Tuesday, May 17, 2022

අන්තිම මොහොතේත් දුෂ්ඨකම් කරන එක ලොකු වූ අමුතු ඇටයේ මිනිස්සු

අරගලය පටන් ගත්ත මුළදීම වගේ තමයි මමත් අරගලයට නන් අයුරින් මගේ දායකත්වය ලබා දුන්නෙ. අමුතු ඇටයේ මිනිස්සුන්ගේ අමුතු හැසිරීම මට නෝට් උනේ එතකොට. මෙච්චර රට ප්‍රපාතයකට යද්දි පහත පටු අරමුණු වලට තවමත් ඔබ නතු වෙනවා නම් නැවත හිතන්න;

1. බඩගින්නේ/බේත් නැතුව මැරෙනවට වඩා සුළු සුළු පරණ කෝන්තර පවත්වා ගැනීම මේ තීරණාත්මක අවස්ථාවේදීත්  ලොකු වීම - 

මම හතේ පන්තියෙ ඉඳිද්දී මගේ යාළුවෙක් එකක බට්ටා සෙල්ලම් කරද්දි තරහ උනා. විශ්වාස කරන්න තවමත් ඒ කෝන්තරය පවත්වාගෙන යන්නයි මේ මනුස්සයට ඕනෙ. අරගලය සම්බන්දව කිසියම් සාමූහික වැඩ පිළිවෙලක් කිරීමේදී මේ මනුස්සය අනිත් අයට කියල තියෙනව මේකට ක්‍රිෂා එනවනම් මට බෑ කියල. ඔබ ගැනත් හිතල බලන්න. මොකක්හරි දේකට ඔබ අකමැති යාළුවෙක් (ඔබ කැමති ආකාරයට නොහිතන, ඔබේ දේශපාලනයට අකමැති, ඔබට ඕනෑ ආකාරයට කසාද නොබැඳපු, ඔබට ඕනෑ ආකාරයට ඇඳුම් නොඅඳින ආදී අපි "අකමැති" ) කෙනෙක් අරගලයට හෑෂ්ටෑග් එකකින් හරි වෙන මොනම විදියකට හරි ඔබේ උදව් ඉල්ලනකොට ඔබ ඒක කරන්නෙ නෑ, හොඳ ලිපියක් ලිව්වම ඒකට ලයික් නෑ, හොඳ කොමෙන්ටුවක් දැම්මම ඔබ ඒක මඟහරිනවා, කොටින්ම ඔබ හිතන්නෙ මම මෙයාට (අහවල් වැඩකට නැති) හේතුව නිසා කැමති නෑ, ඉතින් මෙයාට සුළු හෝ ධෛර්‍යයක් දෙන්නෙ නෑ කියල. ඔබට අමතක වෙන වැදගත්ම දේ තමයි මේක ඒ මනුස්සය සහ ඔබ එකට එකතු වී පොදු සතුරාව පරද්දන්න ඕන අවස්ථාවක් බව. ඒ මනුස්සයගෙ පෞද්ගලික පෝස්ටු හෝ ඡායාරෑප වලට ලයික් කොමෙන්ට් ෂෙයාර් නොකරන එකයි පොදු සතුරාව පරද්දන්න ලයික් කොමෙන්ට් ෂෙයාර් නොකරන එකයි දෙකක්. සමහරවිට ඒ මනුස්සය ඉන්නේ පිටරටක සහ ඔබ ඉන්නේ ලන්කාවේ නම් පොදු සතුරා නිසා කෑම සහ බෙහෙත් නැතුව විඳවන්න නියමිත ඔබේ පවුලේ අයයි. ඒත් ඔබ තෝරගන්නේ බඩගින්නේ/බේත් නැතුව මැරෙනවට වඩා සුළු සුළු පරණ කෝන්තර පවත්වා ගැනීම නම් ඇත්තටම දෙපාරක් හිතන්න.

මේකටම සම්බන්ද නොව්නත් තව කෝන්තරයක් මතක් උනා, මම නමයෙ දහයෙ පන්තිවල වගේ එතකොට. මගෙ ටියුෂන් පන්තියක එක කොල්ලෙක් (නන්දෙ කියමු) මාත් එක්ක ඒකපාර්ශවිකව ලව් හේට් රිලේෂන්ශිප් එකක් ගෙනිච්චා. මේ කොල්ල තමයි ඔය ටියුෂන් පන්තියෙ මම එන්න පෙර පොර වෙලා හිටියෙ. මම ආවට පස්සෙ එයාගෙ රැස් අඩු උනා මොකද එයාට හොඳ තරඟයක් මගෙන් ලැබුණු නිසා. මට නම් ඒ ළමයව ඒතරම් ඇල්ලුවෙ නෑ, කොටින්ම අද දක්වා වචනයක්වත් කතා කරලත් නෑ. හිනාවෙලත් නෑ මගෙ හිතේ, ඒ ළමය රවලමයි බලන්නෙ, මට විතරක් නෙමේ පන්තියෙ ගෑණු ළමයි හැමෝටම. ඊට අමතරව මගේ දිහා ඔලොක්කුවට බල බල වෙන පිරිමි ළමයි එක්ක රහස් කතා කිරීම වැනි පහත් හැසිරීම් තිබුන. මම කලේ නිහඬව පැත්තකට වෙලා මගේ ඉගනීම කරගෙන යාම. මොකද කිව්වොත් මට ඒ ළමය ගැන කිසිම විශේෂයක් තිබුනෙ නෑ, අනිත් අතට මමත් ඒකපාර්ශවිකව ලයින් දාපු කොල්ලෙක් ඔය පන්තියෙ හිටිය. මම දැනන් හිටියෙ නෑ අර ළමයට අපේ ඉස්කෝලෙ අපේ අසල්වැසි පන්තියෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් (ඥානක්ක කියමු) ඉන්න බවවත්, මොකද ඒ කාලෙ ඔය වයසෙ ලව් හුටපට සෑහෙන හොර රහසේනෙ කලේ. මෙන්න බොලේ එක දවසක් ඥානක්කගෙයි මගෙයි මියුචුවල් යාළුවො සෙට් එක ගාල කඩාගෙන මාව හම්බ වෙන්න ආව, ක්‍රිෂා අපිට මේ දැන්මම කතා කරන්න ඕනය කියල මාව පැත්තකට අඬගහල කියනව නන්දෙ ඥානක්කට කියලලු මම නන්දෙගෙ පස්සෙන් එනවය හරිම කරදරේය අරක මේක. අර එළදෙනත් ළණු කැරැල්ලම ගිළල මාත් එක්ක කෙස්වලු පටලව ගන්න එන්න හදද්දි තමයි මියුචුවල් යාළුවො සෙට් එක මේකට මැදිහත් වෙන්න තීරණය කරල තියෙන්නෙ. ඉතින් කොහොමහරි මේ නඩුවෙන් මම නිදොස් කොට නිදහස් උනා. හැබැයි ඥානක්ක නෙමේ මගෙ මූණ බැලුවෙ ඊට පස්සෙ. ලස්සනම වැඩේ කියන්නෙ ඊට ගොඩ කාලෙකට පස්සෙ නන්දය උසස්පෙළ සමත් වෙලා වෛද්‍ය විද්‍යාලයට ගියා, ඥානක්ක උසස්පෙළ අසමත් වුනා. නන්දය වෛද්‍ය විද්‍යාලයේදී සෙට් කර ගත්තෙ ඥානක්කගෙ පන්තියෙන්ම වෛද්‍ය විද්‍යාලයට ගියපු, අපේ නඩුව අහපු මියුචුවල් යාළුවෙක්. සන්සාරේ. ෂොක් එකට ඥානක්කනම් තාම බැඳලත් නෑ, නන්දයට නම් ළමයි දෙන්නෙකුත් ඉන්නව. දැන් මේ කතාවෙ මේ ලිපියට තියන සම්බන්දය තමයි, ඥානක්ක තාමත් මාත් එක්ක බද්ධ වෛරයෙන් පසුවීම. හරිනම් ඥානක්ක එයාගෙ මිස් අන්ඩස්ටෑන්ඩින් එක නැති කරගෙන තරහ මරහ අකා මකා දාන්න ඕනනේ, එහෙම උනේ නෑ. සිද්ධිය වෙලා දශක කීපයකට පසුවත්  ඥානක්ක තවමත් එයාගෙයි මගෙයි පොදු සතුරා නන්දයා බව තේරැම් අරගෙන නෑ.

2. දේවත්වය හෝ පොරත්වය ආරෑඩ කර හැදෙන මිනිස්සු විනාස කිරීම -

යන්තම් අන්කුර නායකයෙක් හෝ දක්‍ෂයෙක් දැක්ක ගමන් සමහරක්ගෙ ජාන වලට කාවැදිච්ච වහල් මානසිකත්වය මතු වෙනව. අර අන්කුර දක්‍ෂයගෙ වහළෙක් ලෙසට තමාම රෙජිස්ටර් වෙනව. ඊට පස්සෙ ගිනිකන වැටිල වගේ අර මනුස්සයට වශී වෙලා ඉන්නෙ. කිසිම දවසක අන්කුර දක්‍ෂයගෙ වැරැද්දක් විවේචනය කරන්නෙ නෑ,  අන්කුර දක්‍ෂයගෙ තරඟකරැවන් එක්ක ගේම ඉල්ලගෙන පිස්සුත් කෙළිනව. මේ වැඩේ නිසා අර දක්‍ෂයව මාර විදියට මොට වෙනවා. ඇයි මේ පිරිවර වටේට ඉඳගෙන අර දක්‍ෂයව නළව නළව ඉන්නව මිසක කිසිම ඊට එහාට ගියපු සන්වාදයක් නෑ. ෆේස් බුක් එකේ ටොප් ෆෑන් බැජ් එක මට ආව මම දේශපාලනිකව ෆලෝ කරන සමහර අයට, ඒත් මම ඒක ඇක්සෙප්ට් කලේ නෑ, මොකද මම දේශපාලනිකව කිසිම කෙනෙකුගෙ රසිකයෙක් නෙමේ, නිරීක්‍ෂකයෙක්. හොඳක් කලොත් හොඳ කියනව වැරදිත් එහෙමයි. අනේ ප්ලීස්, මේ වහල් මානසිකත්වයෙන් මිදෙන්න. මේක දේශපාලනිකව පමණක් නෙමේ මම දැකල තියෙන්නෙ, කොටින්ම කුකින් චැනල්වල පවා වහල්ලු දැකල තියෙනව, අනෝමගෙ වහල්ලු අපේ අම්මට කැමති නෑ, අපේ අම්මගෙ වහල්ලු  අනෝමට කැමති නෑ, මම නම් නොදන්න කෑමක් හදද්දි සියළු චැනල් බලල මට හොඳ එක කරනවා, ඒක අපේ අම්මද  අනෝමද අරයද මෙයාද කතා නෑ. ඔය සෙට් එකම සබ්ස්ක්‍රයිබ් කරල තියෙන්නෙ මොකද හැමෝගෙන්ම මොනවහරි ඉගනගත්ත නිසා.

3. දූෂිත නාකින්ට මදි නොකියන්න චාන්ස් දිදී අවන්ක තරැණ තරැණියන්ට එකම චාන්් එකක්වත් දෙන්න අකමැති වීම -

ගාමිණී ලොකුගේ ගන්න, මිනිහ අවුරැදු කීයක් ඔබලා පාර්ලිමේන්තුවට යැව්වද? මුළින් එජාපෙ පස්සෙ පිළ මාරැ කලා, කවදාවත් ඔයාල ඒ මිනිහට චාන්සස් දීම නතර කලාද? ගාමිණී ලොකුගේගෙ ගෙදර ගිනි තියපු වෙලේ ගෑස් සිළින්ඩර සීයක්ද කොහෙද හන්ගපුව අහු උනානේ. ගාමිණී ලොකුගේ මේ අවුරැදු ගානටම රටට කරපු වැදගත් වැඩක් කියන්න. දැන් අරගලයේ තරැණ නායකයෙක් ගන්න. චමල් පොල්වත්තගේ, පැතම්කර්නර්, පනබ, Don Spuz මේ ඕන කෙනෙක් ගනිමු,  ඔයා හදවතින් අවන්කව අහන්න එයාල අතින් මානුශීය වරදක් උනොත් ඔයාල හැසිරෙන්නෙ මොන තරම් රෞද්‍ර ලෙසද කියල. වැරදි සිදුවීම මනුශ්‍ය ස්වභාවය, තරැණයන් අතින් වෙන වැරදි වෙන්නෙ අත්දැකීම් මද කම සහ mentors නැති කම වගේ ජෙනුවින් හේතු වලට ගොඩක් වෙලාවට. අපි ඒ අයව කොන්ස්ට්‍රක්ිව් විවේචනය සහ උදව් කිරීම මගින් හරි ට්‍රැක් එකට ගන්නවා මිසක අපේ සපත්තුවට පාගල විනාශ කරන්න එපා. ඔවුන්ටත් ගාමිණී ලොකුගේට, රණතුන්ගට, රාජපක්‍ෂට දුන්න චාන්සස් වලින් දශමයක් දෙන්න. පොඩි උදාහරණයක් කිව්වොත් ගෝල්ෆේස් කීපදෙනෙක් දෙරණේ චතුර අල්විස්ගෙ වැඩසටහනකට ගියපු එකට සේපාල් අමරසින්හට අප්සෙට් වෙලා කියනවා එයා ගෝල්ෆේස් අරගලය වාර්තා කිරීමෙන් අයින් වන බව. https://www.youtube.com/watch?v=7xbWAO-SsVk&t=935s 

මේක හරිද? මම කියන්නෙ සේපාල්ගෙ තර්කය නොවේ. අපි කියමු සේපාල් හරි කියල.ඒත් මේ කොල්ලො කෙල්ලො අතින් වරදක් වෙච්ච ගමන්ම ඉහළම දඩුවමක් දීම සහ අතහැර දැමීමද සමාජයේ වැඩිහිටියො කරන්නට ඕන? නායකයො බිහි වෙන්නෙ genuine වැරදි කර කර ඒව හදා ගනිමින් මිසක වැරදි නැති නායකයො නෑ. හැබැයි අර දෙවන කාරණයෙ කියපු පරිදි  මේ කොල්ලො කෙල්ලො පොරවල් කරන්න එපා. සමහර වෙලාවට අපේ සාධාරණ විවේචන වලට පවා තරැණ නායකය පැත්තක ඉඳිද්දි මේ කියන වහල්ලු හැමිෙන්න එනවා, එතකොටනම් මේ තරැණ නායකයො විනාස වෙනව හොඳේ. 

No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...