Friday, July 17, 2020

අනේ අපි විහිළුවටනෙ එහෙම කලේ- an old story

ඇමරිකාවේ ඉතාම ජනප්‍රිය කලා ශිල්පීන් පිරිසක් තමයි ස්ටෑන්ඩ්-අප් කොමීඩියන්ලා (stand-up comedians) කියන්නේ. මේගොල්ලෝ සජීවී ප්‍රේක්ශකාගාරයක් තුල නොයෙකුත් විහිලු තහලු කරමින් එම ප්‍රේක්ශකයින් හිනස්සනවා. ඇමරිකාවේනම් තියෙටර්ස්, ඔඩිටෝරියම්ස්, හෝටල්, සහ comedy clubs ආදියට පැමිණ මේගොල්ලෝ තමන්ගේ shows පවත්වනවා. මේ ගොල්ලන් අඳින පළඳින විදිය බොහොම සාමාන්‍යයි, කතා කරන්නේත් එදිනෙදා ජීවිතයේ අපට මුණගැහෙන සාමාන්‍ය මනුස්සයෙක් වගේ, ඒත් එම කතාව තනිකරම script එකකට අනුව කරන හාස්‍යය පිරැණු කතාවක්. හොඳ stand-up comedian කෙනෙක්ට අති විශාල ආදායමක් උපය ගත්තහැකි. හැබැයි ඉතින් ගොන් ජෝක්ස් කරන ස්ටෑන්ඩ්-අප් කොමීඩියන්ලාට නම් වැඩිකල් ක්‍ෂේත්‍රයේ පවතින්නට අමාරැයි. මම පෞද්ගලිකව කැමති ශිල්පීන් අතර Trevor Nova, Jerry Seinfeld, Robin Williams, Richard Pryor ආදීන් ඉදිරියෙන් ඉන්නවා. සජීවී ප්‍රේක්ශකාගාරයක් තුල perform කරද්දී මේගොල්ලො මිනිස්සුන්ගෙ ආගම, ජාතිය, සoස්කෘතිය, දේශපාලනය, හැසිරීම, පුරැදු ආදී බොහෝ සoවේදී දේවල් උපහාසයට ලක් කරනවා. ස්ටෑන්ඩ්-අප් කොමීඩියන්ලාගේ සුවිශේෂත්වය ඒක. කොටින්ම ඔවුන් අපේ ගොන්කම් වලට අපට හිනාවෙනවා. යූටියුබ් එකේ එවැනි stand up comedy වල පටිගත කල කොටස් විශාල ප්‍රමාණයක් තිබෙනවා, ඔබට නරඹන්නට අවශ්‍යනම්. ලoකාවේ සුසිලා කෝට්ටගේ කලා ශිල්පිනියට සාර්ථක stand-up comedian කෙනෙක් වෙන්න පුළුවන් බව මගේ හැඟීමයි. ඒත් අවාසනාවකට ලoකාවේ මෙම ශිල්පීන් perform කරන shows නැහැ, මම දන්න තරමින්. ශ්‍රී ලoකාවේ මෙම ශිල්පීන්ගේ shows නැති උනාට ලාoකික සම්භවයක් සහිත සාර්ථක stand-up comediansලා ලෝකයේ වෙනත් රටවල ඉන්නවා, බ්‍රිතාන්‍ය-ලාoකික Romesh Ranganathan වගේ. (https://www.youtube.com/watch?v=iuaZ3fHXHmc

Stand-up comedy show එකකට ගිහින් එන ගමන් ලoකාවේ මේක ජනප්‍රිය  නැත්තේ මොකද කියන ප්‍රශ්නය මට ඇති වුනා. ලoකාවේ බොහොමයක් මිනිස්සුන්ට තමන්ගේ ආගම, ජාතිය, සoස්කෘතිය, දේශපාලනය, හැසිරීම, පුරැදු ආදී සoවේදී දේවල් වල ඇති වැරදි අඩුපාඩු ආදිය කවුරැහරි කෙනෙක් කෙනෙක් විහිලුවටවත් ප්‍රශ්න කලොත් ඒ දිහා සැහැල්ලුවෙන් බලලා හිනාවෙන්න නොහැකියි. පුදුම තරම් කේන්ති යනවා. stand-up comedianට ගුටි කන්නයි වෙන්නෙ. ඒත් දැන් බලන්න උඩ පරිච්ඡේදයේ ඇතුළත් කරපු රොමේෂ්ගෙ comedy එකේ විශාල ප්‍රේක්‍ෂකාගාරය පිරිල තියෙන්නෙ බ්‍රිතාන්‍ය සුදු ජාතික ප්‍රේක්‍ෂකයන්ගෙන්. මේ ප්‍රේක්‍ෂකයන් බහුතරය ක්‍රිස්තියානි ආගමිකයන් වෙන්න ඇති කියල educated guess එකක් කල හැකියි. රොමේෂ් බ්‍රිතාන්‍ය සoක්‍රමනිකයන්ගෙන් පැවතගෙන එන, සම කලු, හින්දු ආගමිකයෙක්. ඔහුගේ ඇතැම් විහිළු පාදක වෙලා තියෙන්නෙ නත්තල් කාලයේ  හින්දු  ආගමික රොමේෂ් කරන හෝ අත්දකින හාස්‍යජනක දේවල් ගැන. අර මිනිස්සු ඒවා අහල ආතල් එකක් ගන්නවා. මේක ලoකාවෙ කරන්න තියා හිතන්නවත් පුලුවන්ද? නත්තල ගැන හින්දු/බෞද්ධ stand-up comedian කෙනෙක් විහිලු කලොත්, දීපවාලී උත්සවය ගැන ඉස්ලාම්/බෞද්ධ stand-up comedian කෙනෙක් විහිලු කලොත්, නැත්නම් වෙසක් උත්සවය ගැන ඉස්ලාම්/හින්දු stand-up comedian කෙනෙක් විහිලු කලොත් මොනවායින් මොනවා වේවිද? ආගම් වලින් පරිබාහිර දේවල් ගැන උනත් තත්වය ඒකම තමයි. දේශපාලනය, සිරිත් විරිත්, සoස්කෘතිය වගේ ඕනෑම මාතෘකාවක් ගැන stand-up comedian කෙනෙක් විහිලු කලොත් දත් නැතුව බත් කන්න තමයි වෙන්නෙ. ඒ කියන්නෙ ලoකාවෙ මිනිස්සු සoවේදී දේවල් ගැන විහිලු තහලු අපහාස උපහාස කරන්නැති උදවියද?

ලoකාවෙ මිනිස්සු තරම් සoවේදී දේවල් ගැන විහිලු තහලු අපහාස උපහාස කරන උදවිය වෙන කිසිම රටක නැතුව ඇති. දැන් බලන්න අපි මිනිස්සුන්ගෙ ශාරීරික වෙනස්කම් වලට මොනතරම්නම් විහිලු තහලු කරනවද? කාර්‍යාලයේ ඉන්න ටිකක් විතර මහත කෙල්ලෙක්ට ඔබ මොනතරම් විහිලු තහලු කරනවද කියල හිතල බලන්න. ඒ කෙල්ල කන බොන වෙලාවට වැඩියෙ කන්න එපා කියල, වාහනයක යද්දි වාහනේ පැත්තක් පාත්වෙලා කියල, කසාද බඳින්න හොයනවනම් බුල්ඩෝසර් ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න කියල ආදී මොන තරම් නිර්මාණශීලී විහිලු තහලු කරනවද අපි? stand-up comedian කෙනෙක් කවදාවත් මිනිස්සුන්ගේ බාහිර පෙනුමේ අඩුපාඩු ගැන විහිලු කරන්නෙ නෑ. එහෙම බලනකොට stand-up comedianලටත් වඩා අපි ඉදිරියෙන් ඉන්නෙ. ඒකනෙ අපිට stand-up comedianල වැඩක් නැත්තෙ. ඇතැම් ලoකාවෙ මිනිස්සු ඉතාම උපක්‍රමශීලී විදියට තම පරපීඩක හෝ ආත්මාර්ථකාමී උවමනාවන් ඉෂ්ඨ සිද්ධ කරගන්න විහිලු කිරීම උපයෝගී කර ගන්නවා. දැන් බලන්න පාරේ/බස් එකක යන කෙල්ලෙක්ට වාචික අතවරයක් කරල ඒකිට මල පැන්නොත් කියන්නෙ අපෝ ඔයාට විහිලුවක්වත් තේරෙන්නෙ නෑනෙ කියල. මීට කාලෙකට කලින් වැලිවේරියේ ඇඟලුම් කම්හල් සේවිකාවකට බස් හෝල්ට් එකේ කාන්තා වැසිකිළිය අසලදී එලෙස ලිoගික අතවරයක් කරපු මිනිසාට ඇය පහරදුන් විට (එම viral වීඩියෝව බලා), බොහෝ ලාoකික ගෑනු සහ පිරිමි ඇයව විවේචනය කලා. ඇය එසේ විහිලුවකට react කිරීම වැරදිලු. වෙනත් දියුණු රටවල අපරාධ ලෙස සළකන දේවල් බොහෝ ලාoකික මිනිසුන්ට විහිලු. ඒ අතින් අපි හරිම advance.

See the source image
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSa5RsXAVuVZtbJFT_OiOmTDPrIvIzUOdYSaiW4T_FaHRc-TkOx8LN1XBtt__I9o3uxOrw_pKMb4D1va3h4qBtIe_GbXA9Fn4W7_SXRvN5Ptp8Zl8tyW2W0rwA5QufMf8NAw25Vg1M78s/s1600/Beaverton.jpg

තවත් පුoචි උදාහරණයක් ගනිමු. ඇමරිකාවේ frozen yogurt විකුනන කඩයක frozen yogurt වර්ග විස්සක් විසිපහක් තියෙනවා. ඉහත ඡායාරෑපයේ පෙන්වන පරිදි ඒවා තිබෙන්නේ එක එක stations වල. පාරිභෝගිකයන් එම stations වලට ගොස් තමන් කැමති වර්ගයේ කරාමය ඇරල තමන්ගෙ කෝප්පයට තමන් කැමති යෝගට් ප්‍රමාණයක් දමා ගන්නවා. වෙළඳසැලට ඇතුලුවන හැමෝටම කුඩා කෝප්ප හතරක් පහක් ලැබෙනවා මිළදී ගන්නට පෙර (අලුත් favors) කුඩා ප්‍රමාණයක් රස බලන්නට. ඇත්තම කිව්වොත් ඒ කුඩා කෝප්ප හතර පහ ගානට manage කර ගත්තොත් යෝගට් රාත්තලක් උනත් නිකම් කෑවහැකි. වෙළඳසැලේ කවුරැවත් බලන් ඉන්න එකක්යැ. ඒත් ඇමරිකන් මිනිස්සු කවදාවත් එහෙම මගෝඩි වැඩ කරන්නෑනෙ. සමහර මිනිස්සු කුඩා කෝප්ප එපා කියල කෙලින්ම තමන් කැමති ‍යෝගට් එක මිළදී ගන්නවා. සාම්පල් රස බලපු කිසිකෙනෙක් හිස් අතින් යන්නෙත් නෑ, මිළදී ගන්නවාමයි. දැන් මේක ලoකාවෙ තිබුනනම් වැඩි කාලයක් යන්න කලින් වැහෙනවා අපේ සමහර අයගේ වැඩ නිසා. අර කුඩා සාම්පල් කප් වලින් යෝගට් කිලෝ එකක් විතර කාල කිසිවක් මිලදී නොගෙන ගිහින් යාලුවො එක්ක මහත් ආඩම්බරයෙන් කියයි හපන්කම. බැරි වෙලාවත් අහු උනොත් නිදහසට කාරණය මොකක් වෙයිද? "අනේ අයියෙ අපි විහිළුවටනෙ කලේ".

ඇයි ඇමරිකන් මිනිස්සු එහෙම නොකරන්නෙ? ගොඩක් හේතු තියෙනවා. ඒ අතරින් එක වැදගත් හේතුවක් තමයි දුර දිග බලා වැඩ කිරීම. ඒ මිනිස්සු ඒ වෙළඳසලට කැමතියි. ඒක වැහිල ගියොත් යෝගට් කන්න  දුර යන්න සිදු වෙනවා. තමන්ගෙ අසල්වාසීන්ගෙ හොඳට කරගෙන යන හිතවත් කඩය සුරැකීම තමන්ටත් වාසියක් අනුන්ටත් වාසියක් ගමටත් වාසියක් රටටත් වාසියක්. තමන්ට වාසියක් වෙන්නේ කොහොමද? බැරි වෙලාවත් පර්ස් එක අමතක වෙලා ආව නම් අඳුනන නිසා කමක්නෑ පස්සෙ මුදල් දෙන්න කියල යෝගට් දෙනවා. ඊටත් නොදන්න තැනකට වඩා මොනතරම් හොඳද දන්න කියන තැන. අනික තමයි එවැනි විහිළු වලින් පාරිභෝගික නිදහස ඇහිරෙන බව නුවණින් තේරැම් ගැනීම. එවැනි විහිලු මර්දනයට කඩ හිමියාට පුළුවන්නේ සාම්පල් කප් නොදී ඉන්න, සේවකයෙක්ව දානවා stations වල හොර අල්ලන්න, තව සේවකයෙක් යෝගට් වක් කරල දෙන්න දානවා. දැන් මොකද වෙන්නේ. stations වල පෝළිම්, ඇයි අර සේවකය එපැයි හැමෝටම යෝගට් වක් කරල දෙන්න, මිළ වැඩියි අමතර සේවකයන්ගෙ පඩි නඩි ගෙවන්න, ඇයි ඔක්කෝටම වඩා එතන තිබ්බ නිදහස ඇහිරිලා, යන්න හිතෙන්නෙත් නෑ, අපි දිහා බලන්නෙ යෝගට් හොරැ විදියට මිසක් ගෞරවාන්විත පාරිභෝගිකයන් විදියට නොවේ. ඔන්න දැන් අපිටත් මල පැනල බනිනවා කඩේ මුදලාලිට customer service දන්නෙ නෑ කියලා. ලoකාවෙ මිනිස්සු customersල වශයෙන් මොනතරම් නින්දිත සැළකුමක්ද ලබන්නේ කියන එක තේරෙන්නේ දියුණු රටවල business කරන හැටි දැක්කම. කොටින්ම ලoකාවෙ වෙඩින් එකේ කුකුළු මස් බෙදන්නත් පඩි ගෙවල වෙනම සේවකයෙක්ව දාල. ලැජ්ජයි නේද? කාගෙද වැරැද්ද? පාරිභෝගිකයන් වන අපේම නේද?



No comments:

Post a Comment