Wednesday, July 27, 2022

ලන්කාවට කෙළවීම ගැන වෙනස් කෝණයකින් අදහසක්


ලන්කාවට කෙළවීම ගැන වෙනස් කෝණයකින් අදහසක්


 ලෝකයේ ඕනෑම දියුණු රටක පාහේ දේශපාළනයේ තීරක බලය තියෙන්නෙ මධ්‍යම පන්තික ජනතාවට. මධ්‍යම පන්තික ජනතාව තමයි රටක කොඳු නාරටිය. මධ්‍යම පන්තික ජනතාව ලේසියෙන් රවට්ටන්නට හෝ මිළදී ගන්නට බෑ මොකද ඔවුන් බහුතරය උගත් සහ සාධාරණව මුදල් හොයන, ආත්ම ගෞරවයක් සහිතව ජීවත් වන, වෘත්තිකයන් හෝ ව්‍යවසායකයන් නිසා. ඒ නිසා දේශපාළනයේ තීරක බලය තියෙන්නෙ මධ්‍යම පන්තික ජනතාවට නම් රටක් සoවර්ධනය කරන නිවැරදි දිශාවට ඔවුන් දේශපාලනය මෙහෙයවනවා. 


පීඩිත පන්තියේ  ජනතාව දුප්පත් කම සහ ඒ නිසා ඇති උන නූගත්කම යන විෂම චක්‍රයේ කැරකෙමින් එදා වේළ සරි කර ගැනීමෙන් එහාට හිතන්නැති මට්ටමක ඉන්නේ. ඒ නිසා පීඩිත පන්තියේ  ජනතාව ලේසියෙන් රවට්ටන්නට හෝ සුළු මුදලකට මිළදී ගන්නට හැකියි. ඡන්දය ලo වෙලා සිල් රෙදි, ලිත්, ටකරo, වැසිකිලි පෝච්චි ටිකක් බෙදුවම, "උස නම් සිකියුරිටි, මිටි නම් කම්කරැ" ක්‍රමයට දුප්පත් මිනිස්සුන්ට රස්සා ටිකක් බෙදුවම හරි.  ඉතින් එහම ලේසියෙන් රැවටෙන, ලේසියෙන් මුදලට ගත හැකි, නූගත් (without disrespect), පීඩිත පන්තියේ මිනිස්සුන්ට කවදාකවත් බෑ රටක් සoවර්ධනය කරන නිවැරදි දිශාවට දේශපාලනය මෙහෙයව ගන්න. ලoකාවේ දේශපාළනයේ තීරක බලය තියෙන්නෙ පීඩිත පන්තියේ ජනතාවට. මධ්‍යම පන්තියේ ජනතාව දේශපාලනයෙන් පුළුවන් තරම් අයින් වෙලා "අපි හම්බ කලොත් අපි කනවා" යන මිත්‍යා මතයේ රට බන්කොළොත් වෙනකම්ම දැඩිව එල්බීගෙන හිටියා. (ඊටපස්සෙ තේරැම් ගත්ත අපි හම්බ කළත් අපිට දැන්  කන්න නෑ තෙල් නෑ අරක නෑ මේක නෑ කියල, ඒ ගැන පසුවට කතා කරමු.)


මෙතනදී අප මතක තබා ගත යුතු වැදගත්ම කාරණයක් වන්නේ ලෝකේ හැම රටකම පාහේ දේශපාලකයන් අති මහත් බහුතරය වoචා දූෂණ භීෂණ වලට මාර කැමති බවයි, බලයට කෑදරකම හෝමෝ සේපියන්ස්ලගෙ ගතියක් මිසක ලoකාවේ දේශපාලකයන්ට පමණක් ඇති ගතියක් නෙමේ. බලය රැක ගැනීමට ලෝකේ හැම රටකම පාහේ දේශපාලකයන් අති මහත් බහුතරය වoචා දූෂණ භීෂණ වල නියැළීමට කැමතියි. මම දකින හැටියට දියුණු රටවල දේශපාලකයන්ට වoචා දූෂණ භීෂණ වල නියැළීමට අමාරැ වෙන්න එක ප්‍රබල හේතුවක් තමයි මේ මධ්‍යම පන්තිය අතේ කෙවිට තිබීම.  මම පොඩි උදාහරණයක් ගත්තොත්, අරගලය සමඟ මධ්‍යම පන්තිය පාරට බැහැල ගේම ඉල්ලපු  මොහොතේ ලන්කාවේ දිග කාලයක් ඇදි ඇදී තිබ්බ පරශ්න කීයක් විසඳුනාද, රනිල් ජනාධිපති සමාව දී රන්ජන් රාමනායක නිදහස ලැබුවේ රනිල් අවන්කව රන්ජන් ගැන දුක් වන නිසා නෙමේ, මධ්‍යම පන්තිය ගේම ඉල්ලපු නිසා. මට කියන්නට අවශ්‍ය, මහජනතාව ලෙස අපට ඕනෙ වැඩේ කොහොමහරි කරවා ගැනීම මිසක ඒක කැමැත්තෙන් කරවා ගැනීම නොවේ. ලoකාවෙ මිනිස්සු තමන්ගේ දේශපාළනික තක්කඩි කම නිසා දේශපාළකයන් දේවල් කැමැත්තෙන් කරනකම් ඉන්නවා සහ කවුරැහරි දේශපාළකයෙක් හොඳ දෙයක් කලොත්, "වැඩක් නෑ, ඕක කරේ බොරැවට" කියල එය ඩවුන් ඟ්‍රේඩ් කරනවා. මේකෙන් වෙන්නෙ රටේ මජර දේශපාළන සoස්කෘතිය කවදාවත් ඉදිරියට නොයාමයි. දැන් බොරිස් ජොන්සන් අගමැති කමෙන් ඉල්ලා අස්වුනේ කැමැත්තෙන් ද? ඇමරිකාවේ කළු ජාතිකයන්ට එදා වහළුන් ලෙස සැළකීමට එහි පාර්ලිමේන්තුව සමාව ඉල්ලුවේ කැමැත්තෙන් ද?  ඔවුන් දන්නෙත් නෑ ඔවුන්ට එය වැඩකුත් නෑ. එවැනි රටවල මිනිස්සු දේශපාළකයන්ට සළකන්නේ සෙරෙප්පු වගේ. වැඩේ ගන්න දානවා, වැඩේ කරගෙන ඉවර උනාම ගළවනවා, කැඩුනම විසි කරල අළුත් එකක් ගන්නවා.  අපේ මිනිස්සු සෙරෙප්පු දෙකට "කළගුණ සළකනවා", වඳිනවා, ඔළුවට දාගන්නවා, රණ්ඩු කර ගන්නවා, කැඩුනමත් ඒක විසි නොකර ඒකම දාන්න ගිහින් තුවාළ කර ගන්නවා.


මේ දක්වා සියලුම ලoකාවේ දේශපාළන පක්‍ෂ මධ්‍යම පන්තික ජනතාවට කොකා පෙන්නල තියෙන්නේ. කට්ට කාල ගත්ත උපාධියට එක එකාට ගොට්ට අල්ලන්නැතුව රස්සාවක් ගන්න, සාධාරණ ගානකට මොඩර්න් ගෙයක් දොරක් හදාගන්න, වාහනයක්  ගන්න, ගත්ත වාහනයට තෙල් ගහගන්න, ඉඳල හිටල පිටරටකට නිවාඩුවකට යන්න, දරැවන් ආස චීස් කෑල්ලක් චොකලට් එකක් අරන් දෙන්න, දරැවෙක්ගෙ උපන්දිනයකදි කේක් එකක් කපල පොඩි පාටියක් දාන්න වගේ දියුණු රටක බොහොම සාමාන්‍ය මූළික මධ්‍යම පාන්තික අවශ්‍යතා ටිකවත් නැති වෙච්ච  ලoකාවේ මධ්‍යම පන්තික ජනතාව කවදාවත් කල්පනා කලාද තමන්ව දේශපාළනයේදී හැමදාම රවට්ටපු බව? වෙනත් වචන වලින් කිව්වොත් ඔය 225ක් ඉන්න පාර්ලිමේන්තුවේ ඔබව නියෝජනය කරන්නට කිසිවෙක් නැති බව. එතන නියෝජනය වෙන්නේ පීඩිත ජනතාව (මැරෙන්න නොදී කීයක් හරි ගතමනාවක් දීල යන්තම් ජිවත් කරවන්නේ කොහොමද කියල මිසක පීඩිත ජනතාව දුප්පත් කමෙන් ගලව ගැනීම නොවේ ) සහ ඔය ධම්මික පෙරේරා, දයා ගමගේ, කුඩු දුමිය වගේ සුපිරි ධනවතුන්ගෙ සුපිරි ප්‍රශ්න (බදු වoචා යට ගැසීම, යම් භාන්ඩ වලට- ටයිල්ස් වගේ- මොනොපොලි එකක් පවත්වා ගැනීම, රෝයල් පාක් මිනීමරැවට/කුඩු දුමියට ජනාධිපති සමාව ගැනීම, නොයෙක් ටෙන්ඩර් වලින් කොමිස් ගැසීම වගේ) විසඳීමටයි. මධ්‍යම පන්තික ජනතාවට වාහන බදු සහන දෙන්නම්, හොඳ යටිතල පහසුකම් දෙන්නම්, උගත්කමට හරියන රස්සා දෙන්නම්, බ්‍රෙස්ලට්  දෙන්නම්,  ලැප්ටොප් දෙන්නම්, චුවින්ගම් දෙන්නම් කියල කාලෙන් කාලෙට රවට්ටල අද ඒ මිනිස්සුන්ට යන එන මo නැති කරල නන්නත්තාර කරල තියෙන්නේ.  


ලoකාවේ වමේ යල් පැන ගිය දේශපාළන පක්‍ෂ by definition නියෝජනය කරන්නෙ පීඩිත පන්තියේ ජනතාව. ඔය කියපු දියුණු රටක මධ්‍යම පන්තියේ බේසික් අවශ්‍යතා (සාධාරණ ගානකට මොඩර්න් ගෙයක් දොරක් හදාගන්න, වාහනයක්  ගන්න, ගත්ත වාහනයට තෙල් ගහගන්න, ඉඳල හිටල පිටරටකට නිවාඩුවකට යන්න, දරැවන් ආස චීස් කෑල්ලක් චොකලට් එකක් අරන් දෙන්න, දරැවෙක්ගෙ උපන්දිනයකදි කේක් එකක් කපල පොඩි පාටියක් දාන්න වගේ දේවල්) වමේ පක්‍ෂ දකින්නේ අධි සුඛෝපභෝගී, අධි පාරිභෝජනවාදී ජීවන රටාවක් කියල. (නමුත් ඒක වැරදි අදහසක්, සරල උදාහරණයකට ලoකාවෙ මධ්‍යම පන්තියේ මනුස්සයෙක් ගේ හීනයක් වන ටොයෝටා කොරොල්ලා කාර් එක සළකන්නේ යුටිලිටි වෙහිකල් එකක් ලෙස මිසක ලක්‍ෂරි කාන්ඩයේ වෙහිකල් එකක් ලෙස නොවේ.)  ඔබට පුළුවන්ද modern ගෙයක් දොරක් හදාගන්න, වාහනයක්  ගන්න, ඉඳල හිටල පිටරටකට නිවාඩුවකට යන්න, දරැවන්ට විදේශයක පහසුකම් සහිත විශ්ව විද්‍යාලයක උගන්වන්න, එයාල ආස චීස් කෑල්ලක් චොකලට් එකක් අරන් දෙන්න අවකාශය හදල දෙන්න කියල ජවිපෙට හෝ පෙරැට්ටන්ට හෝ බoකොළොත් වමේ පක්‍ෂ වලට කියන්න? උන් ඔයාගෙ කණට ගහල කියයි පිස්සුද ඕයි මේ පීඩිත මිනිස්සුන්ට කන්නවත් නැතිව ඉන්න වෙලාවෙ පිස්සු කියවන්න එපා කියල. ඇත්ත, ඒව එකක්වත් නොමැරී සර්වයිවල් මෝඩ් එකේ ජීවත් වෙන්න අවශ්‍ය නෑ තමයි, නමුත් මිනිහෙක් ජීවත් වෙන්න ඕනෙ සර්වයිවල් මෝඩ් එකේ නෙමේ, හැපීලි ලිවින් මෝඩ් එකේ. ඒකට මධ්‍යම පන්තියට අර වගේ අවශ්‍යතා තියෙනවා කියන ඒක යල් පැනපු වමේ පක්‍ෂ තේරැම් ගන්නෙ නෑ වගේම උන්ගෙ යල් පැනපු දේශපාලන ප්‍රතිපත්ති වලටත් පටහැනියි. උදාහරණයකට උන්ට ඕනෙ මධ්‍යම පන්තියේ ඒ "අමතර බොරැ වියදම්" කපල දාල ඒ සල්ලි ටික  පීඩිත පන්තියේ මිනිසුන්ට කෑමට යමක් ගන්නට ලබා දීමටයි. ඒක බැලූ බැල්මට හොඳයි වගේ පෙනෙන අයත් ඇති.නමුත් එහෙම පීඩිත පන්තියට සහන දීමෙන් පීඩිත පන්තිය ගොඩ ගැනීමට කවදාවත් බැහැ. අපි පොඩි උදාහරණයක් ගනිමු.  තෙල් හිඟ වූ විට පීඩිත (සහ පල්ලෙහා මධ්‍යම පන්තිය) නියෝජනය කරන මිනිස්සු හැසිරෙන්නේ කොහොමද? ත්‍රීවීළර් හයර් කරන අය මොන තරම් තෙල් ඇද්දද, ශෙඩ් වල මරා ගත්තද, හයර් රස්සාව නවත්තල ඊටවඩා පහසු කළු කඩයට  තෙල් විකිණීමට පටන් ගත්තද, දැන් රටේ තෙල් ප්‍රශ්නය විසඳෙනවට (සහ ඒ මඟින් කළු කඩ ජාවාරම නවතිනවට) ඔවුන් කොච්චර අකමැතිද කියන කාරණා  ඇමරිකාවෙ ඉන්න මම ලන්කාවේ ඔබට අමුතුවෙන් කිව යතු නැහැ. ඔන්න ඕකම තමයි වමේ දේශපාළනයෙන් පීඩිත පන්තියට සිදු වන්නේ. රස්සාවක් කරල ජීවත් වෙනවට වඩා සහන ලබාගෙන නිකම් ඉන්න, සහන ලැබෙන යාන්ත්‍රණය අවභාවිතා කරල තව තව නිකම් දීමනා ගන්න, සහන වලට රණ්ඩු වෙලා මරා ගන්න, යාන්ත්‍රණය අවභාවිතා කරල  ලැබෙන අමතර දේවල් කළු කඩේ විකුණන්න වගේ සිස්ටම් එකක් හැදෙනව මිසක කවදාවත් සහනාධාර දීල ඒ මිනිස්සුන්ව ගොඩ නගන්නට බෑ. 

අනිත් කාරණය තමයි සුභසාධනයට ලැබෙන කිසිම දෙයක් නොමිලේ ලැබෙන්නෙ නෑ, ඒවාට කවුරැමහරි ගෙවල තියෙනවා. අපේ රටේ නිදහස් අධ්‍යාපනය නොමිලේ කිව්වත් එයට ගෙවන්නේ මහජනතාව, සෞඛ්‍යයත් නොමිලේ කිව්වත් එයට ගෙවන්නේ මහජනතාව, අර බෙදපු පන්දාහේ සහනාධාරයට ගෙව්වෙත් මහජනතාව වන ඔබම තමා.  ඉතින් දියුණු රටවල මිනිස්සු හරිම අකමැතියි මේ නොමිලේ දෙන ඒවට. කොවිඩ් කාලේ ඇමරිකාවේ මිනිස්සුන්ට ඩොලර් 2600ක උපරිමයකට යටත්ව සහනාධාරයක් රජයෙන් ලැබුනා, ඔබ පුදුම වේවි ඇමරිකාවේ මධ්‍යම පන්තියේ මිනිස්සු මොනතරම් අකමැති උනාද කියල සහනාධාරය ගන්න. ඔවුන් කිව්වේ මේක අපට ගෙවන්නේ අපේ පොකැට්ටුවෙන්මයි, මේකට සල්ලි අච්චු ගහල උද්ධමනයක් ඇති වෙනවට වඩා මේක නොදී ඉන්න එක හොඳයි,  ඒ නිසා අපට එපා කියල. ඔබේ සාක්කුවෙන් ඇදල ඔබටම බෙදනවා. ඇත්තම කතාව තමා මධ්‍යම පන්තියෙන් හූරල පීඩිත පන්තියට බෙදනවා (මොකද ඔය සහනාධාර වලට ගොඩක් වෙලාවට මධ්‍යම පන්තිය එලිජිබල් නෑ).  


දුප්පත් මිනිස්සු දළ වශයෙන් කාණ්ඩ දෙකක් ඉන්නවා. පළමු කාණ්ඩය නම් තමන්ගෙ පවුල් පසුබිම, රටේ ප්‍රශ්න, අසනීප වැනි තමන්ට පාලනය කල නොහැකි කාරණා නිසා  දුප්පත් වෙච්ච මිනිස්සු. මේ දුප්පත් මිනිස්සු දුප්පත් කමෙන් ගොඩ එන්නට අත හිතක්, උදව්වක්, අවස්ථාවක් දුන්නොත් මහන්සියෙන් වැඩ කරල ඒ තත්වයෙන් ගොඩඑන ප්‍රමාණය වැඩියි. අනිත්  කාණ්ඩය නම් කපටි කම්මැළි නාර්සිසිස්ට් දුප්පත්  මිනිස්සු ටිකයි. මෙයාලට  තියෙන ඇටිටියුඩ් එක අනුව මහන්සියෙන් වැඩ කරල දුප්පත්කමෙන් ගොඩඑන අදහසක් නෑ. සහනාධාර මානසිකත්වය වැඩිපුරම තිබෙන්නේ මෙම කාණ්ඩයේ දුප්පතුන්ට. මධ්‍යම පන්තියේ මිනිස්සු අමාරැවෙන් සාධාරණව හොයන සල්ලි ඔවුන්ගේ සාක්කුවෙන් ඇදල දෙවන කාන්ඩේ දුප්පත්  මිනිස්සුන්ට බෙදුවා කියල රටකට වන සෙතක් නෑ, හැබැයි දේශපාලකයන්ට ඔවුන්ගේ ඡන්දය ලැබෙනවා. 

ප්‍රධාන දේශපාළන පක්‍ෂ දෙක ඊට වඩා කපටියි. ඒ ගැන කතා කරන්නට වචන නාස්ති කිරීමත් අපාරාදෙ නිසා නිකම් ඉන්නවා.
 

ලන්කාවේ මධ්‍යම පන්තියට කෙළ වුනේ (සහ එම නිසා රටටම කෙළ වුනේ) මධ්‍යම පන්තියේම තක්කඩි කම නිසා. එම තක්කඩිකම් වල අවසාන ප්‍රතිපලය උනේ රසික ජයකොඩිගේ වචන වලින් මෙන්න මේක;

"ලෝකයේ දියුණු වුණු හැම රටකට ම මූලික වටිනාකම් හෙවත් founding principles කියලා ජාතියක් තියෙනවා. 
කිසිම දෙයක් නිසා තමන් ගේ රටේ මේ 'මූලික වටිනාකම්' නැති කරගන්න ඔවුන් සූදානම් නැහැ. 
උදාහරණයක් විදියට ජර්මනිය කියන රට නිරවද්‍යභාවය (precision) කියන එක තමන් ගේ මූලික වටිනාකමක් විදියට සළකනවා. ජර්මනියේ හදන වාහනයක වුණත්, යන්ත්‍රයක වුණත්, ඔවුන් ගේ එදිනෙදා ජීවිතය තුළ වුණත් මේ 'නිරවද්‍යභාවය' කියන මූලික වටිනාකම ඔවුන් රැකගන්නවා. 
ඉන්දියාව මොන තරම් ප්‍රශ්න තිබුණත් සමානාත්මතාව තමන් ගේ මූලික වටිනාකමක් විදියට ආරක්ෂා කරනවා. ඉතා ම සුළුතර භාෂාවක් වන වංග භාෂාවෙන් ලියවුණු ගීතයක් ඉන්දියාවේ ජාතික ගීය වන්නේ ඒ නිසයි. සීක් ජාතිකයෙකුට ඉන්දියාවේ අගමැති වෙන්න පුළුවන් වුණේ, ගෝත්‍රික ප්‍රජාවේ කාන්තාවකට ජනපති වෙන්න පුළුවන් වුණේ, මුස්ලිම්වරයෙකුට ඉන්දියාවේ ජනපති වෙන්න පුළුවන් වුණේ ඒ නිසයි. 
සිංගප්පූරුවේ මූලික ම වටිනාකම වන්නේ ‘meritocracy’ හෙවත් නිපුණතාව ඉහළ ම සුදුසුකම වීමයි. සිංගප්පූරුවේ ඕනෑම ඉහළ තනතුරක් ලැබෙන්නේ නිපුණතාවට සහ කුසලතාවට මිස හිතවත්කමටවත්, යාළුකමටවත්, නෑදෑකමටවත්, දේශපාලන සම්බන්ධතාවලටවත් නෙවෙයි. 
එතකොට අපේ founding principles මොනවද? 
අපි කාලයක් තිස්සේ අපේ 'මූලික වටිනාකම්' කරගෙන තියෙන්නේ හොරකමයි, බොරුවයි, වංචාවයි නේද? එතැනින් එහාට වෙන කිසිම දෙයක් නැහැ නේද? නම්බර් ප්ලේට්වලට තෙල් ගහන ක්‍රමයක් ගෙනාවොත් පැය දෙකක් යන්න කලින් ඒකටත් හොර කරන ක්‍රමයක් අපි හොයාගන්නවා නේද? පෙට්‍රල් පෝලිමේ නවත්තලා තියන වාහනවලිනුත් බට දාලා තෙල් ඇදලා හොරකම් කරනවා නේද? ඔෆිස් එකක නම් හාෆ්ෂීට් කොළයේ ඉඳන් හොරකම් කරනවා නේද? 
ඒ වගේ රටක පාලකයන්, රාජ්‍ය නිලධාරීන් කෝටි ප්‍රකෝටි ගණනින් හොරකම් නොකර ඉඳියි කියලා ඔබ හිතන්නෙ කොහොමද?
හොරකම, බොරුව සහ වංචාව තමන් ගේ මූලික වටිනාකම් කරගත්ත රටක් බංකොළොත් නොවී තියෙයිද? කඩා නොවැටී තියෙයිද? විනාශ නොවී තියෙයිද?
අඩුතරමේ දැන්වත් අපි මේ ප්‍රශ්නයේ සුලමුල කොතැනද කියලා ගැඹුරින් හිතන්න පටන් ගනිමු.."


රසික කියන මේ මූලික වටිනාකම් හෙවත් founding principles ඒ රටවල මේන්ටේන් කරන්නෙ මධ්‍යම පන්තිය විසින්. ලන්කාවේ මධ්‍යම පන්තිය එවැනි වැලියුස් මේන්ටේන් කලේ නෑ වගේම පුළුවන් තරම් හොර මැර වන්චා කරමින් රටේ කෝර් වැලියුස් විනාශ කලා. මම පොඩි උදාහරණයක් ගත්තොත්, පාරක යන කාන්තාවක් වීදි හින්සනයට ලක් කරන පීඩිත පන්තියේ නූගත් මිනිසෙකුට (ඒ මනුස්සය එහෙම කරන්නෙ දුප්පත්කම මත ඇති වූ ලිoගික අසහනය, සමාජ වෛරය, ඊර්‍ෂ්‍යාව, හොඳ සිරිත විරිත් කියල දෙන්න අම්මෙක් අප්පෙක් නැති කම, ඒ මනුස්සය ජීවත් වෙන පරිසරයේ ඇති අන්සිවිලයිස්ඩ් කම, ගෑනුන්ට තබා කාටවත් ගරැ කරන්නට ඉගැන්වීමක් නොලැබීම වගේ අටෝරාසියක් හේතු නිසා) විරැද්ධ වන මධ්‍යම පන්තියක් දියුණු රටවල ඉඳිද්දී සදාචාරය ඔළුව උඩ තියාගත්ත ලන්කාවේ මධ්‍යම පන්තිය එවැනි අවස්ථාවක ඊට සෙට් වී  ආතල් එකක් ගෙන එතැනින්ද නොනැවතී අර පීඩිත පන්තියේ නූගත් මිනිසාගේ හැසිරීම අනුකරණය කරන්නට ගන්නවා. කාන්තා වීදි හින්සනය අද පීඩිත හා මධ්‍යම පන්ති දෙකම හරි හරියට කරනවා. තවත් උදාහරණයක් තමයි හොරකම. පීඩිත පන්තියේ නූගත් සුළුසේවක මිනිසෙකු කාර්‍යාළයක හාෆ්ශීට් බන්ඩලයක් සොරකම් කරන්නේ මුදල් අහේනිය නිසා වුනත් ඔහුගේ මධ්‍යම පාන්තික බොස් හාෆ්ශීට් බන්ඩලයක් සොරකම් කරන්නේ අසීමිත කෑදරකම නිසා. ඒ බොස් ගේ හැසිරීම දකින පීඩිත පන්තියේ නූගත් සුළුසේවක මිනිසා තව තවත් සොරකම් කර තම සොරකම්  සාධාරණීකරණය කර ගන්නවා, සල්ලි තියෙන බොස්ට හොඳ නම් සල්ලි නැති මම කලාම මොකද කියල.  වෙනත් වචන වලින් කිව්වොත් මධ්‍යම පන්තියට බැරි උනා පීඩිත පන්තිය හරි ට්‍රැක් එකට ගැනිමට සහ ඊටත් වඩා නරක දේ තමා පීඩිත පන්තිය  තම නූගත්, uncivilized,  නොදන්නා කම නිසා කරන කැත වැඩ ඒවා කැත වැඩ බව දැන දැනම තමන්ගේ කෑදරකම නිසා educated, civilized මධ්‍යම පන්තියත් කරන්නට පටන් ගත්තා.

ලන්කාවේ මධ්‍යම පන්තිය මේ තරම් තක්කඩි වූයේ ඇයි? මේ සඳහාද  ලන්කාවටම ආවේණික හේතු ගණනාවක් තියෙනවා. ඒ අතරින් කීපයක් කතා කරමු. 

1. බුද්ධ දර්ශනය විනාශ වී බුද්දාගම නම් විකෘතිය සමාජගත වීම ලන්කාවටම ආවේණික එක ප්‍රධානම හේතුවක්. ඒ අනුව  බුද්දාගමේ පූජකයන් අති මහත් බහුතරය බුද්ධ දර්ශනයට සම්පූර්ණයෙන්ම ප්‍රති විරැද්ධ ලෙස හැසිරීම බුද්දාගමේ ගිහියන්ටද බුද්ධ දර්ශනයට සම්පූර්ණයෙන්ම ප්‍රති විරැද්ධ ලෙස හැසිරීමට උදව්වක් උනා. අද වන විට බුද්දාගමේ ගිහියන් එහෙටත් නැති මෙහෙටත් නැති තමන් කැමති කැමති දුසිරිත් වල යෙදෙමින් ඒවා සාධාරණීකරනය කර ගන්නා අපත රැළක්. අර සමහරක් වනචර පිරිමි රට වටේ යන ගමන් ට්‍රෝෆි වයිෆ් කෙනෙක්ව මේන්ටේන් කරනව වගේ බුද්දාගමේ ගිහියන් ලෝකෙම මිත්‍යාවන් සහ දුසිරිත් පස්සේ යන ගමන් බුද්දාගම කියල එකක්  ට්‍රෝෆි ආගම විදියට ලෝකෙට පෙන්නගෙන ඉන්නවා. පුළුවන් තරම් සරළ ලෙස ජීවත් වෙන්න උගන්නන දර්ශනයක් අදහනවය කියන මිනිස්සු ණය වෙලා තරැ හෝටල් වල කසාද බඳිනවා, ණය වෙවී තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා ලොකු ගෙවල් හදනවා, බිම් අඟළකට සහෝදරකම් අතහරිනවා මිනී මරා ගන්නවා. පුළුවන් තරම් සරළ ලෙස ජීවත් වෙන්න උගන්නන දර්ශනයක් අදහනවය කියන ලoකාවේ මධ්‍යම පන්තියේ තියෙන අසීමිත කෑදරකම තවත් වෙන රටවල මධ්‍යම පන්තියේ මිනිසුන්ගේ දැකල නෑ,.

2. ලන්කාවේ මධ්‍යම පන්තිය අධික ලෙස බෙදී වෙන්වී තම කුළකය උසස් යැයි හිතන ගොබ්බ මානසික තත්වය. ලoකාවේ මධ්‍යම පන්තිය කුළය, ජාතිය, ආගම, අධ්‍යාපන මට්ටම, රැකියාව, පාසැළ, පළාත, ලිoගිකත්වය, ඇඳුම පැළඳුම, දේශපාලන හිතවත්කම් ආදී නොයෙක් සාධක මත බෙදී සිටින, තමන්ට වඩා අනිකා ඒ නිර්ණායක වලට අනුව ඉහළින් සිටී නම් අධිකව ඊර්‍ෂ්‍යා කරන සහ තමන්ට වඩා අනිකා ඒ නිර්ණායක වලට අනුව පහළින් සිටී නම් අධිකව පහත් කරන, මේ නිසා කිසිම දෙයක් පොදු එකඟතාවයකින් කරගන්න බැරි තත්වයට පත් වී තිබීම සහ පොදු එකඟතාවක් ඇති උනත්  ඇති වන්නේ වැරදි සාධක මත පදනම් වී නිසා ඒවා වැරදි තීරණ වීම (ජාති ආගම් වාදී පොදු එකඟතාව අනුව ගෝටා ජනපති වීම) . 

3. ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලනය, මානව හිමිකම්, ආර්ථික විද්‍යාවේ මූලධර්ම ආදී තමන්ගේ ජීවිතයට ඝෘජුවම බලපාන සoකල්ප ගැන මෙලෝ අල බෝලයක් නොදැන තමන්ගේ සිහින ලෝකවල හින්දි චිත්‍රපට, මෙගා කසිකබල් ආදිය බලමින් ජීවත් වන අමු ගොබ්බ මධ්‍යම පන්තියක් බිහි වීම. අධ්‍යාපන ක්‍රමයේ ගැටළු, ළමයි හැදීමේ ක්‍රමයේ ගැටළු, මුල් ළමා විය සoවර්ධනය නොවීම, විද්ුත් මාධ්‍ය වල පරිහානිය ආදී කරැණු මීට බලපා ඇත.

4. තමන්ට ලැබෙන ක්‍ෂණික කුඩා වාසියක් වෙනුවෙන් දිගුකාළීනව තමන්ගේ සමාජයට බලවත් අවාසියක් හානියක් සිදු වන කටයුතු වල යෙදීමට තරම් දුර දක්නා නුවණක් හෝ විනයක් හෝ ගමට රටට කිසිම ආදරයක් නැති  මධ්‍යම පන්තියක් බිහි වීම. අධ්‍යාපන ක්‍රමයේ ගැටළු, ළමයි හැදීමේ ක්‍රමයේ ගැටළු, මුල් ළමා විය සවර්ධනය නොවීම, ආදී කරැණු මීට බලපා ඇත.

5. බියසුළු, නිවට, රැල්ලට වැඩ කරන, හරි මාර්ගය තෝරා ගැනීම වෙනුවට තමන්ට පහසු මාර්ගය තෝරා ගැනීම කරන, මළාට තමන්ගේ කොම්ෆර්ට් සෝන් එකෙන් පිටට යන්නැති මධ්‍යම පන්තියක් බිහි වීම.

6. ලකාවෙ මධ්‍යම පන්තියෙ මිනිස්සුන්ගේ මම දැකපු ආවේණිකම ගතියක් අනීෂා ජයකොඩිගේ වචන වලින් පහත දක්වල තියෙන්නේ.  

" තමන් දිනන්න ඕනේ ඒ වගේම අනිත් එකා පරදින්නත්  ඕනෙ, අන්න එතකොට තමයි  එයාලට සතුටු...
මමත් ලස්සන වෙලා  එයත් ලස්සන වුනොත් ඉතිං ඒ ලස්සනෙන් වැඩක් නැහැ,
මම  ලස්සන වෙලා අනිත්  හැම එකාම  කැතම කැත වෙන්න ඕනෙ ,අන්න එතකොට හරි.
මම ධනවත් උනාට විතරක් මදි, 
මම ධනවත් වෙලා වටේ ඉන්න ඔක්කොම හිඟමනේට වැටෙන්න ඕනෙ.
මම ගෙවල් හදලා වාහන ගත්තා වගේ අල්ලපු ගෙදර එකාටත් ගෙවල් වාහනතියනවා නම් වැඩක් නැහැ,
අපි මන්දිර වල ඉඳලා වාහන වල යනකොට අල්ලපු ගෙදර එකා බඩගාගෙන යන්න ඕනේ ,අන්න එතකොට තමයි සතුටු වෙන්න පුළුවන් .
කොටින්ම කිව්වොත්,  තමන්ගෙ ළමයා විභාගෙ පාස් වුනාට මදි. තමන්ගේ එකා පාස් වෙලා එහා ගෙදර එකා වැඩ ඔක්කොම ෆේල් උනොත් තමා, හිතට හොඳ.
නැතුව අපේ එකයි අනිත් එකයි දෙන්නම පාස් නම් ඒ විභාග පාස් විල්ලේ ඇති වැඩක් නැහැ.
තමන්ට කිරි කල හතම උතුරලා වටේ ඉන්න ඔක්කොටම කැඳ ත් නැති වෙන දවසට තමයි එයාලට නින්ද යන්නේ
මොකද සතුට විඳින්න දන්න මිනිස්සු අනිත් එකාගෙ සතුටට කෙළ හල හල ඉන්නේ නැහැ,
කියන්න කණගාටුයි එහෙම මිනිස්සු ඉතින් මැරෙනකම්ම සතුට හොයනවා විතරයි ,�� කවදාවත් හම්බෙන්නේ නම් නැහැ ...අපරාදෙ විඳවලම මැරිලා යනවා."



7. "ලංකාවේ මිනිස්සුනට මොනවා නොතේරුණත් කපටි කම් කටකපලා හොරකම් උපතින්න්ම පිහිටනවා , එක එහෙම උනේ , අද මහා මිනිස්සු වෙලා ඉන්න මිනිස්සු ,පොඩි දරුවෝ කාලේ ඉඳලා දැක්කේ ,ඇහුවේ අත් දැක්කේ දේශපාලන හොරකම , ජඩකම , අල්ලස,පගාව ,හොරකම  ම විතරයි . 
ඒ වගේ විෂ පිරිච්ච සමාජෙක ලොකු මහත් වෙනකොට අවස්තාවාදී  කපටිකම් ලේ වලටම කා වැදෙන එක දුක් වෙන්න කාරණාවක් උනාට ලොකුවට පුදුම වෙන්න දෙයක් නෙමෙයි" .-අනීෂා ජයකොඩි (https://www.facebook.com/search/top?q=anisha%20jayakody)





Sunday, July 17, 2022

ජෝකර්ල ලීීඩර්ල කර අරගලය සර්කස් එකක් නොකරන්න.

 ගෝල්ෆේස් එකට මුලින්ම ආපු, කිසිම පෞද්ගලික වාසියක් නොබලා පාරට බැහැපු, වෙඩි කාපු, ගුටි කාපු මිනිස්සුන්ගේ අභිලාෂ අමු අමුවේ විනාශ කර දමමින් දැන් ගෝල්ෆේස් එක අල්ලගෙන ඉන්න ඉන්න සෙල්ෆ් ප්‍රොක්ලේම්ඩ් ලීඩර්ල ගැන්සිය ගැන මට බරපතල විවේචනයක් තියෙනවා. 


ගෝල්ෆේස් අරගලකරැවන්ට සෙල්ෆ් ප්‍රොක්ලේම්ඩ් ලීඩර්ල ගැන්සිය නිසා අරගලය කෝඩිනේට් කරගෙන අවම සහයෝගයෙන්වත් කටයුතු කරන්න  බැරි බව පේනවා. අරගලයේ තීරණාත්මක මොහොතකදී, ඔනරබල්ලා  රැට්ටා ඇතුළු සෙල්ෆ් ප්‍රොක්ලේම්ඩ් ලීඩර්ල ගැන්සිය පාර්ලිමේන්තුව වටලන්න ජවිප හදද්දී, ටී වී චැනල් වලට වොයිස්කට් දීල ඒක කරන්න එපා කියල, (ජවිපට ගූ බය නිසා හෝ ඩීල් එකක් නිසා) ඉතාමත් තක්කඩි ලෙස ජවිප බේරල පැතුම් කර්නර්ව ඒකට චෝදනාවට ලක් කරන්නේ "මේ වැඩෙන් මොනවහරි නරකක් සිද්ධ උනොත් පැතුම් කර්නර් වග කිව යුතු බව" කියමින්. මීට පෙර මිනිස්සු ජනාධිපතිගෙ ගෙවල්/ කාර්‍යාල, අගමැතිගෙ ගෙවල්/ කාර්‍යාල වටලද්දි අරගලයේම මිනිස්සු කිසිම වෙලාවක වොයිස්කට් දිදී මොනවහරි නරකක් සිද්ධ උනොත් රැට්ට/ජවිපෙ/මුදලිගේ අරය මෙයා වග කිව යුතු බව කියමින් ඩඟා නටමින් අරගලය පාවා දුන්නේ නෑ. ඒ සිද්ධි වලින් මිනිස්සු මැරැණා, කවුරැවත් මරණ වලට වගකිව්වද? අනිත් අතට එහෙම වගකියන්න අරගලයට එන මිනිස්සුන් එකා ගානෙ ලිට්මස් පරීක්‍ෂාවකට ලක් කරන්නෙ නෑනේ. අරගලයට එන ඇතැම් මිනිස්සු බීගෙන එනව, මරාගෙන මැරෙන්න හිතන් එනව, අල කරන්න එනව, පට්ට ඩිප්‍රෙස් වෙලා එනව, ඒ නැතත් කවුරැත් කියනදේ අහන්නැතුව එවෙලෙ තීරණ ගන්නව, ඒ නිසා අරගලවලදී අරය මෙයා වග කිව යුතු නෑ. කවුරැහරි එහෙම හිතනව නම් මිරිහානෙ ඉඳලම පටන් අරන්, මැරැණ, ආබාධිත උන, අලාභහානි උන, සියලු ජීවිත හා දේපල වල වගකීම් බාර ගත යුතුයි. එවිට, ඒවාට රැට්ටාටත් අනිවා වගකියන්නට වෙනවා. අනිත් අතට,එදා පාර්ලිමේන්තුව වටලන වැඩේ හරි ගිහින් අද ජනතාව අපේක්‍ෂා කරන රජයක් ලැබුනා නම් පැතුම් කර්නර් එතන හිටියෙ නෑ කියල හරි මිනිහව කපල  ඒ ක්‍රෙඩිට් එක තනියම ගන්නත් ඔතන බලු පොරයක් ඇති වෙනවා. මන්දිරයේ ඒ සී රෑම් එකට කුළල් කාගෙන පිහි ඇනුම් කර ගත්ත අයියලනෙ. 


අනිත් අතට,එදා  තව ඩිලාන්ද මොකාද කියන ගොබිලෙක් සමහර චිත්‍රපටි වල හා ත්‍රස්තවාදී සoවිධානවල ඉන්න ත්‍රස්තවාදියො වගේ රජයේ ටී වී චැනල් අල්ලා ගැනීම සම්පුර්ණයෙන්ම වැරදියි. රනිල් ඒක හරියට පාවිච්චි කලා නම් මිනිසුන්ට වෙඩි තියල ජාත්‍යන්තරයට පවා ජස්ටිෆයි කල හැකිව තිබුන කියල හිතෙනව. මේ වැඩෙන් මොනවහරි නරකක් සිද්ධ උනොත් වග කිව යුතු අය නම් කරල ඔනරබල්ලා රැට්ටා වොයිස් කට් නොදීම ගැටළුවක්. එය අරගලයට ලොකු කළු පැල්ළමක් එක් කලා, මොකද එය ත්‍රස්තවාදී ක්‍රියාවක්. හැබැයි ඔනරබල්ලා රැට්ටාස්ට තමන්ගෙ ගජ මිතුරැ කල්ලිය මොන බලු වැඩක් කලත් කිසි අවුළක් නෑ. ඔරිජිනල් අරගලය පටන් ගත්තෙම මේ පවුල් වාදය/ගජ මිතුරැ වාදය/කල්ලි වාදයට විරැද්ධව, නමුත් කියන්න කණගාටුයි දැන් අරගලය පට්ටම කල්ලිවාදීයි. 


ඔක්කෝටම කලින් අරගල භූමියේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවද? දැන් ඔතන  ටී වී ඉන්ටර්විව් යන්න, දේශපාලකයන් සමඟ නෙගෝෂියේට් කරන්න වගේ දේවලට නියෝජිතයො තෝරන ක්‍රමය ඔතන නියෝජනය කරන මහජනතාව දන්නවද, ඔතන නියෝජනය කරන මහජනතාව  බහුතර කැමැත්තෙන් තෝරපු අයද,  නියෝජිතයෙකු ගැන ගැටළුවක් ආවොත් ඉවත් කරන ක්‍රමවේදය මොකක්ද (ගහල පැන්නීම හැර, ප්‍රජාතන්ත්‍රවාදීව). කොටින්ම අරගල භූමියේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවද? අරගලයෙන් අප බලාපොරොත්තු උනේ ප්‍රජාතන්ත්‍රවාදය  ශක්තිමත් කිරීම උනාට අරගලභූමියේ පාර්ලිමේන්තුව තරම් වත් ප්‍රජාතන්ත්‍රවාදය නෑනෙ. හරිනම්  ටී වී ඉන්ටර්විව් යන්න ඕපන් සෙල්ෆ් නොමිනේෂන් වලින්  ඉල්ලන්න ඉඩදීල ඒ ඉල්ලපු අයව ඉන්ටර්විව් කරල, අරගලයට කරපු කොන්ට්‍රිබියුෂන් එකට, ඡන්දයක් තියල ඒකෙ ඡන්ද ප්‍රමාණයට, අනිකුත් සුදුසුකම් වලට වැඩි ලකුණු ගන්න අයව යැවීමයි. (ප්‍රසන්ටබල් වීම සහ අවම කොග්නිටිව් ස්කිල්ස් වත් තිබීම අවශ්‍යයි, අන්තිමට උනේ ඔනරබල්ල රැට්ට වගේ බග් බග් ගාන, වාක්‍යයක මුළ මැද අග ගලප ගන්න බැරි, තර්කාණුකූළව කතා කරන්න බැරි එවුන් ටී වී ඉන්ටර්විව් යෑම මඟින් එයින් බලාපොරොත්තු වන ප්‍රතිපල නොලැබීමයි). ඒ වගේම ටී වී එකට වොයිස්කට් දෙන්නේ කවුද, මොන වගේ අවස්ථා වලද වගේ කාරණා ගැන පොදු එකඟත්වයක්, සාමූහික වගවීමක් අවශ්‍යයි. අවම විනයක් අවශ්‍යයි. මේ එකක්වත් ඔතන නැති බවයි පේන්නෙ. හැබැයි කතා කරන්නෙ රට හදන්න.


සර්වපාක්‍ෂික අරගලකරැවො ටිකක් දේශපාලකයන් සමඟ නෙගෝෂියේට් කරපු මීටිමේ හැම පක්‍ෂයකම අරගලකරැවො නියෝජනය උනේ නෑ, හිටපු අරගලකරැවො මොකා මොන පක්‍ෂයේද, තෝරගත්තේ මොන සුදුසුකමටද, මහජනතාවට තමන්ගෙ ගැටළු ඒ අරගලකරැවො හරහ දේශපාලකයන්ට කියන්න හැකි උනාද මේ මොකවත් පැහැදිලි නෑ, මේව පට්ටම ප්‍රජාතන්ත්‍රවිරෝධීයි.


 මෝටිවේෂන් අප්පච්චිට සල්ලි හොරකම් කරනව කියල ඔතනින් එළවීම, අරගලකරැවන් රටේ හදනවයි කියන සිස්ටම් චේන්ජ් එකට සම්පූර්ණයෙන්ම විරැද්ධයි. හරිනම් කරන්න තිබුනේ පොලිස් පැමිණිල්ලක් දාල, අධිකරණ තීන්දුවක් ලැබෙනකම් මෝටිවේෂන් අප්පච්චිට වරදකරැවෙකු ලෙස නොසැළකීම නේද? ඒක නේද සිස්ටම් චේන්ජ් (enforcing law and order, one country one law for  real) එක. එතකොට රැට්ටද මැට්ටද ගොට්ටද කියන සෙල්ෆ් ප්‍රොක්ලේම්ඩ් ලීඩර්  කැළෑ උසාවියෙ නඩු අහල, කැලෑ නීතිය අනුව මෝටිවේෂන් අප්පච්චි ගහල පැන්නීම සහ වොයිස් කට් දිදී මඩ ගැසීම හරිද? 


භාෂණයේ නිදහස අරගලකරැවන් රටේ හදනවයි කියන සිස්ටම් චේන්ජ් එකට අයිති වැදගත් අoගයක්නේ. නමුත් ඒකට සම්පූර්ණයෙන්ම විරැද්ධව පැතුම් කර්නර් කතාවක් කරද්දි රැට්ටද මැට්ටද ගොට්ටද කැළෑ උසාවියෙ නඩු අහල කැලෑ නීතිය අනුව ගහල පැන්නීම හරිද? නාගානන්දටත් ගහන්න ඉන්න බව අපට ආරචි උනා. ගෝල්ෆේස් එක එහෙම නීතියෙන් වරදකරැවන් නොවූ පුද්ගලයන්ට නෝ ගෝ සෝන් එකක් වීම ගෝල්ෆේස් එකට මුලින්ම ආපු, කිසිම පෞද්ගලික වාසියක් නොබලා පාරට බැහැපු, වෙඩි කාපු, ගුටි කාපු මිනිස්සුන්ගේ අභිලාෂ අමු අමුවේ විනාශ කර දැමීමක්. ඔය හදනවයි කියන රටේ මොඩල් එක ගෝල්ෆේස් වල හදපල්ල බලන්න. දැන්නම් එතන තියෙන්නෙ මාෆියා කල්ලි දෙක තුනක් උන්ගෙ නූගත් මැරයො දාල පක්‍ෂ සමඟ ඩීල් දාල කරගෙන යන මගඩියක් සහ මේ මුකුත් ඇනලයිස් කර ගන්න බැරි මෝඩ ජනතාවක්. 


 ඔය ලොකු ෆොලෝවර්ස්ල ගණනක් සහිත මම රැඩිකල්, මම කඩේ යන්නෑ, මමනම් එහෙම නෑ කියන එකම සමාජ මාධ්‍ය ඔස්තාර් කෙනෙක්වත් තමන්ගේ ලාභ ප්‍රයෝජන නැති වේ යන බයට මේ කාරණා ගැන කතා නොකර පැතුම් කර්නර්ට පඩයක් ගියත් ඒකට පල් හෑළි ලියමින් සිටිනවා.  ගෝල්ෆේස් එකේ වනචර ගැන්සියක කැලෑ නීතිය පවත්වගෙන යන ගමන් ඒ වනචර ගැන්සියම රටේ සිස්ටම් චේන්ජ් කරන්න කතා කිරීම තරම් විහිළුවක් තවත් නෑ.  අන්තිමේදි උනේ අපෝ මේ අන්සිවිලයිස්ඩ් කාළකණ්නිට වඩා රනිල් හොඳයි යන මතය මිනිස්සු තුළ ඇති වීමයි. ජෝකර්ල ලීීඩර්ල කර අරගලය සර්කස් එකක් නොකරන්න.

Friday, July 15, 2022

ඩීල් කාරයෝ- 2

චාන්‍යා හේරත් පැතුම් කර්නර් ගැන පළ කරපු පෝස්ටුවක් ගැන මම දේවානි ජයතිළක මහත්මියව දැනුවත් කළ පසු ඇය ඒ ගැන ඇයගේ සමාජ මාධ්‍යවල පළ කල අදහස් පහත තියෙන්නේ. රට හදන්න හදන චාන්‍යා හේරත්ල ගේ කොළිටි එක කොච්චරද කිව්වොත් දේවානි ජයතිළක මහත්මියගේ නම  පෝස්ටුවේ මඩ ගැසීමට පාවිච්චි කලාට ඒ මනුස්සයටවත් කොමෙන්ට් කරන්න බැරි වෙන්න තමයි සෙටිඞ්ස් හදල තියෙන්නෙ, ඒ තරම් දියුණු ආචාර ධර්ම චාන්‍යා හේරත් ලට තියෙන්නෙ. පැතුම් කර්නර් ඩීල් කාරයෙක් වෙන්න ඇති. නමුත්  චාන්‍යා හේරත් ගෙ ඩීල් දැමිල්ල හොඳ වෙන්නයි පැතුම් කර්නර්ගෙ ඩීල් දැමිල්ල වහකදුරැ වෙන්නයි බෑනෙ. 

පැතුම් කර්නර්ව මම ඕනෙ තරම් විවේචනය කරල තියෙනව. මම පෙනී ඉන්නෙ පැතුම් කර්නර් වෙනුවෙන් නෙමේ,   පැතුම් කර්නර් විසින් ඇති කරන්න හදන දේශපාලන සoස්කෘතිය වෙනුෙවෙන් මම පෙනී ඉන්නෙ. මේ ලකාවේ උගත්, ඉහළ මධ්‍යම පන්තියේ, දේශපාලන පවුළකින් පැවත නොඑන, මිනිස්ුන්ට දේශපාළනයට පිවිසීමේ අයිතිය ඒ දේශපාලන සoස්කෘතියයි. මෙච්චරකල් උනේ ප්‍රධාන පක්‍ෂ දෙක උන්ගේ මජර දේශපාළනය පරවේණි බුක්තිය සහ ජවිපෙ/පෙරැට්ටන්ගේ ලුම්පන් දේශපාලනයි. මේ දෙකම ආත්මගෞරවයක් තියෙන, රට තොට දැකපු, උගත්, හොඳ රස්සා කරන, කාටවත් අතපාන්න යන්නැති, දෙකට නැමෙන්නැති,  ඉහළ මධ්‍යම පන්තියේ, දේශපාලන පවුළකින් පැවත නොඑන මිනිසුන් පය ගහන්න අකමැති දේශපාලන සoස්කෘති. ඒ දේශපාලන සoස්කෘති වලට අනුගත වෙන්න නම් ආත්මය යක්‍ෂයාට විකුණන්න වෙනවා, බලන්න ජී එල්, අමුණුගම, විතාරණ, ආශු වගේ එවුන් කොච්චර උගත් උනත් සොම්බි වෙලා ඉන්න හැටි. 

ඉතින් කාලයක් ආත්මගෞරවයක් තියෙන රට තොට දැකපු උගත් හොඳ රස්සා කරන කාටවත් අතපාන්න යන්නැති දෙකට නැමෙන්නැති  ඉහළ මධ්‍යම පන්තියේ, දේශපාලන පවුළකින් පැවත නොඑන මිනිසුන් අපි හම්බ කලොත් අපි කනවා න්‍යායය අනුගමනය කලා, මොකද ඔවුන්ට වෙන විකල්පයක් නෑ ඇත්තටම. ඒකයි මට පැතුම් කර්නර් විසින් ඇති කරන්න හදන දේශපාලන සoස්කෘතිය වැදගත්. පැතුම් කර්නර් ට මේ වෙනකොට සියලුම පක්‍ෂ හා ඒවායේ බළල් අත් වලින් තනි කරල, වට කරල, කල්ලි ගැහිල, පහර දෙනව. ඒ අතර ප්‍රධාන මජර පක්‍ෂ දෙක, ජවිපෙ, පෙරැට්ටො, අරගලයේ කම්පීට් කරන උන්, මේ හැමෝගෙම ඩීල් කාරයො, සමාජ මාධ්‍ය වල රඟන එවුන් සහ   මෙකී නොකී සියල්ලෝම පොදු සතුර විදියට සළකන්නේ කර්නර්. මොකද ආත්මගෞරවයක් තියෙන රට තොට දැකපු උගත් හොඳ රස්සා කරන කාටවත් අතපාන්න යන්නැති දෙකට නැමෙන්නැති , ඉහළ මධ්‍යම පන්තියේ, දේශපාලන පවුළකින් පැවත නොඑන මිනිසුන්  දේශපාළනයට ඒම මේ හැමෝගෙම අවසානය නිසා. ආයෙත් කියන්නේ, මම පෙනී ඉන්නෙ පැතුම් කර්නර් වෙනුවෙන් නෙමේ,   පැතුම් කර්නර් විසින් ඇති කරන්න හදන දේශපාලන සoස්කෘතිය වෙනුෙවෙන්. 

 පැතුම් කර්නර් ඩීල් කාරයෙක් නම් ඡන්දය දෙන්න එපා. සරළයි. නමුත් පැතුම් කර්නර් ගොඩනගන්න හදන දේශපාලන සoස්කෘතිය විනාශ කරන්න ෆුල් ට්‍රයි එක දෙන ගo කබරයන්ගේ ප්‍රොපගැන්ඩා වලට අහු වෙන්න එපා. එහෙම උනොත් අපි හම්බ කලොත් අපි කනවා වෙනුවට අපි හම්බ කලොත් උන් කනවා  තමයි සදහටම.



Thursday, July 14, 2022

'' ගෝල්ෆේස් ඩීල්කාරයෝ - 01 ''


ඊයෙ සමහරැ මැරෙන්න හැදුවනෙ පැතුම් කර්නර් මිනිස්සු ලව්වා පාර්ලිමේන්තුව වටලවනව ගගා, මම ඒ වෙලාවෙත් කිව්ව මේක සේපාල් අමරසිoහ ඇතුලු ජවිපෙ වැඩක් කියල. අන්න සේපාල් අමරසිoහ කියනව ඒක ඒ විදියටම මේ වීඩියෝවෙ. ඒ මනුස්සය හරි හෝ වැරදි හෝ තමන් කරන්න හදපු වැඩේ වගකීම ගැනීම අගය කරනවා. රැට්ට වගේ තුට්ටු දෙකේ ඩීල් කාරයන්ගෙ ලණු කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කන තරමට ගලිබල් වෙන්න එපා.

පැතුම් කර්නර්ද ද්‍රෝහියා නැත්නම් ගොන් ජෝකර් රැට්ටද, ඕයි බන්ඩා, පොල්වත්ත, නාඔටුන්න, ලියනවලකො රැට්ට ගැනත් (පැතුම් කර්නර්ට කෙළවන්න හොඳට කල්ලි ගැහිල කතා වෙලා ගේම දෙනව වගේ) තමුසෙල ඩීල් කාරයො නෙමේ නම්. 

අරගලයේ සාමූහික වගකීම කඩ කල ඩීල් රැට්ටා අරගලයෙන් පන්නමු - සමාජ මාධ්‍ය පොරවල් ඌත් එක්ක ඩීල් දමා නැත්නම් තම පෑන ඒ සඳහා මෙහෙය විය යුතුය.

'' අන්තරේ දැන් කාගේ බළල් අතක්ද ? ''

Wednesday, July 13, 2022

අරගලයේ කල්ලිවාදය

 සචින්ත ප්‍රමෝද්  නාඔටුන්න, රැට්ට, චමල් පොල්වත්ත, ජේමිස් බන්ඩා කියන හතර දෙනාට මාර කෝඩිනේශන් එකක් තියෙන්නෙ. විශේෂයෙන්ම තමන්ට වඩා ඉගන ගත්ත, තමන්ට වඩා යමක් කමක් තියෙන එකෙක් අරගලයෙන් මතු වෙන කොට හරි අමාරැයි.පට්ට රැඩිකල් කියල පෙන්නන්න හැදුවට ශ්‍රී ලාoකික ගo කබර ගතිය ජානගත වෙලා තියෙන්නෙ. මේ හතරදෙනාගෙ කල්ලිය කිසිම පිළිගතහැකි සාක්ශියක් දෙන්නෙත් නෑ. ගොබෙල්ස්ගෙ න්‍යායට අනුව ඔහේ කියවනවා. හිනාම යන වැඩේ තමයි මේ කල්ලිය අරගළකරැවන් අරලියගහ මන්දිරය වටලද්දී, ජනාදිපතිගෙ ගෙදර වටලද්දී, අගමැති කාර්‍යාලය වටලද්දී ෆුල් සපෝට්. දැන් එතකොට ඒව හරි වෙලා පාර්ලිමේන්තුව වටළන එක වැරදි උනේ කොහොමද? පාර්ලිමේන්තුව වටළන  අදහස ජනගත කලේ ජෙප්පො පෙරෙට්ටො සහ ඒ අයට හිතවත් සෙට් එක. නමුත් මේ හතරදෙනාගෙ කල්ලිය පට්ට බේගලක් ජනගත කරන්න හැදුව කර්නර් පාර්ලිමේන්තුව වටළනව කියල. මෙයාලම තමා කර්නර් ට කිසිම ජනප්‍රියත්වයක් නෑ කියල කියන්නෙත්. හැබැයි දැන් එකපාරටම කර්නර් වැඩ්ඩ වෙලා කර්නර් කියනකොට  මිනිස්සු රටේ මර්මස්ථාන වටලනවා.

මේ හතරදෙනාගෙ කල්ලිය ඊයෙ පැතුම් කර්නර්ට ගේම දෙන්න සෙට් උනේ මෙහෙමයි.




රැට්ට-   https://www.youtube.com/watch?v=FUtk-juRFxc&t=1s

මේ හතරදෙනාගෙ කල්ලිය එකම වෙලාවෙ වගේ ප්‍රොපගැන්ඩා එක පටන් ගන්නෙ. 

පොදු සාධකය තමයි විධිමත් අධ්‍යාපනයක් නැති  අරගලයට පින් සිද්ද වෙන්න ටිකක් පොරවල් වෙන්න අවස්තාව ලැබුන සෙට් එකක් වීම

පන්ඩුල බන්ඩාර මෙයාලට හොඳ උත්තරයක් දීල තියනව;

Pandula Nayana Bandara

මේ කතාවට මට කට්ටිය බනීද දන්නෑ. පහුගිය කාලෙ අද්දැකීමක් එක්ක මේ වෙලාවෙ මිනිස්සුන්ගෙ මයින්ඩ් එක වැඩකරන විදිය ගැන  කෙටියෙන් කියන්නම්.....

අර එක දවසක් එක පාරටම රටේම උං ප්‍රධාන පාරවල් වහන්න ගත්තනෙ. මම සයිට් විසිට් එකක් දාල එන වෙලාවක ඔහොම ප්‍රධාන පාරක් වහපු තැනකට සෙට් උනා. උං යන්න දෙන්නම බෑ කිව්ව. මම හා කියල අතුරු පාරකටදැම්ම. ඒකෙ ටික දුරක් එනකොට ගමේ ඉන්න බේබද්දො ටිකක් ඒ පාරත් වැහුව. එතනිනුත් යන්න බෑ කිව්වම අතුරුපාරෙත් අතුරු පාරකට වාහනේ දැම්ම. යකඩෝ මේකෙත් ටික දුරක් එනකොට ඒ ගමේ ඇන්ටිල දෙන්නෙක් පොල් අතු ටිකක් පාර හරහට දාගෙන පාර වහගෙන වහගෙන එනව. ඇන්ටිලට වැදල විහිලුවක් කරගෙන බෝම අමාරුවෙන් එතනින් පැනගෙන හෙන වටයක් ගහල ඔෆිස් එකට ආවෙ.

දැං මේකෙ සාරාංශය මේකයි. රටේම උං තැං තැං වල ප්‍රධාන පාරවල් වහනකොට ගමක උංට හිතෙනව යකෝ අපිත් මේ පාරවල් වහන්න එපැයි කියල, ඒ ගමෙත් ඇතුලෙ උංට හිතෙනව අරුනුත් වැහුවනම් අපිත් එකතුවෙලා අපේ පාර වහන්නෝනෙ, නැත්නම් අපිත් සීන් එකේ නෑනෙ වගේ හැඟීමක්....

ඕන්න ඔය වගේ තත්වයක් තමා දැං වෙලා තියෙන්නෙ. මාස ගානක් මිනිස්සු අරගල කරල කරල 9 වෙනිද ජනාධිපති ලේකම් කාර්‍යාලය වටකරල ඒකෙ බලය අත්පත් කරගත්ත. ඊට කලින් ජනපති මන්දිරේ අල්ලගත්ත. රාජපක්ශ සහ වික්‍රමසිංහ ත්‍රාඩයන්ට එරෙහිව කරපු අරගලේ සංකේතාත්මකව ඒක ලොකු ජයග්‍රහනයක්. නමුත් අද උදේ අගමැති කාර්‍යාලෙ වටකිරීමත් එක්කම මිනිස්සුන්ට මේකෙ අර පාරවල් වහපු ගමේ එකාලට ආපු සීන් එක තමා ඔලුවට ආවෙ. 

අරුන් එකතුවෙලා අගමැති කාර්‍යාලෙ ඇල්ලුවනං අපිත් එකතු වෙලා ඊලඟට තියෙන මොකක් හරි මංගල්ලයක් ඇල්ලුවනම් හරිනෙ. ඔය තියෙන්නෙ අපූරුවට පාර්ලිමේන්තුව. එතනින් ගියාම ඔය තියෙන්නෙ කතානායක නිළ නිවස. මේ ට්‍රෙන්ඩ් එක කන්ටිනිව් උනොත් එක එකාල සෙට් වෙලා තම තමන්ට අදාල ප්‍රාන්ත වල මොන මොනා හරි පොට් අල්ලගෙන 'ජනසතු කරන' ලෙවල් එකට එනව. මේකට කර්නර් කෙනෙක්ටවත් ජෙප්පොන්ටවත් අමුතුවෙන් නායකත්වෙ දෙන්න දෙයකුත් නෑ. කොහෙවත් ඉන්න එකෙක්ට අදහසක් ඇවිල්ල, ඒ අදහස අනුමත කරන දහ පහලොස් දෙනෙක් සෙට් උනත් ඇති. ඉතුරු සියගානම ඔටෝ ඇදිල එනව. මිනිස්සු එහෙමයි.....

මේ රැල්ල නවතින්න නම් කල යුත්තේ ජනාධිපති මන්දිරෙයි, ලේකම් කාර්‍යාලෙයි විතරක් මිනිස්සු අතේ තියාගෙන අනිත් බිල්ඩින් අල්ලන්න යන්න එපා කියල, තමන්ගෙ කුලකයට අයිති නැති මිනිස්සුන්ට ප්‍රකාශ නිකුත් කරන එක, බනින එක නෙමේ. කලයුත්තේ අත්පත් කරගත් සියලු ගොඩනැගිලි ඉතා ඉක්මනින්ම රජයේ පාර්ශවන්ට බාර දෙන එක. අපි අල්ලගෙන ඉන්න ගොඩනැගිල්ල ලොජිකල් උඹල අල්ලගන්න යන ගොඩැනැගිල්ල ලොජිකල් නෑ කියල තර්ක කරන එකම ලොජිකල් නෑ. දොං නං දොං සිමං නං සිමං.....

සෝ..... බනින උං බැනපං මම නිදාගන්නව.... 😥



කවුද මිනිස්සු උසි ගැන්නුවෙ;

https://www.facebook.com/100044735254022/videos/pcb.574479454053225/578798320457530




https://www.facebook.com/100044735254022/videos/pcb.574479454053225/1061254071494740
https://www.youtube.com/watch?v=aXHsLoPPQ6E&t=629s

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...