Friday, April 15, 2022

ජෙප්පනි, මිනිසුන්ගේ පල්ස් එක හඳුනා ගන්න

 


ඉහත පෙන්වා ඇති පෝස්ටුව සමාජ මාධ්‍යයක පල කර තිබියදී මගේ ඇස ගැටුනි. එය පල කර තිබුනේ දන්න කාලයේ සිටම ජෙප්පෙකු වන පී එච් ඩී එකක් ඇතැයි කියන එක්තරා විශ්ව විද්‍යාල කථිකාචාර්‍ය වරයෙකි. මේ පෝස්ට් එක ජෙප්පන්ගේ මානසිකත්වය විදහා දක්වන කැඩපතක් නිසාත් ජේවීපී එකේ "අවුළ" ගැන හොඳ ප්‍රවේශයක් නිසාත් මම මෙතැන පළ කලේ. සාමාන්‍යයෙන් ඕනෑම පරිණත දේශපාලන පක්‍ෂයක් හෝ දේශපාලකයෙක් "තමන් උගුරේ ලේ රහ වන තුරැ කියපු දෙයක්" නොඅසා මිනිස්සු ඇනොනිමස්ල ලඟට යෑම දකින්නේ අපට වැරදුනේ කොතැනකද අපි ඒක හරිගස්සගන්නේ කොහොමද යන කෝණයෙන්. ඒත්  ජේවීපී එකේ අනුගාමිකයන් ඒක දකින්නෙ අවඥ්ඥාව, ඉරිසියාව, වෛරය සහිත තැනක ඉඳන් මිනිස්සුන්ට ඒකට මඩ ගැසිය යුතුය (තාම බලය තියෙන්නෙ ඒකට පමණක් නිසා) යන කෝණයෙන්. මිනිස්සු ඇනෝනිමස්ලගෙ දකින ක්‍රෙඩිබිලිටි එක අනුර කුමාරලගෙ දකින්නෙ නෑ, ඇත්ත කතාව ඒකයි. එහෙනම් කොහොමද තමන්ගෙ ක්‍රෙඩිබිලිටි එක වැඩි කර ගන්නෙ කියන එකයි ජේවීපී එක සිතා බැලිය යුත්තේ. මේ දවස් වල ජෙප්පො පිස්සු බල්ලො වගේ ජනතා අරගලය හයිජැක් කරල ඒකට උප්පැන්නෙ දෙන්න හදනව. මුලින්ම තුන් වෙනිද උද්ගෝෂණයට යන්න එපා කියල දේශපාලනිකව ඉතාම කුහක කතාවක් කලා. මොකද ජෙප්පො හිතුවෙ ප්‍රධාන පක්‍ෂ දෙක එපා වෙච්ච මිනිස්සුන්ව නිකම්ම ඉඳල (කතාවක් දෙකක් කරල) ලේසියෙන්ම බිලී බා ගත හැකි වේවි කියල. මිනිස්සු බලාපොරොත්තු උනා ජේවීපී එක තමන්ට නායකත්වය දෙයි කියල, නමුත් ජේවීපී එක ඒක කලේ නැහැ. ඉතින් මිනිස්සුම පාරට බැස්ස. ජේවීපී එක අඬපාලි කියනව, බිල්ලො පෙන්නනව, තග දානව වැඩ කෝටියයි ජේවීපී එක දැන්වත් තමන්ගෙ කුහක, වෛරී, ඊර්ශ්‍යා පරවශ සහ කල්ලි වාදී දේශපාලනය අතහැරිය යුතුයි. 

2 comments:

  1. අපේ වාමාංශික පක්ෂ ඉන්නේ ධනපති පක්ෂ වලට වඩා සංස්කෘතික වශයෙන් දුප්පත් තැනක.ජනතාව, විශේෂයෙන් තරුණ කොටස් ඉන්නේ මේ සියල්ලන්ටම වඩා ඉස්සරහින්.ඒ නිසයි මේ තරුණ පිරිසට නායකත්වය දෙන්න කිසිවෙකුටත් නොහැකි වෙන්නේ.සියළුම දේශපාලන පක්ෂ වලට වඩා ඔවුන් නූතනත්වය වැලඳගෙන ඉවරයි.

    ReplyDelete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...