Saturday, August 31, 2024

මරණයට කැප වූ ඌරැ අම්මා ගැන ඇත්ත ඇති සැටියෙන් කතා කරමු

 




ඉහත සඳහන් රෑපයේ දැක්වෙන මරණයට කැප වූ ඌරැ අම්මා ගැන අනුවේදනීය  කතාව ස්ටැටිස්ටික්ස් සමඟ රියැලිස්ටික් ලෙස කතා කරමු.

වැඩුන ගෑනු ඌරෙක් මාස හතරකට ටිකක් අඩු කාලයකදී (දවස් 114) වරක් පැටව් 5-8/10-12 (එක එක මූළාශ්‍ර වල පොඩි වෙනස් කම් තියේ, දළ වශයෙන් 5-12 රේන්ජ් එකේ කියමු ) අතර ගණනක් දානවා. ඒ පැටව් ප්‍රජනනය කරන්න පටන් ගන්නේ ඉපදී මාස හයක් හා අටක් අතර කාලයේ. ඊරියක්ට සාමාන්‍යයෙන් වසර දහයේ සිට දොළහ තෙක් කාළයක් යනකම්ම පැටව් දාන්න පුළුවන්.

මේ දත්ත අනුව, රෑපයේ ඉන්න ඌරැ අම්මට වයස අවුරැදු දෙකක් නම්, එයා පැටව් සෙට් හතරක් දාල මේ වෙනකොට (මාස 6න්, 12න්, 18න්, 24න්), ඒ කියන්නෙ එක පාර දරැවෝ පහක් දානව නම් දරැවෝ  (5*4) 20 දෙනෙක් වසර දෙකක් තුල දාල. එයාගේ දරැවෝ සෙට් හතරෙන් තුනක් පැටව්නුත් දාල (මුණුපුරැ මිනිපිරියෝ), ඒ කියන්නෙ සෙට් තුනේ දරැවෝ පහළොවෙන් මුණුපුරැ මිනිපිරියෝ (5*15) 75ක්. මුණුපුරැ මිනිපිරියෝ සෙට් තුනෙන් දෙකක් පැටව් දාල (මී මුණුපුරැ මිනිපිරියෝ),ඒ කියන්නෙ මී මුණුපුරැ මිනිපිරියෝ (5*10) 50ක්. මී මුණුපුරැ මිනිපිරියෝ සෙට් දෙකෙන් එකක් පැටව් දාල (ඩබල් මී මුණුපුරැ මිනිපිරියෝ) නමුත් එයාල තාම බෝ වෙන්න ගත්තෙ නෑ. මේ කියන්නෙ අවුරැදු දෙකකට මොකද එතනින් එහාට ගණනය කරන එක හරි සංකීර්ණයි, පරම්පරා ගණනාවක් හැදෙන නිසා. ඉතින් වසර පහ දහය ජීවත් වෙන ඊරියක් පරම්පරා ගණනාවක් හදල පැටව් දහ පහළොස් දාහක් වත් නිපදවනව මොකද මේක exponential growth එකක්. 

මෙතන උපකල්පන කීපයක් තියෙනව - පැටව් පහක් දානව කියල (ඒක තමා අඩුම ගාන, දහය දොළහ දාන්නත් පුළුවන්නේ), ඉපදෙන හැම පැටියම ලොකු වෙනව කියල හිතන එක, ඉපදෙන හැම පැටියම ගෑනු සතෙක් කියල හිතන එක වගේ.  ඒ උපකල්පන නැතිව මේ ගණන් අඩු වැඩි වේවි, නමුත් මට කියන්න අවශ්‍ය උනේ මේ පින්තූර වල හරි නම් ඌරැ පැටව් (20+75+50) 145ක් විතර ඉන්න එපෑ, ඇයි තනි ඌරැ පැටියෙක් දාන්නේ?

ඒකට හේතුව තමා ඌරැ පැටව් 145ක් විතර දැම්මහම මුන්ට කියන්න ඕනෙ දේ කියන්න බෑ, යතාර්තය පේන්න ගන්නවා. කොමන් සෙන්ස් තියෙන මිනිස්සුන්ට තේරෙනවා ඌරැ අම්මගෙ අධි ප්‍රජනනය පාළනය වෙන්න ඕනෙ බව.

තනි පැටියෙක් අඬනකොට ඒක දකින මිනිස්සු ටක් ගාල ඒක තමන්ට ආරෝපණය කර ගන්නව, මොකද අද කාලෙ මිනිස්සු හදන්නෙ ළමයි එකයි දෙන්නයි, ඒ හදන ළමයි එකා හරි දෙකා හරි මූණකටේ තියාගෙන හදන්නේ. එහෙම අය මේ තනි පැටියෙක් අඬන පින්තූර දැකපු ගමන් තමන්ගේ ළමය මතක් වෙලා දුකට පත් වෙනව.

ඌරන්ගේ එකම ගැටළුව අධි ප්‍රජනනය පමණක් නෙමේ.

ඌරන් හරිම ආක්‍රමණශීලී සාමූහික සත්තු. උන් වෙන සත්තුන්ට පහර දෙනවා. සර්ව භක්‍ෂක නිසා කුරැළු/සර්ප බිත්තර සහ සර්පයන් හා අහුවෙන ඔක්කොම කාගෙන යනව ඉවක් බවක් නැතුව. 

ශාක භක්‍ෂකයො කන්නෙ ගස් වල කොළ නිසා ගස් මැරෙන්නෙ නැහැ නැවත ලියලනවා. නමුත් ඌරන් කන්නේ ගස් වල අළ මුල්, ඒ නිසා දුර්ලභ ගස් පවා මැරිළම යනව.

ඌරන් ජල ප්‍රභව මඩ කරල දූෂණය කරනව අනිත් සතුන්ට ප්‍රයෝජනයට ගන්න බැරි ලෙසට.

ඌරන් වගාවකට පැන්නම හානි කරන්නෙ අයිනෙ ඉඳන් නෙමේ වගාවේ මැද ඉඳන්, කනවට වඩා කීප ගුණයක් වනසනවා.

ඌරන්ට අද කාලේ ස්වභාවික සතුරෝ නෑ, කොටි සින්හයො වෘකයො වඳ වෙලා. ඉතින් ඌරො ගහනය පාළනය කරන්න වෙන්නෙ මිනිස්සුන්ට තමයි. නැත්නම් මේ විදිහට අධිකව බෝ වෙන සත්තුන්ට පෘථිවිය දීල වෙන ග්‍රහලෝකයකට යන්න වෙන්නේ. ඌරො නිසා හාමතේ මැරෙන අනිත් සත්තු පව් නැද්ද? 

ඒ නිසා මේ ඌරැ අම්ම අහින්සකත් නැහැ දරැණුත් නැහැ.  මේක තමයි ස්වභාවධර්මය. 

හැබැයි ඌරන් මේ වගේ පොඩි කූඩු වල ගාල් කරන එක, වද දීම වහාම නීති මඟින් නැවැත්විය යුතුයි, එහි විවාදයක් නෑ.

ලෝක ධර්මතාවයට අනුව හැම විටම ප්‍රබලයා අතින් දුබලයා අගතියට පත් වෙනවා. සම්පූර්ණ සත්ව හින්සනයෙන් තොර වීගන් කෑම කන මනුස්සයෙක් පවා වෙනත් ආකාරයට සත්ව සන්හාර වල යෙදෙනවා. උදාහරණයකට, ගෙයක් හදනකොට ඒ පරිසර පද්ධතියේ විශාල සත්ව සන්හාරයක් වෙනවා. මම දැන් වැඩකරන තැන කැලේ කපල ළඟදී හදපු තැනක්, මුල් කාලෙ පොලවෙන් පොඩි පණුවො තොග පිටින් මතු උනා බිල්ඩිමට යන පාරෙ මම ගියේ බට්ටො පැන පැන වගේ. ඒ සත්තුන්ගේ පරිසර පද්ධතිය විනාස උනා බිල්ඩිම නිසා. ඒවත් සත්ව සන්හාර තමයි.ගෙවල් වල පෙස්ට් කන්ට්‍රෝල් නිසා කැරපොත්තො මීයො වගේ සත්තු මැ.රෙනවා, කොන්ඩෙ උකුණන්ව ම.රනවා,  එතකොට පාරවල් හදද්දී පරිසර පද්ධතියේ විශාල සත්ව සන්හාරයක් වෙනවා. තමන් ඡන්දෙ දීල පත් කරපු දේශපාළකයො ගස් කපද්දි වැලි ගොඩ දාද්දි පරිසරය වනසද්දී විශාල සත්ව සන්හාරයක් වෙනවා, මේව පව් නැද්ද?

සත්තු කරන්නෙ මස් මාළු කන එකට රෙද්ද උස්සගෙන එන නිර්මාංශ මිනිස්සුන්ට පව් කියල හිතෙන්නේ බීෆ් චිකන් පෝක් සහ සීෆුඩ් සත්තු ගැන විතරයි. වගා කරන කොට මැරෙ.න කෘමි සත්තු,  සංවර්ධන ව්‍යාපෘති නිසා මැරෙ.න වන සත්තු, ඉන්ධන දහනය නිසා සහ නොයෙක් පරිසර දූෂණ නිසා මැ.රෙන සත්තු ගැන කැක්කුමක් නැහැ (මොකද ඒ මරණ වලට තමනුත් දායක වන නිසා), ඒ තබා තමන්ගෙ ගෙදරට අනාථ බල්ලෙක් පූසෙක් ආවත් කිසි අනුකම්පාවක් නැතිව උණු වතුර ගහල හරි පන්නන,තමන්ගෙ වත්තට සතෙක් සරැපයෙක් ආවත් විසද නැද්ද වත් නොබලා අවිචාරවත්ව ම.රල දාන සත්ව හින්සකයෝ මුන් බහුතරයක් ඉන්නේ.

මගේ මතය නම් හැම විටම ප්‍රබලයා අතින් දුබලයා අගතියට පත් වෙනවා යන ලෝක ධර්මතාවයට තේරැම් අරන් තමන් ප්‍රබලයාගේ භූමිකාවේදී තමන්ටත් දුබලයටත් සාධාරණ වීම තමා සුදුසු.

දේවදත්ත බුදුන්ට යෝජනා කරද්දී භික්‍ෂූන්ට මස් කෑම තහනම් කරන්න කියල, බුදුන් එය ප්‍රතික්ශේප කලත් බුද්ධාගම විකුණළ මස් මාළු නොකන ජෛන පුරැද්ද  මාකට් කරන්නෙ ඇයි?

මම හිතන්නේ විනෝදයට හෝ අත්‍යවශ්‍ය නොවන දේකට සතුන්ට හින්සන කරන්න හෝ ම.රන්න එපා, සාධාරණ අවශ්‍යතාවයකට (කෑමට, සන්වර්ධනයකට) මර.නකොට සතාට අවම වේදනාවක් ඇති වෙන ලෙස එය කළ යුතුයි. සතුන් කුමන හේතුවකටවත් අධිපරිභෝජනය නොකල යුතුයි.

ඉහත පෝස්ට් වගේ ඒවට තිබුණ කොමෙන්ට් දැක්කම ප්‍රෝටීන් ඌණතාව නිසා මොළ අඩුවෙන් හැදුනු මිනිස්සු කොතරම් ඉන්නවද කියල පුදුම හිතුන. මේ ටොපික් එක හද්ද පරණ ටොපික් එකක් උනත් එකෙක්ටවත් තාම බෑ තර්කාණුකූළව ප්‍රායෝගිකව සංඛ්‍යාත්මක දත්ත ඇනළයිස් කරල මැද තැනකට එන්න. 

එක්කො නිර්මාංශ ගොබ්බයො කියනව

"හිත් papuwal නැති කාලකන්නි තිරිසන් සත්තු වගේ මිනිස්සු තමන්ගේ රස කෑදර කමට , දිව පිනවන චේතනාව ඇති නිසා තව jeewitha මරා ගෙන kanawa. තමන්ගේ මස් මාංශ අනුභව කරන්න thamanwa maranna ආවොත් තමන්ට දැනෙන මරණ බිය, වේදනාව කොහොමද කියලා මුන් දන්නේ නැහැ. ඉස්පිරිතාලෙ ගිහින් kapala කොටලා දානකොට අඩු තරමේ මේ දේවල් දැනෙන්න ඕන තිරිසන් මිනිසුන්ට."

"මාඝාත ආඥාව හෙවත් සත්ව ඝාතනය සපුරා තහනම් කිරීමේ නීතිය ගේන්ඩ ඕනෙ ජාති ආගම් භේදයකින් තොරව නැත්තම් මේක තේරුමක් නෑ"

එහෙම නැත්තන් අර කතරගම වන්දනාවෙ යන ගමන් දඩමස් හොයන ජාතියෙ, සත්ව සුභසාධනයක් ගැන මෙලෝ අවශ්‍යතාවක් නැති, ලාබෙට දෙනව නම් කොහොම වද දීල හරි සතෙක්ව මැරැවත් කමක් නැති නරැමයො කියනව

"පුගේ කතා නොදී ඉදපන්න්.. කවුරු කෝම කිව්වට්ග් හරක් මස් පට්ට රහයි .. පීකුදු බොකු පට්ට .. කටු වල මැරබොන් පට්ට රහයි .. ඒ නිසා අනගාරික හෑලි නොදා කාපල්ල"

"ඒකට කමක් නෑ . රස මස් ටිකක් හම්බෙනවානෙ 😏"

Wednesday, August 28, 2024

සත්ව ප්‍රෝටීන් වලට ඇති ස්ටිග්මා එක නැති කල යුතු ඇයි

තිළිණි ෂැල්වින් ලන්කාවේ පාසල් ළමයින්ට දෙන කෑම වේළ සහ කොරියාවේ පාසල් ළමයින්ට දෙන කෑම වේල අතර පෝෂණයේ වෙනස ගැන අද පෝස්ට් එකක් දාල තිබ්බ. සුපුරැදු පරිදි රෙදි උස්සගෙන රඟන සෙට් එක ඒකට කොමෙන්ට් කරල තිබ්බ.   

මම ගිය මාසේ සම්පූර්ණයෙන්ම වාගේ හිටියේ අප්‍රිකාණු රටක් වන ඝානාවේ. දේශගුණය, දරිද්‍රතාවය, ජනගහණය, දේශපාළනය, යටත් විජිත කරණයේ අතුරැඵල සහ තවත් ගොඩක් කාරණා අතින් ඝානාව ලන්කාවට හුඟක් සමානයි. නමුත් ලන්කාවට වඩා දුප්පත් උනත් ලන්කාවට වඩා සැළකියයුතු ප්‍රමාණයකට ප්‍රෝටීන් සහිත ආහාර ඒ රටේ මිනිස්සු කන්නේ. පුළුවන් හැම ගෙදරකම කුකුල්ලු එළුවො ඇති කරනව. එහෙ මිතුරියක් එක්ක කෑම ගැන කතා කරද්දි ඇය කිව්ව ඝානාවේ මිනිස්සු කාබ්ස් සමඟ ප්‍රෝටීන් කන එක නවත්තල බටහිර රටවල වගේ ප්‍රෝටීන් සමඟ කාබ්ස්  කෑව නම් තවදුරටත් හොඳයි නේද කියල. මම ඇයට කිව්ව ඕක මොකක්ද ඉතින් ලන්කාවේ කන්නේ කාබ්ස් සමඟ කාබ්ස්නේ කියල. බත් එක්ක කිරිකොස්, බත් එක්ක අල තෙල් දාල හරි අල කිරිහොදි හරි, බත් එක්ක අළුකෙසෙල්, නෙළුම් අල, දෙල්, බතල වගේ නානාප්‍රකාර කාබ්ස්. එතකොට අරපිරිමැස්ම උගන්නන අම්මණ්ඩිල උගන්නන ඒව තමා එක බිත්තරේට ළූණු අරව මේව දාල වතුරෙන් ඔම්ළට් හදල පුම්බල පවුළකට කන්න පුළුවන්ලු. 

ඒකටම හරියන්න නිර්මාන්ශ හැතිකරේ පුදුම කරැමයක්. මුන් බහුතරය මනුස්සයෙක්ට පාඩුවෙ ඉන්න දෙන්නැති කුහක නපුරැ මළයක්‍ෂ ගති තියෙන එවුන් උනාට සත්තුන්ට මාර ආදරෙයි. 

ලන්කාවේ සත්ව ප්‍රෝටීන් වලට තියෙන ස්ටිග්ම එක කොච්චරද කිව්වොත් ප්‍රධාන පෙළේ කුකින් යූටියුබ් චැනල් බහුතරයක් බීෆ් පෝක් කෑම හදන්නෙ නෑ. උදාහරණයකට අපේ අම්මා නාළිකාව කුකුල් මස්ම පමණයි. බීෆ් පෝක් කෑම හදන ඒවත් බීෆ් පෝක් කෑම හදන්නේ ඉඳ හිට. එතකොට නේචර් කුකින් යූටියුබ් චැනල් කරන බහුතරයක් ජාත්‍යන්තර උදවිය ඒකට තමන්ගෙ සත්ව පාළනය පෙන්නද්දි අපේ ප්‍රධානම නේචර් කුකින් යූටියුබ් චැනල්  එකක්වත් (පූර්ණා, ට්‍රැඩිෂනල් මී, විලේජ් කිචන් ආදී) සත්ව පාළනය කරන්නේ නෑ. මොකද සත්ව පාළනය පටන් ගත්තොත්, බීෆ් පෝක් කෑම  හැදුවොත්, අර කළින් කියපු නිර්මාන්ශ හැතිකරේ රෙද්ද උස්සගෙන එනව පිස්සු බල්ලො වගේ.

හොර පූජකයන් ද මේ ස්ටිග්මා එක ඉහළින්ම පවත්වා ගන්නා අතර කට්ටඩිද පුළුටු (සත්ව ප්‍රෝටීන්) වලට යක්කු බැල්ම දාන නිසා පුළුටු කෑම පස් මහ බැළුම් බලා කල යුතු බවට තරයේ පවසති. එක කටටඩියෙක් ප්‍රසිද්ධ මාධ්‍යයක පැවසුවේ ගෑනු ළමයෙක් තමන්ගෙ ගෙදර කුස්සියේ තනිව බිත්තරයක් බැදිම පවා යක්කු බැල්ම දාන වැඩක් බවයි.

මේ කාරණා නිසා ලන්කාවෙ මිනිස්සුන්ගෙ කෑම වල කොළිටිය මොන තරම් පහළද කියල කියනව නම් වෛද්‍ය රවී රන්නන්-එළිය ඉදිරිපත් කළ පත්‍රිකාවකට අනුව (https://twitter.com/ravirannaneliya/status/1628015180688007168) දෙදාස් දහ නමයේදී ලන්කාවේ 23% ප්‍රතිශතයක් දියවැඩියාවෙන් පෙළේ. ඊට පෙර දත්ත වල 11% ව සිටි ලන්කාවේ දියවැඩියාවෙන් පෙළෙන ප්‍රතිශතය දැන් 23% වී ඇත්තේ ලෝකයේ වැඩියෙන්ම දියවැඩියාවෙන් පෙළෙන රටක් බවට පත් වෙමිනි. 

ඇමරිකාවේ ගත්තොත්, දියවැඩියාවෙන් පෙළෙන ප්‍රතිශතය 10.7% කි. ඇමරිකාවේ තියෙන  නානාප්‍රකාර සෝඩා, කෝඩියල්, කේක්/ඩෝනට්ස් ආදී බේකරි ආහාර, චොක්ලට් සහ කැන්ඩීස්, සීරියල්, බිස්කට්, ක්‍ෂණික කෑම ආදී නොයෙක් පට්ට ලාබෙට තියෙන කෑම ලන්කාවේ නැත, තිබුණත් මිළ අධිකය. එවැනි කෑම කෑවේ නැතත්, ලන්කාවේ දියවැඩියාව ඉතා ඉහළ ගොස් ඇත්තේ ඇයි? 

දියවැඩියාවෙන් පෙළෙන ප්‍රතිශතය වගුවේ දියවැඩියාව වැඩිම අනිත් රටවල් බොහොමයක් වගා කිරීමට හෝ සතුන් ඇති කිරීමට බැරි භූමි සහිත නිසා ප්‍රධාන ලෙස පිටින් ගේන ටින් කෑම සහ සැකසූ ආහාර මත රඳා පවතින, නම වත් ඒතරම් අසා නැති කුඩා දූපත් (French Polynesia, Nauru, New Caledonia, Northern Mariana Islands, Mauritius, Kiribati, Tuvalu, American Samoa, Solomon Islands, Fiji, Palau). ඒකම හොඳ සාධකයක් දියවැඩියාව සහ ආහාර වල සම්බන්ධය පෙන්වා දෙන. ලන්කාවේ වගා කිරීමට සහ සතුන් හැදීමට හොඳ පරිසරයකුත් තියෙද්දී ටින් කෑම ආදිය සාපේක්‍ෂව අඩුවෙන් කද්දී ඇයි දියවැඩියාව ඉතා ඉහළ ගොස් ඇත්තේ ? ඒකට ප්‍රධානම හේතුවක් වන්නේ අහිතකර ආහාර පුරැදු වේ.

ප්‍රෝටීන් මිළ අධික නිසා අපට කන්න බෑ කියන අය අප්‍රිකානු රටවල අපට වඩා දුප්පත් මිනිස්සුන්ගේ කෑම වේළ දිහා බලන්න. ඒ රටවල පුළුවන් හැමෝම ගෙදරම සත්තු හදති,   සත්තු හදන එක ස්ටේටස් වලට ගැටළුවක් නොවේ. ලන්කාවේ සත්තු හදන්න පුළුවන් විසාළ ඉඩම් තියන මිනිස්සුත් ලෝකාපවාදයට බයේ නිකම් හිඳිමින් ප්‍රෝටීන් මිළ අධික නිසා අපට කන්න බෑ  කියති.

සත්තු හදන එක සහ ස්ටේටස් එක ගැන කතා කරන කොට, මම කළින් වැඩ කරපු වෛද්‍ය විද්‍යාලයේ ඇසෝසියේට් ඩීන් කෙනෙක් වූ සුදු ඇමරිකන් මනුස්සයෙක් කාළයක් මගේ බොස් වෙලා හිටියා, එයාගෙ කාමරේ ලඟමයි මගෙ කාමරේ  තිබ්බෙ. මම නෝට් කලා සෑහෙන කාලයක් මෙයාගෙ මේසෙ උඩ බ්‍රහස්පතින්ද දවස් වල බිත්තර කේස් දෙකක් විතර තියෙනව. වතාවක් මම ඇහුව ඇයි බිත්තර කේස් තියෙන්නෙ කියල. බලනකොට ක්ලිනිකල් ඩිපාට්මන්ට් එකේ මහාචාර්‍යවරියකට (ඇය වෛද්‍ය වරියක්) ලොකු ඉඩමක් තියෙනවා, ඒ ඉඩමේ ඇය කුකුළන් හදල බිත්තර විකුණනවා. ඒ බිත්තර ඕගනික් නිසාත් ඇය ඔහුගේ මිතුරියක් නිසා ඇයව දිරි ගැන්වීමටත් ෆැකල්ටියෙ උදවිය ඒව මිළට ගන්නවලු. බ්‍රහස්පතින්ද දවස් වල ඇය බිත්තර ගෙනත් විකුණන නිසයි මගේ බොස්ගෙ මේසෙ උඩ බිත්තර තියෙන්නෙ.ඇය කුකුළන් හදල බිත්තර විකුණන්නේ ඉමහත් ආඩම්බරයෙන්. ඇමරිකාවෙ රෑරල් සහ සබර්බන් ධනවත් මිනිස්සු මාර ආසයි  මොනතරම් උපාධි මිළ මුදල් තිබ්බත් පුළුවන් තරම් ස්වයන්පෝෂිත වෙන්න.

නිර්මාන්ශ හැතිකරේ නොදන්නව උනාට උන්ට ගිල්ලවන්න එළවළු ධාන්‍ය වවන්නේ කැළෑ එළි කර ඒවා පැළ කර කාළයෙන් කාළයට නොයෙක් විෂ රසායන දමා මහ පරිමාණ සත්ව සන්හාර කිරීමෙනි. 

වල් ඌරන් ආදී සතුන්ට අද වෙද්දී ස්වභාවික විලෝපිකයන් නැති නිසාත් උන් මාර ඉක්මනට බෝ වෙන නිසාත් උන්  වෙනත් සතුන් වඳ කර ජලය දූෂණය කර පරිසර පද්ධති පිටින් වනසන නිසාත් නිර්මාන්ශ හැතිකරේ හාමතේ  නොඉඳ නිර්මාන්ශ  කෑම කන්නේ දඩයක්කාරයන්ට පින් සිදු වන්නටය.

මසට ඇති කරන සත්තුන්ට වද දීම මම අනුමත කරන්නේ නැත. උදාහරණයකට ඌරාගේ මස් මෙලෙක් කිරීමට තඩි බෑම, හක්ක පටස් මඟින් සතුන් මැ.රීම ආදී වැඩ වලට උපරිම දඬුවම් ලැබිය යුතුය. සතුන්ට ජීවත් වෙන කාළයේ සැළකියයුතු ඉඩකඩක හිරිහැර නොවන ලෙස ඉන්නටත් මර.ණ විට අවම වේදනාවක් ඇති වන ලෙස මර.ණයට පත් කරන්නටත් නීති අවශ්‍යය.

අප මඳකට ශාක භක්ශකයෙකුට උගේ ස්වභාවික පරිසරය වන කැලෑවේදී ගෙවන්නට වෙන ජීවිතය ගැන හිතමු. ඌ උපන් දවසේ සිටම විලෝපිකයන් නිසා මරණ බයෙන් ජීවත් වේ. ශාක භක්ශකයන් උන්ගේ ස්වභාවික පරිසරයේදී කවදාවත් සාමකාමීව පරමායුෂ වළඳා මිය යන්නේ නැත, අනතුරක් හෝ රෝගයක් වැළඳී දුබල වුවහොත් විලෝපිකයන් අතින් දරැණු මරණයක් හිමි වේ. සින්හයන් වෝටර් බෆලෝලා පිටට පැන උන් පණ අදිද්දී උන් ගේ පු.ක ඉරාගන කනවා මම කොතෙකුත් දැක ඇත. අප කැමති වුවත් නැතත් ස්වභාවධර්මයේ නීතිය ආහාර දාම සහ ආහාර ජාල මඟින් සත්ව සහ ශාක ගහණය  සමතුළිත කිරීමයි. එහිදී ශාක භක්ශකයාගේ ඉරණම ජීවිතයේ කිසියම් මොහොතක විලෝපිකයෙකුගේ අතින් මරණයට පත් වීමයි. නැතහොත් සිදු වන්නේ පරිසරයේ සමතුළිතතාවය බිඳී කැළය තුළ ශාක භක්ශකයාගේ ගහණය වැඩි වීම නිසා කැළය කාන්තාරකරණයට ලක් වී ශාක භක්ශකයා පවා අන්තිමේ  කුසගින්නේ මිය යෑමයි. මේ සඳහා එක උදාහරණයක් නම් ලෝ ප්‍රකට යෙලෝ ස්ටෝන් වනෝද්‍යානයේ වෘකයන් පිළිබඳ කතාවයි. 1920-30 ගණන්වල  යෙලෝ ස්ටෝන් වනෝද්‍යානයේ වෘකයන් සියල්ලම පාහේ මිනිසුන් විසින් දඩයම් කරන ලදි. එහි එක ප්‍රතිපලයක් ලෙස ශාකභක්‍ෂක එල්ක් නම් සතුන්ගේ ගහණය වැඩි වී උන්ගේ උලාකෑම නිසා යෙලෝ ස්ටෝන් වනෝද්‍යානය කාන්තාරකරණයේ ලක්‍ෂණ පහළ විය. මේ නිසා 1995දී නැවත වෘකයන් වනෝද්‍යානයට හඳුන්වා දෙන ලදී. (https://www.yellowstonepark.com/park/conservation/yellowstone-wolves-reintroduction/


නිර්මාන්ශ හැතිකරේ මස්මාළු කන උදවියට පුන පුනා පහර ගසන තවත් එක ජනප්‍රිය තැනක් නම් “මස් මාළු කන්නට හුරු වන්නේ එහි ඇති රසය ගැන සිතා” බවත් නිර්මාන්ශ හැතිකරේ ඊට වඩා කෙළෙස් ප්‍රහාරණය කර ඇති නිසා මස්මාළු කන උදවියට වඩා ඉහළ ජීවීන් කොට්ඨාශයක් බවත් ය. මස්මාළු කන උදවිය මෝඩයන්, නරුමයන් සහ ආත්මාර්ථකාමීන් ලෙසද දක්වා තිබුණි. 

මිනිසුන් මස් මාලු කන්නේ එය පහසුම සහ පරිපූර්ණ ප්‍රෝටීන් ප්‍රභවයක් නිසාය.ලoකාවේ ප්‍රෝටීන් ඌණතාවය ශාකමය ප්‍රභව වලින් පමණක් සපුරා ගැනීම සිහිනයකි.රතු පරිප්පු ග්‍රෑම් සීයක ප්‍රෝටීන් ග්‍රෑම් 9-10 (අත්‍යව්‍ය ඇමයිනො අම්ල නැති) තියෙද්දි කුකුල්මස් ග්‍රෑම් සීයක ප්‍රෝටීන් ග්‍රෑම් 22 පමණ තිබේ. දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවය ශරීර බර කිලෝ එකකට ප්‍රෝටීන් ග්‍රෑම් දශම අටක් පමණ වේ. (https://timesofindia.indiatimes.com/life-style/health-fitness/photo-stories/dear-vegetarians-your-dal-is-not-providing-you-enough-proteins/photostory/64960891.cms, https://www.sclhealth.org/blog/2019/07/how-much-protein-is-simply-too-much/)

Dr. රනිල් ජයවර්ධනගේ පර්‍යේෂණ පත්‍රිකාවකට අනුව, (https://www.cambridge.org/core/journals/public-health-nutrition/article/food-consumption-of-sri-lankan-adults-an-appraisal-of-serving-characteristics/331221522B3EA5E8ACA30B30B877F866) අවම දෙනික ප්‍රෝටීන ප්‍රමාණය ලැබෙන්නේ ලoකාවේ තුනෙන් පoගුවකටය, එනම් තුනෙන් දෙපoගුවකට ආහාරයෙන් දෙනික අවම ප්‍රෝටීන ප්‍රමාණය ලැබෙන්නේ නැත. ගැහැනුන්ට පිරිමින්ට වඩා ප්‍රෝටීන් අඩුවෙන් ලැබේ. කිරි කියා බොන්නේද විශ සහිත පිටිකිරිය. සියයට හැත්තෑවක් දෛනික උපරිම කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ඉක්මවති. මෙලෙස සමබල ආහාර නොලැබී දවසින් දවස ශාරීරික සහ මානසික අබල දුබලතාවයට යන ජනතාවක් ඉන්න රටකට සත්ව ප්‍රෝටීන ඉතා වැදගත් ය. ලoකාවේ මනුස්සයෙක්ගේ බර කිලෝ පනහක් ලෙස සැළකුවොත්, දෙනික අවම ප්‍රෝටීන් ග්‍රෑම් 40ක් අවශ්‍ය වේ (ක්‍රියාශීලීභාවය ආදී සාධක මත මෙම අගය තවත් වැඩි වේ). ඒ සඳහා රතු පරිප්පු (ලoකාවේ ජනප්‍රියම ශාක ප්‍රෝටීන් ප්රභවය)  ග්‍රෑම් හාරසීයක් පමණ කෑ යුතුය. ඒ කියන්නේ හොදි හැදුවම තනි මනුස්සයෙක්ට කන්න බැරි විශාල ප්‍රමාණයක් සහ ඒක සමඟ ගිලින්න විශාල කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් අවශ්‍ය වේ. වෙනත් ආකාරයකට කිව්වොත්, ශාක ප්‍රභව මගින් ප්‍රෝටීන් ලබා ගැනීමේදී සාමාන්‍යයෙන් ශාක ප්‍රභව විශාල ප්‍රමාණයක් ආහාරයට ගත යුතුය.

ඒ කියන්නේ විශාළ කැළැ ප්‍රමාණයක් කපා විශාළ ලෙස පළිබෝධනාශක යොදා විශාළ ලෙස පරිසර හානි සහ සත්ව සන්හාර කළ යුතුය.

 බොහෝ වෙජිටේරියන්ලා ටික කාලයකින් දුර්වළ වන්නේ වෙජිටේරියන් වීමේදී ආහාරයේ සමබලබව රැක ගැනීමේ ප්‍රායෝගික අපහසුව නිසා බව සිතේ. (ප්‍රමාණය, පෝෂ්‍ය පදාර්ථ, හැදීමට යන කාලය ආදී). උදාහරණයක් ලෙස ලoකාවේ ගෘහණියකට කෑම වේලකට කුකුළ් මස් සහ පාන් පිළියෙල කිරීම පහසුය, කාලය ඉතිරිය, දරැවන් කරදරයක් නැතිව කයි, විශාල ප්‍රමාණයක් අවශ්‍ය නැත, සමබලය. අනිත් අතට ලoකාවේ ජනප්‍රියම ශාක ප්‍රෝටීන් ප්‍රභවය වන රතු පරිප්පු පවා ගෙන්වන්නේ පිටරටිනි. එසේ තිබියදී මිනිසුන්ගේ  ප්‍රෝටීන් අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම ශාක ප්‍රභව මගින් සපුරා ගන්නේ කෙසේද? කරැණු මෙසේ තිබියදී නිර්මාන්ශ හැතිකරේ මස් මාළු නිපදවන්නන් පව් කාරයන් ලෙසත්, මස්මාළු කන උදවිය මෝඩයන්, නරුමයන් සහ ආත්මාර්ථකාමීන් ලෙසත් හoවඩු ගසන්නන් නිසා සිදු වන්නේ මහත් හානියකි.  



Thursday, August 22, 2024

laws of philosophy that will make you stronger

 1. The law of impermanence - Everything changes. nothing lasts forever


2. The law of polarity - Every positive has its negative


3. The stoic law of control - Focus only on what you can control


4. The law of cause and effect - Every action has consequence


5. The law of suffering - Pain + Resilience = Suffering


6. the law of perspective - Your mindset id your superpower


7. The law of virtue - Character is destiny


8. The law of dialectics - Truth emerges from the clash of ideas


9. the law of autonomy - You are responsible for your life


10. The law of moderation - The middle way is often the wisest


11. The law of presence - Now is all that exists


12. The law of unity - We are all connected




Friday, August 16, 2024

මාස් පඩි ධනවතුන්ගේ කෝපින් මිකැනිසම් එක - ජාතික ආළය

මේ සෙල්ෆ් අවෙයානස් කියන එක මොන තරම් වැදගත්ද කියල හිතුනේ කිෂු ගෝමස්ගේ පසුගිය කාලයේ  වෛරල් ගිය අදහස් ටිකක් නිසා. මිනිහ ලන්කාවේ ආයතන ප්‍රධානී, ධනවත් සහ පට්ට වරප්‍රසාදලාභී බුවෙක්. ලන්කාවේ එහෙම බුවාල ඉන්නෙ ජනගහනයෙන් 1% විතර. 99% ජහමනයා මුන් වගේ එවුන්ගේ ආයතන වල අඩු පඩියට අධික ලෙස වැඩ කරම්න්, හරිහමන් නෛතික රැකවරණයක් නැති නිසා නොයෙක් අසාධාරණයන්ට ලක් වෙමින්   දුක් විඳින දුප්පත් සේවකයො. දැන් කිෂු ගෝමස් කියනව පිටරටකදී ඌට (ලන්කාවේ වගේ අතට පයට අඩු පඩියට) සේවකයො ලව්ව උගේ පක්කලිකම් ටික කර ගන්න බැරි නිසා ලන්කාව පිටරටකට වඩා හොඳයිලු. උගේ පැත්තෙන් ඒ  කතාව සීයට සීයක් ඇත්ත.   එතකොට උගේ පක්කලිකම් ටික කරන එවුන් නියෝජනය කරන සමාජ ස්ථරය චූන් වෙලා ලන්කාව පිටරටකට වඩා හොඳයිලු.  වැඩේ කියන්නෙ  ධනපතියන්ට පක්කලිකම් ටික කරන උන් හිතාගෙන ඉන්නේ උනුත් කිෂු ගෝමස් නියෝජනය කරන සමාජ ස්ථරයෙ කියල. නෑ බන් උඹල කිෂු ගෝමස්ලට අඩු පඩියට ජීවිත කාලෙම පක්කලිකම්  කරන එවුන් නියෝජනය කරන සමාජ ස්ථරයේ ඉන්නේ.  කිෂු ගෝමස්ල කැමති නෑ උඹල උන්ට පක්කලිකම්  කරන එක නවත්තල දියුණු වෙන්න පුළුවන් රටකට යනවට. 

පවතින ආර්ථික අර්බුදයත් එක්ක රට නොයා ලන්කාවේ ඉතුරැ වෙන අය කොටස් කීපයක්ඉන්නවා. 

1. රට යන්න ක්‍රමයක් නැති අය. 

2. රට යන්න ක්‍රමයක් තිබුණත් රට යන්න අවශ්‍යතාවයක් නැති අය.  එහෙම අවශ්‍යතාවයක් නැති අයගෙත් අනු කොටස් ගණනාවක් ඉන්නවා.  

            a. ලංකාවේ පට්ට සැපේ  ජීවත් වෙන්න තරම් මුදල් තියෙන, වරප්‍රසාද තියෙන පන්තිය. 

            b. මුදල් වරප්‍රසාද නොතිබුනත් වෙන හේතු නිසා රට හැර යා නොහැකි  අය. දෙමව්පියන්, ළමයින්ගේ අධ්යාපනය, දේපොළ  ආදී හේතු නිසා   

            c. ලන්කාවේ තියන පසුගාමී උප සන්ස්කෘතියට තදින් අනුගත වූ, එයින් වාසි ගන්නා, සහ එය එන්ජෝයි කරන අය - මෙවුන් අඳුනා ගන්න එක ක්‍රමයක් තමා සල්ලි තියෙනවනම් ජීවත් වෙන්න හොඳම රට ලන්කාව යන මතය තදින් දැරීම. මුන් වැඩිදෙනා නොකියා කියන්නේ සල්ලි තියෙනවනම් නීතිය නවන්, තමන් එන්ජෝයි කරන  පජාත  අවනීතික වැඩ (DUI, රස්සාව නළලෙ තියන් අහින්සකයන්ට පාට් දැමීම, ලින්ගික හින්සන,  පරපීඩාකාමුකත්වය,  බ්ලැක්මේල්, මුදල් වන්චා, සමාජයේ නොයෙක් මිනිසුන් ඩිස්ක්‍රිමිනේශන් කිරීම, හොර පාරෙන් පෝසත් වෙන ආදී මෙකී  නොකී ජරා වැඩ ) අවුළක් නැතිව නිදහසේ කරගෙන ජීවත් වෙන්න හොඳම රට ලන්කාව කියන එක.

සහ තවත් කැටගරි ගණනාවක් තියෙනවා

ලන්කාවෙ එවුන්ට මාර .කේ අමාරැවක් තියෙන්නෙ තමන් කරන හැම දේටම අනුන් ලවා ඇෆර්මේෂන් ගන්න, නැත්තම් රට යෑම නොයෑම ගැන කාටවත් සාදාරණීකරනය කරන්න අවශ්‍ය නැහැ. 

රට යන්න අවශ්‍යතාවයක් නැති මුදල් තියෙන/ වරප්‍රසාදලාභි පන්තිය බහුතරයකට රට යන මිනිස්සු එක්ක ඇරියස් එකක් තියෙනව, වෙන කරන්න දෙයක් නැති කමට ලන්කාවෙ ලෙව කකා ජීවත් වෙලා තමන්ට දෙකට නැමිල සර් මැඩම් කියපු එවුන් රට ගියාම තව දුරටත් එසේ දාසකම් කරන්නෙ නැති බවත් තමන්ගෙ ජීවන මට්ටම පවා ඉක්මවල යන බවටත් දන්න නිසා.

රට යන්න ක්‍රමයක් නැති අය බහුතරයකට තමන්ගේ ඉච්ඡාභන්ගත්වයට කෝපින් මිකැනිසම් එක ලෙසත්, රට යන්න අවශ්‍යතාවයක් නැති මුදල් තියෙන/ වරප්‍රසාදලාභි පන්තිය බහුතරයකට තමන්ගේ ඇරියස් එක නිසාත්, රට යන මිනිස්සුන්ට ගරහන්න ජාතික ආළය වගේ උතුම් හේතු ඉදිරිපත් කරල තමන්ගෙ චොයිස් එක සාදාරණීකරනය කරනවා (ලන්කාවෙ එවුන්ට මාර .කේ අමාරැවක් තියෙන්නෙ තමන් කරන හැම දේටම අනුන් ලවා ඇෆර්මේෂන් ගන්න, නැත්තම් රට යෑම නොයෑම ගැන කාටවත් සාදාරණීකරනය කරන්න අවශ්‍ය නැහැ ). 

ඇතැම් දොස්තරල පෙනී සිටින්නේ පට්ටම ජාතිකානුරාගී ඩයල් ලෙස. එවැනි ඩයල් හිතාමතාම වහන කොළේ තමා ඔවුන් ලකේ පන්කාවෙ වරප්‍රසාදලාභී පැළැන්තියේ බව. මුන්ට ලකේ පන්කාවෙ ලැබෙන වරප්‍රසාද ලෝකෙ වෙන කිසිම දියුණු රටක ලැබෙන්නෙ නෑ.ඒවයින් කීපයක් ගත්තොත් ,  

1) මුන්ට permit වලට වාහන ලැබෙනවා, ලෝකෙ කිසිම දියුණු රටක කාටවත් එහෙම වරප්‍රසාද නෑ 

2) මුන්ට වාහනේ දොස්තර ස්ටිකර් ගහන් පාරේ ප්‍රමුඛත්වය සහ පඩ ෂෝ දැමීමේ වරප්‍රසාදය ලැබෙනවා. මේ වාහනේ දොස්තර ස්ටිකර් ගහන පු.කේ අමාරැව තනිකරම ගෝත්‍රික අවශ්‍යතාවයක් මිසක වෙන ලබ්බක් නෑ. දොස්තර ස්ටිකර් ගහන් පාරේ ප්‍රමුඛත්වය අරන් කළින් රෝහලට යන්නෙ අහවල් රෙද්දකටද නර් ස් සහ හදිසි අනතුරැ කාර්‍ය මණ්ඩලය නැතුව? දොස්තරගෙ පර්මිට් වාහන වලට ගෙවපු ලෙඩාට පාරේ ප්‍රමුඛත්වය අරන් එන්න බැරැව බස් එකක හරි වීල් එකක හරි රෝහලට  කොට කොට එනකොට දොස්තර ස්ටිකර් ගහන් පාරේ ප්‍රමුඛත්වය අරන් කළින් රෝහලට යන්නෙ අහවල් රෙද්දකටද?   අනික රෝහලක ෂිෆ්ට් ලෙස දොස්තර ල ඉන්න නිසා  රෝහල් කාර්‍ය මණ්ඩලය ඉන්න නිසා පැත්තක ඉන්න ඩොකෙක් පාරේ පිඹගෙන ඒමේ සම්භාවිතාව කීයද? ඔච්චර ඕනෙම නම්  දොස්තර හැඳුනුම්පතක් දීපියකෝ ඒක කරන්නැත්තෙ හැඳුනුම්පත පෞද්ගලික නිසා යන යන තැන පඩ ෂෝ දාන්න බැරි නිසා. ඔය ස්ටිකරේ ගහපු වාහනේ ඩොකා ගේ ගෙදර අයත් ට්‍රිප් යන්න පවා පදිනවා පාරේ ප්‍රමුඛතාව අවභාවිතා කරමින්. ලෝකෙ කිසිම දියුණු රටක මොකාටවත් තමන්ගෙ වෘත්තිය ඉස්සරහට දාල රඟන්න බෑ. 

3) තමන්ගේ අත් වැරදීමකින් ලෙඩෙක් මළත් කිසිම කරදරයක් නැතුව බේරෙන සිස්ටම් එකක් ලකේ පන්කාවේ රෝහල් වල තියෙන්නේ. ලෙඩ්ඩු බොහෝ විට නඩු කියන්න මුදල් නැති, නූගත්, මේක අපේ කරැමේ කියල හිතල ඕනෑම අසාධාරණයක් පිළිගන්න ලෙස හාන්දුරැවො විසින් ගානට බ්‍රේන් වොෂ් කරපු සෙට් එකක්. ඒකම මොන තරම් ලොකු වරප්‍රසාදයක්ද? ඇමරිකාවෙ නම් දොස්තරලගෙ ලයිසන් කැන්සල් වෙලා හිරේ ගොස් රෝගීන්ට විශාල වන්දි ගෙවන්න දොස්තරලට වග වීමක් තියෙනවා. ලන්කාවේ නම් ඒ කිසිම වග වීමක් නෑ.

4) තමන්ට සමාජයේ වෙනත් ඕනෑම සිවිල් නීතියක් කඩ කිරීමට දොස්තරකම නිසා හැකි වීම, මම කියන්නේ බීල වාහන එලවලා පාරේ ගිය අහින්සක මිනිස්සු මරල දොස්තරකම අවභාවිතා කරල බීල නැති බවට සහතික ගැනීම වගේ දේවල් 

5) සමාජයේ සිවිල් නීති කඩ කරන දේශපාළකයන්, සල්ලි සහ බළපුළුවන්කාරයන්ට හොර වෛද්‍ය සහතික දීල හොඳට ගරන්න පුළුවන්. බන්ධනාගාර රෝහලේ දොස්තර හොඳ උදාහරණයක්.

6) දොස්තරකම නිසා ලැබෙන වාසි වල කටු ලෙව කන වහල්ලු බේස් එකක් සහ දොස්තර දෙයියෙකැයි අදහන නූගත්/කපටි ලෙඩ්ඩු බේස් එකක් ලැබීම මඟින් උදේ හවා ඊගෝ එක සැටිස් වීම

7) දොස්තරකම නිසා ලැබෙන සෙක්‍ෂුවල් ඇපීල් එක, ලන්කාවේ ගෑනු  මාර ආසයි දොස්තරකෙනෙක් නම් ඕනෙ ගoකබරයෙක්ගෙ ගෑනි බැරි නම් හොර ගෑනි  හරි වෙන්න. කැතම කැත පෙනුමක් තිබ්බත්, කැතම කැත හැසිරීමක් තිබ්බත්, කැතම කැත ඇටිටියුඩ් එකක් තිබ්බත්, අඩු කුලේ, අඩු පවුල් පසුබිමක හෝ වෙනත් ලකේ පන්කාවේ කසාදයකදී බලන මෙලෝ දානයක් නැතත්, කසාද වෙළඳපොලේ දී දොස්තරකම නිසා හොඳ තැනක් ) ලැබෙනවා

8) දියුණු රටවල වෛද්‍යවරයෙක් තවත් වෘත්තිකයෙකු පමණි. වෘත්තිකයන්ට උපාධියට අමතරව ලයිසන් පවත්වා ගත යුතුය, ලයිසන් එක ගන්න නම් වසර කීපයකට වරක් විභාගයක් සමත් වී තමන්ගේ යෝග්‍යතාව ඔප්පු කළ යුතුය. අනිසි වැඩ කරන වෘත්තිකයන්ගේ ලයිසන් එක තාවකාලික/සදාකාලික තහනමකට ලක් වෙන නිසා එම උපාධි තිබුනට ප්‍රැක්ටිස් බැරිය.. එබැවින් වෛද්‍ය වෘත්තිකයන් වැඩ කරන්නේ ඉතා පරිස්සමිනි, ඇයි වතාවක් දෙකක් ලෙඩ්ඩුන්ට වැරදි බෙහෙත් දුන්නොත් දොස්තර ලයිසන් එක තහනම් වී ලෙඩා දැමූ වන්දි නඩුව නිසා බoකොළොත් වී ඇතැම් විට හිරේද යා හැකි නිසයි. දැන් ඔබට තේරෙනව නේද ඇයි දියුණු රටවල දෙමාපියන්ට තමන්ගේ ලමයා කොහොමහරි දොස්තර කෙනෙක් කරන උණ නැත්තේ කියලා. 

ඉතින් මේ වගේ ආතල් දෙන රටක් දාල දොස්තරල සැමට සමානව සළකන, සමානව අවස්ථා දෙන පිටරටකට යන්නේ ඇයි?  ඉතින් දොස්තර ලෝකෙන් උතුම් රට ලන්කාවයි කියන එක එයාට සාපේක්‍ෂව හරි.  වැඩේ කියන්නෙ දොස්තර  මාෆියාවෙන් බැට කන උන් හිතාගෙන ඉන්නේ උනුත් දොස්තර  නියෝජනය කරන සමාජ ස්ථරයෙ කියල. 











Tuesday, August 6, 2024

ලැට් එකේ දොර නැතත් පයිලට්ලව හොයන්න කාටහරි අයිතියක් නැද්ද

 



කළින් ලිපියෙ වගේම මේ ලිපියේත් දකුණු ආසියාතික පිරිමි ලොජික් එකක් සහිත "හාස්‍යජනක" මීම් එකක් ගැන කතා කරන්නට හිතුවා. ලැට් එකේ දොර නැති (පට්ට දුප්පත්? ගොඩේ?) කෙල්ලෙක් පයිලට් කෙනෙක් (සල්ලි යහමින් තියෙන පොෂ්කොල්ලෙක්? ) කසාද බඳින්න පතන එක වැරදිද? 

සරළවම කිව්වොත් අපි හැමෝටම බලාපොරොත්තු ඇති කර ගන්න අයිතියක් තියෙනවා. ඒ බලාපොරොත්තු රියලිස්ටික්ද නැද්ද යන්න ගැන (අම්ම අප්ප හැර) තුන්වන පාර්ශවයකට ප්‍රශ්න කරන්න හෝ හිනා වෙන්න තියෙන අයිතිය මොකක්ද (විශේෂයෙන්ම පයිලට් කෙනෙක් කසාද බඳින්න පතන කෙල්ල තුන්වන පාර්ශවයෙන් කාල බීල යැපෙන්නැති සහ ඒ ප්‍රාර්ථනාව තුන්වන පාර්ශවයට කරදරයක් වෙන්නෙ නැති කොට?)

ඒ ලැට් එකේ දොර නැති (පට්ට දුප්පත් ගොඩේ) කෙල්ල සමහරවිට ඉගන ගන්න දක්‍ෂ නම් හෝ ගොඩක් ලස්සන නම් හෝ ක්‍රීඩාවකට හරි වෙන මොනවටහරි දක්‍ෂ නම්, ඒ නැතත් ඒ කෙල්ල තමන්ගේ වටිනාකම දන්න නිසානේ එහෙම හිතනව ඇත්තේ? ලැට් එකේ දොර නැති එකෙන් පේන්නෙ ඒ කෙල්ලගෙ දෙමව්පියන්ගේ අසමත් භාවය මිසක ඒ කෙල්ලගෙ වැරැද්දක් නොවේ.

සිමෝන් බයිල්ස්ලත් ලැට් එකේ දොර තිබුන නැතා බොහොම දුක් කරදර මැද ඉහළට ආව කාන්තාවෝ.

අනිත් අතට, මෙලෝ රහක් නැති ඇතැම් ගෑනුත් මෙහෙම හිතනව ඇති, ඒක ඒගොල්ලන්ගෙ අයිතියක්. ඒ කෙල්ලො තමන්ගෙ නරක හරි අන්‍ රියලිස්ටික් හරි තීරණ නිසා ගැටළු වලට මූණ දෙනව නම් ඒක ඒ කෙල්ලන්ගෙ ප්‍රශ්නයක් මිස තුන්වන පාර්ශවයක් ප්‍රශ්නයක් කර ගත යුතු නෑ.

හොඳම දේ කැමති විදිහට අනිත් මිනිස්සුන්ට ඉන්න දීල තමන්ගෙ වැඩක් බලා ගන්න එක. 

නමුත් දකුණු ආසියාතික පිරිමි හිතන්නෙ රටේ ඉන්න ගෑනු හදන්න තමන්ට අයිතිවාසිකමක් තියෙනව කියල.තමන් දන්නෙවත් නැති ගෑනු අඳින පළඳින විදිහ, ජීවත් වෙන විදිහ, සහ හිතන පතන විදිහත් හදන්න යන්නෙ ඒකයි. මේ තත්වයට සෑහෙන්න වගකියන්න ඕනේ ඒ පිරිමින්ට එහෙම හිතන්න හුරැ කරන අම්මලා. 

මේ මීම් එක දැක්කම මට එකවරම මතක් වෙච්ච අතීත සිදුවීමක් තියෙනවා. මම ටීනේජ් කාලේ දවසක් බස් එකක ජනේලෙ අයිනේ සීට් එකක සැපට වාඩි වෙලා මනෝ පාරක් දාගෙන යද්දි කිටිකිටියේ තදබදවී හිටගෙන ඉන්න පිරිස අතර කිසියම් අමුත්තක් හැඟිල කල්පනාව කැඩුනා. බලනකොට රිළවෙක් වගේ පොල්ලෙ එල්ලිලා දාඩිය පෙරන් කොන්ඩෙ අවුල් වෙලා ඇදුම් එහෙ මෙහෙ වෙලා ඉන්න තරැණ හොඳට ඇඳ පැළඳ ගත්ත රැකියාවක් කරල යන මනුස්සයෙක් මගේ දිහා බල බලා මට ඔලොක්කුවට හිනා වෙනවා ළඟ ඉන්න අනිත් අයටත් පෙන්වමින්, මොකද මම මනෝ පාර දාගෙන යන ගමන් මගේ මූනේ මදහසක් ඇඳිල (මම ජනේලෙන් පිටත බලන් එලෙස මදක් හිනා වීගෙන හිටියේ, ඒ නිසා මම ඌත් එක්ක හිනා උනා කියල  එකක් නෑ ). මට තාම මැවිල පේනව ඒ මනුස්සය කිටිකිටියේ තදබදවී බස් පොල්ල අල්ලන් හිටගෙන හිටපු හැටි, මම එවෙලෙත් හිතුවේ ඇයි මේ මිනිස්සු මෙහෙම හැසිෙන්නේ? ඇයි මනුස්සයෙක්ට තමන්ගෙ පාඩුවේ ඉන්න දෙන්නැත්තෙ?විශේෂයෙන්ම තමන් ඉන්නෙ තමන් හිනාවෙන කෙනාටත් වඩා පහළ තැනක වීම නොතකමින්.  

මේ මීම් එකෙන් කියන්නේ තමන්ගෙ තරම දැනගෙන වැඩ කරන්න කියල නම් ලැට් එකේ දොරෙන් කෙනෙක්ගේ වටිනාකම මනින්න බැහැ. ඒ කාලේ මගේ මහගෙදර තියෙන ලේන් එකේ හැමෝම පාහේ වැදගත් රස්සා කරපු හොඳට ගෙවල් දොරවල් හදා ගත්ත අය, එක පවුළක් හැර. අපේ ගෙට ඉස්සරහ වත්තේ ඒ කාලේ තිබුනෙ පැළක්. පරණ සාරි වලින් කාමර වෙන් කරල තිබුනේ. ඉතින් ලැට් එකේ දොරේ තත්වෙ කියන්න ඕන නෑනේ. ඒ පවුලේ පියා අමු බේබද්දෙක්. නිතරම ගුරැවරියක් වූ තම බිරිඳට බීගෙන ඇවිත් තඩි බානවා. මේ ගෙදර දුවෙක් හිටියා පට්ට ලස්සනයි. සඳුනි අක්කා කියල කියමු. සඳුනි අක්කා බීගෙන ඇවිත් අම්මට තඩි බාන තාත්තගෙන් අම්මව බේරගන්න විලාප තියන එක ඒ කාලේ අපිට හරිම සාමාන්‍ය දෙයක්. මුළදි ඕව බේරන්න හැදුවත් ඇත්තම කිව්වොත් ලේන් එකේ වැදගත් නෝනල මහත්තුරැ මේ පවුළ මේ නිසා කොන් කලා. මේ වගේ පවුල් පරිසරයක් තිබ්බ, පොඩි කාලේ ඒ තරම්  ඉගන ගන්න දක්‍ෂ නැති, ගෙදර පීඩනේටයි පොත්තෙ රතට වහ වැටිච්ච කොල්ලොන්ගේ ඇවටිල්ලටයි තිබුන විසේටයි කොල්ලො ගණනාවක් එක්ක යාළු වෙලා නම කැත කරගත්තු සඳුනි අක්කා ඒලෙවල් කාලේ හිතාගන්න බැරි විදිහට පරිණත වුනා, කටුමැටි ගෙදරටම වෙලා පාඩම් කරපු එයා වානිජ අන්ශයෙන් ලන්කාවේ තුන්වෙනියට පාස් උනේ හැමෝම පුදුම කරමින්. දුව මුළු පවුළම ඇදගෙන ඉහළට යද්දි ඒ මෝඩ මිනිහගෙ බීමයි අවළම් හැසිරීමයි අන්තිමේ නතර උනා. සඳුනි අක්කා පයිලට් කෙනෙක්ටත් වඩා ඉහල තත්වයේ මනුස්සයෙක්ව බැඳලා සාර්ථක පවුල් ජීවිතයක් ගෙවමින් ඉහළම රස්සාවක් කරනවා. අද කටුමැටි ගෙදර අති නවීන මැදුරක් වෙලා ඊට මායිම් වෙච්ච ඉඩමේ දෙමව්පියන්ටත් වෙනම හොඳ ගෙයක් හදල දීල ඊට එහා කුඹුරැ යායම සඳුනි අක්කා මිළදීගෙන තියෙන්නෙ.සඳුනි අක්කා ඒ ඔක්කොම කලේ තිහ පනින්නත් කළින්, දැන් නම් එයා මැදි වියේ. පරිණත උන සඳුනි අක්ක තමන්ගේ වටිනාකම ලැට් එකේ දොරෙන්වත්, තාත්තගේ කැරැට්ටුවෙන්වත්, තමන්ගේ නරක අතීතයෙන්වත් විනිශ්චය කරන්න හදපු අයව සප්‍රයිස් කලේ එහෙමයි. එදා ලැට් එකේ දොර නැති එකට කතා හදපු එවුන්ට සඳුනි අක්කා අහළකටවත් එන්න බැරි උනා.

ඒ නිසා කැමති විදිහට අනිත් මිනිස්සුන්ට ඉන්න දීල තමන්ගෙ වැඩක් බලා ගන්න.

"මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න - මගෙ සිහිනෙන් මා මුදන්න ලන් නොවන්න" 







මරණයට කැප වූ ඌරැ අම්මා ගැන ඇත්ත ඇති සැටියෙන් කතා කරමු

  ඉහත සඳහන් රෑපයේ දැක්වෙන මරණයට කැප වූ ඌරැ අම්මා ගැන අනුවේදනීය  කතාව ස්ටැටිස්ටික්ස් සමඟ රියැලිස්ටික් ලෙස කතා කරමු. වැඩුන ගෑනු ඌරෙක් මාස හතරක...