Friday, April 12, 2024

ලාන්කික වැරදි ආකල්ප එළියට ආපු ගීත රචනා

Stalking නොහොත් ඉතා සූක්‍ෂම සහ රහසිගත (බොහෝවිට තමන් කරන්නේ නුසුදුසු දෙයක් බව තමන්ම දන්නා නිසා)  ආකාරයට තවත් කෙනෙක් ගැන සෙවීමට ඇබ්බැහි වීම දියුණු රටවල දඬුවම් ලැබියහැකි වරදක්. විශේෂයෙන්ම යමෙක් රහසේ ලුහුබැඳීම, කරන කියන දේ සෙවීමට ඇබ්බැහි වීම, කිසිම ආකාරයකට හිරිහැර වන ලෙස හැසිරීම ආදිය දඬුවම් ලැබියහැකි වැරදි. නමුත් ලන්කාවේ නම් ඕව සාමාන්‍යයිනේ. ඉතින් නෙලූ අධිකාරී ගයන මම යන්නම් ගීතය තනිකරම stalker කෙනෙක්ගේ ගීතයක්. 

 මම යන්නම් . . .

ඔබ කියන විටක යන්නම්

ඔබට නොපෙනෙන්නට සැඟවී මම ඉන්නම්

මොහොතක් හෝ . . .

ඔබ දැක ගනිමින් යන්තම්

ඒ වනතුරු ඔබ ලඟ ඉන්නට ඇත්නම් . . .

ඒ වනතුරු ඔබ ලඟ ඉන්නට ඇත්නම් . . 

පුදුම වැඩේ කියන්නෙ ලන්කාවෙ සින්දුවක ගීත රචකයා හෝ සන්ගීතඥයාව සඳහනක් වත් නැහැ, ඒව ගන්න ඩේට බේස් එකක් නැහැ, ඉතින් මේක ලිව්වෙ කවුද කියල මම දන්නෙ නැහැ. හැබැයි, කොම්පියුටරේ පද ටික ටයිප් කරපු එකාගේ නම නම් පොල්ගෙඩි අකුරින් දානව. සුනිල් ආරියරත්න පද රචනය කරපු බවක් නෙලූගෙ යූටියුබ් චැනල් එකෙන් අනුමාන කරන්නට පුළුවන්.

ඒ කිව්වම මතක් උනේ, ඔරිජිනල් පොත ලියපු එකාගෙ නම කූඹි අකුරැ වලින් දාල පරිවර්තනය කරපු එකාගෙ නම පොල්ගෙඩි අකුරින් දානව. සමහර ඒවල එහෙමවත් නෑ, අඩුම තරමින් තමන් පරිවර්තකයා බව වත් සඳහන් නොකර තමන් ලිව්ව වගේ. ආතර් කොනන් ඩොයිල් ගේ කතා තමන්ගෙ වගේ විකුනන චන්දන ලොක්ක දත් දොස්තරයෙක්නේ, හැබැයි සදාචාරය බින්දුවයි.  ඒ කතා පළ කරන්න අවසර අරන්ද දෙයියො තමා දන්නේ.



ඉතින් රන්ග ඩයස්ල ඒක ජාත්‍යන්තරවම කරන්න හදන්නේ ලාන්කික අපට වෙන කෙනෙක්ගේ බුද්ධිමය දේපළ තමන්ගෙ වගේ පාවිච්චි කරන එක සාමාන්‍යකරණය වෙච්ච නිසා, හරියට සාමාන්‍යකරණය වෙච්ච stalking වගේ.

 ඉහත ගීතය ගොඩක් මිහිරි නිසා එය ඉතා ජනප්‍රිය උනා. නමුත් එහි පද වල මොනතරම් අපුළක් තියෙනවාද? මෙලෙස ආදරය වැරදියට අර්ථකතනය කරපු ගීත ජනප්‍රිය උනාම ඒව  ඔළු වල තැන්පත් වෙනවා. ආදරය කියන්නේ අඬ අඬා පස්සෙන් යෑම හෝ තමන්ගෙ ජීවිතේ අනෙකාගේ දෙපා මුළට වීසි කිරීම හෝ stalking  ආදිය බව හිතනවා.

මම ඊළඟට තෝර ගත්තේ උපාළි රන්තිලක ගයන යමුනා මාලනී පෙරේරා ලියපු දුර කඳු යාය මටයි ගීතය. 


ඉහත ගීතයත් ගොඩක් මිහිරි නිසා එයත් ඉතා ජනප්‍රිය උනා.

 මේ පද වල බැලූ බැල්මට ඒ හැටි වැරැද්දක් නැහැ වගේම පද තම තමන්ට කැමති ලෙස අර්ථ දක්වන්නට පුළුවන්. මගේ අදහස අනුව දුර කඳු යාය (විශාල ප්‍රමුඛ දේ) සහ මුළු ලෝකයම මටයි කියන පිරිමියා තම ආදරවන්තියට ඒ කඳු යාය මත ඇති කුඩා තණපළස (කුඩා සපෝටිව් රෝල් එක) සහ තම ආදරය ඇයගේ බව පවසනවා. මේ ඇටිටියුඩ් එක තරම් අප්‍රසන්න ඇටිටියුඩ් එකක් මට තවත් නැහැ. මොකද මම ඕනෑතරම් දැකල තියෙනව ලන්කාවෙන් එකම උපාධි ඇරන් (සමහරවිට වයිෆ් ඒ උපාධියෙ ඉහළ පර්ෆෝර්මන්ස් පෙන්නපු කෙනා), ඇමරිකාවෙ ඇවිත් හස්බඬ් පශ්චාත් උපාධිය කරද්දි, කුඩා අපාර්ට්මන්ට් එකක අගහිඟකමේ ඉඳන්  ළමයි හදන් ගෙදර උයා පිහාගෙන ඉඳල, පශ්චාත් උපාධි ප්‍රදානෝත්සවයේදී ආසාවෙන් සැමියාගේ ලෝගුව අතගාල බලන "නිකම් ගෙදරට වෙලා ඉන්න" ගෑනු.  

මුළු ලෝකයම මට දීල මගේ ආදරේ විතරක් උඹ ගනින් කියපුවම ඒකෙ බරපතලක් නොදැන ඔළුව වනල එකඟ වෙලා, තමන්ගේ ජීවිතේ හැම හීනයක්ම, වටිනාකමක්ම සහ අනන්‍යතාවය පවා විනාස කරගෙන, හැරෙන්න බැරි දුරක් ඇවිත් නිහඬවම හූල්ලන ගෑනු මම දැකල තියෙනවා. වාසනාවකට මම තෝර ගත්තේ මගේ හීනෙ වඩාත් ලස්සනට පාට කරල මටත් වඩා ඒ ගැන එක්සයිට් වන සහකරැවෙක්. දුර කඳු යාය සහ මුළු ලොවම ඔබටයි, ඔබට අවශ්‍ය  හැමවිටම මම ඔබේ පසෙකින් ඉන්නව කියන සහකරැවෙක්. 

ප්‍රණීත් අභයසුන්දර රචනා කළ සනත් නන්දසිරි ගයන මුළු ලොව මගෙන් අසාවී සහ මිල්ටන් මල්ලවාරච්චි ගයන (රචනා කළේ කවුද හොයා ගන්න බැහැ) කෙසේ කියන්නද ඔබ මා අතහැර, අද හෙට ඔබ මා අතහැර යන බව ආදී ගීත වල පද වලින් හයිලයිට් වෙන්නේ ප්‍රේමය බිඳ වැීමේදී මම ලෝකයට කියන්නෙ මොකක්ද යන්නයි. ලෝකයට ඕනෑ පරිදි හෝ ලෝකයට මුහුණ දීමට බියේ හෝ ලෝක මාන්නයට වැඩ කිරීම කියන්නෙ ඉතින් පට්ට ගොබ්බ ශ්‍රී ලන්කන් ජානයක්. ඒක ලන්කාවේ බත් කන හරකුන්ට ජානගත කිරීමට මෙවැනි අතිශය ජනප්‍රිය වූ ගීතද ඉවහල් උනා.





No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...