Wednesday, June 14, 2023

ළමයි නැත්නම් / හදන් නැත්තම් සමාජයෙන් හිංසාවට ලක් නොවී ඉන්න පියවර ..........Reshika Dissanayake Godakanda

 ළමයි නැත්නම් / හදන් නැත්තම් සමාජයෙන් හිංසාවට ලක් නොවී ඉන්න පියවර ..........

දරුවන් සිටීම හෝ නොසිටීම කියන්නේ අතිශය පුද්ගලික තීරණයක් වුනාට අපේ වගේ රටක ගොඩක් මිනිස්සුන්ට මුලික ශිෂ්ට කමක් වත් නැහැ. ඒ නිසා ඔවුන් ඉඩක් ලැබෙන හැම විටම පාහේ තව මනුස්සයෙක් රිද්දන්න / පාගලා පොඩි කරන්න/ තමන් අනුන්ට වඩා වාසනාවන්තයි කියන්න ඕනෙම දෙයක් භාවිතා කරනවා. 

මගේ ජීවිතේ මගේ දරුවා කියන්නේ මට ඉන්න ලොකුම සම්පත. ඒ වුනාට තව කෙනෙක්ට දරුවෙක් ලැබීම කියන්නේ දරන්න බැරි අන්දමේ ලොකු වගකීමක් වෙන්න පුළුවන්. එහෙම කියල මට ඒ මනුස්සයව විනිශ්‍යය කරන්න හරි...ඒ මනුස්සයට මාව විනිශ්‍යය කරන්න හරි අයිතියක් තියෙනවද? නැහැ. 

දරුවෙක් ඉපදෙන එක කියන්නේ මහා ලොකු හැකියාවක් දක්ෂ කමක් නෙවෙයි. ඒක නිකන්ම නිකන් ජීව ක්‍රියාවක්. සන්සර්ඝයේ යෙදෙන පරිනත සතුන් දෙන්නෙක්ට පිළිසිඳ ගැනීමක් සිදු වෙන එක හරි ස්වාභාවිකයි. එහෙම නැති ගැටළු ඇති/ දරුවන්ට ආස අය බෙහෙත් කරලා මහන්සි වෙලා දරුවෝ හදනවා. තව සමහර අය උපත් පාලනය කරනවා. ඒ හැම දෙයක්ම පුද්ගලික ක්‍රියාවක්.

නමුත් මේ අපේ පුංචි දුපතේ සමහර මිනිස්සු දරුවෙක් කියන කාරනාව තව කෙනෙක් නොමරා මරන්න , මානසිකව හෙලා තලා දමන්න බහුලවම භාවිතා කරනවා. අපේ රටේ ළමයෙක් නැති වීම සලකන්නේ මහා අවාසනාවක්, ආනන්තරිය අකුසලයක් විදිහටයි. මේ වැරදි ආකල්පය දරුවෙක් නොහදන අයට වඩා රෝගී තත්ව මත හැකියාව අවම කෙනෙක්ට දැනෙනවා ගොඩක් වැඩියි. ඇතැම් අය මේ සමාජ අපවාද නිසා දැඩි මානසික පීඩාවට ලක් වෙනවා. 

ඔබත් දරුවෙක් බලාපොරොත්තු වෙමින් දිනෙන් දින ඒ සතුට පහු වෙමින් සිටින කෙනෙක් නම් අපේ රටේ ඉහ ගහල ජීවත් වෙන හැටි ගැන අද සාකච්චා කරමු. 

ඔබට පහර දෙන අය category හඳුනාගෙන ඒවාට අනුව ප්‍රති උත්තර දෙමු.

1) ඔබේම දෙමාපියන් : 

ඔවුන්ට තිබෙන්නේ අපේක්ෂා භංගත්වය. තමන්ගේ දරුවෝ රස්සා නිසා හදාගන්න බැරි වුන එකේ වාඩුව සහ පැන්ෂන් යාමෙන්  පසු ඇතිවන පාලුව මකා ගන්නට මුණුබුරන් ලැබේවි යයි ඇති අපේක්ෂාව නිසා නිතර ඔබට දොස් පරොස් කියනවා. ඔවුන්ගේ අපේක්ෂා භංගත්වයට ඔබව උඩ පනිමින් තලනවා. 

ඔවුන්ට පැහැදිලිව වෙලාවක කාරුණිකව කියල දෙන්න ඕනේ "අම්මේ තාත්තේ මට ආස වුනත් ළමයි ලැබෙන්නේ නැහැ. ඒක මටත් දුකක් . ඔයාට ළමයි ඉන්නවනේ. ඒ නිසා උදේ හවස දරු මන්තරේ ජප කරලා මගේ ඔලුව කන්න එපා ප්ලීස්. එහෙම කරොත් මම රටකට හරි දාල යනවා. කවදා හරි ලැබුනොත් එහෙමයි නැත්නම් නැහැ. එතකන් ඉවසිල්ලෙන් ඉන්න. කාලේ කන්න ඕනේ නම් විනෝදාංශයක්, සමාජ සේවා වැඩක් හොයාගන්න. තමන්ගේ සතුට සඳහා මගේ ඔලුව කෑමෙන් වලකින්න " 

2) In laws - නැන්දම්මා / මාමණ්ඩි සහ පවුලේ උදවිය 

ඒ ගැන කතා කිරීමට එනවා නම් ගැටලුව ඔවුන්ගේ දරුවාගේ බව දෙන්නා කතා වෙලා පවසන්න. උදාහරණ ලෙස ලේලියට දරුවන් ලැබෙන්නේ නැහැ කියල නැන්දම්මා බනිනවා නම් මේ විදිහට ප්‍රතිචාර දක්වන්න පුළුවන්.

" ආ..ඔයාගේ නොසැලකිල්ල නිසා සමන්ට පොඩි කාලේ කම්මුල්ගාය හැදිලා නේද? දොස්තර අම්මට හොඳටම දොස් කිවුවා. මට නෙවේ ප්‍රශ්නය තියෙන්නේ එයාටනේ " ඔයට විදිහට අදාළ පාර්ශවයට වරද පටවන්න දෙන්න කතා වෙලා. මීක් නැතුව ඉන්නවා. 

3) පවු කියා උපකාර කරන ඥාති ළමයිගේ දෙමාපියන් : 

ළමයි හිටියට කන්න දෙන්න බැරි දුප්පත් ඥාතීන්ගේ දරුවන්ට  උදවු උපකාර කිරීම කියන්නේ අහක යන නයි ඇඳුම ඇතුලේ දමා ගැනීමක්. කාලයක් යද්දී ඔවුන් ළමයි වදනවට ඔබලා අනිවාරයෙන්ම වගකීම දරන්න වෙනවා වගේ ආකල්පයක් හදා ගනීවි. 

" අපේ ළමයට බයිසිකලයක් අරන් නොදී අන්න අරුන් දෙන්න රට වටේ ට්‍රිප් යනවා කියල බනීවි " ඒ විතරක් නෙවේ ඉඩක් ලැබෙන විට ඔබේ හිත රිදවාවී. 

ඒ වගේම ඔවුන්ගේ හීනමානය වහගන්න බොහෝ විට ඔවුන්ට අවශ්‍යය වෙනවා ඇඟිල්ලෙන් ඇනලා ඔබේ දුර්භාග්‍යය පෙන්වා දෙන්න. 

" කාර් එක අලුත් නේ ..අනේ ඉතින් මොනවා තිබ්බත් මොකෝ දරුවෙක් නැතුව සිරියාවක් නැහැනේ " වගේ දේවල් කියයි. ඔබට පෙනෙන්න දරුවෝ බොරුවට හුරතල් කරයි. 

ඒ නිසා හොඳම දේ තමන්ට දරුවෝ නැතිනම් - පින් අතේ වැඩක් කරන්න ආස නම් අනාත දරුවෝ සිටින නිවාසයක් හොයාගෙන ආධාර කරන්න. 

මා නම් කරේ ඒක. sos ළමා ගම්මානයේ දරුවෝ තුන් දෙනෙක්ට වියදම් දරනවා අදටත්..ඒ අතරේ බෝතලේ විශේෂ දරුවෝ ඉන්න පාසලකට අපි උදවු උපකාර කළා. 

වැරදිලාවත් කන්න දෙන්න බැරුව ඔහේ දරුවෝ වදාගත් ඥාතීන්ට නම් උපකාර කරන්න එපා. කරනවා නම් ඉතින් හිත රිදුම් හින්ට් බලාපොරොත්තුවෙන්ම කරන්න. 

4) කට කැඩිච්ච යාලුවෝ : 

මේ අය නම් හුදෙක් අශිෂ්ටකම, ඉරිසියාව, ජොලිය, නොතේරුම් කම , නුගත්කම වගේ හේතු නිසා හිනා වෙයි. අහයි. හින්ට් ගහයි. ඔවුන්ට එන විදිහට ආයේ නාහන්න දෙන්න ඕනේ.

උදා : 

ඈ අනේ තාම ළමයි හදන්න බලාපොරොත්තුවක් නැද්ද ? - නැහැ අනේ තව ටික කලක් ජොලියේ ඉන්න ඕනේ. 

මට නම් බැඳලා අවුරුද්දැක් වෙන්න කලින් පුතා ලැබුනා -  ළමයි හදාගෙන විඳින දුක දැකල අම්මෝ ළමයි එපා වුණා. ඔයාල පවු අනේ. 

ඈ අනේ කල් යනවා නේද ? -  ඔවු අනේ ඔච්චර හදිස්සි නම් ඔයාලගේ නෝනව එවන්නකො. මම ඕනේ වෙලාවක ලෑස්තියි. 

තාම නැද්ද වෙනසක්? - අම්මෝ ඔයාටත් ඕනේ නැති අනුන්ගේ ඕපයක් නැහැ නේද? අපි නම් අනුන්ගේ කිලි රෙදි හොයන්නේ නැහැ. 

ඔබට ආස වෙලත් දරුවෝ නැත්නම් අනේ ඒ ගැන කම්පා වෙන්න එපා. ළමයි හිටියා නැතා අපි අපි විදිහට සර්ව සම්පුර්ණයි. යුතුකම් වගකිම ඉටු කරගෙන දෙන්න දෙමහල්ලෝ සතුටින් ඉන්න. අද කාලේ වතුර උගුරක් දෙන්න ළමයි ඕනනේ නැහැ. ආර්ථිකය හදාගෙන නම් හොඳ ස්ථාන තිබෙනවා ඔබේ මහලු විය ගෙවා දමන්නට.

දරුවන් නැති නිසා ඉතුරු වෙන කාලය විනෝදයට වගේම අර්ථවත් වැඩට යොදවන්න පුළුවන්. 

දරුවන් සිටීම කියන්නේ මහා වගකීමක්. මම වුනත් දරුවන් නැති කාලේ හිටියේ නිකන් හිස් කමකින් වගේ හැගීමකින්. නමුත් ඒක සහමුලින්ම වැරදියි. දරුවෝ හිටියා නැතා අපී ජීවිතේ සතුට අපිට භාරයි. ඒ නිසා ලමයි නැහැ කියන දේ අවාසනාවක් , දුකක් , කනගාටුවක් හැටියට නෙවේ හොඳ දෙයක් ලෙස ගන්න. එතකොට අපිව පැන පන තලන්න , එක එක්කෙනාගේ ඇරියස් අපේ පිටින් යවන්න තිබෙන ඉඩ අඩු වෙනවා. 

ඒ වගේ අශිෂ්ට මිනිස්සුන්ට කිට්ටු වෙන්න එපා. යහපත් , ශිෂ්ට ඉනිස්සුම ඇසුරු කරන්න. ඔවුන් කියන වදන් වලින් හිත රිදෝ ගන්න එපා. ඒ වෙලේ එයාලට රිදෙන්න හොඳට මුනටම කියල ඒක එතනින් අමතක කරන්න. 

ඔබ හිත රිදෝ ගන්න ඔබ වරදක් කරලා නැහැ. වරද කරන්නේ ඔබට බනින, අහන , හින්ට් ගහන මිනිස්සු. අනුන්ගේ වැරදි වලට තැවෙන එක නිකන් අපරාදේ. ඉන්න ටිකේ සතුටින් ඉන්න.

දෙමාපියන්ගේ සම්බන්ධයට දරුවෝ හරස් වෙලාද ?

නගරයක බැලුවොත් සාමන්යෙන් ස්පා සංඛ්‍යාව ඉතාම විශාලයි. මේ ස්පා වල කස්ටමර්ලා ගැන විමසා බලද්දී බහුතරේ විවාහක මැදි වයසේ පිරිමි. මේ තෙරපි වරියන් සමග සාකච්චා කරන්නට මට සමහර අවස්ථා වල ලැබිලා තිබෙනවා. ඔවුන් බොහෝ විට ලැබෙන විශාල මුදල නිසාම මේ වුර්තියේ යෙදෙනවා. ඇතැම් වුර්තිකයන් ඉතා විශාල මුදලක් උපයනවා මාසිකව ඔවුන්ගේ සේවා දායකයන් සමග සංචාර කිරීම් වලදී. 

මේ එක තරුණියක් මා හා පැවසුවේ " මිස් ඒ මහත්තුරුන්ට ඕනේ ලිංගික ඇසුර විතරක්ම නෙවේ. ඔවුන්ට ඕනේ ගැහැනියක් ළඟ නිවෙන්න. සැනසෙන්න." 

බනියි කියල හෙලා තලා කතා නොකරයි කියල විශ්වාසයෙන් දෙයක් කියන්න පුළුවන් වෙන විදිහේ ඒ වගේම වගකිමක් නැති බැදීමක් හොයාගෙන ගොඩක් පාරිභෝගියයන් එන බවයි ඔවුන් කියන්නේ.

අද වෙද්දී අපි දරුවන් හදන්නේ එක්කෙනයි නැත්නම් දෙන්නයි. ගොඩක් දෙමාපියන් මේ දරුවන් ලැබුනහම තමන් දෙන්නට දෙන්න වැදගත් බව එකෙන්ම අමතක කරලා දානවා. ඊට පස්සේ සැමියා/ බිරිද තව දුරටත් පෙම්වතා / පෙම්වතිය නෙවෙයි. ඔවුන් දෙන්නා ළමයාගේ අම්මා සහ ළමයාගේ තාත්තා වෙනවා. 

කෙමෙන් කෙමෙන් එකිනෙකා එකිනෙකාගෙන් ගිලිහිලා යනවා. ඊට පස්සේ වෙනම කාමර වලට යනවා. ඊටත් පස්සේ ඔන්ලයින් චැට් වල/ දේශපාලන මණ්ඩප වල/ බන සමාජ වල/ විහාර හදන ස්ථාන වල සමහරු ස්පා වල ගිහින් අර ආධ්‍යාත්මික හිඩැස වහගන්න උත්සහ කරනවා. 

අපි දරුවෝ ලබන්නේ සතුට වෙනුවෙන්. විවාහයේ එක අරමුණක් තමා වර්ගය ඉදිරියට පවත්වාගෙන යාම. හරි විදිහට නම් දරුවන් විසින් දෙමාපියන්ගේ ආදරය තව වර්ධනය කරන්න ඕනේ. නමුත් ඛේදයට කරුණ නම් අද වෙද්දී සමහර පවුල් දරුවා නිසාම දෙමහල්ලෝ වෙන් වෙනවා. විවාහයෙන් නෙවේ ආදරෙන් වෙන් වෙනවා. මේ වෙන් වීම සිදු වෙන්නේ හෙමින් සහ දෙදෙනාටම නොදැනී. 

මේ තත්වය ඇති නොවෙන්න මුල ඉඳලම ජීවිතේ තියා ගන්න ඕනේ හොඳ පුරුදු අද කතා කරමු. 

1) දරුවා ඉපදෙන්න ඉද්දි හොඳට දෙන්න කතා කරන්න. : 

අපි විවාහ වුනේ අපිට ආදරේ නිසා. නැතුව දරුවෝ හදන්න නෙවෙයි. විවාහයෙන් පසුව අපේ ලෝකෙට දරුවා එනවා. නමුත් අපි දෙන්නට හැමදාම පලවෙනි තැන අපි දෙන්න. අපි දෙන්නගේ කාර්ය භාරය මේ දරුවා යහපත් පුරවැසියෙක් ලෙස සමාජ ගත කිරීම මිස දරුවාගේ එල්ලිලා ජීවිතේ ගෙවීම නෙවෙයි . කියන දේ සරලව දෙදෙනා අදිෂ්ටාන කරගන්න ඕනේ. විවාහයට පෙර වගේම පසුත්.

2) දරුවන් ඔබ වෙතට ගෙනෙන්න යම් කාලයක් ගන්න : 

බැන්ද ගමන් දරුවෝ හදන එක නුවනට හුරු දෙයක් නෙවෙයි. මොකද දෙදෙනාගේ සම්බන්ධය ශක්තිමත් වෙනකම් , දෙදෙනාගේ ගැලපීම් නොගැලපීම් වැටහෙනකම් ඒ වගේම විවාහයේ රසය විඳලා ඉවර වෙනකම් දරුවන් ලෝකෙට නොගෙන එන එක දරුවාට වගේම ඔබටත් ඉතාම යහපත්. 

මුල් කාලේ දෙන්න එක්ක ජීවිතේ ගොඩ නගන්න, අත්හදා බැලීම් කරන්න කාලයක් වෙන් වෙන්න ඕනේ. ඒ හදා ගන්න බැම්ම පසු කාලීනව විවාහයේ සතුටට ගොඩක් බලපානවා. 

3) දෙදෙනාගේ ගැටළු වලට පිළියම් ලෙස දරුවෝ හදන්න එපා:

 සැමියා බොනවා නම්, බිරිඳට අනියම් සම්බන්ධකම් නම් , ගෙදර දබර නම් හැමෝම කියන්නේ දරුවෙක් හදන්න සේරම හරි යාවි කියල. මොන විකාරද? දරුවෙක් ආවට දබර කරන දෙන්නෙක්ගේ දබර තව වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ.

මොකද දරුවෙක් හදනවා කියන්නේ හරිම stressful ලොකු වගකීමක්. ඒ වගේ දෙයක් දරන්න නම් සන්සුන් ස්ථාවර සම්බන්ධයක දෙදෙන්ක්ට මිස හෙලවෙන දත් වගේ තිබෙන සම්බන්ධකම් වලට බැහැ 

4) දරුවා මුල සිටම හරියට හදන්න : 

සැලසුම් කරලා දරුවෙක් හදද්දී මුල ඉඳලම පහසු විදිහට හදන්න. Baby Center වගේ වෙබ් අඩවියක් එක්ක රෙජිස්ටර් වෙලා ඔවුන්ගේ තොරතුරු කියවන්න. මා නම් සැබවින්ම මගේ දරුවා පහසුවෙන් හදපු අම්මෙක්. ඒ නිසා අද වෙද්දී අපේ ජීවිතය ගොඩක් ලේසියි. 

දරුවා sleep training කරන්න. ඔබේ ඇඳ උඩ තබා ගත්තත් දරුවාට නිදාගන්න නියමිත වෙලාවක් සැලසුම් කරන්න. ගොඩක් විවාහ අවුල් වුනු දෙමාපියන් අප වෙත උපදේශනයට ආවහම කියන්නේ දරුවෝ නිදියන්නේ ඔවුන් එක්කමයි කියල. කීයට හරි දෙමාපියන් නිදියනවා නම් ඒ වෙලාවට රෑ දොළහට හරි ළමයි නිදනවා. එහෙම කරන එක සුදුසු නැති බව අපි කීවහම ඔවුන් කියන්නේ ළමයි නිදියන්නේ නැහැ. 

වෙලාවට නොනිදන / හොඳට නිදියනන්නේ නැති ළමයි සලකද්දී එක්කෝ එයාල හවස් වෙලා nap දානවා ..නැත්නම් රුටින් එකකට හුරු කරලා නැහැ... එහෙම නැතනම් ලේසියට කුක්කුව කටේ ගහගෙන නිදි කරන්න හුරු කරපු දරුවෝ. 

අමාරු වුනත් මුල සිටම වෙලාවට කිරි දීල, බර්ප් කරලා..වෙලාවට නිදි කරලා හදන දරුවෝ හොඳ නින්දක් ලබනවා විතරක් නෙවේ දෙමාපියන්ගේ ආදර ජීවිතේ පවා හොඳින් ආරක්ෂා වෙනවා. 

මගේ දරුවා රාත්‍රියේ අට වෙද්දී නිදියනවා. හැමෝම කියනවා " අනේ වාසනාවන්ත ළමයෙක් " කියල. නමුත් ඇත්ත මම හිතල , ඉගෙන ගෙන එයාව රුටින් එකකට හුරු කරා. හවස 6.30 ට එයාගේ ඩිනර් එක. හතට ඇඟ හෝදනවා. පැයක් අපි පොත් කියවනවා. අට වෙද්දී ළමයා නිදි. 

ඔය පද්දලා නිදි කරවන්න කියන අය , තුරුල් කරන නිදි කරවන්න කියන අය , කුක්කුව කටේ ගහල නිදි කරවන්න කියන අය කවදාවත් එන්නේ නැහැ ඔබේ දරුවා බලල දීල යන්න. ඔබම තමා ඔබේ දරුවෝ රැකගෙන ඔබ දෙදෙනාගේ සම්බන්ධය ආරක්ෂා කරගන්න වගකීම ගන්න ඕනේ. 

5) දෙදෙනා වෙනුවෙන් වෙලාවක් : 

දරුවෙක් මුල් කාලේ හදන එක හරිම අමාරු වැඩක් . ඒ නිසා කල්පනාවෙන් මතක ඇතුව දෙන්න වෙනුවෙන් වෙලාවක් වෙන් කරගන්න. දවසේ වැඩ ඉවර වෙලා පොඩි විනාඩි 15 ක් හරි තේ එකක් බීල කතාවක් දාන්න. ආදරෙන් කතා කරන්න. ඉස්කෝලේ හෙඩ් ප්‍රින්සිපල් වගේ හැසිරෙන්න ගියොත් කවුරුත් අපි වෙතට එන්නේ නැහැ. අපිට විවුර්ත වෙන්නෙත් නැහැ.  විවාහය කියන්නේ දෙන්නෙක් ආදරෙන් යන ගමනක් මිස කෙනෙක් අනිකා දමනය කරගෙන යට කරගෙන යන ගමනක් නෙවෙයි. 

ඕනෙම අදහසක් එලි කරන්න විවාහය කියන්නේ අතිශය ආරක්‍ෂිත තැනක් වෙන්න ඕනේ. කලත්‍රයා කියන්නේ මේ ලෝකේ වදාම ආරක්ෂිතම සුවපහසුම පුද්ගලයා වෙන්න ඕනේ. 

6) දරුවා ඔබට බැරි වුනු හීන පස්සේ දක්කන්න එපා. :

 සමහර අම්මලා ඉන්නවා උමතුවෙන් වගේ පන්තියෙන් පන්තියට දරුවෝ දක්කනවා. දරුවට පාඩුවේ ඉන්න දෙන්නෙත් නැහැ. අම්ම පාඩුවේ ඉන්නෙත් නැහැ. තාත්තාට හම්බු කරලා ඉවරෙකුත් නැහැ. දෙමාපියනට ජීවිතේකුත් නැහැ. දරුවන්ට නිසි මාර්ගය පෙන්වන්න. ඔවුන්ට ආස දේවල් නිදහසේ කරන්න ඉඩ දෙන්න. අනික් අයගේ දරුවට වඩා ඉහලින තියන්න කියල අම්මල අතරේ තරගයක් හදාගෙන දරුවා ගොදුරක් කරගෙන දඟලන්න එපා. ඔබ ජීවිතේ සතුට කියන හීනය අල්ලාගන්න . අනික් හැම දෙයක්ම ඔබ පසුපස ඒවි.

07) දරුවට පෙනෙන්න ආදරේ කරන්න. ආදරේ ජීවිතේ කොටසක් කර ගන්න .

අම්ම තාත්තා ආදරේ කරනවා දැකීම දරුවාට හරිම සතුටක්. ඔවුන්ගේ අනාගත ජීවිතේ ඔවුන් ගලපා ගන්නේ අපි ආදරේ කරන ආකාරය අනුව.  දරුවට මුල සිටම ඔබ දෙදෙනා ආදරේ බව, ඔබ දෙදෙනා වැදගත් බව, ඔබ දෙදෙනාට ඔබ වෙනුවෙන් වෙලාවක් ඕනේ බව කියන්න. ඒ වෙලාව බාධාවක් නැතුව ලබා ගන්න. 

අවසාන වශයෙන් සාර්ථක විවාහයක් කියන්නේ ආදරණීය , සතුටින් සිටින යුවලක්. අනික් හැම දේම තිබ්බත් ලෝකෙට පෙනෙන්න හිනා වෙලා හිටියත් මුලික කරුණ නැති තැන විවාහය සාර්ථක ලෙස සලකන්න බැහැ. 

විවාහයක් සාර්ථක වෙන්නේ ඉබේ නෙවෙයි. සතුටින් ඉන්න යුවලක් පසුපස තිබෙන්නේ අහම්බයක් හෝ වාසනාවක් නෙවේ. හිතල මතල , කැප වෙලා කටයුතු කරපු මනුස්සයන් දෙදෙනෙක්ගේ මහන්සිය සහ ආදරයයි.

https://www.facebook.com/reshika.dissanayake

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...