Tuesday, June 30, 2020

කස්තුරිට සුබපැතුම්..



"Kasturi Chellaraja Wilson has been appointed as the Group CEO of Hemas Holdings PLC, making her the first female Group CEO of a conglomerate in Sri Lanka."

පාසලේදී ක්‍රීඩාවට දක්ෂ කැරලි කොණ්ඩය සහිත දඟකාර දුඹුරු ගැහැණු ළමයෙක්.

ජීවිතේ එකම අරමුණ Happily ever after ලෙස සලකා අවුරුදු 20 න් විවාහ වුන ගැහැණු ළමයෙක්.

අවුරුදු 26 වන විට දෙදරු මවක්/ ගෘහණියක් වුන ගැහැණු ළමයෙක්.

අවුරුදු 29 දී රැකියාවක් , ආදායම් මාර්ගයක් නොමැතිව single parent කෙනෙක් ලෙස හුදෙකලා වුන ගැහැණු ළමයෙක්.

ශ්‍රී ලාංකික ව්‍යාපාර සාමූහිතයක ප්‍රථම කාන්තා ප්‍රධාන විධායක නිලධාරියා ලෙස තේරී පත් වුන ගැහැණු ළමයෙක්.

මේ ගැහැණු ළමයි 5 දෙනාම එක්කෙනක් බව ඔබ විස්වාස කරනවාද ? ආරම්භය අවසානය තීරණය නොකරන බව ඔබ විස්වාස කරනවාද ? ඇය වුර්තීය ජීවිතය ආරම්භ කළේ වයස 29 දී පමණ දරු දෙදෙනෙක් තනිව හදා හදා ගැනීමේ මහා මෙහෙවරට උරදීමටය.
ලංකාවේ ව්‍යාපාර කේෂේත්‍රයේ මෙතෙක් කලක් පිරිමින් විසින් හොබවන ලද පුටුවක් කාන්තාවකගේ අතට පත් වීම ලාංකික කාන්තාවන් වශයෙන් අපිට විශේෂයි.
මවක් ලෙස ගෙවන භූමිකාවේදී අපගේ වුර්තීය ජීවිතය පසෙකට කර යැපෙන්නෙක් බවට පත්වීම අගයන දේශයක අපි ජීවත් වෙමු. කෙල්ලෙක් නම් සුදු වුනහම සේරම හරි කියන මිනිසුන් වසන සමාජයක උඩුගම් බලා පිහිනපු තලෙළු ලාංකික කෙල්ලෙක් ලෙස, තමාගේ උපරිමය වෙත යාමට මාතෘත්වය බාධාවක් වෙනුවට ශක්තියක්ම කරගත් ගැහැනියක් ලෙස කස්තුරි අප හැමට විශේෂ පුද්ගලයෙකි.
ඇගේ උගත්කම, හැකියාව, නායකත්වය මෙන්ම අසාමාන්‍ය රූමත්කම මගේ සිත අමන්දානයට පත් කරයි.
ජීවන ගමනේ සාර්ථක වීමට ඇවැසි වන්නේ උත්සාහය, උනන්දුව සහ කැපවීම බවත් ජීවිතේ ඔබ වෙත එවන අභියෝග , අවස්තාවන් ලෙස දකින ලෙසත් කස්තුරි අපිට හඬගා කියයි.
ජීවන ගමනේ කාන්තා අප හැමට උදාහරණයක් වීම වෙනුවෙන් මම කස්තුරිට සුබපතමි.
සාමන්‍යයෙන් මෙවැනි විශේෂ තනතුරක් සඳහා විදේශ රටවලින් වුර්තියකන් ගෙන්වීම සිරිත වුවත් ලාංකිකත්වයට මුල් තැන දෙමින් 100% ක් අපේම ලාංකික සමාගම හේමාස් සමූහ ව්‍යාපාරය මේ තැබූ පියවර පිළිබඳව Ladies Only සමූහය වෙනුවෙන් අපේ උණුසුම් සුබපැතුම් පිරිනමමු.

Reshika Dissanayake GodakandaLadies Only
June 26 at 12:12 AM  · Shared with Public


Sunday, June 28, 2020

පාසල් ගෝත්‍රිකත්වය - Nalaka Swarnathilake

තම පාසල පිළිබඳව පමණට වඩා හුවා දක්වමින් අන් පාසල් හෙළා දකින්නෝ ඔබටත් හමු  වී ඇති. පාසල් පම්පෝරිය මේ රටේ තියෙන තවත් මිත්‍යාවක්. තම තමන්ගේ පාසල් ගැන ‍යමෙකුට අභිමානයක් තිබිය හැකියි. එහෙත් එය අනෙක් පාසලකට වඩා තම පාසල උසස් හෝ මාරයි කීමට භාවිත කිරීම හීනමානයක්. මොකද එහෙම පාසලක් ලෙස ගත්තහම ඒ පාසලේ සියල්ලෝම මාර චරිත වූ පාසලක් මිහි පිට කොහේවත් නොමැති නිසයි. අතීතයේ තිබුනෙත් නැහැ. දැනුත් නැහැ.
අපේ රටේ පහසුකම් මත නම් පාසල් වර්ග කළ හැකියි. එහෙත් ගුණාත්මකව, හැදියාව මත, දක්ෂතා මත, සුපිරිම චරිත මත අසවල් පාසල තමයි පාසල කියා නම් කළ හැකි ජගතෙකු වේ නම් හමුවනු රිසියෙමි. සෑම පාසලකම සකල විධ (හොඳ /නරක/කපටි/තක්කඩි/හොර/බොරු/වංචා/වාචාල/විනය ගරුක/ අවිනීත සහ මෙකී නොකී) චරිත ඉතා පහසුවෙන් සොයා ගත හැකියි. ඒ නිසා පාසල් මත පොදු ප්‍රකාශන හෝ පොදු කුලක සදා ප්‍රකාශ කිරීම ඉතා ගෝත්‍රික බව මගේ අදහසයි. එක් දරුවෙකුගේ හෝ ආදි සිසුවෙකුගේ විශිෂ්ටත්වයක් හෝ අවැඩක් එම පාසලේ සමස්තය මත ආරෝපණය කිරීම හෝ එය මුලුමනින්ම අදාල පාසලේ   ප්‍රතිඑලයක් ලෙස ගැනීම කිසිසේත්ම තාර්කික නොවේ. එය බොහෝ සාධකවල එකතුවකි.
නමුත් යම් පාසලකට අනන්‍ය උසස් ලක්ෂණ තිබිය හැක. එහෙත් එම උසස් බව සෑම සිසුවෙකු මත ආරෝපණය නොවේ. එසේ වන්නේ නම් ඉතා හොඳ ය. මේ නිසා කුඩා කල සිටම දරුවන්ගෙන් ඔය පාසල් ගොත්‍රිකත්වය ඉවත් කළ යුතුයි. කළ යුතු වන්නේ පාසල්වල නම් නිසා බැබලෙන දරුවන් සැදීම නොව, පාසලේ නම බබලවන ගුණාත්මක දරුවෙකු සැදීමයි.
(මේ සටහනට හේතු එමටයි. ආසන්නතම නිමිත්ත එක්තරා නෝනා කෙනෙකුගේ පාසල් ගෝත්‍රිකත්වය හා සබැඳි කතාවක්)

Nalaka Swarnathilake

මේ කතාවට සම්පූර්ණයෙන්ම එකඟයි. පහ වසරට යනකම් මම ගියේ ගමේ පාසලට, එතනින් ශිෂ්‍යත්වය සමත්වී සුපිරි කාන්තා විදුහලට. මම අද හරියට දුක් වෙනව ගමේ පාසලෙන් අස් වීම ගැන. විශාල වත්තක කඳු බෑවුම් පල්ලම් කැළෑරොද සහිත ගමේ පාසලේ නිස්කලoක නිදහස් පරිසරයත් ගමනාගමන පහසුවත් ළමයින්ගෙ ගැමි කමත් හරිම සුන්දරයි. සුපිරි පාසලේ බොරැ ආටෝපයත් මඟටම දිය වන ජීවිතයත් අනවශ්‍ය තරඟයත් මාව වෙහෙසට පත් කලා. සුපිරි පාසලේ හිටියත් නැතත් මම මගේ ගමන යන බව මම දන්නවා. මගේ ඉගනීමට සුපිරි පාසලෙන් ලැබුන එකම දායකත්වය සුපිරි දක්ශයන්ව දැක හඳුනා ගැනීමයි.

ප. ලි. මේ කතාවට අදාල පාසලට ගිය කෙනෙක් නොවෙමි. ඇත්තටම මම බොහෝ කාලයකට පෙර සිටම ප්‍රතිපත්තියක් වශයෙන් මගේ පාසලේ ලොකුකම කියන පෝස්ටු like/share කිරීම/ අනිත් පාසල් වල වැරදි කියන පෝස්ටු like/share කිරීම කරන්නේ නැහැ. උඩපැන පැන ඔය දෙකම කරන මගේ පාසලේ ආදි ශිෂ්‍යාවො බහුතරය විශ්ව විද්‍යාලයකට නොගිය පාසල හැර වෙනත් educational achievements ජීවිතයේ නොලබපු ගෑනු එහෙම නැත්නම් ඉස්කෝලෙදි එක්කො අම්ම ඉස්කෝලෙ උගන්නන නිසා වගේ අයථා ක්‍රමයකින් බලපුලුවන්කාරකම පෙන්න පෙන්න ඉඳල එළියට ගියාම එසේ කරගන්නට බැරි වෙච්ච නිසා නැවත තමන් රජකරගෙන හිටපු ඉස්කෝලෙට රිoගන්න දතකන ගෑනු එහෙමත් නැත්නම් අන්ත දුප්පත් පවුලකින් ආව හෝ ඊට සමාන හේතු නිසා ඉස්කෝලෙදි මුළු ගැන්වී පසුව දොස්තරකෙනෙක් වැනි ඉහළ සමාජ තලයට රිoගපු තමන්ට ඉස්කෝලෙ යන කාලෙ නොතිබුනු තත්වය දැන් හරි ඉස්කෝලෙන් ලබා ගන්න දතකන ගෑනු .

Friday, June 26, 2020

Undercover charity රසකතා - 1

මම අනුන්ට උදව් කරද්දී කිසිම ලාභාපේක්ශාවකින් තොරව එය කිරීමට වග බලා ගන්නවා. මොකද ඇත්තටම බැලුවොත් අනුන්ට උදව් කරනවා කියල අපි උදව් කරන්නේ අපටමයි. දරැවෙකු හදා ගන්න ගන්නේ ඒ දරැවාට උදව් කිරීමටම නොවේ ඒ දරැවාගෙන් තමන්ට සතුටක්, තමන් නොලැබූ අත්දැකීමක් ලබා ගන්නටයි. හැම උදව්වක්ම එහෙමයි. ඒ නිසා  උදව් ලබා ගන්නා අය ලව්වා වැඳුම් පිදුම්, ගුණ කථන, මැඩම් කියව ගැනීම් ආදිය හෝ කොටින්ම මේ උදව් කරන්නේ මම ය කියලවත් මම උදව් කරන අය දන්නෙ නෑ. ඒක හරිම රසවත්. මොකද එක අවස්ථාවක මම උදව් කරන කෙනෙක් අපගේ සම්බන්ධීකාරක තුමා සමඟ කතා කරද්දී කියල තියෙනව ලoකාවට ඇමරිකාවෙන් එන්ගලන්තෙන් කොරෝනා වසන්ගතය නිසා මව් රටට එන අයට එන්න නොදිය යුතු බවත් කොරෝන නිසා මළත් කරන්නට දෙයක් නැහැ, මොකද ඔවුන් මව් රටට ආදරය නැති මව් රට දාල ගිය අය බවත්.

ආදරණීය දරැවෝ, මට ඔබට කියන්නට තිබෙන්නේ මා හෙට කොරෝනා නිසා මළොත් එය ඔබගේ අධ්‍යාපනයේද මළගම බව ඔබ නොදනී. "සඳ නොදන්න නමුදු සඳට එළිය හිරැගෙනී" කියල මම ප්‍රිය කරන ගීතයක් තිබෙනවා. එහි පළවෙනි පේළි දෙක "කතරක තනි වී ඔබ යන අයුරැ පෙනි පෙනී-හිම සෙළ මුදුනත සිටියද මහද ගිනි ගනී" මේ ගීතයේ නම් ඒ පුද්ගලයාට ආදර හැඟීමක් තිබෙනවා. හැබැයි මට ඔබ ගෙන් ස්තූතියක්වත් නොගන්නා පරිදියි මම ඔබට උදව් කිරීම සන්විධානය කරල තිබෙන්නේ. මගේ හිත ගිනි ගත්තේ ඔබ මගේ රටේ දරැවෙක් නිසාත් මම මගේ මව් රටට ආදරේ නිසාත්. මම ලoකාවේ සිටියානම් ඔබට උදව් කරන්න තරම් ආර්ථික හයියක් මට කවදාවත් ලැබෙන්නැහැ. හැමදාම සුක්කානම අල්ලා වාහනය පණ ගන්වා අධිවේගී මාර්ගයට පිවිසෙන විට හිතෙන දෙයක් තමයි මම උදව් කරන දරැවන්ට බත් කටක් පොත පතක් දෙන්න මට තව සන්සාරික ණය තිබේ නම් අද මගේ ජීවිතය මහමඟ රැකේවි යන්න. ඔබගේ නැණස පාදන්නට මට උවමනා ඔබට වඩාත් පුළුල් ලෙස ලෝකය දකින්නට උදව් කර ඔබ දැන් සිටින ළිo මැඩි මානසිකත්වයෙන් ඔබව ගැළවීමටයි.

with love,

Your Unknown Sponsor

ප. ලි. මම හිම සෙල මුදුනෙ ඉන්න ඒ කියන්නෙ හතරමහ නිධානෙ පහළවුන කෙනෙකුත් නෙමේ

Saturday, June 20, 2020

අද කාලෙ ඉන්න සිoහල බෞද්ධයන්ගේ (?) ලොජික් කිහිපයක්

අනිත් ආගමිකයන් අපේ රට අන්‍යාගමීකරණයට එරෙහි විය යුතුය, ඒත් අපට යන යන තැන පන්සල් අටවාගෙන ආගම ප්‍රචාරණය කැපය

අපේ රටට විදේශ ශ්‍රමිකයන් ගෙන්වීමට එරෙහි විය යුතුය, ඒත් අපට කොරියාවට මැදපෙරදිගට ඔස්ට්‍රේලියාවට යුරෝපයට රස්සා කරන්නට යන්නට කැපය


අපේ විශ්වවිද්‍යාල වලට විදේශ සිසුන් ඇතුලු වීමට එරෙහි විය යුතුය, ඒත් අපට ලෝකය පුරා විශ්වවිද්‍යාල වලට ඇතුලු වීමට කැපය


අපේ රටට විදේශිකයන් ඒම අකැපය හැබැයි අපිට පවුල් පිටින් විදේශවල පදින්චි වී අපේ ආගම භාෂාව සoස්කෘතිය ප්‍රචාරණය කිරීම කැපය

අපේ රටට අනිත් රටවල් ආධාර කල යුතුය නමුත් අප වචනයකින්වත් අනිත් රටවල්  වලට ආධාර නොකරමු, විශේෂයෙන්ම අපට වඩා  දියුණු රටකට කෙළ වෙනවාට අපි මාර කැමතිය


අපිට අනිත් ආගම් වල ගෑනු විඳින දුක දකිනා විට බොක්ක උණු වන නමුත් අපේ ගෑනුන්ට බස් වල මහමඟ හෝ අහු වෙන තැනක අතවර කරමු


අපිට අනිත් ආගම් වල ළමුන් විඳින දුක දකිනා විට බොක්ක උණු වන නමුත් අපේ ළමයි සුරාව, සූදුව, මත් ද්‍රව්‍ය ගෘහස්ථ හින්සනය, ළමා අපචාර (including ළමා පැවිදි වීම්) නිසා විඳින දුක ගැන කිසිවක් නොකරමු

Friday, June 19, 2020

මම ලoකාවේ තුන්වෙනි පන්තියේ පුරවැසියෙක්මි


Incident 1: Tharinda: First class citizen in Sri lanka, Police guy: 3rd class citizen in Sri Lanka

Incident 2: Doctor: First class citizen in Sri lanka, Varuni and same police guy above: 3rd class citizens in Sri Lanka

Incident 3: Criminal students/VC/UGC head: First class citizens in Sri lanka, Pasindu: 3rd class citizen in Sri Lanka

There are more and more incidents, I just choose these three. It is better to be a second class citizen in a developed country than becoming a third class or even lower level citizen in your own country.

පොලිස් නිලධාරියාගේ මාරක අනතුර සිදුකළ තරින්ද රත්වත්තේ ඇප මත නිදහස්

පොලිස් නිලධාරියාගේ මාරක අනතුර සිදුකළ තරින්ද රත්වත්තේ ඇප මත නිදහස්
අනතුර සිදු කළ අවස්ථාවේ තරින්ද බීමත්ව සිටි බවට පොලිසිය සාක්ෂි ලබාගෙන තිබුණි. ඔහු බීමත්ව සිටි නිසා පාලනය ගිලිහී අනතුර සිදුව ඇති ආකාරය ගැන පොලිසිය කරුණු ඉදිරිපත් කළ අතර ඔහුගේ නීතිඥයින් කියා සිටියේ මෙය හිතාමතා කළ අනතුරක් නොවන බවත් එම පවුලට උදව් කිරීමට කැමති බවත්ය.
ඇමති ඥාතියෙක් සිදු කළ අනතුරක් බවට තොරතුරු පළවීම නිසාදෝ මෙම අනතුර සිදු කළ අය ගැන මාධ්‍ය වලින් කරුණු හෙළිවූයේ අඩුවෙනි.
තරින්ද රත්වත්තේ දේශපාලන වශයෙන් පෙනී සිටි චරිතයක් නොවූ අතර විශිෂ්ට රගර් ක්‍රීඩකයෙකි. ඔහු ඇමති ඥාතියෙකු වන්නේ කෙසේද යන්න ඇතැමුන් ප්‍රශ්න කර තිබූ අතර ඒ මෙසේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේගේ පියා අනුරුද්ධයි. සීයා හැරිස් ලෙව්කේ රත්වත්තේය.
රගර් ක්‍රීඩක තරින්ද රත්වත්තේගේ පියා අශාන්ය.සීයා ඩෙනිස්ය. මුත්තා (සීයාගේ පියා) හැරිස් ලෙව්කේ රත්වත්තේය.

https://www.gossiplankanews.com/2020/06/tharinda-ratwatte-released-on-bail.html#more

79 ලක්ෂය කොල්ලකෑ ජාතික රෝහලේ වෛද්‍යවරයා මන්දමානසික බව පෙන්වා බේරීයාමේ තැතත්

පසුගියදා කොළඹ ජාතික රෝහලේ ගිණුම් අංශයේ පිරිසකට පිස්තෝලයක් පෙන්වා රුපියල් 79 ලක්ෂයක මුදල් කොල්ලයක නිරතවූ වෛද්‍යවරයා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේ පසුවෙයි.
අත්අඩංගුවට පත්වූ පසුව ඔහු විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටි බවත් දන්නා හඳුනන බොහෝ පුද්ගලයන්ට ණය වී සිටි බවත් පොලිසියට පවසා ඇත.

මෙම අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපල්වරයෙකු රිය අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටිය දී අද (14)අලුයම මියගොස් ඇති බවද කණගාටුදායි ලෙස වාර්තාවිය.

කොල්ල සිද්ධියෙන් පසු වාර්තා වූයේ මෙම වෛද්‍යවරයා අල්ලාගත් වරුණි බෝගහවත්ත මහත්මිය සම්බන්ධයෙන් පොලිසියේ අභ්‍යන්තර පරීක්ෂණයක් ක්‍රියාත්මකවූ බවකි. ඒ අදාළ නොවන රාජකාරී කටයුුතු ඉටුකිරීම සම්බන්ධයෙනි. ඇය ප්‍රසිද්ධව සිටියේ කන්‍යාවියන් සියගණනක් දූෂණය කළ බවට කතා පැතිර තිබූ අකුරැස්සේ ප්‍රදේශීය දේශපාලනඥයෙකු අල්ලා අධිකරණයට ඉදිරිපත් කළ නිලධාරිනියක ලෙසිනි.



පසිඳු ගෙදර ගියත් සිද්ධිය මතක නෑ ඇවිදින්න අමාරුයි


පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨයින්ගේ අමානුෂික ටයර් පහරකට ගොදුරුවූ පසිඳු හිරුෂාන් සිසුවා දින 98 ක් රෝහල්ගතව සිට ප්‍රතිකාර ලබා ජීවිතය බේරාගෙන යළි මිනුවන්ගොඩ පිහිටි නිවසට යාමට හැකිවීම සතුටට කරුණක් විය. නමුත් ඔහුට මෙම අනතුර නිසා
සිය ජීවිතය යථා තත්වයට පත්කරගන්නට අපහසුවී ඇති අතර යම් යම් දුබලතා දිගටම පවතින්නටත් ඇතැම් දුබලතා සුවවන්නට දිගු කලක් ගතවන්නට ඉඩ පවතින තත්වයක් පෙන්නුම් කර ඇත. පවතින තත්වය යටතේ ඔහුට යළි අධ්‍යයන කටයුතු ඇරඹීමට හැකියාවක්ද නැත.




Thursday, June 18, 2020

අපි මැරෙනකන් කරන්නෙ ජීවත් වෙන්න උත්සහ කරන එක මිසක් ජීවත් වෙන එක නෙමෙයි?



චමල් අකලංක පොල්වත්තගේ මුහුණුපොතේ හොඳ සoවාදයක් අරඹල තිබුනා ජීවිතය ගැන. ඒ සටහන  පහතින් උපුටා දක්වල තියෙනවා. චමල් ගැටලුව හඳුනාගත්තට විසඳුමක් හඳුනාගෙන නැති බව පෙනුන නිසා මේ කතාවට ඌණ පූර්ණයක් කතාවට පහලින් මම ලිව්වා මොකද ඔය කියන විෂම චක්‍රය මම බිඳ දැමුවායැයි මම හිතන නිසා.

චමල් අකලංක පොල්වත්තගේ සටහන:

විමල් කැටිපෙආරච්චිගෙ 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' පොතේ මේ කවිය තියෙන්නෙ.
'දවස තිස්සෙ දුවල දුවල
ගෙදරට ඇවිත් ඇඳට වැටිල
ඇහැ ඩිංගක් පියවෙද්දි මෙච්චර ම සනීප නම්
මැරුණහම කොහොම ඇත්ද? '
----------
ඊයෙ මගෙ මිත්‍රයෙක් වැඩට ගිහින් එන ගමන, මට කියනවා "හරි මහන්සියි, ඔලුව කැක්කුමයි.." කියලා. එයා ඒක කීප දවසක්ම මට කියලා තියනවා.
 මම ඇහුවා ඉතින් මොකක්ද මේ ජීවිතේ තේරුම බං. අපි ජීවත් වෙන්නෙ කවදද කියලා.
එයා කියනවා ඒක ඇත්ත. ඒ උනාට සල්ලි ඕනෙනෙ කියලා.
---------
උදේ ඇහැරිලා, ඇඳගෙන බස් වල තෙරපි තෙරපි වැඩට යනවා. තමන්ගෙ වාහනේක හෝ ටැක්සියක ගියත් පාරෙ ට්‍රැෆික් වල රස්තියාදු වෙනවා. ඒ ගිහින් මහන්සි වෙලා වැඩ කරනවා. හවසට ආයෙ දාඩිය පෙරාගෙන ගෙදර එනවා. සමහරවිට රෑ වෙනවා. කාලා නිදාගන්නවා. ආයෙ උදේ ඇහැරෙනවා. ඔහොම සතියක් වැඩ. සෙනසුරාදා දවස් බාගයක් වැඩ. ඉරිදා ගෙදර. එදාට ගෙදර වැඩ සේරම කරන්න ඕනෙ.
අපි වැඩ කරන්නෙ සල්ලි හොයන්න. සල්ලි හොයන්නෙ අපිට අවශ්‍ය කරන ජීවිතය ලබා ගන්න. හැබැයි ඇත්තටම බැලුවාම අපි මැරෙනකන් කරන්නෙ ජීවත් වෙන්න උත්සහ කරන එක මිසක් ජීවත් වෙන එක නෙමෙයි.
අවුරුදු 60ක් වෙනකන් වැඩ කළොත් එහෙම ඔය දින චර්‍යාව එක දිගට වෙනසක් නැතුව ගත කරනවා. ඊට පස්සෙ තව අවුරුදු කිහිපයකින් මැරිලා යනවා. ඔය අතරෙ විවාහ වෙයි. දරුවො හදයි. එයාලට උගන්නයි. ඒ වෙනුවෙන් තවත් මහන්සි වෙයි. පවුලේ ආදරණීයයන් වෙනුවෙන් තවත් මහන්සි වෙන්න වෙනවා සල්ලි හොයන්න. අන්තිමේදි මැරෙන්නෙ තමන් බලාපොරොත්තු වෙන ජීවිතය ගතකරලා නෙමෙයි.
දරුවන්ට යහපත් ජීවිතයක් ළඟාකර දීම වෙනුවෙන් අපේ ජීවිතේ කැප කළා කියලා හිත හදාගෙන මැරුණා කියමුකො.
නමුත් ආයෙත් ඒ දරුවොත් ගතකරන්නෙ ඒ ජීවිතේමයි.
එයාලත් එයාලගෙ දරුවො වෙනුවෙන් කියලා හිත හදාගන්නවා. ඒ දරුවොත් එහෙමයි. අන්තිමේදි හැම පරම්පරාවකටම එකම දේ වෙලා තියෙන්නෙ.
උදේ හවස වැඩට යන බහුතරයකගෙන් ඇහුවොත් එහෙම ඔය ගතකරන්නෙ බලාපොරොත්තුව වුණ ජීව්තේද, එහෙම නැත්තනම් ඉන්නෙ තෘප්තියෙන්ද සන්තෝෂෙන්ද කියලා ප්‍රස්ණ මිලියන ගණනක ලිස්ට් එකක් ලැබෙයි.
තරුණයෙක්ගෙ ඉඳලා වැඩිහිටියෙක් වෙනකන්ම විවිධාකාරයේ ප්‍රශ්ණ. බහුතරය මානසිකව දැඩි ආතතියක ඉන්නෙ.
මම දන්නවා මං මේ කියන්නෙ අප්‍රායෝගික කතාවක් කියලා. එහෙමයි කියලා වැඩ නොකර ඉන්නත් බෑ කියලා.
 මේ සිස්ටම් එක විසින් අපිට ඒක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කරන්න නියම කරලා තියනවා. එහෙම නැතුව පැවැත්මක් නැති කරලා තියනවා. ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටකනම් මේ තත්වය ඉතා දරුණුයි.
ඔය ක්‍රමය අපි අතහරිනවනං මැරෙන්න වෙන්නෙ පවුල් පිටින්.
ජීවත්වෙන්න හම්බ කරනවා. අන්තිමේදි ඒ වෙනුවෙන්ම ජීවත් වීම කියන එක කැපකරනවා.
උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පිටරටක වැඩ කරන මනුස්සයෙක්. එයා රට යන්නෙ තමන්ගෙ දරු පවුලට සුවපත් ජීවිතයක් ළඟාකර දෙන්න. නමුත් ඒ වෙනුවෙන් ඔහු අවුරුදු ගාණක් දරු පවුලෙන් වෙන් වෙලා ඉන්නවා. ජීවත් වීම වෙනුවෙන් ජීවත් වීමම කැප කරනවා.
අඩු වැඩි විදිහට වෙනවා මේක.
අපි සමාජයක් විදිහට මොකක් පස්සෙන්ද මේ දුවන්නෙ. අපි සමෘද්ධිමත් ජීවිතයක් කියලා මොකක්ද මේ ගොඩනගාගන්න හදන්නෙ. සිස්ටම් එක විසින් අපිට පෙන්නනන පරමාදර්ශී ජීවිතය කියන්නෙ ඇත්තටම අපිට උවමනා එකද. නැත්තං සිස්ටම් එකේ පැවැත්ම වෙනුවෙන් අපිට එහෙම ඉලක්කයක් මවලා ඒ වෙනුවෙන් අපිව දුවවනවද..
ඔබ හිතනවා ඇති සල්ලි මළු ගණන් බිලියන ගණන් හම්බ කරලා ඉවරවුණාට පස්සෙ විමුක්තිය ලැබෙනවා කියලා. නෑ. නිකමට මහා ධනවතෙක් කියලා සමාජය විසින් කියන බොහෝ වත්කම් ඇති මනුස්සයෙක්ගෙන් අහලා බලන්න. ඔවුන්ට අපිටත් වැඩිය ප්‍රශ්ණ.
මම මේ කියන්නෙ මුකුත් නැතුව පූජකයෙක් වෙලා මිනිස්සු දෙන දෙයින් කාලා වනගත වෙන්න, ලුණුයි බතුයි කාලා ඉන්න, හිඟන්නෙක් වෙන්න, හෝ හම්බ කරන්න එපා කියලා හෝ නෙමෙයි.
අපිට සමාජය විසින් පෙන්නන පරමාදර්ශී ජීවිතය කියන එක අපිට ඇත්තටම ඕන එක නෙමෙයි කියන එක.
මොකද අර කවදහරි වසන්තය එනවා සත්තයි කතාව වගේ වෙන්න පුලුවන් හැම දේම වෙලා වසන්තය ඇවිල්ලා තේරුමක් තියනවද.. කවදහරි වසන්තය එනකොට අපි මරණයේ දොරකඩනම් ඉන්නෙ මොකක්ද ඒ පමාවෙලා එන වසන්තයේ තේරුම.
මම මේ දැන් මැරෙන්න පුලුවන්. ඔබ හෙට මැරෙන්න පුලුවන්. මේ ඕනම මොහොතක අපි මැරෙන්න පුලුවන්. එතකොට මේ මොහොත අපි තෘප්තිමත් නැත්නම් අපිට වෙන්නෙ මළාමවත් නිදහස්නෙ කියලා හිත හදාගන්න.
ඒකද ඕන උනේ. මැරුණම නිදහස් වෙන්නද. ජීවත් වෙලා ඉන්න මේ මොහොතේ නිදහස් වෙන්නද..
මේ පණ්ඩිත කතා කිව්වට ජොබ් එකට නොගිහින් කන්න දෙන්න උඹද කියලා යාලුවා මගෙන් ඇහුවොත් මට දෙන්න උත්තරයක් නෑ.
නමුත් අපි හැමෝම ඇත්තටම සිස්ටම් එක විසින් තීරණය කරපු පරමාදර්ශී ජීවිතය කියන මිත්‍යාවක් පස්සෙන් පන්නමින්, ජීවත්වෙනවා කියන්නේ මේකය කියලා කවුරුහරි තීරණය කරපු හීනයක හිරවෙලා ඉන්නවා කියන එක තේරුම් ගන්න වෙනවා.
නිකමට හිතලා බලන්න, අපි ජීවත් වෙනවා කියලා ලෝකෙ අපෙන් බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහටම නොකරත් අපිට ජීවත් වෙන්න පුලුවන්.
සරලවම අපේ සතුට, අපේ ජීවිතය තීරණය කරන්න ඕනෙ අපි මිසක් වෙනත් අදෘශ්‍යමාන ක්‍රමයක් විසින් නෙමෙයි. 100% ක් එහෙම ස්වාධීන වෙන්න බැහැ. ඒක හරි. නමුත් දැන් මේ ගතකරන අතෘප්තිකර ජීවිතයට වඩා හොඳ තැනකට යන්න පුලුවන්.
ඔබ මම ඇතුළු අපි හැමෝම මේකෙ වින්දිතයො තමයි. නොදැන ඉපදුණානම් සියදිවිනසාගන්නත් බැරිනම් මේකෙ ඉන්න වෙනවා. නමුත් පොඩ්ඩක් ආයෙ එළියට ඇවිල්ලා හිතුවොත් මරණය තෘප්තිමත් එකක් කරගන්න පුලුවන්.
මැරුණාම කොහොම ඇද්ද කියලා හිතෙන්නෙ නැතුව ජීවත් වෙන්න පුලුවන්.
දැන් මළත් අව්ලක් නෑ. මම තෘප්තියෙන් ඉන්නෙ කියලා.
ඒ වගේමයි හැම වෙලාවෙම අපි මේ වරද පටවන සිස්ටම් එක කියලා අමුතු බූතයෙක් නැහැ. ඒක නිර්මාණය කළේ, පවත්වගෙන යන්නෙ අපිම තමයි. අපේ දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතික සියළු චලනයන් තමයි ඒක පවත්වාගෙන යන්නෙ. පෝෂණය කරන්නෙ, නඩත්තු කරන්නෙ.  අපිම හදපු වලක්. ගොඩ එන්න ඕනෙ අපිම තමයි. සරලවම අපේ දරුවෙක් ගෙ කුඩා දරුවෙක් යුද්දෙකින් මැරෙනවද , ඔහු බලාපොරොත්තු වෙන ජීවිතය ගත්කරන්න ලැබෙනවද කියලා තීරණය කරන්න අපි අද දාන ඡන්දෙකට පුලුවන්.
මේක මකුළු දැලක්. හැම රැහැනක්ම එකිනෙක සම්බන්ධයි. හැම චලනයක්ම අනිත් කොනකට දැනෙනවා.
ඒක අපේ සතුට, තෘප්තිය,දුක, වේදනාව බලාපොරොත්තුවෙන ජීවිතය එක්ක සම්පූර්ණයෙන්ම ගැටගැහිලා තියන එකක්. අපිම ගලවාගතයුතු එකක්.
අහසෙ දෙවියො නැහැ.
  - චමල් අකලංක පොල්වත්තගේ
https://www.facebook.com/chamalap?__cft__[0]=AZWDdeKKVSnAZ3QMNwH-mDgQLmPas9lptYNlW-MY1FroBOHTMWst6p0dM-pyVKs7kD0nkaWyOlRvSrBR6spL78hn-KbXBZuGQene5ZzTDXy57AGf-c1ffuZyA0gAwBD7UNU&__tn__=-UC%2CP-R

මගේ ඌණ පූර්ණය:

වාසනාවට මෙම විෂම චක්‍රය බිඳින්නට ඔබට පුළුවන්. හැබැයි ඒකට හොඳ ආත්ම විශ්වාසයක්, හිතේ හයියක්, අනාගත සැළසුමක්, විනයක්,  සහ ප්‍රතිපත්තිගරැක කම තියෙන්නට ඕන. තරැණ කාලයේම වැඩේට බැස්සොත් වඩාත් පහසුයි. මේ විෂම චක්‍රය ඇතිවී තිබෙන මූලිකම හේතුව ලoකාවෙ මධ්‍යම පාන්තික සමාජය කෙනෙකුගේ ජීවිතයේ  සාර්ථකත්වය මැනීමේ මිනුම් ඳඬු කීපයක් පවත්වාගෙන යෑම සහ ඔබ ඒවා සම්පූර්ණ කර ගන්නට ගොස් ජීවිතය විඳවීමයි. බලන්න ඔබේ සාර්ථකත්වයේ මිනුම් ඳඬු  මෙන්න මේවා නේද?
1.  සුපිරි පාසැලක්
2. උපාධියක්
3. පිළිගත් රැකියාවක් (දොස්තර, ඉoජිනේරැ, ලෝයර් ආදී)
4.  සල්ලි ගොඩක්
5. ලස්සන තට්ටු දෙකේ ගෙයක්
6. මෝටර් රථයක්
7. "හොඳ" සහකරැවෙක්/කාරියක්
8. ළමයි
9. ළමයින්ට සුපිරි පාසැල් ආදී අර ලිස්ට් එකේම රෙපිටිෂන් එකක්

මේවායින් එකක් හරි කරගන්න බැරි උනොත් සමාජයෙන් පුදුමාකාර පීඩනයක් ලැබෙනවා, අනේ තාම බැන්දෙ නැද්ද, අයියෝ බබාල නැද්ද, අපෝ එයා විභාගෙ ෆේල් ආදී වශයෙන්. ඉතින් ඒක දරාගන්න බැරි නිසා මේ සෙක්කුව වටේ කැරකි කැරකි ඉහත පෝස්ටුවේ මෙන් ජීවත් වෙනවා. ළමයින්වත් සෙක්කුවට බඳිනවා.

ඇත්තටම අපි අතර නැද්ද කසාද බඳින්න අකමැති ගෑනු/පිරිමි, ළමයි හදන්න අකමැති ගෑනු/පිරිමි, අර කියන රස්සා කරන්න අකමැති ගෑනු/පිරිමි, අර කියන life style පවත්වාගෙන යන්න අකමැති ගෑනු/පිරිමි? ඇත්තම කතාව නම් එවැනි බොහෝ දෙනෙක් ඉන්නවා, නමුත් අනුන්ව සතුටු කරන්නට අකමැති දේ කරමින් විඳවනවා. ඊටත් වඩා කරැමය නම් තමන්ට ඇත්තටම අවශ්‍ය මොනවාද යන්න තමන්වත් නොදන්න සෑහෙන පිරිසක් ඉන්නවා, ඒ තරම් අනුන්ට ඕන විදිහට ජීවත් වෙන්න හැඩගැසුනු. මෙතෙනදි මට  Coming to America චිත්‍රපටය මතක් වෙනවා, විශේෂයෙන්ම මේ කොටස https://www.youtube.com/watch?v=NNHmsh3Vr7I

මගේ තරැණ කාලයේදී මමත් දැනගෙන හිටියෙ නෑ මමත් මේ සෙක්කුව වටේ කැරකැවෙමින් හිටපු බව. ඒක අහම්බෙන් තේරැම් ගන්න යෙදුනෙ උසස්පෙළ පන්තියේදි. හැමෝටම වගේ මටත් දොස්තර කෙනෙක් වෙන්න ඕනෑ උනා. ඒත් උසස්පෙළ ප්‍රතිපල පිටවූ විට දොස්තර කඩඉම් ලකුණට වඩා මට ළකුණු දෙකක් මදි. ඒකත් මම උසස්පෙළ ලියපු කොළඹට අනුව, අනිත් දිස්ත්‍රික්ක වල ඒ ළකුණු වෛද්‍ය විද්‍යාලයට හොඳටම ප්‍රමාණවත්. ඉතින් අපේ ගෙදර මළගෙයක් වගේ උනා. මම ගොඩක් දුක් වුනා අර මිනුම් දන්ඩක් මිස් වෙච්ච එකට. හැබැයි මේ සිද්ධිය මට මම ගැන තේරැම් ගන්න වටිනා අවස්ථාවක් ලබා දුන්නා.

මට දන්ත හෝ පශු වෛද්‍ය විද්‍යාව හැදෑරීමට හැකි වුවත් එම විෂයයන් දෙකට මම තදින්ම අප්‍රිය කලා. මම නැවත නැවතත් කල්පනා කරද්දී මගේ ඇත්ත ආශාව මට තේරැම් ගියා. මට ඇත්තටම ආශාවක් තිබුනෙ විද්‍යාඥයෙක් වෙන්නයි. ඒත් ඒක අර මිනුම් ඳඬු ගොඩේ තිබුනු රස්සාවක් නෙමේ. ඒ නිසා මම හිතුව "දොස්තර විද්‍යාඥයෙක්" වෙන්න, ඒ කිව්වෙ වෛද්‍ය ක්‍ෂේත්‍රයේ පර්‍යේෂකයෙක්. එතකොට ඔක්කොම බැලන්ස්.  මට කවදාවත් රෝගීන් පරීක්‍ෂා කරන්න ආසාවක් තිබුනෙ නෑ, දන්ත හෝ පශු වෛද්‍ය අoශවල නම් පර්‍යේෂකයෙක් වෙන්නවත් ආසාවක් තිබුනෙ නෑ. එකල මගේ වයසත් එක්ක මම දැන හිටියේ නෑ වෛද්‍ය ක්‍ෂේත්‍රයේ පර්‍යේෂකයෙක් වෙන්න රෝගීන් පරීක්‍ෂා කරන කටයුතු ටික කලකට හරි කලයුතු බව. මම තවත් කල්පනා කලා,  තව තවත් ගැටළු පෙනෙන්නට ගත්තා, උදාහරණයක් ගත්තොත් මගේ ප්‍රතිපත්ති ලoකාවෙ දොස්තර කෙනෙක් වුනොත් රැකගන්න බැරි වෙනවා.  මම රෝගීන්ට ප්‍රතිකාර නොකර වැඩ වර්ජනය කරන ජාතියෙ කෙනෙක් නොවේ, ඒත් මම වැඩ වර්ජනයකදි රෝගීන්ට ප්‍රතිකාර කලොත් ලoකාවෙ දොස්තර මාෆියාවෙ හැටියට මට මහ විනාශයක් වෙනව. ඔන්න ඔය වගේ වෙනද එච්චර නොහිතපු කාරණා ඔක්කොම හොඳට හිතල බලල මම වෙනත් උපාධියකට ඉල්ලුම් කලා. ඒ වෙනකන්ම අර වීඩියෝවෙ කාන්තාව වගේ අනුන්ව සතුටු කරන්නට ප්‍රෝග්‍රෑම් කරල හිටපු මම ඒ සිද්ධියෙන් පසු ගන්නා හැම තීරණයක්ම මගේ හිතට එකඟව ගන්නටත් සමාජයේ බලපෑමට ප්‍රතිරෝධී වීමටත් ඉගන ගත්තා. සමාජයේ බලපෑමට ප්‍රතිරෝධී වීම බොහොම අමාරැ දෙයක් තමයි. මට සමාජයෙන් එල්ල වුනේ පුදුම තරම් පීඩනයක්.  නෑදෑ සනුහරයත් ගුරැවරැ, අසල්වැසියන් ආදී මෙකී නොකී හැමෝම මට පුදුමාකාර පීඩනයක් එල්ල කලා. නමුත් ඒ ගමනේ ප්‍රතිපලය හරිම මිහිරියි. උදාහරණයක් ගත්තොත් මගේ රැකියාව මගේ විනෝදාශයයි. චමල් කියන පරිදි අඬ අඬා රැකියාව කරන්නට මට සිදු වී නැහැ.  ජීවිතයේ ඉතිරි කාරණාත් එහෙමයි. ඔබ දැන් ඉන්න තත්වයට ඔබ අකමැතිනම් එතැනින් ඉවත් වී සුදුසු තැනකට යන්න. ඔබ ගසක් මෙන් එකතැනම පැළවී සිටිය යුතු නැහැ. 


ඔයා කෙට්ටුයි - මම කැමතී කෙට්ටුවට ඉන්න
ඔයාගේ මූනේ හකු බැහැලා - ඔව් ඒ මගේ හැටි
ඔයාගේ කොන්ඩේ කපුටු කූඩුවක් වගේ - මම ආසයි එකට ❤❤
ඩිග්‍රි එකක් නෑනේ - ඒත් හොද ජොබ් එකක් තියෙනවා.
අනිත් 03 දෙනාම කැම්පස් ගියා ඔයා නෑනේ? - ඔව් හැම එකාම කැම්පස් යන්න ඔනා නෑනේ 🙄🙄🙄
අක්කා වගේ නෙමේ නංගී - ඔව් මොකද ඒ අක්කා මේ මම.
30 පැන්නොත් කසාදයක් නෑ - 40 න් හරි බදින්නේ ගැලපෙන කෙනා.
කසාද නොබදින නිසයි කෙට්ටු - ඉතින් බැදලා මහත් වෙනවාට වඩා මෙහෙම ලස්සනයි 😁
සත්තූ පස්සේ දුවන්නේ ළමයි නැති නිසා - ඔව් බැදලා නැති නිසා ළමයි නෑ.
ඔයා කලුයි - මම ආසයි ඒ පාටටට
මේන්න මේ වගේ සමාජය ඔබව පහලට ඇදලා දානවානම්, ඉතාම තදින් ඔබ ඔබවම පිලිගන්න.
ලෝකේ කිසිම කෙනෙක්ට තමන්ව වට්ටන්න දෙන්න එපා කිසිම මොහොතක. මොකද අපි ජීවත් වෙන්නේ, වචනෙන් තලලා මනුස්සයෙක් මරන්න පුලුවන් ලෝකෙක.
-Copied-







Saturday, June 13, 2020

" ආදිත්‍යා " සහ අපේ දුවලා...... by Reshika Dissanayake Godakanda

පහුගිය දිනවල හා හූවක් නැගුනා කිසියම් රියලිටි වැඩසටහනක තරංග කළ දුවෙක් ගැන. වෙලාවක් නැතත් මම එක මොහොතකට ඒ කියන සින්දුව බැලුවා. මාව රසයෙන් පිනා ගියා. ඒ දරුවා හරිම දක්ෂයි. එතනින් එහාට කියන්න දෙයක් නැහැ. කමන්ට් ටිකක් බැලුවා මොකද මේ මිනිස්සු මේ ළමයට බනින්නේ කියල....
හැමෝම මේ කටේ කිරි සුවඳ නොගිය දරුවෙක්ට බනින්නේ අර අකුරු දෙකේ වචනය කියල. ඒ දරුවට එහෙම බනින්න හේතුව මොකක් වෙන්න ඇතිද මම අධ්යනය කළා. ඔය විදිහටම හිංසාවට ලක් වුන තරඟ කරුවෙක් තමා ශියාන් මිහිරංග. ඒකට හේතුව ලංකාවේ මිනිස්සුන්ගේ බොක්ක උණු වෙන්නේ මිනිස්සු කානුවක වැටිලා අඩු තක්සේරුවෙන් ඉන්නවා නම් විතරයි. අපි රටක් විදිහට හරිම හීන මානෙන් පෙලෙන ඉරිසියාකාර මිනිස්සු. රියලිටි ෂෝ හරියට හිඟා කෑමේ තරග වගේ. ඔවුන් ඇවිත් මාකට් කරන්නේ තමන්ගේ හැකියාවක් නෙවෙයි දුප්පත්කම. අසරණකම.
මොකද තියනවා, දන්නවා , පුළුවන් කියන පෞර්ශමත් ආකල්පයෙන් හිටියොත් අපේ මිනිස්සුන්ට පුදුම ඉරිසියාවක් දැනෙනවා. තමන්ට ඇති හීන මානය නිසා ඔවුන් පෞර්ශමත් මිනිස්සු දැක්කොත් කොහොම හරි වට්ටවන්න බලනවා. ඒ නිසා ලංකාවේ ශිෂ්යයෙක් වුනත් තමන්ගේ හැකියා අභිමානයෙන් හෙළි කරන්නේ නැහැ. දක්ෂ ළමයෙක් දැක්කොත් පණ්ඩිතයා කියල සවුත්තුව දාන ගුරුවරු මම දැකල තියනවා. යාළුවො බුලි කරනවා. එහෙම කරලා බැරිම වුනොත් නෝට් බුක් එක හොරකම් කරලා විසික් කරනවා පාඩම් කරන්න බැරි වෙන්න. ඒ වගේ ජරා මිනිස්සු ඒ රටේ බහුලයි.
මනුස්සයෙක් ගමක ඉපදෙනවා, නගරෙක ඉපදෙනවා කියන්නේ මහා අමුතු දේවල් නෙවෙයි. ගමක ඉපදුනා කියල කවුරුත් ලජ්ජා වෙන්න දෙයක් නැහැ වගේමයි නගරෙක ඉපදුනා කියල කවුරුත් කාටවත් වෛර කරන්න දේකුත් නැහැ. මනුස්සයෙක්ගේ දක්ෂතා හැකියා කියන්නේ ඒ මනුස්සයට වෛර කරන්න කොහෙත්ම හේතුවක් නෙවේ. මේ සයිබර් ප්රහාරය නිසා අනාගතේ දියණි වරු කී දෙනෙක් තමන්ගේ හැකියා ප්රදර්ශනය නොකරන්න බය වෙයිද?
අපි හැම වෙලේම අනික් මනුස්සයාගේ හැකියාව දැකල සතුටු වෙන්න මනසක් හදාගන්න ඕනේ. ඔයාට තව කෙනෙක්ගේ හැකියාව දකිද්දී , පෞර්ෂය දකිද්දී ඉරිසියා හිතෙනවා නම් ඒක මානසිකව නිරෝගී ;ලක්ෂනයක් නෙවෙයි. එහෙම හිතෙනවා නම් ඒ හිතුවිලි වෙනස් කරගෙන සතුටු වෙන්න. එතකොට ඒ දේවල් ඔයාගේ ජීවිතේටත් එකතු වෙනවා.
ඒ වීඩියෝ එකේ කමෙන්ට් දැකල මට ලොකු බයක් ආවා. මේ වගේ හීනමානයෙන් ඔද්දල් වුන මානසිකව නිරෝගී නැති මිනිස්සු බහුල රටක දරුවෝ හදන එක ලොකු අනතුරක්. හැකියාවක් දැක්කොත් මරාගෙන කන මිනිස්සු ඉන්න රටක දුප්පත්තු, හිඟන්නෝ, සමුර්ධියෙන් කන මිනිස්සු මිස ව්යවසායකයෝ, Entertainers ලා , ලෝකෙට යන විදිහේ මිනිස්සු හැදෙන්නේ නැති වීම පුදුමයක් නෙවෙයි.

Monday, June 1, 2020

කලු සමේ ශාපය දුරැ කරමු

ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතික ඇමරිකානු පුරවැසියාව ඩෙරෙක් චාවින් නම් සුදු ජාතික ඇමරිකානු පොලිස් කාරයා තව සුදු ජාතික ඇමරිකානු පොලිස් කාරයන් තුන්දෙනෙකුගේ සහය ඇතිව අමානුශික ලෙස මරා දැමීම තරයේ හෙලා දකිමි.


මේ කාලයේම අමි කූපර් නම් සුදු කාන්තාව උද්‍යාන නීති රීති කඩ කරමින් තම බල්ලාට කර පටියක් නොදා ඇවිදිමින් සිටියදී බල්ලාට කර පටිය දමන ලෙස කළු ජාතික ඇමරිකානුවෙක් පැවසූ විට පරළ වී "මම පොළිසියට කතා කර කියනවා සුදු ජාතික මට කළු මිනිහෙක් අතවර කල බව" යැයි තර්ජනය කිරීමද මෙම සුදු අන්තවාදය මනාව පෙන්නුම් කලා. https://www.youtube.com/watch?v=iUQWd4q3tjA   ඒ සමඟම වීඩියෝ පහසුකම් නොතිබුනු යුගයේ කලු මිනිසුන් කොපමණ ගණනක් බොරැ චෝදනා වලට හිරේ ගොස් හෝ මරා දමන්නට ඇතිද යන සාධාරණ සැකය ශිෂ්ඨ සමාජයට ඇති වුනා.


කලු සමක් තිබෙන අප, අපේ සම ගැන අවතක්සේරැවෙන් සිතීම නවත්වන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි. ලා පාට සම ලස්සනයැයි සිතීම යටත්විජිත මානසිකත්වයේ ලක්‍ෂණයකි. අවාසනාවකට සෝම හාමුදුරැවෝ වැනි කැපී පෙනුනු නායකයන් පවා හිතා මතා නොවුනත් කලු පාට නරකය සුදු පාට හොඳය යන මතය ජනගත කලා. එය බරපතල වරදක්.   ෆෙයාර් ඇන්ඩ් ලව්ලි වැනි අහිතකර සම සුදු කරන ආලේපන සහ විවිධ එන්නත් ශරීරයට ඉතාම අහිතකර වේ. ජෝර්ජ් ෆ්ලොයිඩ් ගෙන් පටන්ගත් සමේ පැහැය අනුව අසමානව සැළකීම නැවැත්වීමේ අරගලය අපද අපගේ රටට අදාලව දියත් කරමු.


තරැණවියට පාතබන ඉතා සoවේදී වයස් අවදියේ පසුවන, තද සමේ පැහැයක් සහිත ඉතා ලස්සන හැඩරැවක් සහ මනා පෞරැෂයක් ඇති ඉගනීමටත් දක්ෂ දියණියකට, ගෙදරින් එලියට බැහැපු වෙලේ ඉඳලා නිතරම අපෝ ඔයා හරි කළුයි කැතයි යැයි පාරේ ගමන් කරන වාරයක් වාරයක් පාසා පාරේ රස්තියාදුවන පිරිමින් පවසනවානම් ඇයගේ මානසික තත්වය ඔබට සිතාගත හැකිද? සමහරවිට ඇය මිතුරියන් පිරිසක් සමඟ ඉඳිද්දී මෙසේ පවසන විට ඇයට මොනතරම් ලැජ්ජා හිතෙනවා ඇද්ද? දරාගැනීමේ හැකියාව අඩු විරැද්ධ ලිoගිකයන්ගේ ආකර්ශනයට ලක්වීමට කැමති නවයොවුන් වියේදී තමා ගැන මෙවැනි ඍනාත්මක අදහස් දිගින් දිගටම ආගන්තුක විරැද්ධ ලිoගිකයන්ගෙන් ඇසීමට සිදුවීම එම දියණියන්ගේ පෞරැෂ වර්ධනයට සහ මානසික සමතුලිතතාවයට ඉතා අහිතකර ලෙස බලපානවා. මේ උදාහරණයේ දියණිය තුල ආත්ම විශ්වාසය අඩු වීම, හීනමානය, තමුන්ට වඩා ලා පාට සමක් ඇති දියණියන්ට ඊර්‍ෂ්‍යා කිරීමට පෙළඹීම, තමා ගැන අවතක්සේරැ කිරීම, එමගින් නොනැවති මානසික ආබාධයන්ට (e.g. depression) පවා ලක්විය හැකියි. මෙහි අනිත් නරක ප්‍රතිපලය නම් එම දියණිය සුදු වීමට ඇති නොයෙකුත් ඉතා අහිතකර ආලේපන පාවිච්චි කිරීමට පෙළඹීමයි. බොහෝවිට මෙම නිසි ප්‍රමිතියක් නැති ආලේපනවල ශරීරයට ඉතා අහිතකර රසදිය වැනි රසායනිකයන් අධිමාත්‍රා වලින් අඩoගු වෙනවා. මේවායේ දීර්ඝකාලීන අහිතකර ප්‍රතිපල ලෙස පිළිකා, වකුගඩු අක්‍රිය වීම, වෙනත් අවයව වලට හානි සිදුවීම ආදිය සිදුවිය හැකියි.