Tuesday, August 16, 2022

Aye Gulbadan Aye Gulbadan | Mohammad Rafi | Professor | Full Song HD | S...


Aye gulbadan, Aye gulbadan,

Phoolon ki mehak, Kaanton ki chubhan

Tujhe dekh ke kehta hai mera mann

Kahin aaj kisise mohabbat na ho jaaye...

Oh beautiful, oh beautiful,

Oh aroma of flowers, pricking of thorns,

Seeing you, my heart announces,

"I think today I will fall in love with someone."


Kya haseen mod par aa gayi zindigani

Ke haqeekat na ban jaaye meri kahani

Jab aahen bhare ye thandi pawan

Seene mein sulag uththi hai agan

Tujhe dekh ke kehta hai mera mann

Kahin aaj kisise mohabbat na ho jaaye...

What a beautiful turn life has taken

That my fantasy may become real

While this cool breeze sighs,

A fire smoulders beneath my chest.

Seeing you, my heart announces,

"Perhaps today is the day I will fall in love."


Kya ajeeb rang mein saj rahi hai khudaayi

Ke har cheez maalik ne sundar banaayi

Nadiya ka chamakta hai darpan

Mukhda dekhe sapnon ki dulhan

Tujhe dekh ke kehta hai mera mann

Kahin aaj kisise mohabbat na ho jaaye...

The world is decorated in such unique colors

That everything God has made becomes beautiful

The river glitters like a mirror

The bride of my dreams sees her face in that mirror.

Seeing you, my heart announces,

"Perhaps today is the day I will fall in love."


Main tumhi se yun aakhen milata chala hoon

Ke tumhi ko main tumse churaata chala hoon

Mat poochho mera diwaanapan

Aakash se oonchi dil ki udan

Tujhe dekh ke kehta hai mera mann

Kahin aaj kisise mohabbat na ho jaaye...

I have been trying to meet your eyes

I have been trying to steal you from yourself

Don't question my crazy love

My heart is soaring higher than the sky

Seeing you, my heart announces,

"Perhaps today is the day I will fall in love."


Aye gulbadan, Aye gulbadan,

Phoolon ki mehak, Kaanton ki chubhan

Tujhe dekh ke kehta hai mera mann

Kahin aaj kisise mohabbat na ho jaaye...

Oh beautiful, oh beautiful,

Oh aroma of flowers, pricking of thorns,

Seeing you, my heart announces,

"It seems today I will fall in love with someone."

http://indiansongtranslations.blogspot.com/2010/04/english-translation-of-aye-gulbadan.html

For Indian songs translations, the website above is a great place.

if you like to know some interesting facts about Hindi songs, visit Mr. & Mrs. 55 – Classic Bollywood Revisited! Unfortunately it is not updating but it has great stuff.

Mr. & Mrs. 55 – Classic Bollywood Revisited!


https://mrandmrs55.com/


Two Harvard students relive the magic and music of old Bollywood cinema!

Mr. and Mrs. 55 are two twenty-something Harvard students who are clearly stuck in the wrong century. When they first met at Harvard, they instantly bonded over a common love and appreciation for all things related to classic Bollywood movies. Many long nights were spent discussing the origins of Urdu vocabulary from obscure film dialogues, the never-ending Lata vs. Asha debate, and the awesomeness of Rajesh Khanna’s hairstyle. Mr. 55 is a classical Western and Indian pianist, a dedicated Hindi-Urdu student, and perhaps most importantly, an ardent fan of Lata Mangeshkar. Mrs. 55 is a Hindustani classical singer and Kuchipudi dancer, a film production major, and above all, a die-hard Mohammed Rafi groupie. Here, Mr. and Mrs. 55 have joined forces to share their Hindi lyric translations of classic Bollywood songs and their musings on the movies, music, and poetry from the Golden Age of Hindi cinema. Enjoy!


Thursday, August 11, 2022

නෙත්මිගෙ වැඳුම, බුකී ඔස්තාර්ලගේ මිශ්‍ර අදහස් සහ මගේ සත දෙක

Your children are not your children. They are the sons and daughters of Life’s longing for itself. They come through you but not from you, And though they are with you yet they belong not to you. You may give them your love but not your thoughts, For they have their own thoughts. You may house their bodies but not their souls, For their souls dwell in the house of tomorrow, which you cannot visit, not even in your dreams. ~Khalil Gibran 


ජිබ්‍රාන් සියවසකට පමණ පෙර අරහෙම කියද්දී ලෝක පූජිත නෙත්මි ලවා ව2ල් බ8$ල්ලෙකුට වැන්දවීමේ (හොඳට මතක තියා ගන්න නෙත්මි වැන්දා නොවේ නෙත්මි ලවා වැන්දෙව්ව බව ) ඡායාරෑපය දුටු මට එකවරම මතකයට නැගුනේ මීට අවුරැදු දහය දොළහකට කළින් ව2ල් බ8$ල්ලාගේ තාත්තාට හය හතර නොතේරෙන කුඩා දරැවෙක් ලවා "මහින්ද රාජපක්‍ෂ අපේ රජතුමා" නම් ඉතාම  අසි/ක්කිත ප්‍රශස්තියක් කොළු පැටියාගේ හුරැබුහුටි අඟර දඟර සමඟ ගායනා කරවීමයි.  (https://www.youtube.com/watch?v=vgIgTWqXtms) අද එම කොළු පැටියා ගැටවරයෙකු ලෙස, රජතුමා පුoචි  අපට හදල දීපු අම්මටසිරි රටේ තෙල් හෝ වෙනත් පෝළිමක ඉඳිද්දී, ඒ ගායනා කරවීම ගැන කල්පනා කරනු ඇත්තේ කෙසේද? නෙත්මිට මොන තරම් ආත්මානුකම්පාවක් ඇති වන්නට ඇත්ද?

මීට සම්පූර්ණයෙන්ම වග කිවයුතු වන්නේ ඒ දරැවන් එම නින්දා සහගත තත්වයට පත් කල, අමු අමුවේ ඒ දරැවන් අපයෝජනය කල,  අප - එසේ නොමැති නම් සමාජයයි. අප අපගේ දරැවන්ට මොන තරම් කුජීත ලෙස සළකන්නේද යන්නට මේ තවත් උදාහරණයකි. මීට පෙර පෝස්ටු ගණනාවක මම ලන්කාවේ දෙමව්පියන් (සහ සමාජය) ළමයින් හැදීම මොන තරම් අජූව ලෙස කරනවාද යන්න සාකච්චා කර ඇත. මතුපිටින් පෙනෙන අධික ආදරය කට්ට කඩා බැලූ විට ඇත්තේ මළපෙරේත ආත්මාර්ථකාමී දුෂ්ථකමකි. නැතිනම් තමන්ගේ ළමයින්ව මෙසේ සුළු වාසියකට, පටු අරමුණකට අපයෝජනය කර විනාශ කර දමන්නේ නැත.


ළමයින්ව කිසිම වෙලාවක පටු දේශපාලනයේ ඉත්තන් ලෙස යොදා නොගත යුතුය. 


නෙත්මිගේ වැඳිල්ල විවිධ මිනිසුන් විවිධ කෝණ වලින් දැක තිබුණි.  මම ඉන් කීපයක් සහ ඒවායේ මට හැඟෙන අඩුපාඩු කතා කරන්නට කල්පනා කලෙමි. මට හිතෙන හැටියට අමු ගොබ්බම අදහසෙන් පටන් අරන්  හොඳම අදහසෙන් අවසන් කරමි. 


1. අජානා රණගල ගේ අදහස මම හිතන හැටියට එක්කෝ තක්කඩිම නැත්නම් ගොබ්බම අදහසයි. සේ කියන්නේ, ඇය ආමන්ත්‍රණය කරන්නේ ලoකාවේ මිනිසුන්ගේ ආවේණික පසුගාමී ලක්‍ෂණයක් වන මෝඩ හැඟීම්බර වීමටයි. අනී එයාට බණින්න එපා, එයා තාම සූටි ළමේක්, මගේ කළිසමේ චූ කර ගන්න සූටි පුතාගෙ වයසෙ තාම, වගේ ගොන් කතා කියන්නේ ඇත්තටම ගොන් නිසාද නැත්නම් මෝඩ හැඟීම්බර බව ඇවිස්සීමේ තක්කඩි අවශ්‍යතාවය නිසාද යැයි මම නොදනිමි.

මෙන්න මේක අගටම කියවන්න. මේ මගේ දියණිය නොවේද ? මේ අපගේ දියණිය නොවේද ? මේ ලදල්ල කඩා නොදමන්න -
මගේ ලොකු පුතාගෙ වයසේ මේ දුව.
අවුරුදු අහ අටක් තිස්සෙ ඈ උන්නු වගක් දැනන් උන්නෙ කීයෙන් කී දෙනාද? මේ දුව එක රැයින් තරුවක් උනේ ඇය අහම්බකාරක ක්‍රීඩා ජයග්‍රහණයක් අත්පත් කර ගත් නිසයි. ක්‍රීඩාවෙන් ලංකාව ඉහලට ඔසවා තැබූ නිසයි. ඈ ගැන වීර කතා, දුක හිතෙන කතා කොච්චර ලියවුනාද මේ බිත්ති උඩ. අනේ! ඈට මොනතරම් සතුටු හිතෙන්න ඇද්ද. මේ අවුරුදු දහ අටේ පුංචි කෙල්ලෙක්. මගේ ලොකු පුතාගෙ වයසෙ.  
මට ඇය වටින්නෙ ඈ දිනූ නිසාම නෙවෙයි, දිනුම් කණුව කරා ඈ ආ ගමන නිසයි. "බලන්න ඈ දිහා. ඈ දිරිය දියණියක්" මම මගේ දරුවන්ට කිව්ව.  එතැනින් එහාට ඈ වඳින්නේ කාටද අතට අත දෙන්නෙ කාටද සිඹින්නෙ  කාවද යන්න මට අදාල නැති ඇගේ පෞද්ගලික කැමැත්තයි. 
වැඳීම ලාංකික අපට සමාචාර විධියක් මිස දණින් වැටීමක් නොවෙයි. දහ අට හැවිරිදි ගම් පලාතක පාසැල් දියණියක හැටියට ඇය කොච්චරවත් ගුරුන් දෙගුරුන් නෑසියන් ඉදිරියේ වැඳ වැටී ඇති. ඇයට එය අරුමයක් නොවෙයි. අප එය අරුමයක් කරගත යුත්තේ ඇයි?
ඊයේ ඇයට ආවැඩූ මිනිසුන්ම අද ඇයට ගල් ගසනු දැකීම ඛේදයක්. මෙහෙව් රටකට පදක්කම් අරන් ආවාට වඩා කුඩු ගොඩේම පෙරලෙමින් ගංගොඩේම උන්නා නම් මැනවැයි ඇයට සිතෙනවා ඇති.
අප විශ්වාස කරන දේශපාලනය හෝ අප අදහන ආගම හෝ අප ගරු කරන සම්ප්‍රදායන් හෝ අපි ගෙවන දිවි පැවතුම් වලට පරිබාහිර ඉන් වෙනස් එහෙත් සමාජ විරෝධී හෝ අගතිගාමී නොවන ජීවිතයක්, ඇවැත්මක්, පැවැත්මක් තෝරා ගැනීම සමාජ විරෝධී ක්‍රියාවක්ද? ගර්හාවට ලක් කිරීමට තරම් පාපයක්ද?
නාමල් රාජපක්ෂ කිඹුල් සමක් ඇති දේශපාලනඥයෙක්. මේ අවලාද වලින් ඔහුට නොරිදෙයි. නමුත් ඇයට? ඇයට මෙය හෘදය වස්තුව පාරන කාරනාවක්. මෙතරම් බැනුම් අහන්න තමා කල වරද කුමක්දැයි ඇයට නිනව්වක් නැතුවා ඇති. අප ඇය, ඇයගේ වැඳීම හාස්‍යටත් අවඥාවටත් පරිභවයටත් ලක් කරන්නේ කාට රිදවන්නද?
ඇඟේ හයිය ඇතුවාට ඇයට ඇත්තේ මොලොක් හදවතක් බව නිසැකයි. ඒ හදවත බරවී ඇතුවා නිසැකයි. ඒ ඈ තවම පුංචි දියණියක් නිසයි, මගෙ ලොකු පුතාගෙ වයසේ.
ඈ උපන්නේ සතුට මිටින් ගෙන නොවෙයි. ඈ අත ඇත්තේ ඈ වෙහෙස වී උපයා ගත් සතුටයි. ඇගේ දාදිය වේලෙන්නටත් කලියෙන් ඒ සතුට ඇගෙන් උදුරා නොගන්න.
මේ ලදල්ල කඩා නොදමන්න.
අනේ! ඈ අතහරින්න.



අනිශා ජයකොඩි  ගේ අදහස මම හිතන හැටියට  මිනිස් අයිතිවාසිකම් හරියට තේරැම් ගන්න බැරි කෙනෙක්.  //කවුරු හරි කෙනෙක් ,කාගෙවත් බලකිරීමකින් තොරව ,ගහකට වැලකට හරි දේශපාලකයෙකුට හරි , සතෙක් සර්පයෙකුට හෝ , හොරෙ/ ක් මංකොල්ලකාරයෙක් ට වේවා තමන්ගෙ කැමැත්තෙන් තමන්ට ඕන නිසා කාට හරි දණ ගහල වඳිනවා නම් ආ ඒක එයාගෙ කැමැත්ත කියල , ඒ පුද්ගලික අයිතියට ගරු කරලා ,තමන්ගෙ වැඩක් බලාගන්න එකත් හැමෝටම කරන්න බෑ ,ඒක කරන්න පුළුවන් ,තමන් එකඟ වුනා හෝ නොවුනා මිනිස් අයිතිවාසිකම් වලට ගරු කරන්න දන්න අයට විතරයි//    හැට නම ලස්සෙත්   කාගෙවත් බලකිරීමකින් තොරව ,ගහකට වැලකට හරි දේශපාලකයෙකුට හරි , සතෙක් සර්පයෙකුට හෝ , හොරෙ/ ක් මංකොල්ලකාරයෙක් ට වේවා තමන්ගෙ කැමැත්තෙන් තමන්ට ඕන නිසා කාට හරි  ඡන්දෙ දීපු නිසානෙ අද කැඳත් නැත්තෙ.

🫴🏻වෙලාවකට කියනවා වැඩිහිටියන්ට ගරු කරන්නලු ,වැඳුම් පිදුම් කරන්නලු .
🫴🏻තව වෙලාවකට කියනවා මිනිස්සුන්ට නැතත් තනතුරු වලට ගරු කරන්නලු
දැන් කියනවා ,
වැඩිමල් උනත් ,තනතුර නිසාවත් නාමල්ට වැන්ද එක වැරදිලු .😔
අන්තිමට කියනවා තරඟේ දිනුවට වැඩක් නෑලු නාමල්ට වැන්ද හින්දා නෙත්මි පරාදයිලු ..😔
මොන බහුබූත ද අයිසෙ මේ ..කන්ෆියුස් වෙනව නෙ ....🤔
🫵සරළවම කිව්වොත් දේශපාලකයින්ට විතරක් නෙමෙයි ,තමන් අකමැති නම් අම්මා තාත්තට උනත් නොවැඳ ඉන්න එක තමන්ගෙ කැමැත්ත .
( හරියට ලෝකෙ තේරුම් අරන් මනසින් නිදහස් වෙච්ච කෙනෙකුට මිසක් හැමෝටම ඒක කරන්න බෑ )
🫵කව්රු හරි කෙනෙක් මොනම හේතුව නිසා හරි තමන් ඉස්සරහ දණ ගහලා වඳින්න හදනකොට , නෑ අවශ්ය නැහැ කියල ආදරෙන් ප්රතික්ෂේප කරන එකත් තමන්ගෙ කැමැත්ත ( අපි කොච්චර කිව්වත් හීනමානය හීන කරපු කෙනෙක්ට මිසක් හැමෝටම ඒක කරන්න බෑ ,නාමල් ට කොහොමත් බෑ )
🫵කවුරු හරි කෙනෙක් ,කාගෙවත් බලකිරීමකින් තොරව ,ගහකට වැලකට හරි දේශපාලකයෙකුට හරි , සතෙක් සර්පයෙකුට හෝ , හොරෙ/ ක් මංකොල්ලකාරයෙක් ට වේවා තමන්ගෙ කැමැත්තෙන් තමන්ට ඕන නිසා කාට හරි දණ ගහල වඳිනවා නම් ආ ඒක එයාගෙ කැමැත්ත කියල , ඒ පුද්ගලික අයිතියට ගරු කරලා ,තමන්ගෙ වැඩක් බලාගන්න එකත් හැමෝටම කරන්න බෑ ,ඒක කරන්න පුළුවන් ,තමන් එකඟ වුනා හෝ නොවුනා මිනිස් අයිතිවාසිකම් වලට ගරු කරන්න දන්න අයට විතරයි .🙏🏻
මේ ලෝකෙ කවුරුවත්ම කාටවත් වඳින්න ඕනෙ නැහැ , හැබැයි කෙනෙක්ට කාටහරි වඳින්න ඕනෙ නම් ඒක කවුරුවත් එපා කියන නිසා නවත්තන්න ඕනෙත් නැහැ .
ඒ කෙනා නාමල් ද ,සිරිමල් ද කියන එක අනිත් අයට අදාළ වෙන්නෙත් නැහැ .🤞🏽🤞🏽
මිනිස්සු මනසින් දියුණු වෙනවා කියන්නෙ ,රැඩිකල් වෙනවා කියන්නෙ, ඕනෙනම් වැඳලා ඕනෙ නැත්තම් නොවැඳ ඉන්න එක තම තමන්ගෙ අයිතිය කියල හිතලා ඒ අයිතියට ගරු කරන්න පුරුදු වෙන එක මිසක් හරි හෝ වැරදි අනුන්ගේ හොදි වලට තමන්ගේ ලුණු ගොරකා දාලා තමන්ට ඕන රහ හොයන ලෝකෙන් හොයන එක නෙමෙයි .
පුරවැසියෙක් විදිහට මට අදාළ වෙන්නෙ , නෙත්මි අපිට ගෙනත් දීපු කප් එක විතරයි .❤️❤️❤️අනිත් දේවල් එයාගෙ කැමැත්ත සහ අයිතිය එච්චරයි ..
අනික ඉතින් ,කෙහෙල් මල් ඇරෙන්න රෝසමල් ,ඉද්ද මල් ,පිච්ච මල් ,ඔය හැම මලකටම වඳින එකේ නාමල් ට වැන්දම මොකෝ ..🫣🫣😂
සැ යු - මේ දන නමා වැඳීමට පුද්ගලිකව මං එකඟ නැහැ ,හැබැයි මගෙ එකඟ වීම හෝ නොවීම ඒ දරුවට අදාළ නැහැ.🙏🏻
අනිශා ජයකොඩි ✍🏻



මාලන් රොෂාන්  ගේ අදහස අනුව ඊගෝ එක අඩු වෙනවලු වැන්දම. යකෝ එහෙනම් මේක නිහතමානීම මිනිස්සු ඉන්න රට වෙන්න ඕන, ලන්කාවෙ තරම් උද්දච්ච මිනිස්සු මම වෙන කිසිම රටක දැකල නෑ. 

කෙලින්ම කතාවට ගියොත්,

අසත්පුරුෂයන්ට, දාමරිකයන්ට, තක්කඩින්ට වැදීම නිසා, වැඳීම පිළිබඳ පෞරාණික ශ්‍රී ලාංකීය සංස්කෘතික අංගය කිළුටු වී යනව.

මමත් කාටවත් වඳින්න පුද්ගලිකව උනන්දු නෑ, මට කවුරුහරි වඳිනවාට කැමතිත් නෑ.

සමාජ ජාලාවල එක් ලිබරල් දේශනාවකට අනුව, මෙම වැඳීම පිළිබඳ චාරිත්‍රය සම්පූර්ණයෙන්ම අහෝසි කර දැමිය යුතුයි. එක අතකට මේක පිළිගන්නට පුළුවන්. කිසිම පුද්ගලයෙක් කිසිම පුද්ගලයෙක් මත යැපෙන්න හෝ යටත් වීම සිදු විය නොයුතුයි කියන පදනම මත.

නමුත්, ඔය බාග ලිබරල් දේශනාවට එහා පොඩ්ඩක් ඇතුලට ගියොත්, ඒ චාරිත්‍රය තුළ ගන්ඩ දෙයක් නැද්ද?

ලාංකික චාරිත්‍රය තුළ මෙහෙම දෙයක් හොයාගන්න පුළුවන්.

වැඩිහිටියකුට හරි, කාට හරි, වඳින පුද්ගලයා වඳින විට, තමන්ගේ Ego එක මොහොතකට අඩු කර ගන්නවා. මතක් කරල බලන්න, බලපෑමකින් තොරව තමන්ම හිතලා වැඳපු මොහොතක්.

මේ මොහොත, තමන්ට මෙනෙහි කරන්න පුළුවන් නම්, තමන්ට තේරෙයි, තමන්ගේ උඩගු කම්, ලොකුකම්, බලපුළුවන්කාරකම් ඔක්කොම වඳින මොහොත තුල පල්ලෙහාට වැටුණු විදිහ. 

ඒ වගේම ආශිර්වාද කරන වැඩිහිටියා හෝ කවුරු හරි කෙනා, වඳින පුද්ගලයාට අනුකම්පාව කරුණාව දක්වන විදිහ. අපේ ආච්චි නම් ඉස්සර තෙරුවන් සරණයි පුතේ කියනවා.

මේ මොහොත, වඳින පුද්ගලයා හා වැඳුම් ලබන පුද්ගලයා දෙදෙනාම, කරුණාව ආදරය ඇති මානව හැඟීමකින් සන්තෝස වෙන මොහොතක්. මෙම හේතුව විය හැකියි වැඳීමේ සංස්කෘතික අංගය සියවස් ගණනාවක් පැවතගෙන එන්නෙ.

ඒ නිසා මගේ නම් අදහස, වඳින අයට වඳින්ඩ දීල පැත්තකට වී සිටීම.

හැබැයි ආපහු කියනවා, අසත්පුරුෂයන්ට, දාමරිකයන්ට, තක්කඩින්ට වැදීම නිසා, හා බලෙන් වැන්ද වීමට යාමෙන් ඒ චාරිත්‍රය කිලුටු වී යන බව.


රසික ජයකොඩි සහ ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරැවන් ඉතාම හොඳ විග්‍රහයන් දෙකක් ඉදිරිපත් කරල තියෙනවා.


රසික ජයකොඩි

පසුගිය අවුරුදු 30ක විතර කාලය ඇතුළත ලංකාවේ සමාජයට 'වැඳීම' පිළිබඳ ලොකු ආශක්ත බවක් හෙවත් obsession එකක් ඇතිවෙලා තියෙනවා. 

උදාහරණයක් විදියට මීට අවුරුදු 30කට විතර කලින් තිබුණාට වඩා මේ වෙනකොට "වැඳීම" සමාජයේ ඉතා සුලභ දෙයක් වෙලා තියෙනවා. 

මෙයට අවුරුදු 30කට කලින් බොහෝ වෙලාවට සිදුවුණේ සිංහල අවුරුද්දට දෙමව්පියන්ට වැඳීම, ගුරු දිනයට ගුරුවරුන්ට වැඳීම, පන්සලේ හාමුදුරුවන්ට වැඳීම වැනි සරල දේවල් ටිකක් පමණයි. එයට අමතරව ජීවිතයේ විශේෂ අවස්ථාවල දෙමව්පියන්ට හෝ වැඩිහිටියන්ට වැඳ ආශිර්වාද ලබා ගත්තා. 

ඒ ඇරෙන්නට ත්‍යාග ප්‍රදානෝත්සවවල ත්‍යාග ලබාගන්න විට වේදිකාව උඩ දණ ගසා වැඳීම, දේශපාලනඥයන්ට දණ ගසා වැඳීම, ගුරුවරුන්ට දකින දකින තැන වැඳ වැටීම වැනි අද සුලබව දකින බොහෝ වැඳීම් ඒ කාලයේ තිබුණේ නැහැ. 

එදාට වඩා අද ඉතා ම අහුලව අහන්න ලැබෙන කතාවක් වන්නේ "චීවරයට වැඳීමයි". ඒ කියන්නේ සිවුර දරන්නා කවුරුන් වුවත් මිනිසුන් සිවුර කියන වස්තුවට වග විභාගයකින් තොරව වඳින්න පුරුදු වෙලා තියෙනවා. මේ ක්‍රමය ම තවත් ඉස්සරහට ගිහින් තවත් අවුරුදු කිහිපයකින් මිනිසුන් අටපිරිකර කඩවලටත් වඳින යුගයක් බිහිවෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. 

මේ විපර්යාසයට හේතු කාරණා රැසක් බලපෑවා වෙන්න පුළුවන්. මම එහි මූලික හේතුව විදියට දකින්නේ ලංකාවේ මාධ්‍ය විසින් පහුගිය අවුරුදු 30 ඇතුළත ඇති කරන්න හදපු "යහපත් සිංහල බෞද්ධ සමාජය" කියන විකෘතියයි. නගරයේ ජීවත් වන ඒත් ඇතුළතින් ගැමියන් වන පිරිසක් ඔවුන් ගේ ගැමි ෆැන්ටසිය නාගරික ජීවිතයේ පැළ කරන්න ගිහින් අවසානයේ විශාල විකෘතියක් නිර්මාණය වෙලා තියෙනවා. 

මේ විකෘතිය ඔවුන් ගේ දේශපාලන තෝරාගැනීම් තුළ තියෙනවා. ආගම අදහන විදිය තුළ තියෙනවා. එදිනෙදා ජීවන පැවැත්ම තුළ තියෙනවා. සමාජ-සංස්කෘතික ජීවිතය තුළ තියෙනවා. මේ නිසා අද ගමටත් නැති, නගරයටත් නැති, දෙලොවට ම නැති විකෘති සත්ත්වයන් සමාජයේ බහුල වෙලා තියෙනවා. 

වැඳ වැටීම කියලා කියන්නේ ආශිර්වාද ලබාගැනීමේ සහ ගෞරවය දැක්වීමේ අභිචාර විදියක්. ඒ තුළ තියෙන්නේ විචාරයකින් හෝ විමසීමකින් තොරව, විශ්ලේෂණයකින් තොරව අනෙකා ඉදිරියේ ගෞරවය දක්වා ආශිර්වාද ලබාගැනීමයි. 

නිදසුනක් විදියට කෙනෙකු දෙමව්පියන්ට වඳින විට ඔවුන් ගේ ගුණ අගුණ පිළිබඳ විචාරයකින් තොරව, ඔවුන් කළ නොකළ දේ ගැන විමසීමකින් තොරව, ඔවුන් ගේ හොඳ නරක ගැන විශ්ලේෂණයකින් තොරව හුදෙක් ඔවුන් දෙමව්පියන් වීම නිසා ම ගෞරවය දක්වා ආශිර්වාද ලබාගන්නවා.

කෙනෙකුට මෙය හොඳ දෙයක් ලෙසත්, තවත් කෙනෙකුට මෙය නරක දෙයක් ලෙසත් දකින්න පුළුවන්. ඒ දෙක ම මේ දෙස බලන දෘෂ්ටි කෝණ දෙකක් පමණයි.

කෙනෙකු පූජ්‍ය පක්ෂයට වඳින්නේත්, ගුරුවරුන්ට වඳින්නේත්, දේශපාලනඥයන්ට වඳින්නේත්, ප්‍රභූන්ට වඳින්නේත් මේ පදනමින්මයි. 

ඒ වගේ ම අවශ්‍ය නම් මෙය රෙදි වැලක වනා ඇති සිවුරකට වැඳීම දක්වාත්, ගෝත්‍රික යුගයේ මෙන් ගස් ගල්වලට, ගින්දරට වැඳීම දක්වාත් ව්‍යාප්ත කර ගත හැකියි.

ඒ කියන්නේ, තමන්ගෙන් වැඳුම් ලබන කුලකය කුඩා වෙන තරමට තමන් ගේ විචාර බුද්ධියට සහ විශ්ලේෂණයට ඉඩ දී ජීවත් වෙන්න අවකාශයක් හැදෙනවා. 

වැඳුම් ලබන කුලකය විශාල වෙන තරමට විචාර බුද්ධියට, විමසීමට සහ විශ්ලේෂණයට ඇති ඉඩකඩ ඇහිරී යනවා. 

මිනිසෙකු කිසිදු පැකිළීමකින් තොරව තවත් මිනිසුන් ඉදිරියේ වැඳ වැටෙන සමාජයක් කියලා කියන්නේ බෙහෙවින් අවිචාරවත්, විමර්ශනයෙන් සහ විශ්ලේෂණයෙන් තොර සමාජයක්. 

සමාජයක් විචාරාත්මක වෙන තරමට, මිනිසුන් වැඳ වැටීමෙන් ඈත් වී විචාරය කරන්නට, විමසා බලන්නට, විභාග කරන්නට පෙළඹෙනවා. 

එවැනි මිනිසුන් ආගමිකව දුප්පත්, එමෙන් ම ආධ්‍යාත්මිකව පොහොසත් ජීවිත ගත කරන්නට පටන් ගන්නවා. 



ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරැවන්

මේ මගේ අත්දැකීම. මම ඉස්කෝලෙ යනකොට දෙමාපියන්ට වැඳලා ගියේ නෑ. "අපි යනවා..!" කිව්වා. ගියා. එච්චරයි. 

අම්මටයි තාත්තටයි වැන්දෙ අවුරුද්ද දවසෙ දි විතරයි. ඒ අවුරුදු චාරිත්‍ර කරන වෙලාවෙ දී. 

ඒ හැර  නෑදෑයො ආවා කියල ඒ අයටවත් අපි ලවා වැන්දෙව්වේ නෑ.

1980 විතර දවසක් ටීචර් කලු ලෑල්ලෙ ගාථා දෙකක් ලියල අපි ලවා හඬ නගා ඒවා කියෙව්වා. 

"දසමාසේ උරේ කත්වා..." ගාථා පටන් ගත්තේ එහෙමයි. 

"මේ ගාථා සඳුදා එනකොට කටපාඩම් කරගෙන එන්න" ටීචර් කිව්වා. 

සඳුදා උදේ ‍රැස්වීමේ දී විදුහල්පති තුමා හැමෝම අමතලා කිව්වා "හෙට ඉඳලා ඉස්කෝලේ එනකොට අනිවාර්යයෙන්ම හැමෝම  අම්මටයි තාත්තටයි වැඳලා එන්න ඕන. අමතක කරන්න එපා, ගාථා කියලයි වඳින්න ඕන... වැඳලා නො එන ළමයින් ගැන මම බලා ගන්නම්".

පහුවදා ඉස්කෝලෙ යන්න කලින් මම අම්මටයි තාත්තටයි වඳින්න ගියා. 

"මේ මොකද?"

"විදුහල්පති තුමා කිව්වේ.. වැඳලා එන්න කියලා.."

"හම්ම්!"

අපේ අම්මයි තාත්තයි උදේට  වඳින වැඩේ ගැන ඒ තරම් උනන්දුවක් දැක්කුවේ නෑ. අපිත් උදේට වඳින වැඩේ අත්හැරලා දැම්මා. 

දවසක් විදුහල්පති තුමා පංතියට ආවා. 

"හා.. දෙමාපියන්ට  වැඳලා ආ ළමයි අත උස්සන්න.."

සමහරෙක් එකපාරටම අත ඉස්සුවා. තව සමහරෙක් වටපිට බලලා හෙමිහෙමින් අත ඉස්සුවා. හැමෝම අත උස්සපු නිසා මමත් අත ඉස්සුවා.

********************

2017 අවුරුද්දෙ අපි යුද්ධයෙන් දුක් වින්ඳ ඉස්කෝල දෙකක් අතර සම්බන්ධය හැදුවා. එකක් තුනුක්කයි වල තියෙන දෙමළ මාධ්‍ය ඉස්කෝලයක්. අනෙක කැබිතිගොල්ලෑවේ තියෙන සිංහල මාධ්‍ය ඉස්කෝලයක්. අපි මාස 6ක් විතර මේ ඉස්කෝල දෙක එක්ක වෙන වෙනම වැඩ කරල ඉන් පස්සේ මේ දෙකේ ළමයින් මුණගැස්සුවා. 

මේ ඉස්කෝල දෙකේම ගුරුවරු හා ළමයින් හරිම හොඳයි. ඒත් ඉස්කෝලවල සංස්කෘතියේ ලොකු වෙනසක් පෙනුණා. 

දෙමළ මාධ්‍ය ඉස්කෝලෙට ගියාම හැමෝම හරිම ලෙන්ගතුයි. ළමයි අපේ අත් අල්ලගෙන අපව ඒ ඒ තැනට එක්ක යනවා. අපි වෙන් වෙලා එනකොට ගේට්‍ටුව පහුවෙනකම් අපේ අත් අල්ලගෙන ඒ අය අපේ වාහනේ එක්ක දුවගෙන එනවා. දවසක් විදුහල්පති කේතීෂ්වරන් මහත්තයාගේ අසූ වියේ හිටි පියා මාව තදින් වැළැඳ ගත්තා, එයාලගෙ ගෙදර දවල් කෑමට ගිය වෙලාවේ.

කවුරුවත් බය පක්සපාතව හැසිරුණේ නෑ. හරිම නිදහස්..!

සිංහල මාධ්‍ය ඉස්කෝලෙට එතැන ඉඳලා දුර කි,මී. 90 යි. අපි එහෙ යන හැම දාකම ඒ අය අපට සංග්‍රහ කරන්න ලොකු වෙහෙසක් ගත්තා, අපි එපා කියද්දිත්. 

දෙමළ මාධ්‍ය විද්‍යාලේ ඉඳලා යන අපිට ලොකු වෙනසක් දැනුණා..  එහෙ හැමෝම ටිකක්  බය පක්සපාතයි. ඒ නිසාම දුරස්තයි. ළමයි අනිවාර්යෙන්ම මට වඳිනවා. ඉන්පස්සේ මාත් එක්ක ආ හැමෝටම වඳිනවා. මාත් එක්ක ගිය අවුරුදු 18 විතර අයටත් වඳිනවා. එපා කිව්වත් වඳිනවා.. ආපහු වෙන්වෙලා එනකොටත් එහෙමයි. හැමෝටම වඳිනවා.

2017 දෙසැම්බරේ අපි පළමු වතාවට මේ ඉස්කෝල දෙකේ ළමයි මුණගැස්සුවා. අපි දවස් පහක් මේ අය එකට තිව්වා.. වැඩමුළුව පැවැත්වුණේ හොරණ වාසනා උත්සව ශාලාවේ. ළමයි දෙගොල්ලොම නතර කළේ බණ්ඩාරගම සර්වෝදය මධ්‍යස්ථානයේ. උදෙන්ම බස් දෙකකින් මේ අය බණ්ඩාරගම ඉඳල හොරණට එනවා, සිංදු කියමින්.. නටමින්. 

පළමු වැනි දවසේ උදේ කැබිතිගොල්ලෑවේ ළමයි මාව දැක්ක ගමන් දුවල ඇවිත් මට වඳින්න පටන් ගත්තා.  ඔක්කෝම කට්ටිය වෙන වෙනම වඳින්න පටන් ගත්තා. මේක පළමු වතාවට දැක්ක තුනුක්කායි ඉස්කෝලෙ  ළමයි පුදුමයෙන් වගේ බලාගෙන හිටියා. මෙතෙක් කල් මගේ අත්වලින් අල්ලගෙන එහෙ මෙහෙ එක්ක ගියපු එක, මගේ ඇඟේ එල්ලුණු එක වැ‍රැද්දක් කියල ඒ අය හිතන්න ඇති.

වැඩමුළුවේ දෙවෙනි දවසෙ උදේ ඒ ළමයිනුත් ඇවිදින් මට වඳින්න පටන් ගත්තා. මම දන්න හැම විදියකින්ම කිව්වා මට වඳින්න එපා කියලා. මට ඕන ඔයාලා මම ඉස්සරහ ඉස්සෙල්ල වගේම මනුස්සයෝ වෙනව දකින්න කියලා. ඒ විතරක් නෙවෙයි, සිංහල ළමයිනුත් ඔයාල වගේම මම ඉස්සරහ නිදහස්ව ඉන්නවා දකින්න කියලා. ඒත් වැඩක් වුණේ නෑ. 

ඉතිරි දවස් ටිකේ උදේ ළමයි එනකොටත් හවස ඒ අය වෙන්වෙලා යනකොටත් මම ඒ අයව මග ඇරලා හිටියා.


Wednesday, August 10, 2022

System Change "Be the change that you want to see" - Rasika Jayakody

 “සිස්ටම් චේන්ජ්" ගැන කතා කරන හැමෝටම තමන් අලුතින් ගේන්න බලාපොරොත්තු වෙන සිස්ටම් එක මොකක්ද කියලා අවබෝධයක් තියෙන්න ඕනෙ..

අලුත් සිස්ටම් එකක් අතේ නැතුව පරණ සිස්ටම් එක වෙනස් කරන්න ගියාම හැම දෙයක් ම විශාල අවුල් ජාලයකින් කෙළවර වෙන්න පුළුවන්.

සිස්ටම් චේන්‍ජ් එකක දී මුලින් ම වෙනස් වෙන්න ඕනෙ තමන්.. මහත්මා ගාන්ධි කිව්වා වගේ තමන් බලාපොරොත්තු 'චේන්ජ්' එක තමන් වෙන්න ඕනෙ. 

ඒ කියන්නේ මොකක්ද?

තමන්ට පුළුවන්ද තමන්ට ලැබෙන පොඩි පොඩි පුද්ගලික වාසි අත ඇරලා පොදු අරමුණු වෙනුවෙන් පෙනී සිටින්න? පුද්ගලික බැඳියාවන් අමතක කරලා පොදු දෙයක් වෙනුවෙන් කෙළින් හිටගන්න? 

තමන්ට පුළුවන්ද ප්‍රතිලාභවලට, ආණ්ඩුවේ රස්සාවලට, හිතවත්කම්වලට, කුල සම්බන්ධකම්වලට, උඩු රැවුලට, ළමයි ඉන්නවට, බඩට තට්ටු කරන එකට, මූණ ඉඹින එකට වහල් වෙලා ඡන්දය නොදී ප්‍රතිපත්තියක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්න? 

තමන්ට පුළුවන්ද දැන හැඳුනුම්කම් පාවිච්චි කරන්නේ නැතුව, පගා දෙන්නේ නැතුව, පෝලිම් පනින්නේ නැතුව ආණ්ඩුවේ කාර්‍යාලයකින් විධිමත් ක්‍රමයට වැඩක් කරගන්න? 

තමන්ට පුළුවන්ද බොරු කරන්නේ නැතුව, වංචා කරන්නේ නැතුව, කට්ටි පනින්නේ නැතිව තමන් ගේ රාජකාරිය අකුරට ම ඉටු කරන්න? 

ලංකාවේ එහෙම මිනිස්සු බිහිවුණු දවසට කොහොමටත් ඔය කියන 'සිස්ටම් චේන්ජ්' එක වෙනවා. එතකල් මොන චේන්ජ් එක කරන්න ගියත් අවසානයේ කැරකෙන්නේ එක ම තැනකමයි..

https://www.facebook.com/747400419/videos/606850691072073

#lka #SriLanka #life

Rasika Jayakody

Friday, August 5, 2022

අරගලය - by සාජානි අමරතුංග

 ලංකාව වගේ දුප්පත් රටක මානව ප්‍රේමයකින් අරගලයක් කරන පුද්ගලයාට පැහැදිලිවම අරගල දෙකකට මුහුණ දෙන්න සිදුවෙනවා. 

පළමු අරගලය නම්, අරගලකරු විසින් ඍජුවම අරමුණු කර ගන්නා සහ ඍජුවම දියත් කෙරෙනා අරගලය යි. මාස තුනකට පෙර සිට ගෝල්ෆේස්හි නවාතැන් ගෙන භෞතිකව දියත් කෙරුණ අරගලය මෙයට උදාහරණ වශයෙන් දැක්විය හැකියි. තමන් විශ්වාස කරන මානව ධර්මයන් නිවැරදිව ක්‍රියාත්මක කරවීම සඳහා එකී ධර්මයන්ට එරෙහිව කටයුතු කරන බලවේගවලට විරුද්ධව මේ පළමු අරගලය දියත් කෙරෙනවා. මේ අරගලයේ දී තමන්ට ඉහළින් පවතින විවිධාකාර බලයන් සමඟ ගැටෙන්නට අරගලකරුවාට සිදු වෙනවා. තමන්ගේ ජීවිතය අහිමි වීම පිළිබඳ බියත් තමාගේ පවුල  සහ තමාගේ සියල්ල අහිමි වීම පිළිබඳ බියත් මේ අරගල තුළ දී අරගලකරුවාට මුහුණ දීමට සිදු වන භීතිකාවන් සහ ඇතැම්විට ප්‍රතිඵලයන් ද වෙනවා.

දෙවන අරගලය නම් තමා ප්‍රේම කරන මානව වර්ගයාගේ නූගත්බව සහ අශිෂ්ටත්වය සමඟ දියත් කරන්නට සිදු වන අරගලය. 

ලංකාවේ මිනිස්සු කොයිතරම් දුප්පත් ද යන්න පිළිබඳ ලාංකික මිනිස්සුන්ටම අවබෝධයක් නැහැ. ලංකාවේ මිනිස්සු මානසිකව දුප්පත්. ආකල්පමය වශයෙන් දුප්පත්.  සතුටින් අධ්‍යාපනය ලබන ක්‍රමවේදයක් ලංකාවේ දරුවන්ට නැහැ. සතුටින් වැඩ කරන ක්‍රමවේදයක් ලංකාවට නැහැ. සතුටින් මානව සම්බන්ධතා පවත්වා ගන්න ලංකාවේ මිනිස්සු දන්නෙ නැහැ. මානව භක්තිය, ගරුත්වය ලංකාවේ මිනිස්සු තවමත් හඳුනන්නෙ නැහැ. කෙටියෙන්ම කියනවා නම් මේ කිසිවක් තමන් දන්න‍ෙ නැති බව ඔවුන් දන්නෙ නැහැ. තමන් මොන තරම් ප්‍රපාතයක ඉන්නවාද කියලා නොදන්නා මිනිසා ප්‍රපාතයේ ගුණ වර්ණනා කරනවා පමණයි. ඉහළ කඳු ගැටය පිළිබඳ ඔවුන්ට කිසිම අවබ‍ෝධයක් නැහැ. 

මේ නිසා තමන්ට ප්‍රපාතයෙන් එපිට ලෝකය පෙන්වන්න උත්සාහ කරන අරගල කරුවාව ප්‍රතිවාදියෙක් විදියට ඔවුන්ට දැනෙනවා. එතැන් පටන් ඔවුන් අරගලකරුට හැකි සෑම ආකාරයකින්ම පහර දෙන්න උත්සාහ කරනවා. අරගලකරුගේ වචන වැරදි විදියට අර්ථ දක්වමින් තමන්ගේ ප්‍රපාතයටම අරගලකරුවාව ඇඳ ගන්නට උත්සාහ කරනවා. පහර දීමට  කිසිවක්ම නැත්නම් අරගලකරුවාගේ ජාතිය කුලය සොයමින් පහර දෙන්නට පටන් ගන්නවා. තමන්ගේ ප්‍රපාතය තුළ පවත්නා "ජාතියේ අභීත බව" සිහිපත් කරමින් "එය විනාස කිරීමට" පැමිණෙන අරගලකරුට එරෙහිව තමන්ගේ අතට හසු වන සියලුම ආයුධවලින් පහර දෙන්නට පටන් ගන්නවා. 

පළමු අරගලයේ දී තමන්ගේ ජීවිත අවධානම සමඟ ගනුදෙනු කිරීමට අරගලකරුට සිදු වුණත් දෙවන අරගලයේදී අරගලකරුට සිදු වෙන්නේ තමන්ගේම අභ්‍යන්තරය සමඟ ගැටුමකට ගමන් කරන්න. මානව වර්ගයා කෙර‍ෙහි ඇති වන දැඩි කලකිරීමත් තමන්ගේ සියලු කැපකිරීම් නිෂ්පල වේදැයි යන භීතියත් මේ ගැටුම තුළ වඩාත් ස්ථාවරව නැගී සිටිනවා. 

මගේ ඇමරිකානු මිත්‍රයා ඔවුන්ගේ මිනිසුන් විදින සුවපහසු ජීවිතය පිළීබඳ විස්තර මා සමඟ හුවමාරු කර ගත් දිනයක "ලංකාවේ දී දියත් කරන සියලුම වර්ගයේ මානවවාදී අරගලවල සීමාව කොතැනදැයි හදුනා ‍ගෙන වැඩ කරන්න" යනුවෙන් මට කිහිප වරක් අවවාද කළේ මේ ගැන මා විසින්  ඇති කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් විදියට. 

මේ අරගල වර්ග දෙක ගැන නොදැන අරගල පටන් ගන්නා අරගලකරුවන් දෙවන අරගලයට මුහුණ දීමට අසමත්ව අරගලය අත හරිනවා. එලෙස අරගල අතහැර දැමූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පටන් විවිධ තරාතිරම්වල මිනිසුන් කිහිප දෙනෙක් මා හඳුනනවා. මේ අතහැරීමට දොස් කීම හෝ සමච්චල් කිරීම අසාධාරණයි. මිනිසෙකුගේ දරාගැනීමේ ප්‍රමාණයෙන්/සීමාවෙන් පසුව  ඔහු තමන්ගේ අභ්‍යන්තරය තව දුරටත් ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව උදෙසා අරගලය අත හරින බව තමයි මෙයට මාගේ පවතින අර්ථකථනය. 

ප්‍රේමණීය අරගලකරුවනි,

ඔබ ඔබේ පළමු අරගලය වෙත වේගවත්වත් සාර්ථකවත් ගමන් කළා. දැන් ඔබ මුහුණ දෙමින් සිටින්නේ දෙවන අරගලය බලවත්ව පවතින අවස්ථාවකයි. ඔබේ පළමු අරගලයෙන් සමාජය කොතෙක් දෙදරීමට ලක් වුණේද, එතරම්ම ප්‍රමාණයකින් ඔබට දෙවන අරගලයේ ඔබ විසින් ප්‍රේම කළ වර්ගයාගෙන්ම ප්‍රතිප්‍රහාර දියත් වීම සිදු වෙනවා. ඔබේම වර්ගයාගෙන් ඔබට දියත් වන ප්‍රහාරය යනු ඔබේ අරගලයේ සාර්ථකත්වය පොළව මත වඩාත් තදින් මුල් අද්දන ප්‍රතිප්‍රහාරයි. ඔබ මේ මොහොතේ ඔබේ අරගලය අත හරින්නේ නම් ඔබට පෞද්ගලිකව අමිහි වීමට කිසිවක් නැත. නමුත්  මානව වර්ගයාට ඔබ අහිමි වීම නිසා ඇති වන පාඩුව (ඔවුන් නොදන්න‍ේ වුවත්) අති මහත් වනු ඇත.!

- සාජානි අමරතුංග -