Monday, January 2, 2023

How to Be Success in 2023 | කඩේ යාම නවතා 2023 ජයගන්න | Yakagewada | Aust...

අළුත් අවුරැද්දේ මගේ යෝජනාව නම් ඔබගේ කාලය ඔබගේ ජීවිතයයි, එයට නියම වටිනාකම ලබා දෙන්න යන අදහසයි. අපේ ආයු කාලය අවුරැදු හැත්තෑ පහක් නම්, ඒක දවස් වලින් නම් 27000 විතර. ඒ තරම් කෙටි කාලයක්. මිළ මුදල් යාන වාහන වගේ භෞතික සැප සම්පත් උත්සහයෙන් ලඟා කර ගන්න  පුළුවන් උනත් කාලය එසේ උත්සහයෙන් ලඟා කර ගන්න බෑ. ඒක නොනැවතී අඩු වෙමින් යනවා. ඒ නිසා ඔබේ වගේම අනුන්ගේ කාලයට හරි වටිනාකම දෙන්න. මොකද ඔබ කාට හෝ කාලය ලබා දෙනවා කියන්නේ ඔබේ ජීවිතයෙන් කෑල්ලක් දෙනවා කියන එක. ඒ නිසා,
1. ඕපදූප සෙවීම, කේලම් කියමින් ඔබේ කාළය කා දමන්න එපා, ඒ වෙනුවට ඔබ ආස කරන අළුත් දෙයක් ඉගෙන ගන්න.
2. ඔබේ කාලය කා දමන ඔබව අසතුටට පත් කරන මිනිසුන් හලන්න. ඔවුන්ට ඔබේ කෙටි ජීවිතය පූජ කරන්න එපා, එය ඔබේ ජීවිතයයි. 
3.ඊගො එක සැටිස්ෆයි කරන කුඩා නොවැදගත් සටන් වලට කාළය නාස්ති කරන්න එපා. හැම විටම ලොකු අරමුණට ෆෝකස් කරන්න.
4. අනුන්ට කඩේ යන්න කාලය නාස්ති කරන්න එපා. එය දේශපාලනයට වගේම ක්‍රීඩා, යාළුවෝ, ඉස්කෝලේ, ආගම, නෑයෝ, යූටියුබ් චැනල් ආදී හැම දේටම අදාළයි. අනුන් ජනප්‍රිය කරවීමට, අනුන් දිනවීමට,  අනුන් සල්ලිකාරයන් කිරීමට තමන් කුජීත පරාජිත හිඟන තත්වයට වැටෙන්න එපා.
5. ඔබ ගසක් මෙන් එක තැනක මුල් ඇද පැළවී නොසිට ඔබේ නියම වටිනාකම ඔබට ලබා දෙන තැනට යන්න. එය වෙන රස්සාවක් පලාතක් රටක් නම් බය නොවී යන්න. 

No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...