Thursday, May 26, 2022

සපත්තු, කලිසම් කකුල්, කොණ්ඩය, සහ ගවුමේ දිග නොවෙයි නම්, විනය කියන්නේ මොකක්ද? by Sampath Sri Sitinamaluwa

 මම දැක්ක විශිෂ්ඨතම පෝස්ටුවක් - https://www.facebook.com/sampath.sitinamaluwa

වේල්ස් කුමර විදුහලේ ගුරුවරයෙක් ලියපු සටහනක් හෝ ගාලා බෙදෙනවා දකිනව මේ දවස් වල. ඒ කතන්දරේ හැටියට, වේල්ස් කුමර විදුහලේ නිල ඇඳුමට අඳින්න ඕනේ ලේස් සහිත සපත්තු. සපත්තුව කැඩුණු දරුවෙක් කරලා තියෙන්නෙ තමන්ගෙ අලවන දිවක් සහිත සපත්තුව හිල් කරලා ලේස් සහිත සපත්තුවක් වගේ පේන්න ලේස් එකක් අලවලා දාගෙන ඇවිත්. දරුවාගෙ පාසල් විනයට තියෙන කැපවීම ගැන ආඩම්බර හිතිලා තමයි ගුරුතුමා අර කී සටහන ලියල තියෙන්නෙ.

    වේල්ස් කුමර විදුහලේ විතරක් නෙවෙයි, මං ගියපු පාසලෙත්, ලංකාවෙ අනිත් පාසල් වලත් විනය කියල සැලැකෙන්නේ කෑලි බෑලි නැතිව සපත්තු දාන එක, කොණ්ඩේ හරි මට්ටමට කපන එක, ලූප් නැති කලිසම් අඳින එක වගේ බාහිර දේවල්. ගැහැණු ඉස්කෝල ගත්තොත් දැරියන්ව දණ ගස්වා ගවුමේ වාටිය බිම ගෑවෙනවදැයි බැලීම, කොණ්ඩය බෙදා ඇත්තේ හරි මැදින්මදැයි බැලීම වගේ දේවල්.

    කොටින් ම කියනව නම් "සම්මත පෙනුම" කියල එකක් හදලා ඒකට යම්තමින් වත් වෙනස් විදියට බාහිර පෙනුම පවත්වාගන්නා දරුවන්ට දඬුවම් කැරෙනවා. වැඩේ තියෙන්නේ, එක වරම බැලුවම මේ "සම්මත පෙනුම" කියන එක අදාල කාලේ හැටියට සාධාරණයි වගේ පෙණුනත්, ටිකක් අතීතයට ගොහින් බැලුවොත් සමහරවිට මහ විහිලුවක් වෙනවා. උදාහරණයක් විදියට, 1999-2000 කාලේ බෙල් බොටම් විලාසිතාව කෙටි කාලයකට නැවත මතු උනා. තරුණ පාසල් සිසුනුත් බෙල් බොටම් අඳින්නට පටන් ගත්තා. දරුවන්ගේ කලිසම් කකුල් මණින්නත්, අඟල් විස්සට වැඩි බෙල් බොටම් ඇඳපු දරුවන් පාසලෙන් ආපසු හරවා යවන්නත් පටන් ගත්තේ හැත්තෑව දශකයෙ තම පාසල් කාලයෙදි අඟල් විසි හතරේ බෙල් බොටම් ඇඳපු ගුරුවරු! අද පාසල් වල වීදුරු කටු වලින් කාඟුල් (sideburns) කපන්නේත්, කොණ්ඩය හරි අංකයට කපා ඇත්දැයි සොයන්නේත් වික්ටර් රත්නායක වගේ කාඟුල් තිබුණු, වළස් තොප්පියක් වැනි කැරළි සහිත ඇෆ්රෝ කොණ්ඩයක් වවන් පාසල් ගියපු ගුරුවරු.

    අධිකාරී චරිත වලට අවනත වීම සහ කොන්දේසි විරහිතව ගරු කිරීම ඉතා ඉහළින් වර්ණනා කැරෙනවා. මට මතකයි මම අට වසරෙදි ළමයින්ට පුදුම විදියට පීඩා කරපු ගුරුවරියක්, තමන්ගේ පරණ ගෝලයින් පාසල හැර ගොස් වසර ගණනාවකට පසුත් තමන්ව දැක්කොත් පාරේ වඳින බව හරි ආඩම්බරයෙන් පාරම් බෑවා (හරි නම් මේ ගෑණි කිරි සප්පයින්ට දුන් මානසික වදයට දුටු තැන මූණට කෙළ ගහන්නයි ඕනෑ). ඒ වගේම, ගුරුවරුන්ට කතා කිරීමේදී දෑත් පිටුපසට බැඳීම වගේ දේවල් මහ ඉහළින් අගය කැරෙනවා.

    ඒ හැරෙන්නට, බහුතරය හැසිරීමට අනුගත වීමත් (conformity) ඊනියා පාසල් විනයේ අත්‍යාවශ්‍ය කොටසක් ලෙස ගණන් ගැනෙනවා. වෙනස් විදියට ඇඳීම, සිතීම-පැතීම, කතාකිරීම දරුණු ලෙස දඬුවමට ලක් වෙනවා.  මොකද, මනුෂ්‍ය දරුවන් සමූහයක් හසුරුවනවාට වඩා, කෙවිට හමුවේ එකම විදියට හැසිරෙන, වෙනස් විදියකට හිතන්න බැරි හරක් රැළක් ආම්බාන් කිරීම ගුරුවරුන්ට ලෙහෙසියි. මේ හරක් රැළ, පාසල් වල ගුරුවරුන්ගේ කෙවිටෙන් මිදුණු පසු ආයතන/සමාගම් ප්‍රධානීන්ගේ සහ දේශපාලකයන්ගේ කෙවිටෙන් පාලනය වන පිරිසක් බවට පත් වනවා.

    එසේ අණකිරීම ප්‍රශ්න නොකැර පාලකයාට උවමනා ලෙස උම්බෑ කියන හරක් රැළක් රටක සිටීමේ ප්‍රතිපල අප දැන් දකිනවා.

    සපත්තු, කලිසම් කකුල්, කොණ්ඩය, සහ ගවුමේ දිග නොවෙයි නම්, විනය කියන්නේ මොකක්ද?

1. අනෙකා ගැන තැකීම විනයයි.

    තමන් කරන ඕනෑ ම දෙයකින් අනෙකාට කරදරයක් නොවන බවට වග බලා ගන්නට අපට හැකි වන්නට ඕනෑ.

    හිතලා බලන්න මේ වගේ හැසිරීමකින් ලංකාවෙ තියෙන ප්‍රශ්න කීයක් විස‌ඳෙනවද කියලා. අපි හරි ආසයි මිනිස්සු පාරෙ යන්නෙ, වාහන එළවන්නෙ විනයක් නැතිව කියලා කන්කෙඳිරි ගාන්න. නමුත් අනෙකාට වාතයක් නොවී පාරෙ යන්නට අපිට බැරි වෙලා තියෙන්නේ විනය රීතියක් විදියට අපි ඒක කවදාවත් ඉගෙනගෙන නැති නිසා.

    පොදු ස්ථානවල කන පැලෙන්න සංගීතය අහන මිනිස්සු, ගෝල්ෆේස් ඇවිත් රතිඤ්ඤා දාන මිනිස්සු, පාරෙ ගෑණුන්ට කුණුහරුප කියන මිනිස්සු, බස් වල ජැක් ගහන මිනිස්සු මෙච්චර හැදිලා තියෙන්නෙ කොහොමද?

    අනෙකා ගැන තකන්න අපි කවදාවත් ඉගෙනගෙන නැහැ. විශේෂයෙන් අන් දරුවන් බුලි කිරීම (bullying) ගැන පාසලෙන් පියවරක් නොගන්නවා විතරක් නොවෙයි, දරුවන් බුලි කිරීම සමහර ගුරුවරුන්ගේ විනෝදාංශය වෙලා තිබෙනව. මේවා වෙනස් විය යුතු දේවල්.

2. ආත්මාර්ථකාමී නොවීම විනයයි.

    (අ) සාධාරණව ලබාගත් අවස්ථාවක් අනෙකෙකුට අහිමි නොවන බවට වග බලා ගැනීම විනයයි.

     මේ රීතිය තියෙනවා නම් පොදු ස්ථානවල සහ විශේෂයෙන් මේ කාලේ පිරවුම්හල් වල පෝලිම් පනින මිනිස්සු නැහැ. ආණ්ඩුවේ කන්තෝරු වලින් ඉක්මනට වැඩ කරගන්න ගතමනාවක් අත මිට මොළවන, ඉස්කෝලෙට ළමයා දාගන්න බොරු පදිංචි හදන, රස්සාවක් ගන්න බොරු සහතික හදන මිනිස්සු නැහැ. එහා ගමටයි මේ ගමටයි දෙකටම බෙදන්න ගෙනාපු ගෑස් මේ ගමෙන් බාගෙන එහා ගමේ මිනිස්සුන්ට කෙළවන්නෙ නැහැ.

    (ආ) තමන් කරන දේ හැමෝම කළොත් සමාජ ප්‍රශ්නයක් ඇති වන්නේ නම් එය නොකර සිටීම විනයයි.

    ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික ව්‍යසනය වෙලාවේ ජපනුන් වෙළඳසල්වල රාක්ක හිස් නොකැර තමන්ට අවශ්‍ය දේ පමණක් රැගෙන යන අපූරුව ගැන වර්ණනා කරන පෝස්ට් ඒ කාලේ හොඳට බෙදුනා. හැබැයි ඉන් දහයෙන් පංගුවක ව්‍යසනයක් ඇති වෙච්ච ගමන් ලංකාවේ මිනිස්සු ට්‍රොලි හතර පහ පිරෙන්න බඩු අරන් යනවා. අපි මේක පහුගිය කාලෙ හොඳටම දැක්කා. සමහරු පහු ගිය කාලේ සබන් අරන් ගිය හැටියට ඒවා ඇ‌‌ඟේ ගාන්න විතරක් නොවෙයි, ලිහිසිකාරකයක් විදියටත් පාවිච්චි කරනවා වෙන්න ඕනේ.

3. චිත්තවේගය පාලනය කිරීම විනයයි.

    හිතට තරහක් හෝ දුකක් ඇති උනාම තර්කානුකූලව කටයුතු කරන්න ඉතාම අමාරුයි. නමුත්, ඒ හැඟීම් වලට වහල් වෙලා කරන අතාර්කික දේවල් වලින් අනෙක් අතට අන් අය තරහ යැවීම හෝ දුකට පත් කිරීම සිද්ධ වෙනවා. හැඟීම් වලට වහල් වෙලා අතාර්කික වැඩ කිරීම සමාජගත දෙයක් නම් ඒ තරහ ගියපු අනෙකුත් අයත් ඒකම කරනවා. මේකත් අපි පහුගිය කාලේ හොඳටම දැකපු දෙයක්. අපි දැක්කා කිසි තාර්කික හේතුවක් නැතිව පාරවල් වහනවා. පොඩි ළමයි වගේ (ඇත්තට අපි "පොඩි ළමයි වගේ" කියන්නේ පොඩි ළමයින්ට හැඟීම් පාලනය කරගන්න තරම් පරිචයක් නැති නිසා. පොඩි ළමයි කරන්නේ තරහ ගියාම අඬලා, ගහලා, බඩු වීසි කරලා අවධානයක් ගන්න එකයි. ලංකාවේ ඊනියා වැඩිහිටියෝ කරන්නෙත් ඒකමයි).

    චිත්තවේගය පාලනය කරගන්න දන්නා මිනිස්සු නීතිය අතට ගන්නේ නැහැ. එයත් කුඩා කාලේ ඉඳන් කියා දිය යුතු එකක්. විෂය බාහිර ක්‍රියාකාරකම් විශේෂයෙන් තිබෙන්නේ මේකටයි.

4. සමානාත්මතාවය විනයයි.

    (අ) වයස, උගත් කම, වත්පොහොසත් කම, හෝ පෙනුම නොසලකා අනෙකාගේ අදහසට සාවධානව සවන් දීමට හැකි වීම විනයයි.

    පාර්ලිමේන්තුවේත්, රූපවාහිනී දේශපාලන සංවාද වලත් අපි හොඳටම දකින දෙයක් තමයි අනෙකාගේ අදහස් ඉවසීමට නොහැකි කම. දේශපාලනයට විතරක් නොවෙයි, ගමේ ගොඩේ, කඩේ පිළේ මොනවා ගැන කතා කළත් අනෙකාට සවන් දීමෙන් පසුව සාවධානව තමන්ගේ අදහස ඉදිරිපත් කරනවා වෙනුවට අපි නිතොර දකින්නේ අනෙකා පරයා හූ කීමට උත්සාහ දරන නරි රැළක්. මොකද, අනෙකාට සවන් දෙන්න අපි ඉගෙනගෙන නැහැ.

    අනිත් අතට, ගුරුවරු සහ පොදුවේ වැඩිහිටියන් දරුවන්ට ගෞරවාන්විතව සලකන්නේ නැති තරම්. දරුවෝ කියන්නේ වැඩුණු මිනිස්සු නොවුනාට ඔවුනුත් පෞරුෂයක් තිබෙන, හැඟීම් දැනීම් තිබෙන, තමන්ගේ ම අදහස් තිබෙන මනුෂ්‍ය පිරිසක්. දරුවන්ට සවන් දිය යුතුයි. එහෙම කළොත් තමයි අන් අයට සවන් දෙන වැඩිහිටියෙක් වෙන්න දරුවෙකුට හැකි වන්නේ. දරුවා මත අධිකාරී බලය තිබෙන ගුරු දෙගුරුන් දරුවාට සවන් දෙන්නේ නැති නම්, දරුවා වැඩිහිටියෙක් වෙලා ආයතන ප්‍රධානියෙක් උනාම තමන්ගේ සේවකයන්ට සවන් දෙන්නෙ නැහැ. දේශපාලකයෙක් උනාම ජනතාවට සවන් දෙන්නෙ නැහැ.

    මේවායේ ප්‍රතිපලත් අපි අද දෑසින් දකිනවා.

    (ආ) නෑදෑකම, පසුබිම,  වත්පොහොසත් කම්, සමාජ සම්බන්ධතා හෝ එහෙයිභාවය නොසලකා සුදුස්සාට සුදුසු තැන දීම විනයයි.

    මං හිතන්නෙ නෑ මේක ලොකුවට පැහැදිලි කරන්නට ඕනෑ කියලා. නෑදෑයන්ට, පාසල් බඩියන්ට, සහ එහෙයියන්ට තනතුරු දීමෙන් සිද්ධ වූ විනාශය අපි දැන් අත්දකිනවා. ඒ නිසා ඒ ගැන වැඩි දුර කීම අනවශ්‍යයි.

    පාසලේදි මෙය ක්‍රියාවෙන් පේන්න ඕනෑ. වැඩි ලකුණු ගන්නා දරුවන්ට හෝ ගුරුවරයින්ගේ දරුවන්ට විශේෂ සැලැකිලි තියෙන්නට බැහැ. යම් සමාජ මට්ටම් වල දරුවන් පහත් කොට සලකන්නට හෝ "ගොඩ දමන්නට බැරි" කොටසක් ලෙස බැහැර කරන්නට හෝ බැහැ.

5. අවසාන වශයෙන්, ගරුත්වය අපේක්ෂා නොකිරීම විනයයි.

    අප පුරුදු වී සිටින්නේ තමන්ගේ වයස, වත්පොහොසත් කම්, හෝ තත්ත්වය අනුව අනෙකාගේ ගරුත්වය අපේක්ෂා කරන්නයි. මේක කණගාටුදායක තත්ත්වයක්.

    වැඩිහිටියන්, ගුරුවරුන්, සෙබළුන්, සහ විශේෂයෙන් ආගමික පූජකයන් සම්බන්ධයෙන් නිතොර කියවෙන දෙයක් තමයි "මොනවා වුනත්" ඔවුන්ට ගරු කළ යුතු බව. මේක මා එක හෙළා විරුද්ධ වන දෙයක්. මොකද, මෝඩයොත් වයසට යනවා. තක්කඩින්ටත් තනතුරු ලැබෙනවා. තිරිසන්නුත් නිල ඇඳුම අඳිනවා. කපටි කෛරාටිකයනුත්, බල පෙරේතයනුත් සිවුරට සහ ලෝගුවට මුවා වෙනවා.

    වයසට, තනතුරට, නිල ඇඳුමට, සිවුරට, හෝ ලෝගුවට ගරු කළ යුතු නැහැ. සිල්වත් කමට, ගුණවත් කමට, මනුස්ස කමට, විනයානුකූල බවට, ඍජු බවට, නැණවත් බවට ගරු කළාම හොඳටම ඇති. හැමෝම ගරු කටයතු ලෙස හැසිරෙනවා නම්, වයසට, තනතුරට ආදී වශයෙන් ගරු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ.

    කුඩා කාලයේ පටන් කියා දිය යුත්තේ යම් පටිපාටි වලට අනුන්ට ගරු කරන්න නොවෙයි, ගරු කටයුතු ලෙස හැසිරෙන්නේ කොහොමද කියන එකයි. ඒක ගුරුවරු ආදර්ශයෙන් පෙන්විය යුතුයි. ගරුත්වය බලාපොරොත්තු නොවී ගරු කටයුතු ලෙස හැසිරෙන්නට ගුරුවරුන්ට හැකි විය යුතුයි.

    බාහිර පෙනුම හෝ පිටතින් බලයෙන් ඇති කරන හැසිරීම් සමුදායක් නොවෙයි විනය කියන්නේ. විනය කියන්නේ පුද්ගලයාගේ ඇතුලාන්තයෙන් ඇති විය යුතු දෙයක්. එය කුඩා කාලයේ සිට පරෙස්සමෙන් පෝෂණය කරමින් වැඩිය යුතු වටිනා ගසක්. පුද්ගල පෞරුෂය තමා මේ ගසේ පොත්ත, නමුත් අරටුව වන්නේ විනයයි.

    කරුමය වන්නේ අප අනාදිමත් කාලයක සිට වගා කර ඇත්තේත්, අදටත් වගා කරන්නේත්, අරටු නැති වඳ කෙසෙල් ගස් වීමයි.


Another great post by the same author:

ගුටි කාපු නිසා "මෙතෙන්ට" ආපු අවුරුදු තිස්පහේ පාසල් ලමයි වන ඔබටයි මේ කතන්දරය. මේක මට ඉස්කෝලෙ 12 වසරට ආපු ගමන් වගේ වෙච්ච එකක්.

එක්තරා පොර ගුරුවරයෙක් හිටියා "විනය" ගැන සෑහෙන්න ප්‍රසිද්ධ. මම එක දවසක් පීරියඩ් එකක් වෙලාවේ කොරිඩෝවක යමින් හිටියා. ඇත්තටම මම කැඩෙට් බෑන්ඩ් එකේ හිටපු නිසා විෂයය බාහිර වැඩ වලට අවේලාවේ එලියට යන එක මට සාමාන්‍ය දෙයක්. ඒ ගියේ නිසි අවසර ඇතුව. ඉතින් ඔහොම යනකොට තමයි මේ ගුරුවරයව හම්බ උනේ.

"තමුසේ කොහේද යන්නේ? මොකද්ද පන්තිය? මෙහෙ එනවා යන්න" කියාගෙන තමයි මිනිහා මගේ ලඟට ආවේ. ඇවිත් කෙලින්ම මගේ වැලමිටෙන් අල්ලන් ඇදන් යන්න පටන් ගත්තා. මම එතනම නැවතිලා මූණටම කිව්වා "සර්, මාව ඇදන් යන්න ලෑස්ති වෙන්න එපා. මම අවසර ඇතුව එලියේ ඉන්නේ. සර්ට මේක බේරගන්න මාව කොහේට හරි එක්ක යන්න ඕන නම් මම දුවන්නෙ නැහැ, එන්නම්. හැබැයි මාව පන්ති ඉස්සරහින් ඇදගෙන යන්න ඉඩ දෙන්න බැහැ" කියලා.

පොර ඇත්තටම එතන ගල් උනා. මිනිහ බලාපොරොත්තු උනේ නෑ කවදාවත් ලමයෙක් එහෙම කතා කරයි කියලා. ලැජ්ජාව වහගන්න මිනිහා මාව අංශ භාර ලඟට අරගෙන ගියා. මම එතනදි තත්ත්වය අංශ භාර ගුරුවරයාට පැහැදිලි කරල ඒක ඉවරයක් කරගෙන මගේ වැඩේ කරගන්න ගියා.

තමන්ට ලමයෙක් ඉන්නව නම් "ගුටිකාපු නිසා තමයි අපි හැදුණේ" වගේ බූරු කතා නොකියා පොඩි කාලේ ඉඳන් පෞරෂයක් ඇති කර ගන්න, අසාධාරණයට එරෙහි වෙන්න උගන්නන්න. ගුටි කෑමෙන් උත්තේජනයක් ලබන ස්වපීඩක කාමුකත්වයක් ඔබට තියෙනවා නම් ඒක කමක් නෑ, එහෙම අය ලෝකේ ඕනෑ තරම් ඉන්නවා. හැබැයි ඒක තමන් ලඟ තියාගන්න. මොකද ඔබ ස්වපීඩක කාමුකයෙක් උනාට අනිත් හැමෝම එහෙමයි කියල හිතන්න එපා.

ඇයි අපි එහෙම පෞරුෂයක් ඇති කරගන්න පුරුදු කරන්න ඕනේ? හේතුව, ආත්ම ගරුත්වයක් ඇතුව ලමා කාලය ගත නොකරපු එවුන් ලොකු උනාම දන්නේ නෑ අනිත් එවුන්ගේ ආත්ම ගරුත්වය සලකන්න. එහෙම එකා පස්සේ කාලෙක විශ්ව විද්‍යාලේ සීනියර් ශිෂ්‍යයෙක් උනාම, ගුරුවරයෙක් උනාම, පොලිස් යුනිෆෝම් එකක් අඳින්න හම්බ උනාම, කාගෙ හරි බොසෙක් උනාම බලන්නේ තමන් යටතේ ඉන්න එවුන්ට බල්ලන්ට වගේ සලකන්න. ඒ වගේ එවුන්ගෙ ලක්ෂණය තමයි යට ඉන්න එවුන්ට ගෙම්බර් දාන ගමන් තමන්ට උඩින් ඉන්න එවුන්ගෙ ඇඟේ පූසා වගේ ඇතිල්ලෙන එක. එහෙම එවුන්ගෙන් පිරීගෙන ගිය රටක තමයි දේශපාලකයො මොන දේ කරල ගියත් අපිට නෙවෙයි වගේ ඉන්න සොම්බී පුරවැසියො හැදෙන්නේ. ඒ වගේ එවුන්ට තමයි මන්ත්‍රීලා ස්කොඩ් එක වට කරන් අනිත් එවුන් බලු ගණන් නොගෙන පිස්සො වගේ පාරෙ යන එක අවුලක් නොවෙන්නේ. ඒ වගේ උන් තමයි පොලීසිය නැවැත්තුවම "මහත්මයා, මොකද ප්‍රශ්නේ" කියල කෙලින් නාහා ඔලුව කස කස "අනේ රාලහාමි, හුනේ රාලහාමි" කියලා පින්සෙණ්ඩු වෙන්නේ.

කරුණාවෙන් ඉල්ලන්නේ, ඔබ ගුරුවරයෙක් නම් මේක තේරුම් ගන්න: අවුරුදු දාහතේ කොල්ලා කෙල්ල උනත් වැඩිහිටියෙක් නොවුනත් ආත්ම ගරුත්වයක් තියෙන පුද්ගලයෙක්. දාහතේ නෙවෙයි, පහලවේ උනත්, දහයේ උනත්, පහේ උනත්, ඒ දරුවා කියන්නෙ යම් පෞරුෂයක් වර්ධනය කර ගනිමින් ඉන්න පුද්ගලයෙක්. ඒ දරුවන්ට ගරුත්වයක් ඇතුව සලකන්න. අර මගේ කතාවෙ ගුරුවරයා වගේ පූර්ව නිගමන එක්ක දරුවො දිහා බලන්න එපා. ඔබ කාට හෝ පීඩා පැමිණවීමෙන් ආශ්වාදයක් ලබනවා නම් ඒක පරපීඩක කාමුකත්වයක් බව දැනගන්න. ඔබේ පරපීඩක කාමුකත්වය සංතර්පනය කරන්න දරුවන් යොදා ගන්න එපා. ඒකට ඔබට ගැලපෙන ස්වපීඩක කාමුකත්වක් ඇති සහකරුවෙක්/සහකාරියක් හොයාගන්න.

කේතෑන්ක්ස්බායි.

Tuesday, May 24, 2022

අන්ජන උදේශ් වගේ හිතන අයට පිළිතුරක්

 


//රටේම අහිංසක මිනිස්සු පෝලිම්වල දුක් විදින එකේ ඉවරයක් නෑ.// ඕගොල්ලො බහුතරය අහින්සක මිනිස්සු නෙමේ අන්ජන. පහත ලියල තියෙන පෝස්ට් එකේ ඒක පැහැදිලි කරල තියෙනවා;

Chamod Hettiarachchi 
 පැය ගණන් පෝලිමේ ඉන්නෙ අපි මොන වරදක් කලාටද කියලා පෝස්ට් දානවා නේද? 

වරද කියලා දෙන්නද? 

වරද තමයි පුන පුනා හොරු, මංකොල්ලකාරයො, දූශකයො, අට පාස් නැති බූරුවො, මැරයො, මිනීමරුවෝ පාර්ලිමේන්තු යවපු එක. 

වරද තමයි නිදහස ලැබුණු දා ඉදන් සුදුසු උන් පැත්තට දාල තාත්තගෙන් පුතාට/දුවට හරි මිනිහගෙන් ගෑණිට හරි, මාමගෙන් බෑණාට හරි චන්දෙ දුන්න එක. 

වරද තමයි උන් මජර වැඩ ඔක්කොම කරද්දි, උන්ගෙ වාසියට ඔක්කොම නීති නවද්දි ඒකට විරුද්ධ වෙන්නෙ නැතුව පාට පක්ශ බදාගෙන උන්ව ආරක්ෂා කරපු එක. 

වරද තමයි ජාතිය ආගම කියල උසි ගැනුවවහම පිස්සු බල්ලො වගේ එකට ජීවත් උන අල්ලපු ගෙදර එකාට ගහන්න තරම් හරක් උන එක. 

වරද තමයි අපේ චන්දෙන් පත් උන උන්ව මහරජානෝ කරලා උන්ගෙ පස්සෙන් වැටීගෙන උන්ට පාරෙ ඉඩ දීගෙන නිවට විදිහට හිටපු එක.

වරද තමයි දූශන වංචා එලි වෙද්දි, පැනමා පේපරස් , පැන්ඩෝරා පේපර්ස් එලි වෙද්දි කටවහගෙන අපි හම්බ කලොත් අපි කනවා කිය කිය පොර ටෝක් දිදී හිටපු එක. 

වරද තමයි උසාවියෙ නඩු තියෙන, මිනීමැරුම් වංචා තියෙන, කම්බ හොරු රැලක් වටකරගෙන ආපු තක්කඩියෙක් ජනාධිපති කරලා උගෙ වටේ හිටපු පාදඩයො ටික ඇමතිලා කරපු එක. 

වරද තමයි ණය කුට්ටි කුට්ටි අරං ඒවයින් කොමිස් ගහලා හදපු මෙලෝ වැඩක් නැති සංවර්ධන ව්‍යාපෘති වලට හුරේ දාපු එක. 

වරද තමයි අලුත් රටක් හදන්න කතා කරපු වැඩ කරපු මහන්සි උන උන්ව කුදලගෙන යද්දි කටවල් වහගෙන අපිට නෙමේ වගේ හිටපු එක. 

වරද තමයි රටේ ආර්ථිකය ගැන දේශපාලනය ගැන අබමල් රේණුවක දෙයක් හොයන්නෙ කියවන්නෙ බලන්නෙ නැතුව ඉන්දියන් මෙගා නාටය ඇතුලේ කාලකන්නි වෙච්චි එක.

වරද තමයි සිවුරට, කුරානෙට, කුරුසෙට, රැවටිලා එකතු වෙනවා වෙනුවට බෙදිලා තමන්ගෙ ගොඩ ලොකු කරගන්න මරාගත්තු එක. 

වරද තමයි තාමත් මුන් ටික රට හදනකල් එලුවගෙ අහවල් එක වැටෙනකල් බලන් ඉන්න නරියා වගේ බලන් ඉන්න එක. 

වරද තමයි හරි දේට හරි කියන්නයි වැරදි දේට වැරදි කියන්නයි කොන්ද පණ නැති එක.

//ඒකට තාමත් ස්ථිර විසදුමක් පේන තෙක් මානෙක නෑ. ඒත් මිනිස්සුට මේ තරම් දුක් උහුලන්න බෑ.// 

ඒක නිසා තමයි ජනතාව සියලුම දෙනා එකාවගේ පාරට බැහැල ප්‍රජාතන්ත්‍රවාදීව අරගලය කරන්නට අවශ්‍ය වන්නේ.

//ඒ නිසා පින් සිද්ධ වෙයි මේකට උත්තර හොයන්න දේශපාලනය පැත්තකින් තියල මැදිහත් වෙමු. // 

මේක සීයට සීයක්ම දේශපාලනික ප්‍රශ්නයක්. මේක ස්වභාවික විපතක්, සතුරැ ආක්‍රමණයක් හෝ බාහිර සාධකයක් නොවේ. ඒ නිසා උත්තරයත් සීයට සීයක්ම දේශපාලනිකයි. 

//අපේ රටෙන් විදේශ ගත වෙලා ඉන්න පිරිස ලක්ෂ 25 කට ආසන්නයි.. එයින් ලක්ෂ 10 ක් එකතු වෙලා තමන්ගෙ ගෙදර අයට බැංකු හරහා ඩොලර් 1000 ගානෙ එව්වොත් ඩොලර් බිලියනයක්.. ඒ සල්ලි බැංකු වලින් මහ බැංකුව මිලට ගත්තොත් ඔබ දන්නවද මිනිස්සු මේ පෝලිම් වල දුක් විදින එක සම්පූර්ණයෙන් ඉවර කරන්න පුලුවන්.. //

මේක පෝළිම් පිළිබඳ ප්‍රශ්නයක් නෙමේ, රටේ සමස්ථ ව්‍යුහය බිඳ වැටීම පිළිබඳ ප්‍රශ්නයක්. රෝහල් වල බෙහෙත් නෑ, තියන ඒව වල ප්‍රමිතිය නරකලු, කෑම හිඟය, උද්ධමනය ඒව ගැන මොකද කියන්නෙ?  ඔය එක එක ප්‍රශ්නයට තව ඩොලර් දාහ දාහ ගානේ ඉල්ලනවාද, එහෙමවත් කරල බේර ගන්න බෑ මේක දේශපාලකයන් මාරැ නොකර. අනික ඉන්ධන පෝළිම් මේ තරම් නරක අතට ගිහින් තියෙන්නෙ ඕගොල්ලන්ගෙම කැත වැඩ නිසා (https://www.youtube.com/watch?v=NJHxulXkTn0). ඒ වගේම නිසි කළමණාකරනයක් නැති නිසා- ඒ කියන්නෙ දේශපාලනික නායකත්වයේ අවුළ. කළිනුත් කිව්වනෙ මේක සීයට සීයක්ම දේශපාලනික ප්‍රශ්නයක් කියල. 






පිටරට මිනිස්සු කරල දෙනකම් අතපය අකුළගෙන ඉන්නැතුව මේ යට කියල තියෙනව වගේ සිස්ටම් එකක්වත් හදා ගන්නවකො;





//ජූනි 1 වෙනිද අපි වෙනුවෙන් මේ වැඩේ කරන්න කියල අපි හැමෝම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ආයාචනයක් කරමු..//

එහෙම ඕගොල්ලො ඉල්ලන ඉල්ලන වෙලාවට සල්ලි එවන්න පිටරට මිනිස්සු සල්ලි ගස් වලින් කඩන්නෙ නෑ, ලන්කාවෙ වැඩිම ශ්‍රමිකයන් පිරිසක් ඉන්නෙ මැදපෙරදිග ශෘහ සේවයේ, සාත්තු සේවයේ, වගේ බ්ලූ කොළර් අඩු ආායම් වැඩි වැඩ සහිත රස්සාවල. ඒ මිනිස්සු වෙනුවෙන්  අන්ජන උදේශ්ල වචනයක්වත් කතා කරල තියෙනවද? පසුගිය කොරෝන කාලෙ ඒ මිනිස්සුන්ට මිනිස් බෝම්බ ලෙස සළකමින් බෝඩර් වහද්දි  අන්ජන උදේශ්ල වචනයක්වත් කතා කරල තියෙනවද? ඒ මිනිස්සු මැදපෙරදිග අසාධාරණයට ලක් වූ විට, මිය ගිය විට අන්ජන උදේශ්ල වචනයක්වත් කතා කරල තියෙනවද?  අන්ජන උදේශ්ලගෙ පෝළිම් නැති කරන්න ඒ මිනිස්සු මැදපෙරදිග නැහීගෙන හොයන මුදල් එවන්න කියල අන්ජන උදේශ්ල කියන්නෙ කටින්ද? ලන්කාවෙ බැන්කු පද්ධතිය කඩා වැටුනොත් ඒ මුදල් ගෙවන්නෙ අන්ජන උදේශ්ලද?

//කවුරු හරි මේ වැඩේට negatieve idea දෙනවනම්, 'දේශපාලකයන් හොරකන් කරයි' වගේ එයාලව unfriend කරල දාන්න. එකක්, පුද්ගලික ගිණුමකට දාන සල්ලි කාටවත් හොරකන් කරන්න බෑ කියන එකවත් නොතේරෙන නිසා. අනික, එහෙම කියල දේශපාලකයන් ඇත්තටම හොරකන් කරන විදි යට ගහන්න හදන නිසා. අනික, මේ වෙලාවෙ මිනිස්සු දුක් විදින එකෙන් ඒ වගේ අය යටි හිතින් කාළකණ්නි සතුටක් ලබන නිසා..//

පුද්ගලික ගිණුමකට දාන සල්ලි කාටවත් හොරකන් කරන්න බෑ කියන එකවත් නොතේරෙන නිසා නෙමෙයි ඒ විදේශ විනිමය යෙදවෙන්නේ පෙට්‍රල් ගේන්න කසේ වෙතත් උද්ගෝශකයන්ට නවීන ටියර් ගෑස්, බැරියර්, ජල විදීමේ වාහන ආදිය ගන්න, බේබිල රට සවාරි යවන්න ආදියට නිසයි දූෂිත රෙජීමය ඉන්නකන් අපි විදේශ විනිමය එවන්නැත්තේ. මේ වගේ ආත්මාර්ථකාමී අපතයො අන්ෆ්‍රෙන්ඩ් වෙන එක හුඟක් හොඳයි. මුන් තමයි රනිල් රටේ කෑල්ලක් විකුණලහරි පෝළිම නැති කලොත් ආයෙ  රනිල්-ගෝටටම ඡන්දෙ දෙන්නෙ. සුදන්තක ගොඩක් හොඳට මේක විග්‍රහ කරනව පහත වීඩියෝවේ;

https://www.youtube.com/watch?v=mhwZ4hnZH6U


Monday, May 23, 2022

Its time to home school Sri Lankan children as much as possible

Chapter 115C of the North Carolina General Statutes defines homeschooling this way: "Ho­me ­school" means a nonpublic school in which one or more children of not more than two families or households receive academic instruction from parents or legal guardians, or a member of either household.

These kids don't go to a conventional schools, yet they learn from home according to a schedule and sit for OL, AL exams like others.

Home schooling is beneficial in these circumstances because;

1. Transportation is about to collapse and many kids are not going to the close by school. Some kids travel very far to go to so called popular schools.

2. Can save fuel

3. Can reduce traffic related problems such as accidents

4. Can reduce child abuses in schools or road/public transportation

5. Save money for school fees, cloths, other unnecessary fancy school charges 

6. Save time 

7. Ensure more relaxed environment - can sleep well, eat well, rest well, no travelling

8. Parents can closely monitor quality of the education unlike schools where parents have no clue if their child is abused by a teacher or bullied by another child

9. No bad influences - drugs for example

10. Above all, quality of the education can be very high if the parent/guardian is very skillful/educated/updated, compared to a teacher who has no passion to educate but wants the income.

11. You can help your neighbor/friend's child too


One huge advantage for home schooling is all text books can be downloaded online and there are so many resources you can find online, unlike a decade or two ago. 

I understand some parents can not do this due to lack of resources and other issues. But some parents who are struggling with their jobs due to economic crisis, who have resources and qualifications, please consider home schooling your child. Please make sure your child is educated no matter what.

See Sri Lankan examples below:

https://www.youtube.com/watch?v=ja2o8hN1yH0

https://www.youtube.com/watch?v=Mahmh_Hkldc


  

Thursday, May 19, 2022

මේ වෙලාවෙ රට ගොඩ දාගන්න ලන්කාවෙ මිනිස්සුන්ට තනි තනිව කරන්නට පුළුවන් දේවල් මොනවාද? දෙවන කොටස

 



ලන්කාව නිල වශයෙන්ම බන්කොළොත් වී ඇති මේ මොහොතේ, තනි තනිව ගෙවල්වල ඉන්න බාල මහළු ගෑනු පිරිමි ඔබට විශාල කාර්‍යභාරයක් පැවරී තිබෙනවා. ඒ තමයි ඔබේ කොමියුනිටි එකේ මූළික අවශ්‍යතා සඳහා සහජීවනය මත පදනම් වූ ක්‍රමවේදයක් ඇති කර ගැනීම. ඒ ඇයි? ඉස්සරහට එන්නේ මූළික අවශ්‍යතා ඉටු කර ගන්නට පවා මාරම යුද්දයක් කරන්නට සිද්ද වෙන යුගයක්. ඒකට හරියාකාරව මූණ නොදුන්නොත් සියළු දෙනාම විපතට පත් වෙනවා, නෑ  පට්ටම පෝසත් සියයට එකක් දෙකක් හැර ඉතිරි සියළු දෙනාම විපතට පත් වෙනවා. 

ඔබේ කොමියුනිටි එක කියල මම අදහස් කලේ ඔබ ඉන්නේ ගමක නම් ගම, නගරයක නම් ඔබේ ගෙදරට යන ලේන් එක, ඔබේ තට්ටු නිවාස සන්කීරණය ආදී හඳුනා ගත හැකි කොමියුනිටි ඒකකයක්. මේ වෙලාවෙ වාද බේද අතහැරල ජීවිතය බේරා ගැනීම සඳහා එකතු වෙන්න. 

මූලිකවම මේ කොමියුනිටි ඒකක පොදු කුස්සියක එක වේලක්වත් උයන්නට පටන් ගන්න. කිසිම කෙනෙක්ව හලන්න කොන් කරන්න එපා. එක අතකින් ඒක මිනිස් කමට නිගාවක්, අනිත් අතට මේ වෙලාවෙ මිනිස්සු ඉන්න මානසිකත්වය එක්ක බඩගින්න දරා ගන්න බැරිව හොර මැර කමට යොමු වෙන එක වැළකෙනවා. පොදු කුස්සියක උයන එකේ වාසි තමා අරපිරිමැස්ම, සහයෝගය, ඒවගේම පිටරටවල ඉන්න මිනිස්සුන්ට පවා උදව් කරන්න පහසුයි.  ආධාර දෙන කොට විදේශිකයෙක්ට උනත් ලොකු පැහැදීමක් ඇති වෙන්නෙ  ආධාර ලබන මිනිස්සු අරපිරිමැස්මෙන් සහයෝගයෙන් ඒව පාවිච්චි කරන කොට. තව දෙයක් තමයි ගම් මට්ටමේ නායකයො මේවයින් බිහි වෙනවා, මිනිස්සුන්ට සමාජ පරිවර්තනය උදෙසා ආත්ම තෘප්තියෙන් කරන්න වැඩක් ලැබෙනවා, ඒක මේ වෙලාවෙ මානසික පීඩනය අඩු කරන්න හොඳයි.  

දෙවනුව ඔබේ කොමියුනිටි එකේ ආහාර සුරක්ශිතතාවය සඳහා පුළුවන් සෑම බිම් අඟලක්ම වගා කරන්න, ඇතැම් විට ලොකු ඉඩමක් තියන වයසක මනුස්සයෙක්ට ඒක වගා කරගන්න හයියක් නෑ, හයිය තියන තරැණයින්ට වගා කරගන්න ඉඩමක් නෑ. මේ නිසයි සහයෝගයෙන් වැඩ කිරීම ඉතාම වැදගත්. ගමේ කුකුළ් කොටුව  කිරි හරක් මාළු ඉන්න ඇළ දොළ රැක ගෙන වැඩි දියුණු කර ගන්න. 

ඊළඟට කොමියුනිටි එකේ සියළුම දෙනාගෙ දක්‍ෂතා සහ සුදුසුකම් හඳුනා ගන්න. කොමියුනිටි එකේ ගුරැවරැ, හද හෙදියො, උයන්න ළමයි රැක බලා ගන්න හැකි ගෘහණියො, දොස්තරල, අයිටී ෆීල්ඩ් එකේ අය, වෙළෙන්දො, ශිෂ්‍යයො ආදී සියල්ලන්ම  එකට එකතු වෙන්න. ඉස්සරහට පාසල් අධ්‍යාපනයට අබ සරණ වුනොත් අර කොමියුනිටි එකේ ගුරැවරැන්ට කොමියුනිටි එකේ සියලුම ළමයින්ට උගන්වන්නටත්, ඒකෙන් උදව් ලබන කොමියුනිටි එකේ වෙළෙන්දො නොයෙක් අත්‍යවශ්‍ය දේවල් ගුරැවරැන්ට දීමට, ගෘහණියො ගෙදර අස්පස් කරල කුඩා ළමයි බලල දීමට වගේ සේවා මූළික ස්වාධීන කුඩා කොමියුනිටි එකක් බවට මෙතන පත් කර ගන්න. තව උදාහරණයක් ගත්තොත් කොමියුනිටි එකේ දොස්තර/නර්ස්/සෞඛ්‍ය සේවකය කොමියුනිටි එකේ රෝගී වෙන අයට උදව් වෙනව. අයිටී දන්න ශිෂ්‍යයා සමාජ මාධ්‍ය යොදාගෙන අවශ්‍ය බේත් හොයනව. කළින් වගේ කොමියුනිටි එකේ වෙළෙන්දො නොයෙක් අත්‍යවශ්‍ය දේවල් ගුරැවරැන්ට දීමට, ගෘහණියො ගෙදර අස්පස් කරල කුඩා ළමයි බලල දීම වගේ දේ කරල දෙනව. 

හැබැයි මේ ක්‍රමයෙදි මෙච්චරකල් පවත්වගෙන ආව ආත්මාර්ථකාමී ලෝබ දුෂ්ඨ කුහක ඊර්ශ්‍යාකාරී අසාධාරණ මෙකී නොකී කැත පුරැදු අතහරින්නම වෙනව මොකද ඒව එක්ක මේ වගේ ක්‍රමයකට පැවැත්මක් නෑ. කොමියුනිටි එකේ ඉන්න කිසිම කෙනෙක්ව අහක දාන්න එපා, මදාවි රස්තියාදුකාර නූගත් කොල්ලා කොමියුනිටි එකේ හොඳම ආරක්ශකයා වේවි. මේ කොමියුනිටි එකේ පාලනයට  පුරවැසි කමිටුවක් තිබිය යුතුයි. ආදායම් වියදම් විගණනය විය යුතුයි. හැමෝටම සාධාරණයක් විය යුතුයි. විනයක් ඇති කල යුතුයි, විනය කඩ නොකරන තැනට වග බලා ගත යුතුයි etc.  

කොටින්ම පොඩි පාර්ලිමේන්තුවක් වගේ. මෙතනදී නායකත්වය සුදුස්සන්ට දෙන්න. ගෝටාව තෝර ගනිද්දි කරපු වැරදි, එනම් සල්ලිකාරයට, බලපුළුවන් කාරයට, නහර කාරයට, තමන්ගෙ නෑය/යාළුවට නෙමේ ගමේ සාධාරණ අවන්ක මිනිසුන්ට තැන දෙන්න. ගමේ සාධාරණ අවන්ක මනුස්සය පොල් කඩන මනුස්සය නම් නායකත්වය සුදුස්ස එයා, දොස්තර, මුදලාලි, හෝ වෙනත් හයි කාරයෙක් නෙමේ. මේ කමිටු නියෝජනයට පූජක පක්‍ෂය ගාව ගන්න එපා. පූජක පක්‍ෂය කමිටුවට යටත් විය යුතුයි. දේශපාලනය හා ආගම එකට ගාව ගන්න එපා. පූජක පක්‍ෂයට ආගමික ආයතන ඇතුලෙ ඉඳගෙන කමිටුවට සහයෝගය දීම හැර කමිටුවට නායකත්වය දීම නොකළ යුතුයි. ඒවගේම කිසිම පක්‍ෂයකට මේක හයිජැක් කරන්න දෙන්න එපා. ඕනෑම කොමියුනිටි එකක බැසිල් වගේ උපන් හොරෙක්, මහින්ද වගේ උපන් කපටියෙක්, විමල් වගේ ගේම් කාරයෙක්, අනුර වගේ කයිවාරැ පප්පෙක්, ගෝඨ වගේ අමු ගවයෙක්, රනිල් වගේ බල ලෝභී නමුත් වැඩබැරි එකෙක්, පාදෙණිය වගේ නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහ ගන්න එකෙක් ආදී වශයෙන් මිනිස්සු ඉන්නවා, ඒ නිසා තමයි නායකත්වය තේරීම ගොඩක් වැදගත්. ඒ වගේම ේකෙ සිස්ටම් එක ගොඩක් වැදගත්. රටේ සිස්ටම් එක වෙනස් කරන්න නම් ඔබේ කොමියුනිටි එකේ  සිස්ටම් එක වෙනස් කරන්න. රටේ නායකයින් හරියට තෝරන්න නම් ඔබේ කොමියුනිටි එකේ  නායකයින් හරියට තෝරන්න. මෙවැනි කොමියුනිටි වලින් අනාගත නායකයන් බොහෝදෙනෙක් බිිහි වේවි. 

මේ කොමියුනිටි එකේ තින්ක් ටෑන්ක් එකක් තිබිය යුතුයි. කොහොමද කොමියුනිටි එකට ඩොලර් ටිකක් පොම්ප කර ගන්නේ? යූටියුබ් චැනල් එකක්, වෙනත් සේවා සැපයීමක්, කලාකරැවෙක් ඉන්නවනම් ඒ කලාත්මක දෙයකින් නැතිනම් සොෆ්ට්වෙයාර් ඩිවෙලොපින්? මතක තබා ගන්න ලාන්කික ඩයස්පෝරාව ඔබට මේ සඳහා හැම අතින්ම උදව් කරන්නට ලෑස්තියි. උදාහරණයකට හිතන්න ඔයාලගෙ කොමියුනිටි එකේ වැඩ වලට කිරි හරක් ටිකක්, එහෙම නැතිනම් කොම්පියුටරයක් ගන්න ඕන නම් ඔයාල කොමියුනිටි එක ගැන විස්තර කියල ඩයස්පෝරාවෙන් ඉල්ලුවොත් ඒක අනිවා ඩයස්පෝරාවෙ අපි  කරල දෙන්නම්.  

Tuesday, May 17, 2022

අන්තිම මොහොතේත් දුෂ්ඨකම් කරන එක ලොකු වූ අමුතු ඇටයේ මිනිස්සු

අරගලය පටන් ගත්ත මුළදීම වගේ තමයි මමත් අරගලයට නන් අයුරින් මගේ දායකත්වය ලබා දුන්නෙ. අමුතු ඇටයේ මිනිස්සුන්ගේ අමුතු හැසිරීම මට නෝට් උනේ එතකොට. මෙච්චර රට ප්‍රපාතයකට යද්දි පහත පටු අරමුණු වලට තවමත් ඔබ නතු වෙනවා නම් නැවත හිතන්න;

1. බඩගින්නේ/බේත් නැතුව මැරෙනවට වඩා සුළු සුළු පරණ කෝන්තර පවත්වා ගැනීම මේ තීරණාත්මක අවස්ථාවේදීත්  ලොකු වීම - 

මම හතේ පන්තියෙ ඉඳිද්දී මගේ යාළුවෙක් එකක බට්ටා සෙල්ලම් කරද්දි තරහ උනා. විශ්වාස කරන්න තවමත් ඒ කෝන්තරය පවත්වාගෙන යන්නයි මේ මනුස්සයට ඕනෙ. අරගලය සම්බන්දව කිසියම් සාමූහික වැඩ පිළිවෙලක් කිරීමේදී මේ මනුස්සය අනිත් අයට කියල තියෙනව මේකට ක්‍රිෂා එනවනම් මට බෑ කියල. ඔබ ගැනත් හිතල බලන්න. මොකක්හරි දේකට ඔබ අකමැති යාළුවෙක් (ඔබ කැමති ආකාරයට නොහිතන, ඔබේ දේශපාලනයට අකමැති, ඔබට ඕනෑ ආකාරයට කසාද නොබැඳපු, ඔබට ඕනෑ ආකාරයට ඇඳුම් නොඅඳින ආදී අපි "අකමැති" ) කෙනෙක් අරගලයට හෑෂ්ටෑග් එකකින් හරි වෙන මොනම විදියකට හරි ඔබේ උදව් ඉල්ලනකොට ඔබ ඒක කරන්නෙ නෑ, හොඳ ලිපියක් ලිව්වම ඒකට ලයික් නෑ, හොඳ කොමෙන්ටුවක් දැම්මම ඔබ ඒක මඟහරිනවා, කොටින්ම ඔබ හිතන්නෙ මම මෙයාට (අහවල් වැඩකට නැති) හේතුව නිසා කැමති නෑ, ඉතින් මෙයාට සුළු හෝ ධෛර්‍යයක් දෙන්නෙ නෑ කියල. ඔබට අමතක වෙන වැදගත්ම දේ තමයි මේක ඒ මනුස්සය සහ ඔබ එකට එකතු වී පොදු සතුරාව පරද්දන්න ඕන අවස්ථාවක් බව. ඒ මනුස්සයගෙ පෞද්ගලික පෝස්ටු හෝ ඡායාරෑප වලට ලයික් කොමෙන්ට් ෂෙයාර් නොකරන එකයි පොදු සතුරාව පරද්දන්න ලයික් කොමෙන්ට් ෂෙයාර් නොකරන එකයි දෙකක්. සමහරවිට ඒ මනුස්සය ඉන්නේ පිටරටක සහ ඔබ ඉන්නේ ලන්කාවේ නම් පොදු සතුරා නිසා කෑම සහ බෙහෙත් නැතුව විඳවන්න නියමිත ඔබේ පවුලේ අයයි. ඒත් ඔබ තෝරගන්නේ බඩගින්නේ/බේත් නැතුව මැරෙනවට වඩා සුළු සුළු පරණ කෝන්තර පවත්වා ගැනීම නම් ඇත්තටම දෙපාරක් හිතන්න.

මේකටම සම්බන්ද නොව්නත් තව කෝන්තරයක් මතක් උනා, මම නමයෙ දහයෙ පන්තිවල වගේ එතකොට. මගෙ ටියුෂන් පන්තියක එක කොල්ලෙක් (නන්දෙ කියමු) මාත් එක්ක ඒකපාර්ශවිකව ලව් හේට් රිලේෂන්ශිප් එකක් ගෙනිච්චා. මේ කොල්ල තමයි ඔය ටියුෂන් පන්තියෙ මම එන්න පෙර පොර වෙලා හිටියෙ. මම ආවට පස්සෙ එයාගෙ රැස් අඩු උනා මොකද එයාට හොඳ තරඟයක් මගෙන් ලැබුණු නිසා. මට නම් ඒ ළමයව ඒතරම් ඇල්ලුවෙ නෑ, කොටින්ම අද දක්වා වචනයක්වත් කතා කරලත් නෑ. හිනාවෙලත් නෑ මගෙ හිතේ, ඒ ළමය රවලමයි බලන්නෙ, මට විතරක් නෙමේ පන්තියෙ ගෑණු ළමයි හැමෝටම. ඊට අමතරව මගේ දිහා ඔලොක්කුවට බල බල වෙන පිරිමි ළමයි එක්ක රහස් කතා කිරීම වැනි පහත් හැසිරීම් තිබුන. මම කලේ නිහඬව පැත්තකට වෙලා මගේ ඉගනීම කරගෙන යාම. මොකද කිව්වොත් මට ඒ ළමය ගැන කිසිම විශේෂයක් තිබුනෙ නෑ, අනිත් අතට මමත් ඒකපාර්ශවිකව ලයින් දාපු කොල්ලෙක් ඔය පන්තියෙ හිටිය. මම දැනන් හිටියෙ නෑ අර ළමයට අපේ ඉස්කෝලෙ අපේ අසල්වැසි පන්තියෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් (ඥානක්ක කියමු) ඉන්න බවවත්, මොකද ඒ කාලෙ ඔය වයසෙ ලව් හුටපට සෑහෙන හොර රහසේනෙ කලේ. මෙන්න බොලේ එක දවසක් ඥානක්කගෙයි මගෙයි මියුචුවල් යාළුවො සෙට් එක ගාල කඩාගෙන මාව හම්බ වෙන්න ආව, ක්‍රිෂා අපිට මේ දැන්මම කතා කරන්න ඕනය කියල මාව පැත්තකට අඬගහල කියනව නන්දෙ ඥානක්කට කියලලු මම නන්දෙගෙ පස්සෙන් එනවය හරිම කරදරේය අරක මේක. අර එළදෙනත් ළණු කැරැල්ලම ගිළල මාත් එක්ක කෙස්වලු පටලව ගන්න එන්න හදද්දි තමයි මියුචුවල් යාළුවො සෙට් එක මේකට මැදිහත් වෙන්න තීරණය කරල තියෙන්නෙ. ඉතින් කොහොමහරි මේ නඩුවෙන් මම නිදොස් කොට නිදහස් උනා. හැබැයි ඥානක්ක නෙමේ මගෙ මූණ බැලුවෙ ඊට පස්සෙ. ලස්සනම වැඩේ කියන්නෙ ඊට ගොඩ කාලෙකට පස්සෙ නන්දය උසස්පෙළ සමත් වෙලා වෛද්‍ය විද්‍යාලයට ගියා, ඥානක්ක උසස්පෙළ අසමත් වුනා. නන්දය වෛද්‍ය විද්‍යාලයේදී සෙට් කර ගත්තෙ ඥානක්කගෙ පන්තියෙන්ම වෛද්‍ය විද්‍යාලයට ගියපු, අපේ නඩුව අහපු මියුචුවල් යාළුවෙක්. සන්සාරේ. ෂොක් එකට ඥානක්කනම් තාම බැඳලත් නෑ, නන්දයට නම් ළමයි දෙන්නෙකුත් ඉන්නව. දැන් මේ කතාවෙ මේ ලිපියට තියන සම්බන්දය තමයි, ඥානක්ක තාමත් මාත් එක්ක බද්ධ වෛරයෙන් පසුවීම. හරිනම් ඥානක්ක එයාගෙ මිස් අන්ඩස්ටෑන්ඩින් එක නැති කරගෙන තරහ මරහ අකා මකා දාන්න ඕනනේ, එහෙම උනේ නෑ. සිද්ධිය වෙලා දශක කීපයකට පසුවත්  ඥානක්ක තවමත් එයාගෙයි මගෙයි පොදු සතුරා නන්දයා බව තේරැම් අරගෙන නෑ.

2. දේවත්වය හෝ පොරත්වය ආරෑඩ කර හැදෙන මිනිස්සු විනාස කිරීම -

යන්තම් අන්කුර නායකයෙක් හෝ දක්‍ෂයෙක් දැක්ක ගමන් සමහරක්ගෙ ජාන වලට කාවැදිච්ච වහල් මානසිකත්වය මතු වෙනව. අර අන්කුර දක්‍ෂයගෙ වහළෙක් ලෙසට තමාම රෙජිස්ටර් වෙනව. ඊට පස්සෙ ගිනිකන වැටිල වගේ අර මනුස්සයට වශී වෙලා ඉන්නෙ. කිසිම දවසක අන්කුර දක්‍ෂයගෙ වැරැද්දක් විවේචනය කරන්නෙ නෑ,  අන්කුර දක්‍ෂයගෙ තරඟකරැවන් එක්ක ගේම ඉල්ලගෙන පිස්සුත් කෙළිනව. මේ වැඩේ නිසා අර දක්‍ෂයව මාර විදියට මොට වෙනවා. ඇයි මේ පිරිවර වටේට ඉඳගෙන අර දක්‍ෂයව නළව නළව ඉන්නව මිසක කිසිම ඊට එහාට ගියපු සන්වාදයක් නෑ. ෆේස් බුක් එකේ ටොප් ෆෑන් බැජ් එක මට ආව මම දේශපාලනිකව ෆලෝ කරන සමහර අයට, ඒත් මම ඒක ඇක්සෙප්ට් කලේ නෑ, මොකද මම දේශපාලනිකව කිසිම කෙනෙකුගෙ රසිකයෙක් නෙමේ, නිරීක්‍ෂකයෙක්. හොඳක් කලොත් හොඳ කියනව වැරදිත් එහෙමයි. අනේ ප්ලීස්, මේ වහල් මානසිකත්වයෙන් මිදෙන්න. මේක දේශපාලනිකව පමණක් නෙමේ මම දැකල තියෙන්නෙ, කොටින්ම කුකින් චැනල්වල පවා වහල්ලු දැකල තියෙනව, අනෝමගෙ වහල්ලු අපේ අම්මට කැමති නෑ, අපේ අම්මගෙ වහල්ලු  අනෝමට කැමති නෑ, මම නම් නොදන්න කෑමක් හදද්දි සියළු චැනල් බලල මට හොඳ එක කරනවා, ඒක අපේ අම්මද  අනෝමද අරයද මෙයාද කතා නෑ. ඔය සෙට් එකම සබ්ස්ක්‍රයිබ් කරල තියෙන්නෙ මොකද හැමෝගෙන්ම මොනවහරි ඉගනගත්ත නිසා.

3. දූෂිත නාකින්ට මදි නොකියන්න චාන්ස් දිදී අවන්ක තරැණ තරැණියන්ට එකම චාන්් එකක්වත් දෙන්න අකමැති වීම -

ගාමිණී ලොකුගේ ගන්න, මිනිහ අවුරැදු කීයක් ඔබලා පාර්ලිමේන්තුවට යැව්වද? මුළින් එජාපෙ පස්සෙ පිළ මාරැ කලා, කවදාවත් ඔයාල ඒ මිනිහට චාන්සස් දීම නතර කලාද? ගාමිණී ලොකුගේගෙ ගෙදර ගිනි තියපු වෙලේ ගෑස් සිළින්ඩර සීයක්ද කොහෙද හන්ගපුව අහු උනානේ. ගාමිණී ලොකුගේ මේ අවුරැදු ගානටම රටට කරපු වැදගත් වැඩක් කියන්න. දැන් අරගලයේ තරැණ නායකයෙක් ගන්න. චමල් පොල්වත්තගේ, පැතම්කර්නර්, පනබ, Don Spuz මේ ඕන කෙනෙක් ගනිමු,  ඔයා හදවතින් අවන්කව අහන්න එයාල අතින් මානුශීය වරදක් උනොත් ඔයාල හැසිරෙන්නෙ මොන තරම් රෞද්‍ර ලෙසද කියල. වැරදි සිදුවීම මනුශ්‍ය ස්වභාවය, තරැණයන් අතින් වෙන වැරදි වෙන්නෙ අත්දැකීම් මද කම සහ mentors නැති කම වගේ ජෙනුවින් හේතු වලට ගොඩක් වෙලාවට. අපි ඒ අයව කොන්ස්ට්‍රක්ිව් විවේචනය සහ උදව් කිරීම මගින් හරි ට්‍රැක් එකට ගන්නවා මිසක අපේ සපත්තුවට පාගල විනාශ කරන්න එපා. ඔවුන්ටත් ගාමිණී ලොකුගේට, රණතුන්ගට, රාජපක්‍ෂට දුන්න චාන්සස් වලින් දශමයක් දෙන්න. පොඩි උදාහරණයක් කිව්වොත් ගෝල්ෆේස් කීපදෙනෙක් දෙරණේ චතුර අල්විස්ගෙ වැඩසටහනකට ගියපු එකට සේපාල් අමරසින්හට අප්සෙට් වෙලා කියනවා එයා ගෝල්ෆේස් අරගලය වාර්තා කිරීමෙන් අයින් වන බව. https://www.youtube.com/watch?v=7xbWAO-SsVk&t=935s 

මේක හරිද? මම කියන්නෙ සේපාල්ගෙ තර්කය නොවේ. අපි කියමු සේපාල් හරි කියල.ඒත් මේ කොල්ලො කෙල්ලො අතින් වරදක් වෙච්ච ගමන්ම ඉහළම දඩුවමක් දීම සහ අතහැර දැමීමද සමාජයේ වැඩිහිටියො කරන්නට ඕන? නායකයො බිහි වෙන්නෙ genuine වැරදි කර කර ඒව හදා ගනිමින් මිසක වැරදි නැති නායකයො නෑ. හැබැයි අර දෙවන කාරණයෙ කියපු පරිදි  මේ කොල්ලො කෙල්ලො පොරවල් කරන්න එපා. සමහර වෙලාවට අපේ සාධාරණ විවේචන වලට පවා තරැණ නායකය පැත්තක ඉඳිද්දි මේ කියන වහල්ලු හැමිෙන්න එනවා, එතකොටනම් මේ තරැණ නායකයො විනාස වෙනව හොඳේ. 

Tuesday, May 10, 2022

පුරවැසි බලය අතට ගන්න හැටි (How to Establish Power to The People)

 මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ පුරවැසියා සතුව තියන බලය සහ එය භාවිතා කරන්නේ කොහොමද කියන කරුණ ගැන න්‍යායාත්මක වශයෙන්. මෙහිදී ප්‍රධාන වශයෙන් සමාජ බලයන් ගොඩනැංවෙන ආකාර, සමාජ බලයන් සමාජය තුල ක්‍රියාත්මක වෙන ආකාරය මෙන්ම මේ සමාජ බලය භාවිතා කරලා, ඔබ සමාජයේ දකින සාධනීය වෙනස්කම් සිදු කරන්නේ කොහොමද කියන කරුණ කියලා දෙනවා. - Science With Ruchira

Link:

https://www.youtube.com/watch?v=RL0UMbq3zmU



Tuesday, May 3, 2022

ගෝවාතමාලාවේ මිනිස්සු, හොර ජනාධිපතිව අයින් කරපු හැටි(How Guatemalan People Changed a Corrupt Regime) - රුචිර විජේසේන

 ගෝතමාලා Vs ශ්රි ලාංකා..

මුළු වීඩියෝ එකම බැලුවත් පාඩු නෑ- https://www.youtube.com/watch?v=KL9QsD1BpxQ
රුචිර විජේසේනගේ විශ්මිත හෙලිකිරීමක්.
රුචිරගෙ Science with Ruchira Youtube චැනල් එක Subscribe කරලා තියාගන්න.
ලින්ක් එක පහත දාන්නම්.
ඔබව නොපෙනෙන ඉසව්වකට ඔහු රැගෙන යාවි.
විය යුත්තේ මෙයයි.
මිනිස්සුන්ට ඇත්ත දකින්නට ඇස් පෑදීමයි.
ඒ වගේම අපේ රටේ ආදරයේ අරගලයයි, ගෝතමාලාවේ අරගලයයි අතරෙ සමාන අසමානකම් මොනවාද කියලාත් බලන්න.
මට නම් පෙනෙන්නේ අසමානකම් වලට වඩා බොහෝ සමානකම් මේ දෙකේ තියෙනවා කියලයි.
පුංචි පුංචි වෙනස්කම් තියෙනවා වගේ හිතෙයි කතාව සම්පූර්ණයෙන්ම අහුවාම.
මට නම් හිතෙන්නේ ඒවා අසමානකම් නොවෙයි, ලංකාව තාම ඒ ලෙවල් වලට ඇවිල්ලා නෑ කියලා විතරයි.
ඒ කියන්නේ කාලරාමුවේ පොඩි පරතරයක් විතරයි තියෙන්නේ කියලයි හිතෙන්නේ.
ඒ කොහොම වුණත්, පසුකාලෙක දේශපාලන විද්යාවට මේක ආදර්ශ මොඩලයක් ලෙස විෂය නිර්දේශයට ඇතුලු කරයි ද කියලා හිතෙන තරමටම මේ සංසිද්ධි දෙකේ සමානකම් තියෙනවා නේද ?

Copied from Shanaka paththinigama (https://www.facebook.com/paththinigama)

මගේ සත දෙක-
ගෝතමාලාවට තිබුනෙ නැති ලන්කාවට තියෙන ගෝතකරැම කීපයක් පහත දැක්වේ, ඒ නිසා ලන්කාවට ගෝතමාලාවට වඩා දරැණු කට්ටක් කන්නට වේ.
1. ගෝතමාලාවේ දූෂණ ප්‍රධානියා තනි එකෙක් උනත් ලන්කාවේ දූෂණ ප්‍රධානියා ගැඹුරට අක් මුල් විහිදුනු සුවිශාල පවුලකි. මේ පවුලේ අයිය මලෝ පමණක් නොව දූල පුතාල කසින්ල නීස්ලා ලේලිලා නැන්දම්මල මාමල පවා පට්ට දූෂිතය. 2. ලන්කාවෙ මිනිස්සු අතර දේශපාලන, ආර්ථික, සමාජයීය සවිඥානිකත්වය පුදුමාකාර ලෙස අඩුය. පහසුවෙන් ඇන්දෙති. ගොතමාලාවෙ මිනිස්සුන්ට මැතිවරණ කාර්‍යාලය ප්‍රෙෂර් කරන්න මොළය තිබ්බට අපේ බත්කන හරක් ගෝට ගේන්නට තනතුර අවභාවිතා කල මැකෝ නම් අමු බේබදු ඩීල් කාරයට වඳින්නැති ටික පමණි. 3. ලන්කාවෙ මිනිස්සු අනිත් රටවල මිනිසුන්ට වඩා පට්ටම කුහකය. ඒ නිසාම එකාට එකා නැත. හරිනම් මේ වන විට අරගලයේ මූලිකත්වය ගත්ත මිනිස්සු පොදු අරමුණ වෙනුවෙන් එකතු විය යුතුය. නමුත් තවම හුදකලාව පොර වෙන්නට හදති. 4. ලොකුම ගෝතකරැමය නම් ජනතා විමුකති පෙරමුණ නම් ගෝතකරැමයයි. ජනතාව අතරින් කිසිම තුන්වන බලවේගයකට එන්න නොදී ඉඳල ඉඳල අන්තිමේ ඉන්නම බැරි තැන මිනිස්සු නැගිට්ටම ඒක හයිජැක් කරන්න හදන, කිසිම කමකට නැති, අදක්‍ෂ, ජනතාවගෙන් එක දිගටම ෆේල් වූ, කුහක පක්‍ෂයයි.
5. ලන්කාවෙ පූජකයන්, විශේෂයෙන්ම හාමුදුරැවන් ගෝතමාලාවෙ ක්‍රිස්තියානි පූජකයො හැන්ඩ්ල් කරනවට වඩා හැන්ඩ්ල් කරන්න අමාරැයි, මොකද කිව්වොත් නාමික මහනායක උන්නාන්සෙල හිටියට එක එක්කෙනා ස්වාධීන කල්ළි වශයෙන් ඉන්නෙ. ඔය අතර කුඹුරැ කොටන උන්නාන්සෙ, අසපු හදන උන්නාන්සෙ, ජාතීන් කොටවන උන්නාන්සෙ, කුණුහරප උන්නාන්සෙ, අතන මෙතන රතන උන්නාන්සෙ, බිස්නස් උන්නාන්සෙල ආදී මෙකී නොකී කල්ලි එක අරමුණකට ගන්න හරි අමාරැයි. අනිත් අතට මේ ගොඩදෙනෙක් දූෂිත රෙජීමයෙන් බඩ වඩා ගන්න අය.

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...