Wednesday, August 10, 2022

System Change "Be the change that you want to see" - Rasika Jayakody

 “සිස්ටම් චේන්ජ්" ගැන කතා කරන හැමෝටම තමන් අලුතින් ගේන්න බලාපොරොත්තු වෙන සිස්ටම් එක මොකක්ද කියලා අවබෝධයක් තියෙන්න ඕනෙ..

අලුත් සිස්ටම් එකක් අතේ නැතුව පරණ සිස්ටම් එක වෙනස් කරන්න ගියාම හැම දෙයක් ම විශාල අවුල් ජාලයකින් කෙළවර වෙන්න පුළුවන්.

සිස්ටම් චේන්‍ජ් එකක දී මුලින් ම වෙනස් වෙන්න ඕනෙ තමන්.. මහත්මා ගාන්ධි කිව්වා වගේ තමන් බලාපොරොත්තු 'චේන්ජ්' එක තමන් වෙන්න ඕනෙ. 

ඒ කියන්නේ මොකක්ද?

තමන්ට පුළුවන්ද තමන්ට ලැබෙන පොඩි පොඩි පුද්ගලික වාසි අත ඇරලා පොදු අරමුණු වෙනුවෙන් පෙනී සිටින්න? පුද්ගලික බැඳියාවන් අමතක කරලා පොදු දෙයක් වෙනුවෙන් කෙළින් හිටගන්න? 

තමන්ට පුළුවන්ද ප්‍රතිලාභවලට, ආණ්ඩුවේ රස්සාවලට, හිතවත්කම්වලට, කුල සම්බන්ධකම්වලට, උඩු රැවුලට, ළමයි ඉන්නවට, බඩට තට්ටු කරන එකට, මූණ ඉඹින එකට වහල් වෙලා ඡන්දය නොදී ප්‍රතිපත්තියක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්න? 

තමන්ට පුළුවන්ද දැන හැඳුනුම්කම් පාවිච්චි කරන්නේ නැතුව, පගා දෙන්නේ නැතුව, පෝලිම් පනින්නේ නැතුව ආණ්ඩුවේ කාර්‍යාලයකින් විධිමත් ක්‍රමයට වැඩක් කරගන්න? 

තමන්ට පුළුවන්ද බොරු කරන්නේ නැතුව, වංචා කරන්නේ නැතුව, කට්ටි පනින්නේ නැතිව තමන් ගේ රාජකාරිය අකුරට ම ඉටු කරන්න? 

ලංකාවේ එහෙම මිනිස්සු බිහිවුණු දවසට කොහොමටත් ඔය කියන 'සිස්ටම් චේන්ජ්' එක වෙනවා. එතකල් මොන චේන්ජ් එක කරන්න ගියත් අවසානයේ කැරකෙන්නේ එක ම තැනකමයි..

https://www.facebook.com/747400419/videos/606850691072073

#lka #SriLanka #life

Rasika Jayakody

2 comments:

  1. මගේ බ්ලොග් එකේ කමෙන්ට් එක හරහා ආවෙ. මට මේ එක මතකයක් තිබුණට බ්ලොග් එකක් ලියනව කියල දැනගෙන හිටියෙ නැහැ. මේකෙ ලිපි කිහිපයක් කියෙව්වා. ඉතාම මධ්‍යස්ථව අදහස් ලියල තියෙන එක ඉතාම වැදගත්. මම ඇතුළු ගොඩ දෙනෙකුට එක පැත්තකට කඩේ යන අය කියල ලේබල් වැදිල තියෙන නිසා ලියන දේවල් ගොඩ දෙනෙක් ගන්නේ පොඩ්ඩක් අඩු වටිනාකමකින්. ඔබ ලියන මධ්‍යස්ථ ශෛලිය වැදගත් වෙන්නේ ඒ නිසා. මේ බ්ලොග් එක සින්ඩි වල බැලුවට දැක්කේ නැහැ. මාතලන්ගෙ සින්ඩිය වගේ සින්ඩි වලට ලින්ක් කරන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන් දිරිමත් කිරීමට. ඇත්ත මධ්‍යස්ථව කතා කරන්න උත්සහ කරන කෙනෙකුට ලන්කාව තුළ පැවැත්මක් නෑ. මම ලියන්නේ මගේ තෘප්තිය සඳහා. A person who writes for fools is always sure of a large audience - Arthur Schopenhouer

      Delete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...