විශිෂ්ට ලෙස දක්‍ෂතා පෙන්වූ මුස්ලිම් ක්‍රීඩිකාවක් ඇයගේ ක්‍රීඩා කරන ඇඳුම පිළිබඳව පල්ලියෙන් විරෝධතාවක් ආ බව පැවසීමත්, හෙදියන්ගේ නිළ ඇඳුමට අමතර කෑළි එකතුකර එය මුස්ළිම් කාන්තාවන්ට වඩාත් ඇඟ වැහෙන ඇඳුමක් ලෙස ඇඳීමට යෝජනාවක් පැමිණීමත් සමඟම දකුණු ආසියාතික සම්භවයක් සහිත පුරුෂාධිපත්‍යය සහ මැදපෙරදිග සම්භවයක් සහිත පුරුෂාධිපත්‍යය අතර ඝට්ටනයක් ඇති උනා.
කාන්තාවක් ලෙස ඔය පුරුෂාධිපත්‍යයන් දෙක හරියට වස බඳුන් දෙකක් වගේ. දෙකම ටොක්සික්. වඩා විෂ ගතිය අඩු මොකේද කියල බලල එකක් තෝරන් බොන්න වෙලා.කෙටියෙන්ම කියන්න තියෙන්නෙ, ඔය කළාප දෙකේ කාන්තාවක් ලෙස ඉපදීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කරුමයක්. කරුමෙට ඔය කළාප දෙකේ කාන්තාවක් ලෙස ඉපදුනානම් පුළුවන්තරම් උත්සහ කරල වෙන කලාපයකට යන්න, ඒ බැරිනම් හරි පිරිමියෙක් මුණ නොගැසුනොත් තනියම සතුටින් ඉන්න ඉගෙනගන්න. තිරිසනෙක්ගෙන් විනාශ වෙලා, ළමයට මන්න පාර දෙන තරමට හෝ ළමයව වෙලක අතහැරල යන මට්ටමට සිහිවිකළ් කරගන්න එපා.
දකුණු ආසියාතික පුරුෂාධිපත්‍යය වඩාත් "නිදහසක්" තියෙන පුරුෂාධිපත්‍යය ලෙස කෙනෙක්ට තර්ක කරන්නට පිළිවන්. නමුත් ඇත්තටම ඒ "නිදහස" මුවාවෙන් හුඟක් වෙලාවට සිද්දවෙන්නේ කම්මැළි දුබල ආත්මාර්ථකාමී පිරිමින් විසින් ආදරයේ නාමයෙන් ගෑණු හූරගෙන කෑමක් (exploitation disguised as love). රස්සා කරන්න "නිදහස" තියෙනවා, ඒකට හේතුව පිරිමියාට ගෑණිව නඩත්තු කරන්න බැරිකම. හරියට රස්සා කරන්න "නිදහස" තියෙනවානම් ගැහැණියට ගෙදර වැඩට පිරිමියා සහය වීමත්, ගැහැණියට රස්සාවේ ඉහළට යාමට සහය වීමත්, ගැහැණියට අධික ලෙස වගකීම් පටවලා ස්ට්‍රෙස් කිරීමත් නොකල යුතුයි. නමුත් එහෙම වෙන්නෙ කලාතුරකින්.කම්මැළි, දුබල, ආත්මාර්ථකාමී පිරිමින්ට කසාදෙ කියන්නෙ නොමිළේ වැඩකාරකමට සහ අහවල් වැඩේ කරගන්ට ගෑණියක් ගේන එක.ඒ ගෙනත් ඒ ගෑණිගෙ ශ්‍රමයයි ශරීරයයි නොමිළේ හූරාකන එක. ගේන ගෑණිට කන්න අඳින්න අවම මට්ටමෙන් දීල කුළ කියවනව.මැදපෙරදිග පුරුෂාධිපත්‍යය ඊට වෙනස්. කෙළින්ම ගැහැණියට රස්සා කරන්න නිදහස දෙන්නේ නැහැ, ඇය ළමයි හදමින් ගෙදර ඉන්න ඕනේ. හැබැයි ගෙදර වැඩට සහය වීමට සේවකයන් ඉන්නවා, පිරිමියා ගැහැණියට ඉතා හොඳින් සැළකීමටත් බැඳී ඉන්නවා.
දකුණු ආසියාතික පුරුෂාධිපත්‍යයේ ගෑණුන්ට කැමති ඇඳුමක් අඳින්න "නිදහස" තියෙනව, හැබැයි පන්සලට කළිසම බෑ, ඉස්කෝලෙට කළිසම බෑ, ටීචර් සාරි අඳින්න ඕනෙ, කසාද මිනිහ ඇඳුමෙ දිග පළල පාලනය කරනව, ඒ නැතත් පාරේ ඉන්න අඳුනන්නැති උන් පවා ගෑණුන්ට ඇඳුමෙ දිග පළල පිළිබඳ ෂේම් කරනව. මැදපෙරදිග පුරුෂාධිපත්‍යය ඊට වෙනස්. කෙළින්ම ගැහැණියට කැමති ඇඳුමක් අඳින්න කරන්න නිදහස දෙන්නේ නැහැ, ඩ්‍රෙස් කෝඩ් එකට අනුගත වෙන්න ඕනේ.නැතිනම් කස පහර හෝ ඊටත් වැඩි දඬුවම් ලැබෙනු ඇති.මෙන්න මෙතනදි තමා මුස්ලිම් ක්‍රීඩිකාවගේ ක්‍රීඩා කරන ඇඳුම සහ හෙදියන්ගේ නිළ ඇඳුම සම්බන්ධ කතිකාව එන්නෙ.
දකුණු ආසියාතික පුරුෂාධිපත්‍යයේ පිරිමින්ට කසාද බඳින්න පුළුවන් එක ගෑණියක් පමණයි. නමුත් බොහෝ පිරිමි අවස්ථාවක් ලැබුණ ගමන්ම වටේ යනවා.ඒක සාධාරණීකරනය කරන්නේ //විශේෂයෙන්ම පිරිමියා යන සත්වයා ලිංගික විවිධත්වයට ආශා කරන සත්ත්වයෙකි. චාල්ස් ඩාවින් පවා එය පවසා ඇත. පරිණාම වාදයේ පවා එය සඳහන්වේ. මිනිසාට ළඟම ඥාති වඳුරා උදාහරණයට ගත්තත් එම සතුන් පවා සහකාරියන් බහුල වශයෙන් පිරිවරාගෙන ජීවත් වේ. පුරුෂයා සාධාරණීකරණය කරනවා නොව. මේ ඔහුගේ යථාර්ථයයි.// ලෙසය. ඒඅනුව වටේ යන එක පිරිමින්ගෙ විදිහනම් කසාදෙ කියන කොන්සෙප්ට් එක වෙනස් කලයුතු නොවේද? එසේ නොකර පිරිමි කියන්නෙ වටේ යන එවුන් කියල මතයක් හදන එක මඟින් කසාද ගෑණිගේ ශ්‍රමයයි ශරීරයයි නොමිළේ හූරාකන එක කරන ගමන් ඒ ගෑණිට මිනිහගේ වටේ යෑම ඉවසියයුතු බව ඇඟවෙනවා. මැදපෙරදිග පුරුෂාධිපත්‍යය ඊට වෙනස්. කෙළින්ම පිරිමියාට ගැහැණු කීපදෙනෙක් කසාද බැඳීමට අවසර දෙනවා. එම ගෑණු කීපදෙනාටම එකවගේ සැළකීමට පිරිමියා බැඳී සිටිනවා. මෙහි තියන වාසි නම් රැවැට්ටීමක් නොවීම, වටේ යන පිරිමියාට මෙන් ලිංගික රෝග හැදීමේ අවදානම අඩුකම, ලස්සන හෝ වෙනත් සාධක මත එක ගෑණියෙක්ට වැඩිපුර සැළකීමක් නැතිවීම (දකුණු ආසියාතික පුරුෂාධිපත්‍යයේදී හොරගෑණි වැඩි සැළකිළි ලබයි), ගෑණු ඔක්කෝටම මිනිහගේ පක්කිළිකම් කිරීම බෙදී යාම (දකුණු ආසියාතික පුරුෂාධිපත්‍යයේදී හොරගෑණි ආතල් ගන්නා අතර ගෙදර ගෑණි මිනිහගේ පක්කිළිකම් කරයි), ළමයි සෑම මවකටම සැළකීමට බැඳී සිටීම (දකුණු ආසියාතික පුරුෂාධිපත්‍යයේදී ගෑණු කෙස්වළු පටලවාගනී, ළමයි දේපළට මරාගනී) ආදිය වේ.
පුරුෂාධිපත්‍යය කියන්නෙ හැදුනොත් සුව කරන්න අමාරු රෝගයක්. වැඩියක්ම අමාරු ඒ සමාජ වල පුරුෂාධිපත්‍යය රකින පිරිමින්ටත් වඩා පුරුෂාධිපත්‍යයට සපෝට් ගැහැණු විශාල ප්‍රමාණයක් ඉඳිම නිසා. මේ පික් මී ගැහැණු පුරුෂාධිපත්‍යයෙන් කාන්තාවන්ට සිදුවන අගතිය කතා කරන්න දෙන්නෙ නැහැ. ඔවුන් ඔප්‍රෙසර්ගෙ සෘණාත්මක බලපෑමෙන් මිදෙන්න උපක්‍රමයක් ලෙස ඔප්‍රෙසර්ට සපෝට් කරනව.
ලංකාවෙ සමහර සිංහළ ගෑණු රස්සාවට සාරි ඇඳීම කරැමයක් ලෙස සළකන්නෙ නැහැ. සාරිය නිසා නිරාවරණය වන පිට සහ බඩ කොටස අතවරකරැවන්ට ඉතා හොඳ ප්‍රවේශයක් වගේම සාරිය කැඩෙයි කියන බය නිසා අතවරකරැවන්ගෙන් බේරීම අපහසුයි. ඕක සේදීම, මැදීම, ඇඳීම ආදියට පැය 24න් පැය දෙක තුනක් වත් යයි. මෙය මොනතරම් නාස්තියක්ද? ඕනෑම පිළිගත් Safety Standard එකකට අනුව විද්‍යාගාර තුල සාරි ඇඳීම සහ ඊට කැපෙන පටි සපත්තු දැමීම ඉතාම අනතුරැදායක නමුත් ලංකාවේ විශ්ව විද්‍යාලවල විද්‍යාගාර තුල පවා ඉගැන්වීමට සාරි ඇඳිය යුතුය. සාරි ඇඳි විට දුව පැන වැඩ කල නොහැක. යන්තම් අවුරැදු 40 පැන්න ගමන් බොහෝ ලාංකික කාන්තාවන් පිටි මුට්ටි මෙන් මහත් වී දියවැඩියාව, කොලස්ටරෝල්, අධික රැධිර පීඩනය ආදී රෝග වැළඳී ජීවිතය විඳීමට වඩා විඳවීමට මූලික හේතුවක් ලෙස සාරිය මම දකිමි. ඊට අමතරව ප්‍රාථමික පන්ති වල කුඩා දරැවන් සමඟ දුව පැන වැඩ කල යුතු ගුරැවරැ, PT ගුරැවරැ, ඉන්ජිනේරැවරියන්, වෙනත් දුව පැන වැඩ කල යුතු වෘත්තීන් වල යෙදෙන කාන්තාවන් සාරිය නිසා පලදායීව රැකියාව කර ගැනීමට නොහැකිව සිටිති. එය රටටම පාඩුවකි. වෙනත් රටවල රැකියාවට පහසු ලෙස ඇඳුම් අඳිද්දී ලංකාවේ ඇඳුමට පහසු ලෙස රැකියාව කරති.
සමහර මුස්ලිම් කාන්තාවන්ගේ ඇඟ වසා ගැනීමද එසේය. සමහර ක්‍රීඩා මුස්ලිම් කාන්තාවන්ට කළ නොහැක. ගෝනිබිළි කිට් එකට ෆේෂල් රෙකග්නිශන් එකක් නැති බැවින් අනන්‍යතාවක් නැත. සමාජයේ නිදහසේ වැඩ කර ගැනීමට අපහසුය.
ගැටළුව වන්නේ පුරුෂාධිපත්‍යය පටන්ගත්තම නතර වෙන්නෙ කොතනින්ද යන්න. මේ උදාහරණය බලන්න.
ඇෆ්ගනිස්තානයේ ගෑණුන්ට ප්‍රාථමික අධ්‍යාපනයෙන් ඉහළට ඉගනීම තහනම්. විශේෂයෙන්ම වෛද්‍ය සහ හෙද ආදී සෞඛ්‍ය සේවා ඉගනීම තහනම්. ඒ ගමන්ම නීතිගත කලා ගෑණුන්ට ප්‍රතිකාර කරන්න ඕනෙ ගෑණු වෛද්‍ය සහ හෙද ආදී වෘත්තිකයන් පමණක්මය කියල. කොහොමද ඒක? යකෝ ගෑණුන්ට සෞඛ්‍ය සේවයට එක්වීම තහනම් නම් ගෑණු දොස්තරල නර්ස්ල කොහෙන්ද හොයන්නෙ? විශේෂයෙන්ම ළමා විවාහ සහ දරැ ප්‍රසූති බහුළ රටක ගෑණුන්ට සෞඛ්‍ය සේවා ඉතාම වැදගත් බව දැන දැන. දැන් ඇයි මෙහෙම කාන්තාවන්ගේ ආයු අපේක්‍ෂාව හිතාමතාම අඩු කලේ?
1. ගෑණු වයසට යන්න යන්න මොළේ පෑදෙනව. පොඩි කෙල්ලෙක්ට ටොපියක් දීල රවට්ටල උකන්න පුළුවන් උනාට ගෑණු වයසට යන්න යන්න තමන්ට වෙලා තියන අසාදාරණේ පේනව.ඒක සිස්ටම් එකට තර්ජනයක්. ඊට හොඳයි මොළේ පෑදෙන වයසට එන්න කළින් උන් රෝග වලට බෙහෙත් ගැනීම වළක්වල වළපල්ලට යන එක
2. පොඩි කෙල්ලෙක්ට අඹුකමට ගත්ත මිනිහෙක් ඒ කෙල්ල එක්ක ගැඹුරැ ආදරයක් ඇති කරගන්නව කියල එකක් නැහැ, අවශ්‍යතාවයට පාවිච්චි කරනව හැර. මිනිහෙක් ගෑණියෙක් එක්ක ගැඹුරැ ආදරයක් ඇති කරගත්තොත් ඒ ගෑණි විඳින දුකට විරෝධයක් මිනිහා තුළ ගොඩනැගෙනව. ගෑණු වයසට යන්න යන්න පිරිමියෙක්ට ගෑණියෙක් එක්ක ගැඹුරැ ආදරයක් ඇති කරගන්න අවස්ථා ගොඩනැගෙනව. ඒක සිස්ටම් එකට තර්ජනයක්.
3. මිනිහෙක් තමන්ගෙ අම්මා එක්ක ගැඹුරැ ආදරයක් ඇති කරගත්තොත් ඒ අම්මා විඳින දුකට විරෝධයක් පුතා තුළ ගොඩනැගෙනව. ගෑණු වයසට යන්න යන්න මව සහ පුතා අතර ගැඹුරැ ආදරයක් ඇති කරගන්න අවස්ථා ගොඩනැගෙනව. ඒක සිස්ටම් එකට තර්ජනයක්. නමුත් පුතා පොඩිකාලෙම අම්ම මළාම ඒක වෙන්නෙ නැහැ.
4. ගෑණු අඩු වයසෙන් මියයනකොට පිරිමියෙක්ට ඒ හිස් තැනට නිතර නිතර ළාබාල ගෑණු පාවිච්චියට අරගන්න පුළුවන්
මම හිතනව මේ කාරණා නිසා කියල ඔය නීති ගෙනාවෙ. ලඟදී ඇෆ්ගනිස්ථානයේ වැඩිහිටි ගෑණුන්ට එකිනෙකා සමඟ කතා කරන එක පවා තහනම් කලා. ඔබට පේන්න ඕනේ පුරුෂාධිපත්‍යයට සීමා මායිම් නැති බව. අපේ රටේ උනත් ඔය ඇල්ෆ මෝල්ලුන්ට ගෑණුන්ව මේ තත්වයට ඇදල දාන්න නොහැකියාවක් නැහැ, අවස්ථාවක් තාම ලැබී නැතිකම හැර. අද ලංකාව ඇතුළත ජනමත විචාරණයක් තිබ්බොත් ගෑණුන්ගේ අයිතීන් කප්පාදු කරන්න, ඉතා විශාළ පිරිසක් ඊට පක්ශව ඡන්දෙ දෙනව, ඇල්ෆ මෝල්ලු, ආගමික අන්තවාදීන් සහ පික් මී ගෑණු ඇතුළුව.මේ ලෝකයේ ඕනෑම රටක පිරිමින්ට තියන මූළික මිනිස් අයිතිවාසිකම් සමාන බව ඔබට පෙනිල නැද්ද? ඡන්ද බලය, ඉගනීමට ඇති අයිතිය, රස්සා කිරීමට ඇති අයිතිය, අසනීපෙකට බේත් ගැනීමට ඇති අයිතිය, කසාද බැඳීමට ඇති අයිතිය, රෑට පාරේ යාමට ඇති අයිතිය, වාහන පැදවීමට ඇති අයිතිය, මුදල් පරිහරණයට ඇති අයිතිය, බැංකු සමඟ ගණුදෙණු කිරීමට ඇති අයිතිය ආදී සියල්ල රටින් රටට හෝ කලාපයෙන් කලාපයට වෙනස් වන්නේ නැහැ. (හැබැයි ඊට අමතරව රටින් රටට හෝ කලාපයෙන් කලාපයට වෙනස් වන වරප්‍රසාද සෙට් එකකුත් තියෙනවා. බහු විවාහ කරගැනීමට, ගෑණු ළමයි දූෂ.ණය කිරීමට ආදී වශයෙන්).
ගැහැණුන් වන අපට තියන මූළික මිනිස් අයිතිවාසිකම් රටින් රටට වෙනස්. ඇතැම් රටවල් අපට සළකන්නේ තිරිසනුන්ට මෙනි. මෙම AI යුගයේ, අඟහරැ මත ජනාවාස හදන්නට කතාකරන යුගයේ, ඇතැම් රටවල ගෑණුන්ට රෝගයකට බෙහෙත් ගැනීමේ අයිතියවත් නැහැ. මාරයිනේ?
"යමෙකුට ස්වකීය ගෝත්‍රය විසින් නිරන්තරයෙන් එල්ල කරනු ලබන පීඩනයෙන් ගැලවීමට මහත් වූ පරිශ්‍රමයක් දැරීමට සිදුවන්නේය. එසේ උත්සාහ දරන තරමට ඔබ හුදෙකලා වන්නටත්, ව්‍යාකූල වන්නටත් පුළුවන. නමුත් තම ජීවිතයේ පාලනය තමා අතට ගැනීම නැමැති වරප්‍රසාදය වෙනුවෙන් ගෙවන්නට සිදු වන මිල කොතෙක් වුවද එය දැරීම වඩාත් වැදගත්ය.."
"The individual has always had to struggle to keep from being overwhelmed by the tribe. If you try it, you will be lonely often, and sometimes frightened. But no price is too high to pay for the privilege of owning yourself."
- Friedrich Nietzsche