පහත සඳහන් ඡායාරෑප ලබාගත්තේ 2018/2019 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විශ්ව විද්‍යාල ප්‍රවේශ අත්පොතින්.
සරලව කිව්වොත් උපාධි පාඨමාලාවක පුරප්පාඩු වලින් 40%ක් අපේක්ශකයන් ලකුණු ලැබූ අනුපිළිවෙලටත් 55%ක් දිස්ත්‍රික්ක වල ජන අනුපාතය අනුව බෙදී යන පරිදිත් තව 5%ක් අතිදුෂ්කරයැයි සැලකෙන දිස්ත්‍රික්ක කීපයකටත් හිමිවේ.
පහත දැක්වෙන්නේ ලoකාවේ මෑතකාලීනව කරනලද ජන සoගනන වල දත්ත වේ. (මූලාශ්‍ර -https://www.citypopulation.de/php/srilanka-prov-admin.php)
ඔබට පෙනෙනවා ඇති යුද්ධය පැවති කාලයේ 1981 සිට 2001 දක්වා වසර 20ක් තුල දෙමළ ජනතාව විශාල ලෙස උතුරින් පැමිණීම ඇතුළු තව බොහෝ හේතු නිසා බස්නාහිර ජනගහනය දළ වශයෙන් ලක්‍ෂ 39 සිට ලක්‍ෂ 54 දක්වා (40%) වැඩි වුවත් ඒ අවුරැදු 20ටම ජන සoගනනයක් නොවීම නිසා බස්නාහිර පලාතේ කෝටාව වැඩි නොවුනු බව. මේ අනුව බස්නාහිර පලාතේ දරැවන්ට (දැන් වැඩිහිටියන් බවට පත් වී සිටින) විශාල අසාධාරණයක් ඒ යුගයේ සිදුවී ඇති බව පෙනේ. අනිත් අතට උතුරැ පලාතේ ජනගහනය දළ වශයෙන් ලක්‍ෂ 11 සිට ලක්‍ෂ 10 දක්වා (10%) අඩු වුවත් ජන සoගනනයක් නොවීම නිසා උතුරැ පලාතේ කෝටාව අඩු නොවුනු බව. එතරම්ම නොවුනත් අනිත් පලාත් වලත් කලින් කලට සැලකියයුතු ජනගහනය අඩුවැඩි වීම් සිදුවී තිබේ.
ජනගහණය නොව උසස්පෙළ අපේක්‍ෂකයන්ගේ අනුපාතය වඩා නිවැරදි නිර්ණායකය නොවේද? උදාහරණයකට එක පලාතක අපේක්‍ෂකයන් 100 ඇති අතර ජනගහණය 1000 සහ තව පලාතක අපේක්‍ෂකයන් 100 ඇති අතර ජනගහණය 2000 ඇති විට පලාත් දෙකේ කෝටා සම වියයුතු නොවේද? උසස්පෙළ අපේක්‍ෂකයන්ගේ අනුපාතය නිර්ණය කිරීම ජන සoගනනයක් කිරීමට වඩා ඉතාම පහසු සහ සෑම වසරකම යාවත්කාළීන කල හැකි ක්‍රමවේදයකි.
දුෂ්කර නොවන යැයි සැළකෙන පලාත් වල දුෂ්කර පාසැල් කොතෙකුත් ඇති අතර එම දරැවන්ට බලවත් අසාධාරණයක් සිදුවේ. අනිත් අතට දුෂ්කර යැයි සැළකෙන පලාත් වල දුෂ්කර නොවන පාසැල්ද ඇත. ඒ අනුව පලාත කුමක් වුවත් පාසැල් පහසුකම් අනුව වර්ග කර කෝටා දීම වඩා නිවැරදි නිර්ණායකය නොවේද?
තරඟ විභාග අරභයා කෝටා දීම සාධාරණ නම් ශිෂ්‍යත්වය, පරිපාලන විභාග ආදියටත් කෝටා දියයුතුය. උසස්පළට පමණක් ඇති විශේෂත්වය කුමක්ද?
උසස්පළ අද පාසැලින් පරිබාහිර විභාගයක් බවට පත්වී ඇත. පාසල සුපිරි උනත් නැතත් ශිෂ්‍යයා ටියුෂන්, අන්තර්ජාලය සහ නිර්දේශිත පොතපත මත තනිකරම යැපෙන උසස්පෙළ විභාගයේදී ශිෂ්‍යයාගේ සාර්ථකභාවය සඳහා ඔහු/ඇයගේ ආර්ථික මට්ටම වඩාත්ම තීරණාත්මක සාධකය වේ. නමුත් වාසය කරන දිස්ත්‍රික්කයම එකම නිර්ණායකය කිරීමේ තේරැම කුමක්ද?
වාසය කරන දිස්ත්‍රික්කය තීරණය කරන්නේ උසස්පෙළට වහාම පෙර අවුරැදු තුනෙන් වැඩි කාලයක් පාසල් ගිය දිස්ත්‍රික්කයෙන් වීමද ගැටළු සහගතයි. වoචනිකයන්ට හොඳ අවස්ථාවක් සලසා දීමකි. දුෂ්කර නොවන දිස්ත්‍රික්කයක ගෙයක පොහොසත් ලමයෙකු උසස්පෙලට අතිදුෂ්කර දිස්ත්‍රික්කයක පාසලකට නාමිකව ඇතුළුකර හැකිය.
වෙනත් රටවල්වල මෙවැනි කෝටා දීමක් සිදු වෙනවාද? මම දන්නා පරිදි ලoකාවට ඉතාම සමාන බ්‍රිතාන්‍ය යටත්විජිත අධ්‍යාපන ක්‍රමයක් ඇති ඝානාවේද සම්පත් විෂමතා තිබුනත් උසස්පෙළට කෝටා දීමක් සිදුනොවේ. ඉන්දියාවේ කෝටා දෙන්නේ කුළහීනයන් වැනි සමාජ අසාධාරණයට ලක්වූවන්ටයි. ඔබත් ලාoකික ඩයස්පෝරාවට අයත්නම්, විශේෂයෙන් දියුණුවෙමින් පවතින රටක, ඔබ ඉන්න රටේ මේ ප්‍රශ්නයට දී ඇති විසඳුම අපට කියන්න.
හොද කියවීමක්. නමුත් කෝටා ක්‍රමය නොමැති වූවා නම් විශ්ව විද්‍යාල තුල ප්‍රාදේශීය වවිධත්වය අවම වනු ඇති. ජන අනුපාතයට වඩා අයදුම්කරුවන්ගේ අනුපාතය සාධාරණ යැයි මටද හැගේ
ReplyDeleteස්තූතියි ඔබේ අදහසට
Deleteඔව්, දැන් යන පිළිවෙළට නම් කෝටා ක්‍රමය වංචාවන්ට බොහෝ ඉඩ සලසයි. පාසල් පදනම් කිරීමෙන් ද මේ දෙයම සිදු වේවි. එකම විසඳුම සම අධ්‍යාපන අවස්ථා සඳහා පහසුකම් සපයා දීමයි. අඩු තරමින් කලාපයකට සියලු පහසුකම් සහිත පාසල් දෙකක්වත්.... 'නැත්තන් සඳහා දෙන පහසුකමින් මෙතෙක් බොහෝ දුරට වාසි ලැබුවෝ ඇත්තෝමය'.
ReplyDeleteස්තූතියි ඔබේ අදහසට, කළාපයකට පාසල් දෙකක් දුන්නත් ඒවට යන්න බැරි දරැවන්ට අසාධාරණයක් වෙනවා නේද? ඔබ කිව්ව වගේ එකම ස්ථිර විසඳුම රටේ අධ්‍යාපන විෂමතා නැති කිරීම පමණයි.
Delete