පුංචි අත් පොතකට ගහන්න පුළුවන් ආකාරයට wannakumethod ලිවුවා. අළුතින් එන අයට ප්රයොජනවත් වෙයි.
Wednesday, October 27, 2021
wannakumethod - By Dr. Janaka Wannaku - හොඳටම දන්නා කිහිපදෙනෙකු ප්‍රතිඵල ලබා ගත් බර පාලනය කරන ක්රමවේදය
Sunday, October 24, 2021
පැරණි හින්දි සිනමාවේ අතිශයින් වර්ණවත් ගීත
1.jane jigar duniya mein tu sabse haseen hai - Sunil Lazar said "THE FUSION OF THREE LEGENDS OF B'WOOD, R.D.BURMAN, KISHORE DA, AMIT JI; WITH THE TRIGGERING EFFECT PROVIDED BY CHEUBIC RANDHIR, VIVACIOIUS TINA, AND RAVISHING ZEENAT. THE RESULT, A CONTRAPTION THAT COULD MAKE THE A-BOMB FEEL LIKE A PRANK.", couldn't agree more
Link - https://www.youtube.com/watch?v=ZqfCnBAcBlc
2. bachke rehna re baba - Abhi Desh said "A time when the songs were so meaningful and more importantly ORIGINAL .
Legends like Kishore Kumar ji , Mukesh ji , Burman sahab , Rafi Sahab are legends forever along with Lata Mangeshkar , Asha Bhosle and all 70s and 80s musicians 🙏
Even as a 26 year old I'm loving it more than today's songs ❤️" - very true
Link - https://www.youtube.com/watch?v=LV5BIGgfemM
3. dekho maine dekha hai ek sapna - Krishan Sharma said "These are not only the songs these are golden memories of 80's and 90's people they are connected by heart ❤💞❤💞 we also listen new songs today but after two Or three days we forget it but these song we can't forget never ever .😊🥰🥰 Am I right???" - indeed my friend, indeed!
Link - https://www.youtube.com/watch?v=q7iZe8GY8jw
4. jaana o meri jaana - Ads dymanic said " Kamal Hassan is really brilliant in this song.
Full of energy & enthusiasm, great entertainment.
RD Burman's singing & musical skills are beyond comparison." - How true is this?
Link - https://www.youtube.com/watch?v=IH-WEx_67oI
5. hum tum ek kamre mein band ho - Manny Gulliver said "I'm a 70's child, I grew up watching these great movies. 😁" - lucky you!
Link- https://www.youtube.com/watch?v=tBJj-3sgcd0
Friday, October 15, 2021
මෙවර ළමා දිනයේදී දරැවන්ගේ අනාගතය ගැන යථාර්ථවාදීව නැවත සිතමු
තවත් ළමා දිනයක් ඔක්තෝබර් පළමු වෙනිදාට යෙදී තිබුනි. නමට පමණක් හොඳම දේ ළමයින්ටය කියමින් හැමදාම කරන බොරැ වලින් මදක් බැහැරව අප ලoකාවේ දරැවන් ගේ අනාගතය ගැන යථාර්ථවාදීව මදක් සිතා බලන්නට එය අවස්ථාවක් කර ගනිමු.
දිගින් දිගටම ළමයින් අගතියට පත් වීමත්, එසේ අගතියට පත් වීම් දෙමව්පියන් ගේ වැරදි ආකල්ප සහ හැසිරීම් නිසා සිදු වීමත්, ඒ සඳහා නෛතික හෝ සමාජයීය මට්ටමින් දරැවන්ට සාධාරණය ඉටු නොවීමත්, එබැවින් දෙමව්පියන් අතින් දිගින් දිගටම සිදු වන ළමා හින්සනයත් කැපී පෙනේ. මා මෙය ලියන කාලයේ සිදු වූ මතක ඇති සිදු වීම් නම් කුඩා ගෑණු දරැවෙක් වල් කපුවෙක් වෙත ගෙනගොස් අතවර වන්නට සැළසීම, ළමයින් කීප දෙනෙක් සාරි ඔන්චිල්ලා පදිද්දී ගෙළ සිරවී හෝ වැටී මිය යාම, වැට මායිමට රණ්ඩු වී වෙඩි තබද්දී ඉලක්කය වැරදී වෙඩිවැදී ලඟදී මිය ගිය දරැවා, දරැවන් කීප දෙනෙක් සියදිවි නසා ගැනීම,දරැවෙක් මාමාගේ තණකොළ කපන මැෂිමට හසු වී කැපී මිය යාම, ඔන් ලයින් ගේම් ගසන නිසා පියා විසින් දරැවට කොසු මිටෙන් පහරදී මැරීම, ගණං ටියුෂන් දෙන්න ගිය දැරියගේ මළ සිරුර වසා දැමූ නිවසක හමු වීම, දරැවන් අනාරක්‍ෂිතව (හෙල්මට් නැතිව මෝටර් බයිසිකල් වල, ජීවිතාරක්‍ෂක ජැකට් නැතිව ජලාශ වල) ගෙන යාම් නිසා වූ මරණ, දරැවන් අනාරක්‍ෂිතව ගිණිකෙළි භාවිතය නිසා වූ අනතුරැ ආදී බොහෝ වළක්වාගත හැකිව තිබූ මරණ/අනතුරැ විය. මේවා ළමා අයිතිවාසිකම් සහිත දියුණු රටවල සිදු වූවා නම් දෙමාපියන්ට දැඩි දඬුවම් ලැබේ. ඒ නිසාම දියුණු රටවල මිනිස්සු කැලේට කොලේට ළමයි නොහදා ළමයි හදන්න තමන්ට ඇත්ත අවශ්‍යතාවයක් තිබේ නම් පමණක් ළමයි හදයි. අනිත් අතට ළමයි හදන්න තමන්ට ඇත්ත අවශ්‍යතාවයක් තිබේ නම් ඒකට කසාද නොබැඳ කෘතිමව ගැබ් ගෙනද, තමන් සම ලිoගික නම් තෙවන පාර්ශවයක් කෘතිමව ගැබ් ගෙනද ආදී වශයෙන් නොයෙකුත් ක්‍රම මඟින් ළමයි හදයි. සරළව කිව්වොත් ළමයි ඇත්තටම ඕනෑ එකාට ඒකට කසාදය, සමලිoගිකත්වය හෝ වෙන මොන කරැණක්වත් බාධා නොවන්නාක් සේම ළමයි ඇත්තටම එපා එකාට කවුරැවත් බල කරන්නේද නැත. හරි නම් සමාජයක විය යුත්තේ මෙයයි.
ඒත් ලoකාවේ ළමයි හැදීමේ හේතු විෂමය. දරැවන් හදන්නේ සමාජ පීඩනයෙන් ගැළවීමට, තමන්ගේ සරැ භාවය රටට ඔප්පු කිරීමට, ගෙදර බුදුන් ටයිටල් එක ලබා ගැනීමට, ගරා වැටෙන විවාහය බේරා ගැනීමට, දේපළ පිටට යාම වැළැක්වීමට, වයසට ගිය පසු සළකවා ගැනීමට, තමන්ට කරන්නට බැරි වූ දේවල් දරැවකු ලවා කරවාගැනීමට ආදී හේතු වලට නම් ඔබ දෙමාපියන් වශයෙන් අසාර්ථක වන අතර ඔබේ දරැවා වැඩිහිටියෙකු වශයෙන් අසාර්ථක වේ. මේ අසාර්ථක වීම පිටතට නොපෙනෙන්නට පිළිවන. ඇතැම් විට භෞතික සම්පත් මඟින් වසා ගැනීමටද පිළිවන. නමුත් අසාර්ථකත්වය ඔබේ ඇතුළාන්තය දන්නා අතර එය ඇතුළතින් ඔබව විඳවීමට ලක් කරයි. ඉහත ඊනියා හේතු වලට කෙනෙක් දරැවන් හදන්නේ නම් පහත ළක්‍ෂණ මඟින් එය පහසුවෙන් හඳුනා ගත හැක.
1. දරැවා ගේ සතුටට වඩා පිට මිනිසුන්ගේ විනිශ්චය ලොකුය. ඒ නිසා නිතරම රටේ ලෝකෙ මිනිස්සු දැනගත්තොත් මොනව නොකියාවිද, අපි කොහොමද සමාජයට මූණ දෙන්නේ ආදී අඬපාළි කියයි. කාලයකට පෙර තරැණ තරැණියන් අතර ජනප්‍රිය වූ prank එකක් නම් තමන් සම ලිoගික බව හෝ ගැබ් ගත් බව/තරැණියක තමා අතින් ගැබ් ගත් බව (බොරැවට) මවට/පියාට කියා ප්‍රතිචාරය බැලීමයි. දියුණු රටවල තරැණ තරැණියන්ගේ දෙමව්පියන් එම අවස්ථාවට මුහුණ දුන් ආකාරයත් දකුණු ආසියාතික දෙමව්පියන් එම අවස්ථාවට මුහුණ දුන් ආකාරයත් අතර තිබූ ලොකුම වෙනසක් වූයේ බොහෝ දකුණු ආසියාතික දෙමව්පියන් ගේ කටින් මුලින්ම කියවුනු දෙයක් වූයේ අපි දැන් ලෝකෙට මුහුණ දෙන්නෙ කොහොමද යන්නයි. එම වීඩියෝ බලන ලද බටහිර මිනිස්සුන්ට එය විමතියට කාරණයක් වූ අතර ඔවුන් කොමෙන්ටු දමා තිබුනේ ඉතින් පිට මිනිස්සු මොනව හිතුවත් ඒක ගැන කරදර වෙන්නේ ඇයිද කියාය. බොහෝ දකුණු ආසියාතික දෙමව්පියන්ට තම දරැවාගේ මානසිකත්වය ගැන වද වෙනවාට වඩා ලෝකයට මුහුණ දෙන්නෙ කොහොමද යන්න ගැන වද වෙන බව පෙනුනි. තවත් උදාහරණයක් ගත්තොත් විභාගයක් අසමත් වූ දරැවෙක් නැත්නම් විවාහය පමා වූ දරැවෙකුගේ මානසිකත්වය ඉහළ නැoවීම ගැන වද වෙනවාට වඩා ලෝකයට මුහුණ දෙන්නෙ කොහොමද යන්න ගැනයි එබඳු දෙමාපියන් හිතන්නේ.
2. දරැවන් හදන්නේ තම න්‍යාය පත්‍රයේ ඉත්තන් ලෙසට ය. තම න්‍යාය පත්‍රය අනුව දරැවන් හසුරවා ගැනීමට අධික ශාරීරික හා මානසික වධ හින්සා, තර්ජන, බ්ලැක්මේල්, අල්ටිමේටම්, ආදී මෙකී නොකී පහත් ක්‍රියා වල නිරත වේ. දරැවන්ගේ සතුටට,මානසික සුවයට හෝ සැනසීමට කිසිම වටිනා කමක් නැත. දරැවන් න්‍යාය පත්‍රයට පිටින් වැඩ කල විට මාරාවේශ වේ. දරැවන් න්‍යාය පත්‍රයට පිටින් වැඩ කල විට දරැ කමින් නෙරපා හරී. උඹ විභාගෙ ෆේල් වෙලා ගෙදර එන්න එපා, කපල ගඟේ මූදෙ දැම්මත් ඌට උඹව දෙන්නෙ නෑ ආදී අදහස් උදාහරණ වේ.
3. දරැවන් ගෙන් බලාපොරොත්තු වන්නේ සාර්ථක වීම් පමණි. First time right approach නොහොත් තීරණ වලදී පළවෙනි පාරම හරියට කළ යුතු බවට දරැවන්ට බල කරති. (පළවෙනි ආදරය කසාදය විය යුතුය, පළවෙනි කසාදය අන්තිම කසාදය විය යුතුය.) දරැවෙක් තාවකාළිකව හෝ පසු බහින විට දරැණු අවමන්, අපහාස උපහාස, නොසළකා හැරීම්, සන්සන්දනය කිරීම් ආදී අතිශය තිරශ්චීන ක්‍රම යොදාගෙන දරැවා තුළ ඊරිසියාව, ක්‍රෝධය, හීනමානය ආදී හැඟීම් ජනනය කර ඒ මඟින් දරැවා දඩ බල්ලෙකු සේ උසි ගන්වයි.
4. දරැවන් හිත් පිත් සහිත ආත්ම ගෞරවයක් සහිත මානව හිමිකම් සහිත මනුශ්‍ය පැටවුන් නොව හිත් පිත් නැති කිසිම අයිතිවාසිකමක් නැති නිශ්චල දේපොළක් ලෙස සළකයි. මගේ ළමයින්ට ගහන්නට මට කාගෙන්වත් අවසර ඕනෙ නෑ, මගේ ළමයි වැඩ කරන්න ඕනෙ මම කියන විදිහට ආදී අදහස් දරයි. ඒවගේම දෙමව් පියන්ට අසීමිත බලතල ඇති බවද ළමයි දෙමව්පියන්ගේ අයුතු තීරණ හෝ අයුතු හැසිරීම් (බේබදුකම, කොටු පැනීම, බැණඅඬගහ ගැනීම්) හිස පහත් කරගෙන පිළිගතයුතු බවද විශ්වාස කරයි.
5. මොනතරම් මතුපිටින් ළමයින්ට ආදරය කළත් ගැඹුරැ අර්ථයෙන් ළමයින්ට ආදරය නොකරති. පොඩ්ඩක් පැහැදිලි කලොත්, කසාද බඳින්න ඉන්න ගෑනු සහ පිරිමි දත කට මැදගෙන ළමයි හදන්නට බලාගෙන සිටියත් ඒ සඳහා සුදුසු සමාජ, ආර්ථික, ජීව විද්‍යාත්මය, මානසික, ශාරීරික අවශ්‍යතා අධ්‍යයනයක්වත් නොකරති. ඒවා හැකි පමණින් සපුරා ගැනීමට උත්සහයක් වත් නොගනිති.
සමාජයීය වශයෙන් සරළම උදාහරණයක් ගත්තොත්, සමහර මිනිසුන්ට කා සමඟවත් හොඳින් ඉන්නට බැරිය. අසල්වැසියන්, නෑදෑයන්, මිතුරන් නැත. මෙවැන්නන්ගේ ළමයින්ට සමාජ සම්බන්ධතා නොමැති කමින් තනි වී උදව් නැතිව ලොකු දුකක් විඳීමටද ජීවිතයේ විවිධ කඩඉම් වලදී දෙමාපියන්ගේ හතුරන් මුණගැසී වධයට පත් වීමටද සිදු වේ. මේ ලියන මගේ අසල්වැසි පවුළක් සමග කළක පටන් තිබූ කිසිම අර්ථයක් නැති වැඩිහිටි ආරවුළක් විය. පසුකාළීනව විශ්වවිද්‍යාලයේ එක්තරා පාඨමාලාවක් ඉගැන්වීමට එකී අසල්වැසි පවුළේ "හතුරෙකු" පැමිණෙන බව අසා මගේ දෙළොව රත් විය. පෙර වාසනාවකට අන්තිම මොහොතේ එම පුද්ගලයාව පාඨමාලාව ඉගැන්වීමෙන් ඉවත් කෙරිනි. පසුව මා උපාධිය ගෙන යම් ආයතනයක උගන්වද්දී එම ආයතනයේම උගන්වන මේ පුද්ගලයා මා දැක පුදුම වී "ඔයා කොහොමද මම නොදැන මේ අoශයෙන් උපාධියක් ගත්තේ" යැයි ඇසීය. මම ඇමරිකාවට යාමට අදාළ ආයතනයට මගේ අස්වීම බාර දෙද්දී මම ආචාර්‍ය උපාධියට ඇමරිකාවට යන බව ඇසූ ඔහුට ෆිට් එක මෙන් හැදී අත තිබූ පෑන හා ලියකියවිලි බිම වැටුනු අයුරැ අදටද මට මැවී පෙනේ. වැඩිහිටියන්ගේ අනවශ්‍ය අසල්වැසි වළියක් නිසා අඳුරැ වීමට තිබූ මගේ ජීවිතය අනූ නමයෙන් ගැළවුනත් හැමෝම එසේ වාසනාවන්ත නැත. වැට මායිමට රණ්ඩු වී වෙඩි තබද්දී ඉලක්කය වැරදී වෙඩිවැදී ලඟදී මිය ගිය දරැවා ඊට උදාහරණයකි. එසේ ලoකාවේ වැඩිහිටියන් සමාජයීය වශයෙන් අමනෝඥ තීරණ ගනිද්දී දරැවන්ට ඒවා බලපාන ආකාරය මදක් හෝ නොසිතති. දරැවෙකුට සමාජ සම්බන්ධතා අත්‍යවශ්‍ය වේ. එම නිසා දෙමව්පියන් වීමට පතන්නන් තම නෑදෑ හිත මිතුරන් අසල්වාසීන් තම ආගමික ආයතන ආදිය සමඟ හොඳහිත පවත්වා ගැනීමට අදිටන් කර ගත යුතු වුවත් එවැනි චර්‍යාමය වෙනසක්වත් කර ගැනීමට බොහෝ දෙනාට බැරිය. තවත් උදාහරණයක් ගත්තොත්, මම එක්තරා බසයකට නගින පෝළිමක සිටිද්දී හැමදාම මවක් තම බාලාoශ දරැවා සමඟ පෝළිමට පිටින් සිටිනු දකිමි. අර කුඩා ළමයා හැමදාම පෝළිම පැන බසයකට නගින අතර තමාට සහ මවට අසුනක් අල්ලා ගනී. ළමයා කුඩා නිසා කවුරැවත් මුකුත් නොකියයි. මේ මව ළමයාට සමාජයේ හැසිරෙන ආකාරය ගැන දෙන පණිවිඩය කොතරම් කැතද? මදක් කළින් පැමිණ බස් පෝළිමේ සිට බසයට නගින චර්‍යාමය වෙනස කරනවාට වඩා දරැවා නොසණ්ඩාල කිරීම එම මවගේ තෝරා ගැනීමයි.
මානසික, ශාරීරික වශයෙන් උදාහරණයක් ගත්තොත්, දරැවෙකු පතන ගැහැනියක් හෝ මිනිසෙක් ඒ ළමයාට වයස දහ අට වත් පනින තුරැ ශාරීරික හා මානසික වශයෙන් ළමයාව පෝෂණය කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවක් හා මානසික සමබරතාවයක් පවත්වා ගත යුතුය. නැතිනම් ළමයාට යන්තම් දහය ලබද්දී දෙමාපියන් ජරා ජීර්ණය වී ලෙඩවී අර කුඩා දරැවාට ගෙදර බර පැටවේ. ඊට අමතරව රෝගී දෙමව්පියන්ගේ දුක් විඳීමද හැමදාම දැකීමට සිදු වේ. මෙසේ දරැවෙක් කුඩා කාළයේ බැරි බර උසුළාගෙන අධ්‍යාපනය, විනෝද ක්‍රීඩා, හොඳ කෑමබීම, ප්‍රීතිමත් ආරක්ශාකාරී ගෙයක්, හෝ ඒ හැමටම වඩා ශාරීරික සහ මානසික සෞබ්‍යයෙන් යුතුව දරැවා හරි මඟ යැවීමට හැකි දෙමාපියෙක් නැතිව නන්නත්තාර වීම සිදු නොවන තැනට කටයුතු යෙදීමට මුලදීම දෙමව්පියන් වීමට පතන්නන් දැන ගත යුතුය. දියවැඩියාව ආදී රෝග මනාව පාලනය කර ගැනීම, මත්පැන් දුම්වැටි ආදී දුරාචාර වලින් මිදීම, අධික ස්ථූලතාවය පාලනය කර ගැනීම, ව්‍යායාම වල යෙදීම, සමබල ආහාර ගැනීම, පිරිසිදුකම ආදී ජීවිතයේ වෙනස්කම් ඇති කර ගත යුතුය. නමුත් දෙමව්පියන් වීමට පතන්නන් බොහෝවිට එවැනි ජීවිතයේ වෙනස්කම් මුකුත් කරගන්නේ නැත.
මානසිකව දෙමව්පියන් වීමට පතන්නන් ඉන්නේ ඊටත් වඩා නරක තැනකය. දරැවෙක් ඇතිදැඩි කිරීමේදී තිබිය යුතු ඉවසීම සහ නොයෙකුත් ගුණ ධර්ම බොහෝ අයට නැත. කොසු මිටෙන් පහර දී තම ටීනේජ් පුතා පරළොව යැවූ තාත්තා එවැනි උදාහරණයකි. බැණීම, පහරදීමම මගින් මිස ආදර්ශය, සන්නිවේදනය සහ ආදරය මඟින් දරැවා හික්මවාගන්නා දෙමව්පියන් හිඟය. මන්ද යත් බොහෝ පියවරැ මව්වරැ දුරාචාරයේ යෙදෙති, බොහෝ පියවරැ මව්වරැ අධික මානසික පීඩනයකින් සිටිති, බොහෝ දෙමව්පියන් දරැවන් ඉදිරියේම බොරැ, කේළාම්, පරැෂ වචන කියන, පස් පවෙහි යෙදෙන උදවිය බැවින් දරැවන්ට ආදර්ශයක් දීමට බැරිය. සන්නිවේදනයද බකල් වී ඇත්තේ බොහෝ දෙමව්පියන් කට අරින්නේම බැනීමට අඬපාලි කීමට අවලාද වලට ඕපදූප වලට තර්ජනය කිරීමට සැක කිරීමට බල කිරීමට මිසක අගය කිරීමකට ස්තූති කිරීමකට සන්වාදයකට උදව්වකට හිත හැදීමකට වැනි ධනාත්මක දෙයකට නොවන නිසාය. ළමයෙක් දෙමාපියන් කෙර් විශ්වාසය තබා ඔවුනට කියූ රහසිගත දේවල් කිසිම හැඟීමක් නැතිව එළි පිට කියා ළමයා ලැජ්ජාවට පත් කරන හෝ ඒවා ළමයාටම විරැද්ධව පසුව පාවිච්චි කරන දෙමව්පියන්, ළමයාගේ ප්‍රශ්නයක් කියූ විට හිත හැදීම වෙනුවට බැණ වදින දෙමව්පියන්, ඒ සියල්ලටම වඩා නරක, ළමයා ගැන සොයා නොබලන දෙමව්පියන් බොහෝ දෙනෙකි. ඉතින් සන්නිවේදනයක් ගැන කවර කතාද?
ඉහත 1-5 කරැණු වලට අනුකූළව හදන දරවන් වැඩිහිටියන් වන්නේ මානසික රෝග ගණනාවක්ද සමඟිනි. ඒ අතරින් අධික හීනමානය, බොරැ කීම, ප්‍රතිපත්තියක් රහිත වීම, දුෂ්ඨ කුහක ඊර්ශ්‍යා පරවශ ගති, අධික සෘනාත්මක තරඟය, කෝපය පාලනය කළ නොහැකි කම, අතහැරීමට නොහැකි කම, සන්නිවේදනට නොහැකි කම, ප්‍රතික්ශේප වීමට ඇති අධික බිය, පරාජය දරා ගැනීමට නොහැකි කම, ජීවිතය විඳීමට නොහැකි කම, අධික සැකය/බිය ආදිය සමහරකි. ලoකාවේ බොහෝ ප්‍රශන වලට මුළ මානසිකව අසමතුළිත මිනිසුන් බහුල කමය යනු මගේ හැඟීමයි.
Monday, October 4, 2021
යොහානි ඉගැන්වූ ලොකුම පාඩම
යොහානි ගේ සoගීත දිවියට මුලින්ම සුබ පතනවා. ඒත් මට කියන්නට ඕනේ යොහානි ගේ සoගීතය ගැන නොවේ. යොහානිගෙන් අපට ඉගෙන ගන්න ලැබුනු අපූරැ පාඩම් ගැනයි.
ලoකාවේ සාම්ප්‍රදායික දෙමව්පියො සාමාන්‍යයෙන් දුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ සාරි ඇඳල, කොන්ඩෙ වවල, නැටුම් ගැයුම් නැති, සoවර ලෙස ගෙයි මුල්ලෙ ඉන්න චරිතයක්. ඒත් යොහානි ඒකෙ අනිත් පැත්ත. කොන්ඩය කපල, පාට කරල, අළුත් විලාසිතා වල ඇඳුම් ඇඳල, ස්ටේජ් වල නැගල නට නටා හයියෙන් හිනා වෙවී... කොටින්ම අර ස්ටෑන්ඩර්ඩ් සoවර ගෑනු චරිතය ප්‍රසිද්ධියේම ප්‍රතික්ශේප කරල සoකර ගෑනු ළමයෙක් ලෙස පෙනී හිටිනවා. දියුණු රටවල යොහානිගෙ ඉමෝ (Emo Music) ශෛලිය බොහොම සාමාන්‍ය වුවත් අන්තර්ජාතික Soprano ගායිකා කිශානි ජයසිoහගේ ගායනය පූසෙකුගෙ මර ළතෝනියකට සමාන කරල ගඩොල් බාගෙකින් ගහන්න කියපු නූගත් බයියන් ඉන්න කොමිටල් විජිතයක මේක ලොකු වෙනසක්. ගෑනු ළමයෙක් කරන්න තියා හිතන්නවත් බය වෙන වෙනසක්. ඒත් ඒ කුඩා ශරීරයක් හිමි කුඩා කෙල්ල යොහානි ඒක කලා.
ලoකාවේ සාම්ප්‍රදායික රසිකයො කියන්නෙ බොහෝ විට මෙලෝ රහක් නැති, ලෝකයේ සoගීත ශෛලීන් ගැන මෙලෝ දැනුමක් නැති, නන්දා මාලනීගෙ හෝ වෙනත් ප්‍රබුද්ධ සoගීතඥයෙකුගෙ ගීතයක් දෙකක් අහල සoගීතය ගැන හෙන පොරවල් කියල හිතන් ඉන්න, දුක් විය යුතු ගීතයකට නටන, නැටියයුතු ගීතයකට කම්මුලේ අත තියාගෙන බලන් ඉන්න ජාතියක්, ගායිකාවකගෙන් "සුමට කාන්තා කටහඬක්" බලාපොරොත්තු වෙන. ඒත් යොහානිගෙ කටහඬ ඒ සම්ප්‍රදායික සුමට කාන්තා කටහඬ නොවේ, ඇයට අනන්‍ය "අමුතු" කටහඬක්. ඇය රසිකයන්ගේ එම සාම්ප්‍රදායික රසිකත්වයත් අභියෝගයට ලක් කරා.
ලoකාවේ සාම්ප්‍රදායික දෙමව්පියො සාමාන්‍යයෙන් දුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ පාඩම් කරල දොස්තර කෙනෙක් බැරි නම් ටීචර් කෙනෙක්වත් වෙන්න, මොකද ගෑනුන්ට සුදුසු ඒ රැකියා. ඒත් යොහානි තෝර ගත්තේ පිරිමින්ටවත් ලෙහෙසියෙන් කළ නොහැකි රැකියාවක්. ගොඩක් වෙලාවට අවමානයට පහළට දාන රැකියාවක්. ඒත් යොහානි ඒ රැකියාවට අළුත් වටිනාකමක්, ගෞරවයක් එකතු කලා. කෙල්ලෙක්ටත් තනියම හොඳ එන්ටර්ටේනර් කෙනෙක් වෙන්න පුළුවන් බව ඔප්පු කලා.
ලoකාවේ සාම්ප්‍රදායික මිනිස්සු ගැහැනුන්ට නොයෙකුත් මානසික දම්වැල් දමනවා, රෑට ගමන් යන්න එපා, තනියම යන්න එපා, අරෙහෙම අඳින්න එපා, අරෙහෙම හැසිරෙන්න එපා, සිනා නොමසෙන් දසන් දක්වා වගේ. යොහානි ඒ මානසික දම්වැල් සියල්ල කඩාගෙන ආපු කෙනෙක්. Chain breaker කෙනෙක්.
යොහානිට එයාගෙම අනන්‍යතාවයක් තියෙනවා, එයා මේක් අප් දාන විදිහෙ ඉඳල කටහඬ, ඇඳුම්, හැසිරීම සියල්ලම ඒ අනන්‍යතාවයේ කොටස්. ඒ නිසාම යොහානිගේ වටිනාකම වැඩියි. යොහානි ඒ අනන්‍යතාවය ලෝකයාට බයේ විනාශ කරගත්තේ නැහැ, අද වන විට ඇයට එහි ප්‍රතිලාභ ලැබිල තියෙනවා.
යොහානිගෙ ඇටිටියුඩ් එකත් හරිම විශේෂයි. ඉහත සියළුම විශාල පෙරළි කලේ හරි සැහැල්ලුවකින් හරිම සාමාන්‍ය දෙයක් කරනව වගේ. ඒ නිසා නලින් සීය ඇතුළු හේටර්ස්ලට යොහානිව වට්ටන්න බැරි උනා.
යොහානි එසේ බැබලෙන කාලෙමයි අම්මලගෙ තාත්තලගෙ බලකිරීමට දොස්තරල වෙච්ච ගෑනු ළමයි කොරෝන නිසා නන්නත්තාර උනේ. සල්ලි හොයන්නයි තත්වය හොයන්නයි දොස්තරල වෙච්ච ගෑනු ළමයි අමාරැවෙන් අකමැත්තෙන් බයේ ගැහි ගැහී වැඩට යද්දි, රෝගීන්ගෙ අප්‍රසන්න අත්දැකීම් - ලේ සෙම් සොටු මළ මුත්‍රා විළාප මැද රෝහල්වල දුක් විඳිද්දි මෙන්න යොහානි අර අවමානයට පහළට දාන රැකියාව කරල එක රැයින් කෝටියතිනියක් වෙලා, ලෝකය පුරාම ජනප්‍රිය වෙලා, සැප සම්පත් මැද සතුටින් තමන්ගෙ රස්සාව කරගෙන ඉන්නවා. යොහානිගෙ බොස් යොහානිමයි. කාටවත් ඔළුව නවන්න බැනුම් අහන්න ඕනෙ නෑ.
දෙමව්පියන්ගෙ බල කිරීමට කොන්ඩෙත් වවන් සාරිත් ඇඳන් අම්මල හොයල දුන්න කසාදයකුත් කරන් ඩොකෙකුත් වෙලා අකමැත්තෙන් අසතුටෙන්ජීවත් වෙන "යොහානිල" කොච්චර මේ රටේ ඇත්ද? ඒක නිසා තමන්ගෙ දරැවන්ගෙ සහජ දක්ශතා මරල දාල ඔවුන් බලෙන් වෘත්තිකයන් කරන්න හදන්න එපා. ඒවගේම දරැවන්ගේ පෞරැෂය ලෝකයට බයේ මරල දාන්නත් එපා. දරැවන්ට එයාලගෙ අනන්‍යතාවය සොයා ගන්නට උදව් කරන්න.
බයියෙකුගේ සොරි ලයිෆ් එක ගැන glimpse එකක්
බයියා නම් විපරීත ජීවියාගේ සොරි ලයිෆ් එක ගැන කුඩා අදහසක් ගැනීමට කසුන් පෙරේරා නමින් ගොසිප් ලoකාහි කුළියට කොටන ජීවියාගේ හිනා යන කොමෙන්ටු කීපයක්;
1. සුසන්තිකාට 55 වනතුරුම ක්‍රීඩා අමාත්‍යාංශ උපදේශක ධූරය ලිපියට කොමෙන්ටුව - සුදුස්සා සුදුසු තැනට....ආඩම්බරයි රාජපක්ෂ වරුනි....කවුරු කෙසේ කීවත් නුබලා තරම් අප රටේ සන්වර්දනයට ඉඩ දුන් රටක් තවත් නැත.......නාමල් පුතේ යෝෂිත පුතේ, රෝහිත පුතේ තාත්තගෙන් පසු මේ දිවයිනේ සැබෑ අයිති කාරයො නුබලයි.....එන්න මේ රට බාර ගන්න අපව බේර ගන්න....නුබලට චිරන් ජයතු ......
2. රෝහිත රාජපක්ෂ වයඹ මහඇමති තරග සටනට එන කතාව හා නැතිවී හමුවූ පූසා ලිපියට කොමෙන්ටුව
ආඩම්බරයි පුතේ.....! තිස් වසරක යුද්දය අවසන් කල නුබෙ පියා නොහිටින්න අපි අද ජීවතුන් අතර නෑ....රාජපක්ෂ යුගය යනු අප රට සන්වර්දනයෙ හිනි පෙත්තට නැගි යුගයයි....පියාගෙන් පසු ඔබලා පමනයි මේ රට ජාතිය වෙනුවෙන් නැගී සිටින්න අපට ඉතුරු වෙලා ඉන්නෙ..හිමින් සැරේ නාමල් අයියා වගේ ඉදිරියටම එන්න..පුතාට බුදු සරනයි..! මගේ රටට ජය වේවා..!!!
3. අවම බස් ගාස්තුව රු.25ක් විය යුතුයිලු ලිපියට කොමෙන්ටුව
රාජපක්ෂ වරු තරම් රට ජාතිය වෙනුවෙන් අපමන සේවයක් කල පිරිසක් තවත් නැත...අහස පීරන ගොඩ නැගිලි, අදිවේගි මාර්ග..කවදාවත් ලාන්කිකයකුට බලන්න අවස්තාවක් නොලැබුනු නෙලුම් කුලුන...මෙවන් විස්කම් පෑ රාජපක්ෂ යුගය කිසිදා අමතක නොකල යුතුයි.....කොරෝනා නිසා එයාලට ටිකක් අමරුයි රට ගෙනියන්න...එ නිසා බස් ගාස්තු වැඩි කරලා හරි අප සහයෝගයක් ලබා දිය යුතුයි......රාජපක්ෂ වරුනි අප ඔබ සමගයි
4.ඉන්දීය විදේශ ලේකම් ත්‍රි‘මලේ තෙල් ටැංකි නිරීක්ෂණය කළේ ඇයි?ලිපියට කොමෙන්ටුව
දැවැන්ත සන්වරදනයෙ මන් පෙත් ශ්‍රි ලන්කිකයන්ට විවර කර දුන් රාජපක්ෂ යුගය අපට කිසිදා අමතක නොවේ අහස පීරන ගොඩ නැගිලි අපට ලබා දුන්නෙ නුබලායි..නාමල් රෝහිත යෝෂිත පුතේ මේ නුබලගෙ කාලයයි....රට බාර ගන්න අපව රැක ගන්න....! අප නුබලා සමගයි...චිරන් ජයතු
5. යළි දිවයිනට ආ ජනපති නිවසේදී යුරෝපා දූත පිරිසක් හමුවෙයි ලිපියට කොමෙන්ටුව
රාජපක්ෂවරුනි නුබලාගෙ අගය මේ පාපතර මිනිසුන්ට තෙරෙන් නෑ....නුබලා නිසා තමයි අද අපි අසහ පීරන ගොඩ නැගිලි දකින්නෙ..ගුවන්තොටුපලවල් දකින්නෙ.....ඉතාමත් අලන්කාර කුලුනු දකින්නෙ......ඉතින් රාජපක්ෂවරුන් නිසා තමා අද මෙ පින් බිම මෙ විදියට හරි තියෙන්නෙ....නාමල් පුතේ යෝෂිත පුතේ රෝහිත පුතේ තාත්තගෙන් පස්සෙ නුබලයි මේ රට බාර ගන්න ඉන්නෙ....එන්න අපේ රට බබලවන්න...අපිව බේර ගන්න...චිරන් ජයතු
6. හිත හොඳ ග්‍රාම නිලධාරී ඝාතනය ඉඩම් ප්‍රශ්නයක් නිසා ලක්ෂ එකහමාරක කොන්ත්‍රාත්තුවක් ලිපියට කොමෙන්ටුව
රාජපක්ෂවරු නොහිටින්න කවදාවත් මෙ මිනිමරුවො අල්ලන්න අපට බෑ......ඔවුන් අප රට දෙවි දේවතාවන් සේ රකිනවා.....නාමල් පුතේ යෝෂොත පුතේ රෝහිත පුතේ මෙ නුබේ වාරයයි...එන්න අපව බාර ගන්න...අප නුබලා සමගයි..චිරන් ජයතු
ගෙවුණ වසර දෙකේ ‘මගෙනුත් අඩුපාඩු වෙන්න ඇති‘ ජනපති කියලා, GMOA පාදෙණිය ඇතුළු කණ්ඩායමට අධිකරණ නියෝග, තිරුකුමාර් නඩේසන් අල්ලස් කොමිසමට ඇවිත්, 2019 සිට ගෙන්වූ අධි සුඛෝපබෝගී වාහන 400 ක් කොළඹ හා හම්බන්තොට වරායවල සිරවෙලා වගේ වගේ නිවුස් වලට මුකුත් තාම ගැටගහගන්න බැරි වෙලා නිසා මම ඒ ස්ටයිල් එකට නොමිලේ ලියල ඌට සප් එකක් දෙන්න හිතුව, බලන්න හොඳද කියල;
1. මගෙනුත් අඩුපාඩු වෙන්න ඇති‘ ජනපති කියලා ලිපියට මගේ කොමෙන්ටුව
අපේ ජනාධිපතිතුමා හා බැසිල් මහත්තයා කොච්චර නිහතමානීද. එයාලගෙන් වැරදි වුනා කියලා පිලි අරන්. සුළු වැරදි වගේද රාජපක්ෂවරු තරම් මේ රටට සේවයක් කල රජයක් සිටියේ නැත..ඔවුන් අප රට දෙවි දේවතාවන් සේ රකිනවා.....නාමල් පුතේ යෝෂොත පුතේ රෝහිත පුතේ මෙ නුබේ වාරයයි...එන්න අපව බාර ගන්න...අප නුබලා සමගයි..චිරන් ජයතු
2. GMOA පාදෙණිය ඇතුළු කණ්ඩායමට අධිකරණ නියෝග ලිපියට මගේ කොමෙන්ටුව
පල ඇති රැකටයි ගල් ගහන්නෙ, පාදෙනිය මහත්තය රාජපක්ෂවරු ගේ දෑත ශක්තිමත් කරපු මිහිපිට දෙයියෙක්.නුබලාගෙ අගය මේ පාපතර මිනිසුන්ට තෙරෙන් නෑ.....නාමල් පුතේ යෝෂොත පුතේ රෝහිත පුතේ මෙ නුබේ වාරයයි...එන්න අපව බාර ගන්න...අප නුබලා සමගයි..චිරන් ජයතු
3. තිරුකුමාර් නඩේසන් අල්ලස් කොමිසමට ඇවිත් ලිපියට මගේ කොමෙන්ටුව
පල ඇති රැකටයි ගල් ගහන්නෙ, තිරුකුමාර් නඩේසන් මහත්තය රාජපක්ෂවරු ගේ දෑත ශක්තිමත් කරපු මිහිපිට දෙයියෙක්.නුබලාගෙ අගය මේ පාපතර මිනිසුන්ට තෙරෙන් නෑ.....නාමල් පුතේ යෝෂොත පුතේ රෝහිත පුතේ මෙ නුබේ වාරයයි...එන්න අපව බාර ගන්න...අප නුබලා සමගයි..චිරන් ජයතු
4. 2019 සිට ගෙන්වූ අධි සුඛෝපබෝගී වාහන 400 ක් කොළඹ හා හම්බන්තොට වරායවල සිරවෙලා ලිපියට මගේ කොමෙන්ටුව
රාජපක්ෂවරු නොහිටින්න කවදාවත් මෙ අධි සුඛෝපබෝගී වාහන අල්ලන්න අපට බෑ......ඔවුන් අප රට දෙවි දේවතාවන් සේ රකිනවා.....නාමල් පුතේ යෝෂොත පුතේ රෝහිත පුතේ මෙ නුබේ වාරයයි...එන්න අපව බාර ගන්න...අප නුබලා සමගයි..චිරන් ජයතු
5. සියදිවි බේරාදුන් වනජීවි නිලධාරියාගේ පපුව මතදි අවසන් හුස්ම හෙළූ කඳුකර ගෝරිල්ලා ලිපියට මගේ කොමෙන්ටුව
ඔය හැමදේම රාජපක්ෂවරු නිසා බව අමතක කරන්න එපා...නාමල් පුතේ යෝෂොත පුතේ රෝහිත පුතේ මෙ නුබේ වාරයයි...එන්න අපව බාර ගන්න...අප නුබලා සමගයි..චිරන් ජයතු
-
ඇතැම් ශ්‍රී ලාoකික සිoහල බෞද්ධයන්ගේ බෞද්ධකම පෙන්වන විලාසිතාවක් වන්නේ නිවසට හරක් හෝ උෳරැ මස් ගෙන ඒමෙන් වැළකීමයි. එම නිවෙස් වල බොහෝවිට කුකුළු...
-
පාරමී වන්නිආරච්චි මුහුණුපොතේ "අප කන්නේ බත් නොව මුදල් හා කාලයයි" යන ශීර්ෂයෙන් ලියූ ලoකාවේ අපගේ සoකීරණ ආහාර පුරැදු ගැන පෝස්ටුවක් ම...
-
https://hessianwithteeth.files.wordpress.com/2014/11/agnosticism-atheism.png (9.19.2019) ජේමිස් බණ්ඩාගේ අසම්මත සටහන් අඩවියේ පළවූ ...
-
තිස්ස ජනනායක ගැන කතා කරන්නට හිතන් නොසිටි වෙලාවක මුහුණු පොතේ එක් තරැණ දරැවෙකුගේ පෝස්ටුවක් දැක්කා. ඒ කුරුකුලසූරිය රවිඳු නිරංග ප්‍රනාන්දු පුතා...
-
අම්පිටියේ සුමනරත්න හිමි බෞද්ධයන්ව අන්‍යාගමීකරණය කිරීමට පැමිණි පුද්ගලයෙකුට ගැසූ කණේ පහර ගැන මේ වන විට විශාල කතිකාවක් සමාජයේ ඇතිවී තිබීම නිසා...
-
කාන්තාවන්ට ජීවත් වීමට නුසුදුසු රටක් බවට දිනෙන් දිනම ලoකාව පත් වේගෙන එන බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි. සමහර අය දැන් මෙතන වැළලෙන්න හදන්න එපා...
-
උක්ත ගැටලුව මගේ සිතට තදින්ම දැනෙන්නට පටන් ගත්තේ ඇමරිකා එක්සත් ජනපදයට පය තැබූ පසුය. ලංකාවේ සිටිද්දී මා සිතුවේ පොදු දේපල අනිසි පරිහරනය බො...
-
පාරමී වන්නිආරච්චි මුහුණුපොතේ ලියූ පෝස්ටුවක් දුටු විට කාලයකට පෙර විපාගෙ අඩවිය ලියන විපුලගෙ කොමෙන්ටුවක් මතක් උනා, ලoකාවේ අපගේ සoකීරණ ආහාර පුර...
-
1. එඩී ජයමාන්නගේ කොලොම්පුරේ ශ්‍රියා https://www.youtube.com/watch?v=vlwPsJk3Bfw 2. එඩී ජයමාන්න සහ මේබල් බ්ලිත් (?) ගේ මම මනමාලි ඔබේ htt...
-
People say this is fake, please consider that possibility too ලොව ප්‍රකට ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලේ වත්කම් සහ සැඟවූ...