Friday, July 15, 2022

ඩීල් කාරයෝ- 2

චාන්‍යා හේරත් පැතුම් කර්නර් ගැන පළ කරපු පෝස්ටුවක් ගැන මම දේවානි ජයතිළක මහත්මියව දැනුවත් කළ පසු ඇය ඒ ගැන ඇයගේ සමාජ මාධ්‍යවල පළ කල අදහස් පහත තියෙන්නේ. රට හදන්න හදන චාන්‍යා හේරත්ල ගේ කොළිටි එක කොච්චරද කිව්වොත් දේවානි ජයතිළක මහත්මියගේ නම  පෝස්ටුවේ මඩ ගැසීමට පාවිච්චි කලාට ඒ මනුස්සයටවත් කොමෙන්ට් කරන්න බැරි වෙන්න තමයි සෙටිඞ්ස් හදල තියෙන්නෙ, ඒ තරම් දියුණු ආචාර ධර්ම චාන්‍යා හේරත් ලට තියෙන්නෙ. පැතුම් කර්නර් ඩීල් කාරයෙක් වෙන්න ඇති. නමුත්  චාන්‍යා හේරත් ගෙ ඩීල් දැමිල්ල හොඳ වෙන්නයි පැතුම් කර්නර්ගෙ ඩීල් දැමිල්ල වහකදුරැ වෙන්නයි බෑනෙ. 

පැතුම් කර්නර්ව මම ඕනෙ තරම් විවේචනය කරල තියෙනව. මම පෙනී ඉන්නෙ පැතුම් කර්නර් වෙනුවෙන් නෙමේ,   පැතුම් කර්නර් විසින් ඇති කරන්න හදන දේශපාලන සoස්කෘතිය වෙනුෙවෙන් මම පෙනී ඉන්නෙ. මේ ලකාවේ උගත්, ඉහළ මධ්‍යම පන්තියේ, දේශපාලන පවුළකින් පැවත නොඑන, මිනිස්ුන්ට දේශපාළනයට පිවිසීමේ අයිතිය ඒ දේශපාලන සoස්කෘතියයි. මෙච්චරකල් උනේ ප්‍රධාන පක්‍ෂ දෙක උන්ගේ මජර දේශපාළනය පරවේණි බුක්තිය සහ ජවිපෙ/පෙරැට්ටන්ගේ ලුම්පන් දේශපාලනයි. මේ දෙකම ආත්මගෞරවයක් තියෙන, රට තොට දැකපු, උගත්, හොඳ රස්සා කරන, කාටවත් අතපාන්න යන්නැති, දෙකට නැමෙන්නැති,  ඉහළ මධ්‍යම පන්තියේ, දේශපාලන පවුළකින් පැවත නොඑන මිනිසුන් පය ගහන්න අකමැති දේශපාලන සoස්කෘති. ඒ දේශපාලන සoස්කෘති වලට අනුගත වෙන්න නම් ආත්මය යක්‍ෂයාට විකුණන්න වෙනවා, බලන්න ජී එල්, අමුණුගම, විතාරණ, ආශු වගේ එවුන් කොච්චර උගත් උනත් සොම්බි වෙලා ඉන්න හැටි. 

ඉතින් කාලයක් ආත්මගෞරවයක් තියෙන රට තොට දැකපු උගත් හොඳ රස්සා කරන කාටවත් අතපාන්න යන්නැති දෙකට නැමෙන්නැති  ඉහළ මධ්‍යම පන්තියේ, දේශපාලන පවුළකින් පැවත නොඑන මිනිසුන් අපි හම්බ කලොත් අපි කනවා න්‍යායය අනුගමනය කලා, මොකද ඔවුන්ට වෙන විකල්පයක් නෑ ඇත්තටම. ඒකයි මට පැතුම් කර්නර් විසින් ඇති කරන්න හදන දේශපාලන සoස්කෘතිය වැදගත්. පැතුම් කර්නර් ට මේ වෙනකොට සියලුම පක්‍ෂ හා ඒවායේ බළල් අත් වලින් තනි කරල, වට කරල, කල්ලි ගැහිල, පහර දෙනව. ඒ අතර ප්‍රධාන මජර පක්‍ෂ දෙක, ජවිපෙ, පෙරැට්ටො, අරගලයේ කම්පීට් කරන උන්, මේ හැමෝගෙම ඩීල් කාරයො, සමාජ මාධ්‍ය වල රඟන එවුන් සහ   මෙකී නොකී සියල්ලෝම පොදු සතුර විදියට සළකන්නේ කර්නර්. මොකද ආත්මගෞරවයක් තියෙන රට තොට දැකපු උගත් හොඳ රස්සා කරන කාටවත් අතපාන්න යන්නැති දෙකට නැමෙන්නැති , ඉහළ මධ්‍යම පන්තියේ, දේශපාලන පවුළකින් පැවත නොඑන මිනිසුන්  දේශපාළනයට ඒම මේ හැමෝගෙම අවසානය නිසා. ආයෙත් කියන්නේ, මම පෙනී ඉන්නෙ පැතුම් කර්නර් වෙනුවෙන් නෙමේ,   පැතුම් කර්නර් විසින් ඇති කරන්න හදන දේශපාලන සoස්කෘතිය වෙනුෙවෙන්. 

 පැතුම් කර්නර් ඩීල් කාරයෙක් නම් ඡන්දය දෙන්න එපා. සරළයි. නමුත් පැතුම් කර්නර් ගොඩනගන්න හදන දේශපාලන සoස්කෘතිය විනාශ කරන්න ෆුල් ට්‍රයි එක දෙන ගo කබරයන්ගේ ප්‍රොපගැන්ඩා වලට අහු වෙන්න එපා. එහෙම උනොත් අපි හම්බ කලොත් අපි කනවා වෙනුවට අපි හම්බ කලොත් උන් කනවා  තමයි සදහටම.



No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...