Monday, August 23, 2021

අපි හම්බ කලොත් අපි කනවා තියරිය අදහන අයට ඇෆ්ගණිස්ථානයෙන් උගත හැකි පාඩම්

 ඇෆ්ගණිස්ථානයෙන් උගත් පාඩම් by Ishan: https://www.facebook.com/IshWriteLK/

1) ඔබගේ දේශය ශක්තිමත්ව නැගී සිටීමට අසමත් නම් ඔබගේ සිහින නිවහන, සිහින මෝටර් රථය, බැංකු ශේෂය, ව්යාපාර එක් මොහොතකින් දුහුවිල්ලක් විය හැක.
2) ඔබගේ රාජ්යය දුර්වල වී වටිනාකමක් නැති විටෙක ඔබගේ වත්කම් සියල්ලේ වටිනාකමක් නැතිව යනු ඇත.
3) ඔබගේ රටේ නායකයන් ඔබව පාවා දී පළා ගිය මොහොතක, ඔබ කොතරම් ධනවත්, බලවත් වූවත් එක මිනිත්තුවකින් ඔබ සරණාගතයෙක් විය හැක.
පාඩම : ඔබගේ දේශය ගොඩනගන්න. ශක්තිමත් නායකත්වයක් ඔබගේ දේශයට තෝරා ගන්න. ඔබට සෑම දෙයක්ම නොමිලයේ ලබා දීමට පොරොන්දු වෙන නායකයෙකු නොව ඔබ වෙනුවෙන් සහ දේශය වෙනුවෙන් නැගී සිටිමට හැකි ශක්තිමත් නායකයෙකු තෝරා ගන්න.
මතක තබා ගන්න, ඔබගේ දේශය යනු ඔබගේ පවුලයි. ජාතියකට අවශ්ය පියෙකු මෙන් රට නිවැරදි පාරේ මෙහෙයවන නායකයෙකි. ඔබගේ ජීවිතය, ඔබගේ පවුල තරමටම ඔබට ඔබගේ රට වැදගත්ය, ඔබගේ ඉරණම තීරණය වන්නේ ඔබගේ දේශයේ ඉරණම මතය. සෑම විටම ශක්තිමත් නායකයෙකු දේශයට තෝරා ගන්න. ඇෆ්ගණිස්ථානය ඔබට උගන්වන පාඩම එයය.

තව ටිකක් එකතු කලොත්,
ඔබ හිතනව නම් තාප්ප වලින් වට වුනු ලොකු ගෙයක්, වාහන ආදිය මගින් ඔබේ දරැවන් බාහිර උපද්‍රවයෙන් ආරක්‍ෂා වෙනවා කියා, ඔබ ඉන්න පැත්තේ වායු දූෂණය වුනොත් ඔබේ ආදරණීයයන්ට හුස්ම ගන්නට අමාරැ වේවි, ඔබ ඉන්න පැත්තේ ගහ කොළ කපා දැම්මොත් ඔබේ ආදරණීයයන්ට එළිපෙහෙලියට ගොස් සතුටු වීමට බැහැ. මේ වගේ අපි හම්බ කරොත් අපි කනවා තියරිය අවළoගු වන තැන් බොහොමයක් තියෙනවා, ඒ නිසා අනුන්වත් නැගිටවාගෙන තමන් නැගී සිටින්න.

ඡන්දය යනු විහිළුවක් නොවේ, එය ජීවිතය හෝ මරණය තීරණය කළ හැකි ප්‍රබල අවියක් බව කොරෝනා වසoගතය ඔබට මට කියා දුන් අගනා පාඩමක්. ඒ පාඩම අමතක කරන්නට එපා.

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...