මම අනුන්ට උදව් කරද්දී කිසිම ලාභාපේක්ශාවකින් තොරව එය කිරීමට වග බලා ගන්නවා. මොකද ඇත්තටම බැලුවොත් අනුන්ට උදව් කරනවා කියල අපි උදව් කරන්නේ අපටමයි. දරැවෙකු හදා ගන්න ගන්නේ ඒ දරැවාට උදව් කිරීමටම නොවේ ඒ දරැවාගෙන් තමන්ට සතුටක්, තමන් නොලැබූ අත්දැකීමක් ලබා ගන්නටයි. හැම උදව්වක්ම එහෙමයි. ඒ නිසා උදව් ලබා ගන්නා අය ලව්වා වැඳුම් පිදුම්, ගුණ කථන, මැඩම් කියව ගැනීම් ආදිය හෝ කොටින්ම මේ උදව් කරන්නේ මම ය කියලවත් මම උදව් කරන අය දන්නෙ නෑ. ඒක හරිම රසවත්. මොකද එක අවස්ථාවක මම උදව් කරන කෙනෙක් අපගේ සම්බන්ධීකාරක තුමා සමඟ කතා කරද්දී කියල තියෙනව ලoකාවට ඇමරිකාවෙන් එන්ගලන්තෙන් කොරෝනා වසන්ගතය නිසා මව් රටට එන අයට එන්න නොදිය යුතු බවත් කොරෝන නිසා මළත් කරන්නට දෙයක් නැහැ, මොකද ඔවුන් මව් රටට ආදරය නැති මව් රට දාල ගිය අය බවත්.
ආදරණීය දරැවෝ, මට ඔබට කියන්නට තිබෙන්නේ මා හෙට කොරෝනා නිසා මළොත් එය ඔබගේ අධ්‍යාපනයේද මළගම බව ඔබ නොදනී. "සඳ නොදන්න නමුදු සඳට එළිය හිරැගෙනී" කියල මම ප්‍රිය කරන ගීතයක් තිබෙනවා. එහි පළවෙනි පේළි දෙක "කතරක තනි වී ඔබ යන අයුරැ පෙනි පෙනී-හිම සෙළ මුදුනත සිටියද මහද ගිනි ගනී" මේ ගීතයේ නම් ඒ පුද්ගලයාට ආදර හැඟීමක් තිබෙනවා. හැබැයි මට ඔබ ගෙන් ස්තූතියක්වත් නොගන්නා පරිදියි මම ඔබට උදව් කිරීම සන්විධානය කරල තිබෙන්නේ. මගේ හිත ගිනි ගත්තේ ඔබ මගේ රටේ දරැවෙක් නිසාත් මම මගේ මව් රටට ආදරේ නිසාත්. මම ලoකාවේ සිටියානම් ඔබට උදව් කරන්න තරම් ආර්ථික හයියක් මට කවදාවත් ලැබෙන්නැහැ. හැමදාම සුක්කානම අල්ලා වාහනය පණ ගන්වා අධිවේගී මාර්ගයට පිවිසෙන විට හිතෙන දෙයක් තමයි මම උදව් කරන දරැවන්ට බත් කටක් පොත පතක් දෙන්න මට තව සන්සාරික ණය තිබේ නම් අද මගේ ජීවිතය මහමඟ රැකේවි යන්න. ඔබගේ නැණස පාදන්නට මට උවමනා ඔබට වඩාත් පුළුල් ලෙස ලෝකය දකින්නට උදව් කර ඔබ දැන් සිටින ළිo මැඩි මානසිකත්වයෙන් ඔබව ගැළවීමටයි.
with love,
Your Unknown Sponsor
ප. ලි. මම හිම සෙල මුදුනෙ ඉන්න ඒ කියන්නෙ හතරමහ නිධානෙ පහළවුන කෙනෙකුත් නෙමේ
Subscribe to:
Post Comments (Atom)
පීතෘමූලිකත්ව සමාජ වල කාන්තා විරෝධී ලක්ෂණ (දරැවන් නොහොත් කන්න ඕනෑ වූ විට තලගොයින් වන කබරගොයින්) - 7
පීතෘමූළික සමාජ වල පිරිමි, බලය සහ පාලනය පිරිමි අතේ තබා ගැනීමේ මෙහෙයුමේ නියැලෙනකොට, ඔවුන්ට ඇති වූ ලොකුම අභියෝගය තමා දරැවන් නොහොත් අළුත් ජීවයක...
-
ඇතැම් ශ්‍රී ලාoකික සිoහල බෞද්ධයන්ගේ බෞද්ධකම පෙන්වන විලාසිතාවක් වන්නේ නිවසට හරක් හෝ උෳරැ මස් ගෙන ඒමෙන් වැළකීමයි. එම නිවෙස් වල බොහෝවිට කුකුළු...
-
පාරමී වන්නිආරච්චි මුහුණුපොතේ "අප කන්නේ බත් නොව මුදල් හා කාලයයි" යන ශීර්ෂයෙන් ලියූ ලoකාවේ අපගේ සoකීරණ ආහාර පුරැදු ගැන පෝස්ටුවක් ම...
-
https://hessianwithteeth.files.wordpress.com/2014/11/agnosticism-atheism.png (9.19.2019) ජේමිස් බණ්ඩාගේ අසම්මත සටහන් අඩවියේ පළවූ ...
-
තිස්ස ජනනායක ගැන කතා කරන්නට හිතන් නොසිටි වෙලාවක මුහුණු පොතේ එක් තරැණ දරැවෙකුගේ පෝස්ටුවක් දැක්කා. ඒ කුරුකුලසූරිය රවිඳු නිරංග ප්‍රනාන්දු පුතා...
-
අම්පිටියේ සුමනරත්න හිමි බෞද්ධයන්ව අන්‍යාගමීකරණය කිරීමට පැමිණි පුද්ගලයෙකුට ගැසූ කණේ පහර ගැන මේ වන විට විශාල කතිකාවක් සමාජයේ ඇතිවී තිබීම නිසා...
-
කාන්තාවන්ට ජීවත් වීමට නුසුදුසු රටක් බවට දිනෙන් දිනම ලoකාව පත් වේගෙන එන බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි. සමහර අය දැන් මෙතන වැළලෙන්න හදන්න එපා...
-
උක්ත ගැටලුව මගේ සිතට තදින්ම දැනෙන්නට පටන් ගත්තේ ඇමරිකා එක්සත් ජනපදයට පය තැබූ පසුය. ලංකාවේ සිටිද්දී මා සිතුවේ පොදු දේපල අනිසි පරිහරනය බො...
-
1. එඩී ජයමාන්නගේ කොලොම්පුරේ ශ්‍රියා https://www.youtube.com/watch?v=vlwPsJk3Bfw 2. එඩී ජයමාන්න සහ මේබල් බ්ලිත් (?) ගේ මම මනමාලි ඔබේ htt...
-
පාරමී වන්නිආරච්චි මුහුණුපොතේ ලියූ පෝස්ටුවක් දුටු විට කාලයකට පෙර විපාගෙ අඩවිය ලියන විපුලගෙ කොමෙන්ටුවක් මතක් උනා, ලoකාවේ අපගේ සoකීරණ ආහාර පුර...
-
People say this is fake, please consider that possibility too ලොව ප්‍රකට ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලේ වත්කම් සහ සැඟවූ...
++++++
ReplyDeleteවාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )
ඔයා මනෝවෛද්‍යවරයෙක් හමු වෙන්න යනවනම් උදව් කරන්නට කැමතියි මොකද කියන්නේ
Delete