Wednesday, July 27, 2022

ලන්කාවට කෙළවීම ගැන වෙනස් කෝණයකින් අදහසක්


ලන්කාවට කෙළවීම ගැන වෙනස් කෝණයකින් අදහසක්


 ලෝකයේ ඕනෑම දියුණු රටක පාහේ දේශපාළනයේ තීරක බලය තියෙන්නෙ මධ්‍යම පන්තික ජනතාවට. මධ්‍යම පන්තික ජනතාව තමයි රටක කොඳු නාරටිය. මධ්‍යම පන්තික ජනතාව ලේසියෙන් රවට්ටන්නට හෝ මිළදී ගන්නට බෑ මොකද ඔවුන් බහුතරය උගත් සහ සාධාරණව මුදල් හොයන, ආත්ම ගෞරවයක් සහිතව ජීවත් වන, වෘත්තිකයන් හෝ ව්‍යවසායකයන් නිසා. ඒ නිසා දේශපාළනයේ තීරක බලය තියෙන්නෙ මධ්‍යම පන්තික ජනතාවට නම් රටක් සoවර්ධනය කරන නිවැරදි දිශාවට ඔවුන් දේශපාලනය මෙහෙයවනවා. 


පීඩිත පන්තියේ  ජනතාව දුප්පත් කම සහ ඒ නිසා ඇති උන නූගත්කම යන විෂම චක්‍රයේ කැරකෙමින් එදා වේළ සරි කර ගැනීමෙන් එහාට හිතන්නැති මට්ටමක ඉන්නේ. ඒ නිසා පීඩිත පන්තියේ  ජනතාව ලේසියෙන් රවට්ටන්නට හෝ සුළු මුදලකට මිළදී ගන්නට හැකියි. ඡන්දය ලo වෙලා සිල් රෙදි, ලිත්, ටකරo, වැසිකිලි පෝච්චි ටිකක් බෙදුවම, "උස නම් සිකියුරිටි, මිටි නම් කම්කරැ" ක්‍රමයට දුප්පත් මිනිස්සුන්ට රස්සා ටිකක් බෙදුවම හරි.  ඉතින් එහම ලේසියෙන් රැවටෙන, ලේසියෙන් මුදලට ගත හැකි, නූගත් (without disrespect), පීඩිත පන්තියේ මිනිස්සුන්ට කවදාකවත් බෑ රටක් සoවර්ධනය කරන නිවැරදි දිශාවට දේශපාලනය මෙහෙයව ගන්න. ලoකාවේ දේශපාළනයේ තීරක බලය තියෙන්නෙ පීඩිත පන්තියේ ජනතාවට. මධ්‍යම පන්තියේ ජනතාව දේශපාලනයෙන් පුළුවන් තරම් අයින් වෙලා "අපි හම්බ කලොත් අපි කනවා" යන මිත්‍යා මතයේ රට බන්කොළොත් වෙනකම්ම දැඩිව එල්බීගෙන හිටියා. (ඊටපස්සෙ තේරැම් ගත්ත අපි හම්බ කළත් අපිට දැන්  කන්න නෑ තෙල් නෑ අරක නෑ මේක නෑ කියල, ඒ ගැන පසුවට කතා කරමු.)


මෙතනදී අප මතක තබා ගත යුතු වැදගත්ම කාරණයක් වන්නේ ලෝකේ හැම රටකම පාහේ දේශපාලකයන් අති මහත් බහුතරය වoචා දූෂණ භීෂණ වලට මාර කැමති බවයි, බලයට කෑදරකම හෝමෝ සේපියන්ස්ලගෙ ගතියක් මිසක ලoකාවේ දේශපාලකයන්ට පමණක් ඇති ගතියක් නෙමේ. බලය රැක ගැනීමට ලෝකේ හැම රටකම පාහේ දේශපාලකයන් අති මහත් බහුතරය වoචා දූෂණ භීෂණ වල නියැළීමට කැමතියි. මම දකින හැටියට දියුණු රටවල දේශපාලකයන්ට වoචා දූෂණ භීෂණ වල නියැළීමට අමාරැ වෙන්න එක ප්‍රබල හේතුවක් තමයි මේ මධ්‍යම පන්තිය අතේ කෙවිට තිබීම.  මම පොඩි උදාහරණයක් ගත්තොත්, අරගලය සමඟ මධ්‍යම පන්තිය පාරට බැහැල ගේම ඉල්ලපු  මොහොතේ ලන්කාවේ දිග කාලයක් ඇදි ඇදී තිබ්බ පරශ්න කීයක් විසඳුනාද, රනිල් ජනාධිපති සමාව දී රන්ජන් රාමනායක නිදහස ලැබුවේ රනිල් අවන්කව රන්ජන් ගැන දුක් වන නිසා නෙමේ, මධ්‍යම පන්තිය ගේම ඉල්ලපු නිසා. මට කියන්නට අවශ්‍ය, මහජනතාව ලෙස අපට ඕනෙ වැඩේ කොහොමහරි කරවා ගැනීම මිසක ඒක කැමැත්තෙන් කරවා ගැනීම නොවේ. ලoකාවෙ මිනිස්සු තමන්ගේ දේශපාළනික තක්කඩි කම නිසා දේශපාළකයන් දේවල් කැමැත්තෙන් කරනකම් ඉන්නවා සහ කවුරැහරි දේශපාළකයෙක් හොඳ දෙයක් කලොත්, "වැඩක් නෑ, ඕක කරේ බොරැවට" කියල එය ඩවුන් ඟ්‍රේඩ් කරනවා. මේකෙන් වෙන්නෙ රටේ මජර දේශපාළන සoස්කෘතිය කවදාවත් ඉදිරියට නොයාමයි. දැන් බොරිස් ජොන්සන් අගමැති කමෙන් ඉල්ලා අස්වුනේ කැමැත්තෙන් ද? ඇමරිකාවේ කළු ජාතිකයන්ට එදා වහළුන් ලෙස සැළකීමට එහි පාර්ලිමේන්තුව සමාව ඉල්ලුවේ කැමැත්තෙන් ද?  ඔවුන් දන්නෙත් නෑ ඔවුන්ට එය වැඩකුත් නෑ. එවැනි රටවල මිනිස්සු දේශපාළකයන්ට සළකන්නේ සෙරෙප්පු වගේ. වැඩේ ගන්න දානවා, වැඩේ කරගෙන ඉවර උනාම ගළවනවා, කැඩුනම විසි කරල අළුත් එකක් ගන්නවා.  අපේ මිනිස්සු සෙරෙප්පු දෙකට "කළගුණ සළකනවා", වඳිනවා, ඔළුවට දාගන්නවා, රණ්ඩු කර ගන්නවා, කැඩුනමත් ඒක විසි නොකර ඒකම දාන්න ගිහින් තුවාළ කර ගන්නවා.


මේ දක්වා සියලුම ලoකාවේ දේශපාළන පක්‍ෂ මධ්‍යම පන්තික ජනතාවට කොකා පෙන්නල තියෙන්නේ. කට්ට කාල ගත්ත උපාධියට එක එකාට ගොට්ට අල්ලන්නැතුව රස්සාවක් ගන්න, සාධාරණ ගානකට මොඩර්න් ගෙයක් දොරක් හදාගන්න, වාහනයක්  ගන්න, ගත්ත වාහනයට තෙල් ගහගන්න, ඉඳල හිටල පිටරටකට නිවාඩුවකට යන්න, දරැවන් ආස චීස් කෑල්ලක් චොකලට් එකක් අරන් දෙන්න, දරැවෙක්ගෙ උපන්දිනයකදි කේක් එකක් කපල පොඩි පාටියක් දාන්න වගේ දියුණු රටක බොහොම සාමාන්‍ය මූළික මධ්‍යම පාන්තික අවශ්‍යතා ටිකවත් නැති වෙච්ච  ලoකාවේ මධ්‍යම පන්තික ජනතාව කවදාවත් කල්පනා කලාද තමන්ව දේශපාළනයේදී හැමදාම රවට්ටපු බව? වෙනත් වචන වලින් කිව්වොත් ඔය 225ක් ඉන්න පාර්ලිමේන්තුවේ ඔබව නියෝජනය කරන්නට කිසිවෙක් නැති බව. එතන නියෝජනය වෙන්නේ පීඩිත ජනතාව (මැරෙන්න නොදී කීයක් හරි ගතමනාවක් දීල යන්තම් ජිවත් කරවන්නේ කොහොමද කියල මිසක පීඩිත ජනතාව දුප්පත් කමෙන් ගලව ගැනීම නොවේ ) සහ ඔය ධම්මික පෙරේරා, දයා ගමගේ, කුඩු දුමිය වගේ සුපිරි ධනවතුන්ගෙ සුපිරි ප්‍රශ්න (බදු වoචා යට ගැසීම, යම් භාන්ඩ වලට- ටයිල්ස් වගේ- මොනොපොලි එකක් පවත්වා ගැනීම, රෝයල් පාක් මිනීමරැවට/කුඩු දුමියට ජනාධිපති සමාව ගැනීම, නොයෙක් ටෙන්ඩර් වලින් කොමිස් ගැසීම වගේ) විසඳීමටයි. මධ්‍යම පන්තික ජනතාවට වාහන බදු සහන දෙන්නම්, හොඳ යටිතල පහසුකම් දෙන්නම්, උගත්කමට හරියන රස්සා දෙන්නම්, බ්‍රෙස්ලට්  දෙන්නම්,  ලැප්ටොප් දෙන්නම්, චුවින්ගම් දෙන්නම් කියල කාලෙන් කාලෙට රවට්ටල අද ඒ මිනිස්සුන්ට යන එන මo නැති කරල නන්නත්තාර කරල තියෙන්නේ.  


ලoකාවේ වමේ යල් පැන ගිය දේශපාළන පක්‍ෂ by definition නියෝජනය කරන්නෙ පීඩිත පන්තියේ ජනතාව. ඔය කියපු දියුණු රටක මධ්‍යම පන්තියේ බේසික් අවශ්‍යතා (සාධාරණ ගානකට මොඩර්න් ගෙයක් දොරක් හදාගන්න, වාහනයක්  ගන්න, ගත්ත වාහනයට තෙල් ගහගන්න, ඉඳල හිටල පිටරටකට නිවාඩුවකට යන්න, දරැවන් ආස චීස් කෑල්ලක් චොකලට් එකක් අරන් දෙන්න, දරැවෙක්ගෙ උපන්දිනයකදි කේක් එකක් කපල පොඩි පාටියක් දාන්න වගේ දේවල්) වමේ පක්‍ෂ දකින්නේ අධි සුඛෝපභෝගී, අධි පාරිභෝජනවාදී ජීවන රටාවක් කියල. (නමුත් ඒක වැරදි අදහසක්, සරල උදාහරණයකට ලoකාවෙ මධ්‍යම පන්තියේ මනුස්සයෙක් ගේ හීනයක් වන ටොයෝටා කොරොල්ලා කාර් එක සළකන්නේ යුටිලිටි වෙහිකල් එකක් ලෙස මිසක ලක්‍ෂරි කාන්ඩයේ වෙහිකල් එකක් ලෙස නොවේ.)  ඔබට පුළුවන්ද modern ගෙයක් දොරක් හදාගන්න, වාහනයක්  ගන්න, ඉඳල හිටල පිටරටකට නිවාඩුවකට යන්න, දරැවන්ට විදේශයක පහසුකම් සහිත විශ්ව විද්‍යාලයක උගන්වන්න, එයාල ආස චීස් කෑල්ලක් චොකලට් එකක් අරන් දෙන්න අවකාශය හදල දෙන්න කියල ජවිපෙට හෝ පෙරැට්ටන්ට හෝ බoකොළොත් වමේ පක්‍ෂ වලට කියන්න? උන් ඔයාගෙ කණට ගහල කියයි පිස්සුද ඕයි මේ පීඩිත මිනිස්සුන්ට කන්නවත් නැතිව ඉන්න වෙලාවෙ පිස්සු කියවන්න එපා කියල. ඇත්ත, ඒව එකක්වත් නොමැරී සර්වයිවල් මෝඩ් එකේ ජීවත් වෙන්න අවශ්‍ය නෑ තමයි, නමුත් මිනිහෙක් ජීවත් වෙන්න ඕනෙ සර්වයිවල් මෝඩ් එකේ නෙමේ, හැපීලි ලිවින් මෝඩ් එකේ. ඒකට මධ්‍යම පන්තියට අර වගේ අවශ්‍යතා තියෙනවා කියන ඒක යල් පැනපු වමේ පක්‍ෂ තේරැම් ගන්නෙ නෑ වගේම උන්ගෙ යල් පැනපු දේශපාලන ප්‍රතිපත්ති වලටත් පටහැනියි. උදාහරණයකට උන්ට ඕනෙ මධ්‍යම පන්තියේ ඒ "අමතර බොරැ වියදම්" කපල දාල ඒ සල්ලි ටික  පීඩිත පන්තියේ මිනිසුන්ට කෑමට යමක් ගන්නට ලබා දීමටයි. ඒක බැලූ බැල්මට හොඳයි වගේ පෙනෙන අයත් ඇති.නමුත් එහෙම පීඩිත පන්තියට සහන දීමෙන් පීඩිත පන්තිය ගොඩ ගැනීමට කවදාවත් බැහැ. අපි පොඩි උදාහරණයක් ගනිමු.  තෙල් හිඟ වූ විට පීඩිත (සහ පල්ලෙහා මධ්‍යම පන්තිය) නියෝජනය කරන මිනිස්සු හැසිරෙන්නේ කොහොමද? ත්‍රීවීළර් හයර් කරන අය මොන තරම් තෙල් ඇද්දද, ශෙඩ් වල මරා ගත්තද, හයර් රස්සාව නවත්තල ඊටවඩා පහසු කළු කඩයට  තෙල් විකිණීමට පටන් ගත්තද, දැන් රටේ තෙල් ප්‍රශ්නය විසඳෙනවට (සහ ඒ මඟින් කළු කඩ ජාවාරම නවතිනවට) ඔවුන් කොච්චර අකමැතිද කියන කාරණා  ඇමරිකාවෙ ඉන්න මම ලන්කාවේ ඔබට අමුතුවෙන් කිව යතු නැහැ. ඔන්න ඕකම තමයි වමේ දේශපාළනයෙන් පීඩිත පන්තියට සිදු වන්නේ. රස්සාවක් කරල ජීවත් වෙනවට වඩා සහන ලබාගෙන නිකම් ඉන්න, සහන ලැබෙන යාන්ත්‍රණය අවභාවිතා කරල තව තව නිකම් දීමනා ගන්න, සහන වලට රණ්ඩු වෙලා මරා ගන්න, යාන්ත්‍රණය අවභාවිතා කරල  ලැබෙන අමතර දේවල් කළු කඩේ විකුණන්න වගේ සිස්ටම් එකක් හැදෙනව මිසක කවදාවත් සහනාධාර දීල ඒ මිනිස්සුන්ව ගොඩ නගන්නට බෑ. 

අනිත් කාරණය තමයි සුභසාධනයට ලැබෙන කිසිම දෙයක් නොමිලේ ලැබෙන්නෙ නෑ, ඒවාට කවුරැමහරි ගෙවල තියෙනවා. අපේ රටේ නිදහස් අධ්‍යාපනය නොමිලේ කිව්වත් එයට ගෙවන්නේ මහජනතාව, සෞඛ්‍යයත් නොමිලේ කිව්වත් එයට ගෙවන්නේ මහජනතාව, අර බෙදපු පන්දාහේ සහනාධාරයට ගෙව්වෙත් මහජනතාව වන ඔබම තමා.  ඉතින් දියුණු රටවල මිනිස්සු හරිම අකමැතියි මේ නොමිලේ දෙන ඒවට. කොවිඩ් කාලේ ඇමරිකාවේ මිනිස්සුන්ට ඩොලර් 2600ක උපරිමයකට යටත්ව සහනාධාරයක් රජයෙන් ලැබුනා, ඔබ පුදුම වේවි ඇමරිකාවේ මධ්‍යම පන්තියේ මිනිස්සු මොනතරම් අකමැති උනාද කියල සහනාධාරය ගන්න. ඔවුන් කිව්වේ මේක අපට ගෙවන්නේ අපේ පොකැට්ටුවෙන්මයි, මේකට සල්ලි අච්චු ගහල උද්ධමනයක් ඇති වෙනවට වඩා මේක නොදී ඉන්න එක හොඳයි,  ඒ නිසා අපට එපා කියල. ඔබේ සාක්කුවෙන් ඇදල ඔබටම බෙදනවා. ඇත්තම කතාව තමා මධ්‍යම පන්තියෙන් හූරල පීඩිත පන්තියට බෙදනවා (මොකද ඔය සහනාධාර වලට ගොඩක් වෙලාවට මධ්‍යම පන්තිය එලිජිබල් නෑ).  


දුප්පත් මිනිස්සු දළ වශයෙන් කාණ්ඩ දෙකක් ඉන්නවා. පළමු කාණ්ඩය නම් තමන්ගෙ පවුල් පසුබිම, රටේ ප්‍රශ්න, අසනීප වැනි තමන්ට පාලනය කල නොහැකි කාරණා නිසා  දුප්පත් වෙච්ච මිනිස්සු. මේ දුප්පත් මිනිස්සු දුප්පත් කමෙන් ගොඩ එන්නට අත හිතක්, උදව්වක්, අවස්ථාවක් දුන්නොත් මහන්සියෙන් වැඩ කරල ඒ තත්වයෙන් ගොඩඑන ප්‍රමාණය වැඩියි. අනිත්  කාණ්ඩය නම් කපටි කම්මැළි නාර්සිසිස්ට් දුප්පත්  මිනිස්සු ටිකයි. මෙයාලට  තියෙන ඇටිටියුඩ් එක අනුව මහන්සියෙන් වැඩ කරල දුප්පත්කමෙන් ගොඩඑන අදහසක් නෑ. සහනාධාර මානසිකත්වය වැඩිපුරම තිබෙන්නේ මෙම කාණ්ඩයේ දුප්පතුන්ට. මධ්‍යම පන්තියේ මිනිස්සු අමාරැවෙන් සාධාරණව හොයන සල්ලි ඔවුන්ගේ සාක්කුවෙන් ඇදල දෙවන කාන්ඩේ දුප්පත්  මිනිස්සුන්ට බෙදුවා කියල රටකට වන සෙතක් නෑ, හැබැයි දේශපාලකයන්ට ඔවුන්ගේ ඡන්දය ලැබෙනවා. 

ප්‍රධාන දේශපාළන පක්‍ෂ දෙක ඊට වඩා කපටියි. ඒ ගැන කතා කරන්නට වචන නාස්ති කිරීමත් අපාරාදෙ නිසා නිකම් ඉන්නවා.
 

ලන්කාවේ මධ්‍යම පන්තියට කෙළ වුනේ (සහ එම නිසා රටටම කෙළ වුනේ) මධ්‍යම පන්තියේම තක්කඩි කම නිසා. එම තක්කඩිකම් වල අවසාන ප්‍රතිපලය උනේ රසික ජයකොඩිගේ වචන වලින් මෙන්න මේක;

"ලෝකයේ දියුණු වුණු හැම රටකට ම මූලික වටිනාකම් හෙවත් founding principles කියලා ජාතියක් තියෙනවා. 
කිසිම දෙයක් නිසා තමන් ගේ රටේ මේ 'මූලික වටිනාකම්' නැති කරගන්න ඔවුන් සූදානම් නැහැ. 
උදාහරණයක් විදියට ජර්මනිය කියන රට නිරවද්‍යභාවය (precision) කියන එක තමන් ගේ මූලික වටිනාකමක් විදියට සළකනවා. ජර්මනියේ හදන වාහනයක වුණත්, යන්ත්‍රයක වුණත්, ඔවුන් ගේ එදිනෙදා ජීවිතය තුළ වුණත් මේ 'නිරවද්‍යභාවය' කියන මූලික වටිනාකම ඔවුන් රැකගන්නවා. 
ඉන්දියාව මොන තරම් ප්‍රශ්න තිබුණත් සමානාත්මතාව තමන් ගේ මූලික වටිනාකමක් විදියට ආරක්ෂා කරනවා. ඉතා ම සුළුතර භාෂාවක් වන වංග භාෂාවෙන් ලියවුණු ගීතයක් ඉන්දියාවේ ජාතික ගීය වන්නේ ඒ නිසයි. සීක් ජාතිකයෙකුට ඉන්දියාවේ අගමැති වෙන්න පුළුවන් වුණේ, ගෝත්‍රික ප්‍රජාවේ කාන්තාවකට ජනපති වෙන්න පුළුවන් වුණේ, මුස්ලිම්වරයෙකුට ඉන්දියාවේ ජනපති වෙන්න පුළුවන් වුණේ ඒ නිසයි. 
සිංගප්පූරුවේ මූලික ම වටිනාකම වන්නේ ‘meritocracy’ හෙවත් නිපුණතාව ඉහළ ම සුදුසුකම වීමයි. සිංගප්පූරුවේ ඕනෑම ඉහළ තනතුරක් ලැබෙන්නේ නිපුණතාවට සහ කුසලතාවට මිස හිතවත්කමටවත්, යාළුකමටවත්, නෑදෑකමටවත්, දේශපාලන සම්බන්ධතාවලටවත් නෙවෙයි. 
එතකොට අපේ founding principles මොනවද? 
අපි කාලයක් තිස්සේ අපේ 'මූලික වටිනාකම්' කරගෙන තියෙන්නේ හොරකමයි, බොරුවයි, වංචාවයි නේද? එතැනින් එහාට වෙන කිසිම දෙයක් නැහැ නේද? නම්බර් ප්ලේට්වලට තෙල් ගහන ක්‍රමයක් ගෙනාවොත් පැය දෙකක් යන්න කලින් ඒකටත් හොර කරන ක්‍රමයක් අපි හොයාගන්නවා නේද? පෙට්‍රල් පෝලිමේ නවත්තලා තියන වාහනවලිනුත් බට දාලා තෙල් ඇදලා හොරකම් කරනවා නේද? ඔෆිස් එකක නම් හාෆ්ෂීට් කොළයේ ඉඳන් හොරකම් කරනවා නේද? 
ඒ වගේ රටක පාලකයන්, රාජ්‍ය නිලධාරීන් කෝටි ප්‍රකෝටි ගණනින් හොරකම් නොකර ඉඳියි කියලා ඔබ හිතන්නෙ කොහොමද?
හොරකම, බොරුව සහ වංචාව තමන් ගේ මූලික වටිනාකම් කරගත්ත රටක් බංකොළොත් නොවී තියෙයිද? කඩා නොවැටී තියෙයිද? විනාශ නොවී තියෙයිද?
අඩුතරමේ දැන්වත් අපි මේ ප්‍රශ්නයේ සුලමුල කොතැනද කියලා ගැඹුරින් හිතන්න පටන් ගනිමු.."


රසික කියන මේ මූලික වටිනාකම් හෙවත් founding principles ඒ රටවල මේන්ටේන් කරන්නෙ මධ්‍යම පන්තිය විසින්. ලන්කාවේ මධ්‍යම පන්තිය එවැනි වැලියුස් මේන්ටේන් කලේ නෑ වගේම පුළුවන් තරම් හොර මැර වන්චා කරමින් රටේ කෝර් වැලියුස් විනාශ කලා. මම පොඩි උදාහරණයක් ගත්තොත්, පාරක යන කාන්තාවක් වීදි හින්සනයට ලක් කරන පීඩිත පන්තියේ නූගත් මිනිසෙකුට (ඒ මනුස්සය එහෙම කරන්නෙ දුප්පත්කම මත ඇති වූ ලිoගික අසහනය, සමාජ වෛරය, ඊර්‍ෂ්‍යාව, හොඳ සිරිත විරිත් කියල දෙන්න අම්මෙක් අප්පෙක් නැති කම, ඒ මනුස්සය ජීවත් වෙන පරිසරයේ ඇති අන්සිවිලයිස්ඩ් කම, ගෑනුන්ට තබා කාටවත් ගරැ කරන්නට ඉගැන්වීමක් නොලැබීම වගේ අටෝරාසියක් හේතු නිසා) විරැද්ධ වන මධ්‍යම පන්තියක් දියුණු රටවල ඉඳිද්දී සදාචාරය ඔළුව උඩ තියාගත්ත ලන්කාවේ මධ්‍යම පන්තිය එවැනි අවස්ථාවක ඊට සෙට් වී  ආතල් එකක් ගෙන එතැනින්ද නොනැවතී අර පීඩිත පන්තියේ නූගත් මිනිසාගේ හැසිරීම අනුකරණය කරන්නට ගන්නවා. කාන්තා වීදි හින්සනය අද පීඩිත හා මධ්‍යම පන්ති දෙකම හරි හරියට කරනවා. තවත් උදාහරණයක් තමයි හොරකම. පීඩිත පන්තියේ නූගත් සුළුසේවක මිනිසෙකු කාර්‍යාළයක හාෆ්ශීට් බන්ඩලයක් සොරකම් කරන්නේ මුදල් අහේනිය නිසා වුනත් ඔහුගේ මධ්‍යම පාන්තික බොස් හාෆ්ශීට් බන්ඩලයක් සොරකම් කරන්නේ අසීමිත කෑදරකම නිසා. ඒ බොස් ගේ හැසිරීම දකින පීඩිත පන්තියේ නූගත් සුළුසේවක මිනිසා තව තවත් සොරකම් කර තම සොරකම්  සාධාරණීකරණය කර ගන්නවා, සල්ලි තියෙන බොස්ට හොඳ නම් සල්ලි නැති මම කලාම මොකද කියල.  වෙනත් වචන වලින් කිව්වොත් මධ්‍යම පන්තියට බැරි උනා පීඩිත පන්තිය හරි ට්‍රැක් එකට ගැනිමට සහ ඊටත් වඩා නරක දේ තමා පීඩිත පන්තිය  තම නූගත්, uncivilized,  නොදන්නා කම නිසා කරන කැත වැඩ ඒවා කැත වැඩ බව දැන දැනම තමන්ගේ කෑදරකම නිසා educated, civilized මධ්‍යම පන්තියත් කරන්නට පටන් ගත්තා.

ලන්කාවේ මධ්‍යම පන්තිය මේ තරම් තක්කඩි වූයේ ඇයි? මේ සඳහාද  ලන්කාවටම ආවේණික හේතු ගණනාවක් තියෙනවා. ඒ අතරින් කීපයක් කතා කරමු. 

1. බුද්ධ දර්ශනය විනාශ වී බුද්දාගම නම් විකෘතිය සමාජගත වීම ලන්කාවටම ආවේණික එක ප්‍රධානම හේතුවක්. ඒ අනුව  බුද්දාගමේ පූජකයන් අති මහත් බහුතරය බුද්ධ දර්ශනයට සම්පූර්ණයෙන්ම ප්‍රති විරැද්ධ ලෙස හැසිරීම බුද්දාගමේ ගිහියන්ටද බුද්ධ දර්ශනයට සම්පූර්ණයෙන්ම ප්‍රති විරැද්ධ ලෙස හැසිරීමට උදව්වක් උනා. අද වන විට බුද්දාගමේ ගිහියන් එහෙටත් නැති මෙහෙටත් නැති තමන් කැමති කැමති දුසිරිත් වල යෙදෙමින් ඒවා සාධාරණීකරනය කර ගන්නා අපත රැළක්. අර සමහරක් වනචර පිරිමි රට වටේ යන ගමන් ට්‍රෝෆි වයිෆ් කෙනෙක්ව මේන්ටේන් කරනව වගේ බුද්දාගමේ ගිහියන් ලෝකෙම මිත්‍යාවන් සහ දුසිරිත් පස්සේ යන ගමන් බුද්දාගම කියල එකක්  ට්‍රෝෆි ආගම විදියට ලෝකෙට පෙන්නගෙන ඉන්නවා. පුළුවන් තරම් සරළ ලෙස ජීවත් වෙන්න උගන්නන දර්ශනයක් අදහනවය කියන මිනිස්සු ණය වෙලා තරැ හෝටල් වල කසාද බඳිනවා, ණය වෙවී තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා ලොකු ගෙවල් හදනවා, බිම් අඟළකට සහෝදරකම් අතහරිනවා මිනී මරා ගන්නවා. පුළුවන් තරම් සරළ ලෙස ජීවත් වෙන්න උගන්නන දර්ශනයක් අදහනවය කියන ලoකාවේ මධ්‍යම පන්තියේ තියෙන අසීමිත කෑදරකම තවත් වෙන රටවල මධ්‍යම පන්තියේ මිනිසුන්ගේ දැකල නෑ,.

2. ලන්කාවේ මධ්‍යම පන්තිය අධික ලෙස බෙදී වෙන්වී තම කුළකය උසස් යැයි හිතන ගොබ්බ මානසික තත්වය. ලoකාවේ මධ්‍යම පන්තිය කුළය, ජාතිය, ආගම, අධ්‍යාපන මට්ටම, රැකියාව, පාසැළ, පළාත, ලිoගිකත්වය, ඇඳුම පැළඳුම, දේශපාලන හිතවත්කම් ආදී නොයෙක් සාධක මත බෙදී සිටින, තමන්ට වඩා අනිකා ඒ නිර්ණායක වලට අනුව ඉහළින් සිටී නම් අධිකව ඊර්‍ෂ්‍යා කරන සහ තමන්ට වඩා අනිකා ඒ නිර්ණායක වලට අනුව පහළින් සිටී නම් අධිකව පහත් කරන, මේ නිසා කිසිම දෙයක් පොදු එකඟතාවයකින් කරගන්න බැරි තත්වයට පත් වී තිබීම සහ පොදු එකඟතාවක් ඇති උනත්  ඇති වන්නේ වැරදි සාධක මත පදනම් වී නිසා ඒවා වැරදි තීරණ වීම (ජාති ආගම් වාදී පොදු එකඟතාව අනුව ගෝටා ජනපති වීම) . 

3. ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලනය, මානව හිමිකම්, ආර්ථික විද්‍යාවේ මූලධර්ම ආදී තමන්ගේ ජීවිතයට ඝෘජුවම බලපාන සoකල්ප ගැන මෙලෝ අල බෝලයක් නොදැන තමන්ගේ සිහින ලෝකවල හින්දි චිත්‍රපට, මෙගා කසිකබල් ආදිය බලමින් ජීවත් වන අමු ගොබ්බ මධ්‍යම පන්තියක් බිහි වීම. අධ්‍යාපන ක්‍රමයේ ගැටළු, ළමයි හැදීමේ ක්‍රමයේ ගැටළු, මුල් ළමා විය සoවර්ධනය නොවීම, විද්ුත් මාධ්‍ය වල පරිහානිය ආදී කරැණු මීට බලපා ඇත.

4. තමන්ට ලැබෙන ක්‍ෂණික කුඩා වාසියක් වෙනුවෙන් දිගුකාළීනව තමන්ගේ සමාජයට බලවත් අවාසියක් හානියක් සිදු වන කටයුතු වල යෙදීමට තරම් දුර දක්නා නුවණක් හෝ විනයක් හෝ ගමට රටට කිසිම ආදරයක් නැති  මධ්‍යම පන්තියක් බිහි වීම. අධ්‍යාපන ක්‍රමයේ ගැටළු, ළමයි හැදීමේ ක්‍රමයේ ගැටළු, මුල් ළමා විය සවර්ධනය නොවීම, ආදී කරැණු මීට බලපා ඇත.

5. බියසුළු, නිවට, රැල්ලට වැඩ කරන, හරි මාර්ගය තෝරා ගැනීම වෙනුවට තමන්ට පහසු මාර්ගය තෝරා ගැනීම කරන, මළාට තමන්ගේ කොම්ෆර්ට් සෝන් එකෙන් පිටට යන්නැති මධ්‍යම පන්තියක් බිහි වීම.

6. ලකාවෙ මධ්‍යම පන්තියෙ මිනිස්සුන්ගේ මම දැකපු ආවේණිකම ගතියක් අනීෂා ජයකොඩිගේ වචන වලින් පහත දක්වල තියෙන්නේ.  

" තමන් දිනන්න ඕනේ ඒ වගේම අනිත් එකා පරදින්නත්  ඕනෙ, අන්න එතකොට තමයි  එයාලට සතුටු...
මමත් ලස්සන වෙලා  එයත් ලස්සන වුනොත් ඉතිං ඒ ලස්සනෙන් වැඩක් නැහැ,
මම  ලස්සන වෙලා අනිත්  හැම එකාම  කැතම කැත වෙන්න ඕනෙ ,අන්න එතකොට හරි.
මම ධනවත් උනාට විතරක් මදි, 
මම ධනවත් වෙලා වටේ ඉන්න ඔක්කොම හිඟමනේට වැටෙන්න ඕනෙ.
මම ගෙවල් හදලා වාහන ගත්තා වගේ අල්ලපු ගෙදර එකාටත් ගෙවල් වාහනතියනවා නම් වැඩක් නැහැ,
අපි මන්දිර වල ඉඳලා වාහන වල යනකොට අල්ලපු ගෙදර එකා බඩගාගෙන යන්න ඕනේ ,අන්න එතකොට තමයි සතුටු වෙන්න පුළුවන් .
කොටින්ම කිව්වොත්,  තමන්ගෙ ළමයා විභාගෙ පාස් වුනාට මදි. තමන්ගේ එකා පාස් වෙලා එහා ගෙදර එකා වැඩ ඔක්කොම ෆේල් උනොත් තමා, හිතට හොඳ.
නැතුව අපේ එකයි අනිත් එකයි දෙන්නම පාස් නම් ඒ විභාග පාස් විල්ලේ ඇති වැඩක් නැහැ.
තමන්ට කිරි කල හතම උතුරලා වටේ ඉන්න ඔක්කොටම කැඳ ත් නැති වෙන දවසට තමයි එයාලට නින්ද යන්නේ
මොකද සතුට විඳින්න දන්න මිනිස්සු අනිත් එකාගෙ සතුටට කෙළ හල හල ඉන්නේ නැහැ,
කියන්න කණගාටුයි එහෙම මිනිස්සු ඉතින් මැරෙනකම්ම සතුට හොයනවා විතරයි ,�� කවදාවත් හම්බෙන්නේ නම් නැහැ ...අපරාදෙ විඳවලම මැරිලා යනවා."



7. "ලංකාවේ මිනිස්සුනට මොනවා නොතේරුණත් කපටි කම් කටකපලා හොරකම් උපතින්න්ම පිහිටනවා , එක එහෙම උනේ , අද මහා මිනිස්සු වෙලා ඉන්න මිනිස්සු ,පොඩි දරුවෝ කාලේ ඉඳලා දැක්කේ ,ඇහුවේ අත් දැක්කේ දේශපාලන හොරකම , ජඩකම , අල්ලස,පගාව ,හොරකම  ම විතරයි . 
ඒ වගේ විෂ පිරිච්ච සමාජෙක ලොකු මහත් වෙනකොට අවස්තාවාදී  කපටිකම් ලේ වලටම කා වැදෙන එක දුක් වෙන්න කාරණාවක් උනාට ලොකුවට පුදුම වෙන්න දෙයක් නෙමෙයි" .-අනීෂා ජයකොඩි (https://www.facebook.com/search/top?q=anisha%20jayakody)





No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...