ඇතැම් ශ්‍රී ලාoකික සිoහල බෞද්ධයන්ගේ බෞද්ධකම පෙන්වන විලාසිතාවක් වන්නේ නිවසට හරක් හෝ උෳරැ මස් ගෙන ඒමෙන් වැළකීමයි. එම නිවෙස් වල බොහෝවිට කුකුළු මස්, මාළු, බිත්තර, සොසේජස්, ඉස්සන්, දැල්ලන්, කකුළුවන් ආදී මස් මාoශ සහ මී පැණි, ගිතෙල්, බටර්, කිරි ආදී වෙනත් සත්ව නිශ්පාදන පරිභෝජනය කෙරේ. ලාoකික දෙමළ, මුස්ලිම්, සහ ක්‍රිස්තියානි මිනිසුන්ගේ මස් මාoශ අනුභව කිරීම හෝ නොකිරීම ඔවුන් අදහන ආගම් අනුව පහසුවෙන් අවබෝධ කරගැනීමට හැකි වුවත් ඇතැම් සිoහල බෞද්ධයන්ගේ නිවසට හරක් හෝ උෳරැ මස් ගෙන ඒමෙන් වැළකීම කුමන පදනමක සිට සිදු කරන්නක්ද යන්න මට තේරැම් ගැනීමට අපහසුයි.
මේ ගැන හදිසියේම මතක් වුනේ මගේ පරණ මිතුරෙකු සමඟ බොහෝ කාලයකට පසු ආගිය තොරතුරැ කතා කල පසුයි. ඔහුත් මමත් කලකට පෙර ලoකාවේ විශ්ව විද්‍යාලයක පශ්චාත් උපාධියක් හැදෑරැවා. සති අන්තයේ උදේ සිට හවස් වන තුරැම ඒ පශ්චාත් උපාධියේ දේශන පැවැත්වුනා. මෙම මිතුරා (අපි ඔහුට චාමර යැයි කියමු) පෞද්ගලික අoශයේ ඉතාම ඉහල තනතුරක් දැරෑ, නිහඬ, ආචාරශීලි, දක්ශ වෘත්තිකයෙක්. ඔහුගේ බිරිඳ රැකියාවක් කලේ නැහැ. ඔය විශ්ව විද්‍යාලයට යන පාරේ ඉතා හොඳ අවන්හලක් තිබුනා. ටිකක් ඉහල මිලක් අයකලත් අනිත් අවන්හල් වලට වඩා පිරිසිදුවට රසවත්ව ඕනෑම මස් මාළු වර්ගයක් සමඟ ආහාර ලබා ගන්නට පුළුවන් තැනක් මෙම අවන්හල. දේශන පැවැත්වෙන හැම සති අන්තයකම වාගේ දහවල් ආහාරයට ඔය අවන්හලට අපි ගොඩවැදුනා. ඒ හැම වතාවකම වගේ චාමර ඉතාම ආසාවෙන් ඌරැ මස් ඇනවුම් කරනවා. ඉතින් ඒකට හේතුව මෙන්න මේකයි. චාමරගේ බිරිඳ නීතියක් දාල තිබුනා ගෙදර හතර මායිමට ඌරැ මස් ගේන්න එපා කියලා. මේ ගැන බිරිඳ සමඟ වාද විවාද කරගන්නවට වඩා චාමර තෝරා ගත්ත විසඳුම තමයි පුළුවන් හැම වෙලාවකම පිටින් ඌරැ මස් කෑම.
චාමරගේ බිරිඳ ගෙදර හතර මායිමට ඌරැ මස් ගේන්න එපා කියලා කියන්න හේතුව මොකක්ද? එයට ආගමික පදනමක් තිබේද? චාමරගේ බිරිඳ බෞද්ධ කාන්තාවක් නිසා මුස්ලිම් සහ යුදෙව් ආගම්වල කියා ඇති ඌරැ මස් කෑමෙන් වැලකීම ඇයට අදාල නොවේ. බුද්ධාගමේද මා දන්නා තරමින් සතාගේ ප්‍රමාණයට පව අනුලෝමව සමානුපාතික නොවේ. හාල්මැස්සකු මැරීමත් ඌරෙකු මැරීමත් එක සමාන පව් නොවේද? ඇතැම්විට චාමරගේ බිරිඳ බුද්ධාගම වැරදි ලෙස අර්ථකථනය කරගෙන මෙසේ කියනවා විය හැක
චාමරගේ බිරිඳ පවුලේ ආහාර සෞඛ්‍යය ගැන සිතා එසේ පැවසුවා විය හැකිය. එවිට නම් එහි යම් වලoගු තාවයක් ඇති බව පෙනේ. මුහුදු ආහාර සහ කුකුළු මස් වලට සාපේක්ශව වල අධික තෙල් ප්‍රමාණයක් ඇති නිසාත් පටි පණුවන් වැනි පරපෝෂිතයන් සිටින නිසාත් ඌරැ මස් කෑම සීමා කිරීම චාමරගේ ඇඟට ගුණය. ඒත් දැන් චාමර ඌරැ මස් කෑම නවත්වා නැත, ඒ වෙනුවට මේ නීතිය නිසා සිදු වූයේ ඔහු ඇයට නොපෙනෙන්නට ඌරැ මස් කෑමට පටන් ගැනීමයි. ඒ නිසා (ඇය නොදන්නවා වුනත්) අපේක්ශිත අරමුණ ඉටු වී නැත. ඒ මදිවාට ස්වභාවයෙන්ම හොර බොරැ කරන්නට අකමැති චාමරව මේ නීතිය නිසා වoචාකාරයෙක් බවටත් පත් කර ඇත.
චාමරගේ බිරිඳ ඉතාම ප්‍රාථමික බුද්ධියක් ඇති කාන්තාවක් නම් මේ නීතිය දමන්නට ඇත්තේ යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම් වල බල නොබිඳීමට වන්නටත් පුළුවන්. එහෙමත් නැත්නම් චාමරගේ බිරිඳ තමන්ගේ දෙමව්පියන් කරපු දෙයක් ඒ විදියටම ඉස්සරහට ගෙන යනවා වන්නටත් පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ගේ දෙමව්පියන් කවදාවත් ගෙදරට නොගෙනාපු නිසා එම මස් දැකීමත් ඇයට පිළිකුල් සහගත නිසා එසේ පැවසුවා වන්නටත් පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ගේ දෙමව්පියන් කවදාවත් ගෙදරට නොගෙනාපු නිසා එම මස් පිළියෙල කිරීමට ඇය නොදන්නා නිසා වන්නටත් පුළුවන්. මීට අමතරව වෙනත් හේතු තිබෙන්නටත් පුළුවන්. ඒවායින් ඇතැම්වා වල ඇත්තක් තියෙනවා. ඇතැම්වා හරිම අසාධාරණයි. කලින් සඳහන් කල පරිදි චාමරගේ බිරිඳ රැකියාවක් නොකරන නිසා ඔවුන්ගේ නව සුඛෝපභෝගී නිවස ඉදිකරන්නට ඇත්තේ චාමර හරිහම්බ කරපු මුදලින් වෙන්නට ඇති කියල මට හිතෙනවා. ඉතින් තමුන්ගේ සැමියා කන්න ආසම දෙයක් ඔහුගේ දාඩිය මහන්සියෙන් ඉදිකරපු ගෙදර හතර මායිමට ගේන්න එපා කියන එක හරිම අමානුෂිකයි මට නම්. හේතුව මොකක් වුනත් තමන්ගේ සැමියාට/බිරිඳට/පෙම්වතාට/පෙම්වතියට දරදඬු නීති දැමීම අන්තිම මෝඩ වැඩක් බව ඔබට මතක් කර දීමයි මෙම ලිපියේ අරමුණ.
මොහොතකට අපි චාමරගේ බිරිඳ ලෙස සිතමු. මම කැමති නෑ චාමර ඌරැ මස් කනවට, මොකද චාමරට කොලස්ටරෝල් වැඩි වෙනවට මම අකමැතියි (ඒක විතරයි මගේ බුද්ධියට ගෝචර වෙන හේතුව). දැන් එහෙනම් කොහොමද මේ ගැටළුව විසඳා ගන්නේ? ඇයට පුළුවන් ඔහුට හොඳින් පැහැදිලි කර දීමට ඇයි ඇය ඌරැ මස් වලට අකමැති කියලා. ඒවගේම දරඳඬු ලෙස සම්පූර්ණයෙන්ම ගෙදර මෙනූ එකෙන් ඌරැ මස් කපා නොදමා අඩු කරන්නට තිබ්බා. චාමරටත් යුතුකමක් තියෙනවා තමන්ගෙ සෞඛ්‍යය රැක ගැනීමට. මොකද ගෙදර එකම උපයන්නා ඔහු, දරැවන් ඉතා කුඩායි. ඒ නිසා තමන් කොතරම් කැමති උනත් අහිතකර කෑම පාලනයකින් යුතුව ආහාරයට ගන්නවානම් තමයි හොඳ. මෙන්න මෙවැනි විසඳුම් වලට win-win decisions කියල කියනවා. දෙන්නම දිනන තීරණ ගැනීම විවාහයේදී ඉතාම වැදගත්. කිසියම් කරැණක් ගැන අන්ත දෙකක සිටි සැමියා සහ බිරිඳ කතා බහ කරගෙන දෙදෙනාටම එකඟ විය හැකි මැද පිහිටි විසඳුමකට ඒම මගින් තමයි දෙන්නම දිනන තීරණ ගැනීම සිදු වෙන්නේ. ඔබට පෙනෙනවා ඇති දෙදෙනාම දිනන්නට නම් දෙදෙනාටම අන්තවාදී නොවී යම් කැප කිරීමක් කිරීමට සිදු වන බව. මේ සඳහා එකිනෙකා කෙරෙහි ගෞරවයකුත් නම්‍යශීලී වීමත් තිබිය යුතුමයි. ඔබත් ඔබේ සමීපතමයන්ට නීති දමන එක නවත්වා මෙම ක්‍රමය අත්හදා බැලීමට උත්සහ කරන්න. ඔබට ඉන්නේ යහපත් සහකරැවෙක්/සහකාරියක් නම් මෙය ගැටළු විසඳා ගැනීමේ ඉතාම හොඳ ක්‍රමයක්. එසේ කතාබහ කරගෙන දෙදෙනාටම සෑහීමකට පත් විය හැකි තීරණ ගන්න බැරි පටු, දරදඬු සහ ආත්මාර්ථකාමී සහකරැවෙක්/සහකාරියක් සිටින අය කාලයත් සමඟ ගෙදර කතා බහ ඉතාම අඩු කරනවා, මොකද කතා බහ කරල ගැටළුවක් විසඳා ගැනීමට හැකියාවක් ඔවුන් අතර නැහැ. ඒ වගේම ගෙදර තීරණ ගැන එක සහකරැවෙක් ඉන්නේ නොසතුටින්, නමුත් ඒක කියන්නට යන්නෙ නෑ මොකද රණ්ඩු වීමක් හැරැණුකොට වෙන ප්‍රතිපලයක් නොලැබෙන නිසා. ඒ තත්වයට ඔබේ සහකරැ/සහකාරිය පත් කරන්නට එපා. මහාචාර්ය සරත් විජේසූරියගේ වෛරල් ගිය වීඩියෝවක "බකමූණු සහකරැ" ලෙස හඳුන් වන්නේ මෙම අවස්ථාවට පත් සහකරැ විය යුතුයි. https://www.youtube.com/watch?v=cjK9TEP9yYU

මම නම් මිනිසුන් ආහාරයට ගන්නා කුමන මසක් වුවද ආහාරයට ගන්නවා. ඒ උනත් එක වරක් ගැටළු සහගත අවස්තාවකදී නොකා සිටින්නට සිදු උනා. ඒ සිද්ධිය මෙසේය. පරිසර විද්‍යාව පස්චාත් උපාධි පාඨමාලාව හදාරද්දී අපගේ දේශක තුමා සමග වන ජීවී සංරක්ෂණය ගැන දින හතරක ප්‍රායෝගික වැඩ සටහනක් සඳහා විවිධ ස්ථාන වලට ගියා. එක් දිනක් රාත්‍රී ආහාරයට මුව මස් සකස් කර තිබුනා. එදින අප සියලු දෙනාම ඒකමතිකව තීරණය කර මස් කෑමෙන් වැළකී සිටියා.
ReplyDeleteස්තූතියි ඔබේ අදහසට, මමත් කියන්නේ තමුන්ගේ බුද්ධියට ගෝචර වෙන ඕනෑම හේතුවකට මස් මාළු අනුභවය නැවැත්වීම අපගේ අයිතියක්. ඇමේසන් වනය ගිනි ගත් පසු බොහෝ දෙනෙක් හරක් මස් කෑම නැවැත්වූවා පරිසරය රැකගැනීමට. හැබැයි තම සහකරැ/දරැවන්ගේ ප්‍රියතම කෑම/විනෝදාශ/ඇඳුම් පැළදුම් ආදියට නීති දමා හොඳ ප්‍රතිපල බලාපොරොත්තු වීම ගැනයි මට කියන්නට ඕනෑ කලේ.
Deleteඌරු මස් නොකෑමේ ප්‍රධානම හේතුව මිත්‍ය ව්ශ්වාසයි.හරක් මස් නොකෑමේ සංස්කෘතික හේතුවක් අපට තිබුනත් මෑත කාළයේ සිට ලාංකික සමාජයේ ඇතිවී තිබෙන දැඩි ආගමික නැඹුරුව විසින් මස් අනුභවයෙන් සමාජය බොහෝ ඈත් කොට තබා තිබෙනවා.ගව මස් නොකැම තුලින් කිරි කර්මාන්තයේ බරපතල ගැටලු මතු කරනු ලබනවා.ස්වාමීන් වහන්සේලා කිහිප නමක්ම හරක් මස් කඩ ටෙන්ඩර් රැගෙන එම මස් කඩ නිශ්ක්‍රීය තත්වයෙන් තබාගෙන සිටිනවා.සංවිධානාත්මක පිරිස් විසින් පාසල් තුලට ගොස් සතුන් ඝාතනය කරන වීඩියෝ දර්ශන පෙන්වා ළමුන්ට මස් අනුභවය අප්‍රසන්න කරනවා.ලංකාවේ ග්‍රාමීය පුදේශවල අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට හතලිහක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා.මම දකින්නේ මෙයත් එක්තරා ආකාරයක අන්තවාදී ක්‍රියාවක් බවයි.ඉන්දියාව හින්දු රාජ්‍යයක්. හින්දු භක්තිකයන් ගවයා සලකන්නේ දේවත්වයෙන්. නමුත් ඉන්දියාව ලෝකයේ වැඩිම ගව මස් අපනයනය කරන රටවල් දෙක තුන අතර ඉන්නවා.හැබැයි කිසිම හින්දු පූජකයෙක් ගිනි තියාගෙන මැරුණු බවක් වාර්තා වෙන්නෙත් නෑ.
ReplyDeleteස්තූතියි ඔබේ අදහසට විපුල, මටත් හිතෙනවා pork නොකෑම මුස්ලිම් මිනිසුන්ගෙනුත් beef නොකෑම හින්දු මිනිසුන්ගෙනුත් ණයට ගත්ත සන්කල්ප දෙකක් වෙන්න ඇති කියලා. අළුත් යමක් දැනගත්තා ඔබේ කොමෙන්ටුවෙන්.
Deleteගවයා කෘෂිකර්මාන්තයට යොදා ගැනීම නිසා ගව මස් නොකෑම අපට හිතා ගන්ඩ පුළුවන්.නමුත් ඌරු මස් නොකෑම ඉතාම මෑත කාලයේ, ඒ කියන්නේ අවුරුදු 15 ක 20 ක විතර ඉඳන් ඇති උන පුරුද්දක්.ඒකව හේතුව ඉතාම මෑත යුගයේ සමාජය පුදුමාකාර විදිහට මිත්‍ය විශ්වාසයන්ට ගොදුරු වීම.යක්ෂයෝ පෙරේතයෝ කුම්භාණ්ඩයෝ ගැන තියන විශ්වාසය වැඩිවෙලා.ජිවිතයෛ් හැම ගැටළුවකටම කට්ටඬියන්ගෙන් උත්තර හොයන්ඩ පුරුදු වෙලා.මේ නිසයි ඌරු මස් ගෙදරට ගෙනෙන්නේ නැත්තේ.ඕකේ අනිත් පැත්ත හිතන අයත් මට හම්බ වෙලා තියනවා.ඒ කියන්නේ ඌරු මස් ගෙදරට ගෙනාපුවහම ගෙදරට කරලා තියන අණවින කොඩිවින ඉබේම කැපිලා යනවා කියලා හිතන අය.මම උසස් පෙළ කරේ 1987 දී.මම දැනුවත්ව මගේ කිසිම යාළුවෙක් විභාගෙට නැකැත් බලලා ඉඳගත්තේ නෑ.නමුත් ඒ යාළුවෝ අද දෙමව්පියන් බවට පත්වෙලා තමන්ගේ දරුවෝ සාමාන්‍ය පෙළ විභාගෙට යවන්නෙත් නැකැත් බලලා ලියන පෑන ජීවම් කරලා.මේ ටික කිව්වේ ඌරු මස් නොකෑම මුස්ලිම් ප්‍රජාවෙන් ණයට ගත්තු එකක් නෙමේ කියන එක පැහැදිලි කරන්ඩ.
ReplyDeleteහොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි. නරකද ඔබත් අපේ මිත්‍යා විශ්වාස ගැන ලිපියක් ලිව්වොත්?
Deleteඇත්තටම ලියලා තියනවා.නමුත් ලඟ ලඟ ලිපි දාන්ඩ ගිහාම අර රත්තරන් බිත්තර දාන්ඩ ගිය කිකිළිට වෙච්ච වැඩේ වෙන්ඩ පුළුවන්.ඒ නිසා ඉදිරියේ දි බලමු.
DeleteLOL, මොකක්ද විපුල රත්තරන් බිත්තර දාපු කිකිළිට උනේ, මිනිස්සු එකතු වෙලා ඌ මරපු එකද? ඔයාට එහෙම අවුලක් නෑනෙ ඔයා ඉන්න තැනක් අපි දන්නවයැ?
Deleteකිකිළිගේ අයිතිකාරයට ඕනෙ වෙනවා හැමදාම බිත්තරයක් දම්මවා ගන්ඩ.ඒත් කිකිළිට ඒක අමාරු වැඩක්.ඒත් අයිතිකාරයාගේ උවමනාවට කරන්ඩ වෙනවා.ටිික කාළයක් යත් දි කිකිළි දුර්වල වෙලා අර ඉඳලා හිටලා දාපු බිත්තරෙත් දා ගන්ඩ බැරුව යනවා.ඒකෙන් මම අදහස් කරේ නිතර නිතර ලිපි ලියනකොට ලිපි වල සරු බව අඩු උනොත් මගේ බ්ලොග් එක බලන පිරිස අඩු වෙයි.ඒ නිසා ලිපි දෙකක් අතර හොද කාළ පරාසයක් තියා ගත්තොත් හොඳයි කියලා හිතුනා.හැබැයි අඩුත් නැති වැඩිත් නැති කාළ පරාසයක් විය යුතුයි.
DeleteI see..
Deleteමගේ මිතුරන් කිහිප දෙනෙක් ඉන්නවා ගෙදර පලාතකටවත් හරක් මස් ඌරු මස් නොගන්න. නමුත් ඔවුන් පිට තැනකදි විශේෂයෙන් ඌරු මස් ඉතා කෑදර කමින් ගිලදමනවා. සත්ව ඝාතනයට විරුද්ධ නම් හාල් මැස්සෙක් වත් කෑම නොකරන්න ඔනේ. ඉස්සර කුකුල් මස් කන්න නම් මගුල් ගෙදරකට යන්න ඔනේ. දැන් මාලු වලටත් වඩා කුකුල් මස් මිල අඩුවෙලා හරක් මස් හා ඌරු මස් මිල වැඩියි. ඉතිං බොහෝමයක් කන්නේ කුකුලු මස්. එත් මට පෙනෙන්නේ ප‍්‍රමතියකින් තොරව කුකුලන් දින කිහිපයකින් මසට ගන්නට ඉක්මනින් ලොකු කරවන්නට යොදාගන්නා හෝමෝන ආදිය අපට දීරුඝකාලීන සෞඛ්‍ය ගැටලු ඇති කරවන්න පුලුවන් බවයි.
ReplyDeleteස්තූතියි අසoග, ඔබේ කොමෙන්ටුවෙන් මේ ලිපියේ කතා නොකල තවත් පැතිකඩක් පෙන්වීම ගැන.මට හිතෙන්නේ ගෙදර පලාතකටවත් හරක්/ඌරු මස් නොගන්න, පිට තැනකදි හරක්/ඌරු මස් ඉතා කෑදර කමින් ගිල දමන අය බොහෝ දුරට සහකරැගේ බලපෑම මත ඒවා ගෙදර ගේන්නෙ නැතුව ඇති.
Deleteගෙදරට හරකා ඌරා නොගෙන යන ඈයෝ බොක්කේ දමා ගෙන ගොස් ගෙදර වැසිකිලි වලට දමති
ReplyDeleteLOL ස්තූතියි අදහසට.
Deleteමම නම් වගා කරන සත්ත්වයන්ගෙ මාංශ අනුභව කරන අතර,වන සත්ත්වයින්ගේ මාංශ අප විසින් වගා නොකරන නිසා අනුභව නොකර ඉමි.
ReplyDeleteමට නම් ඒ ප්‍රතිපත්තිය තර්කානුකූල නෑ, මොකද ඇතිකරන සතුන්ට දස වද දෙනවා (ඌරන් පුන්චි කූඩු වල දාල හැරෙන්නවත් බෑ, හරකුන් හණ ගහනව සහ මරවල වැඩ ගන්නවා, කිරි එළදෙනුන්ගෙ පැටවු ඉපදුනු ගමන්ම වගේ වෙන් කරනවා ආදිය කීපයක්). ඊට වඩා කැලේ හැදෙන එකා ජීවිතය විඳල තියෙනවා. ඊළඟට කැලේ හැදෙන එකා කවදත් මැරෙන්නේ- ඒ කැලය සමතුළිත පරිසර පද්ධතියක් නම්- මාන්ශභක්ශකයෙක් අතින්. මම හිතන්නේ මේකට උත්තරය ඇතිකරන සතුන්ට මානුශීය ලෙස සැළකීමට නීති හැදීම. මරන්නට හදන හරකුන්ට ඇමරිකාවේ රෑන්ච් වල වගේ වැඩ නොගෙන හණ නොගහ වද නොදී නිදහසේ ඉන්න අරින්න ඕනේ, මරන්නත් ඕනෙ වේදනාව අවම වන ලෙස (ඌරන්ට පොලු වලීන් ගැසීම ආදිය තහනම් කල යුතුයි)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඌරු මස් කෑවම යකා ගහනවා...ඒ කතාව ඇත්තක්....ඒක වෙන්නෙ ඌරූ මස් කලා ගෙදර ගියාම ගෙදර මිනිස්සු යක්කු වගේ ගහනවා...ඒ
ReplyDeleteවිහිලුවක් කලේ තෙල් වැඩි හින්දා පොඩ්ඩක් අඩුවෙන් කෑවට ගෙදර හොදට හදලා කන කෑමක්...කට්ටියක් එක්ක බොන වෙලාවට අනිවා ගන්න අතුරුපස