Saturday, July 25, 2020

ඔබත් මෙම පෝස්ටුව ශෙයාර් කලාද, මදකට නැවතී නැවත සිතා බලන්න...

Image may contain: 1 person, text
ඉහත පෝස්ටුව බොහෝ දෙනෙකු මුහුණුපොතේ ශෙයාර් කල පෝස්ටුවක්. ලoකාවේ මිනිස්සුන්ට ඡන්දයේදී අච්චර කරදර විඳගෙන තම ඡන්දය දමන්නට තරම් වටින කෙනෙක් නෑලු. ඔබේ ඡන්දය කියන්නෙ ඔබ සතු වටිනාම සහ බලවත්ම අවිය බව ඔබ කවදාවත් තේරැම් ගත්තෙ නෑ නේද? එක්කො සිල් රෙද්දකට වැසිකිළි පෝච්චියකට ඒක කුණු කොල්ලෙට විකුණනවා, එක්කො කරදර විඳගෙන තම ඡන්දය දමන්නට තරම් වටින කෙනෙක් නෑ කියල නහයෙන් අඬනවා. ඔබ කැමති උනත් නැතත් ඡන්දයෙන් කවුරැ හෝ බලයට පත් වෙනවා, එම පුද්ගලයන් ඔබේ ජීවිතයට කෙලින්ම බලපාන තීරණ ගන්නවා. උදාහරණයක් විදියට ඔවුන් කොරෝනා වයිරසය පාලනයට ගන්නා තීරණ ඔබේ ජීවිතය හෝ මරණය තීරණය කරනවා, ඔබ කැමති උනත් නැතත්. 

මෙතන තියෙන සැබෑ ප්‍රශ්නය ඡන්දය දමන්නට තරම් වටින කෙනෙක් නෑ නොවේ ඔබ වහල්කම කරන පක්‍ෂයෙන් ඡන්දය දමන්නට තරම් වටින කෙනෙක් ඡන්දයට ඉදිරිපත් නොකිරීමයි, එහෙම නේද? මැරයන්, හොරැන්, ස්ත්‍රී  දූෂකයන්, පිම්පියන්, උපන් ගෙයි මෝඩයින් ආදීන් අතර සුළු පිරිසක් හොඳ අපේක්‍ෂකයන් සිටින නමුත් ඔවුන් ඔබ වහල් කම්  කරන පක්‍ෂයේ නොවන නිසා හිත හදාගෙන ඡන්දය දමන්නට ඔබට බැහැ. හොඳ අපේක්‍ෂකයන් නැත්නම් දේශපාලන පක්‍ෂ වලට හොඳ අපේක්‍ෂකයන් ඡන්දයට ඉදිරිපත් කරන්න බලපෑම් කරන්නට ඔබට කොන්ද පණත් නැහැ. ඉතින් පොර වගේ අරහෙම පෝස්ටුවක් දාගෙන හිත හදා ගන්නවා. රට වළ පල්ලටම යනවා.


10 comments:

  1. මේක හරි විවාදාත්මක වගේම ඒකපාර්ශවිකව අදහස් දැක්වීමක්.

    මට ඔය පින්තුරය ගෙන එන්නේ මිශ්‍ර හැඟීමක්. පලවෙනි කාරනාව තමයි අප ජන්දය ප්‍රකාශ කරන්නට යාම කියන්නේ අවදානම් සහිත දෙයක් කියලා දෙන යම් ආකාරයක පණිවිඩයක්. ඒකත් හරියට රට බේරගන්න තියෙන අන්තිම අවස්තාව / යුතුකම කරන්න ලැබෙන අවසාන අවස්තාව, සතුරාගෙන් පලිගන්න ලැබෙන අන්තිම අවස්තාව වගේම වෙනත් එකක්. ඒ කියන්නේ ජිවිත හෝ වෙනත් අවදානමක් තියෙන වැඩක් ( වැදගත් වගේ?) කියලා මිනිස්සුන්ට දනවන වෙන විදියක් වෙන්නත් පුළුවන්. ඒ නිසා සමහරි වැඩි බරක්/වගකීමක් ගන්නවා වෙන්න පුළුවන්. (නෙගටිව්/ගරිල්ලා මාකටින්??)

    දෙවෙනි කාරණේ තමයි ඒ තරම් මිනිහෙක් නැහැ කියලා කිව්වහම 'ඔව්' කියන්නට පෙළඹුනේ නැතත් 'නෑ' කියන්නට කලින් දෙපාරක් හිතනවා. කසාද බඳිනකොට ලෝකේ හොඳම කෙනා හොයන්න කතා උනාට ඔය කසාද බැඳපු ඔක්කොම එහෙම්මම හිතලාමත් නෙවෙයි නේ කරන්නේ. ඒ වගේ වැඩක්.

    ඒ නිසා මට හිතෙන්නේ නැහැ මේක දැක්ක පලියටම 'ඔව් මෙයා' කියන හැමෝම ඒ අනුව ගිහින් ජන්දය නොදානවාමය කියලා. කොටින්ම ඔයාට කියන්න ගියපාර ජනාධිපති මැතිවරණයේදී ජන්දපොලට යන්නෙම නැහැ කියා කියා ටෝක් දීපු මම දාන්නම තරුණ හාදයෙක් , මෙන්න බොලේ 4 පහු වෙච්ච ගමන් 'රට බේරගන්න' කියලා දිව්වා ජන්දපොලට. ඒ මොකද කවුද මන්දා කියලා එක්තරා මිනිස්සු කොටසක් 'හෝ ගාල පෝලිමේ ගිහින් ජන්ද දානවා' කියලා ආරංචි වෙලා.අනිත් එක ප්‍රසිද්ධියේ ඔහොම ප්‍රකාශ කරන ගොඩක් දෙනා ඇත්තටම එහෙම කරන්නේ නැහැ. එහෙම වෙනස් වෙනවා නම් මේ රට මීට කලින් හැදෙන්නේ.

    මම අකමැතිම වැඩේ තමයි, මේ වගේ පින්තුරයක් දාලා, ඊට යටින් කියනවා....

    ඉහත කතාව ඇත්ත ; ඒ උනාට මෙන්න මේ උදවිය වගේ ඉන්නවා නම් යසයි වගේ මොන්ටිසෝරි කතාවක්. ඒ බලනකොටත් එතන ඉන්නවා රිලවෙක් වගේ මනුස්සයෙක්.

    මමත් හිතන විදියට වටිනාකමක් නොදැනම ලැබුන අපේ ජන්ද ක්‍රමය හරියට වඳුරාට ලැබුන දැලි පිහියක් වගේ. අපේ රටේ මිනිස්සුන්ට ඕනේ කලේ නැහැ අපේම කියල මිනිස්සු ටිකකින් රට පාලනේ කරන්න ( සුද්දා අපිට නිදහස දෙන කාලේදී) අපිට ඕනේ කලේ රජෙක් අපිට අණ දෙනවා නම් ඒ කියන දෙයක් අහගෙන සාදු කියන්න. ඒ නිසා මේ වනකොට ජන්දය කියන දේ කොතරම් වටිනවද කියලා තේරුමක් නැහැ. මම නම් කියන්නේ ජන්දය දෙන්න අවම පරිසාදන මට්ටමක් තියෙන පරීක්ෂණයකට මුනදෙන මිනිස්සු තෝරාගෙන උන්ට විතරක් අවකාශය දෙන්න ඕනේ. අවකාශය ලැබිලා ඒක පාවිච්චි නොකරන මිනිස්සු වෙනුවෙන් දඩයක් ගහන්න ඕනේ කියල.

    ලංකාවේ තරුණ ජන්ද පාවිච්චි වෙන විදිය බැලුවම ඒක හොඳට තේරෙනවා. හැමෝම අනිකාට වහලෙක් කියනවා. පස්ස එළියේ!

    අනිත් එක, ඔබ ඔය කියන පක්ෂයකට කරන බලපෑම කියන්නේ මොකක්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරනවානම් හොඳයි. මොකද, මට මතකයි සමහර පක්ෂ වලින් පැරදුනු උදවිය අන්තිමේදී ජාතික ලැයිස්තුවෙන් මෙන්න පාර්ලිමේන්තුවේ වාඩිකරවල! ඒ වෙනුවෙන් කෑගැහුවා කියලා කියන්නේ කාටද? බඩුත් ; හොරුත් හාමුදුරුවන්ගේ නේ

    ReplyDelete
    Replies
    1. ඔබේ දීර්ඝ අදහස් දැක්වීමට ස්තූතියි.
      1. ඡන්දය යනු මොනතරම් අවදානමක් දරාගෙන වුවත් පාවිච්චි කල යුතු දෙයක් බව මගේ අදහසයි. මම දැක්කා මිනිස්සු බාර් පෝළිමේ ඉන්න හැටි අවදානම දරාගෙන.
      2. මමත් පිළිගන්නවා බොහෝ මිනිස්සු කළකිරීම මත මෙවැනි පෝස්ට් ෂෙයාර් කලාට එය 100% අදහස් කරන්නැතුව ඇති. ඒත් ඡන්දය පාවිච්චිය අධෛර්‍යමත් කරන පෝස්ට් ෂෙයාර් කරන්න එපා, වගකීම් සහගත පුරවැසියන් වශයෙන්. Again, this is my opinion.
      3. //මමත් හිතන විදියට වටිනාකමක් නොදැනම ලැබුන අපේ ජන්ද ක්‍රමය හරියට වඳුරාට ලැබුන දැලි පිහියක් වගේ. අපේ රටේ මිනිස්සුන්ට ඕනේ කලේ නැහැ අපේම කියල මිනිස්සු ටිකකින් රට පාලනේ කරන්න ( සුද්දා අපිට නිදහස දෙන කාලේදී) අපිට ඕනේ කලේ රජෙක් අපිට අණ දෙනවා නම් ඒ කියන දෙයක් අහගෙන සාදු කියන්න. ඒ නිසා මේ වනකොට ජන්දය කියන දේ කොතරම් වටිනවද කියලා තේරුමක් නැහැ. මම නම් කියන්නේ ජන්දය දෙන්න අවම පරිසාදන මට්ටමක් තියෙන පරීක්ෂණයකට මුනදෙන මිනිස්සු තෝරාගෙන උන්ට විතරක් අවකාශය දෙන්න ඕනේ. අවකාශය ලැබිලා ඒක පාවිච්චි නොකරන මිනිස්සු වෙනුවෙන් දඩයක් ගහන්න ඕනේ කියල.//completely true, thank you
      4. //ඔබ ඔය කියන පක්ෂයකට කරන බලපෑම කියන්නේ මොකක්ද// මේක කරන්න විධි ගණනාවක් තිබෙනවා. ඇමරිකාවට අදාළව උදාහරණයක් පහත link එක https://www.cnn.com/2016/11/15/politics/ways-to-be-more-politically-active-trnd/index.html

      Delete
    2. 1. අවදානම ගන්නේ කුමන කාරණයක් නිසාද යන්න පුද්ගලානුබද්ධයි. කොටින්ම සොරකම් කරන අවදානම ගන්නේ කුඩු ගහන්නද, ගෙදරට කන්න දෙන්නද කියන එක පුද්ගලයා අනුව වෙනස් වෙනවා. විනොදෙට හොරකම් කරන අයත් ඉන්නවනේ. සමහරු අවදානමක් ගන්න කැමතිම නැහැ. එහෙම මිනිස්සු පසුගාමී තමයි. නමුත් මුලින්ම පැන්නා උනාට ළිඳේ ගැඹුර අඩුවෙන්නේ නැහැනේ. යාන්ත්‍රණය ශක්තිමත් නැතිනම් මිනිසුන් එය ජිවිත අවදානමක් වගේ දකිනවා. ඇත්තම පාර පනින එක පවා ලොකු ජිවිත අවදානමක් නේ! මම දන්නා පුද්ගලයෙක් ඉන්නවා කවදාවත් ජන්දය ප්‍රකාශ කරලා නැහැ. වාසය අවුරුදු 50 ට ආසන්නයි. ඇයි ඇහුවම අපුරු උත්තරයක් තියෙනවා. ඒ තමයි තමන්ට ඕනේ කෙනා සහ සිස්ටම් එක හැදෙනකල් ජන්දය දෙන්නේ නැහැලු. ඒ කියන දේ බොරුවක් උනේ නැතත් අපි හැමදාම සිස්ටම් එක මාරු කරන්නනේ ජන්දය පාවිච්චි කරලත් තියෙන්නේ... වෙනස් උනේ නැත්තේ ඇයි ?

      2. අධෛර්යමත් වෙන්නේ සුළුතරයක් කියලයි මම කියන්නේ. ඒවා කොහොමත් මම කියන්නේ හැමදාමත් ටකරමට, සිල් රෙද්දට වෙනස් වෙන වැඩකට නැතුවා වගේ පේන ජන්ද. ඔබ කියන්දේත් තියෙනවා, එහෙම කල්ට් එකක් හැදෙන්න පුළුවන්. නමුත් ඒක හැදෙන්නේ පසුබිම තියනවා නම් විතරයි.

      4. ඔබ ඔය කියන කාරණාව ලංකාවේ ප්‍රයෝගික නැහැ. දැනුවත්කිරීම් වලට මිනිස්සු කැමති නැහැ. ගොඩක් මිනිස්සු ( මම දැකලා තියෙන) උගත්කමට පොඩ්ඩක්වත් සම්බන්ධයක් නැති පොලිටිකලි අන්ධ මිනිස්සු. එයාලා දැනුවත්කම කියන්නේ භයානක දෙයක් කියලා දකින්නේ. ඇත්තම ඕනෙකමක් තියෙන මිනිස්සු කරන දේවල් මේ වනකොට විහිළු වගේ උලුප්පලා දක්වන නිසා නිහඬ බව තමයිඩ් දකින්නේ. කතාවටත් කියන්නේ ලොකුම අපරාධය කියන්නේ නිවරදිකරුවාගේ නිශ්ශබ්දතාවය කියල. අන්න ඒ වගේ වෙලා ( රහත් කියලා කියපු කෙනෙක් අපි පස්ස බලන්නේ බලු කරලා.. අන්න එහෙමයි ගේම!)

      Delete
    3. You have extremely negative bitter attitude. I don't blame you for it, you may have your own reasons, but your justifications are unacceptable to me. This is my personal opinion.
      1. You are talking out of context
      2. Do can not undermine anyone's vote, that is plain wrong
      3. You have a negative and bitter attitude, when educated people like you leave politics, ignorant nasty people take your place. Politics include taking care of your poor neighbor, for example, and that will help him/her to be an independent voter. Chanting this is not practical, I can't, this won't work is not the solution. There is always a way if you look hard enough.

      Delete
    4. ආ නoගී, මොකද විරිත්තන්නේ

      Delete
    5. හැමවිටම ධනාත්මකව හිතන එකත් එක්තරා ලෙඩක් තමයි. නමුත් ඒක හොඳයි depress වෙනවට වඩා නම්. නමුත් මම සෘණ ආකල්ප දරන්නෙක් නෙවෙයි. කරන්න බැරි දේවල් බැහැ කියනවා හෝ ඇත්ත ලෙස පිළිගැනීම නෙගටිවේ තින්කින් නෙවෙයි. ඒ තමයි ඉන්න තැන තේරුම් ගැනීම. එතකොට ඉදිරියට යන්න ලේසි. නැතිනම් හැමවෙලේම බිම තමන් ඉන්න තැන නොදැන ඔලුව හැමවිටම උස්සගෙන අනාගතේ ගැන සුන්දර කතන්දර මවන එක ෆැන්ටසියක්..

      හරි ඒක පැත්තක දාමුකෝ...

      මම කිව්වේ ගැටුමකට නෙවෙයි. මට දැනෙන නේ. ඒක එකඟ නොවුනා කියල බුරාගෙන පනින්නේ නැහැ මම. හිනා වෙලා ඔබේ මතය පිළිගත්තා. ( එකඟ උනා නෙවෙයි, ඔබට ඇති මතය පිළිගත්තා)

      උගත්කම සහ බුද්ධිමත්කම කියන්නේ දෙකක් බව ඔබත් මමත් දෙන්නම දන්නවා. සමහර විද්වතුන් පවා දීන විදියට එක එක පක්ෂ වලට කඩේ යනවා මම දැකලා තියෙනවා. ඒ නිසා මේක උගත්කමෙන් ස්වායත්තයි කියලා දැනට උපකල්පනය කරන්න.

      සමහර වෙලාවට ගෝරියක් සමනය කරන්න යනකොට බෙරිහන්දීම වගේම නිශ්ශබ්දතාවයත් එලෙසම වටිනවා. ලංකාවේ උගතුන්ගේ බුද්ධි ගලනය ගැන ඔබත් දන්නවා කියලා හිතනවා. එහෙම පිට රටකට ගිආට පස්සේ මම දැකලා තියෙන දෙයක් තමයි පුදුමාකාර විදියට මිනිස්සු ලංකාවේ වෙන්න ඕනේ දේවල් තක්කෙටම කියන්න තරම් දැනුමක් තියෙන මිනිස්සු වෙලා එනවා. ඒක පොඩ්ඩක් හිනායන වැඩක් උනාට ටිකක් හොඳ ප්‍රවනතාවයක්. මොකද එයාලා ඒ විදියටම හිතලා ලංකාවේ ඉන්න කාලේ වැඩ කළා නම්, ලංකාව මෙතනින් ටිකක් හරි ඉදිරියට යනවා. ඒ වගේ ගොඩ බෙහෙත් නැතුව, ලංකාවේ ජන්දය දෙන්න ඕනේ ක්‍රමය ගැන දැනුවත් කරන නියමාකාර කතිකාවතක් ඇතිවෙනවා නම්, අන්න එතනයි මගේ සම්බන්ධය ඇතිවෙන්නේ. එතනින් එන පන්නරයෙන් ඇරුණුකොට මට වෙන මාර්ගයක් පෙනෙන්නේ නැහැ ජන්දයේ නියම ඵලය නෙලන්න. හැබැයි, තාම එහෙම කල්ට් එකක් නෑ. ඒ නිසා මේ වගේ බොරු ප්‍රවණතා ඇතිවෙනවා.

      අහලා තියෙනවද ඔබ මේ වගේ කල්ට් එකක් හදලා රටක බලය ගත්ත කතාවක්? මම හම්බුනොත් දාන්නම්

      And
      //මේක හරි විවාදාත්මක වගේම ඒකපාර්ශවිකව අදහස් දැක්වීමක්.
      I told you in the beginning

      Delete
    6. අප එකඟ නොවීමට එකඟ වෙමු.//එහෙම පිට රටකට ගිආට පස්සේ මම දැකලා තියෙන දෙයක් තමයි පුදුමාකාර විදියට මිනිස්සු ලංකාවේ වෙන්න ඕනේ දේවල් තක්කෙටම කියන්න තරම් දැනුමක් තියෙන මිනිස්සු වෙලා එනවා. ඒක පොඩ්ඩක් හිනායන වැඩක් උනාට ටිකක් හොඳ ප්‍රවනතාවයක්. මොකද එයාලා ඒ විදියටම හිතලා ලංකාවේ ඉන්න කාලේ වැඩ කළා නම්, ලංකාව මෙතනින් ටිකක් හරි ඉදිරියට යනවා.// ඔබ නොදන්නා දේවල් ගැන කතා නොකර හිටියානම් වඩාත් සුදුසුයි. මේ බ්ලොගය ලියන්නේ මම නිසා ඒකපාර්ශවිකයි, ඔයාට නිදහස තියෙනවා කියවීමට හෝ නොකියවීමට.

      Delete
  2. නෑ නේ මේපාර කොළඹ ගම්පහ ඉන්න සිංහල අයට නම් චන්දේ දාන්න හොඳ අය ඉන්නවා
    ගම්මන්පිල, විමල්, පාඨලී, සරත් විරසේකර, මධුමාධව වගේ අයට චන්දේ දාන්න පුළුවන්නේ.

    ගම්මන්පිල වරක් රූපවාහිනී වැඩසටහනකදී කිව්වා
    මගේ අධ්‍යාපන සුදුසුකම් වල හැටියට මම වෘත්තිකයෙක් වුනානම් ලංකාව තුල මට ලක්ෂ 4-5ක අවම වැටුපක් ගන්න තිබුනා. පිටරටකට ගියානම් ඊටත් වඩා උපයන්න තිබුනා. කියලා

    ඒක අහලා මගේ ඇස්දෙකට කඳුළු ආවා.

    ReplyDelete
    Replies
    1. මම ඒත් බැලුව මොකද පරක්කු කියල

      Delete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...