Saturday, April 2, 2022

රටේ නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යය අවසානයි, ඉතිරියවත් රැකගමු

 



ඔබට මේ වන විට පෙනෙන්නට ඕනෙ, රටේ නිදහස් අධ්යාපනය සහ සෞඛ්යය බිඳ වැටිල කියල. දරැවන්ට යන්න යළට මහට ඉස්කෝලෙ ඇරියට ප්රවාහනය අවුල්, කඩදාසි නෑ, කන්න නෑ, ඉතින් එහෙම ඉගන ගන්න බැරි බව ඔබට තේරෙන්න ඕනෙ.

ඒ වගේමයි රෝහල් වල බේත් නෑ, රෝහල් කැන්ටින් වැහෙනවා, විදුළිය නැතිව පහන් එළියෙ සැත්කම් කරනවා. ඉතින් එහෙම රෝහල් පවත්වාගෙන යන්න බැරි බවත් ඔබට තේරෙන්න ඕනෙ.

වෙනත් වචන වලින් කිව්වොත් අපට නිදහස් අධ්යාපනය සහ සෞඛ්යය නිළ නොවන ලෙස නැති වෙලා ඉවරයි මේ වෙන කොට. ඒක තමයි අපේ ආගම් වාදයට, ජාති වාදයට, පන්ති භේදයට, කල්ලි වාදයට, සහ මෝඩකමට අප ගෙවූ මිළ. මොන රජයක් ආවත් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යන්න අයි එම් එෆ් එකට යන්නම වෙනවා, එතැනදී එයාල අනිවාර්යයෙන්ම මේව මුදල් ගෙවා ලබා ගන්නා සේවා බවට පත් කරවනව. ඒක කරන්නෙ උපක්රමශීලීව. අපි සරළම උදාහරණයක් ගමු. රජයේ කැන්ටිමක් කෑම නොමිළේ දෙනවා. ඒක තවදුරටත් කරගන්න බැරි උනාම මුදල් අය කරන පුද්ගලික අන්ශයට විකුණන්න ඕන, නමුත් ජනතා විරෝධයක් නැතිව. ඉතින් මෙයාල බල්ලෙක්ටවත් කන්න බැරි විදියට කෑම හදන්න ගන්නව. ටික දවසක් යද්දි මේ කෑම කන්න බැරි මිනිස්සුම කියනව මුදල් අය කරල හරි හොඳ කෑම අපට දීපල්ල කියල. ඉතින් ඒ ආකාරයට මිනිස්සුන්ගෙ විරෝධයක් නැතුවම පෞද්කලීකරණය වෙනව. අනිත් අතට කන්න බොන්නවත් නැති කරාට පස්සෙ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය ගැන නෙමේ මිනිස්සු සටන් වදින්නෙ, නොමැරී ජීවත් වෙන්න.

තව එකක්, මෙතනදි අයි එම් එෆ් එකට බනින්න එපා, මොකද මේ මට්ටමට ඔඩු දිවූ ආර්ථික අර්බුදයක් ගොඩ ගන්න වෙන විකල්පයක් නෑ. අනික රට මෙතනට වැට්ටුවෙ අපි මිසක අයි එම් එෆ් එක නොවේ. ඒකයි මේ ගැටළුවේ ටයිම් සෙන්සිටිව් බවක්, නැතිනම් කාළය ගත වෙන්න වෙන්න ගැටළුවේ ඔඩු දිවීමක් තියෙනව කියන්නෙ. ආර්ථික අර්බුදයට විසඳුමක් නැතිව ගතවන හැම දවසෙම රට මාස ගණනක් ආපස්සට යනව. පොඩි උදාහරණයක් කිව්වොත්, අපට නොමැරී ඉන්න හුස්ම ඕන වගේ රටකට විදුලිය ඕනෙ. විදුලිය කපන හැම පැයකම රටට ඩොලර් ගේන කර්මාන්ත (IT, garments, other exports such as tea, sea food) ටික ටික වැටෙනව. අන්තිමට මුළුමනින්ම වැටෙනව. මුළුමනින්ම වැටුනොත් ගොඩ එන්න අන්තිම අමාරැයි. ඒ නිසා ගිනි ගන්නා ගෙදරකින් පුළුවන් ඉක්මනින් එළියට යනව වගේ ආර්ථික අර්බුදයෙන් පුළුවන් ඉක්මනින් එළියට යා යුතුයි, එහෙම නැතුව දැන් අමාරැවෙන් හරි රටට ඩොලර් ගේන කර්මාන්ත ටික විනාස උනොත් රට නැවත ලේසියකට ගොඩ ගන්න බෑ, වෙනසියුලාවෙ ආර්ථික අර්බුදය පටන් ගත්තෙ 2010දි විතර, තාම ගොඩ එන පාටක් නෑ. ඔයාල කැමතිද අවුරැදු 10-15 මේ විදියට හරි, මීටත් අන්ත විදියට හරි ඉන්න? තීරණය ඔබේ අතේ.


03 වෙනිදට මේ ටික වැදගත් වෙයි.
01. හොදට මතක තියාගන්න අපිට සාක්ශි තමයි වැදගත්. හැමවෙලෙම හැම අස්සක් මුල්ලක්ම අහු වෙන විදිහට facebook live යන්න. අපි හිතන්නෙවත් නැති තැන් / හිතන්නෙවත් නැති දර්ශන අපිට උදව් වෙන්න පුලුවන්.
02. ඔයාලගෙ සෙට් එක එක උද්ඝෝෂණයේ එක තැනකින් තියා ගන්න. එතකොට ඔයාලා දන්නවා එතන ඔයාලගේ නොවන අය කව්ද ඉන්නේ කියලා.
03. හැම වෙලේම සෝදිසියෙන් ඉන්න. නන්නාදුනන කෙනෙක් කලබලයක් ඇති කරන්න හදනවා නම් අනිවාරෙන්ම එයාගෙ 4to එකක් අරන් තියාගන්න. නැත්තන් එයා කරන දේ විඩියෝ කරගන්න. එයාව නවත්වන්න උපරිම සාමකාමී පියවරක් අරගන්න.
04. කදුලු ගෑස් ප්රහාර එල්ල උනොත් ඒකේ බලපෑම අඩු කරගන්න swimming goggles වගේ දේවල් use කරන්න පුලුවන්. ඒත් ඒවා පාවිච්චි කරන්න වෙන තැනට මේ වැඩේ දාගන්න එපා.
05. කොයි මොහොතකවත් තනි වෙන්න එපා. හදිසි ප්රහාරයක් එල්ල උනත් ඔයාලා තනි තනිව මාර්ගයේ ගමන් කරන්න එපා. හැම වෙලේම රොක් වෙලා ඉන්න.
06. කණ්ඩායම් ඇතුලේ අනිවාරෙන්ම ගිනි නිවන ද්රව්ය තියාගන්න. Specially dry powder තියාගන්න.
04. Water stock තියාගන්න.
05. තවමත් covid - 19 තුරන් වෙලා නෑ. ඒ නිසා සැමවිටම mask එකක් පලදින්න.
06. කොච්චර රට හදන්න ආවත් සමහරුන්ගෙ ආකල්ප හදන්න බැහැ. ඒ නිසා තම තමන්ගේ phone, purse, jewelry පරිස්සම් කරගන්න. මේක උද්ඝෝෂණයක් මිසක් රත්තරං බඩු වෙන්දේසියක් නෙවෙයි. ඒ නිසා අවශ්ය ඒවා හැර අන් රං ආභරණ ගෙදර තියලා එන්න.
07. මේක පුලුවන් තරම් සාමකාමී අරගලයක් කියලා කියන්න පුලුවන් තැනට වැඩ හදාගන්න. මතක තියාගන්න සාක්ශි තමයි ප්රබල.
08. පොදු දේපලට හානි කිරීම ඔබලාට සපුරා තහනම්. ඕවා කැඩුනොත් ඒවා හදන්න යන්නෙත් අපේම සල්ලි කියන එකත් මතක තියාගන්න.
09. කිසිම මොහොතක ආරක්ශක අංශ වලට පහර දෙන්න යන්න එපා. රැලියෙ කවුරු හරි එහෙම කරනවා නම් ඔහුව නවත්තන්න.
10.ජීවිත වලින් වන්දි ගෙවන්න අපිට බෑ. අම්මලා තාත්තලව, ලමයින්ව බලා ගන්න අපි ඕනෙ. ඔබ ඔබේ සීමාව අමතක කරන්න එපා. අපිව වටින මිනිස්සු අපි එනකන් ගෙදර බලන් ඉන්නවා කියන එක සිහියේ තබාගන්න.
එහෙනම්, අරගලයට ජය !


Like
Comment
Share

No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...