Monday, June 1, 2020

කලු සමේ ශාපය දුරැ කරමු

ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතික ඇමරිකානු පුරවැසියාව ඩෙරෙක් චාවින් නම් සුදු ජාතික ඇමරිකානු පොලිස් කාරයා තව සුදු ජාතික ඇමරිකානු පොලිස් කාරයන් තුන්දෙනෙකුගේ සහය ඇතිව අමානුශික ලෙස මරා දැමීම තරයේ හෙලා දකිමි.


මේ කාලයේම අමි කූපර් නම් සුදු කාන්තාව උද්‍යාන නීති රීති කඩ කරමින් තම බල්ලාට කර පටියක් නොදා ඇවිදිමින් සිටියදී බල්ලාට කර පටිය දමන ලෙස කළු ජාතික ඇමරිකානුවෙක් පැවසූ විට පරළ වී "මම පොළිසියට කතා කර කියනවා සුදු ජාතික මට කළු මිනිහෙක් අතවර කල බව" යැයි තර්ජනය කිරීමද මෙම සුදු අන්තවාදය මනාව පෙන්නුම් කලා. https://www.youtube.com/watch?v=iUQWd4q3tjA   ඒ සමඟම වීඩියෝ පහසුකම් නොතිබුනු යුගයේ කලු මිනිසුන් කොපමණ ගණනක් බොරැ චෝදනා වලට හිරේ ගොස් හෝ මරා දමන්නට ඇතිද යන සාධාරණ සැකය ශිෂ්ඨ සමාජයට ඇති වුනා.


කලු සමක් තිබෙන අප, අපේ සම ගැන අවතක්සේරැවෙන් සිතීම නවත්වන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි. ලා පාට සම ලස්සනයැයි සිතීම යටත්විජිත මානසිකත්වයේ ලක්‍ෂණයකි. අවාසනාවකට සෝම හාමුදුරැවෝ වැනි කැපී පෙනුනු නායකයන් පවා හිතා මතා නොවුනත් කලු පාට නරකය සුදු පාට හොඳය යන මතය ජනගත කලා. එය බරපතල වරදක්.   ෆෙයාර් ඇන්ඩ් ලව්ලි වැනි අහිතකර සම සුදු කරන ආලේපන සහ විවිධ එන්නත් ශරීරයට ඉතාම අහිතකර වේ. ජෝර්ජ් ෆ්ලොයිඩ් ගෙන් පටන්ගත් සමේ පැහැය අනුව අසමානව සැළකීම නැවැත්වීමේ අරගලය අපද අපගේ රටට අදාලව දියත් කරමු.


තරැණවියට පාතබන ඉතා සoවේදී වයස් අවදියේ පසුවන, තද සමේ පැහැයක් සහිත ඉතා ලස්සන හැඩරැවක් සහ මනා පෞරැෂයක් ඇති ඉගනීමටත් දක්ෂ දියණියකට, ගෙදරින් එලියට බැහැපු වෙලේ ඉඳලා නිතරම අපෝ ඔයා හරි කළුයි කැතයි යැයි පාරේ ගමන් කරන වාරයක් වාරයක් පාසා පාරේ රස්තියාදුවන පිරිමින් පවසනවානම් ඇයගේ මානසික තත්වය ඔබට සිතාගත හැකිද? සමහරවිට ඇය මිතුරියන් පිරිසක් සමඟ ඉඳිද්දී මෙසේ පවසන විට ඇයට මොනතරම් ලැජ්ජා හිතෙනවා ඇද්ද? දරාගැනීමේ හැකියාව අඩු විරැද්ධ ලිoගිකයන්ගේ ආකර්ශනයට ලක්වීමට කැමති නවයොවුන් වියේදී තමා ගැන මෙවැනි ඍනාත්මක අදහස් දිගින් දිගටම ආගන්තුක විරැද්ධ ලිoගිකයන්ගෙන් ඇසීමට සිදුවීම එම දියණියන්ගේ පෞරැෂ වර්ධනයට සහ මානසික සමතුලිතතාවයට ඉතා අහිතකර ලෙස බලපානවා. මේ උදාහරණයේ දියණිය තුල ආත්ම විශ්වාසය අඩු වීම, හීනමානය, තමුන්ට වඩා ලා පාට සමක් ඇති දියණියන්ට ඊර්‍ෂ්‍යා කිරීමට පෙළඹීම, තමා ගැන අවතක්සේරැ කිරීම, එමගින් නොනැවති මානසික ආබාධයන්ට (e.g. depression) පවා ලක්විය හැකියි. මෙහි අනිත් නරක ප්‍රතිපලය නම් එම දියණිය සුදු වීමට ඇති නොයෙකුත් ඉතා අහිතකර ආලේපන පාවිච්චි කිරීමට පෙළඹීමයි. බොහෝවිට මෙම නිසි ප්‍රමිතියක් නැති ආලේපනවල ශරීරයට ඉතා අහිතකර රසදිය වැනි රසායනිකයන් අධිමාත්‍රා වලින් අඩoගු වෙනවා. මේවායේ දීර්ඝකාලීන අහිතකර ප්‍රතිපල ලෙස පිළිකා, වකුගඩු අක්‍රිය වීම, වෙනත් අවයව වලට හානි සිදුවීම ආදිය සිදුවිය හැකියි. 


6 comments:

  1. කළු සමට පමණක් නොවෙයි ආසියාතික අපගේ මෙන් එතරම් කළු නොමැති දුඹුරු පැහැයටත් සමහර අවස්ථා වලදී අඩු සැලකිල්ලක් දක්වන බව දැක තිබෙනවා. සමේ පැහැයට අමතරව මුහුණේ හැඩය, ඇස් වල ප්‍රමාණය වැනි වෙනත් ස්වාභාවික ලක්ෂණ අනුවද මිනිසුන් දෙස 'වපර ඇසින්' බලන් අයත් සිටිනවා. මේ සිද්ධියෙන් පසු නම් ඒ ගති ටිකක් අඩු විය හැකියි.

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. my blog is not for people like you, its for people who are harassed by people like you. So don't waste your time commenting here. bye!

      Delete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...