කොළඹට හදා ගත්තෙ නැද්ද?
බොහෝ විට නෑදෑයන්, සමහර මිත්‍රයන් හමු වූ විට අහන ප්‍රශ්නයකි ඒ...
"තාම බදුල්ලෙද?...
කොළඹට හදාගන්න බැරි වුණාද?
අරය නම් කොළඹ නේද ?" ඒ හා සබැඳි අනෙක් ප්‍රශ්නය...
මේ ප්‍රශ්නය කුඩා කාලයේ සිටම මගෙන් පමණක් නොව අප බොහෝ දෙනාගෙන් සෙසු සමාජයෙන් ඇසෙන ප්‍රශ්නාවලියේම දිගුවක් යැයි මට සිතෙයි....
කොළඹ ඉතාම හොඳ ඉන්ටර්නැෂනල් ස්කුල් එකනට ළමයෙක් දැමූ දෙමාපියන්ගෙන් අසන්නේ " රෝයල් එකට දාගන්න බැරි වුණාද?" කියලාය. ශිෂ්‍යත්වය සමත්ව ආනන්දයට තේරුණ දරුවාගෙන් අසන්නේ " රෝයල් එකට යන්න මදි වුණාද? "කියලාය. සාමාන්‍ය පෙළ ඩී හතක් ගත්ත එකාගෙන් අහන්නේ "සී එක මොකටද" කියලාය. උසස් පෙළ ජීව විද්‍යා විෂය කර වෛද්‍ය විද්‍යාව හැර අන් ඕනෑම විෂයක් කරන එකාගෙන් අහන්නේ"මෙඩිසින් බැරි වුණාද" කියලාය.
අවුරුදු ගාණක් කට්ට කාලා උපාධිය ඇරන් විශ්ව විද්‍යාලයෙන් එළියට එකාට සුබ පතනවා වෙනුවට "තාම ජොබ් එකක් නැද්ද" කියලාද අසති. ආණ්ඩුවේ දොස්තර රස්සාවක් හම්බ වෙලා ඉස්පිරිතාලේ වැඩට ගිය දවසේ ඉඳලා " තාම කාර් එකක් නැද්ද" යි අසති. ලීසින් පාරක් දාලා මරුටි කට්ටක් ගත්ත දවසේ ඉඳලා "ජපන් කාර් එකක් ගන්නෙ නැද්ද" අසති.
දන්න දහංගැට දාලා කෙල්ලෙක් යාලු කරගත්ත දවසේ ඉඳලා එයට සුබ පතනවා වෙනුවට " බඳින්නෙ නැද්ද"යි අසති. තියෙන සබ්බ සකල මනාවම වියදම් කරලා බැන්ද දවසට පස්සෙ දවසේ ඉඳලා "තාම ළමයි නැද්ද " යි අසති. දන්න සෙල්ලම් දාලා පුතෙක් හදාගත්තාට පස්සේ "දුවෙකුත් හිටිය නම් හොඳ නැද්ද" අසති. හදාගත්තු පොඩි එකා ගමේ මොන්ටිසෝරියට දැමුවහොත් " ලයිසියම් බැරි වුණාද" අසති...
මේ " නැද්ද? බැරිද?" ප්‍රශ්න වැල ලියන්නට ගතහොත් සකර්බර්ග් පෝස්ට් එකකට දැමිය හැකි උපරිම වචන ගණනක් ප්‍රකාශයට පත් කිරීමේ අවදානමක් ඇති නිසා එතැනින් නවතිමි...
මේ "නැද්ද? බැරිද? " කේන්ද්‍ර කරගත් ප්‍රශ්න ඇසීමේ සමාජ විපරීතය කුමක්ද? එය මනුස්ස ජීවිතවලට බලපාන්නේ කොහොමද? මේවා තේරුම් ගැනීම රසවත් වන්නටත් පිළිවන්ය...
ලාංකීය ජන සමාජය ආර්ථික වශයෙන්ද මානසික වශයෙන්ද දුප්පත් ය. අඟහිඟ කම් වලින් පිරී තිබෙන්නේය. ආර්ථික වශයෙන් ස්ථාවර, මානසික වශයෙන් තෘප්තිමත් මිනිස්සු හිඟය. හැම එකාගේම අරමුණ අනෙකා මොන ක්‍රමයෙන් හෝ අභිබවා යන එකය. ඒක වාහනයකින්, ගෙයකින්, ඉඩමකින්, තමන්ගේ දරුවා යන පාසලෙන් බැරිනම් තමන් කරනා පින්කම්වලින් හෝ අනෙකා පරයා නැගී සිටින එකය. තමන්ට බැරිම නම් තමන්ගේ දරුවා ලවා ඒ සිහිනය ඇත්ත කරගන්නා එකය. ඒ සිහින ඇත්ත කගෙන්නට අර සුන්දර ළමයා තුළ සිටින "ළමයා" මැරීමට වුවද දෙමව්පියෝ පසුබට නොවෙති. ඒ තමන් සුපිරිතමයාය...සෙස්සෝ අසමත්ය යන ගඳගහන මානසිකත්වය ළමයින්ට කැවීමෙනි. අනෙක් මිනිහා ගැන, ඒ මිනිහාගේ ප්‍රශ්න ගැන අසංවේදී ආත්මාර්ථකාමී මනුස්ස පඩංගු දිනපතා අපේ ඇඟේ හැප්පෙන්නේ මේ කැවීම හින්දාය. අප බොහෝ දෙනා දැන හෝ නොදැන මේ මඩගොහොරුවේ ගිලී සිටින බව ඇත්තකි. මේ විකාරරූපී රංගනය සමාජය අතිශය ආත්මාර්ථකාමී තැනකට ගෙනැවිත් තිබෙන්නේය.
අර කී ප්‍රශ්න මේ මානසික වියවුලේම ව්‍යුත්පන්නයෝ ය...
තමන් කොච්චර හොඳ තැනක හිටියත් අනෙකා මොන හරි විදිහකින් යහපත් තැනක සිටීම ඉවසන්නට බැරිය. ඉවසන්නට බැරුවා පමණක් නොව ඒ "ගඳගහන ගතිය" සඟවාගන්නට අවශ්‍ය ශිෂ්ඨ සම්පන්න බවවත්, ශික්ෂණය වත් බොහෝ දෙනා තුළ නැත. අර ප්‍රශ්න හරහා එළියට එන්නේ ඒ ගඳගහන ගතියය. ඒක අහලා අනෙකාට මානසිකව රිදවලා ලබන වනචර සතුටය. අනෙකා පහත හෙළා තමන් "feeling good" වෙන එකය...විශේෂයෙන්ම මධ්‍යම පාන්තික සමාජ ස්ථරවල මේ ගතිය සුලබය.
එංගලන්තයේදී මා ලද අත්දැකීම් වෙනස් වන්නේ මෙතැනය. ඔවුන්ගේත් හිත් ඇතුළේ මොනවා තිබුණත් මුහුණට අහන්නේ " Are you OK..You look good..Are you doing fine" වගේ දේවල්ය. ඒ අධ්‍යාපනයෙන් ලද ශික්ෂණය නිසා වන්නට ඕනෑය.
ආදරණීය මිත්‍රවරුනි,
"ඔව්...මම තාම කොළඹට හදාගත්තෙ නැහැ. එහෙම හදාගන්න බලාපොරොත්තුවකුත් නැහැ...එහෙම හදාගන්න එක ලොකු ඇචීව්මන්ට් එකකුත් නොවෙයි...එහෙම හදාගත්ත උන්දල ගැන මට ප්‍රශ්නෙකුත් නෑ...මේක මගේ ජීවිතය...මගෙ චොයිස් එක"
මෙන්න මේ වගේ ඔබ හැම දෙනාටමත් අර වගේ ප්‍රශ්න වලට දෙන්න උත්තර ඇති. ඒත් ඒවාට උත්තර දෙනවා වෙනුවට අප සමාජයක් හැටියට වෙනස් විය යුතුයි නේද? අප අනෙකාගේ ජිවිතයට, ජීවිතයේ චොයිසස් වලට ගරු කරන්නට ඉගෙන ගත යුතුයි නේද? අනෙක් මිනිහා පහත හෙළා තමන් "feeling good " වෙන ගඳගහන ගති වෙනස් කර ගත යුතුයි නේද?
හිතල බලන්න...
මීට පස්සෙ ප්‍රශ්නයක් අහන්න කලින් "මේක අනිත් මනුස්සයට දැනෙන්නෙ කොහොමද? කියල....හිතල බලන්න...
හිතල බලන්න...
"මට මේ මනුස්සයගේ ජීවිතේ ලස්සන කරන්න, දවස හොඳ කරන්න, මේ මනුස්සයව අගය කරන්න, අහන්න පුලුවන් ප්‍රශ්නය මොකක්ද?" කියල...හිතල බලන්න...
"කොළඹට හදාගත්තෙ නෑ නෙවෙයි,
හදාගන්නෙ නෑ මිත්‍රවරුනි..."
ලෝකය ලස්සන තැනක් වෙන්නෙ එහි ඉන්න මිනිස්සු නිසා...ලස්සන මිනිහෙක් වෙයන්.
ලක්මාල් කුලසේකර
https://www.facebook.com/lakmal.kulasekara
ඇමරිකාවට ආපු එවුන්ගෙන් අහන එකක් තමයි තාම ග්‍රීන් කාඩ් එක නැද්ද?
උන් වගේ සීනි අහුරැ අහුරැ නොදා තේ බොද්දි, Sugar ඇවිත්ද ?
ඇයි අහවල් කාර් එක, අහවල් පාට ගත්තෙලු බස් එකේ ෆුට් බෝඩ් එකේ එල්ලීගෙන යන එකෙක් අහනව කියහන්කො
අවසාන වශයෙන් මගේ කොණ්ඩය ගැන ලoකාවෙ සැලෝන් එකේ සහ ඇමරිකාවෙ සැලෝන් එකේ අත්දැකීම කියන්නම්. මගේ කොණ්ඩය බොහොම සාමාන්‍ය එකක්. ලoකාවෙ පොෂ් සැලෝන් එකට ඒක කපාගන්න ගිහාම නඩු ගොඩයි. කොණ්ඩය එක පැත්තක අඩුලු, ටිකලු, ඒ කට් එකට මදිලු, රටේ නැති වැරදි. ඇමරිකාවෙ සැලෝන් එකට ගිහාම මුලින්ම කිව්වෙ ඔබේ කොණ්ඩය හරිම ලස්සනයි කියල, මදිත් නෑ අඩුත් නෑ කියපු කට් එක අඬඇඬියාවක් නැතුව ලස්සනට කපල දුන්න. එකම කොණ්ඩය රටවල් දෙකකදි දැක්ක හැටි එහෙමයි.
Subscribe to:
Post Comments (Atom)
ලස්සන කෙල්ලගෙ සපත්තු රැක් එක
කලකට පෙර සමාජ මාධ්‍ය වල පල වූ ඉහත ඡායාරෑපය සමාජ මාධ්‍ය වල ජෙන්ඩර් වෝ එකක් හදපු ඡායාරෑපයක්. පට්ට පුරැෂාධිපත්‍යයක් තියෙන පිරිමි මේ කෙල්ලට නො...
-
ඇතැම් ශ්‍රී ලාoකික සිoහල බෞද්ධයන්ගේ බෞද්ධකම පෙන්වන විලාසිතාවක් වන්නේ නිවසට හරක් හෝ උෳරැ මස් ගෙන ඒමෙන් වැළකීමයි. එම නිවෙස් වල බොහෝවිට කුකුළු...
-
පාරමී වන්නිආරච්චි මුහුණුපොතේ "අප කන්නේ බත් නොව මුදල් හා කාලයයි" යන ශීර්ෂයෙන් ලියූ ලoකාවේ අපගේ සoකීරණ ආහාර පුරැදු ගැන පෝස්ටුවක් ම...
-
https://hessianwithteeth.files.wordpress.com/2014/11/agnosticism-atheism.png (9.19.2019) ජේමිස් බණ්ඩාගේ අසම්මත සටහන් අඩවියේ පළවූ ...
-
තිස්ස ජනනායක ගැන කතා කරන්නට හිතන් නොසිටි වෙලාවක මුහුණු පොතේ එක් තරැණ දරැවෙකුගේ පෝස්ටුවක් දැක්කා. ඒ කුරුකුලසූරිය රවිඳු නිරංග ප්‍රනාන්දු පුතා...
-
අම්පිටියේ සුමනරත්න හිමි බෞද්ධයන්ව අන්‍යාගමීකරණය කිරීමට පැමිණි පුද්ගලයෙකුට ගැසූ කණේ පහර ගැන මේ වන විට විශාල කතිකාවක් සමාජයේ ඇතිවී තිබීම නිසා...
-
කාන්තාවන්ට ජීවත් වීමට නුසුදුසු රටක් බවට දිනෙන් දිනම ලoකාව පත් වේගෙන එන බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි. සමහර අය දැන් මෙතන වැළලෙන්න හදන්න එපා...
-
උක්ත ගැටලුව මගේ සිතට තදින්ම දැනෙන්නට පටන් ගත්තේ ඇමරිකා එක්සත් ජනපදයට පය තැබූ පසුය. ලංකාවේ සිටිද්දී මා සිතුවේ පොදු දේපල අනිසි පරිහරනය බො...
-
පාරමී වන්නිආරච්චි මුහුණුපොතේ ලියූ පෝස්ටුවක් දුටු විට කාලයකට පෙර විපාගෙ අඩවිය ලියන විපුලගෙ කොමෙන්ටුවක් මතක් උනා, ලoකාවේ අපගේ සoකීරණ ආහාර පුර...
-
1. එඩී ජයමාන්නගේ කොලොම්පුරේ ශ්‍රියා https://www.youtube.com/watch?v=vlwPsJk3Bfw 2. එඩී ජයමාන්න සහ මේබල් බ්ලිත් (?) ගේ මම මනමාලි ඔබේ htt...
-
People say this is fake, please consider that possibility too ලොව ප්‍රකට ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලේ වත්කම් සහ සැඟවූ...
We are very negative set of people, who do not see anything good/positive in others. If someone is doing well, something is not right must be selling drugs etc.(Wijebahu)
ReplyDeletethank you for the reply. yes, it's time to change for better
Deleteඕකේ තවත් පැත්තක් තියෙනවා, කව්රුහරි කිව්වොත් ලස්සන කාර් එකනේ, ඔයාටනම් දැන් හොදයි කොලබට මාරු උනා නේද කියල එහෙම අහනවටත කැමති නෑ සමහරු.
ReplyDeleteඔව්, නමුත් මම හිතන්නෙ අපි සoවාදයකදි ඔයවගේ කරැණු කතා කල යුතුය කියල හිතීමම වැරදි. මෙතන ලක්මාල් කතා කරල තියෙන්නෙ එදිනෙදා මිනිස්සු කරන කතාබහ මිසක හොඳ හිතවත් මිතුරැ කතාබහ නොවේ. සාමාන්‍ය කතාබහකදි අනිත් මනුස්සයගෙ කාරෙක, රැකියාවේ ට්‍රාන්ස්ෆර් එක ආදි පෞද්ගලික කාරණා කතා කරන්න එපා, ඔහු/ඇයම ඒ ගැන කතා කරන්න ප්‍රවේශයක් නොගත්තොත්. පොදු මාතෘකා කතා කරන්න (sports, weather, politics etc). ඔයාටනම් දැන් හොඳයි කියද්දිම එතන අවුල්, "නම්" කිව්ව නිසා නොකියා කියන්නේ "ඔයාටනම් දැන් හොඳයි අපිටනම් හරිගිහින් නෑ මට ඒකට ඊරිසියයි වගේ අදහසක්" (in my opinion, you want to make the other person guilty for living better than you). Thank you for the comment.
Deleteතව දෙයක් කියන්නට හිතුනා, ඇමරිකාවේ සවාදයක් අරඹන්න ධනාත්මක ප්‍රවේශ යොදා ගන්නවා උදාහරණයකට ඔයාගෙ කමිසයේ පාට මගේ ප්‍රියතම පාටක්, ඔබේ අත් ඔරලෝසුව හරි ලස්සනයි (බොරැවක් නොවේ) ආදිය. අනිත් මනුස්සයාගෙ මොකක්හරි හොඳක් හොයා ගන්න බැරි කමක් නෑනෙ. පෞද්ගලික කරැණු කතා කරන්න පටන් ගන්නේ තමන්ගෙන්. තමන්ගෙ කාරෙක, රස්සාව, පවුළ ආදිය. එතකොට අනිත් මනුස්සයා තමන්ගෙ කාරෙක, රස්සාව, පවුළ ගැන කතා කරයි ඔහු කැමතිනම්. අනිත් මනුස්සයගෙ පෞද්ගලික කරැණු ධනාත්මකව වුවත් හාරා ඇවිස්සීම හොඳ සිරිතක් නොවේ.
Deleteඔව්වා ගනන්ගන්න එපා.
ReplyDeleteඅනිත් උන් කියන වචනයක් අල්ලගෙන තමන්ගේ ආතල් කාගන්නේ මෝඩයෝ.
හැබැයි තමන්ට මොනවා හරි පාඩුවක් කරන්න හදනවානම් මස්රාත්තලම ඉල්ලලා සටන් කරපං
you are talking out of context, AGAIN
Delete