https://hessianwithteeth.files.wordpress.com/2014/11/agnosticism-atheism.png (9.19.2019)
ජේමිස් බණ්ඩාගේ අසම්මත සටහන් අඩවියේ පළවූ "සර්වබලධාරී දෙවියන් මොනවගේද?" ලිපිය කියවූ පසු මෙය ලිවීමට සිතුනා. https://asammathasatahan.wordpress.com/2019/09/16/සර්වබලධාරී-දෙවියන්-මොන-ව/
නිරාගමික වීම කියන තරම් හොඳද? යන මාතෘකාව බොහෝ සoවේදී එකක්. මොකද අපි කවුරැත් කැමතියි අපේ ආගම/දර්ශනය/විශ්වාසය ලොව එකම සත්‍යය විදියට දකින්න. ඒ නිසාම ඒ ගැන ප්‍රශ්න කිරීම අපට රැස්සන්නෙ නෑ. නමුත් මගේ මේ උත්සහය එයින් මදක් ඔබ්බට ගොස් ලoකාවේත් ක්‍රමයෙන් ජනප්‍රිය වේගෙන එන සහ මම වාසය කරන ඇමරිකා එක්සත් ජනපදයේ ඉතාමත් ජනප්‍රිය නිරාගමිකත්වය ගැන මම හිතන හැටි ඔබත් සමග බෙදාහදාගැනීමයි.
නිරාගමික වීම කියන තරම් හොඳද? යන මාතෘකාව බොහෝ සoවේදී එකක්. මොකද අපි කවුරැත් කැමතියි අපේ ආගම/දර්ශනය/විශ්වාසය ලොව එකම සත්‍යය විදියට දකින්න. ඒ නිසාම ඒ ගැන ප්‍රශ්න කිරීම අපට රැස්සන්නෙ නෑ. නමුත් මගේ මේ උත්සහය එයින් මදක් ඔබ්බට ගොස් ලoකාවේත් ක්‍රමයෙන් ජනප්‍රිය වේගෙන එන සහ මම වාසය කරන ඇමරිකා එක්සත් ජනපදයේ ඉතාමත් ජනප්‍රිය නිරාගමිකත්වය ගැන මම හිතන හැටි ඔබත් සමග බෙදාහදාගැනීමයි.
නිරාගමිකත්වය යන්න ඔක්ස්ෆෝර්ඩ් ශබ්දකෝශයට අනුව අර්ථ දක්වා තිබෙන්නේ දෙවියන් නැතැයි අදහන්නන් වශයෙන්. නිරාගමිකත්වය යන්න ඉoගිරිසි භාෂාවෙන් හඳුන්වන Atheism යන වචනය ග්‍රීක භාෂාවේ a (-නැති) සහ theos (-දෙවියන්) යන කොටස් දෙක එකතුවී සෑදුනු බවත් වැඩිදුරටත් දක්වා තිබෙනවා. දැන් ඔබට හිතෙනවා ඇති අපේ ලoකාවේ පවතින බුද්ධ දර්ශනය අදහන අය නිරාගමිකයන්ද කියලා. ඉහත අර්ථදැක්වීමට අනුව දෙවියන් නොඅදහන බෞද්ධයන් යම් තරමකට නිරාගමික බවයි මට හිතෙන්නේ. ඒත් එවැනි බෞද්ධයන් ලoකාවේ ඉන්නවාද? ලoකාවේ බුද්ධ දර්ශනයේ නොයෙක් තැන්වල බුදුන් විසින් දෙවියන් ගැන සඳහන් කර තිබෙන නිසා ලoකාවේ බුද්ධ දර්ශනය නිරාගමික නොවේ. එමෙන්ම ලoකාවේ බුද්ධ දර්ශනය අද වන විට බුද්ධාගමක් බවට පත් කරගෙන ඇති බවක් පෙනෙනවා. ඒ අනුව මෙම සoවාදයෙන් ලoකාවේ බෞද්ධයන් බැහැර කරන අතර තනිකරම අවධානය යොමු කරන්නේ කිසිදු ආගමකට හෝ දර්ශනයකට අයත් නොවන නිරාගමිකයන් වේ.
අද වන විට සමහර රටවල බොහෝ දෙනෙක් නිරාගමිකයන්. උදාහරණයකට ස්විඩනයේ 46-85%ක්, වියට්නාමයේ 81%ක්, ඩෙන්මාර්කයේ 43-80%ක්, නෝර්වේ රටේ 31-72%ක්, ජපානයේ 64-65%ක්, කැනඩාවේ 19-30%ක් සහ ඔස්ට්‍රේලියාවේ 18-26%ක් ආදී වශයෙන්. (මූලාශ්‍ර -http://www.infobarrel.com/25_Most_Atheist_Countries_in_the_World) මේ රටවලින් සමහරක් අතීතයේ දේවවාදී ආගම් අදහන්නන් හෝ බුද්ධ දර්ශනය අනුගමනය කරන්නන් බොහෝ දෙනෙක් සිටි රටවල්. ඒ අනුව ඔබට පෙනෙනවා ඇති දේවවාදී ආගම් මෙන්ම බෞද්ධ දර්ශනය වැනි දර්ශනයන්ද මිනිසුන්ගෙන් ක්‍රමයෙන් ඈත් වීගෙන යන බව. මිනිසුන් ඉස්ලාම්, ක්‍රිස්තියානි, හින්දු, යුදෙව්, බුද්ධාගම ආදී නොයෙකුත් ආගම් වලින් ඈත් වන්නේ ඇයිද යන්න මුලින්ම සලකා බලමු.
1. ඇතැම් ආගමික නායකයන්ගේ දූෂිත දෙබිඩි හැසිරීම-
ගිහියන්ට ධර්මය දේශනා කරන ගමන් රහසින් අර ගිහියන්ට කරන්න එපා කියූ සියළුම වැරදි වැඩ වල නියැලෙන ඇතැම් ආගමික නායකයන් නිසා ආගම් ඉතාමත් අපකීර්තියට පත් වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන ආගම වන ක්‍රිස්තියානි ආගමට අයත් පූජකයන් ගණනාවක් නොයෙකුත් අපචාර වලට වරදකරැවන් වී තිබෙනවා. ඒ අතර කුඩා දරැ දැරියන් අපචාරයට ලක් කිරීම, වැඩිහිටියන් දූෂණය කිරීම, මූල්‍ය වoචා, මත්ද්‍රව්‍ය පාවිච්චිය, එතනින් නොනැවතී මනුෂ්‍ය ඝාතන වැනි අපරාධ පවා සිදුකර තිබෙනවා. පූජකයන්ගේ අපරාධ ඉදිරියටත් අඩුවේ යැයි හිතන්නට බැහැ. තාක්‍ෂණය ඉතා දියුණු මෙම යුගයේ මෙවැනි තොරතුරැ ඉතා වේගයෙන් ජනතාවට දැන ගැනීමට ලැබෙන තත්වයක් යටතේ මහජනතාව ආගම් ගැන කළකිරීමට පත් වීම ඉතා ස්වභාවිකයි. මට හිතෙන අන්දමට ලoකාවේ තත්වයත් එයට නොදෙවනියි.
2. ආගමික අන්තවාදය-
පසුගිය අප්‍රේල් 21වෙනි පාස්කු ඉරැදින ලoකාවේ පල්ලි සහ හෝටල් කිහිපයක් ඉලක්ක කරගෙන එල්ලවූ ඉස්ලාමීය අන්තවාදීන්ගේ ත්‍රස්තවාදී ප්‍රහාරය මෙයට හොඳ උදාහරණයක්. තමුන්ගේ ආගමට අයත් නොවන අයට නොයෙකුත් ආකාරයේ අඩත්තේට්ටම් කිරීමේ සිට මරා දැමීම දක්වා අමානුශික ක්‍රියාවන් ආගමේ නාමයෙන් ස්වර්ගය පතා කිරීමට මෙම මනස විකල්වූ ආගමික අන්තවාදීන් පසුබට වෙන්නේ නෑ. ආගමික අන්තවාදීන්ගේ ත්‍රස්තවාදය මේ වනවිට මුළු ලෝකයටම විශාල ප්‍රශ්නයක්. එම නිසා ආගම් නැති ලෝකයක ආගමික ත්‍රස්තවාදයකුත් නැතැයි යමෙකුට හිතෙන එක ස්වභාවිකයි.
3. ඇතැම් ආගමික නායකයන් යාවත්කාලීන නොවී ඉතාම ගතානුගතික පසුගාමී මත ජනගත කිරීම-
ලoකාවේ ප්‍රධාන ආගම වන බුද්ධාගමට අයත් ඇතැම් ආගමික නායකයන්ගේ ඉතාම කණගාටුදායක හැසිරීම දෙස බලන විට මෙය ඉතා හොඳින් ඔබට තේරැම්ගත හැකියි. ප්‍රගතිශීලී සමාජය විසින් පිළිකුලින් යුතුව බැහැර කරන කුළ වාදය, කාන්තාවන් දෙවනිපෙල පුරවැසියන් ලෙස සැලකීම, සත්ව හිoසනය ආදී නොයෙකුත් පසුගාමී හැසිරීම් ලාoකික ජනසමාජයට පොම්ප කරමින් විශාල හානියක් ඇතැම් ආගමික නායකයන් කරනා බව කණගාටුවෙන් යුතුව කිව යුතුයි.
මෙවෙලේ මට මතක් වෙනවා මගේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය. අපට උපාධි ප්‍රදානය කලේ එවකට උපකුළපති පදවිය දැරෑ ප්‍රකට බෞද්ධ හාමුදුරැ කෙනෙක්. එතුමා උපාධි ප්‍රදානයේදී උපාධිධාරී පිරිමි පක්‍ෂයට garland එක පලන්දනවා උපාධිධාරී කාන්තාවන්ට garland එක අතට දෙනවා. මෙය මාව ඉතාම කළකිරීමට පත් කලා. ටිකක් හිතන්න විශ්ව විද්‍යාලයක් කියන්නේ සමාජයක ප්‍රගතිශීලීම ආයතනය, ඒකෙත් මුදුන්මල්කඩ උපාධි ප්‍රදානෝත්සවය. එහිදී ප්‍රසිද්ධියේම කාන්තාවන් වේදිකාව මත දෙවනිපෙල පුරවැසියන් ලෙස හෑල්ලුවට ලක් කරන්නේ කරන්නේ වෙන කවුරැවත් නෙමේ, උපකුළපති. ඇමරිකා එක්සත් ජනපදයේ මෙය සිදු උනා නම් discrimination යටතේ පහුවදාම උපකුළපති ගෙදර. උපාධි ප්‍රදානෝත්සවයකදී කාන්තා උපාධිධාරීන්ට garland එක ප්‍රසිද්ධියේ බෙල්ලට දැමීම සිල් බිඳෙන පවක්ද? කිසිසේත්ම නැත, නමුත් අද සමාජයට ගැලපෙන පරිදි පූජ්‍ය පක්‍ෂය යාවත්කාලීනවී නැති බවයි ඉන් පෙනෙන්නේ. යාවත්කාලීනවී ඇති බව පෙන්වීමටදෝ සුමදුර හෝ කාලීන බණ යැයි පවසමින් නූතන කාන්තාවන්ගේ ඇඳුම, සපත්තුව, ගමන, හැසිරීම ආදී සියලුම දේ නිර්ධය සහ ග්‍රාම්‍ය ලෙස අපහාසයට ලක් කරන මොවුන් කිසි විටක රටේ කාලීනම පුරැශෝත්තමවාදී ගැටළු වන වීදි හිoසනය, පොදු ප්‍රවාහන සේවා වල අතවර, ගෘහස්ථ හිoසනය, බේබදුකම ආදියට එසේ බණ අසන පිරිමින්ව නෝන්ඩි කරන්නේ නැත. පුරැශෝත්තම වාදයට විශාල රැකුලක් ලබා දෙන මොවුන් ඒවාට හේතුව කාන්තාවන් වීම පෙර කළ පව් පලදීමක් යන අතාර්කික මෝඩ උත්තරය බොහෝ විට පවසයි. ඇයි එය අතාර්කික? ලoකාවේ මුඩුක්කුවක ඉපදුනු පිරිමියෙකුට වඩා යහපත් පොහොසත් පවුලක ඉපදුනු ගැහැනියක ඉතාම පින්වන්ත වන අතර ආබාධිතව ඉපදුනු පිරිමියෙකුට වඩා නීරෝගීව ඉපදුනු ගැහැනියක ඉතාම පින්වන්ත බව ඔබට පහසුවෙන් තේරැම් ගන්න පුළුවන් උදාහරණ දෙකක්. යාවත්කාලීන නොවී ඉතාම ගතානුගතික පසුගාමී මත ජනගත කරන පූජ්‍ය පක්‍ෂය විසින් සමාජයට කරනු ලබන මෙම විනාශය දකින ගිහියන්ට ආගම් එපා වීම පුදුමයක් නොවේ.
4. එදිනෙදා ජීවිතයට ආගමෙන් ලැබෙන සහනය අවම වීම-
ඉහත 1-3 කරැණු මත ගිහි-පැවිදි සම්බන්ධය කවරදාටත් වඩා අද අභියෝගයට ලක් වී ඇත. ඊට අමතරව ගිහියන්ගේ පැත්තෙන් ජීවන අරගලය නිසා අවිවේකී වීමත් පූජ්‍ය පක්‍ෂයේ පැත්තෙන් කිසිම ලාභ ප්‍රයෝජනයක බලාපොරොත්තු නොවී ගිහියන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමට වඩා දේශපාලන/ව්‍යාපාරික කටයුතු වල නියැලීම සහ ප්‍රසිද්ධිය පසුපස හඹා යෑම නිසා අවිවේකී වීමත් මත තවදුරටත් සමාජයක පූජකයන් නඩත්තු කල යුතුද යන මතය ඇතිවී තිබේ. තම පoසලේ/පල්ලියේ/කෝවිලේ පූජකයන් දූෂිතයන් බව දැනගත්විට ආගමික නායකයන්ගේ හැසිරීම විවේචනය කිරීම ගිහියන්ට අකැප බව ජනගත කර ඇති සමාජ වල බොහෝ ගිහියන් ප්‍රසිද්ධියේ එය විවේචනයට/නිවැරදි කිරීමට ඉදිරිපත් නොවී එම ආයතන අතහැර දමති. අනිත් අතට දූෂිත ආගමික නායකයන් දූෂිත ගිහියන්ට සම්බන්ධ නිසා ඔවුන්ගේ ක්‍රියාවන් නිවැරදි කරන්නට යාම අනතුරැදායකයි. බුද්ධිමත් ඔබ කල්පනා කර බලන්න ඔබට ගැටළුවක් ඇතිවූ අවස්ථාවක ඔබේ ආගමික ආයතනයෙන් ලබා දෙන emotional, financial සහ moral සහයෝගය මොනවගේද සෑහීමකට පත් විය හැකිද කියලා.
5. ආගම් වල සහ විද්‍යාවේ නොගැලපීම්
විද්‍යාවේ දියුණුවත් සමඟ බොහෝ දේවවාදී ආගම් වල ඇති කරැණු මතභේදයට ලක්වූ බව පෙනේ. උදාහරණයකට මහා පිපිරැම් න්‍යාය සහ ජීවයේ සම්භවය වැනි කරැණු දෙවියන් ලෝකය මැවූ බවට ඇති ආගමික මතයට වඩා තර්කානුකූල බව විද්‍යානුකූලව සහ තර්කානුකූලව අදහස් දක්වන්නට කැමති අය, විශේෂයෙන් තරැණ පරම්පරාව සිතීම නිරාගමිකත්වය ජනප්‍රිය වීමට විශාල ලෙස බලපානවා.
මෙම කරැණු සළකා බැලූ විට යමෙකුට නිරාගමික විමට සිතීමේ පුදුමයක් නැතත් නිරාගමික වීම මගින් බලාපොරොත්තු වන ප්‍රතිලාභ ලැබේද යන්න ගැටලුවක්. නිරාගමිකත්වයේ මූලිකම ලක්‍ෂණය වන ආගමක් රහිත වීම අනුව නිරාගමිකයා සමාජය තුල ක්‍රියාත්මක වෙන්නේ කවර ආචාරධර්ම වලට යටත්වදැයි මූලික ප්‍රශ්නයක් පැන නගී. නිරාගමිකයන් බොහෝවිට පොදු නීති පද්ධතියකින් නොබැඳී හුදකලාව ක්‍රියාත්මක වන නිසා මෙම ආචාරධර්ම තම තමන්ට සාපේක්‍ෂව අර්ථනිරෑපනය කල සහ පිළිපදින්නන් වේ. ඒ අනුව තම ඉඩමට වරදීමකින් අනවසරයෙන් ඇතුළුවන අයෙකුට විමසීමකින් පසු යන්න දෙනවාද එකවරම වෙඩි තබනවාද යන්න ඒ ඒ නිරාගමිකයාට තම තම ණැන පමනින් තීරණය කල හැක. ඔබට හිතෙන්නට පුළුවන් රටේ නීතිය අනුව එකවරම වෙඩි තැබීම වරදක් විය හැකියි කියා. නමුත් නීතිය අවසානයේ සෑදී ඇත්තේ බොහෝවිට ඒ පලාතේ මිනිසුන්ගේ බහුතර කැමැත්ත අනුවයි. ඉතින් එකවරම වෙඩි තබන මානසිකත්වයේ නිරාගමිකයන් බහුතරයක් ඇති පලාතක නීතිය අනුව එය වරදක් නොවේවි. නිරාගමිකයන් නොව බහුතර ක්‍රිස්තියානි මිනිසුන් සිටින ටෙක්සාස්හි තම ඉඩමට/වාහනයට/රැකියා ස්ථානයට ඇතුළුවෙන පිටස්තර කලහකාරී පුද්ගලයකු අරභයා මෙසේ වෙඩි තැබීමට නීතියෙන් බාධාවක් නැත (Castle Doctrine). නමුත් මට හිතෙන පරිදි ක්‍රිස්තියානි ආගමේ බලපෑම මතදෝ බහුතරය එසේ එකවරම වෙඩි තබන්නේ නැත. මට කියන්නට අවශ්‍ය උනේ නීතිය ඇතැම්විට මෙවැනි මානුෂික මුහුණුවරකින් තොර දරැණු ස්වභාවයේ එකක් විය හැකි බැවින් ආචාරධර්ම නැති නිරාගමිකයන් නීතිය මගින් පාලනය වන නිසා එය ගැටළුවක් නොවේ යැයි සිතීම වැරදි අදහසක් විය හැකි බවයි. ඇතැම් නිරාගමිකයකුගේ ආචාරධර්මවල සත්ව ඝාතනය, බොරැ කීම, සොරකම, ස්ත්‍රී දූෂණය ආදිය වැරදි නොවිය හැක. තවත් උදාහරණයක් ගනිමු. ඇමරිකා එක්සත් ජනපදයේ සුදු ජාතිකයන් සමහරැ සුදු ජාතිකයන් උසස් යැයි සිතන අය වේ (White Supremacists). ඔවුන්ට අනුව අනිත් සියළුම සුදු ජාතිකයන් නොවන අය ඉතා පහත් බැවින් ඕනෑම හිoසාවක් කල හැක. පුදුමය කියන්නේ මොවුන් ඇතැමෙක් ක්‍රිස්තියානි භක්තිකයන්. ක්‍රිස්තියානි ආගමේ කොතැනකවත් White Supremacy අනුමත කර නැහැ, ඒත් ඒක තේරැම් ගන්නට ඔවුන්ට බැහැ නැතිනම් ඔවුන් නාමික ක්‍රිස්තියානි භක්තිකයන්. ඉතින් දෙවියන් තමුන් දිහා බලා සිටින බවත් මරනින්මතු දේව විනිශ්චය ලැබෙන බවත් අදහමින් දෙවියන් කිසිසේත් අනුමත නොකරන වැරදි කිරීමට පෙළඹෙන මෙවැනි මිනිසුන් තමුන්ගේ අභිමතයට ආචාරධර්ම සාදාගත්තොත් එය ඉතා අන්තරාදායක වේවි නේද?
දෙවියන් හිටියත් නැතත් තමුන් දිහා යම් supreme entity එකක් බලා සිටින බව විශ්වාස කිරීම යම් වැරදි වලින් මිදීමට මානසික ශක්තියක් සපයනවා. ඒ නිසාදෝ ස්විස් ජාතික පර්‍යේෂකයන් පිරිසක් කල අධ්‍යයනයකදී නිරාගමිකයන් දුම් බීම සහ මත් ද්‍රව්‍ය භාවිතය ආදී ඇබ්බැහිවන දුරාචාර වලට පෙලඹීමේ වැඩි නැමියාවක් ඇති බව සොයාගෙන තියෙනවා (මූලාශ්‍ර - https://www.sciencedaily.com/releases/2013/10/ 131003093041.htm). 2005 වනවිට ලොව තෙවන වැඩිම නිරාගමිකයන් ප්‍රමානයක් (43-80%) වාසය කල ඩෙන්මාර්කයේ අතිවිශාල ලෙස අසභ්‍ය ලිoගික ජවනිකා (Pornography) නිපදවීම සිදු වෙනවා. එය ක්‍රිස්තියානි භක්තිකයන් බහුතරයක් ඩෙන්මාර්කයේ සිටි 1970 ගනන් වලට වඩා අඩු උනේ නෑ නිරාගමිකයන් ප්‍රමානය වැඩි උනා කියලා (මූලාශ්‍ර - Overcoming Violence Against Women and Girls: The International Campaign to Eradicate a Worldwide Problem by R. Nardos et al, 2003) මෙවැනි බොහෝ අධ්‍යයන අන්තර්ජාලය මගින් ඔබට සොයා ගත හැකියි. මට හිතෙන්නේ ආගමකින් හික්මීමක් ලැබීමට අපහසු අයකුට නිරාගමික වීම මගින්ද හික්මීමක් ලැබීමට නොහැකි බවයි. ඇත්තටම ගොඩක්දෙනා නිරාගමික වීමට හේතුවත් ආගම් වල නීති වලට අකමැති වීමයි.
දේවවාදී ආගම් වලට වඩා නිරාගමික වීම විද්‍යාත්මකද? කිසිදු විද්‍යාවකට ලෝකයේ මූලික ප්‍රශ්න වන ජීවය ඇති වුනේ කෙසේද, මම ඉපදුනේ ඇයි, මට මරණයෙන් පසු කුමක් වේද ආදී ප්‍රශ්න වලට උත්තර සොයා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. ඔබ කියයි මහා පිපුරැම් න්‍යාය ගැන. නමුත් විද්‍යාවට අනුව යම් පද්ධතියක ශක්තිය මැවීම හෝ විනාශ කිරීම කල නොහැකි නිසා මහා පිපුරැමට අවශ්‍ය මහා ශක්තිය ලැබුනේ කෙසේද? ජීවය ඇති වීමට ඉතා සියුම් කරැණු සිය දහස් ගණනක් සමපාත උනා. ජල අණුව කෝණික හැඩයක් ගැනීම, DNA භශ්ම ඇතිවීම, DNA ද්විත්ව හේලික්ස ලෙස දඟර වැටීම, ඉරක් නියමිත දුරින් තිබීම, එක සඳක් තිබීම ආදී මෙකී නොකී විද්‍යාවට අනුව අහම්බයන් සිය දහස් ගණනක්. විද්‍යාවටම අයත් සoඛාන විද්‍යාවට (Statistics) අනුව අහම්බයන් සිය දහස් ගණනක් මෙසේ එකම එකවරක් පමණක් එකට බැඳී සමපාතවීම සිදු විය නොහැකියි. අවාසනාවකට ජීවය ඇති වුනේ කෙසේද සහ විශ්වයේ කෙළවර කොතැනද ආදිය ගැන බුද්ධ දර්ශනයේ සඳහන් වන්නේ කෙසේද යන්න ගැන මට දැනුමක් නැහැ. වතාවක් මුගලන් රහතුන් සෘද්ධි බලය උපයෝගී කරගෙන විශ්වයේ කෙළවර සොයා යද්දී මරණාසන්න වූ විට බුදුන් පැමිණ මුගලන් රහතුන් ගලවාගෙන විශ්වයේ කෙළවර සෙවිමට නොයන ලෙස අවවාද කල බව අසා තිබෙනවා. මට හිතෙන ආකාරයට එම අවවාදය ඉතා අසම්පූර්ණයි.
//ආගම් වල සහ විද්‍යාවේ නොගැලපීම්//👇👇මේක කියවපු හොඳ රිසච් එකක්..විද්‍යාව සහ බුද්ධ ධර්මය ගැන සිසේරෝ ගේ අදහස් සමපාත වීම ගලපලා ලියලා තියෙනවා..වෙලාවක් තියේ නම් කියවන එක හොඳයි..http://www.buddhismandaustralia.com/ba/index.php?title=Buddhism_%26_Science_in_the_21st_Century_by_Cicero_T._Cortel
ReplyDeleteස්තූතියි ඔබට, අදහසට සහ link එකට.
Deleteඇත්තෙන්ම දැන් මාත් කිසිම ඇදහීමක් කරන්නේ නැහැ. අපේ දරුවන් තුළ එය බලහත්කාරයෙන් දැම්මෙත් නැහැ. අපේ හැදියාව කලින් කුඩා කළ තිබුණේ සම්පුර්ණ බෞද්ධ පරිසරයක නිසා හා ආගමක් නොඇදහීම පසුව සිදුවූ නිසා මේ ගැන අත්දැකීම් ඇසුරෙන් කියන්න බැහැ . නමුත් Empathy හා Humanity ඇතිකිරීමට ඇතැම් රටවල පාසල් විෂය මාලා සකස් කර තිබෙනවා, ආගමෙන් බැහැරව. අනික මං මෙහේ දකින්නේ හුඟක් නාමික බෞද්ධයන්. ඔවුන්ගේ යටි ක්‍රියා කලාපය ඉතාම කුහකයි. දෙබිඩියි .
ReplyDeleteThanks Malini. This is exactly my experience. I firmly believe Buddhism need major reformation. Just like Christianity went through over the years..
Deleteමේ ලිපිය ලියලා ගොඩක් කාලයක් ගිහිල්ලා හින්දා මේකේ අදහස් දැන් සමහර විට වෙනස් වෙලා ඇති .
ReplyDeleteමේකේ ඒතිසම් කියන්නේ නිරාගමික කියන එක එච්චර නිවැරදි නෑ. නොන් රිලීජියස් කියන වචන දෙක තමයි නිරාගමික කියන තනි සිංහල වචනයට දෙන්න පුලුවන් අදහස. එතිසම් කියන්නේ ඔබ කියනා ආකාරයෙන්ම එබ්‍රහමික ආගම, ඒ කියන්නේ තනි දෙවියෙක් හො දෙවියන් බොහෝ දෙනෙක් නොහදන කියන එක තමයි. ඒත් ඒක බහුල වශයෙන් නොන් රිලිජියස් අයව හදුන්වන්න පාවිච්චි වෙනව එදිනෙදා ජීවීතය තුල.
බුද්ධාගමත් එතිසම් ආගමක් වගේම නොන් රිලිජියස් තත්වයක් තියෙනවා. ඒත් වර්තාමානයේ බුද්ධාගමේ ආයතනගත ස්වරූපයක් තියෙන හින්ද මේ නොන් රිලිජස් තත්වය මතුපිටට පේන්නෙ නෑ, ඒත් බුදුදහමේ එසන්ස් එකෙ ගත්තොත් එතැන තියෙන්නෙ නොන් රිලිජස් තත්වයක්.
ස්තූතියි පැහැදිලි කිරීමට.
Delete