Thursday, April 20, 2023

නාකි වාහෙල තරැණ පරම්පරාවට පිටරටින් යැපෙනවයි අඬපාලි කියල තියෙන්නෙත් පිටරටින් කොපි කරල යකූ

ලන්කාවෙ නාකි වාහෙල තරැණ පරම්පරාවට ගරහන්න පාවිච්චි කරන අන්ක එකේ ගොබ්බ ගීතය වන පිටරටින් යැපෙනවයි අඬපාලි කියල තියෙන ආදී සින්හළුන් ගීතයත් පිටරටින් කොපි කරපු භජන් ගීයක් බව දැන ගන්නකොට ඔබේ වයස කීයද?

https://www.youtube.com/watch?v=bGicJYRDdyc

ඒක නෙම්, ඔය උපාලි මාරසිoහ මහත්මයගෙ යූ ටියුබ් චැනල් එකේ සින්හළ කොපි ගීත බොහොමයක් ඒවල ඔරිජිනල් එක්ක තියෙනව, ඉතාම විශිෂ්ථ වැඩක්. ගිහින් බලන්න. 

https://www.youtube.com/@upalima2002

පීනාලා ගීත රස සාගරේ  https://www.youtube.com/watch?v=mCZOoQKep4Y

කල්‍යාණී ගගා රාජනී https://www.youtube.com/watch?v=vMrLhyE7QdA

කවාලා විළඳ ජාතී https://www.youtube.com/watch?v=aAuFOF9TBzk

අඩු කුලේ කියාලා අසරණයා https://www.youtube.com/watch?v=IuHW-WpoF1w

ඉස්සන් මගුරන් https://www.youtube.com/watch?v=cS-ph6mocQ0

සුරන්ගනී  https://www.youtube.com/watch?v=98eWbbb2NiY


ඔය බොහොම පොඩ්ඩක් විතරයි.

Wednesday, April 5, 2023

රාජ සඟබෝ සුයිසයිඩ් එක වීරකමක්ද? යොඩෙලින් කියන්නෙ මොකක්ද? ප්‍රසිද්ධ පැරණි හින්දි ගීත වල සිදු වූ අතපසුවීම් සහ මගේ වසර හැත්තෑවකට වඩා පරණ ෆීමේල් සෙළබ්‍රිටි ක්‍රෂ් එක

මේ දවස්වල මම පට්ටම පරණ හින්දි සහ සින්හළ ගීත අහමින් ඒවා ඕවර් තින්කින් කරමින් ජීවත් වෙන නිසා පරිප්පු හොදි සහ යකඩ ඇණ පන්නයේ කළවම් මාතෘකා ටිකක් කතා කරන්නට හිතුනා, හැබැයි ඒ හැම එකක්ම පට්ටම පරණ හින්දි සහ සින්හළ ගීත කීපයක් වටා බැඳුන දේවල්.

මුළින්ම "රාජ සඟබෝ හිස දී දුගියාටා - දාන පාරමී" ගීතය ගැන කතා කරමු. (https://www.youtube.com/watch?v=mXC0CluT2tI) මේ ගීතය ගායනා කරල තියෙන්නෙ ඒ ආර් එම් ඊබ්‍රහීම් කියන ගායකයා. මම ඩ්‍රයිව් කරද්දි හයි වොලියුම් දාන් අහනකොට එතුමා "සඟබෝ" කියන වචනෙ උච්චාරණය කරන ආකාරය හරිම අපූරැ නිසා ඒක රිපීට් කර කර ඇහුව. මේ ගීය කියපු යුගයේ ආගමික සහජීවණය මොන තරම්ද මොකද මෙහි එක ප්‍රධාන පදයක් තමා රාජ සඟබෝ "ලෝක ගුරැ වී හරනා බව මිත්‍යා" (ඇහෙන හැටියට) - මුස්ළිම් ගායකය කියන්නෙ. හිතන්න බෞද්ධ ඔබට ගයන්න කියනව නම් නබි තුමා හෝ ජේසු තුමා "ලෝක ගුරැ වී හරනා බව මිත්‍යා" කියල, ඔබට මොකද හිතෙන්නෙ? ඔය අපේ මුතුන් මිත්තො ඔළුව උඩ තියා ගන්න කැමති අය අපේ මුතුන් මිත්තො අතර තිබ්බ ආගමික සහජීවණය ඔළුව උඩ තියා ගන්නවනම් කොච්චර හොඳද? 

මේ ගීතය මරාති/හින්දි ගීතයක කොප්පක්, හින්දි ගීතය දෙමළ ගීතයක කොප්පක්.

හින්දි/මරාති ගීතය -https://www.youtube.com/watch?v=tDubuq0CrHo&t=8s (36.51 onwards)

දෙමළ ගීතය - https://www.youtube.com/watch?v=6wTGjx4lIQY

මේ ගීතය ඕවර් තින්ක් කරාම මට හිතෙන්නෙ සිරිසඟබෝ රජතුමා හරාකිරි ක්‍රමේ වගේ එකකට ඔළුව ගැළවීම සිය දිවි නසා ගැනීමක් නිසා ඒක වැරදියි නේද කියල. සිරිසඟබෝ රජතුමා දිවි නසා ගැනීම වීර කමක් වෙලා සාමාන්‍ය මිනිහෙක් දිවි නසා ගැනීම ලොකු පවක් වෙන්න බෑ. සිරිසඟබෝ රජතුමා දිවි නසා ගැනීමේ චේතනාව පිරිසිදුද? දැන් මේ දුගිය බත් ටිකක් දීල ඒක හිළව්වට හිස ඉල්ලුවෙ නෑ,  කතාවෙ හැටියට දුගිය හිස බාර දීළ සල්ලි ඇරන්. සිරිසඟබෝ රජතුමා දුගියට හිස දෙන්න  දිවි නසා ගැනීම නිසා දුගිය විසාල අගතියකට පත් වෙනව මොකද සිරිසඟබෝ රජතුමා දිවි නසා ගැනීමේ පවට කර ගහන්න වෙන නිසා.

ඊලඟට මම කතා කරන ගීතය Piya Piya Mora Jiya Pukare (https://www.youtube.com/watch?v=JpYfxqsKVYk). මේ ගීයට "ප්‍රියේ ප්‍රියේ ප්‍රියේ මම ඔබෙ හිමිකාරී" කියල සින්හල කොප්පක් තියෙනව වුනාට මට ඒක කොහෙන්වත් හොයා ගන්න බැරි උනා. මේ ගීතය ඉතාම මිහිරි ගීතයක්. ඒ වගේම කාරණා තුන හතරක් නිසා මට වැදගත්.

1. කිෂෝර් කුමාර්ව ගායකයෙක් හැටියට දන්න ගොඩ දෙනෙක් නොදන්න දෙයක් තමා ඔහු නළුවෙක් ලෙසද කටයුතු කරපු බව. මේ ගීතය තියෙන Baap Re Baap (1955)  චිත්‍රපටිය ඒකට උදාහරණයක්. කිෂෝර්ට හොඳ හඬක් වගේම පෙනුමකුත් තිබුනා. 

2. මේ ගීතයේ 2.08 තත්පරේදි ආශා බෝස්ලිට වරදිනවා. ගීතය පටිගත කරද්දි එවිට කිෂෝර් ආශාගේ කට තම අතින් වසා තිබෙනවා. රෑපරාමුවෙත්  කිෂෝර් නිළි Chand Usmaniගේ කට තම අතින් වසන ලෙස රඟපානවා. අද මෙන් නොවේ එකල ගීත පටිගත කරන එක හරි අමාරැ වැඩක්. ඒ නිසා ඒ කුඩා මිස්ටේක් එක ඒ ලෙස පැච් කරන්න තීරණය කරල.  

3. දකුණු ආසියාතික අපට නුහුරැ ගායනා විළාශයක් වන යොඩෙලින් කුඩා කොටසක් ඇති ගීතයක් වීම. පැරණි හින්දි ගායකයන්ගෙන් යොඩෙලින් කරන්නට හැකියාව තිබූ එකම ගායකයා කිෂෝර්. යොඩෙලින් ගැන ඉතාම කෙටියෙන් කතා කලොත් Yodeling (also jodeling) is a form of singing which involves repeated and rapid changes of pitch between the low-pitch chest register (or "chest voice") and the high-pitch head register or falsetto. Most experts agree that yodeling was used in the Central Alps by herders calling their stock or to communicate between Alpine villages. The multi-pitched "yelling" later became part of the region's traditional lore and musical expression. The earliest record of a yodel is in 1545, where it is described as "the call of a cowherd from Appenzell"

යොඩෙලින් හොඳටම පුළුවන් ලෝක ප්‍රකට Franzl Lang නම් ගායකයගෙ හැකියාව මෙතනින් බලන්න- https://www.youtube.com/watch?v=8_UnANdDqJc

ලන්කාවෙ යම් තරමකට හෝ යොඩෙලින් වලට උත්සහ කලේ ෆ්‍රෙඩී සිල්වා මහතා පමණයි, ඔහුගේ උපන්දිනේ ලඟ එන හින්දා ගීතයේ යොඩෙලින් වලට හොඳ උත්සහයක් ගෙන තියෙනවා. https://www.youtube.com/watch?v=A3S85q5_OlM

අවසාන වශයෙන් මම අහපු ඉතාම පරණ හින්දී ගීතය  Jaane Kahan Mera Jigar Gaya Ji (https://www.youtube.com/watch?v=u7Jl-WDeUo4) මගේ ඔළුවෙ කැරකි කැරකි තියෙන්නෙ ඒ ගීතයේ රඟපාපු සහය නිළිය යස්මින් (විනීතා භට්) ගේ පුදුමාකාර දක්‍ෂ රන්ගනය නිසා. ඒ ගීතය තිබුන චිත්‍රපටියේ ප්‍රධාන නිළිය මධුබාලා සහ ප්‍රධාන නළුවා ගුරැ දත්. මේ සයිඩ් ගීතයේ ඉන්නෙ සහය නළුනිළි යුවල වන යස්මින් සහ ජොනි වෝකර්. නමුත් කිසිම ප්‍රධාන නිළියකට නොදෙවනි රෑපයක් සහ රන්ගනයක් පෙන්වූ මේ යස්මින්ට මොකද උනේ කියල මට ලොකු කුතුහළයක් ඇති උනා. හොයල බලද්දි ඇය සිනමාවට ආව මුළදීම ජර්මන් ජාතිකයෙකු සමඟ විවාහ වී  ජර්මනියට ගොස් තියෙනවා. ඇය සිනමාවේම රැඳුනා නම් අති දක්‍ෂ තාරකාවක් වනු ඇති. මට යස්මින් ගැන දරැණු සෙළබ්‍රිටි ක්‍රෂ් එකක් එද්දි ඇය ඒ ගීතයේ රඟපාල වසර හැට හතක්. සමහරවිට ඇය දැන් ජීවතුන් අතර නැතුවත් ඇති. අති දක්‍ෂ නිළියකගේ හැකියාව එයයි. මේ ගීතයේ 2.43දී ජොනි අතින් වැරදිලා අත ඇගේ ඇහේ වදින නමුත් ඇය වේදනාව දරාගෙන රඟපානවා. ඒ ගීතයේ කොමෙන්ට් බලනකොට තමා තේරැනේ මම වගේම යස්මින්ගේ ෆෑන්ලා බර තොගයක් ඉන්න බව.

Comments:

"As a retired university teacher in the dept. of film and television production I feel pleasure to say that Vinita/ Yasmin was a born talent in acting. Film directors could explore her giving grand chances to make herself renowned in the Bollywood film industry.Perhaps she could stay there but she decided to leave the industry being afraid of the nasty environment created by the nasty people of the industry. In my opinion she was more beautiful than Modhubala. She was more beautiful than any flower."

"'I've heard the terms 'Nasheeli Ankhein' or 'Seductive Eyes' many times but never saw it till I saw this song.. especially  the scenes from 2.50 to 3.05.. literally love her.. ❤"

"The actress in this song is so beautiful. No other actresses in even today's times can match her beauty and flowless acting."

"Addicted to this song at 22 Age because of yasmeen 😍🇮🇳❤️"

"0.57 what a beauty didn't even thought that i'll have a crush on a woman from the early 50's 😍😍

Can't believe how beautiful she is 💕😍"



සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...