Saturday, December 28, 2019

නත්තල් සාදය- දෙවන කොටස

See the source image
https://singlemumssurvivalguide.files.wordpress.com/2015/12/christmas-food.jpg (12/28/2019)

අප සහභාගී වූ නත්තල් සාදයේ තිබුණු තවත් ධනාත්මක ලක්‍ෂණ කීපයක් ඔබත් සමඟ බෙදා හදා ගන්නටයි මේ ලිපිය ලියන්නට අදහස් කලේ. කලින් ලිපියේ මම කිව්වනේ නත්තල් සාදය පැවැත්වූ අපගේ ඇමරිකානු ජාතික මිතුරාගේ පවුලේ සිටින්නේ දහ හත් වියැති නවයොවුන් දියණියක් බව. ඇය කුඩා කල සිටම tap dancing (lap dancing නොවේ) නැමති නර්තනය හදාරනවා. එම නර්තනයේ විශේෂත්වය තමයි විශේෂ ලෝහ අඩි සහිත පාවහන් පැළඳ එම අඩි පොළවේ තාලයට වද්දමින් නටන ගමන් තාලයට ශබ්ද කිරීම. මේ link එකෙන් tap dancing වීඩියෝවක් මම පෙන්වනවා. https://www.youtube.com/watch?v=Q4FYNF02yEM

ඉතින් මම සාදය අතරතුර දුවට කිව්වා බැරිද tap dance එකක් කරන්නට කියලා. අනේ කෙල්ලට හරිම සතුටුයි, දුවල ගිහින් එයාගේ ලෝහ අඩි සහිත පාවහන් යුගලත් අරගෙන ආවා. ඔන්න සාදයේ හැමෝම ඇගේ නර්තනය නරඹන්නයි සූදානම. කෙල්ල ලස්සනට නටනවා. සාදයේ හැමෝම තාලයට අත්පොළසන් දෙනවා. නර්තනයේ මැදක් හරියේදී ඒ අසල තිබූ පුටුවක පැටලී කෙල්ල ඇදගෙන වැටුනා. හැබැයි අසුරැ සැනකින් නැගිටගත් ඇය කිසිවක් සිදු නොවූ පරිදි ලස්සනට නටා නර්තනය අවසන් කරනවා. ඇය ඇද වැටුනු සහ නැගිටගත් එම ක්‍ෂණයේදී එතෙනට විදුලි වේගයෙන් ගොස් ඒ පුටුව පසෙකට කලේ සාදයට සහභාගී වූ අවුරැදු දොළහක පමණ ඥාති පුතෙක්. ඒ පුතාට කවුරැවත් කිව්වෙ නෑ ඒක කරන්නට, ඔහුගේ ක්‍ෂණික ප්‍රතික්‍රියාව තමා එය. මේ සුලු සිද්ධි දාමයට වැඩිම උනොත් තත්පර පහළොවක් ගත වෙන්න ඇති. කාන්තා සහ ළමා පීඩක සමාජයක හැදී වැඩුණු මට මේ සුලු සිද්ධි දාමය blog post එකක් ලියන්නට තරම් වැදගත්. ඇයි ඒ?

මගේ කලින් post එකේදි කතා කරපු දෙයක් තමයි බොහෝ ලාoකික සාද වල පිරිමි බෝතලයට සෙට් වී බිරිඳ සහ ළමයින්ව තබා සාදයේ අරමුණවත් මතක නැති, අදාලත් නැති අන්දමට හැසිරෙන ආකාරය. ඇමරිකන් වේවා ශ්‍රී ලoකන් වේවා ළමයින් යනු ළමයින්ය. අර දුව තම නර්තන හැකියාවන් එදා නත්තල් සාදයේදී පෙන්වීමට පුල පුලා බලා සිටියා වගේ ඔබේ දරැවාත් සාදයකදී ඔහුගේ/ඇයගේ හැකියාවන් පෙන්වීමට පුල පුලා බලා සිටියි. ඔබ බෝතලයට සෙට් වී ඔබේ බිරිඳ කුස්සියේ ඕපදූපයට සෙට් වූ පසු ඔබේ දරැවාට එබඳු අවස්ථා අහිමි වේ. අනිත් අතට බේබදු පිරිමි ඉදිරියේ ඔබේ නවයොවුන් දියණිය නටනවාට ඔබ කැමතිද? 

දෙවනුවට ඇය ඇදවැටුනු සහ යලි නැගිට්ට මොහොත ගැන සලකමු. මෙවෙලේ ඇයට අනතුරක් සිදු වුනාදැයි වැඩිහිටි අප මොහොතකට බිය වුවත් ඇය යලි නැගිට්ට නිසා අනතුරක් නැති බව පෙනී ගිය හෙයින් වැඩිහිටි මැදිහත්වීමක් අවශ්‍ය නොවීය. වැඩිහිටි සියල්ලන්ම ඒ මොහොතේ නිහඬව තත්වය නිරීක්‍ෂණය කලහ. වැඩිහිටි සියල්ලන්ම හොඳ සිහියෙන් සිටීම ඊට හේතුවයි. ඔතන බේබද්දෙක් සිටියානම් අනේ අපොයි කියාගෙන හොඳ පිස්සුවක් කෙළිනු ඇත, ඇගේ පියා බේබද්දෙක් නම් මවගේ ජාතිය අමතා රණ්ඩුවක් අල්ලා ඒවාට උඩගෙඩි දෙන ඉරිසියාකාර ගෑනු තැන තැන හොඳවැඩේ ඕකිගෙ විසේට යැයි කටුකුටු ගගා ඇයට ලැජ්ජා කර ඇයට  tap dancing ජීවිතේටම එපා කරවන අලකලoචියක් සිදු වීමට බොහෝ ඉඩ තිබුණි. අනිත් අතට ඇයට අනතුරක් උනානම් වැඩිහිටි පිරිමි හොඳ සිහියෙන් සිටීම ඉතාම වැදගත් වේ.

තෙවනුව කුඩා පිරිමි දරැවාගේ හැසිරීම දෙස බලන්න. ලoකාවේ සාදයක නටන කෙල්ලක් බිම වැටුනොත් කුඩා පිරිමි දරැවන් පමණක් නොව මහ ගෑනු සහ පිරිමිද බොහෝවිට මුලින්ම කරන්නේ විසිල් ගසා හූ කියා සිනාසී ආතල් එකක් ගැනීම නොවේද? මේ කුඩා පිරිමි දරැවා ගේ ප්‍රතික්‍රියාව ඒ අතින් මොනතරම් උදාරද? කාන්තාවන්ට ගෞරව කිරීම පිරිමි දරැවන්ට කුඩා කල සිටම පුරැදු පුහුණු කලයුතු වැදගත් ගුණධර්මයකි. ගැහැණුන්ව පාගාගෙන සිටින කිසිදු රටක් ජාතියක් කවදාවත් නියම දියුණුවක් ලබන්නේ නැත.

ඒ විශාල සාදයේ අස්පස් කිරීම් කලේ ගෙහිමියන්මය. ලoකාවේ සාද වල පුරැද්දට මම උදව් කරන්නට හැදුවත් ඔවුන් එයට ඉඩ නොදුන්හ. ලoකාවේ මෙන් මෙහෙකරැවන්ගේ සේවය ඇමරිකාවේ බොහෝ පවුල් ලබා නොගනී. තමන්ගේ වැඩ තමන් කරගැනීමට කැමතිය. වැඩ පහසු කරන උපකරණ ඇති නිසා ලoකාවට වඩා නිවසේ වැඩ කිරීම පහසු වීමත් එක හේතුවකි. කොතරම් ධනවත් සහ බලවත් වුවත් ගෙහිමියන්ම ඉතා කැමැත්තෙන් අපගේ ඉඳුල් ඉතා නිහතමානීව අස්පස් කලේ නත්තලේ සැබෑ අරැත පසක් කරමිනි. අවසාන වශයෙන් සාදයේ අන්තිමට අප පිටව යද්දී සියලු දෙනා කවයක් සෑදී එකිනෙකාගේ අත් අල්ලා අපගේ සිතුම් පැතුම් ඉටු වන ලෙස ඉල්ලමින් යාඥා කලහ. එය මට ඉතාම සoවේදී මොහොතක් විය. මෙවැනි හිත හොඳ, අපගේ දියුණුව ඉත සිතින් පතන, යහපත් මිනිසුන් සමඟ ගෙවුනු ඒ සුන්දර දින කීපය මට කවදාවත් අමතක නොවේ. ඔබ සoවිධානය කරන සහ සහභාගී වන සාදද මෙවැනි ධනාත්මක මෙන්ම සුන්දර ඒවා වේවා යැයි මම ඉත සිතින් පතමි.









Friday, December 27, 2019

නත්තල් සාදය


See the source image
https://diyfqze5s92fh.cloudfront.net/publish-web/2015/Dec/company_holiday_party_tax_deductible-1450390781535.jpg (12.27.2019)
ඔබ සැමට සුභ නත්තලක්, උත්සව සමයක්, සහ නව වසරක් වේවා! අප මෙවර නත්තල සැමරීමට තෝරාගත්තේ අපගේ පවුලේ මිතුරෙකුගේ නත්තල් සාදයයි. ඉතා හොඳ ක්‍රිස්තු භක්තික ඇමරිකානු ජාතිකයන් වූ ඔවුන්ගේ නත්තල් සාදයේ මා දුටු ඇතැම් කරැණු කාරනා තුලින් ශ්‍රී ලාoකික අපට ඉගෙන ගැනීමට බොහෝදේ ඇති නිසා මේ ලිපිය ලිවීමට සිත් විය.

එම නත්තල් සාදයේ (සහ මා මීට පෙර සහභාගී වූ සෑම ශ්‍රී ලාoකික නොවන සාදයකම) මා දකින ප්‍රධානම  ලක්‍ෂණය නම් ගැහැනුන් සහ පිරිමින් පොදුවේ විනෝද වීමය. ඒ සඳහා ගැහැනුන් සහ පිරිමින්ට පොදුවේ සහභාගි විය හැකි ක්‍රීඩා,  සoගීතය/ගායනය, කතාබහ යොදා ගැනුනි. සෑම මේසයකම සමෝසමේ ගැහැනු සහ පිරිමි වාඩි වී සිටි අතර ඔවුන් කතා බහ කලේ ධනාත්මක අදහස්ය. කවුරැවත් ඕපදූප, අනුන්ගේ ඇද කුද හෝ තමන්ගේ ලොකුකම ගැන කතා කලේ නැත. 

මා සහභාගී වූ බොහෝ ශ්‍රී ලාoකික සාද වල මෙන්ම මගේ හිතවතුන් මුහුණුපොතේ පළකරන බොහෝ ශ්‍රී ලාoකික සාද වල ඡායාරෑප මගින් දුටු ප්‍රධානම ගැටලුවක් වන්නේ පිරිමි සහ ගැහැණු වෙන වෙනම කණ්ඩායම් ගැසීමයි. සාමාන්‍යයෙන් සිදු වන්නේ සාළයේ පිරිමි ටික බොන්නට සෙට් වීමත් ගෑනුටික කුස්සිය මුල්ලේ සoග්‍රහ කටයුතු වලට සෙට් වීමත්ය. බොහෝ  විට ක්‍රීඩා, ගැයුම් වැයුම් ආදී විනෝද කටයුතු වලට තබා කතාබහ වලටද මෙම ලිoග භේදය බලපායි. බොන පිරිමි ටික දේශපාලනය, ආර්ථිකය, ඉතිහාසය, භූගෝලය ආදී සoකීර්ණ මාතෘකා ගැන සාළයේ කතා කරද්දී කාන්තාවෝ කුස්සිය මුල්ලේ සිට රටේ නැති ඕපදූපද අනිකාගේ වැරදිද කතා බහ කරති. ඔතන සoකීර්ණ මාතෘකා ගැන කතා කරන්නට කැමති උගත් බුද්ධිමත් ඕපදූපයට අකමැති ගෑනු සිටියත් සාලයට ගොස් බීගත් පිරිමි ටික සමඟ කතාබස් කල නොහැක, එය සම්ප්‍රදාය කඩ කිරීමකි, බීගත් පිරිමි ටික එවිට හිතන්නේ අර කාන්තාව බඩුවක් කියාය, ඕපදූපයට කමැති ග්‍රාම්‍ය ගෑනු ටික එවිට හිතන්නේ අර කාන්තාව නොසණ්ඩාල එකියක්යැයි කියාය. අන්තිමේ අඹු සැමියෝ එකට සාදයට ගොස් වෙන වෙනම සාදයට සහභාගී වී එකට සාදයෙන් පිටවී එති. පිරිමියාගේ සිහි විකල් වීමත් ගැහැනිය හැමදාම කරන කුස්සියේ වැඩවල එදාද යෙදීමත් ඊට අමතරව ඕපාදූපයෙන් මනස දූෂණය කර ගැනීමත් පමණකි සිදුව ඇත්තේ. මෙවැනි සාද වලින් තමන්ටවත් අනුන්ටවත් වෙන යහපතක් නම් නැත. මෙවැනි සාද අවසානයේ අඹු සැමියන් තරහවී පිටව ගිය අවස්ථා මම කොතෙකුත් දැක ඇත. මේ කාරණය විශ්ලේෂණය කිරීමේදී පෙනෙන්නේ මෙයට මූලික හේතුව මත්පැන් බවය. ලoකාවේ බොහෝ පිරිමින් මොනතරම් තදින් මත්පැනට ගැතිවී ඇතිදැයි කිවහොත් බොහෝ අයට මත්පැන් නැති සාදයක් නියම සාදයක් නොවේය. මත්පැන් බෝතලය ඇති විට බිරිඳ සහ ළමයින්ව තබා සාදයේ අරමුණවත් මතක නැත, අදාලත් නැත.

මා සහභාගී වූ නත්තල් සාදය ඇමරිකාවේ පැවැත්වුනත්, ගෙහිමියන් ඉතාම ධනවත් වුවත්, ක්‍රිස්තු භක්තිකයන්ට මත්පැන් අකැප නොවීත්, එම නත්තල් සාදයේ මත්පැන් නොවූ බව කිව යුතුය. අනිකුත් සෑම පැණි බීම වර්ගයක්මත්, තේ, කෝපි, චොක්ලට් පාන සහ බොහෝ බීම වර්ගත් සහිත විශාල බීම හලක් එහි තිබූ අතර මත්පැන් එහි කොතැනකවත් දකින්නට නොවීය. මේ සාදයේ මත්පැන් නොමැති වූයේ ඇයි? එය වැදගත් ප්‍රශ්නයකි. බොහෝ ඇමරිකානු ගැහැනුන් සහ මිනිසුන් බීර ටිකක් වයින් ටිකක් පානය කිරීම වරදක් සේ දකින්නේ නැත. එසේනම් ඇයි? ඔවුනට ඉන්නේ එකම එක වයස අවුරැදු දහ හතක නව යොවුන් දියණියක් පමණි. තම දියණියට ආදර්ශමත් දෙමව්පියන් ලෙස මඟ පෙන්වීමට නම් පළමුව තමුන් ආදර්ශමත් ලෙස ජීවත් විය යුතු බව ඔවුන් දනිති. එම නිසාත් මත් පැන්, දුම්වැටි, මත් ද්‍රව්‍ය  ආදිය පවුලක විනාශයට මිස දියුණුවට උදව් නොවන බව නුවණින් පසක් කල නිසාත් ය ඔවුන් සුරා සූදුවෙන් තොරවී ඇත්තේ. ඉතා කුඩා වෙළඳ ව්‍යාපාරයක් අරඹා වසර ගණනාවක් එයට ඇප කැපවී අද වන විට විශාල සමාගමක හිමිකරැවන් වන ඔවුන් එදා මෙන්ම අදද ආදරයෙන් සමගියෙන් ධාර්මිකව ජීවත් වෙති. ගෙහිමියා මත් පැනට ඇබ්බැහි වූවා නම් අද ඔවුන්ට දිළිඳු පැලක්ද දඬ දබර වලින් ගහන පවුල් ජීවිතයක්ද මත්කුඩට ඇබ්බැහිවූ නව යොවුන් දියණියක්ද සිටින්නට බොහෝ ඉඩ තිබුනි.

ශ්‍රී ලාoකික නොවන මත්පැන් සහිත සාද ගණනාවකටද මා ගොස් ඇති අතර එම සාද වලදීද ගැහැනුන් සහ පිරිමින් වෙන් වෙන්ව කටයුතු කලේ නැත. එයට හේතු කීපයකි. අනිත් රටවල උදවිය බොනවානම් කරටි කැඩෙන්නට බොන්නේ නැත. බියර් හෝ වයින් වීදුරැවක් දෙකක් බොති. එවිට වෙරිවී පිස්සු කෙලීමක් නැති නිසා ගෑනුන්ට බියසැක නැතිව පිරිමි සමඟ කටයුතු කල හැක. අනිත් කරැණ නම් එබඳු සාද වල ගැහැණුන්ද බියර් හෝ වයින් වීදුරැවක් දෙකක් බොති. ඉතින් බීමට ලිoග භේදයක් නැත. ලoකාවේ බොහෝ පිරිමි සාද වලදී තම බිරිඳද තමුන් සමඟ එකට බොනවාට අකමැතිය. ඒ පවුලේ සදාචාරය ආරක්ශා කිරීමටය. තම ළමයින්ට වැරදි ආදර්ශයක් නොදීමටය. ශ්‍රී ලාoකික සාද වලදී ගැහැනුන් සහ පිරිමින් වෙන් වෙන්ව කටයුතු කරන්නේ  මෙවැනි කාරණා නිසාය. අන්තිමේ තාත්තාව වත්තම් කරගෙන ගෙදර යෑමට අම්මාටත් දරැවන්ටත් සිදු වේ. ඒකට කමක් නැත. දරැවන්ට ආදර්ශමත් විය යුත්තේ අම්මාය.

අනිත් අතට මෙසේ ශ්‍රී ලාoකික සාද වලදී ගැහැනුන් සහ පිරිමින් වෙන් වෙන්ව කටයුතු කරන්නේ ගෑනුන් යනු පිරිමින්ට සoග්‍රහ කිරීමට සිටින දෙවන පෙළ පුරවැසියන් බව බොහෝ ශ්‍රී ලාoකික පිරිමි මෙන්ම ගෑනුන්ද සිතාගෙන සිටීම නිසාය. මා සහභාගී වූ ශ්‍රී ලාoකික නොවන සාද  වල පිරිමි කුස්සියේ වැඩ ගැහැණුන් සමඟ හරි හරියට කරති. ඔවුන්ට එය මහත් ආඩම්බරයට කරැණකි. මා පශ්චාත් උපාධිය කල සමයේ එය නියාමනය කල මහාචාර්‍යවරයාගේ (research supervisor) සාද අටෝරාසියකට සහභාගි වුනෙමි. බාබකියු සාදවල බාබකියු දැම්මේත්, තුති පිදීමේ (thanksgiving) සාදවල  turkey roast, sweet potato pie, jambalaya ආදී බොහෝ රසවත් කෑම සෑදුවේත් සමර් සාද වල විශාල කොමඩු ගෙඩි කපා අපට පිළිගැන්වූයේත් ඔහුය. ලෝ ප්‍රකට විද්වතෙකු වූ ඔහුගේ බිරිඳ රැකියාවක් නොකරයි. එසේය කියා ගෙදර උයන පිහන අතුපතුගාන ළමයි හදන වහළියක ලෙස නොව නියම සහකාරියකට ගැළපෙන පරිදිය ඔහු ඇයට සැළකුවේ. අපද කවදාවත් වළo පිඟන් සෝදමින් කුස්සියට සීමා වී නොසිට සාදයේ පිරිමින් මෙන්ම නටා ගයා විනෝද වූයෙමු. මෙවැනි සාද වලට සමහරවිට ලෝ ප්‍රකට ධනවත් බලවත් විද්වතුන් පැමිණි අතර ඔවුන්ද සාමාන්‍ය ලෙස අප සමඟ එකට සතුටු වූහ. මම සහභාගී වූ බොහෝ ශ්‍රී ලාoකික සාද වලට සමහරවිට කුප්‍රකට දේශපාලකයන්ගේ නෑදෑයන් ආදී "පොරවල්" පැමිණි අතර උන්ට ගොටු අල්ලමින් එකත්පසව සිටීමට සාදයේ සිටි සාමාන්‍ය උදවියට සිදු විය. මෙලෙස සාද වලදී ලැජ්ජා නැති ලෙස උස් මිටි කම අනුව අඩු වැඩි ලෙස සoග්‍රහ කරන්නේ ශ්‍රී ලාoකික සාද වල පමණි.

සාද වලදී පමණක්  නොව සාමාන්‍ය ජීවිතයේදීත් අඹු සැමියන් වහල් හිමියා-දාසිය හෝ වහල් හිමිකාරිය-දාසයා යන සoකල්පයෙන් බැහැරව නියම සහකරැවන් ලෙස කටයුතු කිරීමෙන් නිවසකට ලැබෙන සාමය සහ සතුට මට වචනයෙන් විස්තර කල නොහැක. එමෙන්ම උස්මිටි කම් අනුව නොව සියලුම මිනිසුන්ට සමානව හොඳින් සැළකීමේ මහිමයද වචනයෙන් විස්තර කල නොහැක. නත්තල් දිනයේ ජේසු තුමා ඉපදුනේ දුප්පත්ම, අසරණම, සහ අප්‍රසන්නම තැනක් වන අනුන්ගේ ගව ගාලකය. එතුමන් එතැන තෝරා ගන්නට ඇත්තේද මිනිසෙකුගේ වටිනාකම ධනයෙන්, බලයෙන්, හෝ තත්වයෙන් මැනීම අභියෝගයට ලක් කිරීමට විය හැක. එනිසා මේ නත්තල් සමයේ අපද අපගේ ජීවිතය වඩා අර්ථවත්, යහපත්, සහ සාර්ථක කර ගැනීමට අදිටන් කර ගනිමු.  

Monday, December 23, 2019

ජනප්‍රිය පැරණි සිoහල කොපි ගීත වල මුල් ගීත (කොටස් 1,2,3 එකතුව)

1. ජිප්සීස්ලගෙ "පාවෙන පීරිසියක් උඩ නැගලා" හි original ගීතය: https://www.youtube.com/watch?v=kWbMikrZ91U

2. ජිප්සීස්ලගෙම  "ඕයේ ඔජායේ" හි original ගීතය: https://www.youtube.com/watch?v=B-A7ABIfBdQ

3. ජිප්සීස්ලගෙම "ලුනු දෙහි" හි original ගීතය: https://www.youtube.com/watch?v=1nuihAonUwg

4. නීලා වික්‍රමසිoහගේ "දවසක්දා රෑ වසන්ත සැණකෙළියේ" හි original ගීතය: https://www.youtube.com/watch?v=28yfUwvXa6A

5. ක්‍රිස්ටෝෆර්  පෝල්ගේ "හා මල් පිපෙන්නේ" හි original  ගීතය: https://www.youtube.com/watch?v=jpKKfeQT7H8

6.  මොරිස් දහනායකගේ "දුකෙනි තනිවම ඉවත යන්නේ මගේ ගමරට හැරදමා"  හි original ගීතය: https://www.youtube.com/watch?v=KFFlWtlDRqk

7. ඩැල්රීන් සුබී ගේ "සුරoගී චූටී දෝනී සුරoගී" හි original ගීතය: https://www.youtube.com/watch?v=0i6PVGmUZ5I

8. චිත්‍රාල් සෝමපාල  ගේ "නදී ගoගා තරණයේ" හි original ගීතය: https://www.youtube.com/watch?v=SF3IktTk_pQ

9. රොනී ලීච් ගේ "කවුද බොලේ මේ ඇලිස්"  හි original ගීතය: https://www.youtube.com/watch?v=Z6qnRS36EgE

10. H. R. ජෝතිපාල සහ M. S. ප්‍රනාන්දුගේ "කොඩි ගහ යට මම උපන්නේ" හි original ගීතය: https://www.youtube.com/watch?v=_Paqe2-BCYM

11. හරෑන් ලන්ත්‍රාගේ "මගෙ නාමලී-බැඳි ආදරේ" හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=l1d77hcxskY

12. හරෑන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායකගේ "ආනන්ද මේ රෑ"හි මුල් ගීතය:  https://www.youtube.com/watch?v=iSyRts04yOE

13. සිසිර සේනාරත්න සහ ඉන්ඳ්‍රානි විජේබණ්ඩාරගේ "ගයා ගීතයන් ගමේ" හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=vtX8KCqGp7Q

14. මල්ලිකා කහවිටගේ "හිනැහේවී බෝනික්කා" හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=QgFisKnWDtA

15. වික්ටර් රත්නායකගේ "පෙම්බර මධූ මගේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=ssoChbSjWGg

16. මිල්ටන් පෙරේරාගේ "දෙව්දුව පළා ගියාදෝ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=v-b1TwW_Txc

17. මිල්ටන් පෙරේරාගේ "මධු සඳෙන් තවත්හි" මුල් ගීතය: https://www.youtube.com/watch?v=ILgrhR9rjyM

18. මිල්ටන් පෙරේරාගේ "ඔබ වේවා වේවා පහන මගේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=Hlp_bqxjAQY

19. මිල්ටන් පෙරේරාගේ "පෙම් අප්සරාවෝ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=u1wVRSqBm2s

20. මිල්ටන් පෙරේරාගේ "සුරැකීමට හෝ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=twFA4ufK_So

21. මිල්ටන් පෙරේරා සහ සුජාතා අත්තනායකගේ "පෙර ආත්මයක එක රාත්‍රියක"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=P19QE9BuWts

22. මිල්ටන් පෙරේරාගේ "පාගල යාමුකො හැටේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=WhDaUXVre4s

23. සුජාතා අත්තනායකගේ "මල්සරාට ප්‍රේම ලෝකෙ මාලිගා තනා"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=DnRFsLXKWx4

24. සුජාතා අත්තනායකගේ "හර්දේ රස මාලිගේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=o0BTorRMr8E

25. සුජාතා අත්තනායකගේ "මාලිගාවේ මා රැජිනී"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=vTPMXh5RKAM

26. H. R. ජෝතිපාල සහ සුජාතා අත්තනායකගේ චන්ඳ්‍රා මෙ රෑ පායා ආවා"හි මුල් ගීතය :https://www.youtube.com/watch?v=o2hndnspKeA

27. H. R. ජෝතිපාල සහ සුජාතා අත්තනායකගේ "නියරේ ලන්දේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=YGZxr4hR9h4

28. රැක්මණී දේවීගේ "මැවිලා පෙනේවි රෑපේ" හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=pR0ulgutXH8

29. රැක්මණී දේවීගේ "ශාන්ත වේ ප්‍රේමේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=NQCtl8xZ4gY

30. රැක්මණී දේවීගේ "අද හඞනව හිමියනි"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=zaka9-uC0S4

31. ශානිකා වනිගසේකර සහ කවීෂ කවිරාජ්ගේ "සිඳී බීඳී ආදරේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=7IsvJVlFyGI

32.ඇන්ජලීන් ගුණතිලකගේ "ජීවිතයේ කාන්තාරේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=FOXkYrP3D2g

33. H. R. ජෝතිපාලගේ "මම ආදරේ කියන්නම්"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=l40H2fIDcYI

34. H. R. ජෝතිපාලගේ  "හෝ හෝ තුෂාරා"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=6_UaZY1T0Gw

35. H. R. ජෝතිපාලගේ "මල් හී ගෙන එයි මල්සරා"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=sgX_N1nMMmc

36. H. R. ජෝතිපාලගේ "නිල් අහසේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=aiq2rd3Gatc

37. H. R. ජෝතිපාලගේ "සීත සුනිල් දිය දහරා"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=rJiohcg-gKo

38. H. R. ජෝතිපාලගේ "මම ගන්නෙමී කරකාර බන්දාල"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=qXm3lopuhXs

39. H. R. ජෝතිපාලගේ "රත්තරන් සඳක් පායන්නයි"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=Jn9_6yINCy4

40. H. R. ජෝතිපාලගේ "අහසෙ ලියූවත්"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=iej5o-yxdXo

41. H. R.ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලකගේ "ආදරේ හිතෙනව දැක්කම"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=XDXB6W9JDeg

42. H. R. ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලකගේ "හොඳ සිරියාවයි ආකාසේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=6iBu3y-Cy9k&t=7s

43. H. R. ජෝතිපාල සහ රැක්මණී දේවීගේ "මැවිලා පෙනේවි රෑපේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=pR0ulgutXH8

44.  H. R. ජෝතිපාල සහ රැක්මණී දේවී ගේ "කෝකිලයා කෙවිලිය හා" හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=1f6o0duCOCc

45. H. R. ජෝතිපාල සහ රැක්මණී දේවීගේ "දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=csWryBt6ktc

46. H. R. ජෝතිපාලගේ "මම වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=yOHvP8VhEVw

47. H. R. ජෝතිපාලගේ "මහද නැමති වන බඹරා" හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=dekQT5J3JqU

48. H. R. ජෝතිපාලගේ "ලස්සනයි බලන්න ඔයාගෙ මල්හිනා" හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=nPgg6Y0lYr4

49. H. R. ජෝතිපාලගේ "කවුද ඔබ කවුරැන්දෝ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=0R2bapKdi9o

50. H. R. ජෝතිපාලගේ "පතනා දේ සිදු වේ නම්" හි මුල් ගීතය:
a.  (කිෂෝර් කුමාර්) https://www.youtube.com/watch?v=2KOQFpCZzhs
b.  (අශා බෝස්ලේ) https://www.youtube.com/watch?v=OEP0dWlIel4
c. සුශ්මිතා ඩේ කරපු ඉතාම ලස්සන mashup එකක්  https://www.youtube.com/watch?v=2Qk3Qgs7rmM

51. H. R. ජෝතිපාලගේ "නින්ද නේන රාත්‍රියේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=FBvS1EQX1SQ
 ජොනීටා ගාන්ධිගේ විශිෂ්ඨ mashup (Suhani raat, Chaudhvin ka chand)     එක https://www.youtube.com/watch?v=emHwec2dSvk

52. H. R. ජෝතිපාලගේ "ජීවිතේ තරැණ කාලේ -එකසේ නොරැඳේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=_sZg4EUB3IM

53. H. R. ජෝතිපාලගේ "අපි දෙන්නා පොකුනයි පියුමයි විලසින් උන්නේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=zX1RABJehFY

54. H. R. ජෝතිපාලගේ "පුන්චි දෝනි තරහා වෙලා"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=imzdYeySKk0

55. H. R. ජෝතිපාලගේ "රන් තිලකා පොඩි සුමනා"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=rKD3XZWcpos

56. R. ජෝතිපාලගේ "ඔයා හොරෙන් හොරෙන්"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=4EO6LnBWoRI

57. H. R. ජෝතිපාලගේ "මේ නොනිමෙන දිවි ගමනේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=Nkd3rEwkVL8

58. H. R. ජෝතිපාලගේ "බබලන මාළිගා ගුවන් තලේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=9a6TkO97Hz4&list=TLPQMTcxMDIwMTlkHjCUecW93w&index=2

59. H. R. ජෝතිපාලගේ "ආනන්ද සාගරේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=eOQe3JHi7rA

60. H. R. ජෝතිපාල සහ සුජාතා අත්තනායකගේ "තරැණ නෙත් ජයමoගලේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=InenQMgxbwc

61. H. R. ජෝතිපාල සහ සුජාතා අත්තනායකගේ "ආවා පෙම්වතා යන්නේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=S7-d-7EWMHU

62. H. R. ජෝතිපාලගේ "කොයි යන්නේ බඳ නළවාලා"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=C7AMB2ITG2c

63. H. R. ජෝතිපාල සහ ලතා වල්පොලගේ "ආ මoගලම් මේ සිරිලකට"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=nIkFW78x6UA

64. H. R. ජෝතිපාල සහ ලතා වල්පොලගේ "මේ මෝසම් මද සුළඟ හමා" හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=KppfZsP__t0

65. H. R. ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලකගේ "සඳ මෝදු වෙලා නැගෙනා" හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=beqTRIpoos8

66. H. R. ජෝතිපාල සහ ලතා වල්පොලගේ "සොඳුරැ ගම්මානෙ මේ-තාම නැත රෑ වුනේ "හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=6jVdfGM6Kss

67. H. R. ජෝතිපාලගේ "මේ නොනිමෙන දිවි ගමනේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=YZA0fvBQZjk

68. H. R. ජෝතිපාලගේ "වයන්න සිතාරේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=MkABeVCv4lw

69. H. R. ජෝතිපාලගේ "සැලෙන ලෙළෙන දළුව විළස"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=aAJ4asMYepc

70. H. R. ජෝතිපාලගේ "දිය කිඳුරිය සේ සාගරේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=_mzdkxnU4mU

71. H. R. ජෝතිපාලගේ "ආවා ආවා රස ගීත ගයා"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=lTgbq5vXJD8

72. H. R. ජෝතිපාලගේ "සිරියා මේ සාරා"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=oe3KH0bR9aI

73. H. R. ජෝතිපාලගේ "සඳ මෝදුවෙලා නැගෙනා"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=beqTRIpoos8

74. H. R. ජෝතිපාලගේ "ඔයා හොරෙන් හොරෙන්"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=4EO6LnBWoRI

75. H. R. ජෝතිපාල  සහ ඇන්ජලීන් ගුණතිලකගේ "සුදු පාට මීදුම් ගලාලා"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=exD5okdopWc

76. H. R. ජෝතිපාලගේ "ආදර මධුර අතීතේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=Nn_brPYTjpc

77. H. R. ජෝතිපාල සහ K. රානිගේ "කොල කඩ කඩ බොරැවට දෙනවා"හි මුල් ගීතය:  https://www.youtube.com/watch?v=VePyuLWBXhw

78. H. R. ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලකගේ "මල් වැහි සීතල"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=r2NoxgAONXw

79. H. R. ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලකගේ "දෝතින් දෝතයි"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=ELMCrlcJJj4

80. ධර්මදාස වල්පොල සහ ලතා වල්පොලගේ "පිපෙන පියුමන් පියකරැ මනරම්"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=lVJYXbjefCs

81. ධර්මදාස වල්පොලගේ "කඳුකරයේ ශාන්ත සන්ධ්‍යාවේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=x1R7VPbFVNM

82. ධර්මදාස වල්පොල සහ ලතා වල්පොලගේ "අහසේ සඳසේ"හි මුල් ගීතය:https://www.youtube.com/watch?v=ii4veh1u0cA&t=157s

83. ධර්මදාස වල්පොල සහ ලතා වල්පොලගේ "ශ්‍රී ලoකාවේ ශාන්ත සෝභන"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=yOZVv71KT4U

84. ධර්මදාස වල්පොල සහ ලතා වල්පොලගේ "පිවිතුරැ මනහර ප්‍රේමේ ශාන්ත වේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=rUV7ypQpmoE

85. ලතා වල්පොලගේ  "ගලනා සීත ජලේ"හි මුල් ගීතය:  https://www.youtube.com/watch?v=pk-Z0Kp-6bo

86. ධර්මදාස වල්පොලගේ "මoමුලා වෙලා අඳුරෙ මේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=YvK4JVLWCWk

87. ධර්මදාස වල්පොල සහ K. රානිගේ  "පෙම් රැල්ල නැගී ගල් තැල්ලෙ (?) වදී"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=ruqJAruR8aM

 88. ධර්මදාස වල්පොල සහ ලතා වල්පොලගේ "ජීවන ගoගා ඉවුරේ අපී-ඇවිද යමු ප්‍රියේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=c60uJHdP1Tk

89. ධර්මදාස වල්පොල සහ ලතා වල්පොලගේ "දෑතට දෑත තියාලා"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=BBUBPElquj4

90. ධර්මදාස වල්පොල සහ ලතා වල්පොල/රැක්මණී දේවීගේ "වාසනාවන්ත කල ලබා"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=e4NztuhGLJQ

91.  M .S. ප්‍රනාන්දු සහ ඇන්ජලීන් ගුණතිලකගේ "හ හා හැඩයි රෑපේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=73sspwoHK7k

92. එඩී ජයමාන්නගේ "කොලොම්පුරේ ශ්‍රියා"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=vlwPsJk3Bfw

93. එඩී ජයමාන්න සහ මේබල් බ්ලිත් (?) ගේ "මම මනමාලි ඔබේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=shjfQSqswDU

94. එඩී ජයමාන්න සහ මේබල් බ්ලිත් (?) ගේ "පරණ පිනක් මගෙ හිසේ කඩාගෙන වැටුනා"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=TKmIrlo2r8E

95. මේබල් බ්ලිත් (?) ගේ "සරා ගොයිය හරි මිනිහා"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=uBlBBJWBSQw

96. A. M. රාජා සහ J. රානි ගේ "පෙම් කැකුළු පිපී"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=l8rz-94yibM

97. ජී එස් බී රානි පෙරේරාගේ  "සැන්ගී සැන්ගී ඈත සූර්‍යයා"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=ZKZYniG-4wk

98. මොහිදීන් බෙග් ගේ "තනිවයි උපන්නේ මැරෙන්නේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=H2fWoubHLB4

99. මොහිදීන් බෙග් ගේ  "ඔබෙ රාගී මන කැළඹේදෝ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=-V-fzbQ3Dbk

100. මොහිදීන් බෙග් සහ J. රානිගේ "දුටු දා ඉඳලා ලුහුබැන්දා"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=65gt3xXLNtM

101. මොහිදීන් බෙග් සහ රැක්මනී දේවීගේ "තරැ පායන ආකාසේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?
v=2w_Cbd4KCvg

102. මොහිදීන් බෙග් සහ රැක්මනී දේවීගේ "පෙම් මල් මාලා නෙලා ගොතාලා"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=HXvMXpu5gHA

103. J. රානි සහ K. රානිගේ "මනරම් රැඟුමන්" හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=nNGnSJdFihQ



Tuesday, December 10, 2019

කසිකබල් ඉන්දියානු පන්නයේ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය වලින් ඔබේ නිවස බේරා ගන්න

ශ්‍රී ලoකාවේ පිහිටීම අනුව ඉන්දියාවේ සිට මෙරටට පැමිණි බොහෝ හොඳ සහ නරක ආභාෂයන් ඇත. එසේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි නරක ආභාෂයන් අතරින් ඔබේ පවුලේ සුභසිද්ධිය තකා දුරින් දුරැ කල යුතු යමක් වේ නම් ඒ කසිකබල් ඉන්දියානු පන්නයේ චිත්‍රපට සහ ටෙලිනාට්‍යයන් වේ. ශ්‍රී ලoකාවේ හර පද්ධතීන් උඩු යටිකුරැ කර මිනිසුන්ගේ බුද්ධිය මොට කිරීමට ඉමහත් දායකත්වයක් ලබාදෙන මෙම ගොබ්බ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය වලින් ලාoකික සමාජයට එතෙක් මෙතෙක් සිදුවී ඇති හානිය සුලු පටු නොවේ. වෛරය වපුරමින් ඊර්ශ්‍යාව පතුරමින් ලිoගික කුහකකමෙන් පිපිරෙමින් මේක් අප් තලි මුහුණුවල අතුල්ලාගෙන පිස්සන් රැළක් මෙන් කිසිම තර්කානුකූල බුද්ධියකට ගෝචර නොවෙන ක්‍රියාකාරකම් වල යෙදෙන ආකාරය පෙන්වන මේ ගොබ්බ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය බලන රටක් මෙපමණකින්වත් රැකී තිබීම ගැන අප සතුටු විය යුතුය. පසුගියදා පැවති සම්මාන උළෙලක ජනප්‍රිය නළු නිලි සම්මාන ගත් නළුවා සහ නිලියගේ රoගනය, විශේෂයෙන්ම නළුවාගේ රoගනය, කවදාවත් දැක නොතිබූ නිසා ඔහු රඟපාන ටෙලිනාට්‍යයක කොටස් කීපයක් ඉතා අමාරැවෙන් නැරඹූ පසු මෙම සටහන ලිවීමට සිත් විය. මුල, මැද, අග නොගැළපෙන මෙවැනි ටෙලිනාට්‍යයවල වැරදි අටෝරාසියක් පවතී. ඒවා ගැන කතා කිරීමට කාලය යෙදවීමත් අපරාධයකි. දක්ෂ නළු නිලියන් මෙවැනි තුට්ටු දෙකේ නාටකවල රඟපාන්නේ ලoකාවේ කලාත්මක ටෙලිනාට්‍ය සහ චිත්‍රපටි දැන් දැන් සෑදෙන්නේ කලාතුරකින් වීම නිසා විය හැකි නමුත් මෙවැනි අවර ගණයේ නිර්මාණ වලට දායක වීම මගින් ලoකාවේ හර පද්ධතීන්ගේ පරිහානියට ඔවුන් ලබාදෙන දායකත්වය ගැන සැබෑ අදහසක් ඔවුන්ට තිබේද?

මෙම අවර ගණයේ ඉන්දියානු පන්නයේ නිර්මාණවල ප්‍රධානම ලක්‍ෂණයක් වන්නේ යල්පැණගිය බමුණු මත සමාජගත කිරීමයි. ඒ අනුව ගෑනුන්ගේ චරිත මරි මෝඩ, නූගත්, ඉරිසියාකාර, කපටි, යටිකූට්ටු, නපුරැ, ආත්මාර්ථකාමී, ධනයට/බලයට කෑදර... හරියටම අර බමුණු ඉගැන්වීම්වල කාන්තාවන්ව විස්තරකර ඇති පරිදි දෙකයි පනහේ තත්වයට ඇද දමා ඇත. ඉන්දියාවේ බහුතරයක් අදහන හින්දු ආගමේද අධික පුරැෂමූලික බවක් ඇති නිසා මෙම ඉන්දියානු පන්නයේ නිර්මාණවල ආකෘතිය ඉන්දියාවට ගැළපේ. එහෙත් බුද්ධාගම අදහන ලoකාවට මෙම ආකෘතිය කොහෙත්ම නොගැළපේ. මෙය ලoකාවට බලෙන් පැටවූ හානිකර ආකෘතියකි. මෙම නාටකවල ගැහැණුන් අතර ඉන්නා අම්මලා කවදාකවත් රැකියා නොකරති. ගෙවල්වලට වී ඒවායේ නැති ප්‍රශ්න සාදමින්, විශේෂයෙන්ම ළමයින්ගේ ජීවිත වලට අනිසි බලපෑම් කරමින් පුදුම ආතල් එකක් ගනිති. මොනතරම් සල්ලි තිබ්බත් මළාට ට්‍රිප් එකක් නොයති, චැරිටියක් නොකරති, ඉගනීමක් නැත, විනෝදාoශයක් නැත, දවස පුරා කුමන්ත්‍රණ  කරමින් පුපුර පුපුරා සිටිති. මේ කතා නැරඹීමේදී ඔබට නොදැනීම ඔබගේ මනස දූෂණය වේ. වෛරය පිරී  බුද්ධිය මොටවේ. ජාතියක් ලෙස පරිහාණියට පත්වේ.

ලාoකික නිර්මාණකරැවන් සෑදූ උසස් නිර්මාණ (සෙනෙහසේ ගීතය, බැද්දේ කුළවමිය, දියවඩන මළුව, අග පිපි මල්, මිණිගoදෑළ ආදිය මේ මොහොතේ මතකයට නැගෙන නිර්මාණ සමහරක්) වල සිටි කාන්තා චරිත වල ලාoකේය කාන්තාවන්ගේ ගුණ යහපත්කම සහ පෞරැෂත්වය මනාව විදහා පෙන්වූ බව මතකය.

එම කාන්තාවන් අතර අනෝමා (වසන්ති චතුරාණි, සෙනෙහසේ ගීතය) අප්‍රතිහත ධෛර්‍යයේ සoකේතයකි, බුද්ධිමත්භාවයේ සoකේතයකි, මාතෘත්වයේ සoකේතයකි. තම සැමියා පිළිකාවකට ගොදුරැ වී මිය යාමට පෙර ගෘහනියක වූ ඇය ඔහුගේ අභාවයත් සමග ඇතිවූ මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට අප්‍රතිහත ධෛර්‍යයෙන් කටයුතු කර සාර්ථක ව්‍යවසායිකාවක් වන්නීය. ඇය තම දරැවන්ගේත් මියගිය සැමියාගේ මව සහ සොයුරාගේත් පූර්ණ ආශීර්වාදය මැද නැවත විවාහ වන්නීය. බමුණු මතය අනුව සැමියා මළ ගැහැණිය සති පූජා කලයුතුය, ඒ බැරිනම් අඩුතරමේ ඉතිරි ජීවිත කාලයම වැළපෙමින් සිටිය යුතුය. නමුත් බෞද්ධ හර පද්ධතිය එසේ නොවේ. ජීවිතයේ අනිත්‍යය දැනගෙන දුකේදී මෙන්ම සැපේදීත් බුද්ධිමත්ව කටයුතු කරමින් දෙලොව යහපත සළසාගැනීම බුද්ධාගමෙහි හරයයි. අනෝමාගේ දෙවන විවාහය බමුණන්ට ගැසූ අතුල් පහරකි. ඒ පමණක්ද, එම විවාහයට අනෝමාව කැමති කර ගන්නට සෑහෙන කට්ට කෑවේ ඇයගේ දියණියන් සහ මියගිය සැමියාගේ සොයුරාය. බමුණු මතයට අනුව මෙවැනි අවස්ථාවකදී අවි අමෝරා රෙදි උස්සගෙන සටනට ආ යුතු ඇයගේ දියණියන් සහ මියගිය සැමියාගේ සොයුරාය. ටෙලිනාට්‍යය පුරාම විහිදීගිය අනෝමාගේ චරිතයේ ඇති පෞරැෂය කොතරම්ද? මේ නාට්‍යය නරඹා දශක දෙකකට වඩා ගෙවී ගොස් ඇතත් එහි තිබූ ඇතැම් කොටස් අදටත් මගේ ජීවන මාවත පහන් කරන තරැ එළි මෙන් මතක තිබේ. එක අවස්ථාවක අනෝමාගේ වැඩිමහළු දියණිය මෙහෙම අසනවා (අදහස පමණි, දෙබස ඒ විදියටම මතක නෑ). "තාත්තගෙ මරණෙ වෙලාවෙ අම්ම ඇඬුව වගක් මතක නෑනෙ?" අනෝමගෙ පිළිතුර "තාත්ත ජීවත්වෙලා ඉන්න කාලෙ මම මගේ යුතුකම් උපරිමයෙන් කලා. ඉතින් ඇයි මම තාත්තගෙ මරණෙ වෙලාවෙ අඬන්නේ ?" ලoකාවේ බොහෝ නිර්මාණ අදහස් අතින් ඉදිරියට නොව පිටුපසට ගොස් ඇතිබව පෙන්වන එක අවස්ථාවකි, අවුරැදු විස්සකට පෙර පෙන්වූ නාට්‍ය අද පෙන්වන බොහෝ නිර්මාණ වලට වඩා ගව් ගණනක් ඉදිරියෙන් තිබීම.

දෙවනුවට මම කතා කරන්නට කැමති කාරණය මෙම කසිකබල් ඉන්දියානු පන්නයේ ටෙලිනාට්‍යය වලින් පෙන්වන සහ සමාජයට පොම්ප කරන අධික අකෘතඟතාවය සහ ප්‍රචන්ඩත්වයයි. උදා වෙන සෑම දිනකම එදින එළිය දැකීමට ජීවත් වීමට වාසනාව තිබීම වෙනුවෙන් කෘතඟ වියයුතු අප නරඹන මෙම කසිකබල්වල චරිත සෑම විටම අනිකුත් අය සමඟ පුදුමාකාර තරඟයක යෙදී සිටිති. තමන්ට ඇති දේවල්වල කිසිම අගයක් නැත. නැති දේ කෙසේහෝ ලබා ගන්නට වළි කති. මිනී මරා ගනිති. තමන්ට බොහෝ උපකාර කල මිනිසුන්ව මොහොතකින් ඒ උපකාර අමතක කර කුඩා ලාභ ප්‍රයෝජනයකට වෙඩි තබා, වසදී, රෝහලේදී රෝගියාගේ ඔක්සිජන් නල ගලවා ආදී තිරස්චීන ක්‍රමවලින් අනුකම්පා විරහිතව මරා දැමීමට හදති. මෙම චරිත ජීවත්වන්නේ අන්කිසිවකට නොව පළිගැනීමටමය. ආදරයෙන් පැරදුනු විට ගෞරවාන්විතව ඉවත්වී යාම මහා පරාජයක් සහ ලැජ්ජාවක් ලෙස දැකීමටත් බලෙන්හෝ ඔලුවට පිස්තෝලය තබාහෝ "ආදරය" ලබාගැනීම කලයුතු නිවැරදි දෙය බවටත් හඟවති. මෙය ලාoකික සමාජයේ දැන් වන විට ඔඩු දුවා ඇති නරක ලක්‍ෂණයක් නොවේද? දියුණු රටවල අපරාධ ලෙස සැළකෙන මේ හැසිරීම් ලoකාවේ සාමාන්‍යකරණය කරන්නේ මෙම කසිකබල් ඉන්දියානු පන්නයේ ටෙලිනාට්‍යය වේ. මිණිගoදෑළ ටෙලිනාට්‍යයයේ සෙදෝනා (තිසුරි යුවනිකා) තම සැමියාගේ අනියම් බිරිඳ වෙත දැක්වූ උපේක්‍ෂාව, අනෝමා (වසන්ති චතුරාණි, සෙනෙහසේ ගීතය) තම සැමියාගේ පෙර සිටි පෙම්වතිය සහ එම සම්බන්දයෙන් උපන් පුතුට දැක්වූ දයාව මෙම අවරගණයේ නිර්මාණ ආදර්ශයට ගන්නේ නම් වටී.

නිවසේ දරැණු ප්‍රශ්නයක් ඇති වූ විට එයට මුහුණදී විසඳා ගැනීම වෙනුවට ගෑනුන් රෙදි ටික ඔතාගෙන මහගෙදර යාමත් පිරිමින් ගෑනුන්ට දරැණු අඩත්තේට්ටම් කිරීමත් ලoකාවේ ක්‍රමය වන අතර මෙයට විශාල අනුබලයක් දෙන්නේ කසිකබල් ඉන්දියානු පන්නයේ චිත්‍රපට සහ ටෙලිනාට්‍යයන්වේ. බිල් ක්ලින්ටන්- මොනිකා හුටපටයේදී හිලරි ක්ලින්ටන් රෙදි ටික ඔතාගෙන මහගෙදර දිව්වේ නැත, දික්කසාද උනේද නැත.  වෙනත් දියුණු රටවල එකී අවස්ථා වල කසාද ගැහැනිය සහ පිරිමියා හැසිරෙන්නේ කසිකබල් ඉන්දියානු පන්නයේ චිත්‍රපට සහ ටෙලිනාට්‍යය වල පෙන්වන ගොබ්බ ක්‍රමයට නොවන බව ඇමරිකාවේ කාලයක් තිස්සේ ජීවත්වන මට ඉඳුරා කිව හැකිය. නමුත් මේ කසිකබල් නරඹන ඔබ හිතන්නේ හොඳම විසඳුම ඒවල පෙන්නන  රෙදි ටික ඔතාගෙන මහගෙදර දුවන එක කියා නේද? තව උදාහරණයක් ගත්තොත් මේ කසිකබල් වල මිනිසුන්ට අම්බානකට බොරැ කීමට උගන්නයි, එසේ බොරැ කීම සාධාරණීකරණය කිරීමටත් උගන්නයි.  දරැවාගේ ඇත්ත පියා ගැන බොරැ කීම, අසනීපයක් ගැන බොරැ කීම, පවුලේ බරපතල ප්‍රශ්නයක් ගැන බොරැ කීම ආදී උදාහරණය එමට වේ. ශ්‍රී ලාoකික ඔබ තරයේ මතක තබාගතයුතු කරැණක් නම් මොනම ආකාරයේ බොරැවක්වත් කීම බරපතල වරදක් බවයි. දියුණු රටවල මිනිසුන් මොනතරම් සත්‍යවාදීද යන්න ඔබ පුදුමයට පත් කරනු ඇත. මගේ කාරයේ බැටරිය නරක් වී අළුත් එකක් දැමීමට විශාල මුදලක් ගෙවන්නට යද්දී මිකැනික් කිව්වේ බැටරියේ වොරන්ටිය තවම වලoගු නිසා නොමිලේ අළුත් එකක් දියහැකි බව! කුඩා දරැවන්ට විභාග ප්‍රශ්න පත්තර ගෙදර ගෙනගොස් අදාළ කාලයේදී කරගෙන ඒමට දෙති. එම දරැවන් කිසිම වoචාවක් නොකර ඒ ලෙසටම ප්‍රශ්න පත්තර වලට පිළිතුරැ ලියා භාර දෙති. මට දරැණු පිළිකාවක්නම් මගේ වෛද්‍යවරයා හෝ පවුලේ අය ඒක හoගන්නේ නැත, ඒවෙනුවට ඔවුන් මට ඇත්ත කියති, එමෙන්ම මට උපරිම ශක්තිය සහ සහයෝගය ලබා දෙති. ඒ ඇමරිකන් ක්‍රමයට මම කැමතිය. ඇත්ත කීමෙන් ලෙඩාගේ තත්වය නරක් වේ යන්න කසිකබල් ඉන්දියානු නිර්මාණ ඔලුවට දැමූ අදහසකි. ලෙඩාට ඇත්ත කියන ඇමරිකාවේ පිළිකා සුව වීමේ ප්‍රතිශතය ලෙඩාට බොරැ කියන ලoකාවට/ඉන්දියාවට වඩා බොහෝ වැඩිය. මේ කරැණු දෙක තුන ඔබට කිව්වේ කසිකබල් ඉන්දියානු චිත්‍රපට සහ ටෙලිනාට්‍ය වලින් සමාජයේ පැළපදියම් කරන වැරදි අදහස් ගැන ඔබට කීමටයි. ඒ නිසා කසිකබල් ඉන්දියානු චිත්‍රපට සහ ටෙලිනාට්‍ය වෙනුවට උසස් ජාත්‍යන්තර නිර්මාණ නරඹා බුද්ධියේ නිම්වළළු පුළුල් කර ගැනීමට ඔබ අදිටන් කර ගන්න




Saturday, December 7, 2019

සර්වසම්පූරණ දරැවා vs අඩුපාඩු සහිත දරැවා

Image may contain: 4 people, people smiling, people on stage, table and indoor


දරැවන් හෝ අඩුම තරමින් සුරතල් සතුන් සෑදීමට පෙර ඔබ හිතන්නේ හෝ සූදානම් වෙන්නේ එහි සුබවාදී පැත්තට පමණක් නම් ඔබ අන්තිම ආත්මාර්ථකාමියෙකි. ඔබ පතන ඒ දක්‍ෂ කීකරැ ලස්සන නීරෝගී යහපත් සෑම අතින්ම සම්පූරණ දරැවාට මව/පියා ලෙස ආදරය කිරීම ඉතාම පහසුය. එහි කිසිම අභියෝගයක් නැත. දෙමාපියන් ලෙස ඔබගේ ආදරයේ නියම පරීක්‍ෂණයට සහ අභියෝගයට ඔබ මුහුණදෙන්නේ ඔබේ දරැවා අදක්‍ෂ අකීකරැ, විශේෂ ශාරීරික/මානසික අවශ්‍යතා සහිත, තැලසීමියා/පිලිකා/හෘද රෝග ආදී දරැණු රෝග වලට ගොදුරැ වූ, එසේත් නැතිනම් අයහපත් කල්කිරියාවක් සහිත ආදී ආදරය කිරීමට අපහසු දරැවන් වූ පසුය.

පසුගිය දිනක ඉන්දියාවේ විසිහත් හැවරිදි පශු වෛද්‍යවරියක අමානුශික ලෙස සමූහ දූෂණය කර මරා පුළුස්සා දැමූ දූෂකයන්ගේ මවක්/පියෙක් පැවසූ කතාවක් නිසායි මට මෙම අදහස ලිවීමට සිතුනේ. ඒ දෙමාපියන් පැවසුවේ ඔවුනට තම පුතා දැන් මැරැණා හා සමාන බවත්, එතරම් පිළිකුල් බවත්, ඔහු එල්ලා මරා උපරිම දඬුවම් දියයුතු බවත් ආදී දේයි. එම දූෂකයන්ගේ දෙමාපියන් පැවසූ ඇතැම් දේ වල ඉoග්‍රීසි පරිවර්තන පහත දැක්වේ. (මූලාශ්‍ර: https://www.thequint.com/news/india/hang-him-hes-dead-to-me-kin-of-accused-in-hyderabad-doctor-rape-murder-case)

"I felt humiliated as the policemen went on taunting us. They asked us why we let our child go down the wrong path, that we should have instilled fear in him, that we should have put him in a different line of work. They kept asking us why we let our child go astray. I did not say anything. Just looked down and listened. What can I say? Is this why we wanted a son?"

"Of course I am angry with him. How dare he do something like this? How dare he even think of something like this? I am in disbelief that my son could be this person but I am so much more angry. He should be punished,"

"Kill him. What else should they do? After what he has done, what else does he deserve? Kill him."

“I don’t want anything to do with my son. I have disowned him... I will not go to court when the trial starts either. He is dead to me.”

ලoකාවේද කලකට පෙර කුඩා දැරියක් පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමූ පසු අත්අඩoගුවට ගත් සැකකරැගේ මව මෙලෙසම කියා තිබුනා.

මේ දූෂකයන් හය හතර නොදත් කුඩා දරැවන් කාලයේ කසිප්පු බීගෙන ගෑනිට කුණුහරැප කියමින් පහර දෙමින් කාන්තාවක් යනු පිරිමියෙකුගේ දේපලක් ලෙසත් කාන්තාවකට අත ඉස්සීම පිරිමියෙකුගේ පරම අයිතියක් ලෙසත් හැඟී යන පරිදි වැඩ කල, සම වයසේ කෙල්ලන්ට නොහොබිනා උසුළු විසුළු, වීදි හින්සනය කරද්දී ඒවා කොලු කමට යැයි සාධාරණීකරණය කල, ලිoගිකත්වය ගැන ගැටවර වියේ දරැවා සමඟ කතාබහ කර ඔහුගේ අවශ්‍යතා,අදහස්,හැඟීම් තේරැම්ගෙන කටයුතු නොකර ඔහුව තමා පාලනය කරගත හැකි ශක්තිමත් පෞරැෂයක් ඇති  පිරිමියෙකු නොකර සමාජයට මුදාහැර දැන් ඔහුව මරන්නලු, කොහොමද වැඩේ?

උඩ ඡායාරෑපය දිහා බලන්න. ඔබ පැතූ සර්වසම්පූරණ දරැවා වෙනුවට ඔබට ලැබුණු වැරදි කරන, අතපසුවීම් සිදුවන, අඩුපාඩු සහිත දරැවාට (ඔබේ සිහින සැබෑ නොකිරීමේ වරදට) නිර්දය ලෙස දඬුවම් කිරීමට පෙර ඔබේ ආත්මාර්ථකාමී අදහස තේරැම් ගෙන ඔබව පාලනය කර ගන්න. ඔබේ දරැවන් ඔබේ දේපලක් නොවේ. හැඟීම් දැනීම් ඇති ස්වාධීන මිනිසුන්ය, ඔවුන්.


Tuesday, December 3, 2019

ජනප්‍රිය පැරණි සිoහල අනුකාරක ගීත වල මුල් හින්දි, උර්දු සහ ද්‍රවිඩ ගීත (3 කොටස)


1. එඩී ජයමාන්නගේ කොලොම්පුරේ ශ්‍රියා https://www.youtube.com/watch?v=vlwPsJk3Bfw

2. එඩී ජයමාන්න සහ මේබල් බ්ලිත් (?) ගේ මම මනමාලි ඔබේ https://www.youtube.com/watch?
v=shjfQSqswDU

3. එඩී ජයමාන්න සහ මේබල් බ්ලිත් (?) ගේ පරණ පිනක් මගෙ හිසේ කඩාගෙන වැටුනා https://www.youtube.com/watch?v=TKmIrlo2r8E

4. මිල්ටන් පෙරේරාගේ පාගල යාමුකො හැටේ https://www.youtube.com/watch?v=WhDaUXVre4s

5. මේබල් බ්ලිත් (?) ගේ සරා ගොයිය හරි මිනිහා https://www.youtube.com/watch?v=uBlBBJWBSQw

6. A. M. රාජා සහ J. රානි ගේ පෙම් කැකුළු පිපී https://www.youtube.com/watch?v=l8rz-94yibM

7. ජී එස් බී රානි පෙරේරාගේ  සැන්ගී සැන්ගී ඈත සූර්‍යයා https://www.youtube.com/watch?v=ZKZYniG-4wk

8. මොහිදීන් බෙග් ගේ තනිවයි උපන්නේ මැරෙන්නේ https://www.youtube.com/watch?v=H2fWoubHLB4

9. මොහිදීන් බෙග් ගේ  ඔබෙ රාගී මන කැළඹේදෝ https://www.youtube.com/watch?v=-V-fzbQ3Dbk

10. මොහිදීන් බෙග් සහ J. රානිගේ දුටු දා ඉඳලා ලුහුබැන්දා https://www.youtube.com/watch?v=65gt3xXLNtM

11. මොහිදීන් බෙග් සහ රැක්මනී දේවීගේ තරැ පායන ආකාසේ https://www.youtube.com/watch?
v=2w_Cbd4KCvg

12. මොහිදීන් බෙග් සහ රැක්මනී දේවීගේ පෙම් මල් මාලා නෙලා ගොතාලා https://www.youtube.com/watch?v=HXvMXpu5gHA

13. හරෑන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායකගේ ආනන්ද මේ රෑ https://www.youtube.com/watch?v=iSyRts04yOE

14. J. රානි සහ K. රානිගේ මනරම් රැඟුමන් https://www.youtube.com/watch?v=nNGnSJdFihQ

15. H. R. ජෝතිපාලගේ මේ නොනිමෙන දිවි ගමනේ https://www.youtube.com/watch?v=YZA0fvBQZjk

16. H. R. ජෝතිපාලගේ වයන්න සිතාරේ https://www.youtube.com/watch?v=MkABeVCv4lw

17. H. R. ජෝතිපාලගේ සැලෙන ලෙළෙන දළුව විළස https://www.youtube.com/watch?v=aAJ4asMYepc

18. H. R. ජෝතිපාලගේ දිය කිඳුරිය සේ සාගරේ https://www.youtube.com/watch?v=_mzdkxnU4mU

19. H. R. ජෝතිපාලගේ ආවා ආවා රස ගීත ගයා https://www.youtube.com/watch?v=lTgbq5vXJD8

20. H. R. ජෝතිපාලගේ සිරියා මේ සාරා https://www.youtube.com/watch?v=oe3KH0bR9aI

21. H. R. ජෝතිපාලගේ සඳ මෝදුවෙලා නැගෙනා https://www.youtube.com/watch?v=beqTRIpoos8

22. H. R. ජෝතිපාලගේ ඔයා හොරෙන් හොරෙන් https://www.youtube.com/watch?v=4EO6LnBWoRI

23. H. R. ජෝතිපාල  සහ ඇන්ජලීන් ගුණතිලකගේ සුදු පාට මීදුම් ගලාලා https://www.youtube.com/watch?v=exD5okdopWc

24. H. R. ජෝතිපාලගේ ආදර මධුර අතීතේ https://www.youtube.com/watch?v=Nn_brPYTjpc

25. සුජාතා අත්තනායකගේ හර්දේ රස මාලිගේ https://www.youtube.com/watch?v=o0BTorRMr8E

26. සුජාතා අත්තනායකගේ මාලිගාවේ මා රැජිනී https://www.youtube.com/watch?v=vTPMXh5RKAM

27. මිල්ටන් පෙරේරාගේ මධු සඳෙන් තවත් https://www.youtube.com/watch?v=ILgrhR9rjyM

28. ධර්මදාස වල්පොල සහ K. රානිගේ  පෙම් රැල්ල නැගී ගල් තැල්ලෙ (?) වදී https://www.youtube.com/watch?v=ruqJAruR8aM

29. රැක්මණී දේවීගේ අද හඞනව හිමියනි https://www.youtube.com/watch?v=zaka9-uC0S4

30. ශානිකා වනිගසේකර සහ කවීෂ කවිරාජ්ගේ සිඳී බීඳී ආදරේ https://www.youtube.com/watch?v=7IsvJVlFyGI



සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...