Sunday, May 24, 2020

සෝම හිමි ගේ සිට තිස්ස ජනනායක දක්වා පල් හොරැන්ට හසු වීමේ නැමියාව

විද්‍යුත්  මාධ්‍ය වල මෑත යුගයේ සිදු වූ දියුණුවත් එක්ක ඉතාම විශාල conspiracy theories තොගයකුත් අතේ පැළවෙන බොරැ තොගයකුත් ඔබේ ඔළුවට පැටවීමට බොහෝ දෙනෙක් විවිධ උත්සහයන් ගන්න බව පේනවා. එසේ ඔබේ ඔළුව කුරැවල් කිරීමෙන් යම් සමාජයීය, දේශපාලනික, ආර්ථික, හෝ වෙනත් ලාභ ප්‍රයෝජනයක්  මොවුන් ඔබෙන් ලබා ගන්නා අතරම ඔබව ෆැන්ටසියක අතරමo කර ඔබේ ජීවිතයේ සාර්ථකත්වය වලක්වනවා.

අපි පුන්චි උදාහරණයකට මෙහෙම හිතමු. කවුරැහරි හරිම ආකර්ශනීය (charismatic) මනුස්සයෙක් ඇවිත් මට බොහොම ආදර කරැණාවෙන් කතා කරල කියනවා (ඔහුගේ අධ්‍යාත්මික බලයෙන්) මම ගිය ආත්මයක විහාර මහා දේවිය වී හිටපු බව. මේක මට මාරම සතුටක්. එදා ඒ සුප්‍රකට කුළවත් ධනවත් රෑමත් සූරවීර විහාර මහා දේවිය මෙදා බොහොම සාමාන්‍ය ලෙස ජීවත් වන මම කියල කිව්වහම මට මාරම සතුටක් ආඩම්බරයක් ඇති වෙන එක සාධාරණයිනේ. ඉතින් මම ටිකෙන් ටික අර ආකර්ශනීය අධ්‍යාත්මික ගුරැට සමීප වෙනවා මටත් නොදැනීම, කොච්චරක්ද කියනවානම් මගේ මුදල්, දේපල සියල්ල ඔහුට එක හිතින් දෙන තරමටම. ඔන්න එක දවසක මේ අධ්‍යාත්මික ගුරා පැදුරටත් නොකියා අතුරැදහන් වෙලා. මගේ ෆැන්ටසිය, මුදල්, දේපළ, සියලු දේම මට නැති වෙලා කියල තේරෙනකොට මම පරක්කු වැඩියි. අන්තිමට මාව සියල්ල නැති වූ පිස්සෙක් බවට පත් වලා. මෙන්න මේක තමයි conspiracy theories සහ අතේ පැළවෙන බොරැ කියන මිනිස්සු ඔබව පත් කරන තත්වය. 

ලoකාවේ ඉන්න මෙම බොරැ කාරයින්ගේ මම දකින පොදු ලක්‍ෂණ කීපයක් තිබෙනවා .

1. ඔවුන් ඉතාම ආකර්ශනීය පෞරැෂයක් සහිතයි. ලස්සනට ඔබේ හදවතට කතා කරන්නට පුළුවන්. බාහිර පෙනුම ප්‍රසන්නයි. බොහෝවිට හොඳට පිරිසිදුවට පිළිවෙලට අඳින පළඳිනවා. සමහරැ එතනිනුත් ඔබ්බට ගිහින් තම මතයට ගැළපෙන dress codes පවා යොදා ගන්නවා. 

2. ඔවුන් තමන් ඉදිරිපත් කරන මතයට කිසිදු පිළිගත හැකි විද්‍යාත්මක සාක්‍ෂියක් නොසපයයි. ඔබ ඔවුන්ව විශ්වාස කරයි නැත්නම් "අදහයි". එම ඇදහීමට හේතුව ඔබ ඔවුන්ට දැඩි සේ ආකර්ශනය වී සිටීම නිසා ඔබේ විචාර බුද්ධිය සම්පූර්ණයෙන්ම වැසී යාමයි. එසේ ඔබ ඔවුන්ට දැඩි සේ ආකර්ශනය වීමට හේතුව (ඔබ අකමැති එහෙත් නිවැරදි දේ වෙනුවට) ඔබ කැමති (එහෙත් වැරදි) දේ ඔවුන් ඔබට ලබා දෙන බව පෙන්වීමයි. ඔබ ජීවිතයේ නොයෙකුත් බලාපොරොත්තු ආශාවන් ඉටු කර ගැනීමට නොහැකිව ඉච්ඡා භන්ගත්වයට පත්වූ කෙනෙක් නම් අවාසනාවකට ඔබ ඔවුන්ට දැඩි සේ ආකර්ශනය වීමට ඉඩ වැඩියි. උදාහරණයටක ඔබට දෙමව්පියන්ගේ ආදරය නොලැබුණානම් මෙවැන්නෙක් මහත් ආදරයෙන් "මගෙ දරැවෝ" කියා ඇමතීමත් ඇති ඔබව ඔවුන්ට දැඩි සේ ආකර්ශනය වීමට. හැබැයි ඔබ කැමති දේ ඔවුන් ඔබට ලබා දෙන්නේ නිකම් නොවේ, අධික මිළකට. ඒ  අධික මිළ ඔබ ජීවිත කාලයම උපයා ගත් ධනය, චරිතය, ඔබ ජීවත්වන රටේ අනාගතය වැනි දේවල්.

3. ඔබේ බිය සoකා ඔවුන්ගේ පැවැත්මට ආහාරය වේ. එබැවින් ඔවුන් ඔබේ බිය සoකා වැඩි කරයි. ඔබ අන්‍ය ජාතීන්, ආගමිකයන්, සoස්කෘතීන් කෙරෙහි දක්වන බිය සoකා ජාතිකවාදී පල්හොරාට ඉල්ලමයි. ඔබ යක්‍ෂ භූත පෙරේතයන්ට දක්වන බිය සoකා යකැදුරැ, කපු පල්හොරැනට ඉල්ලමයි. ඔබ අනාගතය කෙරෙහි දක්වන බිය සoකා සාස්තරකාර පල්හොරාට ඉල්ලමයි. ඔබ විද්‍යාව, ඉoග්‍රිසි සහ තාක්‍ෂණයට කෙරෙහි දක්වන බිය නොයෙකුත් conspiracy theory ඉදිරිපත් කරන පල්හොරැන්ට ඉල්ලමයි.   

4. ඔවුන් ප්‍රශ්න අසනවාට ඉතාම අකමැතිය. ඔවුන්ට අවශ්‍ය අනුගාමිකයන් එහෙයියන්ය. කල්‍ යත්ම මෙම අනුගාමිකයන් තමන් නොදැනුවත්වම cult එකක් බවට පත් වේ. එවිට ගුරාට දැඩිව ආකර්ශනය වී සිටීමෙන් ඔබ්බට ගොස් එසේ තම ගුරාට/ආකර්ශකයාට දැඩිව ආකර්ශනය වී නොසිටින හෝ ඔහුගේ ඉගැන්වීම් ප්‍රශ්න කරන උදවිය සමඟ මරා ගනිති. තිස්ස ජනනායක තම යූටියුබ් වීඩියෝ ගණනාවක කතා කරන්නේ තම ගෝලයන් ප්‍රේක්ශකයන් ලෙස තබාගෙනය. මෙම ගෝලයන්ගේ හැසිරීම දිහා බලන්න. ඔවුන් කවදාකහෝ ප්‍රශ්නයක් අසා ඇත්ද, වැදගත්ම කාරණය නම් ජනනායක කවදාකහෝ තම යූටියුබ් වීඩියෝ වල audience එකට ප්‍රශ්නයක් අහන්න අවකාශය දී ඇත්ද? ජනනායක audience එකක් තියාගෙන ඉන්නෙ ඔහු කියන දේට හිනස්සවා "කික් එකක්" ගැනීමටම පමණයි.

මෙබඳු කෙනෙක්ට දැඩිව නතු වූ පසු ඔබට ඇත්ත ඇස්පනාපිට ඔප්පු කර පෙන්නුවත් එය ප්‍රතික්ශේප කරන ඔබ බොරැවටම ඇලී ගැලී ඒ බොරැව කොහොමහරි සාධාරණීකරනය කරගෙන ඉන්නවා. ඔබ තරයේ අදහන දේට අභියෝග එල්ල වෙනවට ඔබ හරිම අකමැතියි, මොකද එමගින් ඔබේ ego එකට විශාල පීඩනයක් වේදනාවක් එල්ල වෙන නිසා. කාලයත් සමඟ පල්හොරාගෙ මතය වෙනුවෙන් පල්හොරාටත් වඩා පෙනී සිටින්නේ සහ කඩේ යන්නේ ඔබයි.

5. මෙවැන්නෙක්ට ආකර්‍ෂණය වූ ඔබේ විචාර බුද්ධිය පුදුමාකාර මොට වීමකට ලක් වෙනවා. ඒක ඔබේ වරදක්ම නොවේ. ඒක පල්හොරාගේ අනිත් අයව තමන්ට නතු කර ගැනීමට ඇති අති දක්‍ෂකම කිව්වොත් වැරදි නැහැ. ඔවුන් ඔබව හොඳට හදාරා ඔබ මහත් ආශාවෙන් ලබා ගන්නට දත කන ඔබේ ඉටු නොවුනු සිහිනයන් මොනවාද කියල තේරැම් ගන්නවා. ඊට පස්සෙ සුදුසු අවස්ථාවේ එම සිහිනයේ වේශයෙන් ඔබ හමුවට ඇවිත් ඔබව සම්පූර්ණයෙන්ම වසඟ කර ගන්නවා. මේ වෙලාවේ මට මතක් වෙන හොඳම උදාහරණය තමයි සෝම හාමුදුරැවන්ගෙ අපවත් වීම. බොහෝ සෝම හාමුදුරැවාදීන් අඩුවෙන්ම කතා කරන තිත්ත ඇත්ත අපි කතා කරමු. සෝම හාමුදුරැවන් ක්‍රිස්තියානින්ට (මූලධර්මවාදීන්ට) පරම හතුරන් සේ සැළකූ ජාතිකවාදියෙක්. එහෙව් සෝම හාමුදුරැවන් ක්‍රිස්තියානි මූලධර්මවාදීන් ටිකක් පස්ස දොරින් දෙන්නට පොරොන්දු වූ හොර ආචාර්‍ය උපාධිය පැනලා පිළිගැනීමට කෑදර වීමයි මෙතන සිද්ද වූ සැබෑ ඛේදවාචකය. මෙතෙන්දි කළින් කිව්ව වගේ අපරාධකරැවන් සෝම හාමුදුරැවන්ව හොඳට හදාරා තේරැම් අරගෙන තිබෙනවා එතුමා මහත් ආශාවෙන් ලබා ගන්නට දත කන ඉටු නොවුනු සිහිනය ආචාර්‍ය උපාධියක් බව. සෝම හාමුදුරැවො මේ ආචාර්‍ය උපාධි ෆැන්ටසියෙ කොතරම් ඇලී ගැලී ගියාද කිව්වොත් ඒක දෙන්නෙ ක්‍රිස්තියානි මූලධර්මවාදීන් බවත්, එම ආයතනයේ ආචාර්‍ය උපාධි වලට ලෝකයේ කිසිම පිළිගැනීමක් නැති බවත්, එම ආචාර්‍ය උපාධිය දෙන්නට ඔවුන් තෝරා ගත් බුද්ධ ස්තූප පොත ආචාර්‍ය උපාධි නිබන්ධනයක අහලකටවත් එන්නට නුසුදුසු එකක් බවත්, උපාධි ප්‍රධානය සිදු වෙන්නේ කටුක දේශගුණයක් ඇති අන්ත පිටිසර හුදකලා සැකකටයුතු තැනක බවත්,  ඒනිසා අඩු තරමින් තමන් දන්න කියන විශ්වාසවන්ත දායකයො ටිකක් ආරක්ශාවට තමන් සමඟ රැගෙන යායුතු බවවත්, ආචාර්‍ය උපාධිය කැමතිනම් උපාධි ප්‍රදානෝත්සවයට නොයා උනත් ලබා ගත හැකි බවත් ආදී සියළුම විචාර බුද්ධියට ගෝචර සාධක තන්හාවට අළුයම ලූ කෙළ පිඬක් මෙන් බැහැර කරල  රැසියාවට ගිහින් පෙට්ටියෙන් ආව.

ඒ නිසා ඕනෑම දෙයක් දිහා විචාර බුද්ධියෙන් යුතුව බැලීමට ඔබ ඉගෙන ගත යුතුයි. බලන්න මේ සැබෑ ජීවිතයේ උදාහරණ දිහා;

1. 2020 මැයි 22 දින සිට බලපැවැත්වෙන පරිදි ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරන ලදී.- සක්විති රණසිoහ ගෙන් පටන්ගෙන මූල්‍ය ආයතන කීයක් ඔබට ඔබ කැමති (එහෙත් වැරදි) දේ පෙන්වා සේසතම හූර ගත්තාද, ඒත් ඇත්ත පිළිගැනීමට විචාර බුද්ධියක් ඔබට පහළ  වෙන්නේ කවදාද?

2. මරණයට පත්වූ අවුරැදු 45ක ජර්මන්ටෙක් කථිකාචාර්යවරයෙක්: විවාහ පමාවට පිළියම් ලෙස කට්ටඩියෙකුට කියා ශාන්තිකර්ම කිහිපයක්ම පවත්වා (ඒ වෙනුවෙන් රුපියල් 50,000 සහ 75,000 අතර මුදලක් ගෙවා) තිබෙනවා. එතැනින් නොනැවතී විවාහය ඉක්මන් කිරීමට කළ යුතු අවසාන ශාන්තිකර්මය කිරීමට නම් නිවෙසේ තිබෙන සියලුම රන් භාණ්ඩ රැගෙන ආ යුතු බවට කට්ටඩියා ඔහුට උපදෙසක් දී  ඇත. එයට එකගවූ ඒ මහතා ඒවා රැගෙනවිත් කට්ටඩියා අතට පත්කර ඇත. අනතුරැව කට්ටඩියා නිවෙස පිහිටි අක්කර 25කින් යුතු ඉඩමේ කෙලවරක වළක් හාරා ඒ තුළ පහන් පත්තු කර සුවඳ දුම් අල්ලා තිබේ. මරණයට පත්වූ මහතා කපන ලද වළ ඇතුළේ නිදි කරවා රන් භාණ්ඩ සියල්ල බෝනික්කකු තුළට ඇතුළු කර එම බෝනික්කා ඔහුගේ ඇග මත තබා ශාන්තිකරමය කිරීමට සැකකරු සූදානම් කර ඇති බව පැවැසේ. එසේ කිරීමට මත්තෙන් වළ තුළ තබා තිබූ පොල් තෙල් පහන් දල්වන ලෙස සැකකරු ඔහුට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ඔහු වළ තුළට නැමී පහන් පත්තු කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඔහුගේ හිසට උදැල්ලකින් පහර දී පසුව වළට දමා වසා දමා බෝනික්කාගේ ඇතුළට බහා තිබූ රන් භාණ්ඩ ද පැහැරගෙන කට්ටඩියා පළා ගොස් තිබේ. - ගොසිප් ලoකා පුවතක් (https://www.gossiplankanews.com/2019/11/german-tec-lecturer-murder.html)

3.  කැළණිය මහනායක උන්නාන්සේ විසින් නාග ලෝකයේ සිට ධාතුන්වහන්සේලා වැඩම කළ බව කියමින් මහජනතාව විශේෂයෙන් කැළණිය වඳින්නට එන මහළු අම්මණ්ඩිලා මෝඩයින්ට අන්දවා ඡන්දය ලබා ගැනීමේ  වැඩ පිළිවෙලක් දැන් ආරම්භ කර තිබේ. ඒ අනුව උදාර නැමැත්තෙක් විසින් කැළණිය ගඟට බැස එහි ගිලී ධාතුන්වහන්සේලා මනිඅක්ඛික නා රජුගෙන් ලබා ගෙන ආ බවත්, දැනට ඒවා මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා කැලණිය පන්සලේ තබා ඇති බවටත් වාර්තා වෙයි. තවද ප්ලාස්ටික් බෝතලයකට දමා ගත් ඉරටුවක් වැනි නයෙක් මනිඅක්ඛික නා රජු යැයි පෙන්වයි. (ලංකා ඊ නිව්ස් -2019.නොවැ.15,  https://www.lankaenews.com/news/9992)

අවාසනාවකට රටක මිනිස්සු ඉච්චාභන්ගත්වයට පත් වෙන්න වෙන්න පල් හොරැන්ට හසු වීමේ නැමියාව වැඩි වෙනවා. විරැකියාව, දුප්පත්කම, ලිoගික අසහනය, විවාහය පමා වීම, සමාජයේ පිළිගැනීමක් නැති වීම, ගුරැ දෙගුරැ ආදරය අහිමි වීම, රෝගාබාධ, ජාතියක් ලෙස පසුබෑමට ලක්වීම ආදිය නිසා  ජීවිතයේ විඳීමක් නොලද විඳවීම පමණක් උරැමවූ මිනිසුන් කුඩා ආදරයක්, කරැණාවක්, පිළිගැනීමක්, සහනයක්, වාසියක් ලබන්නට මේ කියන පල් හොරැ පස්සේ ගොස් කබලෙන් ලිපට වැටෙනවා. 

Conspiracy theory කාරයන් අනිත් බොරැ කාරයන් ඔබ පරිස්සම් විය යුතු. මොවුන් කුමක් හෝ ඇත්තක් බොරැවක් සමඟ කළවම් කරල කොක්ටේල් එකක් හදල ඔබට පොවන්න හදනවා. බොහෝවිට තමන්ගේ දේශපාලනික සහ ආර්ථික අභිලාෂයන් හෝ ආත්ම තෘප්තිය වෙනුවෙන්. ආත්ම තෘප්තිය වෙනුවෙන් කිව්වම මතක් උනේ, පාසලේ හතේ පන්තියෙදි විතර අපි විනෝද චාරිකාවක් ගියා. ළමයි හැමෝම වගේ සතුටු වෙද්දි එක යාළුවො සෙට් එකක් විතරක් මූණු එල්ලගෙන, ඇහුවත් කියන්නෙ නෑ. පස්සෙ තමා දැන ගත්තෙ එක ළමයෙක්ගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ මොළයේ බරපතල ශල්‍යකර්මයක් යෙදිල තියෙන්නෙ හරියටම එදාටලු. ඇත්තනෙ ඉතින් එයාල අවුලෙන් හිටපු එක අහන්නත් දෙයක්ද. ඔන්න විනෝද චාරිකාවට පස්සෙ දවසක පන්තියේ ලොකු කලබගෑනියක්, මොකද බැලින්නම් අර ළමය කියල තියන සේරම බොරැ. බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ මොළයේ බරපතල ශල්‍යකර්මයක් තබා මේ ළමයට බෝයි කෙනෙක්වත් නෑ, සියල්ල මනඃකල්පිතයක්, ආත්ම තෘප්තිය වෙනුවෙන්. කණ කැස්බෑව විය සිදුරෙන් අහස බලනව වගේ ඉඳ හිට යන විනෝද චාරිකාවෙ අනිත් අයගෙ ෆන් එකට නම් කෙළ වුනා. Conspiracy theory කාරයන් එක අතකට මේ වගේ. හොඳ සතුටින් විශ්වාසයෙන් සිහිබුද්ධියෙන් යන්න තිබෙන ජීවිත ගමන එක්කො ලෝක විනාශයක් නැත්නම් අහවල් සoවිධානයේ සැළසුමක් අහවල් දෙයියගෙ හෝ යකාගෙ ගේමක් ගැන කියල ව්‍යාකූල  කරල ඔබව නිකරැණේ අගතියට පත් කරනව.

තිස්ස ජනනායක කියන Conspiracy theory කාරය කියන බොරැ ගැන මගේ කලින් පෝස්ටුවක ලිව්වා. කැප්පෙටිපොළ නිළමෙ තුමා උදාර පිරිමියෙක් වුනේ YYX ජානමය විකෘතිය නිසාය කියන ඔහුගේ conspiracy theory එක මගේ කලින් පෝස්ටුවේ බොහොම පහසුවෙන් බොරැවක් බව ඔප්පු කළ එකක්.

ඒත් ජනනායකගෙ (සහ ඇතැම් පල් හොරැන්ගෙ) ඇතැම් conspiracy theories එසේ පහසුවෙන් බොරැවක් බව ඔප්පු කළ නොහැකියි. අප විචාර බුද්ධිය යොදාගෙන කිසියම් conspiracy theory එකක හරි වැරැද්ද ගැන අදහසක් ගන්නේ කෙසේද කියල පෙන්වන්නට ජනනායකගෙ "දුටුගැමුණු රජතුමා ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ට පෙර පෙනිසිලින් සොයාගත්තාය" යන ජනප්‍රිය conspiracy theory එක (https://www.youtube.com/watch?v=570zAKfj2pI) විද්‍යාත්මකව විග්‍රහ කරන්නට උත්සාහ දරමු.

විද්‍යාත්මක විග්‍රහයකදි කළ යුතු මුල්ම සහ වැදගත්ම දේ නම් එක මතයකටවත් බර නොවී මධ්‍යස්ථ  වීමයි. මම දන්නවා ඔබ බොහෝ දෙනා කැමති "දුටුගැමුණු රජතුමා ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ට පෙර පෙනිසිලින් සොයාගත්තාය" යන මතය ඇත්ත වෙනවනම්, මොකද ඔබට එවිට ලෝකෙන් උතුම් රට ලoකාවයි යන ෆැන්ටසියේ තවත් ඇලී ගැලීමට හැකි නිසා. ඒත් මතකයිනෙ තම ෆැන්ටසියේ ඇලී ගැලීමට ගිය සෝම හාමුදුරැවන් ඇතුළු ඉහත උදාහරණ ටික. ඒනිසා අකමැත්තෙන් උනත් අපි ෆැන්ටසියෙන් එළියට ඇවිත් මධ්‍යස්ථ  සහ විචාරශීලී වෙමු.

මෙහිදී ජනනායක පිළිගත් විද්‍යාත්මක හෝ ඓතිහාසික සාක්‍ෂි කිසිවක් ඉදිරිපත් කරන්නේ නෑ, ඒ වෙනුවට ඔහේ කියවනවා පමණයි. ඔහුට අනුව දුටුගැමුණු රජු අණ කරල තිබ්බලු යුද්ධයකට පෙර කැවුම් පරණ වීමට තබා එම පරණ පුස්කෑ කැවුම් මල්ල බැගින් යුද්ධයට යන සොල්දාදුවන්ට ලබා දිය යුතු බව. මෙම සොල්දාදුවන් සටන් වලින් තුවාළ ලැබූ විට අර පුස්කෑ කැවුම් තුවාළයට තබා බැන්දහම ඒ පුස් වල පෙනිසිලින් නිසා තුවාළ සුව වූ බව.

දැන් අපි පහත කරැණු දෙසත් බලමු.

1. පුස්කෑ කැවුම් වෙදකම දුටුගැමුණු රජුට පෙර හෝ පසුව තිබුනු බව පෙනෙන්නට නෑ. සමහරවිට නාථ දෙයියො හීනෙන් දුටුගැමුණු රජුට පුස්කෑ කැවුම් වෙදකම කියන්නට ඇති. පාරම්පරික සිoහල වෙදකමේ තෙල්, ගුළි, කසාය, පත්තු මිස පුස්කෑ කැවුම් කිසි විටක තුවාළ වලට බැඳල බෙහෙත් කිරීමට යොදා ගෙනත් නෑ. එහෙනම් අපි  නිකමට හිතුවත් ජනනායක කියනදේ හරිමයි කියල, පුස්කෑ කැවුම් වෙදකම අසාර්ථකවූ නිසයි එය පාරම්පරික සිoහල වෙදකමෙන් හැළුනෙ කියල educated guess එකක් කල හැකියි.

2. ක්‍ෂුද්‍රජීව විද්‍යාව හදාරණ අය Penicillium වගා කරන්න බහුළව යොදා ගන්නේ potato dextrose agar (PDA) නම් රෝපණ මාධ්‍යයයි. මෙහි සoයුතිය අර්තාපල් සීනි සහ ඒගාර්. නමුත් PDA Penicillium සඳහා පමණක් නොවේ වෙනත් ක්‍ෂුද්‍රජීවීන්ටත් සුදුසු නිසා Penicillium හැර වෙනත් ක්‍ෂුද්‍රජීවීන්, විශේෂයෙන්ම බැක්ටීරියා, වැඩීම අධෛර්‍යමත් කිරීමට ටාටරික් අම්ලය දමා පී එච් අගය 3.5 පමණ අඩු කරනවා. ඒවගේම නොයෙකුත් ප්‍රතිජීවක එකතු කරනවා. ඔබට තේරෙනව ඇති කැවුමක පිටි, සීනි සහ තෙල් සoයුතිය ගැළපෙන්නේ Penicillium දිලීරයටම පමණක් නොවේ. කැව්මක පී එච් අගය 3.5 තරම් අඩුත් නැහැ, මොකද එහෙනම් කැව්ම කටේ තියන්න බැරි පට්ටම ඇඹුල් වෙන්න ඕනෙ. කැව්මක ප්‍රතිජීවකත් නෑ. ඒ කියන්නෙ කැව්ම පරණ වෙද්දි හැදෙන්නෙ Penicillium දිලීරය පමණක් නොවේ, වෙනත් බොහෝ දිළීර සහ බැක්ටීරියා සෑදිය හැකියි. එබඳු නරක්වූ කැව්මක් තුවාළයකට තියල බඳින්න තරම් සිoහලයන් මෝඩයි කියලද ඔබ හිතන්නේ?

3. ලoකාවේ දේශගුණය අනුව වැසි සහ පායන වශයෙන් කාල දෙකක් තිබෙනවා. පුස් කාපු කැවුම් මල්ලක් විශේෂයෙන් වැහි කාලයේ ගෙන යද්දි ඒක තෙමුනම Penicillium කෙසේ වෙතත් රටේම තියන බැක්ටීරියා පුස් අල්ලයි නේද?

4. බටහිර විද්‍යාවේ පෙනිසිලින් ලබා දෙන්නේ මුඛයෙන් (oral) හෝ එන්නත් (IV/IM) මගින්. එවිටයි පෙනිසිලින් රැධිරය මඟින් අදාළ තුවාළ වූ පටකයට ගොස් ක්‍රියාත්මක වෙන්නෙ. ඊතළ කඩු හෙළි මගින් සිදු වන ඟැඹුරැ තුවාළ වල මතුපිටින් පුස් කාපු කැවුමක් තියල බැන්දම පෙනිසිලින් ගැඹුරට ගිහින් ඔක්කොම හරි යයි කියල හිතන්න තරම් ඔබ බොළඳද? ඔන්න පුස් කාපු කැවුම කෑවනම් පෙනිසිලින් orally ගන්න තිබුන.

5. පුස් ටික ගන්න පුස් කාපු කැවුම පිටින් උස්සන් යුද්දෙට යනව කියන්නෙ මොන තරම් අකාර්‍යක්‍ෂම අදහසක්ද, ඒ කාලෙ හිටපු මිනිස්සු කරපු යෝධ වැඩවල හැටියට මේක වෙන්න පුළුවන්ද? ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ට මොළය තිබුන "කැව්මෙන්" පුස් ටික වෙන් කරල පිරිසිදු කරල ප්‍රතිජීවකය කෙලින්ම ඇඟට එන්නත් කරන තැනට ගේන්න.

මගේ මතය මේකයි. ලoකාවේ දේශීය වෙදකම ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ට කෙළවන්න හදපු මේ පුස් කැවුම් කතාවෙන් හෑල්ලු වෙනවා. කාටහරි බැරිද පුස් කැවුම් ටිකක් හදාගෙන තුවාළයකට තියල මොකද උනේ කියල අටපට්ටමට කියන්නට?





Friday, May 22, 2020

බයියන් ෆෝම් කර තම බඩ වඩා ගන්නා තිස්ස ජනනායක

තිස්ස ජනනායක  ගැන කතා කරන්නට හිතන් නොසිටි වෙලාවක මුහුණු පොතේ එක් තරැණ දරැවෙකුගේ පෝස්ටුවක් දැක්කා. ඒ කුරුකුලසූරිය රවිඳු නිරංග ප්‍රනාන්දු පුතාගේ පෝස්ටුව දුටු විට මට ලොකු සතුටක් දැනුනා, මොකද කළින් පරම්පරාවල හිටපු ජනනායකල වගේ අයට ගොනාට අන්දන්න ලේසි ලාoකිකයන්ට වඩා නිදහස්ව බුද්ධිමත්ව හිතන තරැණ පරම්පරාවක් අපට දැන් ඉන්න බව ට හොඳම සාක්‍ෂියක්  එම පුතාගේ පෝස්ටුව.
තිස්ස ජනනායක කියන පට්ටපල් බොරැ ගැන පළමුවෙන්ම මම දැන ගත්තේ මෙන්න මේ වීඩියෝවෙන්.  https://www.youtube.com/watch?v=pfWJ3DMV5XI

කැප්පෙටිපොළ නිළමෙ තුමාගේ උදාර ගතිගුණ වලට හේතුව එතුමාගේ ජාන YYX නිසාලු. එවැන්නන් "සුපිරි පිරිමින්" ලු. සුපිරි පිරිමින්ට උස මහත ශක්තිමත් සිරැරක් සහ ශක්තිමත් සුපිරි පිරිමි හිතක් තියෙනවලු. ඒකලු කැප්පෙටිපොළ නිළමෙ තුමා උසමහත ශක්තිමත් මරණයටවත් බය නොවූ තේජාන්විත පුරැෂයෙක් වීමට හේතුව. දැන් මේක අහන මොළේ කළඳක්වත් තිබෙන කෙනෙක්ට ඇති වන ගැටළුව විය යුත්තේ මේක ඇත්ත නම් ඇයි ඇමරිකාව ඇතුළු දියුණු රටවල් YYX පිරිමි ජාන විකෘතිය කෘතිමව කර වැඩිපුර මේ සුපිරි පිරිමි උපද්දන්නැත්තෙ, ඇයි විශේෂ කාර්‍ය බලකායන් වලට මේ සුපිරි පිරිමි වීම අමතර සුදුසුකමක් නොවෙන්නේ, කොටින්ම ඇයි මේ  සුපිරි පිරිමි රෝගීන්/ජාන විකෘති ලෙස සළකා ප්‍රතිකාර කරන්නේ?

තිස්ස ජනනායකගෙ සුපිරි පිරිමින් වන දුටුගැමුණු රජු, වාරියපොළ සුමoගල හාමුදුරැවෝ, අනගාරික ධර්මපාල, මද්දුම බණ්ඩාර  ආදීන්ද කැප්පෙටිපොළ දිසාව සමඟ වෙල්ලස්ස මහ කැරැල්ලේ හරිහරියට සටන් කල පිළිමතලව්වේ අධිකාරම, කිව්ලෙගෙදර මොහොට්ටාල, මඩුගල්ලේ දිසාව, බූටෑවේ රටේ රාළ ආදී "සුපිරි පිරිමින්" කීදෙනෙක් YYXද?

ජනනායක නොකියන ඇත්ත ඔබට අන්තර්ජාලයේ පහසුවෙන් හොයා ගන්න පුළුවන්. පිළිගත් වෙබ් අඩවියක
https://www.healthline.com/health/xyy-syndrome#diagnosis මෙම ජාන විකෘතිය ගැන විස්තරය බලන්න. ඔබට ඉoග්‍රීසි පුළුවන් නම් ජනනායක යනු පට්ටපල් බොරැකාරයෙක් බව ඔබට පෙනෙනු ඇත.  ඇත්තටම කැප්පෙටිපොළ නිළමෙ තුමාට කරන බරපතල අපහාසයක් එතුමාගේ උදාර ගුණයන් YYX වීමේ ප්‍රතිඵල යැයි කීම. ජනනායක කරන්නේ  ඉoග්‍රීසි බැරි, විද්‍යාව  නොහැදෑරෑ නැත්නම් ජනනායක වගේ  බාගෙට විද්‍යාව හැදෑරෑ  බයියන් ෆෝම් කර තම බඩ වඩා ගැනීමයි.

තව කාරණයක්, ජනනායක මේ කතාව මැද රාජිත සේනාරත්න XXY ජාන විකෘතියෙන් පෙලෙන බව කියනවනෙ. එහිදී අතිනුත් පෙන්වමින් රාජිත සේනාරත්න වගේ "මිට්ටෙක්" කොහොමද YYX වෙන්නෙ කියද්දි ළමයිනුත් හිනා වෙනවනෙ. රාජිත සේනාරත්න යනු මගෙත් අකමැතිම දේශපාලකයෙක්.  නමුත් XXY ජාන විකෘතියේදීත් උස වැඩි වීමේ නැමියාව වැඩි බව ජනනායක නොදන්නවා වුනත් ඕනෑම පිළිගත් වෙබ් අඩවියක තිබෙනවා. ඔතන ළමයි අතරම වයසට තිබියයුතු මට්ටමට වඩා මිටි ළමයි කීදෙනෙක් අපහසුතාවයට පත් වන්නට ඇතිද? ඔතන ඉන්න ගෑනු ළමයින්ට හිතුනෙ නැත්තෙ ඇයි කැප්පෙටිපොළ වගේම  විහාර මහා දේවි, සෝමා දේවි,  වගේ සුපිරි ගෑනුත්  ඉන්න නිසා නිර්භය උදාර ගතිගුණ පිරිමින්ගේ පරම අයිතියක් නොවන බව. ජනනායක විද්‍යාවට මුවා වී වපුරන අවිද්‍යාව සහ මිනිසුන්ගේ විවිධත්වයට ගරැ කිරීමට බැරි බයි ගතිය  ජනනායක  මොන විද්‍යාවක් හැදෑරැවත් යවන්නට බැරි වීම ඛේදයක්.

What are the symptoms of XYY syndrome?
The signs and symptoms of XYY syndrome differ from person to person and age to age.

Symptoms in a baby who has XYY syndrome can include:

hypotonia (weak muscle tone)
delayed motor skill development, such as with walking or crawling
delayed or difficult speech

Symptoms in a young child or teenager with XYY syndrome can include:

an autism diagnosis
attention difficulties
delayed motor skill development, such as with writing
delayed or difficult speech
emotional or behavioral issues
hand trembling or involuntary muscle movements
hypotonia (weak muscle tone)
learning disabilities
taller-than-average height

In adults, infertility is a possible symptom of XYY syndrome. 

How is XYY syndrome diagnosed?
XYY syndrome may remain undiscovered and undiagnosed until adulthood. That’s when fertility problems such decreased sperm counts alert doctors to a possible condition.

Genetic disorders can be diagnosed with a chromosome analysis. If your doctor can’t find another explanation for symptoms that may indicate XYY syndrome, they may ask you to undergo a chromosome analysis to check for XYY syndrome.

How is XYY syndrome treated?
XYY syndrome can’t be cured. But treatments can help reduce its symptoms and effects, especially if it’s diagnosed early. People with XYY syndrome can work with healthcare providers to address any symptoms they may have, such as speech and learning problems. As they get older, they may want to work with a reproductive specialist to address any infertility concerns.

The following treatment options may help address some of the most common effects of XYY syndrome.

Speech therapy: People with XYY syndrome may have speech or motor skill disabilities. Healthcare professionals can help treat these issues. They can also provide plans for future improvements.

Physical or occupational therapy: Some younger people with XYY syndrome have delayed motor skill development. They may also have difficulty with muscle strength. Physical therapists and occupational therapists can help people overcome these issues.

කුරුකුලසූරිය රවිඳු නිරංග ප්‍රනාන්දු පුතාගේ පෝස්ටුව:


මම කුරුකුලසූරිය රවිඳු නිරංග ප්‍රනාන්දු....
මගේ වාසගමේ හැටියට නම් මම පෘතුගීසි පෙළපතකින් පැවත එන කෙනෙක්. ඒත් ඒක එහෙමමද කියලා මම දන්නේ නැහැ. මම හොයලත් නැහැ.... හොයන්න වුවමනාවකුත් නැහැ. මට මතක පරම්පරාව ගැන කිව්වොත් මගේ සීයා සහ ආච්චි යන දෙදෙනාගේම නම්, වාසගම් පෘතුගීසි පෙළපත් නාම නිසා සමහරවිට මම වැඩි වශයෙන් පෘතුගීසි පෙළපතකට නෑකම් කියනවා වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්....

හරි.... දැන් කතාවට එමු. පහුගිය දවසක මගේ ගුරුවරයෙකු වෙච්ච තිස්ස ජනනායක මහත්මයා කියලා තිබුණු කතාව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.... ඒ කතාවේ හැටියට නම් මම මිශ්‍ර ජාන සහිත පුද්ගලයෙක්. හැබැයි මට නම් ඒක සතුටට කරුණක් වගේම, තිස්ස ලොක්කා කියපු විදියට මේ දූපතේ හිරවෙලා ලෝකයට බැන බැන ඉඳිමේ මානසිකත්වය තීරණය කිරීමට අදාළ ජානයක් ඇත්නම් අන්න ඒ ජානය මට නොමැති වීමටත් එක හේතුවක් වෙන්න ඇති මගේ මේ මිශ්‍රත්වය. මොකද මම තවමත් පිට රටකට පය ගහලා නැති වුනත් ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයේ එකම රට නෙමෙයි කියලා මම දන්නවා. ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් තියෙන්නේ කියලා මම දන්නවා. ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි තමන්ගේ රටටම ආවේනික වුනු දේශීය වෛද්‍ය ක්‍රම, විවිෂ්ඨ තාක්ෂණික ශිල්ප, විශිෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්ප තියෙන්නේ කියලත් මම දන්නවා.... මොකද ලංකාවේ ඉතිහාසයේ කරපු සමහර දේවල් වෙන රටවල නැහැ වගේම, වෙන රටවල්වල ඉතිහාසයේ කරපු සමහර දේවල් ලංකාවෙත් නැහැ. ඒක බොහොම සාමාන්‍ය සාපේක්ෂ කාරණාවක්.... අන්න ඒක තේරුම් ගන්න මගේ මොළය තිස්ස සර්ට වඩා පරිණත වෙන්න බලපාපු ජානයක් තියෙනවා නම් අන්න ඒක ගැනත් මම සෑහෙන්න සතුටු වෙනවා.

භූගෝල විද්‍යාවට අනුව මේ ලෝකය එකම ගොඩබිමක් වෙලා තිබිලා බෙදිලා බෙදිලා වෙන් වෙලා ගිහින් තියෙනවා වගේම, ලෝකයටම හුස්ම ගැනීම සඳහා වැඩි ප්‍රතිශතයක් ඔක්සිජන් නිපදවන ඇමේසන් තියෙන්නෙත් වෙන රටක නම්, වෙන රටවල්වල තියෙන ගිණිකඳු, අයිස් පර්වතවලින් මේ ලෝකය බැලන්ස් කරලා තියාගන්නවා වගේම ලෝකය පුරා රට රටවල්වල මෙකී නොකී සියලුම ස්වභාවික පරිසර සිදුවීම් නිසා අපේ රටත් පවතිනවා නම් අහවල් මගුලකටද ශුද්ධ ජාන හොය හොයා වැලලෙන්න හදන්නේ කියලා මට හිතෙනවා.
ලෝකය පුරා මිනිසුන් විසින් ගොඩ නගපු විශිෂ්ඨ සංස්කෘතීන්, අපේ රටේ තියෙන සංස්කෘතීන් වගේම සුන්දර විදියට දකින්න බැරි කම, මිනිසුන්ගේ විවිධත්වය, පාට, හැඩය, ජීවන ක්‍රම, ඇඳුම් පැළඳුම් විලාසිතා කොච්චර ලස්සනද කියලා දකින්න බැරි කම සහ සරලවම කිව්වොත් ජාති ආගම්වාදය මානසික රෝගයක් බවත් ඉතාම පැහැදිලි කාරණාවක්. අන්න ඒ මානසික තත්වයට මොකක් හරි ජානයක් හේතු වෙලා තියෙනවා නම් ඒකත් කළවම් වෙච්ච මට නැති වීම ගැන මම බොහොම සතුටු වෙනවා....

ඉතින් මම නම් හිතන්නේ ලෝකය සමග අපි මිශ්‍ර වෙන තරමට අපිට අනිත් මිනිසුන්ව ඉවසන්න පුළුවන් කම ලැබෙනවා. එයාලාගේ සංස්කෘතිය විවිධත්වය ලස්සන අපිට දකින්න පුළුවන් කම ලැබෙනවා. මොකද එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ හැම දේම අපිට අහම්බයක් වගේ පෙනෙන සොබාදහමේ මනා සැලසුමක් කියන එක.... ඒත් එක්කම හරි හමං විදියට ජීව විද්‍යාව ඉගෙන ගත්තොත් තේරුම් ගන්න පුළුවන් අන්න ඒ ක්‍රියාවලිවල විද්‍යාත්මක පසුබිම. විකෘතියකින්, මිශ්‍ර වීමකින් කොහොමද ජීවයක් පවතින්නේ, නොගැලපෙන ජීවීන් වඳ වෙන්නේ වගේම ජෛව විවිධතවයක් හටගන්නේ කියන එක....
එහෙම බැලුවම සරලම කාරණාව තමයි ඔය තිස්ස සර් කියන මනුස්සයා කොච්චර ඉගෙන ගත්තත් කොච්චර ඉගැන්නුවත් තමන්ගේ ජානවල ඇත්තම තත්වය නොදන්නා බව. එක්කෝ දේශපාලනික අවශ්‍යතාවකට ඒ මනුස්සයා ජාන ගැන කියලා පිස්සුවක් නටන බව.... එහෙම නැතිනම් මානසික ව්‍යාධියක් විය හැකි බව අනුමාන කරන්න පුළුවන්. ඒ නිසා එහෙම නොවෙන්න මිශ්‍ර ජාන තිබීමත් බොහොම වැදගත්....
කොහොම වුනත් මට කියන්න තියෙන්නේ මම කළවම් මනුෂ්‍යයෙක්. මිශ්‍ර වුනු මනුෂ්‍යයෙක්. ඒ මිශ්‍ර වීම මට සතුටක්.... ඒකෙත් ලොකුම සතුට තමයි යක්ඛයිනි කියලා සද්දයක් ඇහුනු ගමන් මගේ කොහෙවත් මයිලක්වත් කෙලින් නොවීම, ඇඟ හිරිවැටිලා වෙව්ලලා මීමැස්මොරය වැනි තත්වයකට නොඒම. ඒ ගැන මම ඔක්කොටම වැඩිය සතුටු වෙනවා ඇත්තටම....

Monday, May 11, 2020

ඔන්ලයින් වෛරක්කාරයෝ

අන්තර්ජාලය නැති යුගයේ ජන්මාන්තර වෛරක්කාරයන් ඇති  වූයේ අසල්වැසියන්, කාර්‍යාල සගයන් ආදී අපට භෞතික වශයෙන් හමු වන අය සමඟය. අන්තර්ජාලය ඇති මේ යුගයේ ඔන්ලයින් ජන්මාන්තර වෛරක්කාරයන් බිහි වී තිබේ. උදාහරණයකට මම නිතර කියවන ගොසිප් ලoකා වෙබ් අඩවියේ යාවජීව කොමෙන්ටු ලියන්නන් අතර සිටින "ලාල්" (මුලු නම කුජීත එකක් බැවින් සඳහන් කිරීමෙන් වළකිමි) සහ "අල්ලපු ගෙදර එකා"ගේ ජන්මාන්තර වෛරය මම නෝට් කරන්නේ වසර ගණනක සිටය. පෙනෙන හැටියට අල්ලපු ගෙදර එකා නමේ අදහස "ලාල්ගේ අල්ලපු ගෙදර එකා" යන්නය. කිසියම් පුවතකට ලාල් කොමෙන්ටුවක් දමන පමාවෙන් අල්ලපු ගෙදර එකා ලාල් සමග හැමිණේ. අනතුරැව මේ ඩබල අදාළ පුවතට කිසිසේත්ම අදාළ නොවන ඔන්ලයින් ගුස්තියක් අල්ලයි. උදාහරණයකට ඉහත වෙබ් අඩවියේ අප්‍රේල් 23 දින "වැලිසර නාවික හමුදාවේ 30කට කොරෝනා" මැයෙන් පළවූ ලිපියට ලාල් දැමූ කොමෙන්ටුවද අල්ලපු ගෙදර එකාගේ ප්‍රතිචාරයද බලන්න.




මේ ආකාරයට පුවතට කිසිසේත්ම ආදාළ නැති මනඃකල්පිත, බොහෝවිට ලිoගික හැකියාව පදනම්වූ dominance ගැටුමකින් එය කෙළවර වේ. මේ දෙදෙනා එකිනෙකාගේ අනන්‍යතාවය නොදන්නා බැවින් මෙම වෛරයට මුල කිසියම් කොමෙන්ටු ගැටුමක් වන්නට ඇත. බැලූ බැල්මට මෙය හාස්‍යෝත්පාදක වුවත් මෙයින් සිදු වන්නේ මුල් පුවතට අවධානය නැති වී එකිනෙකා අතර හිස් වචන හුවමාරැවක් සිදු වීමය. අනිත් අතට කොමෙන්ටු හරඹයක් වැනි බොහෝ කුඩා කරැණකට සදා වෛරක්කාරයන් වන මොවුන් තමුන්ට වසර පහෙන් පහට නැති වෙන්නම කෙළවන දේශපාලකයෙකුට හෝ රැකියාස්ථානයේ තමන්ට හින්සා කරන ප්‍රධානියකුට මෙසේ වෛර නොකරති. පන්න පන්නා පළි නොගනිති. වැඩකට නැති කුඩා කොමෙන්ටුවක් දිරව ගන්නට බැරි උනත්  දේශපාලකයෙකුගේ විශාල නොපනත්කම් හොඳට  දිරවා ගනිති. 

දෙවන ගනයේ වෛරය පිරිමැසීම නම් තමන් කුමන කරැණකට හෝ වෛර කරන කෙල්ලකගේ නමකින් කුජීත කොමෙන්ටු දමමින් අර කෙල්ලගේ චරිත ඝාතනයයි. ගොසිප් ලoකා වෙබ් අඩවියේම කළකට පෙර "මාලතී කල්පනා" නමින් කියවන අයගේ ශාපයට ලක් වන කොමෙන්ටු දැමූ පුද්ගලයා ඊට උදාහරණයකි. මොහු ගැන රිපෝට්වී දෝ හදිසියේම අතුරැදහන් වූ නිසා දැමූ කොමෙන්ටු සොයා ගත නොහැකි වුවත් උදාහරණයකට බෝම්බයක් පීපිරී ජීවිත හානියක් වී තිබුනි නම් මහජන වෛරයට ලක් වන "අනේ හරි ෂෝක්" වැනි කුජීතම කොමෙන්ටු අහින්සක කෙල්ලෙකුගේ නමින් දැමූවෙකි. ඒ තරම්ම කුජීත නොවුනත් "ගයනි ඔෂානා" නමින් ගොසිප් ලoකා වෙබ් අඩවියේ මොන්ගල් කොමෙන්ටු දමන නියම ගයනි ඔෂානා ගේ ජන්මාන්තර වෛරක්කාරයකු සිටී. උදාහරණයකට ඉහත වෙබ් අඩවියේ මැයි 9 දින  "මියගිය ඉර්ෆාන් හා ශ්‍රීදේවී ගැන කියන්න ගොස් කට වරදාගත් නිවේදකයා සමාව ගනී" මැයෙන් පළවූ ලිපියට ගයනි ඔෂානා දැමූ කොමෙන්ටුව බලන්න.


බ්ලොග් කරැවන්ටද ජන්මාන්තර වෛරක්කාරයන් ගෙන් අඩුවක් නැත. කළාතුරකින් අනන්‍යතාවය පෙන්වමින් හැමිණෙන්නන්ද බොහෝ විට අනන්‍යතාවය සඟවමින් හැමිණෙන්නන්ද දැකිය හැක. බ්ලොග්කරැ සමඟ වෛරයේ උපත බොහෝ විට බ්ලොග්කරැගේ අදහස් වලට ඇති අධික අකමැත්ත හෝ කොමෙන්ටු හරඹයක් විය හැක. ඇතැම් විට දේශපාලනික, ආගමික, ජාතික, සoස්කෘතික හෝ වෙනත් වෙනස්කම් දරා ගැනීමට නොදන්නාකම මසේ වෛරයකින් කෙළවර වේ. කිසියම් බ්ලොගයක අදහස් සමඟ එකඟ වීමට බැරි නම් කෙනෙකුට පහසුවෙන් එය නොබලා සිටිය හැක, නැතිනම් තර්කානුකූල ශිෂ්ඨ සම්පන්න කොමෙන්ටුවකින් තම මතය දැක්විය හැක. නමුත් ජීවිතයේ කිසිදාක පරිණත හැසිරීමක් ප්‍රගුණ නොකල මොවුන් දිගින් දිගටම  වෛරී කොමෙන්ටු දමමින් හැමිණීම ඒ වෙනුවට තෝරා ගනී.  

සම්ප්‍රදායික භික්‍ෂු භූමිකාවෙන් මිදී වඩාත් නූතන බුද්ධිමත් අදහස් පල කරන පොඩි සාදුගේ ලියමන් බ්ලොගයේ http://podisadugeliyamana.blogspot.com/  ලිපි වලට වෛරයෙන් හැමිණෙන්නන්ගෙන් කවදත් අඩුවක් නැත. පොඩි සාදුගේ "බෞද්ධයකු වන්න උත්සාහ ගන්න එපා" යන අගනා ලිපියට දැමූ කොමෙන්ටුවක්;


කතෝලිකයෙකු වීම නිසා මාකස් ප්‍රියන්ත පෙරේරාටද http://marcuspriyanthaperera.blogspot.com/ ජන්මාන්තර වෛරක්කාරයෙක්  ලැබී ඇත. ඔහු කුමක් ගැන ලිව්වත් වෛරී කොමෙන්ටුවක් දැමීමට හෙතෙම වග බලා ගනී. "පාස්කු ප්‍රහාරයට මාස 9යි - Nine months to Easter Sunday attack" යන ලිපියට දැමූ කොමෙන්ටුවක්;



අධ්‍යාපනික  බ්ලොග් අඩවියක් වන විහින්දි https://vihindi.blogspot.com/ හි "මුන්නේශ්වරම පුද බිමට (දින තුනෙන් රට වටා ගිය ගමනේ පළමු නැවතුම්පල පිළිබද සටහන්... )" යන ලිපියට දැමූ කොමෙන්ටුවක්;


මේ ලෝකයේ යමක් කිරීමට උත්සාහ කල සියළුම දෙනාට සතුරන් ඇති විය. එය ලෝක ස්වභාවයයි. ඇතැම් විට මෙම මිනිසුන්ට තම දූශිත දේශපාලකයා, රැකියාස්ථානයේ තමන්ට හින්සා කරන ප්‍රධානියකුට හෝ  abusive සහකරැ නිසා ඇතිවන ආවේග වඩා ආරක්ශිතව පිටකර ගැනීමේ මාර්ගය ඔන්ලයින් වළි විය හැක. නැතහොත් තම උඩින් පෙන්වන "ජැකීල්" ප්‍රතිරෑපයට යටින් සැඟවුනු නියම අඳුරැ "හයිඩ්" මානසිකත්වය ආරක්ශිතව  මුදා හැරීමට මාර්ගය ඔන්ලයින් වළි විය හැක. 


Friday, May 8, 2020

සඳුනිට සිදුවූ ඛේදවාචකය ඔබට නොවෙන්නට නම්...

ගිය මාසයේ පළ කරපු සියලුම පෝස්ටු කොරෝනා වයිරසය ගැන නිසා වෙනසකටත් එක්ක ටෙලි නාට්‍යයක චරිතයක් ගැන මගේ අදහස් මෙසේ ලියන්නට හිතුවා. ITN නාළිකාවේ විකාශනය වන "වළාකුළු දොරින් ගලන්න" ටෙලි නාට්‍යය කොටස් 60කට පසු අද අවසන් උනා. මේ නාට්‍යයට සහභාගි වූ සැමට ස්තූතියි.

මේ ටෙලි නාට්‍යයක් උනත් ලoකාවේ මධ්‍යම පාන්තික සමාජයේ අක් මුල් විහිදී ගිය ප්‍රශ්න කීපයක් නිරාවරණය කරනවා. ඒ ගැන කතා කරන්නට කළින් මේ ටෙලි නාට්‍යයේ කතාව කෙටියෙන් කිව්වොත්, පහළ මධ්‍යම පාන්තික අසල්වැසි පවුල් දෙකක කළාවට ආසා කරන අහින්සක තරැණයෙක් (සිතුම්, එරග ජීවන්ත) සහ සඳුනි (තිසුරි යුවනිකා) අතර මිතුරැකම කාලයත් සමඟ අහින්සක ආදරයකට හැරැණත් විරැකියාව නිසා තමා ගැන අවතක්සේරැවෙන් හිතන සිතුම්, සඳුනි සමඟ විවාහ වීමට සහ අනාගතය ගැන සැළසුම් කිරීමට පසුබානවා. මේ පවුළ් දෙකේම මව්පියන් අහිoසක, සාධාරණව හිතන පතන, දරැවන්ට ආදර කරැණාවෙන් සළකන උදවිය. විශේෂයෙන්ම සඳුනිගෙ තාත්තා ලෙස්ලි (නිරෝෂන් විජේසිoහ) බොහොම ගුණයහපත් මනුස්සයෙක්. කරැණු මෙසේ උනත් සිතුම් හෝ සඳුනි මේ සම්බන්ධය සඳුනි ගේ මව්පියන්ට කියන්න බිය වෙනවා. ඒ සිතුම්ට රස්සාවක් නැති නිසා සඳුනි ගේ මව්පියන් සිතුම් ව ප්‍රතික්ශේප කරාවි යැයි සිතුම් හිතන නිසා. ඔය අතර  විශ්‍රාමික ලෙස්ලි අමතර මුදලක් සොයාගැනීමට පෞද්ගලික ආයතනයක වැඩට යනවා. මේ ආයතනය හිමි ධනවත් තරැණයා ශිරාන් (හර්‍ර්‍ෂ තෙන්නකෝන්) ලෙස්ලිගෙ හොඳම මිතුරාගේ එකම පුතා. ලෙස්ලිට හෘදයාබාධයක් වැළඳී රෝහල්ගත වෙන්නේ මේ අතරයි. එහිදී රෝහලට යන එන අතරතුර සඳුනිව දකින ශිරාන් ඇය ගැන විවාහ යෝජනාවක් ගෙන එනවා. සඳුනිට වෙනත් සම්බන්ධයක් ඇති බව නොදන්නා ලෙස්ලි ඒ ගැන බෙහෙවින් සතුටු වෙනවා. සඳුනිගේ මල්ලිගෙන් මේ බව දැනගත් සිතුම්  සම්බන්ධය ඔහුගේ පැත්තෙන් නවත්වන්නේ සඳුනි ශිරාන් සමඟ විවාහ වුවහොත් වඩාත් සැපවත් ජීවිතයක් ඇයට ලැබේ යැයි සිතමින්. තම පියාට මහත් සේ ආදරය කරන බැවින් ඔහුගේ බලාපොරොත්තුව ඉටු කිරීමටත්, දිගින් දිගටම සිතුම්ගෙන් ප්‍රතික්ශේප වීම නිසාත් පසුව සඳුනි ශිරාන්ට කැමති වෙනවා. මේ අතර සිතුම් අධිකව මත්පැනට ඇබ්බැහි වෙනවා. ඊට සිතුම්ගේ නැගණිය හා මිතුරන් මෙන්ම තම මල්ලීගේ පවා කෝපය එල්ල වන්නේ සඳුනිට. සිතුම් ගැන වේදනාවට පත්වන සඳුනි මත්පැන් නොබොන ලෙස ඔහු පොරොන්දු කරවා ගැනීමටත් අවසාන වරට සමු දීමටත් ඔවුන් පෙරදී මුණගැසුනු ඈත පිහිටි ඇල්ලක් වෙත එක්ක යනවා. එහිදී නොසිතූ පරිදි සඳුනිට අතවර කිරීමට හැදූ මැරයෙක් සිතුම් අතින් මිය යනවා. අනිත් මැරයා පලා යනවා. කෙසේ හෝ මේ සිද්ධියත් සැඟවීමට ඔවුන් තීරණය කරනවා. ඊට ටික කලකට පසු සඳුනි ශිරාන් සමඟ විවාහ වෙනවා. ශිරාන්ගේ මැණික් ව්‍යාපාරයේ ප්‍රධාන තරඟකරැ කලින් සඳහන් කල මැරයාගේ හාම්පුතා. මිනීමැරැම සිදු කල පිස්තෝලය ශිරාන්ගේ කාර්‍යාලයේ සඟවා ශිරාන් මිනීමැරැමට හසු කිරීමට ඔහු ක්‍රියා කරනවා. මේ අතර පොලීසිය මිනීමැරැමේ සාක්ශි අනුව සිතුම්ව ලුහුබඳිනවා. ශිරාන් බේරා ගැනීමට පොලීසියට භාර වන සිතුම් පිස්තෝලය තමා විසින් ශිරාන්ගේ කාර්‍යාලයේ සැඟවූ බව කියනවා. මේ අතර සඳුනිගේ සාමාන්‍ය පවුල් පසුබිම නිසා විවාහයට මුල සිටම අකමැතිව සිටි ශිරාන්ගේ නපුරැ මව සඳුනිට පෙර ආදර සම්බන්ධයක් තිබූ බව  දැනගෙන ශිරාන්ට සඳුනිව එපා කරවීමටත් සඳුනිට ශිරාන්ගේ නිවස අපායක් කිරීමටත් හදනවා. මුලින් මේ කතා විශ්වාස නොකලත් පසුව තමන් විසින්ම සොයා ගන්නා කරැණු මත ශිරාන් සඳුනි ගැන කළකිරී, විශේෂයෙන්ම මෙම දේවල් තමුන්ගෙන් දිගින් දිගටම සැඟවීම ගැන කළකිරී, සඳුනි ව ඇයගේ නිවසට ඇරලන අතර සිතුම් ගැන ඇතිකර ගන්නා ඊර්ශ්‍යාව මත සිතුම් නිවැරදි බව දැන දැනත් ඔහුව නඩුවෙන් පරාද කිරීමට උත්සාහ කරනවා. නමුත් අවසානයේ සඳුනිගේ සාක්ශි මත සිතුම් නිදහස් වී ශිරාන් සහ සඳුනි නැවත එකතු වෙනවා.

කතාවක් වශයෙන් ඒතරම් ප්‍රබල හෝ තාත්වික නොවුනත් රෙජිනෝල්ඩ් ජයමාන්න මෙම නාට්‍යයේ ඇතැම් චරිත ගොඩනගා ඇති ආකාරය තාත්වික වීම නිසාත් ඒ චරිත මගින් ලාoකීය පහල මධ්‍යම/මධ්‍යම  පාන්තිකයන්ගේ ජීවන රටාවේ ඔඩු දුවා ඇති ගැටළු කීපයක් නිරෑපනය වීම නිසාත් මේ කතාව මගේ සිත් ගත්තා. සියලුම නලු නිළියන්ගේ රoගනයන් චරිත වලට උපරිම සාධාරණයක් ඉටු කල බව මම හිතනවා.

ටෙලි නාට්‍යයේ තිසුරි යුවනිකා රoගනයෙන් දායක වන  සඳුනිගේ චරිතය ගැන ටිකක් කතා කරන්නට හිතුනේ සඳුනි වගේ ගෑනු ළමයි බොහෝ දෙනෙක් මට මුණගැහිල තිබෙන නිසා. අනිත් අතට ලoකාවෙ පිරිමි බහුතරයකගෙ අදහස අනුව කසාදයක් බැඳීමට සොයන ගෑනු ළමයෙකුට (wife material) තිබිය යුත්තෙ සඳුනිගෙ වගේ ගතිගුණ, අහිoසකයි රටක් වටියි...පාරෙ යද්දි තමන්ට කුණුහරප කියන පිරිමියෙකුට විරැද්ධ වන කාන්තාව නොව කරබාගෙන යන කාන්තාව වීරවරිය වෙන, තමන්ගේ ඇත්ත හැඟීම් සඟවාගෙන තම පියාට, පෙම්වතාට, සැමියාට කොන්දේසි විරහිතව හිස පහත් කරගෙන තමන්ව දැක්කීමට ඉඩදෙන කාන්තාව ආදර්ශමත් කාන්තාව වෙන රටක ගෑනු ළමයින්ව හදන්නේ සඳුනිගෙ අච්චුවට දාල. 

නමුත් ඒක ලoකාවෙ මධ්‍යම පාන්තික සමාජයේ ඛේදවාචකයක්. පෞරැෂහීන භාවය කාන්තාවකගේ අගය වැඩි කිරීම පෞරැෂහීන පිරිමි ඉන්න සමාජයක පවතින විශාල සමාජ ගැටළුවක්. සඳුනි පෞරැෂහීන කාන්තාවක් යැයි මා කියන්නේ ඇයි? සඳුනි ගේ චරිතය ගොඩනැගී ඇත්තේම කවුරැහරි පිරිමියෙකුගෙන් යැපීමට. ගෙදරටවී සිටින, කිසිම අනාගත සැළසුමක් නැති, වැඩිහිටියෙක් ලෙස ටිකෙන් ටික ස්වාධීන වීමට උත්සහයක්වත් නොගන්නා වැඩිහිටි ළදැරියක (woman child) ලෙස හැදෙන ඇයට මුළු ජීවිත කාලයේම දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නවා හැරෙන්නට වෙනත් විකල්පයක් නැහැ. සඳුනිට යම් අධ්‍යාපනයක් / රැකියාවක් තිබුනා නම් ඇයට ඇගේ පළමු ආදරය රැක ගැනීමට වැඩි ඉඩක් තිබුනා. ඒවගේම ඇයගේ ස්වාධීනත්වය රැක ගැනීමටත් අවශ්‍ය මොහොතේ පවුළට ආර්ථික සවියක් වීමටත් තිබුනා. උදාහරණයකට ගත්තොත් ඇයගේ දෑවැද්දෙන් ලක්‍ෂ 4ක් සිතුම්ට රට යෑමට ඇය දුන් විට ඒ මුදලට අයිතිවාසිකම් කියන ඇයගේ පියා, ශිරාන්, ශිරාන්ගෙ අම්මා ආදී අයගෙන් මොනතරම් පීඩනයක් ඇයට එල්ල වුනාද? නමුත් ඇය තම මහන්සිෙන් ඉපැයූ මුදලක් ඒ සඳහා දුන්නා නම් මේ අයට ඇයට එසේ පීඩනයක් එල්ල කරන්න බැහැ. 

අනිත් අතට  ඇය තම මහන්සිෙන් ඉපැයූ මුදලක් ශිරාන් මුදල් අතින් හිරවූ අවස්ථාවේ ඔහුට දුන්නා නම් මොනතරම් වටිනවාද? පිරිමියා මුදල් උපයා ගැහැනිය රක්‍ෂා කල යුතුය යන්න තරම් යල් පැන ගිය අදහසක් තවත් නැති තරම්. අද සමාජයේ  පිරිමියා සහ ගැහැනිය සාම්ප්‍රදායික භූමිකාව නොව ඒ ඒ අවස්ථානුකූලව තම භූමිකාව පවුල තුළ කල යුතුයි. නැතිනම් ඔබ අසාර්ථක වෙන්න ඉඩ වැඩියි. කොරෝනා වසoගතය තදින් පැතිරී යන ඇමරිකාවේ දැනට පමණක් 15%කට රැකියා නැති වුනා. මෙහෙ මම දන්න සමහර ලoකාවේ පවුල්වල පෞරැෂහීන පිරිමි තමන් පමණක් ආචාර්‍ය උපාධි කරමින්, තමන් පමණක් රැකියා කරමින්, ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත තම බිරින්දෑවරැන්ට තමා මෙන්ම ආචාර්‍ය උපාධිය හෝ රැකියා කිරීම වැළැක්වූවා. එවැනි පවුල්වල පිරිමි සමහරැ අද රැකියා අහිමි වී එම පවුල් බරපතල ප්‍රශ්නයකට ලක් වෙලා. එසේ නොවී තම බිරිඳටත් ආචාර්‍ය උපාධිය සහ රැකියා කිරීමට ඉඩදී දරැවන්ගේ සහ ගෙදර වැඩ බෙදාහදාගෙන කල, ගෑනි ඉහල යනවට බිය නොවූ, පෞරැෂ සම්පන්න පිරිමි ඉන්න පවුල් වල එක්කෙනෙක්ගෙ රැකියාව අහිමි උනත් පැවැත්මක් තියෙනවා. එපමණක් නොවේ,  අවුරැදු දහයකට කිට්ටුව ඇමරිකාවේ ඉන්න ආචාර්‍ය උපාධිය හැදෑරෑ නේපාල මිතුරෙකුගේ බිරිඳට ඇමරිකාවේ essential life skills වන ඉoග්‍රිසි කතා කිරීමට සහ වාහන පැදවීමට බැහැ. ටිකක් හිතන්න මේ මනුස්සය පර්‍යේෂණාගාරයේ ඉඳිද්දි කුඩා දරැවාට හදිසියේ අසනීප වුනොත් රෝහලට යාමටවත් 119 කතා කරල උදව්වක් ගන්නටවත් මේ බිරිඳට බැහැ. ඒ මට්ටමටම තම බිරිඳව අනාථ අසරණ කරල තියෙන්නෙ ඒ උගත් මිත්‍රයා.

මූල්‍යමය පැත්තටත් වඩා සඳුනිගෙ පෞරැෂයේ දුර්වලභාවය පෙනෙන පැත්තක් තමයි බුද්ධිමය සoවාදයක යෙදීමේ නොහැකියාව, කිසිම අළුත් දෙයක් ඉගන ගැනීමේ දැඩි අකමැත්ත, ආදිය. ඇයට පුළුවන්ද  ශිරාන්ගේ ව්‍යාපාරය, වෙනත් වචන වලින් කිව්වොත් ඇයට කාල ඇඳල ඉන්න මුදල් ලබා දෙන ව්‍යාපාරය ගැන වාක්‍ය පහක් කියන්නට? ගෙදර ඉන්න ගමන් කවදාවත් පොඩි සමාජ සේවයක්, දනක් පිනක් කරන්න පොතක් පතක් කියවන්න හිතෙන්නෙත් නෑ. වතාවක් ශිරාන්ගෙ අම්ම ශිරාන්ගෙ ව්‍යාපාර ගැන ටිකක් ඉගනගන්න කියල කිව්වම ගත් කටටම සඳුනි කිව්ව අනේ අම්මෙ ඕව මට තේරෙන්නෙ නෑ කියල. එතකොට ශිරාන් කවදහරි මළොත් සඳුනි මොකද කරන්නෙ? ඇත්තටම මගේ මිතුරෙක් හිටිය හුඟක් ආර්ථික අපහසුතා සහිතව මවත් සමඟ ජීවත් වන. එයා දවසක් කිව්ව ඔහු කුඩා කාලයේ ඔවුන් බොහෝ ධනවත් බවත් පියාට රන් බඩු අළවිසැලක් තිබුන බවත්. පියාගෙ හදිසි මරණයෙන් පසු වටේ හිටපු මිනිස්සු සඳුනි වගේ හැදුන අම්මව රවට්ටල ව්‍යාපාරයත් බකොළොත්කරල අද ඉන්න තත්වයට ඇදල දැම්මලු. ඒ යාලුවට ගෙවන්න හොඳ ණය  ප්‍රමාණයකුත් තිබුණ අර මිනිස්සු තාත්තගෙ නම විකුණල ගත්ත. ඔන්න එකම දරැවට ගිය කල!

දෙවනුවට කතා කරන්නට මම අදහස් කලේ සඳුනි ශිරාන්ට තම අතීතය ගැන සැඟවීම. මේ ගැන බොහෝ දෙනෙක් සඳුනිට දොස් කිව්ව බව මම දුටුවා. මොනම හේතුවකටවත් බොරැ කීම මම අනුමත කරනනේද නැති වුනත් මම කලින් කියපු පරිදි සඳුනි යනු සමාජය සමඟ ගැටුනු තනිව නිවැරදි තීරණ ගන්න පුහුණු කරපු දරැවෙක් නොවේ. එලෙස හැදුන සඳුනිගෙන් එකපාරටම පරිණත හැසිරීමක්, නිවැරදි තීරණ ගැනීමක් බලාපොරොත්තු විය නොහැකියි. අමිහිරි උනත් ශිරාන්ට ඇත්ත කීම වනුවට එන එන හැටියට බොරැ කියා මගහැරීම තෝරා ගැනීම ඇයගේ වරදකට වඩා ඇයව හැදූ ආකාරයේ වරදක්. පෞරැෂහීන ගෑනු මිනිස්සු ප්‍රශ්නයකට මුහුණදී විසඳා ගැනීමට වඩා එවෙලෙට ශේප් කර ගන්නයි බලන්නේ. අනිත් එක තමා ශිරාන්ගේ මවගේ හැසිරීම. ඇය සඳුනිගෙ පවුල කැඩීමට මොකක්හරි වැරැද්දක් හොය හොය සිටිද්දී සඳුනිට හිතෙන්නේ ඇත්ත කීම නොකලයුතු බව. ඒවගේම ශිරාන් සඳුනිගෙන් අතීතය ගැන අහපු විදිය හරිනෑ. ඔබේ ප්‍රියයාගේ අතීතය, ඔබේ දරැවාගේ වැරැද්දක් වැනි  ඕනෙම සoවේදී කාරණයකදී එහි සoවේදී බවට ගරැ කල යුතුවාක් මෙන්ම ඔවුන්ට අඟවන්නට ඕනේ ඔබේ ආදරය ඇත්ත කීමෙන් පළුදු නොවන වග. සඳුනි වතාවක් මේ ගැන කියන්නට ප්‍රවේශයක් ලෙස ඇයි ඔයා මට ආදරේ යැයි ශිරාන්ගෙන් ඇසූ විට පිළිතුර වූයේ ලස්සන මූණ, පිවිතුරැ පෙනුම, පිරිමි සම්බන්ධ නැති නොකැළැල් අතීතය ආදිය. මේක අහන සඳුනි ගොළු වෙනවා. සාධාරණයිනේ. මම ශිරාන් නම් කියන්නේ සඳුනිගෙ යහපත් නිවුනු ගතිගුණ අoක එකට. එසේ වූවා නම් ඇය එදා ඊට වඩා විවෘත වේවි.

අවසානයට මම නිර්මාණකරැට ස්තූති කරනවා දෙමව්පියන්ගේ චරිත ගුණයහපත් ලෙස නිර්මාණය කලාට. ලෙස්ලිගේ චරිතය හරිම වැදගත් පණිවිඩයක් තාත්තලට ලබා දෙනවා. ඒ තමයි තරැණ දරැවෙකුගේ ප්‍රශ්නයකදී එයට මුහුණදෙන ආකාරය කෙසේද යන්න. ශිරාන් සඳුනිව අතඇරපු වෙලේ ඇයට සවියක් නොවී ගහබැණගත්තානම් සඳුනිගේ ජීවිතය ඛේදවාචකයකින් ඉවර විය හැකිව තිබුනා. ලෙස්ලි කුමන ප්‍රශ්නයකදීවත් කලබල නොවී නියම පෞරැෂයකින් යුතුව ක්‍රියා  කල ආදර්ශමත් චරිතයක්. මම කලින් පෝස්ටු වලද කියා ඇති ප‍රිදි දරැවන්ට ආදර සබඳතා ඇති නැති වීම ලෝක නිoගිරාවක් ලෙස සිතන දෙමාපියෙක් වෙන්න එපා. කාන්තාවකට ප්‍රශ්නයදී නිවසේ අයගෙන් උදව් ඉල්ලීමට වඩා ආගන්තුකයෙකුගෙන් උදව් ඉල්ලීම ආරක්ශිතයැයි හැඟීම හෝ ගෙදර අයගෙන් සඟවාගෙන තනිවම විසඳාගැනීමට සිදු වීම තරම් අවාසනාවක් තවත් නැහැ. කාන්තාවක් එසේ කිරීමට හේතු හේතු වලින් එකක් තමයි තමයි ගෙදර අයගෙන් කරැණාව, අස්වැසීම සහ උදව් වෙනුවට ලැබෙන නින්දා අපහාස, සැක කිරීම්, ඇනුම්පද, ලේබල්, සහ නොයෙකුත් සෘනාත්මක ප්‍රතිචාර. අනිත් හේතුව ඇය සමඟ කතාබහ කර හැමෝටම එකඟ වියහැකි විසඳුමකට ඒම වෙනුවට ඇයට අවාසිදායක අසාධාරණ තීන්දු වලට පවුලේ අය එළැඹීම. ඇයි ඉක්මන් කෝපය නිසා ගෙදර අය ඇයට ලැජ්ජා වෙන පරිදි පිස්සු කෙළීමත් කාන්තාවන් ඉතාම බියවන දෙයක්. ඒනිසාම ලෙස්ලි වැනි ඉවසිලිවන්ත සාධාරණ දරැපවුලට ආදරය කරන වැරැද්දක් කරැණාවෙන් පෙන්වා දෙන තාත්තලා නාට්‍යයකින් හෝ දැකගැනීමට ලැබීම සතුටක්.

සඳුනිට වුනු ඛේදවාචකය තමයි තම ආත්මීය ආදරය අහිමි වී ශිරාන්ගෙ රත්තරන් කූඩුවට වෙලා මැරෙනකම් ගී ගැයීමට සිදු වීම. ඇගේ ආත්මීය ආසාව වුනේ සිතුම්ගෙ පරඞැල් පත් කූඩුවේ ජීවත් වෙමින් ඈත අහසේ නිදහසේ ගී ගයමින් පියෑඹීම. මේ සටහන දකින ඉගන ගන්න වියේ දුවලට මම කියන්නේ ජීවිතේ ඉලක්කයක් අරමුණක් සැළසුමක් ඇතිව හොඳින් ඉගෙනගෙන හොඳ රැකියාවක් කරමින් ස්වාධීන කාන්තාවක් වෙන්න හිතට ගන්න. මුදල් හා යසඉසුරැ ඔබටම එවිට ලඟා කරගත හැකියි. ඔබට තනිවම ලබා ගත නොහැක්කේ ලෞකික ජීවිතයේ උසස්ම සැනසීම වන ආත්මීය ආදරයි. ඔබේ ආත්මීය ආදරය ඔබට ලැබෙන්නේ රජෙකුගෙන් නම් ඒක ඔබ වාසනාව. හැබැයි ඔබේ ආත්මීය ආදරය ඔබට ලැබෙන්නේ යාචකයෙකුගෙන් නම් ඔහුව ඉන් මුදවාගෙන රජෙක් කිරීමට ඔබට සම්පත් තිබිය යුතුයි. 

Tuesday, May 5, 2020

සුපිරි ශ්‍රී ලාoකික village life / cooking YouTube චැනල් තුනක්

මම හරිම ආසාවෙන් බලන මේ Sri lankan village life/cooking යූටියුබ් වීඩියෝ ගැන ඔබව දැනුවත් කරන්නට හිතුනා.

1. Poorna - The nature girl https://www.youtube.com/channel/UCtVDQNGBmS8DTP5fPzM_GmQ

2. Traditional me https://www.youtube.com/channel/UCfCw8GGyGpXmtxDTNJ7J5VA
3. Village life https://www.youtube.com/channel/UCIgx7XgSXm9mS3awEWpA4KQ


Sunday, May 3, 2020

රට කරවන්න නියම සුදුස්සන්ට උදාහරණ දෙකක්


Image may contain: 1 person

" ස්වාමිනි මගේ ජීවිතේ මම බෝම්බ විශාල සංඛ්‍යාවක් නිශ්ක්‍රීය කර තිබෙනවා. එත් අදටත් බෝම්බයක් ගාවට යද්දි මට මගේ දරුපවුල මතක් වෙනවා. ඔය බෝම්බයේ පරිපතයේ එක පැත්තක් හංගලා තියෙනවා කියලා තෙරෙද්දි, හිතුවට වඩා ඉක්මනට නුල බිමට ඇදිලා එද්දි මම මගේ මිනිය එතන තියෙනවා ඇස් දෙකට දැක්කා... "

ඒ පාස්කු ප්‍රහාරය එල්ල වු දිනට පසුදින කොච්චිකඩේ දෙවස්ථානය අසල තිබි සොයාගත් සුදු පැහැති වෑන් රථයේ සවිකර තිබු බෝම්බය කිසිදු මනුෂ්‍ය ජීවිතයකට හානි නොවන පරිදි ආරක්ෂිතව පුපුරුවා නිශ්ක්‍රීය කළ මිනිස් වෙසින් මෙලොව සිටිනා දෙවිවරයෙකුගේ හඩයි.

ඔහු නමින් දිමුතු සුරංග සමරනායක. වර්තමානය වන විට ශ්‍රී ලංකා පොලිස් විශේෂ කර්යය බලකායේ ත්‍රස්ත මර්ධන සෝදිසි සහ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ අධ්‍යක්ෂවරයා වන්නේ ඔහුයි. 30 වසරක කුරිරු යුද්ධය පැවති කාලවකවානුව තුළ 2005 - තලවිල මරාගෙන මැරෙන බෝට්ටු බෝම්බය, 2006 - බොරැල්ල හංදියේ බෝම්බය සහ ආයුවේද වටරවුමේ මරාගෙන මැරෙන බෝම්බය වැනි සිදුවීමට ගිය මහා ඛේදවාචක රැසක් වලක්වාලමින් මරුවා දෑතින් ගෙන අන් අයගේ ජීවිත බේරනා මොහු මේ මොහොතේ මේ රට තුළ සිටිනා මල්මාලා නොපැලදූ සැබෑම විරුවා බව මගේ විශ්වාසයයි.

පාස්කු ප්‍රහාරය පිළිබද පෙර බුද්ධි තොරතුරු ලැබි තිබියදි එය වලක්වා ගැනීමට කටයුතු නොකළ මෙරට මුල් පුරවැසියාගේ සිට පහළට සිටි උසස් යැයි පවසන සියළු නිලධාරින් සිය රාජකාරිය සාපරාධි වගකිම් පැහැර හැරීමක් බවට පත්කර, නොනිල මීනිමරුවන් බවට පත් වූ පසුබිමක මේ පාස්කු ඝන අන්ධකාරය තුළ අප දුටු එකම රිදි තාරකාවයි. වෙනත් විදිහකින් කිවහොත් පාස්කුවේ ත්‍රස්තයන්ට බිලිවීමට ගිය ජීවිත ගණන, 10කින්, 100කින් හෝ 1000කින් අඩුකළ වීරයායි.

ජනාධිපති විමර්ශ කොමිසම හමුවේ 2020.03.03 දින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ සිද්ධස්ථාන පරිපාලක ගරු ජුඩ් රාජ් ප්‍රනාන්දු පියතුමන් සාක්ෂි දෙමින් අනාවරණය කළේ බොම්බ ප්‍රහාරය සිදුවූ දිනයේ පස්වරුව වන විටත් එම ස්ථානයේ නවතා තිබු මෝටර් රථ ඉවත් නොකරන්නේ මන්දැයි තමන් ආරක්ෂක අංශ වලින් විමසූ බවයි.

එයට පිළිතුරු දුන් පොලිස් නිලධාරියා පියතුමන්ට පවසා තිබුනේ " Father Don't Worry. Everything is Tagged and Clear " යනුවෙනි. පොලිස් නිලධාරියා එලෙස සියල්ල පරික්ෂාවට ලක්කර තිබු පසුබිමක ඒ වන විටත් එම ස්ථානයේ නවතා තිබු බෝම්බ සවි කරන ලද සුදු පැහැති වෑන් රථය එම ස්ථානයට පසුදින අහසින් කඩා වැටුණා විය යුතුය.

ප්‍රහාරය එල්ල වූ දිනට පසුදින කොච්චිකඩේ දෙව්මැදුරේ ගායනා කණ්ඩායමේ දරුවෙකුගේ නිවසේ CCTV කැමරා දර්ශන පරික්ෂාවෙදි හසුවී තිබුනේ, බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු ප්‍රහාරය වූ දින එම ස්ථානයේ වෑන් රථය නවත්වා ප්‍රහාරය සදහා දෙව්මැදුරට යන ආකාරයයි. ගරු ජූඩ් රාජ් පියතුමන් පවසන ආකාරයට පියතුමන්ලාට දැනුම් දීමට පෙර එම නිවැසියන් 119 අමතා මේ පිළිබදව දැනුවත් කළද ක්‍රියාත්මක විමක් සිදුව නොමැත. පසුව ඒ පිළිබදව දෙවස්ථාන සහයක පියතුමන් ඔස්සේ ගරු ජුඩ් රාජ් පියතුමන්ව දැනුවත් කර ඇති අතර පියතුමන් කාදිනල් හිමිපාණන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඉහළ ආරක්ෂක අංශ ක්‍රියාත්මක වී ඇත.

පොලිස් විශේෂ කර්යය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ අධ්‍යක්ෂවරයා සිය සක්ෂිය තුළින් කියා සිටි ආකාරයට ඔහුට පෙර ඔහු යටතේ සිටි ප්‍රියන්ත නම් නිලධාරියෙකු මෙම බොම්බ සහිත වෑන් රථය පරික්ෂාවට ලක්කර දිමුතු සමරනායක මහතාට දැනුම් දි ඇත්තේ " සර් ආබාදේ " යනුවෙනි. ඔවුන්ගේ බසින් කී එකි දැනුවත් කිරීමේ තේරුම නිශ්ක්‍රීය කිරීමට ඉතා අසීරු අන්දමින් ඇටවා ඇති අධිබලැති බෝම්බයක් යන්නයි.

එම සැලකිරීමත් සමග දිමුතු සමරනායක මහතා විනාඩි 05ක් වැනි කෙටි කාලයක් තුළ බෝම්බය සහිත වෑන් රථය හමුවු ස්ථානයට පැමිණ ඇති අතර ඒ වනට විටත් ත්‍රීවිඩ හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශ මෙය නිශ්ක්‍රීය කිරීමට අපහසු බෝම්බයක් බව තීරණය කර තිබුනි.

දිමුතු සමරනායක මහතා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදිද එම ස්ථානයේ සිටි ආරක්ෂක නිළධාරින් ඔහුට බෝම්බය ඇති ස්ථානයට නොයන ලෙස බලකරමින් ඔහු නැවැත්වීමට උත්සහා දරා ඇත.

කෙසේ වුවද එම වැලැක්වීම් නොසලකා හැරි ඔහු ආරක්ෂිත ඇදුම් කට්ටලයකින් හෝ නොසැරසි හැකි විගස බෝම්බය තිබු රථය වෙත ගොස් එය සකසා ඇති ආකාරය පරික්ෂාවට ලක්කර තිබේ.

එහිදි නිරික්ෂණයට ලක්වී ඇති අන්දමට අදාළ වෑන් රථය තුළ ත්‍රස්තවාදින් විසින් ඉතා සියුම් උපාය මාර්ග 3ක් ඔස්සේ නවතම ගෑස් සිලින්ඩර 04ක් හෝ 05ක් උපයෝගි කරගනිමින් මෙම අධිබලැති බෝම්බය සවිකර ඇති බව අනාවරණය වී තිබෙනවා.

එයින් පළමු ක්‍රමය ලෙස රෙදි සෝදන යන්ත්‍රයක කාල විරාමයක් බෝම්බයට සවිකර තිබි ඇති අතර එම කාලවිරාමයට අනුව පැයක් වැනි උපරිම කාල සීමාවක් තුළ බෝම්බය පිපිරීමට නියමිතව තිබි ඇත.

කෙසේ වෙතත් දිමුතු සමරනායක මහතා එය පරික්ෂාවට ලක්කරන අවස්ථාව වන විටත් කාලවිරාමයේ පැයක කාලය ඉක්මවා ගොස් එය පිපිරිය යුතු තත්ත්වයකට පැමින තිබුණද පරිපතයට ලබාදී තිබු විදුලිය අතරමග ඇණහිටිම හේතුවෙන් මෙම බෝම්බය පුපුරායාම ඇණහිට ඇති බව ඔහු කරුණු අනාවරණය කරමින් කියා සිටියා.

එසේම බෝම්බයේ පරිපතයට ගමන් කර තිබු තංගුස් නුල් කැබැල්ලක් වැසෙන සේ චිත්ත රෙද්දක් යෝදා තිබු බවද කිසියම් කෙනෙකු එය සෙලවීමට පොළඹවන අයුරින් රුපියල් 1000 නෝට්ටු දෙකක් තබා තිබු බවද ඔහු අණාවරණය කළා.

මෙම බෝම්බය සකස් කර තිබු ආකාරය පිළිබදව විනාඩියක් වැනි කෙටි කාලයක් තුළ තමන් කියවීමක් කළ බවද, එය නිශ්ක්‍රීය කිරීමටනම් එහි වයර් කැබැල්ලක් පහළට ඇදීය යුතු බව තමන්ට වැටහුණු බවද දිමුතු සමරනායක මහතා ජනාධිපති කොමිසම හමුවේ සදහන් කළා.

බෝම්බ නිශ්ක්‍රීය කිරීමට යොදාගන්නා කොක්කක් ආධාරයෙන් එම වයර් කැබැල්ල පහළට ඇදීමට යාමෙදි තමන් සිතුවාටත් වඩා ඉක්මනින් එය පහත් වූ බවත් එම අවස්ථාවේ තමන් ඉදිරියේ තම මළමිනිය පවා දිස්වූ බවත් ඔහු සදහන් කළා. බොම්බයේ එම නූල් කැබැල්ල පිටතට ඇදී එමත් සමග තමන් ඉවතට පැන්න බවත් එත් සමගම බොම්බය පුපුරුවා ගිය බවත් දිමුතු සමරනායක මහතා කියා සිටියා. එම අවස්ථාවේ අසල සිටි සුනඛයෙකු කැබැලි වලට කැඩි විසිවු අතර තම ඉනට දෙපසින් යම් පීඩනයක් ඉදිරියට ඇදි ගිය බවක් දැනුනු බවද ඔහු සදහන් කළා.කෙසේ වෙතත් තමන්ට කිසිවක් සිදු නොවුයේ මන්දැයි විමතියට පත් වූ බවත් එවිට තමන්ද නොදැනුවත්වම විදුලි කණුවකට මුවාවී සිටි බැවින් විදුලි කණුවට දැඩි හානි සිදුව තමා යළි ජීවත්වීමට වාසනාවන්ත වී සිටි බවත් දිමුතු සමරනායක මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සදහන් කළා..

මගේ දිවි ගමනේ හමුවූ විශිෂ්ඨයන් අතරෙත් විශිෂ්ඨ යෙකු වූ මොහුට මෙකි සටහන තුලින් හදවතින්ම උත්තමාචාර කරන්නේ ඔහු මෙතෙක් බේරු ජීවිත ගණනට හෝ ඔබ මගේ මාතෘභූමියට කර ඇති සේවයට අපගේ ජීවිතයෙන් වන්දි ගෙවා හෝ ඒ ණය පියවිය නොහැකි නිසාවෙනි.

මුහුණු පොතෙන් උපුටාගන්නා ලද සටහනකි..❤🌷❤

Dhanushka Senarathna

April 21 at 5:23 AM

#අදුරු #පාස්කුවේ #රිදී #රේඛාව...




F4 න් සෙත්සිරිපායට ගිය ඉංජිනේරු පීඨයෙන් බිහි වූ දිරිය වන්තයා..


මේක ඇග හිරිවැටෙන කතාවක්..

පලමුවර F 4යි. දොලොස් වසරකට පසු මොරටු සරසවි ආ හැටි..

උසස් පෙළ පංතියේ දී හම්බ වුනේ දරුවෝ වගේ ලමයි..

❤️❤️යසසිරි රංජිත් නාවල වත්ත මහතා.❤️❤️

යලිත් නිවැරැදි කරගත වේයැයි සැක උපදින තරමටම රංජිත්ට ජීවිතය වැරදී තිබුණේය.

අනියම් සේවකයකු විසින් සුලු රැකියාවක් කරද්දි නිරන්තරයෙන් ඔහුට ගැරහුම් අපහාස උහුලන්නට සිදුවුනේය. බසයේ තෙරෙපෙමින් උදේ හවස වැඩපොළට යද්දී "කොළඹ විශ්වවිද්‍යාලය" නාම පුවරුව නෙත ගැටෙන විට හැමදාමත් රංජිත් අතීතයට පියමැන්නේය.
"මට ඉගෙන ගන්න බැරිඋනා, දරුවන්ට කන්න අදින්න දෙන්න හරිහමන් රස්සවක් හොයාගන්න බැරිඋනා". මේ කල්පනාව නිසා රංජිත් සියදහස් වාරයක් හදවතින් කම්පා උනා.

එහෙත් ජීවිතය පුදුමාකාරය නියංසායෙන් පීඩිත ඉරිතලා කර්කශ වන මහ පොලොවට ඉක්බිති මහ හඩින් ගුගුරා මහ වැසි ඇද හැලෙන්නේමය. දෛවය සමග සටන් කොට ජය ලැබු යසසිරි රංජිත් නාවලවත්ත මහතාගේ ජීවිත කතාව කියන්නට මුල පිරැවේ මෙසේය.

1975 අවුරුද්දෙ ජනවාරි 27 වෙනිදා මම උපන්නේ නිවිතිගල පාතකඩ කියන ගමේ, අපේ තාත්තා ඒ කාලේ පෑබොටුව රාජ්‍ය වතුයායේ සහකාර ක්ශේත්‍ර නිලධාරී තනතුරක් දැරුවා.මම සාමාන්‍ය පෙළ විභාග කලේ ඇහැලියගොඩ මද්‍ය මහා විද්‍යාලයෙන්. 1990 අවුරුද්දෙ සාමාන්‍ය පෙළ විභාගයෙන් මම විශිෂ්ඨ සම්මාන හතරකුත්, සම්මාන හතරකුත් ලැබුවා. ඒ කාලේ හැටියට ඒක සෑහෙන්න හොද ප්‍රතිඵලයක්. "අපේ රංජිත් කොල්ලා ඉගෙන ගන්න හරි දස්සයා"කියලා එදා අපේ තාත්තා අපේ තාත්තා සතුටු වුනු හැටි මට තාම මතකයි.

සාමාන්‍ය පෙළ සමත්ව ගණිත අංශයෙන් උසස් පෙළ හදාරුවේ,සාමාන්‍ය පෙළ උපරිමයෙන්ම සමත් උනු නිසා ගමේ හැමෝම මට කියුවෙ ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගන්න කියලයි.මම උසස් පෙළ ගණිත අංශය තෝරගත්තා. ඒත් මගේ උනන්දුව තිබ්බේ ටික දවසයි.

කතාව කියන්නට මුල පිරූ වේගය ටිකෙන් ටික මන්දගාමී වන බව මට හැගේ. එකිනෙක ගලපාගත නොහුනු ජීවිතයේ මුල මැද අග ගලපාගන්නට ඔහු උත්සහ දරතැයි මට හැගේ.

උසස් පෙළ සාමාර්ථ F4යි.

ගණිත අංශයෙන් උසස් පෙළ කරන්න පටන් ගත්තට ටික දවසකින් මම වෙනස් මනුස්සයෙක් උනා. ගණිතයට වඩා මම සංගීතයට ආදරය කලා. ඊටත් වඩා යලුවන්ට ආදරය කලා.යාලුවෝ එක්ක රෑට "සංගීත" බලන්න ගියා. යාලුවොන්ගේ සංගීත කණ්ඩායමක් තිබුනා. ටික කාලෙකින් මගේ ජීවිතේ උනේ ඒ සංගීත කණ්ඩායමේ ගිටාර් ගහන්න එකතුවීමයි.

ඔහොම කාලය ගෙවිලා ගිහින් මට උසස් පෙළ අමතක වෙලා ගියා. ඒත් ගෙදර මිනිසු රවට්ටන්න මම විභාගෙට ගියා.ප්‍රතිඵලය f4යි. ඒ කියන්නේ වැඩ හතරම අසමත්. මම නම් ඒ බව කලින්ම දැනගෙන ඉදියා. ඒත් තාත්තා මං ගැන බලාපොරොත්තු තියාගෙන ඉදපු තරමට f4යි කියලා කියන්න මට පුලුවන් කමක් තිබුණේ නෑ. පත්තරේ මේ ලිපිය පලවනතුරැ අපේ ගෙදර අය හිතාගෙන ඉන්නෙ මට 1993 උසස් පෙළෙන් එස් සාමාර්ථ 2යි ලැබුනෙ කියලා. විභාගේ ෆේල් වෙලා යාලුවෝ එක්ක සිංදු කිය කිය ඉදියට කවුරැත් කන්න අදින්න දෙන්නැති බව මට තේරෙන්න ගත්තා. ඒත් ඒ වෙනකොට මට පරාද වෙලා ඉවරයි. විභාගෙන් f4ක් ගත්ත මට කිසිම තැනකින් රස්සාවක් හොයාගන්න බැරිඋනා.

ගෙදරින් සල්ලි ඉල්ලන්නත් බෑ.නොදැනුවත්වම මම මහා ලොකු ඉලන්දාරියෙක් වෙලා. එදාවේල හොයා ගන්න රෙදි විකුණයි.

රංජිත් සල්ලි හොයාගන්න පටන් ගත්තෙ කොහිමද?ඔහුගේ කතාව ගලා යන්න මන පොඩි තල්ලුවක් දුන්නා.

මම නුගේගොඩ පමුණුවෙන් අඩුගානට සල්ලි දීලා ඇදුම් ටිකක් ගත්තා. ලොකු බෑග් මල්ලකට ටී ෂර්ට්ස්, කොට කලිසම් දාගෙන දුෂ්කර පැති වලට අරන් ගියා.තණමල්විල ලුනුගම්වෙහෙර අකුරැස්ස වගේ පැතිවල ගෙයක් ගෙයක් ගානේ ගිහින් ඒ ඇදුම් විකිණුවා. ඒත් අපේ ගමේ අයට මන ඒ ගැන කියුවෙ නෑ. අපේ තාත්තා ගමේ ජීවත් උනේ බොහෝම නම්බුකාර විදියට ඒ නිසා ගෙයින් ගෙට ගිහින් ඇදුම් විකුණන එක ගමට රහසක් විදියට තියා ගත්තා.

" අවුකාෂ්ටකේ දුක් විදලා මට ජීවිතේ එපා උනා". මට මං ගැන ලොකුතරහක් ඇති උනා. දුකයි වේදනාවයි ජීවිතේ අරක්ගෙන තිබුනා.
හැමදාම මේ වැඩේ කරන්න බැරි නිසා 1997 මම ගමට ගිහින් සපුගස්කන්ද ( තරැණ සේවා සභාවට අනුබද්ධ ආයතනයක) ඉලෙක්ට්‍රොනික් කාර්මික පුහුණුව ලැබුවා. ජීවිතේ කොහොම හරි ගොඩ යන්න ඕන නිසා කැපවීමෙන් මම ඒ දේවල් ඉගෙන ගත්තා.
ඊට පස්සේ මට ඒ හරහා පුංචි රස්සාවක් ලැබුනා. පෞද්ගලික සන්නිවේදන සමාගමක කැඩුනු ෆැක්ස් මැශින් අලුත්වැඩියා කරන්න. ඒත් එතන සුලු වැරැද්දට පවා මම බැනුම් ඇහුවා.

මම නිවැරැදි උපදෙසක් දුන්නත් ඔවුන් මාව උපහාසයට ලක් කලා. "තමුසෙ හරි උගතෙක් වගේනේ අපිට උපදෙස් දෙන්නෙ" කියලා හැමෝම මට හිනා උනා. කොහොම හරි මට ඒ රස්සාව නැතිවුණා.

ජීවිතේ සරතැස නිවා ගන්නට කසාදයක්. 1998 දි තමයි මට රෝෂිණී හම්බවෙන්නෙ. එයත් දුප්පත්කමට ගමක හැදුන ගෑනුලමයෙක්. 1999 අවුරුද්දෙ මම හිතුමනාපෙට එයාව බැන්දා. ඉගෙන ගන්නෙ නැතුව අපිට ලැජ්ජ කරපු එකා උඹ තවත් අපිට අපහස කරනවද කියලා තාත්තා මාව ගෙදරින් පිටමං කලා.තාත්තා සල්ලි ටිකක් අතට දීලා අපි දෙන්නට කුලියට ගේකට යන්න කියුවා.
පැදුරු හට්ටි මුට්ටි දෙක තුනකුත් කඩෙන් අරං අපි දෙන්නා කුලී කාමරේක පදිංචියට ගියා. 2000 අවුරුද්දෙ තමයි අපේ ලොකු පුතා චින්තක උපන්නේ.

ඔහු අතීතය සිහිපත් කරයි.අග මුල පැටලුනු නූල් පන්දුව තාම එසේය. ඒ අතරේ එදිනෙදා ගතමනාව අතට ලැබෙන රැකියාවල් කිහිපයක්ම කලා. ඔය අතරේ අපේ දෙවනි පුතත් ලැබුනා. එයාගෙ නම තීක්ෂණ. දරැ දෙන්නෙක් එක්ක අපි දෙන්නා හරියට දුක් වින්දා.

අනේ මං එදා ඉගෙන ගත්තනම් මේ හැමදේම මීට වඩා වෙනස් නේද කියලා හිතුනු වාර ගනන අනන්තයි. මාත් එක්ක උසස් පෙළ පංතියේ ඉගෙන ගත්තු යාලුවෝ උපාධිය අරං ඉහළ රැකියාවල් කලා.මම ඒ අය යටතේ සුලු වැඩ කලා.

ජීවිතය වෙනස් කල ගුරුවරයා මුනගැසේ...

රංජිත් ගේ ජීවිතය වෙනස් කල ගුරුවරයා මුනගැහුනේ මේ කාලයේදී ම නේද? මම ප්‍රශ්න කලා.

දවසක් දා මං රත්නපුර ඉදන් කොළඹ එනකොට අතරමගදී මට දයාරතන සර්ව මුනගැහුනා.උසස් පෙළ කරන මුල් කාලේ දයාරත්න සර් මාව දක්ෂයෙක් විදියට අදුන ගෙන තිබුනා. ඒත් මගේ ජීවිතය අකාලෙයේ විනාස වෙලා තිබුනු හැටි දැකලා දයාරතන සර් පුදුම උනා. එදා රත්නපුරේ ඉදන් කොළඹට එනකම් සර් මාත් එක්ක කතාකර කර ආවා.

"රංජිත් ආපහු උසස් පෙළ කරන්න මගේ ලගට පංති එන්න" සර් මට කියුවා. ඒත් ඒ වෙනකොට මට දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්. මුලින් මට ඒක විහිළුවක් කියලා හිතුනේ. පස්සේ මම ඒ ගැන කල්පනා කලා.

පහුවදාම මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ගිහින් ඒ මහත්වරු එක්ක කතා කලා.මට උසස් පෙළ කරන්න පුලුවන්ද කියලා අහන්න.මම කසාද බැදලා දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් කියලත් කියුවා. "ඒවා අපිට අදාල නෑ මේ පාර උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලයට යන්න ලකුණු තිබ්බොත් ඔයාට උපාධිය කරන්න පුලුවන්". කියලා ඒ අය මට කියුවා. දයාරත්න සර් ට පින් දිදී මම දයාරතන සර් ලගටම ඉගෙනගන්න පංති ගියා.
නොමිලේ සහභාගී වෙන්නපුලුවන් තවත් පංති කිහිපයක්ම සර් මට හොයලා දුන්නා..

ආපහු ජීවිතේ පටන් ගන්න මම පංති යනවා කියුවම රෝෂිණී මට ඒ හැමදේටම මට උදවු කලා. අපි දෙන්නා පහුගිය කාලේ අමාරුවෙන් ඉතුරු කරපු රුපියල් එක්ලක්ෂ විසිදහසක් සල්ලි බැංකුවේ තිබුනා.අවුරුදු දෙකක් උසස් පෙළ කරද්දී මහන්සි වෙනකොට ඒ සල්ලි අපි දෙන්නටයි දරුවො දෙන්නටයි ඇති වෙයිදැයි කියලයි අපි දෙන්නා මුලින්ම හිතුවෙ. රෝෂිණී හැම සතපහක්ම පරිස්සමින් ඉතුරු කලා. පංති යන නිසා රස්සාවක් කරන්න වෙලාවක් තිබුණේ නෑ.

මම උසස් පෙල පංති යනකොට ඒ පංතිවල හිටියේ මගේ අක්කගේ දරුවන්ගේ වයසේ ලමයි.

මට ඔවුන්ව දැනුනේ මගේ දරුවෝ වගේ.ඒ දරුවෝ මුලින් මා එක්ක කතාකලේ වත් නෑ..ඒත් පස්සේ ටිකෙන් ටික ඒ ලමයි එක්ක එකතුවෙලා පාඩම් කරන්න පටන් ගත්තා.
තරුණ ලමයිට වගේ කිසි දෙයක් මට එක පාර මතක හිටියේ නෑ.පංති ඉවරවෙලා ගෙදර එන්නේ හවස 7.30ට.පැය 3ක් නිදාගෙන අවධිවෙලා ආපහු එලිවෙනකන් පාඩම් කලා.සමහර දවස් වලට මම ගෙදර එනකොට දරුවෝ අසනීප වෙලා.ඒ අයට මගේ ආදරේ අඩුවක් දැනෙන්න ඇති.දරුවොත් එක්ක වෙනදා වගේ විනෝදයෙන් දවස ගෙවන්න බැරි උනා.රෝශිනී හැමදේම දරාගෙන මං වෙනුවෙන්ම කැපවීගෙන හිටියා.

සල්ලි ප්‍රශ්න අනන්තවත් තිබුනා.ඒත් මම ණය වුනේ නෑ..තාත්තයි පුතයි දෙන්නම ඉස්කෝලේ යනවා කියලා මිනිස්සු මට හිනා උනා.සල්ලි හොයන්න මම පොඩි බිසනස් එකක් පටන් ගත්තා..කදුරට සබන් කියල අලුත් සබන් වර්ගයක් විකුනනවා.කොලබින් තොග මිලට ලොකු සබන් පෙට්ටි දෙකක් බස් එකේ ගෙනල්ලා,බයිසිකලේ බැදගෙන ගෙවල් ගානේ සබන් විකුනන්න අරං ගියා.ලාඹහ සත පනහයි හෝ සත හැටයි.රෝශිනී ගේ උදව් නොලැබුනානම් අද මම මෙතන නෑ.

රංජිත් සතු අසමාන අධිෂ්ඨාන ශක්තිය ගැන මම මවිත වීමී.ආදරනීය බිරිද ඔහුගේ ඉලක්කය ගැන තැබූ විශ්වාසය කෙරෙහි ඊටත් වඩා මවිත වීමි.සිය දුශ්කර උත්සාහයේ විස්තර කීමට නැවතත් හඩ අවධි කලේය.

සිහිනය සැබෑ කරමින් මොරටුව සරසවියට...

මම සෑහෙන්න මහන්සි වෙලා උසස්පෙල විභාගය ලිව්වා..මහන්සියේ තරමට ප්‍රතිඵල ලැබුනා.කන්දක් නැග්ගොත් පල්ලමක් ලැබෙනවාමයිලුනේ..සිව් අවුරුදු විද්‍යාවේදි ගෞරව උපාධිය සදහා මොරටුව සරසවියෙන් ලිපියක් ලැබුන දවස මට ජීවීතේට අමතක වෙන්නේ නෑ..

මගේ පාඨමාලාව උනේ ප්‍රවාහන හා සැලවුම් කලමනාකරණය.2005 මැයි මාසයේදී මම විශ්වවිද්‍යාලය ට ඇතුල් උනා.මුලින්ම මුහුන දෙන්න උනේ නවක වදයට..මට නවක වදය දෙන්න ආවේ මගේ දරුවෝ වගේ පොඩි ලමයි.ඒ නිසා මට කිසිම කරදරයක් උනේ නෑ..විශ්වවිද්‍යාලයේදී මට භාවිත කල නම වුනේ ලොකු අයියා.මම කසාද බැදපු කෙන්ව්ක්. ලමයි දෙන්නෙක් ඉන්නවා තුන්වැනි දරුවා ලැබෙන්න ඉන්නවා කිව්වම පුදුම උනා.ලමයි ඉන්න තාත්තා කෙනෙක් කැම්පස් ඇවිල්ලා කියන ආරංචිය එක පැයක් ඇතුලත විශ්වවිද්‍යාලය පුරාම පැතිරිලා ගියා.අලුත් ලමයි පරන ලමයි ගොඩාක් ඇවිත් මාත් එක්ක කතාබහ කරලා ගියා.

විශ්වවිද්‍යාලය තුල පූර්ණ කාලිනව ඉගෙන ගන්න වුන නිසා රස්සාවක් කරන්න උනේ නෑ.ඒ නිසා ගෙදරට සල්ලි ප්‍රශ්න අනන්තවත් තිබුනා.
යාලුවෝ මට නිරන්තරයෙන් උදව් කලා.මට ශිෂ්‍යත්ව පවා ලැබුනා.මම උපරිමයෙන් ම ලැබෙන සල්ලි ඉතුරු කරලා ගෙදරට දුන්නා.විශ්වවිද්‍යාලයේ අනධ්‍යන කාර්‍යමන්ඩය පවා මට විටින් විට අතට සල්ලි දීලා තියෙනවා.රෝශිනී පුදුමාකාර අරපිරිමැස්මෙන් ගෙදර දරුවන්ගේ වැඩකට යුතු කලා.විශ්වවිද්‍යාලයේ කෑම හරිම ලාබයි.උදේ කෑම එකක් රු.14/-යි.දවල් කෑම එකක් රු.20/=යි.සල්ලි ඉතිරි කරන්න ඕන නිසා මම උදේම කෑම පාර්සල් දෙකක් අරන් එකක් දවල්ට කන්න තියාගත්තා.

එහෙමත් අතේ සල්ලි නැත්නම් යාලුවෙක් කෑම පිගානක් ගන්නකන් ඉදලා කාල ඉවර උනාට පස්සේ ඒ පිගානට අඩුවක් බෙදාගෙන කෑවා..අඩුවක් කාලා වතුර එකක් බිව්වම බඩගිනි නැතිවෙලා යනවා..

මමනම් මෙහෙම හරි කනවා..ගෙදර දරුවෝ කොහොම කනවා ඇතිද කියලා මතක් වෙනකොට උහුලගන්න බැරි වේදනාවක් ඇතිවෙනවා..
විශ්වවිද්‍යාලයේ ඔහේ වැවිලා තිබුන මංඣොක්කා ගස්වල දලු කඩාගෙන ගිහිල්ලා දරුවන්ට මැල්ලුමක් හදලා දෙන්න කියලා කිව්ව දවස් අනන්තවත් තිබුනා.

රංජිත් ගේ කතාව හිත පතුලටම කෙරෙන ආමන්ත්‍රනයක් යැයි සිතේ..ඔහුගේ ඒ කතාව ඇසීමෙන් හිතේ රැදි තෙතමනය නෙතට ලන්වන බවක් දැනේ..

දුප්පත්කම නිසා උගත්කමට වැට බදින්න මට ඕන උනේ නෑ..රෝශිනී නිතරම කිව්වේ පැටව් තුන්දෙනාව බඩගින්නේ තියන්නේ නෑ..ඔයා හොදට ඉගෙනගන්න කියලයි.

සරසවියේ බෝතල් පත්තර කාරයා..

විශ්වවිද්‍යාලය තුල වැඩිපුර හිටියේ පිරිමි ලමයි නිසා ඇතැම් අය මත්පැන් වලට පුරුදු වී සිටියා.විශ්වවිද්‍යාලයේ ගස් යට එයාලා බීලා දාලා ගිය වීදුරු බෝතල් ගොඩ ගැහිලා තිබුනා.මම කාටවත් නොපෙනෙන්න කලු කවරයක් අරන් ඒවා එකතු කරලා වරින් වර බෝතල් පත්තර කඩවලට විකුනුවා.එයින් සතියකට වරක් පොඩි මුදලක් සොයාගන්න මට පුලුවන් උනා.ඒත් ඒ බව ටික දවසකින් විශ්වවිද්‍යාලයේ ලමයි දැන ගත්තා..ඒ බව දැනගෙන සමහරු මට උදව් කලා..සමහරු බෝතල් පත්තර කාරයා කියලා තවත් නමක් කවට නමක් දාලා තිබුනා.

2010 අවුරුද්දේ සැප්තැම්බර් 23 මම B.Sc උපාධිය හිමිකරගත්තා.මගේ හීන හැබෑ උනා..

විශ්වවිද්‍යාලයෙන් පිටවනවාත් එක්කම මාව ඇතුල් කරගන්න ආයතන ගනනාවක් බලාගෙන හිටියා.එදාවගේ තුට්ටුවට දෙකට නොවෙයි.අද මම හොද පඩියක් ලබන උසස් රැකියාවක් කරනවා.සෙත්සිරිපායේ මහාමාර්ග සංවර්ධන අධිකාරියේ සැලසුම් අංශයේ ගෞරවනීය මම රැකියාවක් කරනවා.මගේ තනතුර ප්‍රවාහන පද්ධති විශ්ලේෂක.මේ ජීවිතේ ගැන මම පුදුම තෘප්තියකින් ඉන්නේ.අද මම මිනිස්සු න්ගේ ගෞරවය දිනාගන්නේ,එදා මම නොසැලෙන අධිශ්ඨානයෙන් ඉගෙනුමට කැපවුන නිසයි.

රංජිත් ආඩම්බරකාර සිනහවකින් මුව සරසා ගත්තා..

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වනේ තමාට හැකි යැයි සිතන මිනිසාය.

Nilantha Ponnamperuma‎ to කට්ට කාපු මිනිස්සුන්ගේ ජීවත කතාව.

April 20 at 10:26 AM

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...