිකක්.

මේ ටික ලෑස්ති නම් ඔන්න අපි දරුවාගේ අනාගත පෞරුෂය  වෙනුවෙන් දැවැන්ත පියවරක් තියන්න සූදානම්.ලිපිය බොහෝම දිග නිසා තවත් ලිපියකින් මේ ටික ලස්සන කරගන්න විදිය මම කියලා දෙන්නම්.

මුල්අයිතිය සහ ගෞරවය ✍️ භාග්‍යා අබේසේකර

Bhagya Äbeysekara විසින් Minimalist Living  පේජ් එකට ලිවූ ලිපියක්

Friday, October 11, 2024

Let's break the TOXIC FAMILY CULTURE

1. Your children are not your RETIREMENT fund.

2. Your parents are not your EMERGENCY fund.

3. Your parents have an obligation to feed you, cloth you, educate you, protect you and nurture you until you become an adult. They have no obligation to provide you a grand wedding reception, luxuries, or anything extra as such. If they provide extra, it should be not from their retirement money and you should be GRATEFUL (and not ENTITLED). Its your responsibility to earn for extra as well as for basics once you become an adult.

2. If anyone asks you to stop working, they should provide the SUM of your living cost until the age of 70 (at least) in cash together with that request. If they want children, children's living cost until the age of 18 (at least) should be added too.

3. If you are a house wife (and not the servant), you should be provided access to ALL the funds and should have a good life insurance for the provider.

4. Learn to BUDGET - it is telling your money where to go instead of wondering where it went!  

5. PRETENDING TO BE RICH can make us poor. Must learn to live BELOW MEANS. Don't go broke trying to look rich.

6. Always have a BACK-UP PLAN for life's uncertainties. - It is not anyone else's responsibility, but yours and only yours.

7. Your MARRIAGE and HEALTH are your biggest investments. NEVER marry a competitor. A partner should be a team member, never a competitor. Never compromise health for anything, even for your partner (this includes mental health too).

8. Avoid office or work gossip. Avoid things that tarnish your name or reputation. Don't join the bandwagon that backbites  your bosses and colleagues. Stay away from negative gatherings that have only people as their agenda.

9. Do not seek advise from anyone not in the level that you are dreaming to become. 

10. Don't tell your daughters that when a boy is mean to her, it's because he has a crush on her. Don't teach he ABUSE is a sign of LOVE.

11. Do not live to eat, work (for living), breed, and die. All animals including single cell most primitive bacteria and viruses do this basic cycle. Humans should utilize their brain capacity for creating, enjoying life and do some service. Otherwise, what's the point to be a human after all? 


Thursday, October 10, 2024

ගීතට කට උත්තර නැති වෙන්න හරිනි කී කතාව | harini amarasuriya speech


ලන්කාවේ පිරිමින්ගේ පෞරැෂයේ තියෙන බරපතලම අඩුපාඩුවක්ව තිබුන පොත්ත සුදු නම් දාර ඒසියන්ට ගිනි කනා වැටිල කසාද බැඳල එතනිනුත් නොනැවතී තව පාර්ලිමේන්තුත් යවන අහවල් අමාරැව දැන් හොඳ කරගෙන එතනින් ටිකක් එහාට පරිණාමය උන එක නම් මාර වටිනව.

ලන්කාවෙ සමහර එවුන් කොච්චර ගොන්ද කිව්වොත් ඒ කාලෙ අර පට්ට හොරා අතනායකයගෙ ගේ කුජීත දුවට පොත්ත සුදු නිසා වහ වැටිල බෑනාවරැන්ගෙ සංගම් හදපු පොන්න සෙවළයො ටිකක්. ඒකි උඹලගෙන් ආතල් අරන්ඔස්ට්‍රේලියාවෙ තානාපති කාර්‍යාලෙටද කොහෙද රිංගල උඹලගෙ සල්ලි වලට විඳින එක උඹලට අදාළ නෑ. 

මේව දැක්කම පේනවනෙ බඩු ෆෝම් කිරීමේ ආදිනව, ඒ නිසා විහිළුවටවත් බඩු ෆෝම් කරන්න එපා.

පිරිමි විදිහට තත්වෙ තියාගෙන ඉන්න ඉගෙන ගනිල්ල. පුත්තුන්ටත් උගන්නපල්ලා. එතකොට තමයි ගෑනු උනත් හරි ට්‍රැක් එකට එන්නෙ. ඇමරිකාවෙ වැදගත් පිරිමි එකෙක්වත් පට්ට සෙක්සි වෙච්ච පළියට කාඩාෂියන් බඩු වලට කර ගැහුවෙ නැහැනෙ, අන්න ඒ පර්සනලිටි එක වැදගත්. නැත්නම් උන් දත් ගැලෙව්වම ඇල්ෆ මෝල් සංගම් අටවගෙන ගෑනුන්ව ගල් යුගයට දක්කන්න හදනව.

Wednesday, October 9, 2024

ගෑනුන්ට ග්‍රෝත් සෝන් එකට යාමට වල කපන්න එපා

 


ඉහත පුද්ගල සංවර්ධනය පිළිබඳ සටහන ඊයේ මෙහි පළකරද්දී මගේ හිතට එක වරම නැගුන අදහස තමයි ලන්කාවේ සාම්ප්‍රදායික පිරිමි ගෑනුන්ට ෆියර් සෝන් එකෙන් එලියට එන්න දෙන්නෙ නෑ නේද ඒකරල අනිත් අතට ගෑනුන්ගේ ඔළමොට්ටලකම ගැන චෝදනා කරනව නේද කියල.

සාම්ප්‍රදායික පිරිමි ගෑනු සඳහා දකින පිනැකල් එක කොම්ෆර්ට් සෝන් එක. උදාහරනයකට,සල්ලි තියෙන සාම්ප්‍රදායික පිරිමි, කසාද ගෑනි රස්සාවෙනුත් අස් කරවල ගෙදර තියල, වැඩටත් කෙනෙක් හොයල දීල, වාහනයක් දීල, සල්ලි දීල කසාද ගෑනිට ෆුල් සැප දෙනව කියල හිතනව. නමුත් ඒ ගෑනි අනිත් අතට පිරිමියගේ  ඔළුව කන, තේරැම් නොගන්න පටු ලස්සනට ඉන්නෙ නැති, නෑදෑයෝ එක්ක රණ්ඩු කරන, කකා මහත් වෙවී කැත වෙන, ළමයි හරියට නොහදන, ගෙදරින් පිට රටේ ලෝකෙ මෙලෝ හසරක් නොදන්නා, මෙලෝ රහක් නැති, ඇතැම් විට වටේ යන බවට චෝදනා කරනවා.ඉතින් සාම්ප්‍රදායික පිරිමි ළමයි නිසා ඉවසනවා,ඒ ගමන් ඔෆිස් එකෙන් කෑල්ලක් සෙට් කර ගන්නවා.

මෙතන අවුළ ලන්කාවේ සාම්ප්‍රදායික පිරිමි, තමන්ට සෙට් වෙන ගෑනුන්ට කවදාවත් ග්‍රෝ වෙන්න දෙන්නෙ නෑ, ඉතින් උන් වයසට ගියත් පරිණත වෙන්නේ නැහැ. එතකොටත් ගෑනුන්ටම බනිනවා. 

කෙනෙක්ට කියන්න පුළුවන් නෑ මගේ ගෑනි ආතල් එකේ කොම්ෆර්ට් සෝන් එකේ ඉන්නව කියල.කොම්ෆර්ට් සෝන් එකේ ඉන්න ගෑනුත් එහෙම හිතනව ඇති. නමුත් ඕගොල්ලන්ට එහෙම හිතෙන්නෙ ඕගොල්ලො කවදාවත් ග්‍රෝත් සෝන් එකේ රස නොබලපු නිසා.අර ලඟදි හැමෝම ඇස් නිලංකාර කර ගත්ත ජගුවර් ඉන්ජිනේරැ ගෑනු ළමය ඉන්නේ ග්‍රෝත් සෝන් එකේ. ගෙවල් වල ඉන්න කෑම හදන යූටියුබ් චැනල් කරන  අනෝමා වගේ කාන්තාවෝ ගත්තත්, බබාලගේ චැනල්, ගෙවල් අලංකරණය කරන, ලයිෆ් කෝචින් චැනල් කරන ගෘහනියෝ තොගයම යූටියුබ් එන්න කළින් සල්ලි තියෙන සාම්ප්‍රදායික පිරිමි බැඳගෙන ආතල් එකේ කොම්ෆර්ට් සෝන් එකේ ඉන්නව කියල හිතාගෙන හිටපු ගෑනු තමයි. නමුත් පසුකාළීනව තාක්‍ෂණයට පින් සිද්ද වෙන්න ගෙදර ඉඳන්ම ග්‍රෝත් සෝන් එකට ආව. ඇයි මේ ගෑනු ආතල් එකේ කොම්ෆර්ට් සෝන් එකේ  හිටිය නම් මාර කටු කකා දැන් යූටියුබ් චැනල් කරන්නේ? ඒකට හේතුව එයාලට ඒකෙන් පර්පස් එකක් ලැබිල, පර්පස් එකෙන් ආත්ම තෘප්තියක් ලැබිල, ලර්නින් සහ අවසානයේ ග්‍රෝත් සෝන් එකට යාමට ලැබීම.

ජගුවර් ඉන්ජිනේරැ ගෑනු ළමය ඉන්නේ ග්‍රෝත් සෝන් එකේ. ඒ ළමයගෙ දෙමාපියෝ එයාට කම්ෆර්ට් සෝන් එකෙන් ෆියර් සෝන් එකටත් එතැනින් ලර්නින් සහ අවසානයේ ග්‍රෝත් සෝන් එකටත් යන්න උදව් කලා. ඒ කොහොමද? එයාට අභ්‍යවකාශ විද්‍යාවට ආස හිතුනම බැනල කුස්සියෙ බත් තම්බන්න (කම්ෆර්ට් සෝන් එක) බල කරේ නෑ, එයාට චැලෙන්ජස් එනකොට අපි උඹට කිව්ව ඕක දැන්වත් ඕව නවත්තල ... කිව්වේ නෑ එයාට එතැනින් (ෆියර් සෝන්) ඉස්සරහට යන්න උදව් කලා, ලන්කාවෙ කෙල්ලො බය වෙන කෝස් එකකට ලොකු රිස්ක් එකක් අරන්  වයස දහ අටෙන් විතර තනියම  එන්ගලන්තයට එයාව යැව්ව (ලර්නින් සෝන්). 

මේ වගේම පට්ට ටැලන්ටඩ් කෙල්ලො ගෙවල් වල බත් තම්බනව මම ඕනතරම් දැකල තියෙනව.

 මේ එක්කම කියන්න ඕනෙ, ග්‍රෝත් සෝන් එකට යන්න රස්සා කරපල්ල කියල නෙමේ මේ කියන්නෙ. ගෙදරක බත් තම්බන්නත් එපා  කියල නෙමේ මේ කියන්නෙ. අපි කරන වැදගත්ම වැඩේ හුස්ම ගන්න එක, මොකද ඒක නැවතුනොත් මැරෙනව. ඒත් එහෙම කියල ඒක සී වී එකේ දාන්නෙවත්, මම අද මෙච්චර පාරක් හුස්ම ගත්ත කියල ඒක ඇචීව්මන්ට් එකක් විදියටවත් කියන්නෙ නැහැනෙ. ඒ වගේම තමයි බත් තම්බන එකත්. කිසිම දවසක, මොනම හේතුවකටවත්, තමන්ට ග්‍රෝත් සෝන් එකට යන්න වල කපන පාට්නර්ලව සෙට් කර ගන්න එපා.

10 SNEAKY WAYS MEN MANIPULATE WOMEN.

1. LOVE BOMBING: flooding with affection to gain control.

2. GASLIGHTING: Making your doubt your reality.

3. SILENT TREATMENT: Ignoring you to make you feel guilty.

4. GUILT TRIPPING: Making you feel responsible for their emotions.

5. PLAYING THE VICTIM: Always being the one who is wronged.

6. FUTURE FAKING: Promising a future that never comes.

7. TRIANGULATION: Using others to make you jealous.

8. BLAME SHIFTING: Turning the table to make you the problem.

9. WITHHOLDING AFFECTION: Using love as a weapon.

10. MINIMIZING FEELINGS: Dismissing your reactions as over reacting.

AVOID THIS TYPE OF RELATIONSHIP


1. You should avoid a relationship that is based on sex alone. It has no future. If all you do is to sleep with each other instead of

discussing things that will benefit your life then that relationship is a waste of time and destiny.

2. Avoid any relationship that has no direction, purpose or aim.

3. Avoid any relationship that doesn't add any positive impact on your life.

4. Run away from any relationship that gives you more sorrows than joy.

5. Run away from any relationship that makes you cry or gives you more tears and cry than laughter.

6. Do not stay in a relationship where you love someone but the person makes you unhappy many times.

7. When you see signs that a relationship can't work, don't try to make it work. IT JUST CAN'T WORK. There is no need remaining in such r/shp. Flee from it.

8. Avoid any relationship where you find yourself struggling to love your partner.

9. Avoid any relationship where you are caged or restricted from enjoying your basic fundamental human rights. No relationship should restrict you from your

rights, not even marriage.

10. Most importantly and above all. Avoid any relationship that will keep you far away from Spirituality/core values/religion/God.


10 lessons from the book:: "Emotional Intelligence Habits"

by Travis Bradberry is a compelling guide that explores the importance of emotional intelligence in personal and professional success. As a renowned expert in emotional intelligence, Bradberry provides practical strategies and insights to develop and cultivate emotional intelligence. 

In this detailed summary, we will explore ten key lessons and insights from the book, offering readers a glimpse into the transformative wisdom it imparts.

1. Understanding Emotional Intelligence: "Emotional Intelligence Habits" introduces readers to the concept of emotional intelligence and its significance in various aspects of life. Bradberry explains how emotional intelligence affects relationships, decision-making, and overall well-being.

2. Self-Awareness: The book emphasizes the importance of self-awareness as a foundation for emotional intelligence. Bradberry provides strategies for increasing self-awareness, such as reflection, journaling, and seeking feedback from others.

3. Self-Management: "Emotional Intelligence Habits" explores the practice of self-management, which involves regulating one's emotions and behaviors effectively. Bradberry offers techniques for managing stress, staying calm in challenging situations, and developing self-control.

4. Empathy: The book highlights the role of empathy in emotional intelligence. Bradberry emphasizes the power of understanding and relating to others' emotions, and provides insights on developing empathy through active listening and perspective-taking.

5. Building Relationships: "Emotional Intelligence Habits" explores the importance of building strong and meaningful relationships. Bradberry offers guidance on effective communication, conflict resolution, and fostering positive connections with others.

6. Social Awareness: The book delves into the concept of social awareness, which involves understanding and navigating social dynamics. Bradberry provides insights on reading non-verbal cues, recognizing emotional states in others, and adapting to different social contexts.

7. Conflict Resolution: "Emotional Intelligence Habits" offers strategies for resolving conflicts in a constructive and empathetic manner. Bradberry highlights the importance of active listening, managing emotions, and finding win-win solutions.

8. Decision-Making: The book explores how emotional intelligence impacts decision-making. Bradberry provides insights on using emotions as valuable information, considering different perspectives, and making decisions that align with one's values and goals.

9. Resilience: "Emotional Intelligence Habits" emphasizes the importance of resilience in navigating challenges and setbacks. Bradberry offers techniques for building resilience, such as reframing negative experiences, practicing self-compassion, and maintaining a growth mindset.

10. Continuous Growth: The book encourages readers to embrace continuous growth and development of their emotional intelligence. Bradberry emphasizes the importance of ongoing self-reflection, learning from experiences, and seeking opportunities to enhance emotional intelligence skills.

"Emotional Intelligence Habits" serves as a practical and insightful guide for individuals seeking to develop and strengthen their emotional intelligence. Through these ten key lessons, readers gain insights into self-awareness, self-management, empathy, and building meaningful relationships. Bradberry's work provides a roadmap for effective communication, conflict resolution, and decision-making. By integrating these lessons into their lives, readers can enhance their emotional intelligence, improve relationships, and achieve greater success and fulfillment in various aspects of life.


දරුවන්ට Organising පුරුදු කරන්නම ඕනෙද???

 🤔📚🗑🧮 දරුවන් මුල් කරගෙන මේ ලිපිය ලියන්නේ ගුරුවරියක් විදියට දරුවන් එක්ක වැඩ කරලා ලැබන අත්දැකීම් එක්කයි..බෝහෝ විට දෙමව්පියන් දරුවන් ගැන ඉග...