Monday, May 11, 2020

ඔන්ලයින් වෛරක්කාරයෝ

අන්තර්ජාලය නැති යුගයේ ජන්මාන්තර වෛරක්කාරයන් ඇති  වූයේ අසල්වැසියන්, කාර්‍යාල සගයන් ආදී අපට භෞතික වශයෙන් හමු වන අය සමඟය. අන්තර්ජාලය ඇති මේ යුගයේ ඔන්ලයින් ජන්මාන්තර වෛරක්කාරයන් බිහි වී තිබේ. උදාහරණයකට මම නිතර කියවන ගොසිප් ලoකා වෙබ් අඩවියේ යාවජීව කොමෙන්ටු ලියන්නන් අතර සිටින "ලාල්" (මුලු නම කුජීත එකක් බැවින් සඳහන් කිරීමෙන් වළකිමි) සහ "අල්ලපු ගෙදර එකා"ගේ ජන්මාන්තර වෛරය මම නෝට් කරන්නේ වසර ගණනක සිටය. පෙනෙන හැටියට අල්ලපු ගෙදර එකා නමේ අදහස "ලාල්ගේ අල්ලපු ගෙදර එකා" යන්නය. කිසියම් පුවතකට ලාල් කොමෙන්ටුවක් දමන පමාවෙන් අල්ලපු ගෙදර එකා ලාල් සමග හැමිණේ. අනතුරැව මේ ඩබල අදාළ පුවතට කිසිසේත්ම අදාළ නොවන ඔන්ලයින් ගුස්තියක් අල්ලයි. උදාහරණයකට ඉහත වෙබ් අඩවියේ අප්‍රේල් 23 දින "වැලිසර නාවික හමුදාවේ 30කට කොරෝනා" මැයෙන් පළවූ ලිපියට ලාල් දැමූ කොමෙන්ටුවද අල්ලපු ගෙදර එකාගේ ප්‍රතිචාරයද බලන්න.




මේ ආකාරයට පුවතට කිසිසේත්ම ආදාළ නැති මනඃකල්පිත, බොහෝවිට ලිoගික හැකියාව පදනම්වූ dominance ගැටුමකින් එය කෙළවර වේ. මේ දෙදෙනා එකිනෙකාගේ අනන්‍යතාවය නොදන්නා බැවින් මෙම වෛරයට මුල කිසියම් කොමෙන්ටු ගැටුමක් වන්නට ඇත. බැලූ බැල්මට මෙය හාස්‍යෝත්පාදක වුවත් මෙයින් සිදු වන්නේ මුල් පුවතට අවධානය නැති වී එකිනෙකා අතර හිස් වචන හුවමාරැවක් සිදු වීමය. අනිත් අතට කොමෙන්ටු හරඹයක් වැනි බොහෝ කුඩා කරැණකට සදා වෛරක්කාරයන් වන මොවුන් තමුන්ට වසර පහෙන් පහට නැති වෙන්නම කෙළවන දේශපාලකයෙකුට හෝ රැකියාස්ථානයේ තමන්ට හින්සා කරන ප්‍රධානියකුට මෙසේ වෛර නොකරති. පන්න පන්නා පළි නොගනිති. වැඩකට නැති කුඩා කොමෙන්ටුවක් දිරව ගන්නට බැරි උනත්  දේශපාලකයෙකුගේ විශාල නොපනත්කම් හොඳට  දිරවා ගනිති. 

දෙවන ගනයේ වෛරය පිරිමැසීම නම් තමන් කුමන කරැණකට හෝ වෛර කරන කෙල්ලකගේ නමකින් කුජීත කොමෙන්ටු දමමින් අර කෙල්ලගේ චරිත ඝාතනයයි. ගොසිප් ලoකා වෙබ් අඩවියේම කළකට පෙර "මාලතී කල්පනා" නමින් කියවන අයගේ ශාපයට ලක් වන කොමෙන්ටු දැමූ පුද්ගලයා ඊට උදාහරණයකි. මොහු ගැන රිපෝට්වී දෝ හදිසියේම අතුරැදහන් වූ නිසා දැමූ කොමෙන්ටු සොයා ගත නොහැකි වුවත් උදාහරණයකට බෝම්බයක් පීපිරී ජීවිත හානියක් වී තිබුනි නම් මහජන වෛරයට ලක් වන "අනේ හරි ෂෝක්" වැනි කුජීතම කොමෙන්ටු අහින්සක කෙල්ලෙකුගේ නමින් දැමූවෙකි. ඒ තරම්ම කුජීත නොවුනත් "ගයනි ඔෂානා" නමින් ගොසිප් ලoකා වෙබ් අඩවියේ මොන්ගල් කොමෙන්ටු දමන නියම ගයනි ඔෂානා ගේ ජන්මාන්තර වෛරක්කාරයකු සිටී. උදාහරණයකට ඉහත වෙබ් අඩවියේ මැයි 9 දින  "මියගිය ඉර්ෆාන් හා ශ්‍රීදේවී ගැන කියන්න ගොස් කට වරදාගත් නිවේදකයා සමාව ගනී" මැයෙන් පළවූ ලිපියට ගයනි ඔෂානා දැමූ කොමෙන්ටුව බලන්න.


බ්ලොග් කරැවන්ටද ජන්මාන්තර වෛරක්කාරයන් ගෙන් අඩුවක් නැත. කළාතුරකින් අනන්‍යතාවය පෙන්වමින් හැමිණෙන්නන්ද බොහෝ විට අනන්‍යතාවය සඟවමින් හැමිණෙන්නන්ද දැකිය හැක. බ්ලොග්කරැ සමඟ වෛරයේ උපත බොහෝ විට බ්ලොග්කරැගේ අදහස් වලට ඇති අධික අකමැත්ත හෝ කොමෙන්ටු හරඹයක් විය හැක. ඇතැම් විට දේශපාලනික, ආගමික, ජාතික, සoස්කෘතික හෝ වෙනත් වෙනස්කම් දරා ගැනීමට නොදන්නාකම මසේ වෛරයකින් කෙළවර වේ. කිසියම් බ්ලොගයක අදහස් සමඟ එකඟ වීමට බැරි නම් කෙනෙකුට පහසුවෙන් එය නොබලා සිටිය හැක, නැතිනම් තර්කානුකූල ශිෂ්ඨ සම්පන්න කොමෙන්ටුවකින් තම මතය දැක්විය හැක. නමුත් ජීවිතයේ කිසිදාක පරිණත හැසිරීමක් ප්‍රගුණ නොකල මොවුන් දිගින් දිගටම  වෛරී කොමෙන්ටු දමමින් හැමිණීම ඒ වෙනුවට තෝරා ගනී.  

සම්ප්‍රදායික භික්‍ෂු භූමිකාවෙන් මිදී වඩාත් නූතන බුද්ධිමත් අදහස් පල කරන පොඩි සාදුගේ ලියමන් බ්ලොගයේ http://podisadugeliyamana.blogspot.com/  ලිපි වලට වෛරයෙන් හැමිණෙන්නන්ගෙන් කවදත් අඩුවක් නැත. පොඩි සාදුගේ "බෞද්ධයකු වන්න උත්සාහ ගන්න එපා" යන අගනා ලිපියට දැමූ කොමෙන්ටුවක්;


කතෝලිකයෙකු වීම නිසා මාකස් ප්‍රියන්ත පෙරේරාටද http://marcuspriyanthaperera.blogspot.com/ ජන්මාන්තර වෛරක්කාරයෙක්  ලැබී ඇත. ඔහු කුමක් ගැන ලිව්වත් වෛරී කොමෙන්ටුවක් දැමීමට හෙතෙම වග බලා ගනී. "පාස්කු ප්‍රහාරයට මාස 9යි - Nine months to Easter Sunday attack" යන ලිපියට දැමූ කොමෙන්ටුවක්;



අධ්‍යාපනික  බ්ලොග් අඩවියක් වන විහින්දි https://vihindi.blogspot.com/ හි "මුන්නේශ්වරම පුද බිමට (දින තුනෙන් රට වටා ගිය ගමනේ පළමු නැවතුම්පල පිළිබද සටහන්... )" යන ලිපියට දැමූ කොමෙන්ටුවක්;


මේ ලෝකයේ යමක් කිරීමට උත්සාහ කල සියළුම දෙනාට සතුරන් ඇති විය. එය ලෝක ස්වභාවයයි. ඇතැම් විට මෙම මිනිසුන්ට තම දූශිත දේශපාලකයා, රැකියාස්ථානයේ තමන්ට හින්සා කරන ප්‍රධානියකුට හෝ  abusive සහකරැ නිසා ඇතිවන ආවේග වඩා ආරක්ශිතව පිටකර ගැනීමේ මාර්ගය ඔන්ලයින් වළි විය හැක. නැතහොත් තම උඩින් පෙන්වන "ජැකීල්" ප්‍රතිරෑපයට යටින් සැඟවුනු නියම අඳුරැ "හයිඩ්" මානසිකත්වය ආරක්ශිතව  මුදා හැරීමට මාර්ගය ඔන්ලයින් වළි විය හැක. 


4 comments:

  1. මේක නම් අපුරු විග්‍රහයක් ලන්කාප්‍රිකාවී. කාන්තා fb groups හා Youtube channel වලි දැක්කේ නැද්ද ? කෑම වර්ග හදන්න ගිහින් වලි. දැන් ඉතින් දන්න කෑමක් හදන් කනවා ,ඕවා බලන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාලනී, එව්වත් දැක්කා. එම වළි වල ප්‍රධානම හේතුව අධික තරඟය, එය මට තේරැම් ගන්නට පුලුවන්. නමුත් ඉහත වළි වල තිබෙන්නේ ඊට වඩා සoකිර්ණ මානසික අසමතුළිතතා සහ con artistry. එයයි මට කතා කරන්නට අවශ්‍ය වුනේ. තමුන් දන්නෙවත් නැති අනිකෙකුගේ මතයකට මෙතරම් වෛර කරන කෙනෙක් තම බිරිඳට, අසල්වැසියාට, කාර්‍යාල සගයාට සළකන හැටි ඔබට හිතා ගන්න පුලුවන්නේ.

      Delete
  2. විකෘති මනසක් තිබෙන අය මේ වගේ කමකට නැති සංවාද වලින් තෘප්තියක් ලබනවා ඇති. දෙපැත්තේම අය එක වගේම වැරදියි. මේ වගේ දේ නිසා සමාජ මාධ්‍ය එපා වී යන්නටත් ඉඩකඩ තිබෙනවා.

    ReplyDelete
  3. ස්තූතියි ඔබේ අදහසට. //දෙපැත්තේම අය එක වගේම වැරදියි.// මාලතී කල්පනා, ගයනි ඔෂානා සහ බ්ලොග් ලියන අය වැරදි වෙන්නෙ කොහොමද ලාල්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගරැ නොකරන අල්ලපු ගෙදර එකා වැඩිපුර වැරදි

    ReplyDelete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...