Sunday, July 17, 2022

ජෝකර්ල ලීීඩර්ල කර අරගලය සර්කස් එකක් නොකරන්න.

 ගෝල්ෆේස් එකට මුලින්ම ආපු, කිසිම පෞද්ගලික වාසියක් නොබලා පාරට බැහැපු, වෙඩි කාපු, ගුටි කාපු මිනිස්සුන්ගේ අභිලාෂ අමු අමුවේ විනාශ කර දමමින් දැන් ගෝල්ෆේස් එක අල්ලගෙන ඉන්න ඉන්න සෙල්ෆ් ප්‍රොක්ලේම්ඩ් ලීඩර්ල ගැන්සිය ගැන මට බරපතල විවේචනයක් තියෙනවා. 


ගෝල්ෆේස් අරගලකරැවන්ට සෙල්ෆ් ප්‍රොක්ලේම්ඩ් ලීඩර්ල ගැන්සිය නිසා අරගලය කෝඩිනේට් කරගෙන අවම සහයෝගයෙන්වත් කටයුතු කරන්න  බැරි බව පේනවා. අරගලයේ තීරණාත්මක මොහොතකදී, ඔනරබල්ලා  රැට්ටා ඇතුළු සෙල්ෆ් ප්‍රොක්ලේම්ඩ් ලීඩර්ල ගැන්සිය පාර්ලිමේන්තුව වටලන්න ජවිප හදද්දී, ටී වී චැනල් වලට වොයිස්කට් දීල ඒක කරන්න එපා කියල, (ජවිපට ගූ බය නිසා හෝ ඩීල් එකක් නිසා) ඉතාමත් තක්කඩි ලෙස ජවිප බේරල පැතුම් කර්නර්ව ඒකට චෝදනාවට ලක් කරන්නේ "මේ වැඩෙන් මොනවහරි නරකක් සිද්ධ උනොත් පැතුම් කර්නර් වග කිව යුතු බව" කියමින්. මීට පෙර මිනිස්සු ජනාධිපතිගෙ ගෙවල්/ කාර්‍යාල, අගමැතිගෙ ගෙවල්/ කාර්‍යාල වටලද්දි අරගලයේම මිනිස්සු කිසිම වෙලාවක වොයිස්කට් දිදී මොනවහරි නරකක් සිද්ධ උනොත් රැට්ට/ජවිපෙ/මුදලිගේ අරය මෙයා වග කිව යුතු බව කියමින් ඩඟා නටමින් අරගලය පාවා දුන්නේ නෑ. ඒ සිද්ධි වලින් මිනිස්සු මැරැණා, කවුරැවත් මරණ වලට වගකිව්වද? අනිත් අතට එහෙම වගකියන්න අරගලයට එන මිනිස්සුන් එකා ගානෙ ලිට්මස් පරීක්‍ෂාවකට ලක් කරන්නෙ නෑනේ. අරගලයට එන ඇතැම් මිනිස්සු බීගෙන එනව, මරාගෙන මැරෙන්න හිතන් එනව, අල කරන්න එනව, පට්ට ඩිප්‍රෙස් වෙලා එනව, ඒ නැතත් කවුරැත් කියනදේ අහන්නැතුව එවෙලෙ තීරණ ගන්නව, ඒ නිසා අරගලවලදී අරය මෙයා වග කිව යුතු නෑ. කවුරැහරි එහෙම හිතනව නම් මිරිහානෙ ඉඳලම පටන් අරන්, මැරැණ, ආබාධිත උන, අලාභහානි උන, සියලු ජීවිත හා දේපල වල වගකීම් බාර ගත යුතුයි. එවිට, ඒවාට රැට්ටාටත් අනිවා වගකියන්නට වෙනවා. අනිත් අතට,එදා පාර්ලිමේන්තුව වටලන වැඩේ හරි ගිහින් අද ජනතාව අපේක්‍ෂා කරන රජයක් ලැබුනා නම් පැතුම් කර්නර් එතන හිටියෙ නෑ කියල හරි මිනිහව කපල  ඒ ක්‍රෙඩිට් එක තනියම ගන්නත් ඔතන බලු පොරයක් ඇති වෙනවා. මන්දිරයේ ඒ සී රෑම් එකට කුළල් කාගෙන පිහි ඇනුම් කර ගත්ත අයියලනෙ. 


අනිත් අතට,එදා  තව ඩිලාන්ද මොකාද කියන ගොබිලෙක් සමහර චිත්‍රපටි වල හා ත්‍රස්තවාදී සoවිධානවල ඉන්න ත්‍රස්තවාදියො වගේ රජයේ ටී වී චැනල් අල්ලා ගැනීම සම්පුර්ණයෙන්ම වැරදියි. රනිල් ඒක හරියට පාවිච්චි කලා නම් මිනිසුන්ට වෙඩි තියල ජාත්‍යන්තරයට පවා ජස්ටිෆයි කල හැකිව තිබුන කියල හිතෙනව. මේ වැඩෙන් මොනවහරි නරකක් සිද්ධ උනොත් වග කිව යුතු අය නම් කරල ඔනරබල්ලා රැට්ටා වොයිස් කට් නොදීම ගැටළුවක්. එය අරගලයට ලොකු කළු පැල්ළමක් එක් කලා, මොකද එය ත්‍රස්තවාදී ක්‍රියාවක්. හැබැයි ඔනරබල්ලා රැට්ටාස්ට තමන්ගෙ ගජ මිතුරැ කල්ලිය මොන බලු වැඩක් කලත් කිසි අවුළක් නෑ. ඔරිජිනල් අරගලය පටන් ගත්තෙම මේ පවුල් වාදය/ගජ මිතුරැ වාදය/කල්ලි වාදයට විරැද්ධව, නමුත් කියන්න කණගාටුයි දැන් අරගලය පට්ටම කල්ලිවාදීයි. 


ඔක්කෝටම කලින් අරගල භූමියේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවද? දැන් ඔතන  ටී වී ඉන්ටර්විව් යන්න, දේශපාලකයන් සමඟ නෙගෝෂියේට් කරන්න වගේ දේවලට නියෝජිතයො තෝරන ක්‍රමය ඔතන නියෝජනය කරන මහජනතාව දන්නවද, ඔතන නියෝජනය කරන මහජනතාව  බහුතර කැමැත්තෙන් තෝරපු අයද,  නියෝජිතයෙකු ගැන ගැටළුවක් ආවොත් ඉවත් කරන ක්‍රමවේදය මොකක්ද (ගහල පැන්නීම හැර, ප්‍රජාතන්ත්‍රවාදීව). කොටින්ම අරගල භූමියේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවද? අරගලයෙන් අප බලාපොරොත්තු උනේ ප්‍රජාතන්ත්‍රවාදය  ශක්තිමත් කිරීම උනාට අරගලභූමියේ පාර්ලිමේන්තුව තරම් වත් ප්‍රජාතන්ත්‍රවාදය නෑනෙ. හරිනම්  ටී වී ඉන්ටර්විව් යන්න ඕපන් සෙල්ෆ් නොමිනේෂන් වලින්  ඉල්ලන්න ඉඩදීල ඒ ඉල්ලපු අයව ඉන්ටර්විව් කරල, අරගලයට කරපු කොන්ට්‍රිබියුෂන් එකට, ඡන්දයක් තියල ඒකෙ ඡන්ද ප්‍රමාණයට, අනිකුත් සුදුසුකම් වලට වැඩි ලකුණු ගන්න අයව යැවීමයි. (ප්‍රසන්ටබල් වීම සහ අවම කොග්නිටිව් ස්කිල්ස් වත් තිබීම අවශ්‍යයි, අන්තිමට උනේ ඔනරබල්ල රැට්ට වගේ බග් බග් ගාන, වාක්‍යයක මුළ මැද අග ගලප ගන්න බැරි, තර්කාණුකූළව කතා කරන්න බැරි එවුන් ටී වී ඉන්ටර්විව් යෑම මඟින් එයින් බලාපොරොත්තු වන ප්‍රතිපල නොලැබීමයි). ඒ වගේම ටී වී එකට වොයිස්කට් දෙන්නේ කවුද, මොන වගේ අවස්ථා වලද වගේ කාරණා ගැන පොදු එකඟත්වයක්, සාමූහික වගවීමක් අවශ්‍යයි. අවම විනයක් අවශ්‍යයි. මේ එකක්වත් ඔතන නැති බවයි පේන්නෙ. හැබැයි කතා කරන්නෙ රට හදන්න.


සර්වපාක්‍ෂික අරගලකරැවො ටිකක් දේශපාලකයන් සමඟ නෙගෝෂියේට් කරපු මීටිමේ හැම පක්‍ෂයකම අරගලකරැවො නියෝජනය උනේ නෑ, හිටපු අරගලකරැවො මොකා මොන පක්‍ෂයේද, තෝරගත්තේ මොන සුදුසුකමටද, මහජනතාවට තමන්ගෙ ගැටළු ඒ අරගලකරැවො හරහ දේශපාලකයන්ට කියන්න හැකි උනාද මේ මොකවත් පැහැදිලි නෑ, මේව පට්ටම ප්‍රජාතන්ත්‍රවිරෝධීයි.


 මෝටිවේෂන් අප්පච්චිට සල්ලි හොරකම් කරනව කියල ඔතනින් එළවීම, අරගලකරැවන් රටේ හදනවයි කියන සිස්ටම් චේන්ජ් එකට සම්පූර්ණයෙන්ම විරැද්ධයි. හරිනම් කරන්න තිබුනේ පොලිස් පැමිණිල්ලක් දාල, අධිකරණ තීන්දුවක් ලැබෙනකම් මෝටිවේෂන් අප්පච්චිට වරදකරැවෙකු ලෙස නොසැළකීම නේද? ඒක නේද සිස්ටම් චේන්ජ් (enforcing law and order, one country one law for  real) එක. එතකොට රැට්ටද මැට්ටද ගොට්ටද කියන සෙල්ෆ් ප්‍රොක්ලේම්ඩ් ලීඩර්  කැළෑ උසාවියෙ නඩු අහල, කැලෑ නීතිය අනුව මෝටිවේෂන් අප්පච්චි ගහල පැන්නීම සහ වොයිස් කට් දිදී මඩ ගැසීම හරිද? 


භාෂණයේ නිදහස අරගලකරැවන් රටේ හදනවයි කියන සිස්ටම් චේන්ජ් එකට අයිති වැදගත් අoගයක්නේ. නමුත් ඒකට සම්පූර්ණයෙන්ම විරැද්ධව පැතුම් කර්නර් කතාවක් කරද්දි රැට්ටද මැට්ටද ගොට්ටද කැළෑ උසාවියෙ නඩු අහල කැලෑ නීතිය අනුව ගහල පැන්නීම හරිද? නාගානන්දටත් ගහන්න ඉන්න බව අපට ආරචි උනා. ගෝල්ෆේස් එක එහෙම නීතියෙන් වරදකරැවන් නොවූ පුද්ගලයන්ට නෝ ගෝ සෝන් එකක් වීම ගෝල්ෆේස් එකට මුලින්ම ආපු, කිසිම පෞද්ගලික වාසියක් නොබලා පාරට බැහැපු, වෙඩි කාපු, ගුටි කාපු මිනිස්සුන්ගේ අභිලාෂ අමු අමුවේ විනාශ කර දැමීමක්. ඔය හදනවයි කියන රටේ මොඩල් එක ගෝල්ෆේස් වල හදපල්ල බලන්න. දැන්නම් එතන තියෙන්නෙ මාෆියා කල්ලි දෙක තුනක් උන්ගෙ නූගත් මැරයො දාල පක්‍ෂ සමඟ ඩීල් දාල කරගෙන යන මගඩියක් සහ මේ මුකුත් ඇනලයිස් කර ගන්න බැරි මෝඩ ජනතාවක්. 


 ඔය ලොකු ෆොලෝවර්ස්ල ගණනක් සහිත මම රැඩිකල්, මම කඩේ යන්නෑ, මමනම් එහෙම නෑ කියන එකම සමාජ මාධ්‍ය ඔස්තාර් කෙනෙක්වත් තමන්ගේ ලාභ ප්‍රයෝජන නැති වේ යන බයට මේ කාරණා ගැන කතා නොකර පැතුම් කර්නර්ට පඩයක් ගියත් ඒකට පල් හෑළි ලියමින් සිටිනවා.  ගෝල්ෆේස් එකේ වනචර ගැන්සියක කැලෑ නීතිය පවත්වගෙන යන ගමන් ඒ වනචර ගැන්සියම රටේ සිස්ටම් චේන්ජ් කරන්න කතා කිරීම තරම් විහිළුවක් තවත් නෑ.  අන්තිමේදි උනේ අපෝ මේ අන්සිවිලයිස්ඩ් කාළකණ්නිට වඩා රනිල් හොඳයි යන මතය මිනිස්සු තුළ ඇති වීමයි. ජෝකර්ල ලීීඩර්ල කර අරගලය සර්කස් එකක් නොකරන්න.

No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...