Thursday, September 29, 2022

තලාත් මෙහ්මුද් නොහොත් පැරණි හින්දි සිනමාවේ සේද කටහඬ

Talat Mahmood (24 February 1924 – 9 May 1998) was an Indian playback singer who is considered one of the popular male Indian film song and ghazal singers.

Talat Mahmood was born in Lucknow, Uttar Pradesh, India to Manzoor Mahmood. Talat showed his musical leanings from a very young age and would enjoy sitting through all-night music concerts.

Coming from a conservative Muslim background, singing was not encouraged. Talat had to choose between working in films and continue living at home. Despite his parents objection, he opted for the films, though his family accepted the fact only about a decade later when he gained some respect in the Indian film industry. People, who were close to Talat, describe his nature as a quiet one. It is often remarked that he was a decent man, and his velvety and silky voice also reflected that decency and sense of calmness. Music directors, who worked with him, claimed that while listening to him, one would develop the feeling that Talat was a soft-hearted man. Dilip Kumar termed Talat as "a perfect gentleman". 

Talat married a Bengali Christian girl from Calcutta, who also acted in films and was a great fan of his, Latika Mullick, later named Nasreen on 20 February 1951 and had two children Khalid born in 1953 and Sabina born in 1959. His grand-niece and well known journalist is Sahar Zaman. 


https://en.wikipedia.org/wiki/Talat_Mahmood

http://www.talatmahmood.net/family_album.htm

http://www.talatmahmood.net/family_album.htm

 When you listen to songs below, you will know why he is called silky/velvet voice in Hindi cinema.

1. Zindagi dene wale sun - https://www.youtube.com/watch?v=W41jIwH4k9g

2. Tim Tim Tim Taron ke deep jale- Mausi :https://www.youtube.com/watch?v=g97CFq4GkU0

3.Itna Na Mujh Se Tu, Chhaya Song (Duet)  https://www.youtube.com/watch?v=ClAXd0itpsA 

4.  ye nai nai preet hai tuhi to mera meet hai_Pocket Maar - https://www.youtube.com/watch?v=6jVdfGM6Kss&t=56s
5. aye mere dil kahi aur chal gham ki duniya se dil_Daag ; https://www.youtube.com/watch?v=_aFqiq7yHI8

6. Jaayen Toh Jaayen Kahan - Taxi Driver : https://www.youtube.com/watch?v=_6ZlWLtN0Gk


Tuesday, September 27, 2022

නාර්සිසිස්ට් හැසිරීම් හඳුනාගමු




පසුගිය කාලයේ අරගලයේදී මිනිස්සු හැසිරැනු ආකාරය නිසා ඒක අල වුන පසුත් මම ගොඩක් කල්පනා කලා ඇත්තටම ඇයි මේ මිනිස්සුන්ට මෙහෙම දේකදි වත් හරි තීරණයක් ගන්න බැරි තරම් ආත්මාර්තකාමී කියල. දියුණු රටක මිනිස්සු හිතන පතන හැටි ඒ රටවල දියුණුවට විශාල ලෙස දායක වෙලා තියෙනවා. ඒකෙම අනිත් පැත්ත ගත්තොත්, නොදියුණු රටවල් ඒ තත්වයේ පවතින්නට ඒවල ඉන්න මිනිස්සු හිතන පතන හැටි දායක වෙලා තියෙනවා. ඒ නිසයි මට දැන් හිතෙන්නේ ලන්කාවේ මිනිසුන් තම ආකල්ප වෙනස් කර නොගෙන මොන අරගලයක් කලත් ඒක අසාර්තක වෙන්න පුළුවන් කියල. පසුගිය අරගලය ගැන කතා කලොත්, එහි  පාර්ශ්වකරැවන්  අරගලයට ගියේ සැළැස්මක් හෝ පොදු එකඟතාවයක්, සුදුස්සාට සුදුසු තැන දීමට සූදානමක් නැතිව අමන ආත්මාර්ථකාමී කපටි ආකාරයකට, ඒකෙ ප්‍රතිපලයක් ලෙස එදා අවන්කව පාරට බැස්ස මිනිස්සු අද එන්නෙ නෑ. ඔක්කොම බලන් ඉන්නෙ ආයෙම අවන්කව නිර්පාක්‍ෂිකව මිනිස්සු පාරට බහිනකන් ඒක හයිජැක් කරන්න.  ඒක දන්න මිනිස්සුත් පටි තද කරගෙන නිකම් ඉන්නව පාරට නොබැස.

ඊට ගොඩක් වෙනස් මාතෘකාවක් වන මම මේ ලඟකදි එකතු වුන ආදරය සම්බන්ද ගෘප් එකක පෝස්ට් සීයට අනූ නමයක්ම එක එක වංචාකරයොන්ට අහු වෙලා, වෙන්න තියන සේරම නස්පැත්ති ටිකත් වෙලා, ඒත් උංව අතෑරගන්න බෑ ආදරෙයි මං මැරෙයි ගගා වැලලෙන්න හදන අයගෙ ඒවා. 

මේ හැම දෙයකින්ම මට පෙනෙන්නේ මිනිසුන්ගේ ආකල්පමය පරිහාණිය නිසා ආදරය කරන්නට ගියත් අරගලය කරන්නට ගියත් වෙන මොනව කරන්නට ගියත් ඒ හැම දෙයක්ම අසාර්ථක වෙන බව. එහෙමනම් ඉස්සරලම තමන්ගේ ආකල්ප දියුණු කර ගන්නට සිද්ද වෙනවා. ලන්කාවට මෙහෙම වෙලා තියෙන්නෙ ලන්කාවේ බහුතරය නාර්සිසිස්ට්ල වීම කියල මට හිතෙන්නෙ.  එහි ප්‍රතිපලය නම් අනුන්ද දුකට පත් කරමින් තමන්ද දුකේ වැටීමය.

නාර්සිසිස්ට් (narcissist) කියන වචනය හැදිල තියෙන්නෙ ග්‍රීක මිත්‍යා ප්‍රබන්ධයක චරිතයක් වන ඉතා කඩවසම් නාර්සිසුස් නම් මිනිසකු අනුසාරයෙනුයි. මේ මිනිසා මොන තරම් මමත්වයෙහි ගැලී ගියාද යත්, අවසානයේ දිය කඩිත්තක ජලයේ දිස් වූ තම ප්‍රතිබිම්භය සමඟ ආළයෙන් වෙළුනි. නාර්සිසිස්ට් මානසිකත්වය ඇති අයගේ අධික මමත්වයත් නාර්සිසුස්ගේ හැසිරීමත් සමපාත වන නිසා මොවුන්ට නාර්සිසිස්ට්ලා යැයි කියයි. නාර්සිසිස්ට්ලා හිතන්නේ තමන්ගේ ගැනම පමණයි, ඒවගේම තමන්ගේ අවශ්‍යතා සඳහා අනුන්ව පාවිච්චි කිරීම හැර වෙන මොනම ආකාරයකවත් ගනුදෙනුවක් අනුන් සමඟ නොකරයි.  සහකරැ වේවා ළමයි වේවා නෑයෝ වේවා යාළුවෝ අසල්වැසියෝ හෝ වෙනත් කෙනෙක් වේවා, තමන්ගේ මෙවළම් ලෙස තමන්ගේ අවශ්‍යතා සඳහා පාවිච්චි කිරීම හැර වෙනත් සෑබෑ මානුශීය ගනුදෙනු නැත (නමුත් බොරැවට රඟපායි, සමහරවිට තමන්ගේ බොරැවට තමන්ම රැවටී සිටී).

නාර්සිසිස්ට්ල ගැන කතා කරන්නට පෙර විශකුරැ (Toxic) මිනිසුන් හඳුනා ගනිමු.  විශකුරැ මිනිසුන් ගේ ලක්‍ෂණ සමහරක් පහත දක්වා ඇත. 


සින්හලයට පරිවර්තනය කලොත්;

1. දෙබිඩි ජීවිත ගත කරති, කියන්නේ එකක් නමුත් කරන්නේ අනිකකි (හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස්) 
2. කුමන ආකාරයක හෝ විවේචනයක් දරා ගත නොහැක 
3. කවදාකවත් තමන්ගේ වැරැද්දක් පිළි නොගනී 
4. ගේම් කාරයන් ය,  අහින්සකයන්ට පාගා රිදවා තලා පෙළා ආත්මය වනසා ගේම දී සුදනා සේ රඟපායි 
5. ඉතා කපටි සූක්‍ෂම ලෙස අනිකා පාලනය කරමින් තම අරමුණු වලට යොදවා ගනී 
6. හැම විටම තමන් දිනිය යුතු (ඝෘනාත්මකව) සහ අනිකා තමන්ට පැරදිය යුතු බව සිතයි 
7. තමන් ගැන පමණක්ම සිතයි 
8. බොරැ කියයි 
9. අනවශ්‍ය ලෙස හැඟීම්බර වේ 
10. විශ්වාසය කඩ කරයි 
11. තමන් හරි හෝ වැරදි වුවත්  අනිකා තමන්ගේ පැත්තේ විය යුතු බව සිතයි, නමුත් තමන් එසේ අනිකා වෙනුවෙන් පෙනී නොසිටී 
12. සිදු වන සෑම දෙයකම කතාව තමන්ට වාසි වන ලෙස විකෘති කරයි 
13. අනිකාගෙන් නැත යන වචනය පිළි නොගනී 
14. අනිකාගේ සාධාරණ සීමා මායිම් වලට ගරැ නොකරයි 
15. තමාට සීමා මායිම් නැත 
16. ඔවුන්ට අවශ්‍ය ලෙස වැඩ කටයුතු නොවනා විට පරළ වේ 
17. ප්‍රශ්නයකදී කතා බහ කර විසඳා ගැනීම ප්‍රතික්ශේප කරයි, අනෙකාට ප්‍රශ්න කිරීමට නොදේ. නොඑසේනම් නිශ්ශබ්දව (කිසිවක් නොකියන, කිසිවක් නොඅසන මුනිවත රකිනා ළඳුනි පබා ) සිටී. 
18. අරියාදු කරැවන් ය 
19. ලොකු කම ඇත, විශේෂ ගරැ සැළකිලි දිය යුතුය 
20. කුහක ඊර්‍ෂ්‍යා පරවශ ගති ඇත 
21. නොසැළකිළිමත් ය 
22. තම ආර්ථිකමය හැකියාව අනෙකා පාලනයට යොදා ගනියි.

ඔබ පොඩ්ඩක් හිතල බලන්න ලන්කාවෙ මිනිස්සු සීයක් ගත්තම අනූවකටවත් මේ විශකුරැ හැසිරීම් තියෙනවා නේද? මේ විශකුරැ හැසිරීම් කොපමණ සමාජයේ සුළභද කිව්වොත් ඒවා නෝමල් හැසිරීම් ලෙසට සළකන මට්ටමටම ඇවිත්. 
 


තවද කිව යුතු වැදගත්ම දෙයක් වන්නේ විශකුරැ මිනිසුන් තමන්ගේ ඉලක්ක කර ගත් පුද්ගලයාට රහසින් බලු වැඩ කරන ගමන් වෙනත් අයට එසේ නොකර හොඳ මුහුණ පෙන්වන බවයි. මසේ කරන්නේ ඉලක්ක කර ගත් පුද්ගලයා අහවලා මට කරදර කරනවා කියූ  විට අනිත් අය ලව්වා අනී එයා එහෙම නෑ හරි හොඳයි ඔයා කියන්නේ බොරැ යැයි කියවා ගැනීමටය. එවිට  ඉලක්ක කර ගත් පුද්ගලයා තවත් අසරණ වෙයි.



නාර්සිසිස්ට් ලගේ ඉහත ගතිගුණ වලට අමතරව තිබෙන කැපී පෙනෙන ගතිගුණය නම් ඔවුන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙන් වී ඇත්තේ ඔවුන්ගේ අවශ්‍යතා සන්තර්පණයට සහ ඒ සඳහා අනිත් අයව පාවිච්චි කිරීමටයි. මෙවැනි අය කතා කරොත් ඒ තමන්ගේ පම්පෝරියක්, වැඩක් කලොත් ඒ තමන්ට වාසියක් ලැබෙන වැඩක්, තමන්ට නැති දේවල් බොරැවට පෙන්නගෙන ප්‍රතිරෑප නඩත්තු කරන, තමන් වටා ඉන්න අයව පාලනය කරන (විශේෂයෙන්ම සහකරැවා සහ ළමයින්ව තදින් පාලනය කරයි) ආදී  මම, මට, මගේ යන  සන්කල්ප මුල් වුනු ජීවිත. මොවුන් අනිත් අයව බොහෝ විට වසඟ කර ගන්නේ මුළින් මාර හොඳ කෙනෙක් මෙන් රඟපෑමෙන් සහ ආදරය පෙන්වීමෙන්. දැකල නැද්ද සමහර අය පුතේ රත්තරන් පැටියෝ වස්තුවේ ගාගෙන එන්නේ, මේ රඟපෑමට කියන්නේ love bombing කියල. ටික කාලයක් යද්දි තමයි සතා කවුද කියල තේරෙන්නේ, නමුත් විෂම චක්‍රයක් මඟින් තව දුරටත් සතාට බැඳී සිටීමේ නැඹුරැවක් තියෙනවා, දැකල නැද්ද සමහර ගෑනු අම්බානට ගුටි කකා නැත්නම් වෙනත් දුක් විඳ විඳ මිනිහෙක් මත්තෙ නහිනවා? යසනාත් ධම්මික බණ්ඩාර එයාගේ "මා එක්කලා අමනාපව වී දබර - දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර" ගීතය ගැන කරපු සන්වාදයකදී කියනවා එයා ඒ ගීතය ලිව්වේ බේබදු මිනිහගෙන් අම්බානට ගුටි කන ගෑනියෙක් පොලිසියෙන් ඒක දැකල ඒ මිනිහට ගහන්න යද්දී පොලිසියෙ අයට වැඳ වැටුනලු මිනිහට ගහන්න එපා කියල. යසනාත් ධම්මික බණ්ඩාර ඒක හැඳින්වූවේ "ආසියාතික ගැහැණියගේ ස්වභාවය" ලෙස. ආසියාතික ගැහැණියට පෙරලා ලැබුණේ මොනවාද? පාරෙ බැහැල යන්න බැරි මට්ටමට අතවර, ප්‍රේම සබඳතා බිඳ වැටීමේදී පිහි ඇනුම්, සුළු වරදකට පවා දැඩි ශාරීරික දඩුවම්, මානසික දඩුවම්, අසාධාරණ නීති රීති, කිළි, පහත් සැළකීම්, ගුටි, මන්න පාර නොවේද? බටහිර ගැහැණිය තමන්ගේ ආත්ම ගෞරවය තෝරා ගැනීම නිසා ඉහත කාළකන්ණි ජීවිතයෙන් මිදී ඇති නමුත් නාර්සිසිස්ට් පිරිමින්ට බටහිර ගැහැණිය රොමෑන්ටික් මදිය.

බටහිර ගැහැණිය තමන්ගේ ආත්ම ගෞරවය තෝරා ගන්නා විට ආසියාතික ගෑනු තෝරා ගත්තේ අනුන්ගෙන් යැපෙමින් අනුන්ගේ සල්ලි වලින් සැප විඳීමේ යැපුම් මානසිකත්වයයි. අර කලින් කියපු ගෲප් එකේ මනුස්සයා කරන්න තියෙන සියලුම නින්දිත වැඩ කරද්දීත් අත හැර ගන්න බැරැව නහයෙන් අඬන ගෑනු බහුතරය එසේ  මනුස්සයාගෙන් යැපෙන ඒ නිසා ඔහුව අත හැරීමට බැරි කාන්තාවන් ය. තවත් සමහරැ බ්ලැක්මේල් කරනවාට තර්ජන ගර්ජන වලට හෝ කටකතා පතුරවනවාට වැනි දේවලට බය වී පිරිමින් අත හැරීමට බැරි කාන්තාවන් ය. "ආසියාතික ගැහැණියගේ ස්වභාවය"  වන ගහන්න ගහන්න වැඳීමේ ඇත්තම හේතුව ඩයිසෙක්ට් කර සොයා බැලූ විට ඇත්තේ මෙවැනි පෞරැෂහීන, මෝඩ, නිවට නියාළු, ආත්මා්ථකාමී ගෑණුන්ගේ අවලස්සන කතාවකි. 


මොකක්ද මේ විෂම චක්‍රය? 




ලන්කාවේ බහුතරයකට නාර්සිසිස්ට් හැසිරීම් යනු සාමාන්‍ය එදිනෙදා දිනචරියාවයි. නමුත් එහි ප්‍රතිපලය නම් අනුන්ද දුකට පත් කරමින් තමන්ද දුකේ වැටීමය.














කොහොමද අපි විශකුරැ මිනිසුන්ව පාලනය කරන්නේ? හොඳම ක්‍රමය නම් ඔවුන්ව තම ජීවිතයෙන් උපක්‍රමිකව ඈත් කර තැබීමයි. උදාහරණයක් ගත්තොත්, කාර්‍යාලයේ ඉන්න විශකුරැ පුද්ගලයෙක් ඒ බව හඳුනා ගත් පසු ඩොක් ගාල අතහැර දැම්මොත් ඒක නෝට් වෙනවා නමුත් ටිකෙන් ටික ඈත් කරන්නට පුළුවන්. එහෙම බැරි නම් (පවුලේ කෙනෙක් වගේ), 
1. හැකි තාක් අඩුවෙන් ගණුදෙණු කරන්න 
2. ඔබේ ශක්තිය හෝ අවධානය දීම නතර කරන්න, උදාහරණයකට මොකක්හරි කේළමක් කියාගෙන එද්දි ඒක උවමනාවෙන් අහන්න යන්න එපා 
3. ඔවුන්ගේ හැසිරීම නිසා හිත රිදවා ගන්න එපා සතා කවුද දන්නා කෙනෙක් වෙන්න
4. ඔබේ සීමා ආරක්ශා කරන්න. උදාහරණයකට, ඔබ සහකරැවාගේ වැරදි කාර්‍යාලයේ කතා නොකිරීම යන සීමාව රකින අයෙක් වී කාර්‍යාලයේ කෙනෙක් විහිළුවට හෝ ඇසුවොත් සහකරැවාගේ "වැරැද්දක්" ගැන (අනේ ඔයාගෙ හස්බන්ඩ් පරක්කු වෙනකම් වැඩ කරනව නේද, නෝන කොටට අඳිනව නේද), ඔයාට කොන්ද පණ තියෙන්න ඕනේ ඒවට දිරිගන්වන උත්තර නොදී එවැනි හැසිරීම් නැවත නොකරන ලෙස අධෛර්‍යමත් කිරීමට. හොඳට මතක තබා ගන්න සීමා මුළදීම පනවා ගන්න, මොකද පස්සේ සීමා පනවා ගන්න අමාරැයි. කාර්‍යාලයේ මම පනවා ගත් සීමා කීපයක් නම් පෞද්ගලික තොරතුරැ කතා නොකිරීම, ඕපදූප කතා  නොකිරීම, මගේ ඔනරිෆික්ස් වලට ගරැ කල යුතුය, මම අනිත් අයට කතා කරන්නේ මිස් මිස්ටර් ඩොක්ටර් කියාය, එසේ නම් මට ඔවුන් කතා කළ යුත්තේද එසේය,  අනිත් අයගේ වැරදි විවේචනය නොකිරීම ආදිය වේ.
5. සුහද නමුත් සීමිතව කතා කරන්න, කිසිම විටක තමන්ගේ තොරතුරැ දෙන්න හෝ තමන්ට හානිකර වියහැකි තොරතුරැ දෙන්න එපා
6. වෙන කෙනෙක් විවේචනය කරන්න එපා (ඒ පුද්ගලයාට විවේචනය සන්නිවේදනය කරන්න ඕනේ නම් මිසක, මොකද බොහෝ විට මෙය ඒ පුද්ගලයාගේ කණේ තබනු ඇති)
7. උදව් ඉල්ලන්නට එපා මන්ද ඔවුන් විශාළ ප්‍රති උපකාර ඉල්ලනු ඇති
8. අවවාද අනුශාසනා ඉල්ලන්නට එපා මන්ද ඔවුන් ඔබට අවවාද අනුශාසනා පිළිපදින ලෙස බල කරනු ඇති




සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...