Friday, July 31, 2020

කවදද වැරදිලා තියෙන්නේ? by Thusitha Ranabahu Nanayakkara

#දේශපාලන වහල් බවින් අන්ධ වූවන්ට නොව නිදහස් අදහස් දරන්නන්ට දැන ගැනීමටයි මේ ටික. (අතීත කාමය නෙ⁣වේ , සත්‍යයකි ) JR බලයට එනකොට ලංකාවට නිදහස ලැබිලා යාන්තමින් අවුරුදු 28යි. #ඒ වෙනකොට අපි ඔරුවල වානේ සංස්ථාවේ ඇල්පෙනෙත්තේ ඉඳලා පාලම් කාප්ප දක්වා වානේ භාණ්ඩ දේශීයව නිපැදුවා. #ඉන්දියාවට වෙනම වර්ගයේ උදැල්ලක් කිඹුලා ලකුණෙන් තලය මහත ලංකාවේ හැදුවා. ඒවා එක දිගටම ඉන්දියානු ගොවියට ලංකාවෙන් යැවුනා. #UniC රේඩියෝව හදලා ආසියාවේ රටවල් වලට අපනයනය කරා. #රටේ හැම ගමකම weaving mills දාලා අපේ රෙදි පිලි අවශ්‍යතාවය ගම් මට්ටමින්ම සපුරා ගත්තා. #එතකොට මදුරු දැල් තිබුනා ඩියුරෝ කියලා සවි ශක්තිය අතින් ඉහලයි. #දාසලා රාණි, සඳුන් සබන් දේශීය අමු ද්‍රව්‍ය වලින්ම නිපදවලා පිට රටටත් අපයනය කලා. අදත් චෙන්නායි වල බර්මා බසාර් ගිහිල්ලා අහලා බැලුවොත් රාණි සබන් වලට ලොකු ඉල්ලුමක් තියනවා. #අපේ ගෙවල් වල විතරක් නෙමේ කඩවල් හෝටල්වල භාවිතා උනේ පැරකුම් condensed milk. ලංකාවෙම තණ බිම් වලින් අපේ කිරි අවශ්‍යතාවය සපුරා ගත්තා. මුස්ලිම් ගොවි මහත්වරු පොලොන්නරුවේ විශාල වශයෙන් කිරි නිපැදවූවා 🐄 🐄 . දැං ඒ ඔක්කොම වගේ පිටරටින් තොරම්බල් බඩු ගේන්න පුරුදු වෙලා. #ඒ කාලේ ⁣Proton car ලංකාවේ ගහන්න ඉඩක් ඉල්ලනකොට අපි දුන්නෑ මොකද අපි Upali Fiat එක හදන නිසා තව නොබෝදිනකින් saloon car එකක් ලෝකෙට හඳුන්වා දෙන්න කියලා බලාපොරොත්තු තිබුණු නිසා. #වරායෙන් අපනයනය වූ බඩු අතර පලයාකාට් සරොම් තොග ගණන් (containers ප්‍රසිද්ධ නැති යුගයක) ඩියුරෝ රෙදි පිලි තොග ගනන් යැවුවා, #ලංකා සිල්ක්, බතික් අපේම අමුද්‍රව්‍ය වලින්. St.Bridget එකේ Sistersලා පට පණුවන්ගෙන් සිල්ක් නූල් අරන් රෙදි නිපදුවා. පස්සේ මේ වැඩේ චීනෙන් ගේන්න මුස්ලිම් මුදලාලිලාට බාර දුන්නා. #ලේලන්ඩ් වාහනේ ලංකාවට ඉන්දියාවෙන් එනකොට දාලා එව්වෙ කැළණි ටයරය ලොකුවට made in Sri Lanka 🇱🇰 කියලා ලියලා. #බරවාහන දේශීයව හදාගන්න කාලය අත ලඟ කියලා හීන දැක්කා. ලංකාව, සෝමාලියාවක් වෙලා තිබුනා කියන අය ලංකාවට ආසියාවේ ස්විට්සර්ලන්තය කියපු කාලක් තිබූ බව දන්නැතුව ඇති. #චොකලට් 🍫 කර්මාන්තය පටන් අරං පිටරටවල පවා කොකෝවා වැව්වා ලංකාපුත්‍රයන් යටතේ ඒ රටවල මිනිස්සු වැඩ කරා. අපිට එහෙව් යුගයක් තිබුනා. #එවකට ආසියාවේ තෙවෙනි නිශ්පාදන ආර්ථිකය තිබුණු කවරදාකවත් ලෝකෙ එක එකාට වහල්කම් නොකරපු ජාතියක ප්‍රධානම ආදායම් මාර්ගය වහල් සේවය මෙන්ම සාඩම්බර ලාංකික ගැහැණිය අරාබියට විකුණලා දැම්මා. (පස්සෙ ආපු එකදු ජනාධිපති කෙනෙක්ටවත් මේ රටේ ගෑණු වහල් සේවයට යවන එක නවත්තන්න උවමනාවක් තිබුනෙ නෑ. එකම එක්කෙනෙක් ඒ වැඩේ ටිකාක් විතර control කරා එච්චරයි) #සිංගප්පූරුව හදන්න පෙර ලී ක්වාන් කියනවා මම මලක්කාවේත් ලංකාවක් හදලයි පස්ස බලන්නේ කියලා. (ලී ක්වාන් ගේ Third world to first world පොත බලන්න). #කුඩා දරුවන් වූ අපි නිතරම අධ්‍යාපන චාරිකා ගියා අපේ දේශීය කර්මාන්ත ශාලා නැරඹීමටයි. අද ලුණු ටිකත් ඉන්දියාවෙන්. #මේ කිවූ කිසිම දෙයක් නාදුනන මා කීවාට පිළිනොගන්න. කරුණු ⁣තව දුරටත් සොයාබලා විශ්වාස කරන්න. #එකල අපිට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමා ඉන්දියාවෙන් සහ මාලදිවයිනෙන් බෝට්ටුවල ⛵ නැගලා නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ පැමිණීම. අද 1977ට පස්සේ, අපි ⛵වල පාවෙලා ජීවිත පවා නැති කරගෙන වෙන රටවල් වලට පනින ලැජ්ජා නැති ජාතියක් වෙලා. කවදද වැරදිලා තියෙන්නේ? Thusitha Ranabahu Nanayakkara https://www.facebook.com/dewlowathusitha/photos/a.476370592794639/731406020624427/

Wednesday, July 29, 2020

සැබෑ ප්‍රශ්නය හඳුනා ගන්නේ කෙසේද - දෙවන කොටස

සැබෑ ප්‍රශ්නය හඳුනා ගන්නේ කෙසේද දෙවන කොටස යනුවෙන් මුල් ලිපියේ දෙවන කොටසකුත් ලියන්නට අදහස් කලේ එකී සිදුවීමට අදාලව ශ්‍රී ලාoකිකයන්ගේ ආකල්ප ගැන කතා කරන්නට තව බොහෝ කාරණා හිතට ආ නිසායි. මගේ පළමුවන ලිපිය කියවපු නැති අයට මම ලිපියේ කතා කරන ෆේස් බුක් පෝස්ටුව කියවීම සඳහා ලිපිය යටින් නැවතත් කහපාට අකුරින් දක්වා තිබෙනවා. මම නැවතත් කියනවා මේක ලියපු පුද්ගලයාට හොඳ හදවතක් තිබෙන බව. එහි කිසිම විවාදයක් මට නෑ. නමුත් හොඳ හදවතක් තිබීම පමණක් මදි සමාජයේ හොඳින් ජීවත් වෙන්න, ඒ සඳහා හොඳ ආකල්පත් තිබිය යුතුයි. කෙනෙකුගේ හොඳ/නරක ආකල්ප ඇති/නැති වීමට ඔහු/ඇය කුඩා කාලයේ වැඩිහිටියන් ගේ දුටු හැසිරීම සහ ඔහු/ඇය ජීවත්වෙන සමාජයේ ආකල්පත් තදින්ම බලපානවා. ඉතින් වැඩිහිටියන් ගේ හැසිරීම සහ ජීවත්වෙන සමාජයේ ආකල්ප විකෘති වූ විට හොඳ හදවතක් තිබෙන යහපත් මනුස්සයෙක් පවා ආකල්ප විකෘති වී  අමනෝඤ වැඩ කරනවා, එක්කෝ සමාජ පීඩනය නිසා නැත්නම් ඒකෙ වරදක් දකින්නට නොහැකි ලෙස සමාජය යම් වරදකට අනුගත වෙලා ආදී හේතු නිසා. 

ලාoකික සමාජයේ කාට හරි උදව් කිරීමේදී ඒ උදව්ව නියමිත අවම ගුණාත්මක භාවයෙන්වත් ලබා දීමට පුළුවන්ද යන්න සළකා බලන්නේ එහෙමත් කෙනෙක්. "මම ඔබට කරන්නේ උදව්වක්, ඒ නිසා ඒකෙ වැරදි අඩුපාඩු තිබුනට කමක් නෑ, මට පුළුවන් ප්‍රමාණය මෙපමණයි" වගේ ආකල්පයක් තිබෙන්නේ. මේ පෝස්ටුවේ ලියුම්කරැ කියන්නේද එයයි.  සිසුවාට යතුරැපැදියෙන් lift එකක් දෙන්නට පුළුවන්, හැබැයි හෙල්මටයක් දෙන්නට නැහැ. මම කරන්නේ උදව්වක්, ඒ නිසා ඒකෙ වැරදි අඩුපාඩු තිබුනට කරන්න දෙයක් නෑ, පොලීසිය උනත් ඒක තේරැම් ගන්න ඕන, මොකද මමත් අමාරැකම් මැද ජීවත් වෙන මිනිහෙක්, මට පුළුවන් ප්‍රමාණය මෙපමණයි වගේ අදහසක් තමයි කියැවෙන්නේ. මේක අප අතර මුල් බැසගෙන ඇති වැරදි ආකලපයක්. කෙනෙකුට උදව්වක් කිරීමේදී එහි අවම ගුණාත්මක භාවයවත් ලබා දීමට ඔබට නොහැකි නම් කරැණාකර එසේ උදව් කරන්නට එපා. ඒකෙන් උදව්වකට වඩා අන්තිමට අනර්ථයක් වීමට ඉඩ වැඩියි. දැන් මේ "උදව්ව" නිසා සිසුවාට අන්තිමේදී සිදු වූ අනර්ථය සළකා බලන්න; 

1. රැපියල් එකසිය හතලිහක් නැති වීම

2. අනවශ්‍ය රණ්ඩුවකට මැදි වීම

3. මම පගාව දෙන්නෙ නෑ යකෝ යැයි ලියුම්කරැ කෑගසද්දී සහ එම මුදල ඉරද්දී ලැජ්ජාවට, අපහසුතාවයට පත් වීම 

4. ගෙවල් ලඟ පොලිස් නිලධාරියෙක් තරහ කර ගැනීම නිසා පළිගැනීමට ලක් වේදැයි සැක බිය ඇති වීම 

5. තමන්ට උදව් කරන්නට ගිය මිනිසා කරදරේ වැටීමේ හිත් වේදනාව

6. මෙම පෝස්ටුව ඔහුගේ අනුමැතිය රහිතව කල එකක් නම් ඉන් ඇතිවන අපහසුතාවය

7. පගාව දීම රටේ නීතිය අනුව දඬුවම් ලැබිය හැකි වරදක්. පගාව දීමට තැත් කිරීම නීතිය අනුව දඬුවම් ලැබිය හැකි වරදක්ද කියා මම දන්නේ නෑ. ඔරිජිනල් පෝස්ටුවේ දඩ කොළයේ ඡායාරෑපයක් තිබෙන නිසා ශිෂ්‍යයාගේ අනන්‍යතාව පහසුවෙන් සොයා ගත හැකියි. නඩු නිමිත්තක් ඇති වී තිබෙනවා  විය හැකියි.

8. ඒ මදිවට හැප්පෙන්නෙ පොලීසියත් එක්ක, නීතියට අනුව වැරැද්දත් තමන්ගේ, පොලීසියේ රාජකාරියට බාධා කිරීම නිසා තවත් නඩු නිමිත්තක් ඇති වී තිබෙනවා විය හැකියි. අපරාදෙ කියන්න බෑ ලස්සනට තමුන් කරපු වැරදි ටික ස්වේච්ඡාවෙන්ම ලියල තියෙනවා. 

මෙතනදී තව දෙයක් අවධාරණය කරන්නට කැමතියි. තමන්ට අසාධාරණයක් උනාම සමාජ මාධ්‍ය වල පල කිරීමේ ප්‍රවනතාවය හුඟක් හොඳයි, නමුත් එසේ කරන්නට පෙර හොඳින් සිතා බලන්න. නෛතික පසුබිම, සයිබර් අපරාධකරැවන්ට තම දත්ත ලබා ගැනීමේ ඉඩ කඩ ආදී කරැණු නොසිතා අනුන් ඉලක්ක කර ක්‍ෂණික කෝපය නිසා පල කරන පෝස්ටු බූමරoගයක් මෙන් කැරකී තමාට අගතියක් කල හැකියි. මෙතැනදීම තව දෙයක් කියන්නට ඕනෙ. ට්‍රැෆික් පොළිස් නිලධාරියෙක්ගේ රාජකාරිය හරි අමාරැ වගේම අවදානම් එකක්. AC කාමරයක කොම්පියුටරයෙන් පොළිස් නිලධාරියාට බැන බැන කොමෙන්ටු දාන අය ඉර මුදුන් වෙලාවෙ පැයක් පාරෙ නිකම් හිටගෙන ඉඳල බලන්න. පොළිස් නිලධාරියා කලේ වැරැද්දක් තමයි, ඒකට මූණට බැනපු එක ප්‍රමාණවත්. ආයෙ මෙහෙම පෝස්ට් දාන්න තරම් විශාල වරදක්ද ඒක? මේ පෝස්ටුවේ මාතෘකාව "යට කරලා මරන්න තරම් මුන් තිරිසන්නු නෙමෙයිද?", ඒ මාතෘකාව හරිද? එදා කරබාගෙන මේ මනුස්සයගෙ තරහ පිට කර ගන්න දුන්නට මේ පෝස්ටුව තම නම්ගම් සහිතව වෛරල් ගිහින් අනිත් පොළිස් නිලධාරින්, තම බොස්, පවුලේ අය ආදීන් ගේ නිග්‍රහයට ලක් වූ විට මෙම පොළිස් නිලධාරියාගේ ප්‍රතිචාරය කුමක් වේද? ඔහුගේ පොළිස් සගයින් return එකක් නොදේවි යැයි කිව හැකිද? තමන් හරි නම් ඕන දෙයක්. නිදාගෙන ඉන්න සිoහයෙක්ව හොඳ හේතුවක් නැතුව නැගිටවා කුපිත කරවන්න එපා.  ඔබගේ සටන් තෝරා බේරාගෙන කරන්න (Choose your battles!).

9. දැන් අපි මෙහෙම හිතමු, එදා රෑ මේ යතුරැපැදිය අනතුරකට ලක් වෙනවා. හෙල්මටය නොමැති නිසා සිසුවාගේ හිස ගලක හැපී ඔහු මිය යනවා. දැන් ඔබ තෝරා ගන්නේ සිසුවා පයින් කිලෝමීටර තිහ යාම හොඳයි කියලද හෙල්මටය නොමැතිව යතුරැපැදියේ යාම හොඳයි කියලද? මම නම් තෝරා ගන්නේ සිසුවා පයින් කිලෝමීටර තිහ යාම හොඳයි කියලා.  අනතුරක්  සිදු වීමට ඇත්තේ කුඩා සම්භාවිතාවක් බව ඇත්ත, නමුත් සියළුම අවස්ථා වල අදාළ ආරක්‍ෂක උපක්‍රම: සීට් බෙල්ට්, හෙල්මට්,  ලයිෆ් ජැකට් (බෝට්ටු වල යද්දි) ආදිය, අනුගමනය කල යුතුයි, ඒවගේම ආරක්‍ෂක උපදෙස් අවබෝධ කරගෙන පිළිපැදිය යුතුයි. උදාහරණයකට දිය නෑමේදී නෑමට සුදුසු/නුසුදුසු ස්ථාන ගැන ඇති දැන්වීම් පුවරැ, ගුවන් යානයක් ගුවන්ගත වීමට පෙර අනතුරකදී හැසිරියයුතු ආකාරය ගැන ගුවන් සේවකයෙක්/සේවිකාවක් කරන ඩිමෝ එක ආදිය. බොහෝ රටවල මිනිසුන්ට මේවා පොලීසියෙන් ඇන ඇන කියන්නට ඕන නැහැ. මොන අවාසනාවකටද මන්දා ලාoකික සමාජයේ මිනිසුන්ට අනතුරකට පෙර ආරක්‍ෂාව සළසා ගැනීම ගැන හැඟීම හරි අඩුයි. ඒ නිසා පහසුවෙන් වළක්වාගත හැකිව තිබූ අනතුරැ වලින් සෑහෙන දෙනෙක් මිය යනවා. මෑතකදී ප්‍රී ෂූට් එකකට දිය ඇල්ලක ළඟටම ගොස් ඇල්ලට වැටී තරැණයා මිය යාම, වාහනයක් හදද්දී කාබයිට් ටැංකිය පිපිරී පෑස්සුම් ශිල්පියා මිය යාම, කලකට පෙර විහිළුවට මිතුරාගේ ගුද මාර්ගයට compressed air බටය අල්ලා එම මිනිසා මිය යාම, අතොරක් නැතුව ආරoචි වන බෝට්ටු පරලී පවුල් පිටින් මිය යාම නැතිනම් වාහනයේ රියදුරාට නින්ද ගොස් පවුල් පිටින් ඇක්සිඩන්ට් වීම ආදිය සිදුවීම් කිහිපයක්. මෙසේ මිනිසුන් අපරික්‍ෂාකාරීව හැසිරීමට බොහෝ හේතු තිබිය හැකි නමුත් මම විශ්වාස කරන පරිදි ආගමික හෝ මිත්‍යා විශ්වාසයන් මත වැරදි ලෙස එල්බීගෙන මට අනතුරක් නොවේ යන අධි විශ්වාසයෙන් කටයුතු කිරීමට යාම එක ප්‍රධාන හේතුවකි. තම මෝටර් රථයේ දෙහි සහ මිරිස් එල්ලාගත් පළියට, මෝටර් රථයේ බුදු පිළිම හෝ කුරැස ආදී ආගමික සoකේත එල්ලාගත් පළියට, බෙල්ලේ සුරයක් එල්ලාගත් පළියට අනතුරක් නොවේ යැයි සිතන්නේ මානසික රෝගීන් ය. 

බලන්න මේ කොටස දිහා. //මට බෑ බල්ලෙක් වෙන්න. රෑට මහපාරෙ මං වගේ එකෙක් කිලෝමීටර් විස්සක් තිහක් පයින් එද්දි මග දාල එන්න//

මෙන්න මේ "බෙල්ල කඩාගෙන උදව් කරන්නට යාම" කොතරම් දුරට සුදුසුද? මේ සිසුවගේ අම්ම තාත්තට නැති රැදාවක් සම්පූර්ණ පිටස්තරයෙකු වන ලියුම්කරැ ඇති කර ගත යුතුද?  විශේෂයෙන් සඳහන් කල යුතුයි, සිසුවා මඟ කලන්තෙ දාල වැටිල හිටියෙවත් අඩු තරමින් ලියුම්කරැ ගෙන් උදව් ඉල්ලුවෙවත් නැති බව.  එදා රෑ මේ යතුරැපැදිය අනතුරකට ලක් වී හෙල්මටය නොමැති නිසා සිසුවාගේ හිස ගලක හැපී මිය ගියොත් ඔහුගේ දෙමව්පියන් ලියුම්කරැට ශාප නොකරාවිද? ලියුම්කරැට ජීවිත කාලයටම පසු තැවීමට සිදු නොවේවිද? "බෙල්ල කඩාගෙන උදව් කරන්නට යාම" බොහෝ විට කෙළවර වෙන්නේ අමනාපයකින්. මම නිරීක්‍ෂණය කරපු දෙයක් තමයි ලoකාවෙ දෙන්නෙක් හරි ඉක්මනට හොඳටම මිතුරැ වෙනවා, හරි ඉක්මනට සතුරන් බවට පත් වී ඉවත් වෙනවා. වෙනත් බොහෝ රටවල දෙන්නෙක් මිතුරැ වන්නේ හිමින්, හොඳටම මිතුරැ වන්නේ අඩුවෙන්, ඒකත් බොහෝ කාලයකට පස්සේ, හැබැයි මේ හිතවත්කම් දීර්ඝකාලීනයි. මේ වෙනසට එක හේතුවක් නම් මේ "බෙල්ල කඩාගෙන උදව් කරන්නට යාම" නම් පුරැද්දයි. 

අපි මනඃකල්පිත උදාහරණයක් ගනිමු. කාර්‍යාලයකට නවක සේවිකාවක් එනවා. අල්ලපු මේසයේ සේවිකාව ඇය සමඟ දවස් කීපයකින් හොඳටම කුළුපග වෙනවා. පරණ සේවිකාව හිතන්නේ ඇය ආයතනයට අළුතෙන් පත් වී ආ  විට පරණ අය මදි පුoචිකම් කර ඇයව කොන් කල නිසා ඇයට ඇති වූ දුක අළුත් සේවිකාවට අත් වීමට ඇය ඉඩ නොදෙන බවයි. ඇය හිත හොඳ කාන්තාවක්. එහි කිසිම විවාදයක් නෑ. නවක සේවිකාව සාරියේ පොටේ කටුව ගහන්නේ නුහුරට නිසා පරණ කෙනා ඒකත් ලස්සනට ගහල දෙනවා. දෙදෙනා දවල් කෑම ගන්නෙත් එකට. අවස්ථාවක් ලැබුන ගමන් ඕපදූප කියමින් සතුටු වෙනවා. දැන් කිරිපැණි වගේ මෙහෙම ඉඳලා ටික කාලයකින් පහත ගැටළු හට ගන්නවා;

1. පරණ සේවිකාවට හැමදාම නවක සේවිකාවගේ සාරියේ පොටේ කටුව ගැසීම වදයක් බවට පත් වෙනවා 

2. අළුත් සේවිකාවට වැඩ අධික වී ඕපදූප කතා කරන්නට පරණ කෙනා ඒම වදයක් බවට පත් වෙනවා 

3. මේ දෙන්නටම එකට කෑම එපා වෙනවා, වැඩ අධික වීම, එක්කෙනෙක්ගේ කෑම එක අනිකාට රසගුණ මදි වීම ආදී හේතු මත 

4. අළුත් කෙනා පරණ කෙනාට කියනවා සෝමා නම් සේවිකාව සමඟ තමා තරහ නිසා ඇය සමඟ කතාවට නොයන ලෙස. මෙතෙනදී  පරණ කෙනා තම මිතුරියන් දෙදෙනාගෙන් කවුරැ තෝරා ගන්නද යන ගැටළුවට මැදි වෙනවා. මෙය ඇයව කෝපයට පත් කරනවා. ඔයින් මෙයින් දෙන්නට දෙන්න එපා වී රණ්ඩු වී මූණට මූණ නොබලන තත්වයට පත් වෙනවා. පරණ සේවිකාවගේ චේතනාව හොඳ වුවත් ඇයට අළුත් සේවිකාවට බෙල්ල කඩාගෙන උදව් කිරීමට සම්පත් තිබෙනවාද යන්න ගැන සිතුවේ නෑ. අන්තිමට එය කෙළවර වෙන්නේ අමනාපයකින්. වැඩි සෙනේ දබරෙටයි කියනවනේ. අර උතුම් චේතනාව සමඟ තමන්ට පුළුවන් මට්ටමට පමණක් සීමා මායිම් සහිතව උදව් පදව් කලා නම් අනවශ්‍ය ගැටුම් ඇති වීම අඩුයි. 

අවසාන වශයෙන් මේ වැරදි ආකල්පය ගැන ටිකක් කතා කරන්නට හිතුනා. ඒ තමයි බොහෝ උදව් කරන අය උදව්ව ලබන කෙනාට මෙන්න මේ අයිතිවාසිකම් ඇති බව නොතැකීම; 

1. උදව්ව නියමිත අවම ගුණාත්මක භාවයෙන් ලබාදෙනවාදැයි (කාරැණිකව) විමසීමේ අයිතිය (අයියෙ මට සයිකලේ යන්න හෙල්මට් එකක් තියෙනවද? )

2. උදව්ව (කාරැණිකව) ප්‍රතික්ශේප කිරීමේ අයිතිය (අනේ අයියෙ මට හෙල්මට් එකක් නැතුව සයිකලේ යන්න බැහැ, ගොඩක් පින් ඇහුවට)

3. උදව්ව කරන කෙනාට ලෝයල් වී හරි උනත් වැරදි උනත් උදව්ව කරන කෙනා සුද්ද නොකර ස්වාධීන වීමේ අයිතිය (අනේ අයියෙ පොලිසියෙ කෙනා කියන එක ඇත්තනෙ මොනව උනත්, අපි මෙතන අනවශ්‍ය ගැටුමකට නොයා ඉමු. අයියගෙ පාඩුව මම ගෙවන්නම්, මොකද මම නිසානෙ මේක උනේ)

4. උදව්ව ලබන කෙනාට අනපේක්‍ෂිත අමිහිරි සිදුවීම් වලට මුහුණ නොදීමට ඇති අයිතිය (හරිනම් මේ ගේම වෙන දවසකට පෝස්ට්පෝන් කල යුතුයි සිසුවාගේ පැත්තෙන් සලකලා)

ඉහත කරැණු හතරෙන් එකක්වත් ඉල්ලුවොත් අප බොහෝ දෙනෙකු හිතන්නේ "යකෝ මුගෙ තියෙන ලොකු සීන්, පව් කියල සයිකලේ යන්න කතා කලාම තව හෙල්මටුත් ඉල්ලනව. මට මෙහෙම වෙලා මදි බලෙන් එක එකාට උදව් කරන්න හදනවට. අනේ අම්මපා මීට පස්සෙනම් මග වැටිල හිටියත් කාටවත් උදව් කරන්නෙ නෑ" ආදී ලෙසයි. මේක අප අතර මුල් බැසගෙන ඇති වැරදි ආකලපයක්.

උදව් ලබන අයටත් කියන්නේ නිකන් හම්බ වෙනවනම් හෙම්බිරිස්සාව උනත් පැනල ගන්න එපා, අවoක සහ ප්‍රතිපත්තිගරැක වෙන්න. අමාරැ ඒත් නිවැරදි මාර්ගය හැම විටම තෝරා ගන්න. කාරැණිකව ප්‍රතික්ශේප  කරන හැටි ඉගන ගන්න.


පැලවත්තෙ ඉදන් නෙළුවට 30 km තියෙනවා
පැලවත්තෙන් හවස 6.30න් පස්සෙ නෙළුවට බස් එකක් නෑ
මං ඊයෙ වැඩ ඇරිල එනකොට රෑ නමයට විතර පොඩි කොල්ලෙක් ලොකු බෑග් එහෙකුත් එල්ලෙගෙන පයින් ඇවිදගෙන එනවා
"මොකෝ මල්ලි"
"බස් නෑ අයියෙ"
"නැගපන්"
කොල්ලට හති.කිලෝමීටර් හයක් එතකොට එයා පයින් බඩගාල.
"මල්ලි කොහෙද යන්නෙ"
"ගෙදර____මං කැලණියෙ කැම්පස් එකේ ඉන්නෙ.ගෙදර යන්න ආව.බස් එක මිස් උනා අයියෙ"
අපි මගින් ප්ලේන්ටියකුත් ගහල හෙමිහිට ආව
තිනියාවල පොලීසියෙ රාළහාමිල දෙන්නෙක් මගදි නතර කලා
"කෝ ____හෙල්මට්__!"
"මේ ළමයට බස් එක මගඇරිල-පයින් එද්දි දාගෙන ආවෙ"
"ගන්න ලයිසන් එක_____"
රාලහාමි ටෙම්පරියක් ලියනව.ලියන ගමන් මගේ දිහා බලනව
හරියට නිකං මධුෂ්ගෙ කුඩු කන්ටේනරේ අල්ලගත්ත සීනියර් ඩීඅයිජී වගේ
"මං ඔය රාළහාමිවම දවසක් ගොරකදූවෙ ඉදල රෑ යන්න එකක් නැතුව ඉද්දි හෙල්මට් එකක් නැතුව දාගෙන ආව.එදා ඔයා හිටියෙ වැඩට එන ගමන සිවිල් ඇදුමෙන්.එනගමන් ඔයාමයි කිව්වෙ ඔයා පොලීසියේ බව.නම සැම්සන් බව.මම ගේ ගාවින් නතර නොවී ඔයාව පොලීසියට ම ගිහින් දැම්ම.එදා ඔයා යනගමන්  මගේ පිට අතගගා ස්තූති කරල ගිහින් මගදි තේ එහෙකුත් බොන්න කතාකරා..
කෝ අද ඒ මනුස්සකම___" මං ඇහුව.
එයා රවාගෙන ලියනවා
"අපි දෙන්නම රුපියල් හතලිස් දාහකට පනස් දාහකට ආණ්ඩුවට කඹුරන මිනිස්සු.ඔයා දැං අකුරටම රාජකාරිය කරල මට දඩයක් දෙන්න. හැබැයි ඒ දඩ සල්ලි මහාභාණ්ඩාගාරයට ගිහින්,මහ බැංකුව එක රැයින් රවිය වගේ එකෙක් හොරා ගහගත්තහම-ඒ අඩුව පුරවන්න ඔයා ආයෙමත් මං වගේ උන්ටම දඩ ගහන්න.අපි දෙන්නම එක පිලේ මිනිස්සු මහත්තයො.අද මම මෙයාව දාගෙන ආපු එක වැරදිනම් මට තව දඩකොලයක් දෙන්න-මං එදා ඔයාව දාගෙන ආපු එකට"   
පොඩි එකා අතේ තිබිල රුපියල් එකසිය හතලිහක් මගේ අතට ගුලි කරනවා.සීයෙ කොලයයි විස්සෙ කොල දෙකයි
"අයියෙ මේක දීල බලන්න.."
මට ආපු තරහට මං ඒක එවලෙම දෙකට ඉරල වීසිකරා..
"මං පොලීසියට ජරාව දෙන්නෑ යකෝ___!"
රාළහාමිල දෙන්න බලාගෙන හිටිය
අපි දෙන්න ආව
මං අද උදේ ගිහිං දඩේ ගෙවල ලයිසන් එක ගත්ත
මං මේක ලියන්නෙ මං ගැනම උපන් කේන්තියෙන් 
මට බෑ බල්ලෙක් වෙන්න.රෑට මහපාරෙ මං වගේ එකෙක් කිලෝමීටර් විස්සක් තිහක් පයින් එද්දි මග දාල එන්න
මං වෙනස් වෙන් නෑ.මං හැමදාම උනත් දඩ ගෙවන්නවා.සමහරවිට මගේ ජානවල වරදක් ඇති.
මං මේක ලියල බලාපොරොත්තු වෙන්නෙ මෙච්චරයි..
කරුණාකරල පුළුහන් කෙනෙක් මේ පාරට රෑ අටටවත් පැලවත්තෙන් නෙළුවට  බස් එකක් දාන්න.
නැත්නම් හෘදයවස්තුවක් තියෙන නිළධාරීන් රථවාහන රාජකාරියට යොදවන්න.
අජිත් රෝහන මහත්තයට මේ රටේ මිනිස්සු මේ තරම් ආදරේ ඇයි කියල මොහොතක් හිතන්න. පිං____
උපුටා ගැනීමකි..

https://www.facebook.com/srikankanpeople/photos/a.1611154379158073/2662540104019490/

Sunday, July 26, 2020

සැබෑ ප්‍රශ්නය හඳුනා ගන්නේ කෙසේද

ලoකාවේ මිනිසුන් මුහුණදෙන ප්‍රශ්න ගොඩක් සoකීර්ණයි. නූල් බෝලයක් වගේ පැටලිලා. ඒත් බොහෝ ලoකාවේ මිනිසුන් හුරැ වෙලා තිබෙන්නේ දෙපිළ බෙදී කවුද හරි කවුද වැරදි යන පැති දෙකට දමන්න. නමුත් ප්‍රශ්න ඊට වඩා ගොඩක් සoකීර්ණයි, මතුපිටින් බලල විනිශ්චය කල නොහැකියි. පහත උදාහරණය බලන්න;


පැලවත්තෙ ඉදන් නෙළුවට 30 km තියෙනවා
පැලවත්තෙන් හවස 6.30න් පස්සෙ නෙළුවට බස් එකක් නෑ
මං ඊයෙ වැඩ ඇරිල එනකොට රෑ නමයට විතර පොඩි කොල්ලෙක් ලොකු බෑග් එහෙකුත් එල්ලෙගෙන පයින් ඇවිදගෙන එනවා
"මොකෝ මල්ලි"
"බස් නෑ අයියෙ"
"නැගපන්"
කොල්ලට හති.කිලෝමීටර් හයක් එතකොට එයා පයින් බඩගාල.
"මල්ලි කොහෙද යන්නෙ"
"ගෙදර____මං කැලණියෙ කැම්පස් එකේ ඉන්නෙ.ගෙදර යන්න ආව.බස් එක මිස් උනා අයියෙ"
අපි මගින් ප්ලේන්ටියකුත් ගහල හෙමිහිට ආව
තිනියාවල පොලීසියෙ රාළහාමිල දෙන්නෙක් මගදි නතර කලා
"කෝ ____හෙල්මට්__!"
"මේ ළමයට බස් එක මගඇරිල-පයින් එද්දි දාගෙන ආවෙ"
"ගන්න ලයිසන් එක_____"
රාලහාමි ටෙම්පරියක් ලියනව.ලියන ගමන් මගේ දිහා බලනව
හරියට නිකං මධුෂ්ගෙ කුඩු කන්ටේනරේ අල්ලගත්ත සීනියර් ඩීඅයිජී වගේ
"මං ඔය රාළහාමිවම දවසක් ගොරකදූවෙ ඉදල රෑ යන්න එකක් නැතුව ඉද්දි හෙල්මට් එකක් නැතුව දාගෙන ආව.එදා ඔයා හිටියෙ වැඩට එන ගමන සිවිල් ඇදුමෙන්.එනගමන් ඔයාමයි කිව්වෙ ඔයා පොලීසියේ බව.නම සැම්සන් බව.මම ගේ ගාවින් නතර නොවී ඔයාව පොලීසියට ම ගිහින් දැම්ම.එදා ඔයා යනගමන්  මගේ පිට අතගගා ස්තූති කරල ගිහින් මගදි තේ එහෙකුත් බොන්න කතාකරා..
කෝ අද ඒ මනුස්සකම___" මං ඇහුව.
එයා රවාගෙන ලියනවා
"අපි දෙන්නම රුපියල් හතලිස් දාහකට පනස් දාහකට ආණ්ඩුවට කඹුරන මිනිස්සු.ඔයා දැං අකුරටම රාජකාරිය කරල මට දඩයක් දෙන්න. හැබැයි ඒ දඩ සල්ලි මහාභාණ්ඩාගාරයට ගිහින්,මහ බැංකුව එක රැයින් රවිය වගේ එකෙක් හොරා ගහගත්තහම-ඒ අඩුව පුරවන්න ඔයා ආයෙමත් මං වගේ උන්ටම දඩ ගහන්න.අපි දෙන්නම එක පිලේ මිනිස්සු මහත්තයො.අද මම මෙයාව දාගෙන ආපු එක වැරදිනම් මට තව දඩකොලයක් දෙන්න-මං එදා ඔයාව දාගෙන ආපු එකට"   
පොඩි එකා අතේ තිබිල රුපියල් එකසිය හතලිහක් මගේ අතට ගුලි කරනවා.සීයෙ කොලයයි විස්සෙ කොල දෙකයි
"අයියෙ මේක දීල බලන්න.."
මට ආපු තරහට මං ඒක එවලෙම දෙකට ඉරල වීසිකරා..
"මං පොලීසියට ජරාව දෙන්නෑ යකෝ___!"
රාළහාමිල දෙන්න බලාගෙන හිටිය
අපි දෙන්න ආව
මං අද උදේ ගිහිං දඩේ ගෙවල ලයිසන් එක ගත්ත
මං මේක ලියන්නෙ මං ගැනම උපන් කේන්තියෙන් 
මට බෑ බල්ලෙක් වෙන්න.රෑට මහපාරෙ මං වගේ එකෙක් කිලෝමීටර් විස්සක් තිහක් පයින් එද්දි මග දාල එන්න
මං වෙනස් වෙන් නෑ.මං හැමදාම උනත් දඩ ගෙවන්නවා.සමහරවිට මගේ ජානවල වරදක් ඇති.
මං මේක ලියල බලාපොරොත්තු වෙන්නෙ මෙච්චරයි..
කරුණාකරල පුළුහන් කෙනෙක් මේ පාරට රෑ අටටවත් පැලවත්තෙන් නෙළුවට  බස් එකක් දාන්න.
නැත්නම් හෘදයවස්තුවක් තියෙන නිළධාරීන් රථවාහන රාජකාරියට යොදවන්න.
අජිත් රෝහන මහත්තයට මේ රටේ මිනිස්සු මේ තරම් ආදරේ ඇයි කියල මොහොතක් හිතන්න. පිං____
උපුටා ගැනීමකි..

https://www.facebook.com/srikankanpeople/photos/a.1611154379158073/2662540104019490/

මේක හිත හොඳ මිනිහෙක් වේදනාවෙන් ලියපු පෝස්ටුවක්, ඒකෙ ආයෙ දෙකක් නෑ. හැබැයි පොඩ්ඩක් මේ කාරණය ගැන out of the box හිතල බලමු.

1. මේ පාරෙ අහවල් වෙලාවෙන් පසු බස් නෑ. මේක මේ පලාතෙ ගෑනු උදවියට බලපාන්නෙ කොහොමද? බැරිවෙලාවත් කැම්පස් කොල්ලෙක් වෙනුවට කෙල්ලෙක්ට මේ සිද්ධිය උනා නම් මෙසේ නාඳුනන බයිසිකලයකට නැගීමට ඇයට බැහැ වගේම වැදගත් පිරිමියෙක් වාහනයක් නැවැත්වීමට කැමති වන්නේ නැහැ. මේ සරසවි සිසුවාට පව් පොඩි එකා කියන අය කෙල්ලෙක්ට මේ සිද්ධිය උනා නම් පව් පොඩි එකී කියනවට වඩා මේ රෑ තනියම විළිසoගයක් නැතුව පාරෙ යන මේකි නම් ෂුවර් එකටම බඩුවක්, chance එකක් ගන්න බලන්න ඕනෙ යැයි කියනු ඇත.
 ඒ අනුව මේ පැත්තෙ ගෑනුන්ට ඇති එකම විකල්පය හරියට කාලය කළමනා කරගෙන අන්තිම බස් එකට කළින්/අන්තිම බස් එකේ යන තැනක යෑමයි. ඉතින් මේ සරසවි සිසුවාටත් තිබුනා හරියට කාලය කළමනා කරගෙන අන්තිම බස් එකට කළින්/අන්තිම බස් එකේ ගෙදර යන්න. ඇයි ඔහු එසේ නොකලේ? ඔහු දන්නවා අන්තිම බස් එක මඟ හැරැනොත් අතවරයකට ලක් නොවී පයින් යෑමේ "නිදහස" සහ පාරේ යන වාහනයක් නැවැත්වීමට ඇති හැකියාව ගැන. ඒවා ලoකාවේ පිරිමි පමණක් භුක්ති විඳින වරප්‍රසාද බව අවිඤානිකව හෝ ඔහු දන්නවා. 

2. ලියුම්කරැ හෙල්මටය දකින්නේ ආරක්‍ෂාව සපයන අයිතමයකට වඩා තමාව පෙළීමට පොලීසිය භාවිතා කරන අයිතමයක් ලෙස. එය වැරදියි. බැරිවෙලාවත් එදා අනතුරක් උනා නම්, හෙල්මටය නොමැතිවීම නිසා විශාල හානියක් විය හැකියි.

3. ලියුම්කරැ හෙල්මටයක් නැතිව රාළහාමිව සයිකලයේ එක්ක ආ පමණින් එම රාළහාමි එතැන්පටන් ඔහුගේ සයිකලයේ යන අයට හෙල්මටයක් නැතිව යන්න දිය යුතු බවට සිතීම වැරදියි. උදව් කල යුත්තේ ප්‍රති උපකාර බලාගෙන නොවේ. හෙල්මටයක් නැතිව ලියුම්කරැගේ සයිකලයේ රාළහාමි ගියපු එකද සම්පූර්ණයෙන්ම වැරදියි.

4.  මුදල් ඉරාගෙන කෑ කෝ ගහගෙන ප්‍රශ්නයකදී හැසිරීම ඉතාම ප්‍රාථමිකයි. ඕනෑම ප්‍රශ්නයකදී ඉවසීමෙන් බුද්ධිමත්ව සහ සoයමයකින් කටයුතු කිරීම වඩාත් සුදුසුයි. ලoකාවෙ නිසා අවුලක් නෑ හැබැයි ආවේගශීලීව හැසිරැනොත් අනිත් රටවල හොඳට කන්න වෙනවා. විශේෂයෙන් මෙතෙනදි පොළිස් නිලධාරියා නීතියට අනුව 100% නිවැරදියි, සදාචාරාත්මකව වැරදි වුනත්. ඇමරිකාවෙදි ඇතැම් විට අතඅඩoගුවට පත් වීමට හෝ නිරපරාදෙ වෙඩි කන්න තිබුන රඟන්න ගිහින්. අනුන්ට උදව් කිරීම හොඳ ගතියක් තමයි, නමුත් ඒ නිසා පිම්බෙන්නවත් රඟන්නවත් පොර වෙන්නවත් ඔබට අයිතියක් නැහැ.

5. //මං වෙනස් වෙන් නෑ.මං හැමදාම උනත් දඩ ගෙවන්නවා.සමහරවිට මගේ ජානවල වරදක් ඇති.// අමතර හෙල්මටයක් අරන් පලයන්කෝ එතකොට ප්‍රශ්නය ඉවරයිනේ.

6. ලියුම්කරැ කියන පරිදි සිසුවා "පොඩි එකෙක්" නොවේ වැඩිහිටියෙකි. වැඩිහිටි පිරිමින් බබා හුකුo කිරීම අප වහාම නතර කල යුතුය. අනික මේකා පගාව දී ශේප් වීමට හැදූ අණ්ඩපාලයෙකි, සරසවි සිසුවෙක්ට ඔයිට වඩා integrity එකක් තිබිය යුතුය.

ඉහත කාරණා දිහා බලනකොට ඔබට පෙනේවි මේ සිද්ධියට මුහුණ දුන් සිසුවා, ලියුම්කරැ, සහ පොළිස් නිලධාරියා යන තිදෙනාම අසරණයි, තිදෙනාම හරි, සහ තිදෙනාම වැරදියි.

නමුත් මේ පෝස්ටුව දුටු බුකී වාසීන් පොළිස් නිලධාරියාට උඩ පැන පැන පහර දුන් අතර බුද්ධිමත් සහ විචාරශීලීව බැලුවේ එහෙමත් එකෙකි.

වෙනස් විය යුත්තේ පොළිස් නිලධාරියෙකුට හෙල්මටයක් නැතිව නාඳුනන බයිසිකලයකට නැගීමට තරම් අසරණ කරන, ප්‍රවාහන පහසුකම් නැතිව අනාරක්‍ෂිතව රාත්‍රියේ මිනිසුන් රස්තියාදු කරවන, දහසකුත් අමාරැකම් මැද කළ හොඳ තම හිස මත කඩා වැටෙන මේ රටේ වැරදි යාන්ත්‍රණය නිවැරදි කිරීමයි. ඒ සඳහා සිසුවා, ලියුම්කරැ, සහ පොළිස් නිලධාරියා එකිනෙකාට ඇඟිල්ල දිගු නොකර එකමුතුව වැඩ කල යුතුය.






Saturday, July 25, 2020

ඔබත් මෙම පෝස්ටුව ශෙයාර් කලාද, මදකට නැවතී නැවත සිතා බලන්න...

Image may contain: 1 person, text
ඉහත පෝස්ටුව බොහෝ දෙනෙකු මුහුණුපොතේ ශෙයාර් කල පෝස්ටුවක්. ලoකාවේ මිනිස්සුන්ට ඡන්දයේදී අච්චර කරදර විඳගෙන තම ඡන්දය දමන්නට තරම් වටින කෙනෙක් නෑලු. ඔබේ ඡන්දය කියන්නෙ ඔබ සතු වටිනාම සහ බලවත්ම අවිය බව ඔබ කවදාවත් තේරැම් ගත්තෙ නෑ නේද? එක්කො සිල් රෙද්දකට වැසිකිළි පෝච්චියකට ඒක කුණු කොල්ලෙට විකුණනවා, එක්කො කරදර විඳගෙන තම ඡන්දය දමන්නට තරම් වටින කෙනෙක් නෑ කියල නහයෙන් අඬනවා. ඔබ කැමති උනත් නැතත් ඡන්දයෙන් කවුරැ හෝ බලයට පත් වෙනවා, එම පුද්ගලයන් ඔබේ ජීවිතයට කෙලින්ම බලපාන තීරණ ගන්නවා. උදාහරණයක් විදියට ඔවුන් කොරෝනා වයිරසය පාලනයට ගන්නා තීරණ ඔබේ ජීවිතය හෝ මරණය තීරණය කරනවා, ඔබ කැමති උනත් නැතත්. 

මෙතන තියෙන සැබෑ ප්‍රශ්නය ඡන්දය දමන්නට තරම් වටින කෙනෙක් නෑ නොවේ ඔබ වහල්කම කරන පක්‍ෂයෙන් ඡන්දය දමන්නට තරම් වටින කෙනෙක් ඡන්දයට ඉදිරිපත් නොකිරීමයි, එහෙම නේද? මැරයන්, හොරැන්, ස්ත්‍රී  දූෂකයන්, පිම්පියන්, උපන් ගෙයි මෝඩයින් ආදීන් අතර සුළු පිරිසක් හොඳ අපේක්‍ෂකයන් සිටින නමුත් ඔවුන් ඔබ වහල් කම්  කරන පක්‍ෂයේ නොවන නිසා හිත හදාගෙන ඡන්දය දමන්නට ඔබට බැහැ. හොඳ අපේක්‍ෂකයන් නැත්නම් දේශපාලන පක්‍ෂ වලට හොඳ අපේක්‍ෂකයන් ඡන්දයට ඉදිරිපත් කරන්න බලපෑම් කරන්නට ඔබට කොන්ද පණත් නැහැ. ඉතින් පොර වගේ අරහෙම පෝස්ටුවක් දාගෙන හිත හදා ගන්නවා. රට වළ පල්ලටම යනවා.


Wednesday, July 22, 2020

කොළඹට හදා ගත්තෙ නැද්ද? by Lakmal Kulasekara

කොළඹට හදා ගත්තෙ නැද්ද?

බොහෝ විට නෑදෑයන්, සමහර මිත්‍රයන් හමු වූ විට අහන ප්‍රශ්නයකි ඒ...
"තාම බදුල්ලෙද?...
කොළඹට හදාගන්න බැරි වුණාද?
අරය නම් කොළඹ නේද ?" ඒ හා සබැඳි අනෙක් ප්‍රශ්නය...
මේ ප්‍රශ්නය කුඩා කාලයේ සිටම මගෙන් පමණක් නොව අප බොහෝ දෙනාගෙන් සෙසු සමාජයෙන් ඇසෙන ප්‍රශ්නාවලියේම දිගුවක් යැයි මට සිතෙයි....
කොළඹ ඉතාම හොඳ ඉන්ටර්නැෂනල් ස්කුල් එකනට ළමයෙක් දැමූ දෙමාපියන්ගෙන් අසන්නේ " රෝයල් එකට දාගන්න බැරි වුණාද?" කියලාය. ශිෂ්‍යත්වය සමත්ව ආනන්දයට තේරුණ දරුවාගෙන් අසන්නේ " රෝයල් එකට යන්න මදි වුණාද? "කියලාය. සාමාන්‍ය පෙළ ඩී හතක් ගත්ත එකාගෙන් අහන්නේ "සී එක මොකටද" කියලාය. උසස් පෙළ ජීව විද්‍යා විෂය කර වෛද්‍ය විද්‍යාව හැර අන් ඕනෑම විෂයක් කරන එකාගෙන් අහන්නේ"මෙඩිසින් බැරි වුණාද" කියලාය.
අවුරුදු ගාණක් කට්ට කාලා උපාධිය ඇරන් විශ්ව විද්‍යාලයෙන් එළියට එකාට සුබ පතනවා වෙනුවට "තාම ජොබ් එකක් නැද්ද" කියලාද අසති. ආණ්ඩුවේ දොස්තර රස්සාවක් හම්බ වෙලා ඉස්පිරිතාලේ වැඩට ගිය දවසේ ඉඳලා " තාම කාර් එකක් නැද්ද" යි අසති. ලීසින් පාරක් දාලා මරුටි කට්ටක් ගත්ත දවසේ ඉඳලා "ජපන් කාර් එකක් ගන්නෙ නැද්ද" අසති.
දන්න දහංගැට දාලා කෙල්ලෙක් යාලු කරගත්ත දවසේ ඉඳලා එයට සුබ පතනවා වෙනුවට " බඳින්නෙ නැද්ද"යි අසති. තියෙන සබ්බ සකල මනාවම වියදම් කරලා බැන්ද දවසට පස්සෙ දවසේ ඉඳලා "තාම ළමයි නැද්ද " යි අසති. දන්න සෙල්ලම් දාලා පුතෙක් හදාගත්තාට පස්සේ "දුවෙකුත් හිටිය නම් හොඳ නැද්ද" අසති. හදාගත්තු පොඩි එකා ගමේ මොන්ටිසෝරියට දැමුවහොත් " ලයිසියම් බැරි වුණාද" අසති...
මේ " නැද්ද? බැරිද?" ප්‍රශ්න වැල ලියන්නට ගතහොත් සකර්බර්ග් පෝස්ට් එකකට දැමිය හැකි උපරිම වචන ගණනක් ප්‍රකාශයට පත් කිරීමේ අවදානමක් ඇති නිසා එතැනින් නවතිමි...
මේ "නැද්ද? බැරිද? " කේන්ද්‍ර කරගත් ප්‍රශ්න ඇසීමේ සමාජ විපරීතය කුමක්ද? එය මනුස්ස ජීවිතවලට බලපාන්නේ කොහොමද? මේවා තේරුම් ගැනීම රසවත් වන්නටත් පිළිවන්ය...
ලාංකීය ජන සමාජය ආර්ථික වශයෙන්ද මානසික වශයෙන්ද දුප්පත් ය. අඟහිඟ කම් වලින් පිරී තිබෙන්නේය. ආර්ථික වශයෙන් ස්ථාවර, මානසික වශයෙන් තෘප්තිමත් මිනිස්සු හිඟය.  හැම එකාගේම අරමුණ අනෙකා මොන ක්‍රමයෙන් හෝ අභිබවා යන එකය. ඒක වාහනයකින්, ගෙයකින්, ඉඩමකින්, තමන්ගේ දරුවා යන පාසලෙන් බැරිනම් තමන් කරනා පින්කම්වලින් හෝ අනෙකා පරයා නැගී සිටින එකය. තමන්ට බැරිම නම් තමන්ගේ දරුවා ලවා ඒ සිහිනය ඇත්ත කරගන්නා එකය. ඒ සිහින ඇත්ත කගෙන්නට අර සුන්දර ළමයා තුළ සිටින "ළමයා" මැරීමට වුවද දෙමව්පියෝ පසුබට නොවෙති. ඒ තමන්⁣ සුපිරිතමයාය...සෙස්සෝ අසමත්ය යන ගඳගහන මානසිකත්වය ළමයින්ට කැවීමෙනි. අනෙක් මිනිහා ගැන, ඒ මිනිහාගේ ප්‍රශ්න ගැන අසංවේදී ආත්මාර්ථකාමී මනුස්ස පඩංගු දිනපතා අපේ ඇඟේ හැප්පෙන්නේ මේ කැවීම හින්දාය. අප බොහෝ දෙනා දැන හෝ නොදැන මේ මඩගොහොරුවේ ගිලී සිටින බව ඇත්තකි. මේ විකාරරූපී රංගනය සමාජය අතිශය ආත්මාර්ථකාමී තැනකට ගෙනැවිත් තිබෙන්නේය.
අර කී ප්‍රශ්න මේ මානසික වියවුලේම ව්‍යුත්පන්නයෝ ය...
තමන් කොච්චර හොඳ තැනක හිටියත් අනෙකා ⁣මොන හරි විදිහකින් යහපත් තැනක සිටීම ඉවසන්නට බැරිය. ඉවසන්නට බැරුවා පමණක් නොව ඒ "ගඳගහන ගතිය" සඟවාගන්නට අවශ්‍ය ශිෂ්ඨ සම්පන්න බවවත්, ශික්ෂණය වත් බොහෝ දෙනා තුළ නැත. අර ප්‍රශ්න හරහා එළියට එන්නේ ඒ ගඳගහන ගතියය. ඒක අහලා අනෙකාට මානසිකව රිදවලා ලබන වනචර සතුටය. අනෙකා පහත හෙළා තමන් "feeling good" වෙන එකය...විශේෂයෙන්ම මධ්‍යම පාන්තික සමාජ ස්ථරවල මේ ගතිය සුලබය.
 එංගලන්තයේදී මා ලද අත්දැකීම් වෙනස් වන්නේ මෙතැනය. ඔවුන්ගේත් හිත් ඇතුළේ මොනවා තිබුණත් මුහුණට අහන්නේ " Are you OK..You look good..Are you doing fine" වගේ දේවල්ය. ඒ අධ්‍යාපනයෙන් ලද ශික්ෂණය නිසා වන්නට ඕනෑය.
ආදරණීය මිත්‍රවරුනි,
"ඔව්...මම තාම  කොළඹට හදාගත්තෙ නැහැ. එහෙම හදාගන්න බලාපො⁣රොත්තුවකුත් නැහැ...එහෙම හදාගන්න එක ලොකු ඇචීව්මන්ට් එකකුත් නොවෙයි...එහෙම හදාගත්ත උන්දල ගැන මට ප්‍රශ්නෙකුත් නෑ...මේක මගේ ජීවිතය...මගෙ චොයිස් එක"
මෙන්න මේ වගේ ඔබ හැම දෙනාටමත් අර වගේ ප්‍රශ්න වල⁣ට දෙන්න උත්තර ඇති. ඒත් ඒවාට උත්තර දෙනවා වෙනුවට අප සමාජයක් හැටියට වෙනස් විය යුතුයි නේද? අප අනෙකාගේ ජිවිතයට, ජීවිතයේ චොයිසස් වලට ගරු කරන්නට ඉගෙන ගත යුතුයි නේද? අනෙක් මිනිහා පහත හෙළා තමන් "feeling good " වෙන ගඳගහන ගති වෙනස් කර ගත යුතුයි නේද?
හිතල බලන්න...
මීට පස්සෙ ප්‍රශ්නයක් අහන්න කලින් "මේක අනිත් මනුස්සයට දැනෙන්නෙ කොහොමද? කියල....හිතල බලන්න...
හිතල බලන්න...
"මට මේ මනුස්සයගේ ජීවිතේ ලස්සන කරන්න, දවස හොඳ කරන්න, මේ මනුස්සයව අගය කරන්න, අහන්න පුලුවන් ප්‍රශ්නය මොකක්ද?" කියල...හිතල බලන්න...
"කොළඹට හදාගත්තෙ නෑ නෙවෙයි,
හදාගන්නෙ නෑ මිත්‍රවරුනි..."
ලෝකය ලස්සන තැනක් වෙන්නෙ එහි ඉන්න මිනිස්සු නිසා...ලස්සන මිනිහෙක් වෙයන්.

ලක්මාල් කුලසේකර
https://www.facebook.com/lakmal.kulasekara

ඇමරිකාවට ආපු  එවුන්ගෙන් අහන එකක් තමයි තාම ග්‍රීන් කාඩ් එක නැද්ද?

 උන් වගේ සීනි අහුරැ අහුරැ නොදා තේ බොද්දි, Sugar ඇවිත්ද ?

ඇයි අහවල් කාර් එක, අහවල් පාට ගත්තෙලු බස් එකේ ෆුට් බෝඩ් එකේ එල්ලීගෙන යන එකෙක් අහනව කියහන්කො

අවසාන වශයෙන් මගේ කොණ්ඩය ගැන ලoකාවෙ සැලෝන් එකේ සහ ඇමරිකාවෙ සැලෝන් එකේ  අත්දැකීම කියන්නම්. මගේ කොණ්ඩය  බොහොම සාමාන්‍ය එකක්. ලoකාවෙ පොෂ් සැලෝන් එකට ඒක කපාගන්න ගිහාම නඩු ගොඩයි. කොණ්ඩය එක පැත්තක අඩුලු, ටිකලු, ඒ කට් එකට මදිලු, රටේ නැති වැරදි. ඇමරිකාවෙ සැලෝන් එකට ගිහාම මුලින්ම කිව්වෙ ඔබේ කොණ්ඩය හරිම ලස්සනයි කියල, මදිත් නෑ අඩුත් නෑ කියපු කට් එක අඬඇඬියාවක් නැතුව ලස්සනට කපල දුන්න. එකම කොණ්ඩය රටවල් දෙකකදි දැක්ක හැටි එහෙමයි.

අම්මා-අනිශා ජයකොඩි

පහළ චායාරූපයේ ඉන්නෙ  ,ජනප්‍රිය ඇමරිකානු නිළියක් වූ  33 හැවිරිදි සුරූපී,  නායා රිවේරා. අදට දවස් 10 ට කලින් පහුගිය ජූලි 7 වෙනිදා ඇය අවුරුදු 4 වයසැති ඇගේ සිඟිති පුතා ජොසී  එක්ක කැලිෆෝර්නියාවේ පීරු ඇළට ඔරු පදින්න යනවා . විල මොන තරම් ගැඹුරු උනත් , දියවැල් මොන තරම් සැර උනත් , ඒ පළාත නිජබිම වෙච්ච නායා ට පීරු ඇළේ ගැඹුරත් , සීතලත් නුපුරුදු  අත්දැකීමක් නම් නෙමෙයි .
පුතා සමග  මෝටර් රථයෙන් බහින නායා , බෝට්ටුවක් කුළියට අරන් පුංචි පුතාවත් දාගෙන  හුරු පුරුදු පීරු ඇළේ මැදට ඔරුව පැදගෙන යනවා . විනාඩි 45 ට විතර පස්සෙ බෝට්ටු හිමිකරුට ගඟ මැද නොවිය යුතු යමක් සිද්ද වෙන බව පේනවා , "ඔව් "නායා සහ පුතා පැදගෙන ගිය බෝට්ටුව ඉතා වේගයෙන් ගහගෙන යනවා , ගඟ මැද තියන මරු දිය වැල් ගැන හොඳින්ම දන්න ඔවුන් ක්ෂණයකින් පොලිසිය සහ ආරක්ෂක අංශ දැනුවත් කරනවා ,



ඉතා ඉක්මනින් ආරක්ෂක අංශ බෝට්ටුව ලඟට ගියා  , සේෆ්ටි ජැකට් එක පිටින් හිටපු අවුරුදු 4 ක පුංචි ජොසීට බෝට්ටුව ඇතුලෙ හොඳටම නින්ද ගිහිල්ලා , හැබැයි නායා , බෝට්ටුවෙ හිටියෙ නැහැ , ඒ අවට හිටියෙත් නැහැ .
''මායි අම්මයි ගඟේ පීනුවා , ටික වෙලාවකින් අම්මා මාව අමාරුවෙන් උස්සලා බෝට්ටුවෙන් තිබ්බා , ඒත් අම්මට බෝට්ටුවට නගින්න බැරි උනා , අම්මා වතුර යටට යනවා මම දැක්කා ..නින්දෙන් ඇහැරුණ පුංචි ජොසී තමන්ට තේරෙන විදිහට සිද්ද වෙච්ච දේ කිව්වා .
දරුණු හුළඟ නිසා බෝට්ටුව ගහගෙන යද්දී දරුවවත් අරන් බෝට්ටුවට නගින්න හැදුවත් බෝට්ටුව නායා ට වඩා වේගෙන් හුළඟට ගහගෙන ගියා , හිතේ ගතේ තිබ්බ ඔක්කොම වීරිය දාලා , නායා තමන්ගෙ පණටත් වැඩිය වටින පුතාව අමාරුවෙන් බෝට්ටුවට දැම්මට , ඒ වෙනකොට තමන්ගෙ ජීවිතේ වෙනුවෙන් හුළඟ එක්ක සටන් කරන්න තරම් හයියක් නායා ට ඉතුරු  වෙලා තිබිලා නැහැ , තමන්ගෙ අන්තිම ශක්තිය බින්දුවත් තමන්ගෙ පුතාගෙ ජීවිතේ වෙනුවෙන් වැයකලාට පස්සෙ හෙම්බත් වෙච්ච නායා පීරු ගඟේ යටටම ගියා  .
පැයකට කලින් අම්මත් එක්ක බෝට්ටු පදින්න ගිය පුංචි ජොසී , අම්මා පීරු ඇලේ  දාලා දුකෙන්  ගොඩට එනවා .
කොච්චර හෙව්වත් හොයාගන්න බැරි වෙච්ච සුරූපී නිළි නායා රිවේරා ගේ මළ සිරුර දවස් හයකට පස්සෙ පීරු ඇළ මත පාවෙවී තියෙද්දි පෙරේදා හම්බෙලා තිබුණා  .
💐තමන්ගෙ දරුවාද තමන්ද කියලා  දෙකෙන් එකක් තෝරාගන්න වුනොත් දෙසැරයක්  නොහිතා දරුවගේ ජීවිතේ බේරලා සතුටෙන් ඇස් පියාගන්න පුළුවන් කෙනෙක් මේ මහ පොළවෙ ඉන්නවනම් , ඒ තමයි  ''අම්මා ''💐
             .................................................
💢සුද්දියන්ට ළමයි ගැන ගානක් නැහැ ,
 💢ඉස්සර අම්මලා වගේ නෙමෙයි දැන් අම්මලා ,
💢දැන් ඉන්න අම්මලා එක්ක බලද්දි ඒ කාලෙ හිටපු අම්මලට මල් තියලා වඳින්න ඕනෙ ,
💢අපේ රටවල් වල අම්මලා විතරයි දරුවන්ට ආදරේ ,
 💢ඉස්සර අම්මලා ළමයි වෙනුවෙන් මොන තරම්  දහ දුකක් වින්දද ? කවදාහරි ළමයට එපා වෙලා අතාරිනකන්   තනේ කිරි දුන්නා , උදේ පාන්දර ඉඳන් මිරිස් අඹරලා , රෙදි හෝදලා ,දර කඩලා ,  වතුර ඇදලා ,ගෙදර ඔක්කොම වැඩත් කරන් දරුවොත්  හදාගෙන කිසිම මෝස්තරයක් නැතුව නිවිලා තැන්පත් වෙලා ගෙවල් ඇතුලෙ හිටියා , ☹
ඒකටත් එක්ක දැන් ඉන්න අම්මණ්ඩිලා , සමහරුන්ට කිරි එරෙන්නෙත් නැහැ , ළමයට මාස තුනෙනේ ළමයා දාලා වැඩට යනවා , ගෝ කාට් මිසක් ලේසියකට වඩා ගන්නේ නැහැ , වොෂින් මැෂින් , ගෑස් ලිප් , ඔක්කොම සැප තියනවා , ඒ විතරක් නම් මදෑ , ළමයි හම්බුනාමත් උන් හැසිරෙන්නෙ කෙල්ලෝ වගේ , මෝස්තර කරනවා , ජිම් යනවා , ඉස්සර අම්මලත් එක්ක බැලුවම දැන් ඉන්න ගෑණු අම්මලද කියලා හිතෙනවා .. ??☹☹
💢පැරණි අම්මාවරු සහ නූතන අම්මාවරු ගැන සංසන්දනාත්මක බහුතර මතය එහෙමයි  .💢
ඉස්සර අපේ අම්මා , අපි තනේ අතරිනකන් අවුරුදු ගානක් අපිට කිරි දුන්නා ,චූ රෙදි කක්කා රෙදි තොග ගණන් හේදුවා , දර පැලුවා , අතේ අතුල්ලලා රෙදි හේදුවා , දැලි කුණු අතගගා දවසම දුක් වින්දා , අපි වැඩිපුර කන්න කැමති හැම කෑමකටම අම්මා කැමති නෑ කියලා අපිටම බෙදලා දුන්නා , දවල් වගේම රෑටත් මැස්සො මදුරුවො එලව එලවා පවන් ගගහ හිටියා , අපිට අළුත් ඇඳුම් අරන් දීල එයා පරණ ඇඳුම් ඇන්දා , එකම සෙරප්පු දෙක හම යනකම් දැම්මා , ලිප්ස්ටික් , කියුටෙක්ස් , සැලුන් දැකලත් නැහැ , පව්ඩර් ඇරුණම වෙන කිසිම මෝස්තරයක් ගැන උනන්දුවක් තිබ්බෙ නැහැ ,
දැන් මමත් අම්මෙක් , පැම්පර්ස් වලට දරුවා පුරුදු කරලා , කොට් එකේ නිදි කරවලා , අවශ්‍යතාවය හීන වෙනකොට තන  කිරි නවත්තලා , දරුවගේ ආරක්ෂාව තහවුරු කරලා රස්සාවක් කරලා , කැමති ඇඳුම ඇඳලා , මට කැමති දේ කාලා , සින්දුවක් කියලා නටලා , ළමයා ස්වාදීන කරන ගමන් මමත් ස්වාදීන වෙලා ඉන්නවා .
මම ඉර හඳ වගේ දන්නවා, කවදාහරි මට ලෙඩක් හැදිලා , වකුගඩුවක් , අක්මාවක් , හරි ඊට වඩා දෙයක් හරි බද්ද කරන්න උනොත් කියන්නත් කලින් අපේ අම්මා එයාගෙ වකුගඩුව මට දෙනවා , ඒ වගේම මගෙ දරුව වෙනුවෙන් මගෙ වකුගඩුවක් දෙන්න උනොත් ,එදාට  වකුගඩුව විතරක් නෙමෙයි මම මගේ පණත් දෙනවා ..
කාලයට අනුව තාළය වෙනස් වෙලා , අම්මා කියන චරිතෙ  බාහිරින් වෙනස් උනත් ''අම්මලා'' වෙනස් වෙන්නේ නැහැ , මව් ගුණ එහෙම්මම තමයි , ලෝකෙ පවතිනතාක් ''අම්මා'' අම්මා ම තමයි ...
ජීවිත රටාවල් වල මොන තරම් වෙනස් කම් තිබ්බත් ,  කහටගස්දිගිඩියේ  සුමනාවතී ටත්  , බාර්න්ස් ප්ලේස් වල ෂෙරින්ටත්  , එංගලන්තෙ ඩයනා කුමාරිටත් , කැනඩාවෙ සනී ලියොන් ටත්  , ඇමරිකාවෙ නායා රිවේරාටත් ,  ''  අම්මා'' කියන චරිතෙට අනුගත උනාම දැනෙන හැඟීම  එක සමානයි, එච්චරයි ...😌💓
                              💓💓💓
නායා රිවේරා,"" අම්මා ""කියන කෙනා ගැන ආයෙත් ලෝකෙට මතක් කරලා එයාගේ කතාව නිමා කළා !!! ඇයට සුබ ගමන් ❤️
අනිශා ජයකොඩි ✍️
https://www.facebook.com/groups/498306004245536/

Sunday, July 19, 2020

දන්න කෙනෙක් කියපන්කෝ...


Image may contain: text

දන්න කෙනෙක් කියපන්කෝ යම රජ්ජුරැවො අපායට ගියේ පවු කරලද පින් කරලද?



දන්න කෙනෙක් කියපන්කෝ යන්තම් කරවල බැදුමක් බැද්දම, නාන තොටුපලට ගියාම සෙට්වෙන මහසෝන රීරියකා කලු කුමාරය ඇමරිකාවෙ එන්ගලන්තෙ එවුන් රෑ කැළෑවෙ අමු ඌරැ මස් බාබකියු දානකොට එන්නැත්තෙ මොකද ?



දන්න කෙනෙක් කියපන්කෝ මහසෝන රීරියකා කලු කුමාරය මෝහිනී අකාලිකද අළුත් යක්කු බිහි වෙන්නෙවත් සියවස් ගණන් පරණ යක්කු චුත වෙන්නෙවත් නැත්තෙ මොකද?



දන්න කෙනෙක් කියපන්කෝ කලු කුමාරය උඹේ ආච්චිට අම්මට බැල්ම දාල උඹේ දුවට මිනිපිරීටත් බැල්ම දාන්න නියමිතද? මෝහිනී උඹේ සීයව, තාත්තව බය කරා වගේ උඹේ පුතාව, මුණුපුරාවත් බය කරන්න නියමිතද?



දන්න කෙනෙක් කියපන්කෝ එදා සාස්තරකාරයො මොළ හේදුවෙ නැත්නම් පණ්ඩුකාභයගෙ මාමල ඌව මරන්න ට්‍රයි කරන්නෙත් නෑ ඌ මාමලව මරන්න ට්‍රයි කරන්නෙත් නෑ නේද ? සාස්තරකාරයො ජ්‍යෝතිෂ්‍ය කාරයො රට වනසපු එකට පරණම උදාහරණයක් වත්ද?



දන්න කෙනෙක් කියපන්කෝ ලoකාවෙ එවුන් මෙච්චරටම ගොන් ඇයි?

Friday, July 17, 2020

අනේ අපි විහිළුවටනෙ එහෙම කලේ- an old story

ඇමරිකාවේ ඉතාම ජනප්‍රිය කලා ශිල්පීන් පිරිසක් තමයි ස්ටෑන්ඩ්-අප් කොමීඩියන්ලා (stand-up comedians) කියන්නේ. මේගොල්ලෝ සජීවී ප්‍රේක්ශකාගාරයක් තුල නොයෙකුත් විහිලු තහලු කරමින් එම ප්‍රේක්ශකයින් හිනස්සනවා. ඇමරිකාවේනම් තියෙටර්ස්, ඔඩිටෝරියම්ස්, හෝටල්, සහ comedy clubs ආදියට පැමිණ මේගොල්ලෝ තමන්ගේ shows පවත්වනවා. මේ ගොල්ලන් අඳින පළඳින විදිය බොහොම සාමාන්‍යයි, කතා කරන්නේත් එදිනෙදා ජීවිතයේ අපට මුණගැහෙන සාමාන්‍ය මනුස්සයෙක් වගේ, ඒත් එම කතාව තනිකරම script එකකට අනුව කරන හාස්‍යය පිරැණු කතාවක්. හොඳ stand-up comedian කෙනෙක්ට අති විශාල ආදායමක් උපය ගත්තහැකි. හැබැයි ඉතින් ගොන් ජෝක්ස් කරන ස්ටෑන්ඩ්-අප් කොමීඩියන්ලාට නම් වැඩිකල් ක්‍ෂේත්‍රයේ පවතින්නට අමාරැයි. මම පෞද්ගලිකව කැමති ශිල්පීන් අතර Trevor Nova, Jerry Seinfeld, Robin Williams, Richard Pryor ආදීන් ඉදිරියෙන් ඉන්නවා. සජීවී ප්‍රේක්ශකාගාරයක් තුල perform කරද්දී මේගොල්ලො මිනිස්සුන්ගෙ ආගම, ජාතිය, සoස්කෘතිය, දේශපාලනය, හැසිරීම, පුරැදු ආදී බොහෝ සoවේදී දේවල් උපහාසයට ලක් කරනවා. ස්ටෑන්ඩ්-අප් කොමීඩියන්ලාගේ සුවිශේෂත්වය ඒක. කොටින්ම ඔවුන් අපේ ගොන්කම් වලට අපට හිනාවෙනවා. යූටියුබ් එකේ එවැනි stand up comedy වල පටිගත කල කොටස් විශාල ප්‍රමාණයක් තිබෙනවා, ඔබට නරඹන්නට අවශ්‍යනම්. ලoකාවේ සුසිලා කෝට්ටගේ කලා ශිල්පිනියට සාර්ථක stand-up comedian කෙනෙක් වෙන්න පුළුවන් බව මගේ හැඟීමයි. ඒත් අවාසනාවකට ලoකාවේ මෙම ශිල්පීන් perform කරන shows නැහැ, මම දන්න තරමින්. ශ්‍රී ලoකාවේ මෙම ශිල්පීන්ගේ shows නැති උනාට ලාoකික සම්භවයක් සහිත සාර්ථක stand-up comediansලා ලෝකයේ වෙනත් රටවල ඉන්නවා, බ්‍රිතාන්‍ය-ලාoකික Romesh Ranganathan වගේ. (https://www.youtube.com/watch?v=iuaZ3fHXHmc

Stand-up comedy show එකකට ගිහින් එන ගමන් ලoකාවේ මේක ජනප්‍රිය  නැත්තේ මොකද කියන ප්‍රශ්නය මට ඇති වුනා. ලoකාවේ බොහොමයක් මිනිස්සුන්ට තමන්ගේ ආගම, ජාතිය, සoස්කෘතිය, දේශපාලනය, හැසිරීම, පුරැදු ආදී සoවේදී දේවල් වල ඇති වැරදි අඩුපාඩු ආදිය කවුරැහරි කෙනෙක් කෙනෙක් විහිලුවටවත් ප්‍රශ්න කලොත් ඒ දිහා සැහැල්ලුවෙන් බලලා හිනාවෙන්න නොහැකියි. පුදුම තරම් කේන්ති යනවා. stand-up comedianට ගුටි කන්නයි වෙන්නෙ. ඒත් දැන් බලන්න උඩ පරිච්ඡේදයේ ඇතුළත් කරපු රොමේෂ්ගෙ comedy එකේ විශාල ප්‍රේක්‍ෂකාගාරය පිරිල තියෙන්නෙ බ්‍රිතාන්‍ය සුදු ජාතික ප්‍රේක්‍ෂකයන්ගෙන්. මේ ප්‍රේක්‍ෂකයන් බහුතරය ක්‍රිස්තියානි ආගමිකයන් වෙන්න ඇති කියල educated guess එකක් කල හැකියි. රොමේෂ් බ්‍රිතාන්‍ය සoක්‍රමනිකයන්ගෙන් පැවතගෙන එන, සම කලු, හින්දු ආගමිකයෙක්. ඔහුගේ ඇතැම් විහිළු පාදක වෙලා තියෙන්නෙ නත්තල් කාලයේ  හින්දු  ආගමික රොමේෂ් කරන හෝ අත්දකින හාස්‍යජනක දේවල් ගැන. අර මිනිස්සු ඒවා අහල ආතල් එකක් ගන්නවා. මේක ලoකාවෙ කරන්න තියා හිතන්නවත් පුලුවන්ද? නත්තල ගැන හින්දු/බෞද්ධ stand-up comedian කෙනෙක් විහිලු කලොත්, දීපවාලී උත්සවය ගැන ඉස්ලාම්/බෞද්ධ stand-up comedian කෙනෙක් විහිලු කලොත්, නැත්නම් වෙසක් උත්සවය ගැන ඉස්ලාම්/හින්දු stand-up comedian කෙනෙක් විහිලු කලොත් මොනවායින් මොනවා වේවිද? ආගම් වලින් පරිබාහිර දේවල් ගැන උනත් තත්වය ඒකම තමයි. දේශපාලනය, සිරිත් විරිත්, සoස්කෘතිය වගේ ඕනෑම මාතෘකාවක් ගැන stand-up comedian කෙනෙක් විහිලු කලොත් දත් නැතුව බත් කන්න තමයි වෙන්නෙ. ඒ කියන්නෙ ලoකාවෙ මිනිස්සු සoවේදී දේවල් ගැන විහිලු තහලු අපහාස උපහාස කරන්නැති උදවියද?

ලoකාවෙ මිනිස්සු තරම් සoවේදී දේවල් ගැන විහිලු තහලු අපහාස උපහාස කරන උදවිය වෙන කිසිම රටක නැතුව ඇති. දැන් බලන්න අපි මිනිස්සුන්ගෙ ශාරීරික වෙනස්කම් වලට මොනතරම්නම් විහිලු තහලු කරනවද? කාර්‍යාලයේ ඉන්න ටිකක් විතර මහත කෙල්ලෙක්ට ඔබ මොනතරම් විහිලු තහලු කරනවද කියල හිතල බලන්න. ඒ කෙල්ල කන බොන වෙලාවට වැඩියෙ කන්න එපා කියල, වාහනයක යද්දි වාහනේ පැත්තක් පාත්වෙලා කියල, කසාද බඳින්න හොයනවනම් බුල්ඩෝසර් ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න කියල ආදී මොන තරම් නිර්මාණශීලී විහිලු තහලු කරනවද අපි? stand-up comedian කෙනෙක් කවදාවත් මිනිස්සුන්ගේ බාහිර පෙනුමේ අඩුපාඩු ගැන විහිලු කරන්නෙ නෑ. එහෙම බලනකොට stand-up comedianලටත් වඩා අපි ඉදිරියෙන් ඉන්නෙ. ඒකනෙ අපිට stand-up comedianල වැඩක් නැත්තෙ. ඇතැම් ලoකාවෙ මිනිස්සු ඉතාම උපක්‍රමශීලී විදියට තම පරපීඩක හෝ ආත්මාර්ථකාමී උවමනාවන් ඉෂ්ඨ සිද්ධ කරගන්න විහිලු කිරීම උපයෝගී කර ගන්නවා. දැන් බලන්න පාරේ/බස් එකක යන කෙල්ලෙක්ට වාචික අතවරයක් කරල ඒකිට මල පැන්නොත් කියන්නෙ අපෝ ඔයාට විහිලුවක්වත් තේරෙන්නෙ නෑනෙ කියල. මීට කාලෙකට කලින් වැලිවේරියේ ඇඟලුම් කම්හල් සේවිකාවකට බස් හෝල්ට් එකේ කාන්තා වැසිකිළිය අසලදී එලෙස ලිoගික අතවරයක් කරපු මිනිසාට ඇය පහරදුන් විට (එම viral වීඩියෝව බලා), බොහෝ ලාoකික ගෑනු සහ පිරිමි ඇයව විවේචනය කලා. ඇය එසේ විහිලුවකට react කිරීම වැරදිලු. වෙනත් දියුණු රටවල අපරාධ ලෙස සළකන දේවල් බොහෝ ලාoකික මිනිසුන්ට විහිලු. ඒ අතින් අපි හරිම advance.

See the source image
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSa5RsXAVuVZtbJFT_OiOmTDPrIvIzUOdYSaiW4T_FaHRc-TkOx8LN1XBtt__I9o3uxOrw_pKMb4D1va3h4qBtIe_GbXA9Fn4W7_SXRvN5Ptp8Zl8tyW2W0rwA5QufMf8NAw25Vg1M78s/s1600/Beaverton.jpg

තවත් පුoචි උදාහරණයක් ගනිමු. ඇමරිකාවේ frozen yogurt විකුනන කඩයක frozen yogurt වර්ග විස්සක් විසිපහක් තියෙනවා. ඉහත ඡායාරෑපයේ පෙන්වන පරිදි ඒවා තිබෙන්නේ එක එක stations වල. පාරිභෝගිකයන් එම stations වලට ගොස් තමන් කැමති වර්ගයේ කරාමය ඇරල තමන්ගෙ කෝප්පයට තමන් කැමති යෝගට් ප්‍රමාණයක් දමා ගන්නවා. වෙළඳසැලට ඇතුලුවන හැමෝටම කුඩා කෝප්ප හතරක් පහක් ලැබෙනවා මිළදී ගන්නට පෙර (අලුත් favors) කුඩා ප්‍රමාණයක් රස බලන්නට. ඇත්තම කිව්වොත් ඒ කුඩා කෝප්ප හතර පහ ගානට manage කර ගත්තොත් යෝගට් රාත්තලක් උනත් නිකම් කෑවහැකි. වෙළඳසැලේ කවුරැවත් බලන් ඉන්න එකක්යැ. ඒත් ඇමරිකන් මිනිස්සු කවදාවත් එහෙම මගෝඩි වැඩ කරන්නෑනෙ. සමහර මිනිස්සු කුඩා කෝප්ප එපා කියල කෙලින්ම තමන් කැමති ‍යෝගට් එක මිළදී ගන්නවා. සාම්පල් රස බලපු කිසිකෙනෙක් හිස් අතින් යන්නෙත් නෑ, මිළදී ගන්නවාමයි. දැන් මේක ලoකාවෙ තිබුනනම් වැඩි කාලයක් යන්න කලින් වැහෙනවා අපේ සමහර අයගේ වැඩ නිසා. අර කුඩා සාම්පල් කප් වලින් යෝගට් කිලෝ එකක් විතර කාල කිසිවක් මිලදී නොගෙන ගිහින් යාලුවො එක්ක මහත් ආඩම්බරයෙන් කියයි හපන්කම. බැරි වෙලාවත් අහු උනොත් නිදහසට කාරණය මොකක් වෙයිද? "අනේ අයියෙ අපි විහිළුවටනෙ කලේ".

ඇයි ඇමරිකන් මිනිස්සු එහෙම නොකරන්නෙ? ගොඩක් හේතු තියෙනවා. ඒ අතරින් එක වැදගත් හේතුවක් තමයි දුර දිග බලා වැඩ කිරීම. ඒ මිනිස්සු ඒ වෙළඳසලට කැමතියි. ඒක වැහිල ගියොත් යෝගට් කන්න  දුර යන්න සිදු වෙනවා. තමන්ගෙ අසල්වාසීන්ගෙ හොඳට කරගෙන යන හිතවත් කඩය සුරැකීම තමන්ටත් වාසියක් අනුන්ටත් වාසියක් ගමටත් වාසියක් රටටත් වාසියක්. තමන්ට වාසියක් වෙන්නේ කොහොමද? බැරි වෙලාවත් පර්ස් එක අමතක වෙලා ආව නම් අඳුනන නිසා කමක්නෑ පස්සෙ මුදල් දෙන්න කියල යෝගට් දෙනවා. ඊටත් නොදන්න තැනකට වඩා මොනතරම් හොඳද දන්න කියන තැන. අනික තමයි එවැනි විහිළු වලින් පාරිභෝගික නිදහස ඇහිරෙන බව නුවණින් තේරැම් ගැනීම. එවැනි විහිලු මර්දනයට කඩ හිමියාට පුළුවන්නේ සාම්පල් කප් නොදී ඉන්න, සේවකයෙක්ව දානවා stations වල හොර අල්ලන්න, තව සේවකයෙක් යෝගට් වක් කරල දෙන්න දානවා. දැන් මොකද වෙන්නේ. stations වල පෝළිම්, ඇයි අර සේවකය එපැයි හැමෝටම යෝගට් වක් කරල දෙන්න, මිළ වැඩියි අමතර සේවකයන්ගෙ පඩි නඩි ගෙවන්න, ඇයි ඔක්කෝටම වඩා එතන තිබ්බ නිදහස ඇහිරිලා, යන්න හිතෙන්නෙත් නෑ, අපි දිහා බලන්නෙ යෝගට් හොරැ විදියට මිසක් ගෞරවාන්විත පාරිභෝගිකයන් විදියට නොවේ. ඔන්න දැන් අපිටත් මල පැනල බනිනවා කඩේ මුදලාලිට customer service දන්නෙ නෑ කියලා. ලoකාවෙ මිනිස්සු customersල වශයෙන් මොනතරම් නින්දිත සැළකුමක්ද ලබන්නේ කියන එක තේරෙන්නේ දියුණු රටවල business කරන හැටි දැක්කම. කොටින්ම ලoකාවෙ වෙඩින් එකේ කුකුළු මස් බෙදන්නත් පඩි ගෙවල වෙනම සේවකයෙක්ව දාල. ලැජ්ජයි නේද? කාගෙද වැරැද්ද? පාරිභෝගිකයන් වන අපේම නේද?



Saturday, July 4, 2020

මල් මාල ගොතා දෙනවද සොඳුරියෙ මම සාලිය කුමරැ වෙමි...

කාලයක් තිස්සෙ සොයමින් සිටි පැරණි මුල් ගීත කීපයක් හමු වුනා.

1. මල් මාල ගොතා දෙනවද සොඳුරියෙ මම සාලිය කුමරැ වෙමි
https://www.youtube.com/watch?v=RDFAjpdQXAU

2. මාලා රෑප රාණී කෝකිලා ඒ මා
https://www.youtube.com/watch?v=IuyBioWD7As

3. පැලේ වසන රන්මලී
https://www.youtube.com/watch?v=L671vP0usqI

4. දුක සැප නිති පෙරලේ
https://www.youtube.com/watch?v=yeA3-Ua1U3Q

5. ගලනා හැලෙනා
https://www.youtube.com/watch?v=QhdocfXzozU

Thanks for these youtubers for uploading videos.
Enjoy!

Friday, July 3, 2020

කුහක කම

කතා කිහිපයක්.
ඔන්න ඉස්සර කාලේ හිටිය ගුණපාල මලලසේකර කියල මහත්මයෙක්. මලලසේකර dictionary එකේ කතෘ. සෝවියට් සමූහාණ්ඩුවට යවපු ලංකාවේ පලවෙනි තානාපති.  රටවල් තව කිහිපයක අපේ තානාපති වගේම පසු කාලයක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වගේ නොයෙක් ආයතන වලත් එතුමා වැඩ කරා. දක්ෂතාව නිසාම ඉතාම ප්‍රසිද්ධියට පත් උනා. ලංකාවේ මිනිස්සු හිතුවා එයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් තනතුරට ඉල්ලුවොත් උඩින්ම දිනය්  කියල. ඉතින් අපි එහෙම අපේ  මිනිහෙකුට හරි යනවට ජාතියක් වශයෙන් කැමතිද පින්වතුනි ? කොහෙත්ම නැහැ. සෝවියට් සමූහාණ්ඩුවේ තානාපති කාලේ එතුමා ලංකාණ්ඩුවට එවපු රහසිගත ලියුමක් තිබුනා ඇමරිකා එක්සත් ජනපදය ගැන රාජතාන්ත්‍රික රහසක් කියපු. විදේශ  අමාත්‍යංශේ  හිටපු නිලධාරියෙක් හරහා අපි ඕක  leak  කරනවා. ඇමරිකාව තරහ වෙනවා. එතුමා කවදාවත් මහ ලේකම් වෙන්නේ නැහැ.
ලලිත් ගුනවර්දන කියල මහත්මයෙක් ලියපු පොතක් තියනවා " විසිකලා ඔලිම්පික් පදක්කම රෝසා " කියල පොතක්.  ලුශියන් බෙනඩික්ට්  රෝසා කියල ක්‍රීඩකයෙක් හිටිය. ඔහු ඉතාම දක්ෂයෙක්. ආසියානු රන් පදක්කම් වගේම Boston  marathon එකේ 4ත් place එකත් ඔහු දිනාගෙන තිබුන. ඔහුගේ timing වලින්  world  rank එක 11. ලංකාවේ මිනිස්සු හිතුව අනිවාර්ය ඔලිම්පික් පදක්කමක් කියල. 1976 මොන්ට්‍රියෙල් ඔලිම්පික් උළෙල වර්ජනය කරන්න අප්‍රිකාව තීරණය කිරීමත් සමග මේ දිගු දුර timing  වල ඔහුට ඉස්සරහින් රෑන්ක් තියන 9 දෙනෙක් ඔලිම්පික් උළෙලට එන්නේ නැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන් අඩු තරමින් රිදී හෝ ලෝකඩ පදක්කමක් වත් අපිට එනවා. ඉතින් දැන් ඉන්න සමහර ක්‍රීඩා ඇමතිවරු වගේම එකල හිටපු කේ.බී. රත්නායක කියන ක්‍රීඩා ඇමතියත් කැමති වෙන්නේ නැහැ ක්‍රීඩකයෙකුට හරි යනවට. ඉතින් ඔවුන් රෝසට කියනවා ලංකාව තීරණය කරනවා කියල මොන්ට්‍රියෙල් ඔලිම්පික් උළෙල වර්ජනය කරන්න. ඔහුට ඔලිම්පික් ධජය යටතේවත් තරඟ වදින්න දෙන්නේ නැහැ. නමුත් පින්වතුනි ඔලිම්පික් එක පෙන්නනකොට මෙන්න බොලේ ලංකාවේ නිලධාරීන් ඔක්කොම අපේ කොඩිය එහෙමත් අරන් එහෙ ගිහින්. රෝසා ආයෙත් කවදාවත් ඔලිම්පික් යන්නේ නැහැ.
ඊට පස්සේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කමට පත් වෙය් කියල හිතපු ජයන්ත ධනපාල මහත්මයව නම් හුඟක් අය දන්නවා. ඉතින් එයා පත් වෙනකල් අපි නිකන් බලන් හිටියද ? අපොය් නැහැ. ජයන්ත ධනපාලට විරුද්ධව  election එකේ මූලික වටයේදී  Ban Ki  Moon ට උදව් කරන්න කියල Keangnam සමාගමේ සභාපති හරහා ලංකාවෙන් ඉල්ලා සිටිය කියල තමය්  කතාව තියෙන්නේ. ලංකාව ලැජ්ජා නැතුව කියනව යුද්දේ නිසා ලංකාවේ අපේක්ෂකයා කොහොමත් දිනන්නේ නැහැ, ඒ නිසා අපි අරයට උදව් කරනව කියල.
දැන් අපේ සංගක්කාර ICC එකේ සභාපති කමට තරඟ කරනවා කියල තිබුන. සංගක්කාර ICC සභාපති උනොත් සුමතිපාල ඇතුළු පිරිස අපේ පාලක මණ්ඩලයෙන් හොරකම් කරන එක ගැන ICC එක විභාග කරලා එලෝලා දැම්මොත් විනාසය්නේ . ඉතින්  සුමතිපාල වහාම කියනවා සංගක්කාර ඒකට ගැලපෙන්නේ නැහැ කියල. අපේ  cricket board එක announce කරනවා Ganguli  හෝ ඉන්දියාවෙන් එන මොකා හරි අපේක්ෂකයාට අපේ සහයෝගය දෙනවා කියල.  ඒත් sure නැති නිසා එවකට ක්‍රීඩා ඇමති අවුරුදු 11 කට පස්සේ පැමිණිලි කරනවා 2011 ලෝක කුසලානය පාවල දුන්න කියල. හෙට සංගක්කාරට විශේෂ විමර්ශන ඒකකයට යන්න වෙනවා. හෙට රෑ එයාලට පක්ෂපාතී   news වලින් සංගක්කාර match එක පාවල දීපූ හැටි බලන් හිටිය වගේ කියන්නත් පුළුවන්.
ඉදිරි අනාගතයේදී වෙන මොකෙක් හරි ලොකු තනතුරකට යන්න ආවොත් අපි නිකන් ඉන්නවද? කවදාවත් නැහැ. අපේ තරම් රටට ජාතියට තමන්ගේ මිනිස්සුන්ට හරි යනවට කැමති මිනිස්සු කොහෙවත් නැහැ !!
Copied from Serieen Slemmarmamann
https://www.facebook.com/serie.serie.33


සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...