Sunday, July 26, 2020

සැබෑ ප්‍රශ්නය හඳුනා ගන්නේ කෙසේද

ලoකාවේ මිනිසුන් මුහුණදෙන ප්‍රශ්න ගොඩක් සoකීර්ණයි. නූල් බෝලයක් වගේ පැටලිලා. ඒත් බොහෝ ලoකාවේ මිනිසුන් හුරැ වෙලා තිබෙන්නේ දෙපිළ බෙදී කවුද හරි කවුද වැරදි යන පැති දෙකට දමන්න. නමුත් ප්‍රශ්න ඊට වඩා ගොඩක් සoකීර්ණයි, මතුපිටින් බලල විනිශ්චය කල නොහැකියි. පහත උදාහරණය බලන්න;


පැලවත්තෙ ඉදන් නෙළුවට 30 km තියෙනවා
පැලවත්තෙන් හවස 6.30න් පස්සෙ නෙළුවට බස් එකක් නෑ
මං ඊයෙ වැඩ ඇරිල එනකොට රෑ නමයට විතර පොඩි කොල්ලෙක් ලොකු බෑග් එහෙකුත් එල්ලෙගෙන පයින් ඇවිදගෙන එනවා
"මොකෝ මල්ලි"
"බස් නෑ අයියෙ"
"නැගපන්"
කොල්ලට හති.කිලෝමීටර් හයක් එතකොට එයා පයින් බඩගාල.
"මල්ලි කොහෙද යන්නෙ"
"ගෙදර____මං කැලණියෙ කැම්පස් එකේ ඉන්නෙ.ගෙදර යන්න ආව.බස් එක මිස් උනා අයියෙ"
අපි මගින් ප්ලේන්ටියකුත් ගහල හෙමිහිට ආව
තිනියාවල පොලීසියෙ රාළහාමිල දෙන්නෙක් මගදි නතර කලා
"කෝ ____හෙල්මට්__!"
"මේ ළමයට බස් එක මගඇරිල-පයින් එද්දි දාගෙන ආවෙ"
"ගන්න ලයිසන් එක_____"
රාලහාමි ටෙම්පරියක් ලියනව.ලියන ගමන් මගේ දිහා බලනව
හරියට නිකං මධුෂ්ගෙ කුඩු කන්ටේනරේ අල්ලගත්ත සීනියර් ඩීඅයිජී වගේ
"මං ඔය රාළහාමිවම දවසක් ගොරකදූවෙ ඉදල රෑ යන්න එකක් නැතුව ඉද්දි හෙල්මට් එකක් නැතුව දාගෙන ආව.එදා ඔයා හිටියෙ වැඩට එන ගමන සිවිල් ඇදුමෙන්.එනගමන් ඔයාමයි කිව්වෙ ඔයා පොලීසියේ බව.නම සැම්සන් බව.මම ගේ ගාවින් නතර නොවී ඔයාව පොලීසියට ම ගිහින් දැම්ම.එදා ඔයා යනගමන්  මගේ පිට අතගගා ස්තූති කරල ගිහින් මගදි තේ එහෙකුත් බොන්න කතාකරා..
කෝ අද ඒ මනුස්සකම___" මං ඇහුව.
එයා රවාගෙන ලියනවා
"අපි දෙන්නම රුපියල් හතලිස් දාහකට පනස් දාහකට ආණ්ඩුවට කඹුරන මිනිස්සු.ඔයා දැං අකුරටම රාජකාරිය කරල මට දඩයක් දෙන්න. හැබැයි ඒ දඩ සල්ලි මහාභාණ්ඩාගාරයට ගිහින්,මහ බැංකුව එක රැයින් රවිය වගේ එකෙක් හොරා ගහගත්තහම-ඒ අඩුව පුරවන්න ඔයා ආයෙමත් මං වගේ උන්ටම දඩ ගහන්න.අපි දෙන්නම එක පිලේ මිනිස්සු මහත්තයො.අද මම මෙයාව දාගෙන ආපු එක වැරදිනම් මට තව දඩකොලයක් දෙන්න-මං එදා ඔයාව දාගෙන ආපු එකට"   
පොඩි එකා අතේ තිබිල රුපියල් එකසිය හතලිහක් මගේ අතට ගුලි කරනවා.සීයෙ කොලයයි විස්සෙ කොල දෙකයි
"අයියෙ මේක දීල බලන්න.."
මට ආපු තරහට මං ඒක එවලෙම දෙකට ඉරල වීසිකරා..
"මං පොලීසියට ජරාව දෙන්නෑ යකෝ___!"
රාළහාමිල දෙන්න බලාගෙන හිටිය
අපි දෙන්න ආව
මං අද උදේ ගිහිං දඩේ ගෙවල ලයිසන් එක ගත්ත
මං මේක ලියන්නෙ මං ගැනම උපන් කේන්තියෙන් 
මට බෑ බල්ලෙක් වෙන්න.රෑට මහපාරෙ මං වගේ එකෙක් කිලෝමීටර් විස්සක් තිහක් පයින් එද්දි මග දාල එන්න
මං වෙනස් වෙන් නෑ.මං හැමදාම උනත් දඩ ගෙවන්නවා.සමහරවිට මගේ ජානවල වරදක් ඇති.
මං මේක ලියල බලාපොරොත්තු වෙන්නෙ මෙච්චරයි..
කරුණාකරල පුළුහන් කෙනෙක් මේ පාරට රෑ අටටවත් පැලවත්තෙන් නෙළුවට  බස් එකක් දාන්න.
නැත්නම් හෘදයවස්තුවක් තියෙන නිළධාරීන් රථවාහන රාජකාරියට යොදවන්න.
අජිත් රෝහන මහත්තයට මේ රටේ මිනිස්සු මේ තරම් ආදරේ ඇයි කියල මොහොතක් හිතන්න. පිං____
උපුටා ගැනීමකි..

https://www.facebook.com/srikankanpeople/photos/a.1611154379158073/2662540104019490/

මේක හිත හොඳ මිනිහෙක් වේදනාවෙන් ලියපු පෝස්ටුවක්, ඒකෙ ආයෙ දෙකක් නෑ. හැබැයි පොඩ්ඩක් මේ කාරණය ගැන out of the box හිතල බලමු.

1. මේ පාරෙ අහවල් වෙලාවෙන් පසු බස් නෑ. මේක මේ පලාතෙ ගෑනු උදවියට බලපාන්නෙ කොහොමද? බැරිවෙලාවත් කැම්පස් කොල්ලෙක් වෙනුවට කෙල්ලෙක්ට මේ සිද්ධිය උනා නම් මෙසේ නාඳුනන බයිසිකලයකට නැගීමට ඇයට බැහැ වගේම වැදගත් පිරිමියෙක් වාහනයක් නැවැත්වීමට කැමති වන්නේ නැහැ. මේ සරසවි සිසුවාට පව් පොඩි එකා කියන අය කෙල්ලෙක්ට මේ සිද්ධිය උනා නම් පව් පොඩි එකී කියනවට වඩා මේ රෑ තනියම විළිසoගයක් නැතුව පාරෙ යන මේකි නම් ෂුවර් එකටම බඩුවක්, chance එකක් ගන්න බලන්න ඕනෙ යැයි කියනු ඇත.
 ඒ අනුව මේ පැත්තෙ ගෑනුන්ට ඇති එකම විකල්පය හරියට කාලය කළමනා කරගෙන අන්තිම බස් එකට කළින්/අන්තිම බස් එකේ යන තැනක යෑමයි. ඉතින් මේ සරසවි සිසුවාටත් තිබුනා හරියට කාලය කළමනා කරගෙන අන්තිම බස් එකට කළින්/අන්තිම බස් එකේ ගෙදර යන්න. ඇයි ඔහු එසේ නොකලේ? ඔහු දන්නවා අන්තිම බස් එක මඟ හැරැනොත් අතවරයකට ලක් නොවී පයින් යෑමේ "නිදහස" සහ පාරේ යන වාහනයක් නැවැත්වීමට ඇති හැකියාව ගැන. ඒවා ලoකාවේ පිරිමි පමණක් භුක්ති විඳින වරප්‍රසාද බව අවිඤානිකව හෝ ඔහු දන්නවා. 

2. ලියුම්කරැ හෙල්මටය දකින්නේ ආරක්‍ෂාව සපයන අයිතමයකට වඩා තමාව පෙළීමට පොලීසිය භාවිතා කරන අයිතමයක් ලෙස. එය වැරදියි. බැරිවෙලාවත් එදා අනතුරක් උනා නම්, හෙල්මටය නොමැතිවීම නිසා විශාල හානියක් විය හැකියි.

3. ලියුම්කරැ හෙල්මටයක් නැතිව රාළහාමිව සයිකලයේ එක්ක ආ පමණින් එම රාළහාමි එතැන්පටන් ඔහුගේ සයිකලයේ යන අයට හෙල්මටයක් නැතිව යන්න දිය යුතු බවට සිතීම වැරදියි. උදව් කල යුත්තේ ප්‍රති උපකාර බලාගෙන නොවේ. හෙල්මටයක් නැතිව ලියුම්කරැගේ සයිකලයේ රාළහාමි ගියපු එකද සම්පූර්ණයෙන්ම වැරදියි.

4.  මුදල් ඉරාගෙන කෑ කෝ ගහගෙන ප්‍රශ්නයකදී හැසිරීම ඉතාම ප්‍රාථමිකයි. ඕනෑම ප්‍රශ්නයකදී ඉවසීමෙන් බුද්ධිමත්ව සහ සoයමයකින් කටයුතු කිරීම වඩාත් සුදුසුයි. ලoකාවෙ නිසා අවුලක් නෑ හැබැයි ආවේගශීලීව හැසිරැනොත් අනිත් රටවල හොඳට කන්න වෙනවා. විශේෂයෙන් මෙතෙනදි පොළිස් නිලධාරියා නීතියට අනුව 100% නිවැරදියි, සදාචාරාත්මකව වැරදි වුනත්. ඇමරිකාවෙදි ඇතැම් විට අතඅඩoගුවට පත් වීමට හෝ නිරපරාදෙ වෙඩි කන්න තිබුන රඟන්න ගිහින්. අනුන්ට උදව් කිරීම හොඳ ගතියක් තමයි, නමුත් ඒ නිසා පිම්බෙන්නවත් රඟන්නවත් පොර වෙන්නවත් ඔබට අයිතියක් නැහැ.

5. //මං වෙනස් වෙන් නෑ.මං හැමදාම උනත් දඩ ගෙවන්නවා.සමහරවිට මගේ ජානවල වරදක් ඇති.// අමතර හෙල්මටයක් අරන් පලයන්කෝ එතකොට ප්‍රශ්නය ඉවරයිනේ.

6. ලියුම්කරැ කියන පරිදි සිසුවා "පොඩි එකෙක්" නොවේ වැඩිහිටියෙකි. වැඩිහිටි පිරිමින් බබා හුකුo කිරීම අප වහාම නතර කල යුතුය. අනික මේකා පගාව දී ශේප් වීමට හැදූ අණ්ඩපාලයෙකි, සරසවි සිසුවෙක්ට ඔයිට වඩා integrity එකක් තිබිය යුතුය.

ඉහත කාරණා දිහා බලනකොට ඔබට පෙනේවි මේ සිද්ධියට මුහුණ දුන් සිසුවා, ලියුම්කරැ, සහ පොළිස් නිලධාරියා යන තිදෙනාම අසරණයි, තිදෙනාම හරි, සහ තිදෙනාම වැරදියි.

නමුත් මේ පෝස්ටුව දුටු බුකී වාසීන් පොළිස් නිලධාරියාට උඩ පැන පැන පහර දුන් අතර බුද්ධිමත් සහ විචාරශීලීව බැලුවේ එහෙමත් එකෙකි.

වෙනස් විය යුත්තේ පොළිස් නිලධාරියෙකුට හෙල්මටයක් නැතිව නාඳුනන බයිසිකලයකට නැගීමට තරම් අසරණ කරන, ප්‍රවාහන පහසුකම් නැතිව අනාරක්‍ෂිතව රාත්‍රියේ මිනිසුන් රස්තියාදු කරවන, දහසකුත් අමාරැකම් මැද කළ හොඳ තම හිස මත කඩා වැටෙන මේ රටේ වැරදි යාන්ත්‍රණය නිවැරදි කිරීමයි. ඒ සඳහා සිසුවා, ලියුම්කරැ, සහ පොළිස් නිලධාරියා එකිනෙකාට ඇඟිල්ල දිගු නොකර එකමුතුව වැඩ කල යුතුය.






6 comments:

  1. අද මම
    ++++++++++

    මේ ලිපියේ තියෙන එක කාරණයක් ගැන විතරක් එකඟවෙන්න බෑ.

    වැඩිහිටි පිරිමින් බබා හුකුo කිරීම අප වහාම නතර කල යුතුය.
    මේනේ පිරිමින් කෑල්ල අයින් වුනානම් වඩා නිවැරදියි.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන ලිපියක් ලියන්න ඕන ලඟදිම

      Delete
  2. මේක සමහරවිට FB ලයික් වැඩිකර ගන්න දාපු ප්‍රබන්ධ කතාවක් වෙන්නත් පුලුවන්. ඔය වාගෙ ජනාකීර්ණ නොවන ප්‍රදේශයක රෑ 9 ට විතර හෙල්මට් අල්ලන්න ට්‍රැපික් රාලහාමිලා බලන් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. සමහරවිට, නමුත් මට කියන්නට ඕනෑ වුනේ බොහෝ දෙනෙක් ඇනලයිස් නොකර ඔහේ පිල් බෙදිල කාට හරි බනින පුරැද්ද ගැන කතා කරන්නයි.

      Delete
  3. පස්සෙ මතක් වුනේ, දමා තියන link එකේ දඩ කොළයේ ඡායාරෑපයක් තිබෙනවා, මෙය සත්‍ය සිදුවීමක්

    ReplyDelete
  4. සම්පුර්ණයෙන් එකඟයි!

    මේවා ලියලා මමත් නරක ළමයෙක් (කුළ අඟනක් වෙන්න බෑ ) හි හි

    ReplyDelete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...