Your children are not your children. They are the sons and daughters of Life’s longing for itself. They come through you but not from you, And though they are with you yet they belong not to you. You may give them your love but not your thoughts, For they have their own thoughts. You may house their bodies but not their souls, For their souls dwell in the house of tomorrow, which you cannot visit, not even in your dreams. ~Khalil Gibran
ජිබ්‍රාන් සියවසකට පමණ පෙර අරහෙම කියද්දී ලෝක පූජිත නෙත්මි ලවා ව2ල් බ8$ල්ලෙකුට වැන්දවීමේ (හොඳට මතක තියා ගන්න නෙත්මි වැන්දා නොවේ නෙත්මි ලවා වැන්දෙව්ව බව ) ඡායාරෑපය දුටු මට එකවරම මතකයට නැගුනේ මීට අවුරැදු දහය දොළහකට කළින් ව2ල් බ8$ල්ලාගේ තාත්තාට හය හතර නොතේරෙන කුඩා දරැවෙක් ලවා "මහින්ද රාජපක්‍ෂ අපේ රජතුමා" නම් ඉතාම අසි/ක්කිත ප්‍රශස්තියක් කොළු පැටියාගේ හුරැබුහුටි අඟර දඟර සමඟ ගායනා කරවීමයි. (https://www.youtube.com/watch?v=vgIgTWqXtms) අද එම කොළු පැටියා ගැටවරයෙකු ලෙස, රජතුමා පුoචි අපට හදල දීපු අම්මටසිරි රටේ තෙල් හෝ වෙනත් පෝළිමක ඉඳිද්දී, ඒ ගායනා කරවීම ගැන කල්පනා කරනු ඇත්තේ කෙසේද? නෙත්මිට මොන තරම් ආත්මානුකම්පාවක් ඇති වන්නට ඇත්ද?
මීට සම්පූර්ණයෙන්ම වග කිවයුතු වන්නේ ඒ දරැවන් එම නින්දා සහගත තත්වයට පත් කල, අමු අමුවේ ඒ දරැවන් අපයෝජනය කල, අප - එසේ නොමැති නම් සමාජයයි. අප අපගේ දරැවන්ට මොන තරම් කුජීත ලෙස සළකන්නේද යන්නට මේ තවත් උදාහරණයකි. මීට පෙර පෝස්ටු ගණනාවක මම ලන්කාවේ දෙමව්පියන් (සහ සමාජය) ළමයින් හැදීම මොන තරම් අජූව ලෙස කරනවාද යන්න සාකච්චා කර ඇත. මතුපිටින් පෙනෙන අධික ආදරය කට්ට කඩා බැලූ විට ඇත්තේ මළපෙරේත ආත්මාර්ථකාමී දුෂ්ථකමකි. නැතිනම් තමන්ගේ ළමයින්ව මෙසේ සුළු වාසියකට, පටු අරමුණකට අපයෝජනය කර විනාශ කර දමන්නේ නැත.
මාලන් රොෂාන් ගේ අදහස අනුව ඊගෝ එක අඩු වෙනවලු වැන්දම. යකෝ එහෙනම් මේක නිහතමානීම මිනිස්සු ඉන්න රට වෙන්න ඕන, ලන්කාවෙ තරම් උද්දච්ච මිනිස්සු මම වෙන කිසිම රටක දැකල නෑ.
කෙලින්ම කතාවට ගියොත්,
අසත්පුරුෂයන්ට, දාමරිකයන්ට, තක්කඩින්ට වැදීම නිසා, වැඳීම පිළිබඳ පෞරාණික ශ්‍රී ලාංකීය සංස්කෘතික අංගය කිළුටු වී යනව.
මමත් කාටවත් වඳින්න පුද්ගලිකව උනන්දු නෑ, මට කවුරුහරි වඳිනවාට කැමතිත් නෑ.
සමාජ ජාලාවල එක් ලිබරල් දේශනාවකට අනුව, මෙම වැඳීම පිළිබඳ චාරිත්‍රය සම්පූර්ණයෙන්ම අහෝසි කර දැමිය යුතුයි. එක අතකට මේක පිළිගන්නට පුළුවන්. කිසිම පුද්ගලයෙක් කිසිම පුද්ගලයෙක් මත යැපෙන්න හෝ යටත් වීම සිදු විය නොයුතුයි කියන පදනම මත.
නමුත්, ඔය බාග ලිබරල් දේශනාවට එහා පොඩ්ඩක් ඇතුලට ගියොත්, ඒ චාරිත්‍රය තුළ ගන්ඩ දෙයක් නැද්ද?
ලාංකික චාරිත්‍රය තුළ මෙහෙම දෙයක් හොයාගන්න පුළුවන්.
වැඩිහිටියකුට හරි, කාට හරි, වඳින පුද්ගලයා වඳින විට, තමන්ගේ Ego එක මොහොතකට අඩු කර ගන්නවා. මතක් කරල බලන්න, බලපෑමකින් තොරව තමන්ම හිතලා වැඳපු මොහොතක්.
මේ මොහොත, තමන්ට මෙනෙහි කරන්න පුළුවන් නම්, තමන්ට තේරෙයි, තමන්ගේ උඩගු කම්, ලොකුකම්, බලපුළුවන්කාරකම් ඔක්කොම වඳින මොහොත තුල පල්ලෙහාට වැටුණු විදිහ.
ඒ වගේම ආශිර්වාද කරන වැඩිහිටියා හෝ කවුරු හරි කෙනා, වඳින පුද්ගලයාට අනුකම්පාව කරුණාව දක්වන විදිහ. අපේ ආච්චි නම් ඉස්සර තෙරුවන් සරණයි පුතේ කියනවා.
මේ මොහොත, වඳින පුද්ගලයා හා වැඳුම් ලබන පුද්ගලයා දෙදෙනාම, කරුණාව ආදරය ඇති මානව හැඟීමකින් සන්තෝස වෙන මොහොතක්. මෙම හේතුව විය හැකියි වැඳීමේ සංස්කෘතික අංගය සියවස් ගණනාවක් පැවතගෙන එන්නෙ.
ඒ නිසා මගේ නම් අදහස, වඳින අයට වඳින්ඩ දීල පැත්තකට වී සිටීම.
හැබැයි ආපහු කියනවා, අසත්පුරුෂයන්ට, දාමරිකයන්ට, තක්කඩින්ට වැදීම නිසා, හා බලෙන් වැන්ද වීමට යාමෙන් ඒ චාරිත්‍රය කිලුටු වී යන බව.
රසික ජයකොඩි සහ ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරැවන් ඉතාම හොඳ විග්‍රහයන් දෙකක් ඉදිරිපත් කරල තියෙනවා.
රසික ජයකොඩි
පසුගිය අවුරුදු 30ක විතර කාලය ඇතුළත ලංකාවේ සමාජයට 'වැඳීම' පිළිබඳ ලොකු ආශක්ත බවක් හෙවත් obsession එකක් ඇතිවෙලා තියෙනවා.
උදාහරණයක් විදියට මීට අවුරුදු 30කට විතර කලින් තිබුණාට වඩා මේ වෙනකොට "වැඳීම" සමාජයේ ඉතා සුලභ දෙයක් වෙලා තියෙනවා.
මෙයට අවුරුදු 30කට කලින් බොහෝ වෙලාවට සිදුවුණේ සිංහල අවුරුද්දට දෙමව්පියන්ට වැඳීම, ගුරු දිනයට ගුරුවරුන්ට වැඳීම, පන්සලේ හාමුදුරුවන්ට වැඳීම වැනි සරල දේවල් ටිකක් පමණයි. එයට අමතරව ජීවිතයේ විශේෂ අවස්ථාවල දෙමව්පියන්ට හෝ වැඩිහිටියන්ට වැඳ ආශිර්වාද ලබා ගත්තා.
ඒ ඇරෙන්නට ත්‍යාග ප්‍රදානෝත්සවවල ත්‍යාග ලබාගන්න විට වේදිකාව උඩ දණ ගසා වැඳීම, දේශපාලනඥයන්ට දණ ගසා වැඳීම, ගුරුවරුන්ට දකින දකින තැන වැඳ වැටීම වැනි අද සුලබව දකින බොහෝ වැඳීම් ඒ කාලයේ තිබුණේ නැහැ.
එදාට වඩා අද ඉතා ම අහුලව අහන්න ලැබෙන කතාවක් වන්නේ "චීවරයට වැඳීමයි". ඒ කියන්නේ සිවුර දරන්නා කවුරුන් වුවත් මිනිසුන් සිවුර කියන වස්තුවට වග විභාගයකින් තොරව වඳින්න පුරුදු වෙලා තියෙනවා. මේ ක්‍රමය ම තවත් ඉස්සරහට ගිහින් තවත් අවුරුදු කිහිපයකින් මිනිසුන් අටපිරිකර කඩවලටත් වඳින යුගයක් බිහිවෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා.
මේ විපර්යාසයට හේතු කාරණා රැසක් බලපෑවා වෙන්න පුළුවන්. මම එහි මූලික හේතුව විදියට දකින්නේ ලංකාවේ මාධ්‍ය විසින් පහුගිය අවුරුදු 30 ඇතුළත ඇති කරන්න හදපු "යහපත් සිංහල බෞද්ධ සමාජය" කියන විකෘතියයි. නගරයේ ජීවත් වන ඒත් ඇතුළතින් ගැමියන් වන පිරිසක් ඔවුන් ගේ ගැමි ෆැන්ටසිය නාගරික ජීවිතයේ පැළ කරන්න ගිහින් අවසානයේ විශාල විකෘතියක් නිර්මාණය වෙලා තියෙනවා.
මේ විකෘතිය ඔවුන් ගේ දේශපාලන තෝරාගැනීම් තුළ තියෙනවා. ආගම අදහන විදිය තුළ තියෙනවා. එදිනෙදා ජීවන පැවැත්ම තුළ තියෙනවා. සමාජ-සංස්කෘතික ජීවිතය තුළ තියෙනවා. මේ නිසා අද ගමටත් නැති, නගරයටත් නැති, දෙලොවට ම නැති විකෘති සත්ත්වයන් සමාජයේ බහුල වෙලා තියෙනවා.
වැඳ වැටීම කියලා කියන්නේ ආශිර්වාද ලබාගැනීමේ සහ ගෞරවය දැක්වීමේ අභිචාර විදියක්. ඒ තුළ තියෙන්නේ විචාරයකින් හෝ විමසීමකින් තොරව, විශ්ලේෂණයකින් තොරව අනෙකා ඉදිරියේ ගෞරවය දක්වා ආශිර්වාද ලබාගැනීමයි.
නිදසුනක් විදියට කෙනෙකු දෙමව්පියන්ට වඳින විට ඔවුන් ගේ ගුණ අගුණ පිළිබඳ විචාරයකින් තොරව, ඔවුන් කළ නොකළ දේ ගැන විමසීමකින් තොරව, ඔවුන් ගේ හොඳ නරක ගැන විශ්ලේෂණයකින් තොරව හුදෙක් ඔවුන් දෙමව්පියන් වීම නිසා ම ගෞරවය දක්වා ආශිර්වාද ලබාගන්නවා.
කෙනෙකුට මෙය හොඳ දෙයක් ලෙසත්, තවත් කෙනෙකුට මෙය නරක දෙයක් ලෙසත් දකින්න පුළුවන්. ඒ දෙක ම මේ දෙස බලන දෘෂ්ටි කෝණ දෙකක් පමණයි.
කෙනෙකු පූජ්‍ය පක්ෂයට වඳින්නේත්, ගුරුවරුන්ට වඳින්නේත්, දේශපාලනඥයන්ට වඳින්නේත්, ප්‍රභූන්ට වඳින්නේත් මේ පදනමින්මයි.
ඒ වගේ ම අවශ්‍ය නම් මෙය රෙදි වැලක වනා ඇති සිවුරකට වැඳීම දක්වාත්, ගෝත්‍රික යුගයේ මෙන් ගස් ගල්වලට, ගින්දරට වැඳීම දක්වාත් ව්‍යාප්ත කර ගත හැකියි.
ඒ කියන්නේ, තමන්ගෙන් වැඳුම් ලබන කුලකය කුඩා වෙන තරමට තමන් ගේ විචාර බුද්ධියට සහ විශ්ලේෂණයට ඉඩ දී ජීවත් වෙන්න අවකාශයක් හැදෙනවා.
වැඳුම් ලබන කුලකය විශාල වෙන තරමට විචාර බුද්ධියට, විමසීමට සහ විශ්ලේෂණයට ඇති ඉඩකඩ ඇහිරී යනවා.
මිනිසෙකු කිසිදු පැකිළීමකින් තොරව තවත් මිනිසුන් ඉදිරියේ වැඳ වැටෙන සමාජයක් කියලා කියන්නේ බෙහෙවින් අවිචාරවත්, විමර්ශනයෙන් සහ විශ්ලේෂණයෙන් තොර සමාජයක්.
සමාජයක් විචාරාත්මක වෙන තරමට, මිනිසුන් වැඳ වැටීමෙන් ඈත් වී විචාරය කරන්නට, විමසා බලන්නට, විභාග කරන්නට පෙළඹෙනවා.
එවැනි මිනිසුන් ආගමිකව දුප්පත්, එමෙන් ම ආධ්‍යාත්මිකව පොහොසත් ජීවිත ගත කරන්නට පටන් ගන්නවා.
ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරැවන්
මේ මගේ අත්දැකීම. මම ඉස්කෝලෙ යනකොට දෙමාපියන්ට වැඳලා ගියේ නෑ. "අපි යනවා..!" කිව්වා. ගියා. එච්චරයි.
අම්මටයි තාත්තටයි වැන්දෙ අවුරුද්ද දවසෙ දි විතරයි. ඒ අවුරුදු චාරිත්‍ර කරන වෙලාවෙ දී.
ඒ හැර නෑදෑයො ආවා කියල ඒ අයටවත් අපි ලවා වැන්දෙව්වේ නෑ.
1980 විතර දවසක් ටීචර් කලු ලෑල්ලෙ ගාථා දෙකක් ලියල අපි ලවා හඬ නගා ඒවා කියෙව්වා.
"දසමාසේ උරේ කත්වා..." ගාථා පටන් ගත්තේ එහෙමයි.
"මේ ගාථා සඳුදා එනකොට කටපාඩම් කරගෙන එන්න" ටීචර් කිව්වා.
සඳුදා උදේ රැස්වීමේ දී විදුහල්පති තුමා හැමෝම අමතලා කිව්වා "හෙට ඉඳලා ඉස්කෝලේ එනකොට අනිවාර්යයෙන්ම හැමෝම අම්මටයි තාත්තටයි වැඳලා එන්න ඕන. අමතක කරන්න එපා, ගාථා කියලයි වඳින්න ඕන... වැඳලා නො එන ළමයින් ගැන මම බලා ගන්නම්".
පහුවදා ඉස්කෝලෙ යන්න කලින් මම අම්මටයි තාත්තටයි වඳින්න ගියා.
"මේ මොකද?"
"විදුහල්පති තුමා කිව්වේ.. වැඳලා එන්න කියලා.."
"හම්ම්!"
අපේ අම්මයි තාත්තයි උදේට වඳින වැඩේ ගැන ඒ තරම් උනන්දුවක් දැක්කුවේ නෑ. අපිත් උදේට වඳින වැඩේ අත්හැරලා දැම්මා.
දවසක් විදුහල්පති තුමා පංතියට ආවා.
"හා.. දෙමාපියන්ට වැඳලා ආ ළමයි අත උස්සන්න.."
සමහරෙක් එකපාරටම අත ඉස්සුවා. තව සමහරෙක් වටපිට බලලා හෙමිහෙමින් අත ඉස්සුවා. හැමෝම අත උස්සපු නිසා මමත් අත ඉස්සුවා.
********************
2017 අවුරුද්දෙ අපි යුද්ධයෙන් දුක් වින්ඳ ඉස්කෝල දෙකක් අතර සම්බන්ධය හැදුවා. එකක් තුනුක්කයි වල තියෙන දෙමළ මාධ්‍ය ඉස්කෝලයක්. අනෙක කැබිතිගොල්ලෑවේ තියෙන සිංහල මාධ්‍ය ඉස්කෝලයක්. අපි මාස 6ක් විතර මේ ඉස්කෝල දෙක එක්ක වෙන වෙනම වැඩ කරල ඉන් පස්සේ මේ දෙකේ ළමයින් මුණගැස්සුවා.
මේ ඉස්කෝල දෙකේම ගුරුවරු හා ළමයින් හරිම හොඳයි. ඒත් ඉස්කෝලවල සංස්කෘතියේ ලොකු වෙනසක් පෙනුණා.
දෙමළ මාධ්‍ය ඉස්කෝලෙට ගියාම හැමෝම හරිම ලෙන්ගතුයි. ළමයි අපේ අත් අල්ලගෙන අපව ඒ ඒ තැනට එක්ක යනවා. අපි වෙන් වෙලා එනකොට ගේට්‍ටුව පහුවෙනකම් අපේ අත් අල්ලගෙන ඒ අය අපේ වාහනේ එක්ක දුවගෙන එනවා. දවසක් විදුහල්පති කේතීෂ්වරන් මහත්තයාගේ අසූ වියේ හිටි පියා මාව තදින් වැළැඳ ගත්තා, එයාලගෙ ගෙදර දවල් කෑමට ගිය වෙලාවේ.
කවුරුවත් බය පක්සපාතව හැසිරුණේ නෑ. හරිම නිදහස්..!
සිංහල මාධ්‍ය ඉස්කෝලෙට එතැන ඉඳලා දුර කි,මී. 90 යි. අපි එහෙ යන හැම දාකම ඒ අය අපට සංග්‍රහ කරන්න ලොකු වෙහෙසක් ගත්තා, අපි එපා කියද්දිත්.
දෙමළ මාධ්‍ය විද්‍යාලේ ඉඳලා යන අපිට ලොකු වෙනසක් දැනුණා.. එහෙ හැමෝම ටිකක් බය පක්සපාතයි. ඒ නිසාම දුරස්තයි. ළමයි අනිවාර්යෙන්ම මට වඳිනවා. ඉන්පස්සේ මාත් එක්ක ආ හැමෝටම වඳිනවා. මාත් එක්ක ගිය අවුරුදු 18 විතර අයටත් වඳිනවා. එපා කිව්වත් වඳිනවා.. ආපහු වෙන්වෙලා එනකොටත් එහෙමයි. හැමෝටම වඳිනවා.
2017 දෙසැම්බරේ අපි පළමු වතාවට මේ ඉස්කෝල දෙකේ ළමයි මුණගැස්සුවා. අපි දවස් පහක් මේ අය එකට තිව්වා.. වැඩමුළුව පැවැත්වුණේ හොරණ වාසනා උත්සව ශාලාවේ. ළමයි දෙගොල්ලොම නතර කළේ බණ්ඩාරගම සර්වෝදය මධ්‍යස්ථානයේ. උදෙන්ම බස් දෙකකින් මේ අය බණ්ඩාරගම ඉඳල හොරණට එනවා, සිංදු කියමින්.. නටමින්.
පළමු වැනි දවසේ උදේ කැබිතිගොල්ලෑවේ ළමයි මාව දැක්ක ගමන් දුවල ඇවිත් මට වඳින්න පටන් ගත්තා. ඔක්කෝම කට්ටිය වෙන වෙනම වඳින්න පටන් ගත්තා. මේක පළමු වතාවට දැක්ක තුනුක්කායි ඉස්කෝලෙ ළමයි පුදුමයෙන් වගේ බලාගෙන හිටියා. මෙතෙක් කල් මගේ අත්වලින් අල්ලගෙන එහෙ මෙහෙ එක්ක ගියපු එක, මගේ ඇඟේ එල්ලුණු එක වැරැද්දක් කියල ඒ අය හිතන්න ඇති.
වැඩමුළුවේ දෙවෙනි දවසෙ උදේ ඒ ළමයිනුත් ඇවිදින් මට වඳින්න පටන් ගත්තා. මම දන්න හැම විදියකින්ම කිව්වා මට වඳින්න එපා කියලා. මට ඕන ඔයාලා මම ඉස්සරහ ඉස්සෙල්ල වගේම මනුස්සයෝ වෙනව දකින්න කියලා. ඒ විතරක් නෙවෙයි, සිංහල ළමයිනුත් ඔයාල වගේම මම ඉස්සරහ නිදහස්ව ඉන්නවා දකින්න කියලා. ඒත් වැඩක් වුණේ නෑ.
ඉතිරි දවස් ටිකේ උදේ ළමයි එනකොටත් හවස ඒ අය වෙන්වෙලා යනකොටත් මම ඒ අයව මග ඇරලා හිටියා.
දරුව වැන්ඳ ඒක එතැනින් ඉවරයි. හරි හෝ වැරදි ඒ දරුවටවත් ඒ සිදුවීමේ ලොකු දෙයක් නෙවෙ වෙන්නැති... එත් අපට
ReplyDeleteI am writing in English because I have a hard time to use Sinhala font now. What you are saying is plain wrong. In a society, if someone does something that impact negatively to the society, people should stand up in a civilized manner and correct it. That is how democracy works. If you are in a jungle all by yourself, you can do anything as you wish. But if you live in a society benefitting from it, you should play your part in that society. That fare share includes standing against activities that negatively impact the society. However, disagreement should not disrespect the person involved.
Delete