Wednesday, July 29, 2020

සැබෑ ප්‍රශ්නය හඳුනා ගන්නේ කෙසේද - දෙවන කොටස

සැබෑ ප්‍රශ්නය හඳුනා ගන්නේ කෙසේද දෙවන කොටස යනුවෙන් මුල් ලිපියේ දෙවන කොටසකුත් ලියන්නට අදහස් කලේ එකී සිදුවීමට අදාලව ශ්‍රී ලාoකිකයන්ගේ ආකල්ප ගැන කතා කරන්නට තව බොහෝ කාරණා හිතට ආ නිසායි. මගේ පළමුවන ලිපිය කියවපු නැති අයට මම ලිපියේ කතා කරන ෆේස් බුක් පෝස්ටුව කියවීම සඳහා ලිපිය යටින් නැවතත් කහපාට අකුරින් දක්වා තිබෙනවා. මම නැවතත් කියනවා මේක ලියපු පුද්ගලයාට හොඳ හදවතක් තිබෙන බව. එහි කිසිම විවාදයක් මට නෑ. නමුත් හොඳ හදවතක් තිබීම පමණක් මදි සමාජයේ හොඳින් ජීවත් වෙන්න, ඒ සඳහා හොඳ ආකල්පත් තිබිය යුතුයි. කෙනෙකුගේ හොඳ/නරක ආකල්ප ඇති/නැති වීමට ඔහු/ඇය කුඩා කාලයේ වැඩිහිටියන් ගේ දුටු හැසිරීම සහ ඔහු/ඇය ජීවත්වෙන සමාජයේ ආකල්පත් තදින්ම බලපානවා. ඉතින් වැඩිහිටියන් ගේ හැසිරීම සහ ජීවත්වෙන සමාජයේ ආකල්ප විකෘති වූ විට හොඳ හදවතක් තිබෙන යහපත් මනුස්සයෙක් පවා ආකල්ප විකෘති වී  අමනෝඤ වැඩ කරනවා, එක්කෝ සමාජ පීඩනය නිසා නැත්නම් ඒකෙ වරදක් දකින්නට නොහැකි ලෙස සමාජය යම් වරදකට අනුගත වෙලා ආදී හේතු නිසා. 

ලාoකික සමාජයේ කාට හරි උදව් කිරීමේදී ඒ උදව්ව නියමිත අවම ගුණාත්මක භාවයෙන්වත් ලබා දීමට පුළුවන්ද යන්න සළකා බලන්නේ එහෙමත් කෙනෙක්. "මම ඔබට කරන්නේ උදව්වක්, ඒ නිසා ඒකෙ වැරදි අඩුපාඩු තිබුනට කමක් නෑ, මට පුළුවන් ප්‍රමාණය මෙපමණයි" වගේ ආකල්පයක් තිබෙන්නේ. මේ පෝස්ටුවේ ලියුම්කරැ කියන්නේද එයයි.  සිසුවාට යතුරැපැදියෙන් lift එකක් දෙන්නට පුළුවන්, හැබැයි හෙල්මටයක් දෙන්නට නැහැ. මම කරන්නේ උදව්වක්, ඒ නිසා ඒකෙ වැරදි අඩුපාඩු තිබුනට කරන්න දෙයක් නෑ, පොලීසිය උනත් ඒක තේරැම් ගන්න ඕන, මොකද මමත් අමාරැකම් මැද ජීවත් වෙන මිනිහෙක්, මට පුළුවන් ප්‍රමාණය මෙපමණයි වගේ අදහසක් තමයි කියැවෙන්නේ. මේක අප අතර මුල් බැසගෙන ඇති වැරදි ආකලපයක්. කෙනෙකුට උදව්වක් කිරීමේදී එහි අවම ගුණාත්මක භාවයවත් ලබා දීමට ඔබට නොහැකි නම් කරැණාකර එසේ උදව් කරන්නට එපා. ඒකෙන් උදව්වකට වඩා අන්තිමට අනර්ථයක් වීමට ඉඩ වැඩියි. දැන් මේ "උදව්ව" නිසා සිසුවාට අන්තිමේදී සිදු වූ අනර්ථය සළකා බලන්න; 

1. රැපියල් එකසිය හතලිහක් නැති වීම

2. අනවශ්‍ය රණ්ඩුවකට මැදි වීම

3. මම පගාව දෙන්නෙ නෑ යකෝ යැයි ලියුම්කරැ කෑගසද්දී සහ එම මුදල ඉරද්දී ලැජ්ජාවට, අපහසුතාවයට පත් වීම 

4. ගෙවල් ලඟ පොලිස් නිලධාරියෙක් තරහ කර ගැනීම නිසා පළිගැනීමට ලක් වේදැයි සැක බිය ඇති වීම 

5. තමන්ට උදව් කරන්නට ගිය මිනිසා කරදරේ වැටීමේ හිත් වේදනාව

6. මෙම පෝස්ටුව ඔහුගේ අනුමැතිය රහිතව කල එකක් නම් ඉන් ඇතිවන අපහසුතාවය

7. පගාව දීම රටේ නීතිය අනුව දඬුවම් ලැබිය හැකි වරදක්. පගාව දීමට තැත් කිරීම නීතිය අනුව දඬුවම් ලැබිය හැකි වරදක්ද කියා මම දන්නේ නෑ. ඔරිජිනල් පෝස්ටුවේ දඩ කොළයේ ඡායාරෑපයක් තිබෙන නිසා ශිෂ්‍යයාගේ අනන්‍යතාව පහසුවෙන් සොයා ගත හැකියි. නඩු නිමිත්තක් ඇති වී තිබෙනවා  විය හැකියි.

8. ඒ මදිවට හැප්පෙන්නෙ පොලීසියත් එක්ක, නීතියට අනුව වැරැද්දත් තමන්ගේ, පොලීසියේ රාජකාරියට බාධා කිරීම නිසා තවත් නඩු නිමිත්තක් ඇති වී තිබෙනවා විය හැකියි. අපරාදෙ කියන්න බෑ ලස්සනට තමුන් කරපු වැරදි ටික ස්වේච්ඡාවෙන්ම ලියල තියෙනවා. 

මෙතනදී තව දෙයක් අවධාරණය කරන්නට කැමතියි. තමන්ට අසාධාරණයක් උනාම සමාජ මාධ්‍ය වල පල කිරීමේ ප්‍රවනතාවය හුඟක් හොඳයි, නමුත් එසේ කරන්නට පෙර හොඳින් සිතා බලන්න. නෛතික පසුබිම, සයිබර් අපරාධකරැවන්ට තම දත්ත ලබා ගැනීමේ ඉඩ කඩ ආදී කරැණු නොසිතා අනුන් ඉලක්ක කර ක්‍ෂණික කෝපය නිසා පල කරන පෝස්ටු බූමරoගයක් මෙන් කැරකී තමාට අගතියක් කල හැකියි. මෙතැනදීම තව දෙයක් කියන්නට ඕනෙ. ට්‍රැෆික් පොළිස් නිලධාරියෙක්ගේ රාජකාරිය හරි අමාරැ වගේම අවදානම් එකක්. AC කාමරයක කොම්පියුටරයෙන් පොළිස් නිලධාරියාට බැන බැන කොමෙන්ටු දාන අය ඉර මුදුන් වෙලාවෙ පැයක් පාරෙ නිකම් හිටගෙන ඉඳල බලන්න. පොළිස් නිලධාරියා කලේ වැරැද්දක් තමයි, ඒකට මූණට බැනපු එක ප්‍රමාණවත්. ආයෙ මෙහෙම පෝස්ට් දාන්න තරම් විශාල වරදක්ද ඒක? මේ පෝස්ටුවේ මාතෘකාව "යට කරලා මරන්න තරම් මුන් තිරිසන්නු නෙමෙයිද?", ඒ මාතෘකාව හරිද? එදා කරබාගෙන මේ මනුස්සයගෙ තරහ පිට කර ගන්න දුන්නට මේ පෝස්ටුව තම නම්ගම් සහිතව වෛරල් ගිහින් අනිත් පොළිස් නිලධාරින්, තම බොස්, පවුලේ අය ආදීන් ගේ නිග්‍රහයට ලක් වූ විට මෙම පොළිස් නිලධාරියාගේ ප්‍රතිචාරය කුමක් වේද? ඔහුගේ පොළිස් සගයින් return එකක් නොදේවි යැයි කිව හැකිද? තමන් හරි නම් ඕන දෙයක්. නිදාගෙන ඉන්න සිoහයෙක්ව හොඳ හේතුවක් නැතුව නැගිටවා කුපිත කරවන්න එපා.  ඔබගේ සටන් තෝරා බේරාගෙන කරන්න (Choose your battles!).

9. දැන් අපි මෙහෙම හිතමු, එදා රෑ මේ යතුරැපැදිය අනතුරකට ලක් වෙනවා. හෙල්මටය නොමැති නිසා සිසුවාගේ හිස ගලක හැපී ඔහු මිය යනවා. දැන් ඔබ තෝරා ගන්නේ සිසුවා පයින් කිලෝමීටර තිහ යාම හොඳයි කියලද හෙල්මටය නොමැතිව යතුරැපැදියේ යාම හොඳයි කියලද? මම නම් තෝරා ගන්නේ සිසුවා පයින් කිලෝමීටර තිහ යාම හොඳයි කියලා.  අනතුරක්  සිදු වීමට ඇත්තේ කුඩා සම්භාවිතාවක් බව ඇත්ත, නමුත් සියළුම අවස්ථා වල අදාළ ආරක්‍ෂක උපක්‍රම: සීට් බෙල්ට්, හෙල්මට්,  ලයිෆ් ජැකට් (බෝට්ටු වල යද්දි) ආදිය, අනුගමනය කල යුතුයි, ඒවගේම ආරක්‍ෂක උපදෙස් අවබෝධ කරගෙන පිළිපැදිය යුතුයි. උදාහරණයකට දිය නෑමේදී නෑමට සුදුසු/නුසුදුසු ස්ථාන ගැන ඇති දැන්වීම් පුවරැ, ගුවන් යානයක් ගුවන්ගත වීමට පෙර අනතුරකදී හැසිරියයුතු ආකාරය ගැන ගුවන් සේවකයෙක්/සේවිකාවක් කරන ඩිමෝ එක ආදිය. බොහෝ රටවල මිනිසුන්ට මේවා පොලීසියෙන් ඇන ඇන කියන්නට ඕන නැහැ. මොන අවාසනාවකටද මන්දා ලාoකික සමාජයේ මිනිසුන්ට අනතුරකට පෙර ආරක්‍ෂාව සළසා ගැනීම ගැන හැඟීම හරි අඩුයි. ඒ නිසා පහසුවෙන් වළක්වාගත හැකිව තිබූ අනතුරැ වලින් සෑහෙන දෙනෙක් මිය යනවා. මෑතකදී ප්‍රී ෂූට් එකකට දිය ඇල්ලක ළඟටම ගොස් ඇල්ලට වැටී තරැණයා මිය යාම, වාහනයක් හදද්දී කාබයිට් ටැංකිය පිපිරී පෑස්සුම් ශිල්පියා මිය යාම, කලකට පෙර විහිළුවට මිතුරාගේ ගුද මාර්ගයට compressed air බටය අල්ලා එම මිනිසා මිය යාම, අතොරක් නැතුව ආරoචි වන බෝට්ටු පරලී පවුල් පිටින් මිය යාම නැතිනම් වාහනයේ රියදුරාට නින්ද ගොස් පවුල් පිටින් ඇක්සිඩන්ට් වීම ආදිය සිදුවීම් කිහිපයක්. මෙසේ මිනිසුන් අපරික්‍ෂාකාරීව හැසිරීමට බොහෝ හේතු තිබිය හැකි නමුත් මම විශ්වාස කරන පරිදි ආගමික හෝ මිත්‍යා විශ්වාසයන් මත වැරදි ලෙස එල්බීගෙන මට අනතුරක් නොවේ යන අධි විශ්වාසයෙන් කටයුතු කිරීමට යාම එක ප්‍රධාන හේතුවකි. තම මෝටර් රථයේ දෙහි සහ මිරිස් එල්ලාගත් පළියට, මෝටර් රථයේ බුදු පිළිම හෝ කුරැස ආදී ආගමික සoකේත එල්ලාගත් පළියට, බෙල්ලේ සුරයක් එල්ලාගත් පළියට අනතුරක් නොවේ යැයි සිතන්නේ මානසික රෝගීන් ය. 

බලන්න මේ කොටස දිහා. //මට බෑ බල්ලෙක් වෙන්න. රෑට මහපාරෙ මං වගේ එකෙක් කිලෝමීටර් විස්සක් තිහක් පයින් එද්දි මග දාල එන්න//

මෙන්න මේ "බෙල්ල කඩාගෙන උදව් කරන්නට යාම" කොතරම් දුරට සුදුසුද? මේ සිසුවගේ අම්ම තාත්තට නැති රැදාවක් සම්පූර්ණ පිටස්තරයෙකු වන ලියුම්කරැ ඇති කර ගත යුතුද?  විශේෂයෙන් සඳහන් කල යුතුයි, සිසුවා මඟ කලන්තෙ දාල වැටිල හිටියෙවත් අඩු තරමින් ලියුම්කරැ ගෙන් උදව් ඉල්ලුවෙවත් නැති බව.  එදා රෑ මේ යතුරැපැදිය අනතුරකට ලක් වී හෙල්මටය නොමැති නිසා සිසුවාගේ හිස ගලක හැපී මිය ගියොත් ඔහුගේ දෙමව්පියන් ලියුම්කරැට ශාප නොකරාවිද? ලියුම්කරැට ජීවිත කාලයටම පසු තැවීමට සිදු නොවේවිද? "බෙල්ල කඩාගෙන උදව් කරන්නට යාම" බොහෝ විට කෙළවර වෙන්නේ අමනාපයකින්. මම නිරීක්‍ෂණය කරපු දෙයක් තමයි ලoකාවෙ දෙන්නෙක් හරි ඉක්මනට හොඳටම මිතුරැ වෙනවා, හරි ඉක්මනට සතුරන් බවට පත් වී ඉවත් වෙනවා. වෙනත් බොහෝ රටවල දෙන්නෙක් මිතුරැ වන්නේ හිමින්, හොඳටම මිතුරැ වන්නේ අඩුවෙන්, ඒකත් බොහෝ කාලයකට පස්සේ, හැබැයි මේ හිතවත්කම් දීර්ඝකාලීනයි. මේ වෙනසට එක හේතුවක් නම් මේ "බෙල්ල කඩාගෙන උදව් කරන්නට යාම" නම් පුරැද්දයි. 

අපි මනඃකල්පිත උදාහරණයක් ගනිමු. කාර්‍යාලයකට නවක සේවිකාවක් එනවා. අල්ලපු මේසයේ සේවිකාව ඇය සමඟ දවස් කීපයකින් හොඳටම කුළුපග වෙනවා. පරණ සේවිකාව හිතන්නේ ඇය ආයතනයට අළුතෙන් පත් වී ආ  විට පරණ අය මදි පුoචිකම් කර ඇයව කොන් කල නිසා ඇයට ඇති වූ දුක අළුත් සේවිකාවට අත් වීමට ඇය ඉඩ නොදෙන බවයි. ඇය හිත හොඳ කාන්තාවක්. එහි කිසිම විවාදයක් නෑ. නවක සේවිකාව සාරියේ පොටේ කටුව ගහන්නේ නුහුරට නිසා පරණ කෙනා ඒකත් ලස්සනට ගහල දෙනවා. දෙදෙනා දවල් කෑම ගන්නෙත් එකට. අවස්ථාවක් ලැබුන ගමන් ඕපදූප කියමින් සතුටු වෙනවා. දැන් කිරිපැණි වගේ මෙහෙම ඉඳලා ටික කාලයකින් පහත ගැටළු හට ගන්නවා;

1. පරණ සේවිකාවට හැමදාම නවක සේවිකාවගේ සාරියේ පොටේ කටුව ගැසීම වදයක් බවට පත් වෙනවා 

2. අළුත් සේවිකාවට වැඩ අධික වී ඕපදූප කතා කරන්නට පරණ කෙනා ඒම වදයක් බවට පත් වෙනවා 

3. මේ දෙන්නටම එකට කෑම එපා වෙනවා, වැඩ අධික වීම, එක්කෙනෙක්ගේ කෑම එක අනිකාට රසගුණ මදි වීම ආදී හේතු මත 

4. අළුත් කෙනා පරණ කෙනාට කියනවා සෝමා නම් සේවිකාව සමඟ තමා තරහ නිසා ඇය සමඟ කතාවට නොයන ලෙස. මෙතෙනදී  පරණ කෙනා තම මිතුරියන් දෙදෙනාගෙන් කවුරැ තෝරා ගන්නද යන ගැටළුවට මැදි වෙනවා. මෙය ඇයව කෝපයට පත් කරනවා. ඔයින් මෙයින් දෙන්නට දෙන්න එපා වී රණ්ඩු වී මූණට මූණ නොබලන තත්වයට පත් වෙනවා. පරණ සේවිකාවගේ චේතනාව හොඳ වුවත් ඇයට අළුත් සේවිකාවට බෙල්ල කඩාගෙන උදව් කිරීමට සම්පත් තිබෙනවාද යන්න ගැන සිතුවේ නෑ. අන්තිමට එය කෙළවර වෙන්නේ අමනාපයකින්. වැඩි සෙනේ දබරෙටයි කියනවනේ. අර උතුම් චේතනාව සමඟ තමන්ට පුළුවන් මට්ටමට පමණක් සීමා මායිම් සහිතව උදව් පදව් කලා නම් අනවශ්‍ය ගැටුම් ඇති වීම අඩුයි. 

අවසාන වශයෙන් මේ වැරදි ආකල්පය ගැන ටිකක් කතා කරන්නට හිතුනා. ඒ තමයි බොහෝ උදව් කරන අය උදව්ව ලබන කෙනාට මෙන්න මේ අයිතිවාසිකම් ඇති බව නොතැකීම; 

1. උදව්ව නියමිත අවම ගුණාත්මක භාවයෙන් ලබාදෙනවාදැයි (කාරැණිකව) විමසීමේ අයිතිය (අයියෙ මට සයිකලේ යන්න හෙල්මට් එකක් තියෙනවද? )

2. උදව්ව (කාරැණිකව) ප්‍රතික්ශේප කිරීමේ අයිතිය (අනේ අයියෙ මට හෙල්මට් එකක් නැතුව සයිකලේ යන්න බැහැ, ගොඩක් පින් ඇහුවට)

3. උදව්ව කරන කෙනාට ලෝයල් වී හරි උනත් වැරදි උනත් උදව්ව කරන කෙනා සුද්ද නොකර ස්වාධීන වීමේ අයිතිය (අනේ අයියෙ පොලිසියෙ කෙනා කියන එක ඇත්තනෙ මොනව උනත්, අපි මෙතන අනවශ්‍ය ගැටුමකට නොයා ඉමු. අයියගෙ පාඩුව මම ගෙවන්නම්, මොකද මම නිසානෙ මේක උනේ)

4. උදව්ව ලබන කෙනාට අනපේක්‍ෂිත අමිහිරි සිදුවීම් වලට මුහුණ නොදීමට ඇති අයිතිය (හරිනම් මේ ගේම වෙන දවසකට පෝස්ට්පෝන් කල යුතුයි සිසුවාගේ පැත්තෙන් සලකලා)

ඉහත කරැණු හතරෙන් එකක්වත් ඉල්ලුවොත් අප බොහෝ දෙනෙකු හිතන්නේ "යකෝ මුගෙ තියෙන ලොකු සීන්, පව් කියල සයිකලේ යන්න කතා කලාම තව හෙල්මටුත් ඉල්ලනව. මට මෙහෙම වෙලා මදි බලෙන් එක එකාට උදව් කරන්න හදනවට. අනේ අම්මපා මීට පස්සෙනම් මග වැටිල හිටියත් කාටවත් උදව් කරන්නෙ නෑ" ආදී ලෙසයි. මේක අප අතර මුල් බැසගෙන ඇති වැරදි ආකලපයක්.

උදව් ලබන අයටත් කියන්නේ නිකන් හම්බ වෙනවනම් හෙම්බිරිස්සාව උනත් පැනල ගන්න එපා, අවoක සහ ප්‍රතිපත්තිගරැක වෙන්න. අමාරැ ඒත් නිවැරදි මාර්ගය හැම විටම තෝරා ගන්න. කාරැණිකව ප්‍රතික්ශේප  කරන හැටි ඉගන ගන්න.


පැලවත්තෙ ඉදන් නෙළුවට 30 km තියෙනවා
පැලවත්තෙන් හවස 6.30න් පස්සෙ නෙළුවට බස් එකක් නෑ
මං ඊයෙ වැඩ ඇරිල එනකොට රෑ නමයට විතර පොඩි කොල්ලෙක් ලොකු බෑග් එහෙකුත් එල්ලෙගෙන පයින් ඇවිදගෙන එනවා
"මොකෝ මල්ලි"
"බස් නෑ අයියෙ"
"නැගපන්"
කොල්ලට හති.කිලෝමීටර් හයක් එතකොට එයා පයින් බඩගාල.
"මල්ලි කොහෙද යන්නෙ"
"ගෙදර____මං කැලණියෙ කැම්පස් එකේ ඉන්නෙ.ගෙදර යන්න ආව.බස් එක මිස් උනා අයියෙ"
අපි මගින් ප්ලේන්ටියකුත් ගහල හෙමිහිට ආව
තිනියාවල පොලීසියෙ රාළහාමිල දෙන්නෙක් මගදි නතර කලා
"කෝ ____හෙල්මට්__!"
"මේ ළමයට බස් එක මගඇරිල-පයින් එද්දි දාගෙන ආවෙ"
"ගන්න ලයිසන් එක_____"
රාලහාමි ටෙම්පරියක් ලියනව.ලියන ගමන් මගේ දිහා බලනව
හරියට නිකං මධුෂ්ගෙ කුඩු කන්ටේනරේ අල්ලගත්ත සීනියර් ඩීඅයිජී වගේ
"මං ඔය රාළහාමිවම දවසක් ගොරකදූවෙ ඉදල රෑ යන්න එකක් නැතුව ඉද්දි හෙල්මට් එකක් නැතුව දාගෙන ආව.එදා ඔයා හිටියෙ වැඩට එන ගමන සිවිල් ඇදුමෙන්.එනගමන් ඔයාමයි කිව්වෙ ඔයා පොලීසියේ බව.නම සැම්සන් බව.මම ගේ ගාවින් නතර නොවී ඔයාව පොලීසියට ම ගිහින් දැම්ම.එදා ඔයා යනගමන්  මගේ පිට අතගගා ස්තූති කරල ගිහින් මගදි තේ එහෙකුත් බොන්න කතාකරා..
කෝ අද ඒ මනුස්සකම___" මං ඇහුව.
එයා රවාගෙන ලියනවා
"අපි දෙන්නම රුපියල් හතලිස් දාහකට පනස් දාහකට ආණ්ඩුවට කඹුරන මිනිස්සු.ඔයා දැං අකුරටම රාජකාරිය කරල මට දඩයක් දෙන්න. හැබැයි ඒ දඩ සල්ලි මහාභාණ්ඩාගාරයට ගිහින්,මහ බැංකුව එක රැයින් රවිය වගේ එකෙක් හොරා ගහගත්තහම-ඒ අඩුව පුරවන්න ඔයා ආයෙමත් මං වගේ උන්ටම දඩ ගහන්න.අපි දෙන්නම එක පිලේ මිනිස්සු මහත්තයො.අද මම මෙයාව දාගෙන ආපු එක වැරදිනම් මට තව දඩකොලයක් දෙන්න-මං එදා ඔයාව දාගෙන ආපු එකට"   
පොඩි එකා අතේ තිබිල රුපියල් එකසිය හතලිහක් මගේ අතට ගුලි කරනවා.සීයෙ කොලයයි විස්සෙ කොල දෙකයි
"අයියෙ මේක දීල බලන්න.."
මට ආපු තරහට මං ඒක එවලෙම දෙකට ඉරල වීසිකරා..
"මං පොලීසියට ජරාව දෙන්නෑ යකෝ___!"
රාළහාමිල දෙන්න බලාගෙන හිටිය
අපි දෙන්න ආව
මං අද උදේ ගිහිං දඩේ ගෙවල ලයිසන් එක ගත්ත
මං මේක ලියන්නෙ මං ගැනම උපන් කේන්තියෙන් 
මට බෑ බල්ලෙක් වෙන්න.රෑට මහපාරෙ මං වගේ එකෙක් කිලෝමීටර් විස්සක් තිහක් පයින් එද්දි මග දාල එන්න
මං වෙනස් වෙන් නෑ.මං හැමදාම උනත් දඩ ගෙවන්නවා.සමහරවිට මගේ ජානවල වරදක් ඇති.
මං මේක ලියල බලාපොරොත්තු වෙන්නෙ මෙච්චරයි..
කරුණාකරල පුළුහන් කෙනෙක් මේ පාරට රෑ අටටවත් පැලවත්තෙන් නෙළුවට  බස් එකක් දාන්න.
නැත්නම් හෘදයවස්තුවක් තියෙන නිළධාරීන් රථවාහන රාජකාරියට යොදවන්න.
අජිත් රෝහන මහත්තයට මේ රටේ මිනිස්සු මේ තරම් ආදරේ ඇයි කියල මොහොතක් හිතන්න. පිං____
උපුටා ගැනීමකි..

https://www.facebook.com/srikankanpeople/photos/a.1611154379158073/2662540104019490/

2 comments:

  1. මට සිතෙන හැටියට කාර්යාල සේවිකාවගේ සිද්ධියයි, මෝටර් සයිකල් කරුගේ සිද්ධියයි බොහෝ එකිනෙකට දුරස් සිද්ධි දෙකක්. දෙවන සිද්ධියේදී මෝටර් සයිකල් අයිතිකරු, මගදී හමුවූ පුද්ගලයා සහ පොලිස් නිලධාරියා යන තුන් දෙනාගේම ආකල්ප වල වෙනසක් විය යුතුමයි.මෙතනදී මගියා හෙල්මටයක් නොමැතිව යාමේ වරදට හසු වෙනවා. මෝටර් සයිකල් අයිතිකරු මගියා කළ වරදට උදව් කිරීම සහ නිතිය උල්ලංඝනය කිරීමේ වැරදි දෙක සහ පොලිසියේ රාජකාරියට බාධා කිරීමත් කර තිබෙනවා. ඊටත් වඩා පැරණි සිද්ධියක් මතක් කර නිලධාරියා අපහසුතාවයට ලක්කර තිබෙනවා.ඊටත් වඩා මුදල් නෝට්ටු ඉරා දැමීමත් වැරදි වැඩක්. පොලිස් නිලධාරියාට කුමන හේතුවක් නිසාවත් නිතිය කඩන්නට බැහැ.මේ සියල්ලම ගැන සලකා බලන විට සියල්ලම ආකල්පමය දුර්වලතා නිසා සිදුවූ දේවල්. ශ්‍රී ලංකාවේ බොහෝ අය තවමත් හොඳ ආකල්ප ග්‍රහණය කර ගැනීමට අසමත් වීම මෙයට ප්‍රධානම හෙතුවයි . මෙවැනි උදාහරණ ඒ සඳහා ඉවහල් වේ යයි සිතා ඉදිරියට බලාපොරොත්තු ඇති කර ගනිමු.

    ReplyDelete
    Replies
    1. Thank you for your comment. May be you are correct, these two incidents are far apart. may be I haven't conveyed my logic well. I think we need to educate people. I was exactly like cyclist long time ago. But you will not survive in USA if you behave like that.

      Delete