Friday, December 2, 2022

ඔයාලට හිතුනෙම නැතිද? - Kekirawe Sudassana Himi

 




ඔයාලට හිතුනෙම නැතිද?

ලංකාවෙම ඉපදිලා මේකෙම මැරිල යන 80% ක් ඉන්න රටේ වෙනත් රටවල් වල 60 පැනපු සුද්දො අපේ රටවල් බලන්න එද්දි..

මේ ලෝකෙ ලස්සන තැන් අපිට බලන්න අයිතියක් නැතිද කියල?

🤨 අමාරුවෙන් අවුරුදු 10ක් විතර ඉතිරි කරල ලීසින් එකකුත් දාල used කාර් එකක් අරන් පදිනකොට ලෝකෙ අනිත් රටවල් වල උන් වගේ BMW / AUDI / porsche වගේ සුපිරි කාර් එකක් පදින්න අයිතියක් අපිට නැතිද කියල ?

🤨 කලුඅග්ගල lesher world එකේ අවුරුද්දකට පාරක්වත් යන්න බෝනස් එක එනකල් බලන් ඉද්දි santhosa island / disney world / sunway lagoon water park වගේ තැන් වලට ගිහින් දරුවො එක්ක විනෝද වෙන්න අපිට අයිතියක් නැතිද කියල ? 

🤨 උදේ 4 ට විතර නැගිටලා උයා පිහාගෙන 6 ට බස් එකට නැගල ට්‍රැෆික් එකේ පැය 3 ක් විතර ගිහින් මර කඩාගෙන වැඩට යද්දි දාඩිය පෙරාගෙන,  ශබ්දයේ වේගයෙන් යන japan bullet train එක වගේ එකක ගෙදර ඉඳන් වැඩට යන්න අපිට අයිතියක් නැතිද කියල ?

🤨 හංදියෙ කඩේ අජිනමොටෝ දාපු චීන රයිස් එක ගිලල අවුරුදු 30 වෙද්දි කොලෙස්ටෙරෝල් / සීනි / පිළිකා හදාගෙන වකුගඩු දෙකත් කෙලවගෙන අවුරුදු ගණන් පෝලිමේ ඉඳල මැරිල යද්දි ,ජපානෙ වගේ අවුරුදු 100ක් නිරෝගීව ජීවත් වෙලා සතුටින් මැරෙන්න අපිට අයිතියක් නැතිද කියල ?

🤨 බොරු ඇඩ්රස් හදල, ලක්ෂ ගානක් වියදම් කරල ගෙවල් කුලී ගෙවාගෙන රෑ තිස්සෙ ළමයටත් බොරු පාඩම් කරවල ටවුන් එකේ ඉස්කෝලෙට ලමයි දාද්දි ජපානෙ වගේ පයින් ඉස්කෝලේ ගිහින් පයින් ගෙදර එන හොඳම ඉස්කෝලයකට  හැමෝටම යන්න අයිතියක් නැතිද කියල.

🤨 ගුවන් යානයකට නැගල නැති ඔයාලගෙ අම්ම තාත්තට ලෝකෙ රටවල් දෙක තුනක් බලල එන්න අයිතියක් නැතිද කියල ?

🤨 වලවල් වල වැටි වැටි අමාරුවෙන් ගත්ත කාර් එකේ යද්දි යුරෝපෙ වගේ ලැම්බෝගිනියක් උනත් ගේ ලඟට එන්න පුළුවන් සුපිරි පාරවල් වල යන්න අයිතියක් නැතිද කියල ?

🤔 ට්‍රිලියන ගණන් ණය උනේ ඔයාලගෙ අපේ උවමනාවට නෙවෙයි උන්ගෙ උන්ට සුර සැප විඳින්න කියල දැන්වත්  උඹලට තේරෙන්නෙ නැතිද ?

🤔 ලෝකෙ ඉස්සරහට යද්දී අපේ රට පස්සට යන්න එකම එක හේතුවයි තියෙන්නෙ. අපේ ජාන වලම තියෙන්නෙ එකෙකුට එකෙක් නැති, අල්ලපු ගෙදර එකාටත් වෛර කරන හැටි.ඒක පාලකයො දන්නව.ඔයාල අපි බෙදන්න හරිම ලේසියි.අන්න ඒකයි නූගත් වියපත් එවුන් ටිකක් තාමත් මේ රට පාලනය කරන්නෙ...

❤❤ හිතල බලන්න 1950 ආසියාවෙ දෙවැනියට හිටපු අපි පහලටම වැටෙද්දි අවුරුදු 74ක් මේක කාලම දාපු උන් ආයෙ ආවත් මේකමයි නේද? 

❤❤ මේ පුංචි රට ගොඩදාන්න වැඩ කරමු..එකතුවෙමු 

Kekirawe Sudassana Himi



සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...