Saturday, November 9, 2019

විවාහාපේක්ශකයන්ට උපදේශනය (Pre-Marital Counselling) සහ තවත් කතා


https://api.venuelust.com/images/2012/05/mark-zuckerberg-chan-wedding.jpg/thumbnail/post-image-large/ (9.21.2019)

අපේ ලoකවේ  විවාහාපේක්ශක තරැණ තරැණියන් විසින් විවාහයට පෙර කරන සුවහසක් වැඩ රාජකාරි වලින් සමහරක් මෙන්න මේවායි, කාන්තාව මුහුණ අතපය සුදු කරගැනීමට රෑපලාවන්‍ය  ආයතනයකට ක්‍රමානුකූලව යාම, විවාහ දිනය සැළසුම් කිරීම (වඩාත් කාලය, මුදල් සහ ශ්‍රමය කැප වෙන්නේ මෙයටයි, ඇඳුම් පැළඳුම් ලෑස්ති කර ගැනීම, පෝරැව සෑදීම, අශ්ඨක, කේක්, හෝටල් ශාලාව, මෙනු එක, සoගීතය, මල්, ඡායාරෑප ගැනීම සහ එදින ඇඳුම් අන්දවා ගැනීම ආදිය සoවිධානය කර ගැනීම මීට අයත්), මල් කුමර කුමරියන් සහ දෙවැනි මනමාල මනමාලියන් ලෑස්ති කර ගැනීම, නෑදෑයන්ට මඟුල් කීම, මේ සියල්ලටම මුදල් සොයාගැනීම ආදී දහසකුත් වැඩ. මේ සියළු වැඩ සමග ඉතාම අවිවේකී වන ඔබට විවාහය සාර්ථකව ගත කිරීම සඳහා විවාහාපේක්ශකයන්ට ලබා දෙන උපදේශන සේවා (Pre-Marital Counselling) ගැන සිතීමටවත් කාලයක් නැතුව ඇති, ඇතැම්විට ඔබ ඒ ගැන නොදන්නවා විය හැකියි. ඔබ ඉතා මහන්සි වී සිදුකල ඉහත සඳහන් කල සියළුම වැඩ රාජකාරි පාහේ විවාහ උත්සවයෙන් පසුදාම අවලoගු වේ, නමුත් ඉදිරි ජීවිත කාලයටම බලපාන Pre-Marital Counselling යනු ඔබට ඉතා ප්‍රයෝජනවත් අධ්‍යාපනයකි. 

දැන් උපාධිධාරී හෝ පශ්චාත් උපාධිධාරී උගත් ඔබට හිතෙන්නට පුළුවන් මට තනිවම විවාහයේ පැන නගින ගැටළු ආදිය විසඳාගැනීමට උගත් කමක් තිබෙන නිසා මෙවැනි අධ්‍යාපනයක් අවශ්‍ය නැතැයි කියලා. නැතිනම් හිතෙන්නට පුළුවන් මට උපදෙස් දීමට නෑදෑ හිතමිතුරන් සිටින නිසා මෙවැනි අධ්‍යාපනයක් අවශ්‍ය නැතැයි කියලා. එය වැරදි අදහසක් බවයි මගේ අත්දැකීම. මොන තරම් උගතෙකු වුවත් නෑදෑ හිතමිතුරන් සිටියත් ඔබට විවාහ ජීවිතයේ අභියෝග ජයගැනීමට නම් කිසියම් මානසික පුහුණුවක් අවශ්‍ය වන අතර එහි කොටසක් ලෙස ඔබේ දුර්වලතා හඳුනාගෙන ඒවා මඟහරවා ගැනීම අත්‍යාවශ්‍ය වේ. එහිදී ඔබේ දුර්වලතා බොහෝ විට ඔබට නොපෙනෙන සහ ඒවා පෙන්වා දීමට නෑදෑ හිතමිතුරන් අපොහොසත් වන (ඔබව අසතුටු කිරීමට ඇති බියට හෝ ඔබට ඇති ආදරය නිසා ඔබේ අඩුපාඩු නොපෙනෙන) තත්වයක් තුල Pre-Marital Counselling  උපදේශකයා තුන්වන පාර්ශවය ලෙස ලබා දෙන උපදෙස් ඉතා වැදගත් වේ. මින් අදහස් වන්නේ නෑ Pre-Marital Counselling කියන්නේ ඔබේ වැරදි ලිස්ට් එකක් ඔබට පෙන්වා දීම කියලා. එය ඊට වඩා ඉතාම ධනාත්මකයි සහ ගැඹුරැයි. ඔබට ඔබේ සහකරැ/සහකාරිය සමග සහයෝගයෙන් කටයුතු කරමින් නිවැරදි තීරණ ගැනීම මගින් පවුලේ සුභසිද්ධිය සළසාගන්නේ කොහොමද යන්න කියාදීමයි Pre-Marital Counselling වල අරමුණ. Pre-Marital Counselling වීඩියෝ ගණනාවක් YouTube නාලිකාවේ තිබෙනවා. එම නිසා ඔබට Pre-Marital Counselling  සඳහා යන වියදම හරිම අඩුයි. ඉන් ඔබට සුදුසුයැයි හැඟෙන Pre-Marital Counselling පාඨමාලාවක් විවාහයට වසරකටවත් කලින් තෝරාගෙන සතියකට වරක් එක කොටස බැගින් එකම වේලාවක දෙදෙනාම අනිත් සියළුම වැඩ නවත්වා ඉතා ඕනෑකමින් නරඹන්න. වැදගත් කරැණු පොතක සටහන් කරගන්න. වීඩියෝවෙන් පසු එය ගැන ඔබේ අනාගත සහකරැ/සහකාරිය සමග කතාබහ කරන්න. ඔබේ ගතිගුණ ධනාත්මකව හැඩගස්වා ගැනීමට උත්සාහ කරන්න. මම ඔබට නිර්දේශ කරනවා Buddy Mendezගේ පාඨමාලාව (https://www.youtube.com/watch?v=9qmPXtb49RA&list=PLGfxhcbo8hq3DUJnh
_6eYK1a6gpgAryre&index=5), මොකද එය ක්‍රිස්තියානි පාඨමාලාවක් වුවත් සියළු ආගමිකයන්ට හෝ නිරාගමිකයන්ට  ඉතා ප්‍රයෝජනවත්  අදහස් තිබෙන නිසා. ඔබ ක්‍රිස්තියානි  ආගමිකයෙක් නොවේ නම් එහි ක්‍රිස්තියානි  ආගමට අයත් කොටස් වලට අවධානය යොමු කරන්න එපා.

ඉතාම උත්කර්‍ෂවත් ලෙස විවාහ උත්සව සoවිධානය කරන ලoකාවේ මෙතරම් වැදගත් Pre-Marital Counselling අoගයක් ලෙස එකතු නොවීම පුදුම සහගතයි. ලoකාවේ උත්කර්‍ෂවත් විවාහ උත්සව ගැන කියද්දී මතක්වුනේ ඇමරිකාවේ නම් විවාහ උත්සව ඉතාම චාම්. උදාහරණයක් ලෙස ඉහත ඡායාරෑපය ලෝකයේම ඉහලම ධනවතෙකු වන ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සුකර්බර්ග් තම පෙම්වතිය වූ වෛද්‍ය  ප්‍රිසිලා චෑන් සමග 2012දී විවාහ වූ අවස්ථාවේ ඡායාරෑපයක්. විවාහය පැවැත්වුනේ ඔවුන්ගේ ගේ පසුපස මිදුලේ. ඉතා සීමිත ආරාධිතයන් පිරිසක් සමඟ පැවැත්වූ බව කියන එම විවාහ උත්සවයේ විශාල මල්, සැරසිලි, ආභරණ, පෝරැ, කේක්, දෙවැනි මනමාල මනමාලියන්, නැටුම් සහ සoගීත කණ්ඩායම් ආදී කිසිවක් තිබූ බවක් නොපෙනේ. පහත චායාරෑපත් බලන්න ඔබට පෙනේවි එය ඉතා සරල උත්සවයක් බව.

  https://www.bing.com/th?id=OIP.QvJIHlZkzKZoHk3izhOMFwHaD4&pid=Api&rs=1

 http://img2-1.timeinc.net/people/i/2012/pets/news/120604/zuckerberg-wedding-300.jpg

https://static01.nyt.com/images/2012/05/27/fashion/27PRICILLA_SPAN/27PRICILLA-jumbo.jpg   

අනිත් කාරණය තමයි ඇමරිකානු විවාහ උත්සව වල දෙවැනි මනමාල මනමාලියන් තම තමන්ගේ ඇඳුම් පැළඳුම්වල වියදම් දරා ගත යුතුයි. හිතන්න මගේ යාලුවෙක් මට ආරාධනා කලොත් ඇයගේ දෙවැනි මනමාලිය වීමට සහ මම එය පිළිගත්තොත් මගේ ඇඳුම් පැළඳුම්වල වියදම් දරන්නේ මම. ඇමරිකාවේ විවාහ වලදී මoගල තෑගි දීමත් සිදුවන්නේ හරි අපූරැ ක්‍රමයකට. ලoකාවේ මoගල තෑගි තෝරා ගන්නේ ගොඩක් වෙලාවට අහඹු ලෙසයි. උදාහරණයකට ඔබ හිතනවා මනාළ යුවලකට ප්‍රයෝජනවත් තෑග්ගක්, අපි හිතමු එය රයිස් කුකරයක් කියා. එහි ධාරිතාව, නිශ්පාදකයා, පාට ආදී සියල්ලත් ඔබම තීරණය කරනවා. අන්තිමට මනාළ යුවලට මoගල තෑගි ලෙස රයිස් කුකර් පහක් ලැබිලා. නමුත් ඒ එකකවත් ඔවුන්ට උවමනා ධාරිතාව, නිශ්පාදකයා හෝ  පාට නැහැ. මෙවැනි තත්වයක් ඇතිවීම වළක්වාගන්න ඇමරිකාවේ විවාහ වලදී මoගල තෑගි රෙජිස්ටරයක් නිර්මාණය කරනවා. එහි ඔවුන් තෑගි ලෙස ලබා ගැනීමට කැමති දේවල් ලයිස්තුවක් ඉදිරිපත් කරනවා. ආරාධිතයන්ට තමන් කැමති තෑගි එම ලයිස්තුවෙන් තෝරාගෙන අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කල හැකියි. විවාහ උත්සවයෙන් පසු අදාල රෙජිස්ටරය ඇති ආයතනය සියළුම තෑගි නව යුවළට ගෙදරටම ගෙනත් බාර දෙනවා අදාල තෑගි ඇනවුම් කල ආරාධිතයන්ගේ නම් සමඟ. ආරාධිතයන් දෙදෙනෙකුට එක තෑග්ගක් ඇනවම් කළ නොහැකියි. මේ ක්‍රමය නිසා ආරාධිතයන්ට තෑගි උස්සගෙන විවාහ උත්සවයට යා යුතු නෑ සහ තෑගි අස්ථානගත නොවේ. ඒවගේම එකම තෑග්ග මනාළ යුවලට කිහිපවරක් ලැබීම වළකිනවා. ඒ විතරක් නෙමේ මoගල තෑගි මනාල යුවළ කැමති මොඩලය, ධාරිතාව, නිශ්පාදකයා ආදී දේ අනුව ඒ විදියටම ලැබෙනවා.

ඉතින් ඔබට වෙනසකට මම මෙන්න මේ දේවල් යෝජනා කරනවා. තමුන්ට දරාගත හැකි මට්ටමේ විවාහ උත්සවයක් සැළසුම් කරන්න. උදාහරණයකට ඔබේ මේකප් දාගැනීම සහ ඇඳුම් ඇඳීම ඔබටම මිතුරියන්ගේ උදව් ඇතුව කර ගැනීම වඩාත් හදවතට දැනෙන සහ විනෝදජනකයි. නිවසේ උත්සවය පවත්වන්න. හෝටලයක විවාහ උත්සවය පවත්වනවිට සිරියාවක් නෑ, ගෙදර ඉන්න ඔබේ සුරතල් බල්ලා/බළලා පවා එදාට පාළුවෙන් කුසගින්නේ නේද? ඡායාරෑප ගැනීම මිතුරන්ට බාර දෙන්න. මෙසේ විවාහය සැබෑ පවුලේ සහභාගීත්වයක් තිබෙන, බැඳීම් වැඩි කරන, විනෝද ජනක සහ දරා ගත හැකි (Sustainable) උත්සවයක් කර ගන්න. එහෙම නැතුව එදින සියළුම වැඩ ගිනිකන,  ඔබ ගැන කිසිම සැබෑ හැඟීමක් නැති ආගන්තුකයන්ට බාරදී විශාල පීඩනයකින් ගෙවා දමන්නට එපා. ඉතිරි කරගන්නා මුදල් ඔබේ අනාගතයට ආයෝජනය කරන්න. බුද්ධිමත් තරැණ පරම්පරාවක් ලෙස ඔබ ලoකාවේ සැබෑ ධනාත්මක වෙනසක් කිරීමට පෙරමුණ ගන්න.

2 comments:

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...