Saturday, November 30, 2019

Self-care is often a very unbeautiful thing- by Brianna Wiest

Image may contain: one or more people, people standing and indoor
[Illustration: Yaoyao Ma]
It is making a spreadsheet of your debt and enforcing a morning routine and cooking yourself healthy meals and no longer just running from your problems and calling the distraction a solution. It is often doing the ugliest thing that you have to do, like sweat through another workout or tell a toxic friend you don’t want to see them anymore or get a second job so you can have a savings account or figure out a way to accept yourself so that you’re not constantly exhausted from trying to be everything, all the time and then needing to take deliberate, mandated breaks from living to do basic things like drop some oil into a bath and read Marie Claire and turn your phone off for the day.
A world in which self-care has to be such a trendy topic is a world that is sick. Self-care should not be something we resort to because we are so absolutely exhausted that we need some reprieve from our own relentless internal pressure.

True self-care is not salt baths and chocolate cake, it is making the choice to build a life you don’t need to regularly escape from.

And that often takes doing the thing you least want to do.

It often means looking your failures and disappointments square in the eye and re-strategizing. It is not satiating your immediate desires. It is letting go. It is choosing new. It is disappointing some people. It is making sacrifices for others. It is living a way that other people won’t, so maybe you can live in a way that other people can’t.

It is letting yourself be normal. Regular. Unexceptional. It is sometimes having a dirty kitchen and deciding your ultimate goal in life isn’t going to be having abs and keeping up with your fake friends. It is deciding how much of your anxiety comes from not actualizing your latent potential, and how much comes from the way you were being trained to think before you even knew what was happening.

If you find yourself having to regularly indulge in consumer self-care, it’s because you are disconnected from actual self-care, which has very little to do with “treating yourself” and a whole lot do with parenting yourself and making choices for your long-term wellness.

It is no longer using your hectic and unreasonable life as justification for self-sabotage in the form of liquor and procrastination. It is learning how to stop trying to “fix yourself” and start trying to take care of yourself… and maybe finding that taking care lovingly attends to a lot of the problems you were trying to fix in the first place.

It means being the hero of your life, not the victim. It means rewiring what you have until your everyday life isn’t something you need therapy to recover from. It is no longer choosing a life that looks good over a life that feels good. It is giving the hell up on some goals so you can care about others. It is being honest even if that means you aren’t universally liked. It is meeting your own needs so you aren’t anxious and dependent on other people.

It is becoming the person you know you want and are meant to be. Someone who knows that salt baths and chocolate cake are ways to enjoy life – not escape from it.”

-Brianna Wiest (shared on 11/30/2019)

Wednesday, November 27, 2019

ප්‍රතික්ශේප වීමට ඇති අධික බිය නැති කරගමු

ශ්‍රී ලාoකික අපගේ පෞරැෂයේ ඇති කුඩා අඩුපාඩුවක් අද කතා කරමු. ඒ තමයි ප්‍රතික්ශේප වීමට අප තුල ඇති අධික බිය/අකමැත්ත. මොකක්ද මේ ප්‍රතික්ශේප වීමට ඇති අධික බිය (fear of rejection)? මම උසස් පෙළ කරන කාලයේ මගේ හොඳම මිතුරියකට තමන් ගියපු යෝගා පන්තියක ගුරැවරයකු ගැන ආදරයක් පහළ උනා. ඒක ඇයට ඒකපාර්ශවිකව පහළවූ අදහසක් නෙමේ, යෝගා ගුරැතුමාත් ඇයට අනිත් අයට වඩා විශේෂත්වයක් දැක්වූවා. ඒත් දැන් කාලයක් තිස්සේ දෙන්න දෙන්නාට කැමති උනත් එක්කෙනෙක්වත් මේ ගැන කතාකරල ඊලඟ අදියරට යන්නෙ නෑ. ඉතින් මම ඇයගෙන් ඇසුවා ඇයි ඇයට බැරි ඔහුට මේ ගැන (ඇය ඔහුට ආදරය කරන බව) පවසන්න කියලා. ඇය මට කිව්වා ගැහැණු ළමයෙක් එසේ පැවසීම ඇය අනුමත නොකරන නිසා ඇය කවදාවත් එසේ නොකරන බවත් ඒ වෙනුවට ඇයගේ කැමැත්ත ඔහුට හැඟී යන පරිදි හැසිරී කෙසේහෝ ඔහුව ඇයගෙන් ආදරය අයැදීමට පොළඹවාගන්නා බවටත්. කරැමෙ කියන්නේ යෝගා ගුරැතුමාටත් ප්‍රතිපත්තියක් තිබිලා තම ශිෂ්‍යාවකගෙන් කවදාවත් ආදරය අයදින්නේ නැතිය ශිෂ්‍යාව ඇහුවොත් කැමති වෙනවා මිසක කියලා. එක අවස්ථාවක ඔහු ඒක ඇයට කියල තිබුණා (ඇයට එසේ  කරන ලෙස නොකියා කියා තිබුණා) අන්තිමේ ප්‍රතිපත්තිමය හේතු මත ඒක කවදාවත් සිදු වුනේ නෑ. ඇයි තමන්ගේ හිතේ තිබෙන ආදරය ගැන කියන්නට (නෛතික/සදාචාරාත්මක හේතු නැතිනම්) අප බිය වන්නේ? කෙනෙකුට ආදරය කිරීම අපරාධයක්ද? ඔබ ආදරය කලේ වැදගත් ගැහැණියකට/මිනිසෙකුට නම් වියහැකි නරකම දෙය ඔවුන් ඔබේ ආදරය කාරැණිකව ප්‍රතික්ශේප කිරීමයි. ඒත් මගේ මිතුරිය වගේ ජීවිත කාලයම ඔහු ගැන හිත හිතා දුක් වීමට වඩා කාරැණිකව ප්‍රතික්ශේප වීම කොතරම් හොඳද, ඔබට එවිට හිත හදාගෙන ඉදිරියට යා හැකියි. ලoකාවේ බොහෝ දෙනා ආදරයේදී පමණක් නොවේ වෙනත් සෑම කරැණකදීමත් ප්‍රතික්ශේප වීමට ඇති බිය නිසා පසුබානවා. ඒවගේම ප්‍රතික්ශේප වූ පසු අධික ලැජ්ජාව නිසා වෛර කරනවා, අපහාස කරනවා. මොහොතකට නැවතී සිතන්න, ප්‍රතික්ශේප වීම ලැජ්ජාවක් නොවේ නව ආරම්භයක් නේද? අනික ඔබව හෝ ඔබේ අදහසක්/යෝජනාවක්/ක්‍රියාවක් ප්‍රතික්ශේප වුනේ ඔබේ වරදකට නොවේ, මේ ලෝකයේ සෑම මිනිසෙකුටම ඇත්තේ තමන්ටම අනන්‍ය වූ ජාන. ඒ නිසා තමන්ටම අනන්‍ය වූ කැමැත්තවල්/අකමැත්තවල්. ඒනිසා ප්‍රතික්ශේප වූ විට ඔබේ ego එක මැඩගෙන (එමගින් ඔබව ලැජ්ජාවට පත් කර ප්‍රතික්ශේප කල අයගෙන් පලිගැනීමට පෙළඹවීම මැඩගෙන) අනිකාගේ කැමැත්තට ගරැ කර ගෞරවනීය ලෙස ඉවත්ව යන්නට පුරැදු වෙන්න.

කලකට පෙර දියවඩන මළුව නම් ඉතා ලස්සන ටෙලි නාට්‍යයක් විකාශනය වෙලා තියෙනවා. මම අහම්බෙන් යූ ටියුබ් එකේ දැකලා නැරඹුවේ. මිනිසුන්ගේ මිනිස් ගුණය ඉස්මතු කරන අගනා ටෙලි නාට්‍යයක්. එහි මින්නේරිය වැවේ අළුත් ඉන්ජිනේරැවා ඉතා යහපත්, ගෞරවනීය තරැණයෙක්. ඔහු අනාථ දරැවෙකු ලෙසයි හැදී වැඩී ඇත්තේ. එම පලාතේ පොහොසත්ම ව්‍යාපාරිකයාගේ සරසවියෙන් අළුත පිටවූ හොඳ පෞරැෂයක් සහිත එකම දුව මේ ඉන්ජිනේරැවා දැන හඳුනාගෙන ඔහුගේ ගුණයහපත් කමට පැහැදී ඔහුට ආදරය කරන්නට පටන් ගන්නවා. ඇය ඇයගේ ආදරය හසුනකින් ඔහුට දන්වනවා. ඔහුත් ඒ වනවිට ඇයට ආදරය කලත් තමන් අනාථයකු නිසාත් ඇයගේ high status නිසාත් ඇයට එය එතෙක් අඟවාවත් තිබුනේ නෑ. නමුත් ඇගේ හසුන සමඟ සියල්ල වෙනස් වී ඔවුන් පෙම්වතුන් බවට පත් වෙනවා. ඇය ඔහුට තම ආදරය ප්‍රකාශ නොකලානම් ඔහු කවදාවත් ඇයගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඇයට එතරම් හොඳ මිනිසෙක් නැවත කවදාවත් හමුවන එකකුත් නෑ. ඇය ඔහුට තම ආදරය එසේ ප්‍රකාශ කිරීම ගැන අවස්ථා ගණනාවකදී ඔහු ඇයට කෘතඥ වෙනවා.

දැන් අනීටාගේ කතාව කියන්නම්. අනීටා මගේ ඇමරිකානු ජාතික මිතුරියක්. ඇය eharmony නම්  dating web site එකකට ලියාපදිoචි උනා සහකරැවෙක් සොයාගැනීමට. ඇය ටික කලකින් හොඳ සහකරැවෙක් හඳුනා ගත්තා (තවම යහලුවන් පමණයි). ඔහු එවිට වැඩ අධික සීමාවාසික වෛද්‍යවරයෙක්. එකල ඔහුගේ මවටත් පිළිකාවක් සෑදී ඔහුට eharmoney site එකට යන්නවත් වෙලාව නැති වුනා. අනීටා මෙය දන්නෙ නෑ. ඔවුන් ඒතරම් කිට්ටු යාළුවන් නොවේ එකල, ඔවුන් ගනුදෙනු කලේ web site එකෙන් පමණයි. ඇය දන්නේ ඔහු එකවරම web site එකට ඒම ඉතාම අඩු කර ඇගේ දිගු පණිවිඩ වලට පමාවී කෙටි උත්තර එවන්නට ගත් බව පමණි. ඇයත් ප්‍රතික්ශේප වීමේ භීතිකාවෙන් පෙලුනානම් ඔහු වෙන කාටහරි set වෙන්න ඇති කියල තමන්ම උපකල්පනය කරගෙන තරහවෙලා අයින් වෙන්න තිබුනා. ඇය ඊට වඩා බුද්ධිමත්. ඒවගේම ඇය දැන සිටියා ඔහු ඇයට අවoකවම කැමති බවත්. ඒවගේම ඔහුට වෙන කෙනෙක් මුණ ගැසුනත් ඔහු ඇයව එලෙස අතහැරීමට වඩා ඇත්ත පවසා ආචාරශීලීව ඇයගෙන් සමු ගන්නා මහත්මයෙකු බව ඇය විශ්වාස කලා. ඉතින් ඇය ඔහුට අවoක පණිවිඩයක් යැව්වා ඇය ඔහුට ආදරය කරන බවත් ඔහුගේ වෙනස් වීම ඇයට මහත් වේදනාවක් බවත් සඳහන් කරමින්. ඔන්න එවිට ඔහුට මතක් වුනා ඇය ගැන. ඔහු ඇයගෙන් සමාව අයැද සිටියා. ඇයට තම පවුලේ ගැටලුව පවසා සිටියා. මගේ පලමු යාලුවා වගේ අනුවණ ප්‍රතිපත්තියක් රකින්නට ගොස් හොඳම ආදරය නැති කරගෙන පසුතැවිලි වෙනවා වෙනුවට අනීටා අර යහපත් මිනිසාව හිමි කර ගත්තා. ඇය දැන සිටියා ඇයව ප්‍රතික්ශේප වීමට හැකි බව ඔහුට ආදරය ප්‍රකාශ කරද්දී. ඒත් ඇය ඊට බිය වුනේ නෑ. ඇය බිය වුනේ ඒ මොහොතේ ඇය ආදරය ප්‍රකාශ නොකලොත් ඇයට ඔහුව නොලැබේය යන හැඟීමට. ඇගේ සැමියා පසුව කිව්වා එදා ඇය ඔහුට ආදරය ප්‍රකාශ නොකලානම් එකල ඔහු මුහුණදුන් ප්‍රශ්න සමඟ ඔහු web site account එක කාලයකට වසා දැමීමට පවා ඉඩ තිබුන බවත් ආදරය රැකගැනීම ගැන ඇයට ඔහු ස්තූතිවන්ත වන බවත්. 

අවසාන වශයෙන් මම කතාකරන්න කැමති උදාහරණය නම් බ්ලොග් අඩවි වල/මුහුණු පොතේ කොමෙන්ටු දැමීමේදී ඇතැම් අය පෙන්වන ප්‍රතික්ශේප වීමට ඇති අධික බිය. මුලින්ම ඔබ සිoහල බ්ලොග් අඩවි පවත්වාගෙන යන අතලොස්සක් වන බ්ලොග් කරැවන්ට කුඩා ඇගයීමක්හෝ ලබා දීමට කාරැණික වන්න.  ඒවයේ ලිපි වල හරි වැරැද්ද (ඔබට සාපේක්‍ෂව) මොකක් උනත් සමාජය තුල කතිකාවක් ඇති කරන්නට බ්ලොග් කරැවන් ගන්නා උත්සාහය අගය කරන්න. ගොඩක් මිනිස්සු හරිම අකමැති දෙයක් තමයි බුද්ධිමය සoවාද. ප්‍රතික්ශේප වීමට ඇති අධික බිය නිසා බොහෝවිට අපි කරන්නේ සoවාදයකට සහභාගී නොවී පිටුපසින් හිඳ වැරදි කතා කිරීම, කෝපයට පත් වී කුණුහරැප කියාගෙන තරහ වීම, කාන්තාවක් නම් බොහෝවිට අනේ මම නම් දන්නෙ නෑ ඕවා යයි පවසා මඟහැරීම වැනි සෘනාත්මක ප්‍රතිචාර දක්වා අර සoවාදය මතුකරන පුද්ගලයාව අධෛර්‍යමත් කිරීම. තව කට්ටියක් ඉන්නවා තමන්ගේ කල්ලියට අයිති පුද්ගලයෙක් මොනවා කිව්වත් කලත් සපෝට් එක දෙන සහ තමන්ගේ කල්ලියට පිට කෙනෙක් මොනවා කිව්වත් කලත් කිසිම හොඳක් දකින්නට බැරි. ඔන්න ඔයවගේ හේතු නිසා ලෝකය පුදුමාකාර විදියේ අදහස් හුවමාරැ කර ගැනීමේ ඌනතා සහිත තැනක් බවට පත්වීගෙන එන බව පෙනෙනවා. ඇයි තව කට්ටියක් ඉන්නවා තම මතය ප්‍රතික්ශේප වීමට ඇති අධික බිය නිසා සoවාදයක් කියන්නේ යුද්ධයක් කරගෙන පරදින්න වෙයි කියල එල්ලි එල්ලී තමන්ගෙ මතය අනිකාගේ මූණේ අතුල්ලන්නට හදන. එබඳු අය දකිනවිට මම හිතන්නේ තම අදහස්ම හරියැයි සිතන වෙනත් අදහස් ඇති අය සමඟ ආචාරශීලීව සoවාදයකවත් යෙදෙන්නට බැරි ඔවුන් විද්‍යුත් ප්‍රකාශන මාධ්‍යවල හැසිරෙන්නේ මෙහෙම නම් සැබෑ ජීවිතයේ තම පවුලේ අය, අසල්වාසීන්, මිතුරන්, කාර්‍යාල සගයින් සමඟ ගනුදෙනු කරනවා ඇත්තේ කෙසේද කියා. ඔවුන්ගෙන් නිර්දය ලෙස ප්‍රතික්ශේප වීම ගැන සතුටු වෙන්න. එය ඔබගේ යහපත් මානසික තත්වය ගැන ලැබුණු තත්ව සහතිකයක්. මට හිතෙන හැටියට සoවාදයක් කියන්නේ ජය පරාජයක් සහිත දෙයක් නොවේ, යම් දෙයක් ගැන තමන් මෙතෙක් නොහිතපු පැත්තක් දිහා බලන්නට විවර කරපු අගනා කවුළුවක්. සoවාද මගින් ඔබේ බුද්ධියේ නිම් වළලු පුළුල් වෙනවා, ඒ සම්බන්ධයෙන් ඔබ සoවාදයට සහභාගි වන අයට, ඔබට එකඟ වුනත් නැතත්, කෘතඥ විය යුතුයි. ඒවාගේම කිසියම් දුබලයෙක් ඔබේ අදහසක් ගැන ආචාරශීලීව සoවාදයක යෙදෙන්නට බැරිව ඔබට මඩ ගසා අවලාද කරයි නම් ඔහුට අනුකම්පා කර නීරෝගී සුවය පතා (බොහෝවිට ඔවුන් මානසික අසමතුලිතතාවන් ඇති අය, එය රෝගී තත්වයක්) ගෞරවනීය ලෙස සoවාදයෙන් ඉවත්ව යන්න. මන්ද ඔබ වද විය යුත්තේ ඔබේ ආදරණීයයන්ගේ සහ ඔබේ සතුට සැනසීම ගැන මිසක මෙවැන්නන්ගේ delusions ගැන නොවන නිසා.


Saturday, November 23, 2019

ඔබ ශ්‍රී ලoකාවේ නොවේ ලෝකයේ පුරවැසියෙක් වන්න-2 (Be a global citizen-Part 2)

කාන්තාවන්ට ජීවත් වීමට නුසුදුසු රටක් බවට දිනෙන් දිනම ලoකාව පත් වේගෙන එන බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි. සමහර අය දැන් මෙතන වැළලෙන්න හදන්න එපා එහෙනම් ශරියා නීතිය තියන අරාබිය මීට හපන්නේ කියලා. එම තර්කයට අනුව ඕනෑම දෙයක් සාධාරණීකරනය කරන්න පුළුවන්, ඊට වඩා චාටර් දෙයකට සන්සන්දනය කරලා. උදාහරණයක් කිව්වොත් ලoකාවේ පාරවල් හයිටියට ස්වාසිලන්තෙට වඩා කොච්චර හොඳයිද?, ලoකාවේ දේශපාලකයෝ ඉඩි අමීන් හෝ හිට්ලර්ට වඩා කොච්චර හොඳද?, රැපියල අවප්‍රමාණ  වීම සිම්බාබ්වේ රටේ මුදල් (සිම්බාබ්වේ ඩොලර්) අවප්‍රමාණ වීමට වඩා මොනතරම් කුඩාද?,  ලoකාවේ  පරිසර දූෂණය චීනයට වඩා  කොච්චර අඩුද නේද? නියම විදිහට සන්සන්දනය කරනවානම් කල යුත්තේ ලoකාව කවදහරි වෙන්න ඉලක්ක කරගෙන ඉන්න තැනට කිට්ටු රටකට සන්සන්දනය කිරීමයි. ඒ රටවල් අතර එන්ගලන්තය, ඔස්ට්‍රේලියාව, ජපානය, කැනඩාව, ඇමරිකාව, සිoගප්පූරැව ආදී රටවල් මිසක අරාබිය නෑනේ. එහෙනම් එන්ගලන්තය, ඔස්ට්‍රේලියාව, ජපානය, කැනඩාව, ඇමරිකාව, සිoගප්පූරැව වගේ රටවල් වල ජීවන තත්වයට ලoකාවේ ජීවන තත්වය, විශේෂයෙන්ම ලoකාවේ කාන්තාවන්ගේ ජීවන තත්වය සන්සන්දනය කරන්න අරාබිය ගාව ගන්නෙ නැතුව. මෑත කාලයේ ලoකාවේ සිදු වූ රෝයල් පාක් තරැණිය අමානුෂික ලෙස මරා දැමූ ඝාතකයාට සමාව ලැබී නිදහස් වීමම හොඳ නිදසුනක් ලoකාවේ කාන්තාවන්ගේ ජීවන තත්වය ගැන. යමක් කමක් ඇති පවුලක කාන්තාවක වූ ඇයටත් අත්වුනේ මේ ඉරණම නම් දුප්පත් අසරණ කාන්තාවන් ගැන කවර කතාද ?

ලoකාවේ බොහෝ කාන්තාවන්ට තම ශක්තිය, කාලය, ශ්‍රමය, මුදල් වලින් සෑහෙන්න කොටසක් කැප කරන්නට වෙලා තියෙන්නේ පිරිමින් එල්ල කරන අනවශ්‍ය පීඩනයෙන් හැකි පමණ ගැලවීමට. පාරේ ඉන්න රස්තියාදුකාර පිරිමින්ගේ අතවර වලින් බේරීමට, ඇඳුම යන්තම් එහා මෙහා උනොත් හැදෙන පදයෙන් බේරීමට, යන්තම් කරැවල වැටෙන කොටම දුවව පන්ති ඇරී පරිස්සමෙන් ගෙදර ගෙන ඒමට, තනියම යන විට අනාරක්ශිත නිසා රoචු ගැහී පාරේ යාමට මිතුරියන් එනතුරැ කාලය කකා බලා සිටීමට, බීමත්ව ගෙදර එන සැමියා අදත් ගුටි බැට දුන්නොත් අල්ලපු ගෙදරට දිවීමට, මත් ද්‍රව්‍ය වලට සේසතම වැය කරන සැමියා සහ දරැවන් නඩත්තු කරන්න පනම් හතරක් සොයා ගැනීමට, කලින් සැමියා/කලින් පෙම්වතාගේ ග්‍රහනයෙන් බේරීමට ආදී දෙකයි පනහේ කාළකන්නි හේතු. ඉතාම ලස්සන රටක් වන ලoකාවේ ඉපදුනාට එම ලස්සන විඳින්නට හැකිද ලoකාවේ ගෑනුන්ට? සිoහල බ්ලොග් අතර ඉතාම ලස්සන සoචාරක බ්ලොග් ගණනාවක් තිබුනත් ඒවා එකක්වත් කාන්තාවක් ලියන්නේ නෑ, ඇත්තටම හිතේ හැටියට තමන් උපන් රටේ ලස්සන විඳින්නට ලoකාවේ ගෑනුන්ට බැහැ.

නමුත් ලෝකයේ කාන්තාවන් බොහෝ දුර ගිහින්. ලෝකයේ බොහෝ කාන්තාවන් තම ශක්තිය, කාලය, ශ්‍රමය, මුදල් කැප කරන්නේ තමන්ගේ සිහින සැබෑ කරගන්න, තමන්ගේ රටට ලෝකයට සේවය කරන්න, කොටින්ම එක එකාගේ සපත්තුවට පෑගෙන්නැතුව ආත්ම තෘප්තියෙන්, ආත්ම ගෞරවයෙන් සහ ආත්ම අභිමානයෙන් ජීවත් වීමට. එම රටවල් දියුණු වීමට මෙවැනි ආත්ම තෘප්තියෙන් සහ සහ ආත්ම අභිමානයෙන් යුක්ත කාන්තාවන්ගෙන් අති මහත් සේවයක් ඉටු වෙනවා. එපමණක් නොවේ ලෝකයටත් ඔවුන්ගෙන් අති මහත් සේවයක් ඉටු වෙනවා. දැන් බලන්න ඊබෝලා වැනි මාරාන්තික වසoගතයක් අප්‍රිකාවේ පැතිරෙනකොට ජීවිත අවදානම නොතකා එහි යන Doctors Without Borders වෛද්‍යවරැන් අතර මොන තරම් කාන්තා නියෝජනයක් තිබෙනවාද? කොටින්ම එහි කලින් සභාපති පුටුව හෙබවූවේද කාන්තාවක්, ඒ වෛද්‍ය Joanne Liu. ලoකාවේ නම් ගෑනු තියා පිරිමිවත් ඔව්වට යනවයැ. තව ඩිස්පැන්සරියක් අටවගෙන කීයක්හරි හොයා ගන්නව මිසක. දොස්තරල විතරක් නෙමේ අනිත් අයත් බහුතරය එහෙමයි. ලෝකෙට හෙන ගැහුවත් අපිට මොකද,  හැබැයි අපට මොනවහරි උනොත් ජාත්‍යන්තරය ඕනෑ හරිය? මෙතුමිය ලoකාවේ උනානම් නෑදෑ සනුහරෙයි මිනිහයි දරැවොයි පොළවෙ පස් කයි මෙහෙම රැකියාවක් කරනවට විරැද්දව. ඇයි ඉතින් බැරි වෙලාවත් මලොත් මොනතරම් නම් පාඩුවක්ද? ගෙදර ගෑනි සති ගණන් රෝන්දෙ ගියාම ගෙදර උයන්නෙ රෙදි හෝදන්නෙ ළමයි බලන්නෙ කවුද? ඒ මදිවට ගමේ කතන්දරත් හැදිලා රට්ටුන්ට මූණ දෙන්නේ කොහොමද?.

වෛද්‍ය Joanne Liu නයිජීරියාවේ දරැවෙක්ට ප්‍රතිකාර කරමින් (https://www.msf.org/dr-christos-christou-new-international-president-msf 11/23/2019) 

පසුගිය දිනෙක ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි වලට මැදිවී පිළිස්සුම් තුවාල සහිතව වේදනාවෙන් හඬමින් එහාට මෙහාට දුවමින් සිටි කෝලා වලසෙක් බේරා ගැනීමට තමා හැඳ සිටි උඩ ඇඳුම ගලවා එයින් (සහ පොරවණයකින්) එකී කෝලා වලසාව ආවරණය කර ඌව සත්ව රෝහලකට ගෙන ගිය ඔස්ට්‍රේලියානු කාන්තාවගේ වීඩියෝව මේ දිනවල බොහෝ සමාජ මාධ්‍යවල සැරිසරණවා. ඇයගේ ක්‍රියාවට නන් දෙසින් පැසසුම් ගලා එන අතර ඇය වීර කාන්තාවක් බව පිළිගන්නවා. එයට හේතු කිහිපයක්ම තිබෙනවා. ලoකාවේ ඔබ අත්දැක නැති දෙයක් තමයි මෙවැනි විශාල ලැව්ගිනි. ඒවා ඉතාම වේගයෙන් පැතිරෙනවා. ඒ නිසා ලැව්ගින්නක් අතරතුර අසරණ සතෙකු වෙනුවෙන් විනාඩියක් වැය කිරීම පවා ඉතාම අනතුරැදායකයි. ගිනි පුපුරැ විසිරෙද්දී උඩුකය නිරාවරණය කිරීම අනතුරැදායකයි. වන සතෙක්ව, විශේෂයෙන් ඌ කලබල වී ඇති වෙලාවක, අතපත ගෑම අනතුරැදායකයි. තම විළිබිය පසක තබා සතෙකුගේ ජීවිතය බේරාගැනීමට උඩුකය නිරාවරණය කිරීමට එම කාන්තාවට විශාල පෞරැෂයක් තිබුනා. ඇය කුඩා කල සිටම හැදී වැඩුනු සමාජයයි ඇයට එම පෞරැෂය ලබා දුන්නේ. ලoකාවේ වගේ වීදි හින්සනය කර වද දුන්නා නම් මෙවැනි කාන්තාවක් බිහි වෙන්නේ නෑ. මේ කාන්තාවගේ සැමියාත් එතන සිටියා, ඇය උඩු ඈඳුම ගලවා පවුලේ දැළි ගෑවා යැයි කෝපයෙන් නොවේ, ඇයට ධෛර්‍යයක් වෙමින් එතැන සිටි නිහඬ වීරයා ඔහු. ඇයට කැත උසුළු විසුළු කරන්නට තරම් ලිoගික අසහනයෙන් ඔස්ට්‍රේලියානුවන් නොපෙලීම ඇගේ වාසනාව. මේ ඔස්ට්‍රේලියානු කත ලොවට පෙන්වූයේ ඇය තුල තම රට වෙනුවෙන් පැවති ආදරයයි, තම රටට ආවේණික සතුන් ගස්වැල් ඇළදොලට ඇති ආදරයයි. මේ සමගම පසුගිය කාලයේ වසදී රoචු පිටින් අලි මරා දැමූ, හක්ක පටස් නම් අතිශය තිරශ්චීන ක්‍රමයෙන් දස වද දී වටිනා අලි සම්පත වනසන ලoකාවේ අපි ගැන දැඩි සoවේගයකි මට ඇති වූවේ.


ඉතා කුඩා දැරියන් පවා ලෝකය වඩාත් යහපත් කිරීමට පෙරට එනවා. ජ්‍යෝෆ්‍රී බේකන්ගේ ලිපියක පාට කූරැ ප්‍රතිචක්‍රීකරණය වෙනුවෙන් වෙහෙසෙන සත් වියැති ජෙසී ගේ කතාව ඉන් එකක් (https://lalithkrunaratna.wordpress.com/2019/11/23). ඒවගේම පසුගිය කාලයේ ඉමහත් කතාබහට ලක්වූ පරිසරවේදිනිය ග්‍රේටා  දාසය වියැති දැරියක්.(https://www.youtube.com/watch?v=KAJsdgTPJpU) ඊටත්වඩා යහපත් සිහින අරමුණු සහ දැක්මවල් ඇති අප රටේ දැරියන්ට ඒවා පසක තබා රෑ බෝ වීමට පෙර අතවරයන්ගෙන් බේරී ගෙදර ඒමටත් ගෙදරදී අතවරයන්ට ලක් වීමටත් සිදු වෙලා. බේබදු තාත්තලා, කුඩු ගහන අයියලා, අවස්ථාවක් ලද සැනින් අතවරයට ලක් කිරීමට බලා සිටින පිරිමි, ගෑනු වෙලා ඉපදුනේ කරැමෙට යැයි අර පිරිමින්ගේ නොසන්ඩාලකම් සාධාරණීකරනය කරන ආගමික පිරිස් මැද මේ දැරියන් උස් මහත් වෙන්නේ ආත්ම තෘප්තියෙන්, ආත්ම ගෞරවයෙන් සහ ආත්ම අභිමානයෙන් ඉතාම අඩු මානසික සමතුලිතතාවක් නැති වැඩිහිටියන් ලෙස. ග්‍රේටාට ජෙසීට ලැබුණු  අවස්ථා වලින් දහයෙන් පoගුවක් ලැබුණානම් රටට පමණක් නොවේ ලෝකයටම ආලෝකයක් වීමට ඉඩ තිබූ මේ දැරියන් මානසිකව ශාරීරිකව දිනපතා වධයට පමුණුවා පලදායීතාව අවම, බියසුළු, මෝඩ, උද්දච්ච, කුළෑටි, කුහක, ඊරිසියාකාර, රට ගැන ලෝකය ගැන හිතනවාට වඩා මූනේ කුඩා ලපයක් ගැන, සාරියේ රැල්ලක් ගැන පමණට වඩා වදවෙන  ගැහැණුන් බවට පත් කරනවා. ඊටපස්සෙ දිට්ටධම්මවේදනීය කර්මානුරෑපව එම ගැහැනියක් කසාද බැඳගෙන නොවිඳිනා දුක් විඳ විඳ ඉන්නවා.

ඉතින් වෛද්‍ය ජොඇනා, කෝලා වලසා බේරා ගත් ටෝනි, ජෙසී හෝ ග්‍රේටා දුටු විට වාව් ගගා ලoකාවේ ගෑනු මෙහෙම quality නෑනෙ කියන්න එපා, ලoකාවේ ගෑනුන්ව ඔබේ සපත්තුවෙන් පාගාගෙන. වෛද්‍ය ජොඇනා, කෝලා වලසා බේරා ගත් ටෝනි, ජෙසී හෝ ග්‍රේටා යනු ඔවුන් ඉපදී හැදී වැඩුනු සමාජයේ විශිෂ්ඨත්වය පෙන්වන කැඩපත්. මම ඉතාම ආදරයෙන් ඔබෙන් ඉල්ලන්නේ රටට ආදරෙයි නම්, ලoකාවත් එන්ගලන්තය, ඔස්ට්‍රේලියාව, ජපානය, කැනඩාව, ඇමරිකාව, සිoගප්පූරැව ආදී රටවල් වගේ දියුණු කිරීමට නම්, ලoකාවේ කාන්තාවන්ගේ පෞරැෂය විනාශ කිරීමට දායක වන්න එපා.






Tuesday, November 19, 2019

ඔබ ශ්‍රී ලoකාවේ නොවේ ලෝකයේ පුරවැසියෙක් වන්න (Be a global citizen)

ශ්‍රී ලoකාවේ ජීවත් වන ඔබ සමහර වෙලාවට ඔබේ නියම වටිනාකම හඳුනා ගන්නේ නෑ, සමහරවිට මුළු ජීවිත කාලයටම. ඒක හරිම අපරාදයක්. එහෙම වෙන්න එක ප්‍රධානම හේතුවක් තමයි ඔබ ලෝකයේ මිණුම් දඬු වෙනුවට ලoකාවේ මිණුම් දඬු ඔබේ වටිනාකම මැනීමට යොදා ගැනීම. ලoකාවේ ඇතැම් මිණුම් දඬු ඉතාම ග්‍රාම්‍යයි, කුහකයි, ගෝත්‍රිකයි. ලoකාවේ පවතින අධික උස් මිටි පන්ති භේදය, පර පීඩක මානසිකත්වය, සහ දියුණු වෙන්න හදන උත්සහවන්තයින් අධෛර්‍යමත් කර වළට ඇද දැමීමේ මානසිකත්වය සඳහාමයි ඔය සමහර මිනුම් දඬු නිර්මාණය කරල තියෙන්නේ. ඉතින් ඒවට බයේ ජීවිතය අසාර්ථක කර ගන්නවාද නැතිනම් ලෝක මිනුම් දඬු වලට අනුව ඔබේ වටිනාකම තේරැම්ගෙන ජීවිතය ජය ගන්නවාද යන්න තීරණය කල යුත්තේ ඔබමයි.

එක උදාහරණයක් කියන්නම්. හෙද වෘත්තිය, එයිනුත් විශේෂයෙන්ම පිරිමි හෙද නිලධාරීන්ව ලoකාවේ වෘත්තීමය වශයෙන් එතරම් පිළිගැනීමකට ලක් වෙන්නෙ නෑනෙ. ඒත් ඔබ දන්නවාද හෙද වෘත්තිය ඇමරිකාව ඇතුළු දියුණු රටවල ඉතාම ඉහල ඉල්ලුමක් සහ වැටුප් සහිත වෘත්තියක් බව, එමෙන්ම අත්දැකීම් ලබාගෙන තව ඉහලට ඉගෙනගෙන අන්තිමේ වෛද්‍යවරයෙක් දක්වාම යා හැකියි. ඔබ ලoකාවේ වෛද්‍යවරයෙක් නම් ඇමරිකාවේ හෝ වෙනත් දියුණු රටවල වෛද්‍ය වෘත්තියේ යෙදෙන්න ඉතා අමාරැ විභාග ආදිය පාස් කරන්න ඕනේ. ඒක නිසා තමයි ලoකාවෙන් ගොස් ඇමරිකාවේ හෝ වෙනත් දියුණු රටවල වෛද්‍ය වෘත්තියේ නියැලෙන වෛද්‍යවරැ ඉතාම අඩු. නමුත් ඇමරිකාවේ හෝ වෙනත් දියුණු රටවල හෙද වෘත්තියේ නියැලීමට ඔබට එවැනි අසීරැ විභාග ලිවීම අවශ්‍ය නෑ. ඉoග්‍රීසි දැනුම පරීක්‍ෂා කරන ඉතාම පහසු TOEFL/IELTS වැනි විභාගයක් සමත් වීමයි කළ යුතු වන්නේ. ඔබ උසස් පෙළට වාඩිවී වෛද්‍ය විද්‍යාලයට යන්නට ලකුණු මදි වී  සිටින එතරම් වත් පොහොසත්කමක් නැති පවුලක දරැවෙක් නම් තම වෛද්‍යවරයෙකු වීමේ සිහිනය/හොඳ තැනකට යාමේ සිහිනය අතහැර දමන්නේ ලාoකික මිණුම් දඬු වලට අනුවයි. ඒත් ලෝකයේ  මිණුම් දඬු වලට අනුව ඔබ කිසිසේත්ම පරාජිතයෙක් නොවේ, යන්න හෙද විදුහලට. ඒ සමඟම ඉoග්‍රීසි දැනීම හොඳට දියුණු කර ගන්න. ඔබට දියුණු වීමට වෛද්‍ය/ඉoජිනේරැ/නීතිඥ ආදී වෘත්තීන් අත්‍යවශ්‍ය වුනේ ඉස්සර, දැන් අනිකුත් වෘත්තීන් වලින් ජීවිතය ජයගැනීමට ඕනෑතරම් අවස්ථාව ලැබී තිබෙනවා. ඔබ ව්‍යාපාරිකයෙක් නම් කලාකරැවෙක් නම් ලoකාවට සීමා නොවී ලෝකයට විවෘත වන්න. මහා ලොකු දේවල් නෙමේ, මුරැoගා, ගොරකා, කහ ආදී ඔෞෂධීය වටිනාකමක් සහිත ඇමරිකාවේ එoගලන්තේ වැවෙන්නේ නැති ගස් වල කොල, අල, ගෙඩි, ආදියටම මොනතරම් හොඳ වෙළඳපොලක් තියෙනවද? කිතුල් පැණි මෙහෙ පෑන් කේක් කනකොට නැතිවම බැරි මේපල් සිරප් වලට වඩා මොනතරම් රස ගුණ ආදේශකයක්ද? ලoකාවේ කාටහරි බැරිද පොළොස් වලින් vegan burger patty එකක් හදන්න, මාරම ඉල්ලුමක් ලැබේවි.   

කාන්තාවන් තමන්ගේ වටිනාකම මනින ශ්‍රී ලාoකික මිම්මවල් වන කන්‍යාභාවය/ගෙදරින් පිට රැයක්වත් ගත නොකිරීම/දසන් දක්වා සිනා නොවීම, කොල්ලෙක් එක්ක යාළු නොවීම යනු ලෝකයේ කාන්තාවන්ගේ වටිනාකම මනින මිම්මවල් නොවන බව තරයේම මතක තබා ගත යුතුය. ලෝකයේ කාන්තාවන්ගේ  වටිනාකම මනින මිම්ම  කාන්තාවකගේ පෞරැෂයයි. ඇයගේ අධ්‍යාපනය, විවෘත මනස, ප්‍රශ්නයක් විසඳීමේ හැකියාව, බුද්ධිමත්ව සoවාදයක යෙදීමේ හැකියාව, පලදායීතාව ආදිය මීට අයත්. ලෝකයේ විශාල පෙරලි සිදුකල කාන්තාවන් කීපදෙනෙකු වන මාරි කියුරි, ඉන්දිරා ගාන්ධි, තෙරේසා මව්තුමිය, අවුන් සාන් සූකී, මාගරට් තැචර් ආදීන්ගේ කන්‍යා භාවය ගැන අපි දන්නේ නෑ සහ අපට වැඩකුත් නෑනේ. ලෝකයේ කාන්තාවන් තමන් ලිoගික භාණ්ඩයක් වීමට එරෙහිව දැවැන්ත සටනක යෙදෙනවා. ඔබේ කන්‍යා භාවය/ලිoගිකත්වය ඔබේ පෞද්ගලික දෙයක්. එය වෙන්දේසි කරන්නේ කාන්තාවන් තනිකරම ලිoගික භාණ්ඩ ලෙස දකින ගෝත්‍රිකයන්.

කිසියම් කරැණකට කන්‍යා භාවය අහිමි වූ ලාoකික කෙල්ලක් පාගාගෙන ඇයට වැරදි හදාගෙන ඉදිරියට යාමට නොදී ගණිකා වෘත්තියට බලෙන්ම ඇද දැමීමටයි ලoකාවේ ඔය ගෝත්‍රික මිනුම් දඬු හදල තියෙන්නේ. ඇමරිකාවේ කාන්තාවක් සාමාන්‍යයෙන් පිරිමි 4දෙනෙක් සමඟ ලිoගික සම්බන්ධතා පවත්වන බව සමීක්‍ෂණ වලින් හෙලි වී තිබෙනවා. “Median number of opposite-sex partners in lifetime among U.S. men and women aged 25-44 years of age is 6.6 for men and 4.3 for women. (National Center for Health Statistics, 2015)" ඇමරිකාවේ විශ්ව විද්‍යාල වල වැඩ කරන මමත් මගේ සැමියාත් අනන්තවත් දැක තිබෙනවා කරටි කැඩෙන්නට බීපු, මත් ද්‍රව්‍ය ගත්, දාම සිගරට් දුම් බීමට ඇබ්බැහි උන, කිසිම විළිසoගයක් නැති කාන්තාවන්, විශේෂයෙන්ම විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන්. ඒත් ඔවුන්ට අපහාස කිරීම වෙනුවට, ගණිකා වෘත්තියට බලෙන්ම ඇද දැමීම වෙනුවට, ඇමරිකානු සමාජය කරන්නේ සහකම්පා කිරීම සහ උදව් කිරීමයි. මේවා දකින මට ලාoකික කාන්තාවන් ගැන අධික දුකක් දැනෙනවා. ජීවත් වන රටේ ආකල්ප අනුව කාන්තාවන් මොනතරම් දුකක් විඳිනවාද?


Friday, November 15, 2019

දේශප්‍රේමී වීමට ලාoකික ඩයස්පෝරාවට අයිතියක් නැතිද?

අද ලියන්නට කල්පනා කලේ ජනාධිපතිවරණ ඡන්ද උණුසුමත් සමඟ කතාබහට ලක් වූ "දේශප්‍රේමී වීමට ලාoකික ඩයස්පෝරාවට අයිතියක් නැතිද?" යන කාරණයයි. මෙතෙන්දි මමත් ශ්‍රී ලාoකික ඩයස්පෝරාවට අයිති කෙනෙක් වීම නිසා මට මේ කරැණ ගැන අදහස් දැක්වීමට අයිතියක් ඇති බව හිතනවා. මුලින්ම අපි ඩයස්පෝරාව යන වචනයේ තේරැම මොකක්ද කියල බලමු. මේ වචනය ඔබ නිතරම අසා ඇත්තේ කොටි සoවිධානයත් සමඟ ඈඳී  නිසා ඔබට එහි නිවැරදි අර්ථය පහදා දීම වැදගත් යැයි සිතුනා. තමුන් පාරම්පරිකව ජීවත් වූ භූමියෙන් පිටත වාසය කරන මිනිසුන් එම රටේ/භූමියේ ඩයස්පෝරාවයි. ඒ අනුව මමත්, රටින් පිට ජීවත් වන ලාoකික සිoහල බෞද්ධයාත්, දෙමළ හින්දු පුද්ගලයාත්, මුස්ලිම්, ක්‍රිස්තියානි, මැලේ, බර්ගර් ආදී මෙකී නොකී සියල්ලන්ම ලාoකික ඩයස්පෝරාවට අයත්. එම නිසා ඔබට දැන් වැටහෙනවා ඇති ඩයස්පෝරාව යන්න විදෙස්ගත කොටි හිතවාදීන්ට කියන තවත් නමක් නොවන බව. 

ඕනෑම සතෙක් ස්වභාවිකවම කැමති තමන් උපන් ප්‍රදේශයේ ජීවත් වීමටයි. මම අසා තිබෙනවා වන අලි වනජීවී දෙපාර්තමේන්තුවෙන් අල්ලාගෙන ගොස් කොහේහරි ඈතට අතහැරියම නැවතත් දුරැ කතර ගෙවාගෙන තමන් උපන් ප්‍රදේශයටම එන බව. ඒවගේම ඇතැම් කුරැල්ලන් සහ මසුන් පවා මෙසේ තමන් උපන් ප්‍රදේශයට දුරැ කතර ගෙවාගෙන ජීවිතයේ වැදගත් අවස්ථාවල පැමිණෙන බව. එම වන සතුන් එහෙම පාර සොයාගෙන එන්නේ කෙසේද යන්න හරියටම කියන්න මම දන්නෙ නෑ නමුත් එය මම දන්නා පරිදි පෘතුවියේ චුම්භක ක්‍ෂේත්‍රය සමඟ සම්බන්ධයි. එහෙනම් ඒ ස්වභාවික නැමියාව යටපත් කරගෙන තමන්ගේ අක් මුල් නැති විදේශයක පoදිචි වීමට මිනිසුන් තීරණය කරන්නේ ඇයි?

මට ලාoකික ඩයස්පෝරාවේ අනිත් අය ගැන අදහස් දැක්වීමට බැරි නමුත් මම ගැන හිතා ඒ ප්‍රශ්නයට උත්තර දෙන්නම්. ලoකාවේ මධ්‍යම පාන්තික පවුලක ඉපදුනාට මට කුඩා කාලයේ සිටම ලoකාවට අනුගත වීමේ නොහැකියාවක් දැනුනා. මම කැමති වුනේ නෑ ලoකාවේ තිබෙන බොහෝ ලක්‍ෂණ වලට. උදාහරණයක් ගත්තොත් මම කැමති නෑ මට හැමදාම වගේ මුහුණදීමට සිදුවූ වීදි හින්සනයට, බස් වල මට දිනපතාම පාහේ මුහුණ දෙන්නට සිදු වූ අතවර වලට, සමහර දේවල් දැන් මතක් වෙන විටත් පුදුමයි. එක උදාහරණයක් කියන්නම් ඒවල බරපතලකම ගැන ඔබට අදහසක් ගැනීමට. විශ්වවිද්‍යාලයෙන් පිට වූ අළුත රස්සාවක් හොයාගන්නකම් ටික කාලයක් තාවකාලිකව එම විශ්වවිද්‍යාලයෙම වැඩ කරන කාලයේ ගෙදර ඉඳන් උදේ හවස බස් තුනක යන්න එන්න මට සිදු වුනා. සාරිය ඇඳීමත් අනිවාර්‍යයි. ඒ මදිවට මගේ මව අසනීපයෙන් සිටි නිසා ආහාර පිළියෙල කලෙත් මම. ඔය ඔක්කොටම උදේ පාන්දර තුනටවත් නැගිටින්න ඕන. ඒ නිසා සහ අඩි උස පටි සපත්තු දාන් සාරි පටලගෙන උගන්නලා හවස ගෙදර එන විට හොඳ ගණන්. අධික මහන්සියට බසයේ ඉඳගෙන එනවානම් නින්ද යන එක වලක්වා ගන්න හරිම අමාරැයි. හැමදාම වගේ එම නින්දෙන් ඇහැරැණේ කවුරැහරි මිනිහක් සාරියෙ එහෙන් මෙහෙන් අතදානකොට. වතාවක් ඉදිරියට නැමී ඉස්සරහ සීට් එකේ හිස තබාගෙන නිදා සිටි මට අමුත්තක් දැනී ඇස් ඇරියාම මම දැක්කේ මගේ හිස අසල සිටගෙන සිටින පිරිමියා සිය පුරැෂ ලිoගය කලිසමෙන් එළියට ගෙන මගේ මුහුණේ ගෑවෙන නොගෑවෙන ලෙස ස්වයo වින්දනයේ යෙදෙන බව, මේක අනිත් මිනිස්සු දැක දැක නොදන්නව වගේ ඉන්නවා. ඒක දැක්ක ගමන් ඉද්ද ගැහුව වගේ මම කෙළින් වුනා. ඒ මිනිහ අසුරැ සැනින් පුරැෂ ලිoගය කලිසමට ඔබාගෙන ඉදිරි පාපුවරැවට දිව ගොස් ඊලඟ නැවතුමෙන් බැස්සා. ඒ මිනිසාගේ හැසිරීම අනුව හොඳටම පෙනුනා ඒ වැඩේ කාලයක් තිස්සේ කරන පලපුරැදු අතවරකරැවෙකු බව. ඒ කාලේ නම් මෙවැනි අතවර වලට එරෙහිව අතවරයට ලක්වන කාන්තාවට කතා කල නොහැකියි, මොකද අර පිරිමියා ඇයව වාචිකවත් අපහරණය කරනවා ඇතැම්විට පහරදිය හැකියි, ඇතැම් විට පිහි ඇනුමක් වුවත් සිදු කල හැකියි.

සාරි ඇඳීම ගැන වෙනමම ලිපියක් ලියන්න තරම් කරැණු තිබුණත් ඉතා කෙටියෙන් මෙතැනදී සඳහන් කල යුතු බව සිතුනා. උත්සවයකට ඉඳහිට සාරි ඇඳීම හැර දිනපතා වැඩට සාරි ඇඳීමට මමනම් ඉතාම විරැද්ධයි. ලoකාවේ ගෑනුන්ගේ පලදායීතාව අවම කර අකාලයේ මරා දමන මර උගුලකි මේ සාරිය. සාරිය නිසා  නිරාවරණය වන පිට සහ බඩ කොටස ලිoගික අසහනකාරයන් උද්දීපනය කරයි. සාරිය නිසා  නිරාවරණය වන පිට සහ බඩ කොටස අතවරකරැවන්ට ඉතා හොඳ ප්‍රවේශයක් වගේම සාරිය කැඩෙයි කියන බය නිසා  අතවරකරැවන්ගෙන් බේරීම අපහසුයි. ඕක සේදීම, මැදීම, ඇඳීම ආදියට පැය 24න් පැය දෙක තුනක් වත් යයි. මෙය මොනතරම් නාස්තියක්ද? ඕනෑම පිළිගත් Safety Standard එකකට අනුව විද්‍යාගාර තුල සාරි ඇඳීම සහ ඊට කැපෙන පටි සපත්තු දැමීම ඉතාම අනතුරැදායක නමුත් ලoකාවේ විශ්ව විද්‍යාලවල විද්‍යාගාර තුල පවා ඉගැන්වීමට සාරි ඇඳිය යුතුය. සාරි ඇඳි විට දුව පැන වැඩ කල නොහැක. යන්තම් අවුරැදු 40 පැන්න ගමන් බොහෝ ලාoකික කාන්තාවන් පිටි මුට්ටි මෙන් මහත් වී දියවැඩියාව, කොලස්ටරෝල්, අධික රැධිර පීඩනය ආදී රෝග වැළඳී ජීවිතය විඳීමට වඩා විඳවීමට මූලික හේතුවක් ලෙස සාරිය මම දකිමි. ඊට අමතරව ප්‍රාථමික පන්ති වල කුඩා දරැවන් සමඟ දුව පැන වැඩ කල යුතු ගුරැවරැ, Physical Training ගුරැවරැ, ඉන්ජිනේරැවරියන්, වෙනත් දුව පැන වැඩ කල යුතු වෘත්තීන් වල යෙදෙන කාන්තාවන් සාරිය නිසා පලදායීව රැකියාව කර ගැනීමට නොහැකිව සිටිති. එය රටටම පාඩුවකි. වෙනත් රටවල රැකියාවට පහසු ලෙස ඇඳුම් අඳිද්දී ලoකාවේ ඇඳුමට පහසු ලෙස රැකියාව කරති.  

ඊලඟට ගත්තොත් මම කැමති වුනේ නෑ ලoකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගිලගෙන තිබෙන දේශපාලන සහ ගෝත්‍රික හර පද්ධතියට. ලoකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් පසුගාමී සමාජයටම අනුගත වෙලා. මම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබපු කාලයේ තත්වයට වඩා දැන් වෙනස්ද දන්නෙ නෑ. විශ්ව විද්‍යාලයකින් බිහි විය යුතු නිර්මාණශීලී විද්‍යාර්ථියා වෙනුවට බොහෝවිට බිහි වෙන්නේ කාළකන්නි ගොට්ටෙකි. දේශපාලනය ඔඩු දුවා ඇති විශ්ව විද්‍යාලයේ ඉගෙන ගැනීම හැර ඉතිරි හැමදේටම ඇප කැපවූ ශිෂ්‍ය ප්‍රජාවකි බොහෝ විට ඇත්තේ. විශ්ව විද්‍යාල කොතරම් පසුගාමීද කියතොත් අධ්‍යයන සමාජයක සභාපති හැම විටම ශිෂ්‍යයෙකි, ලේකම් ශිෂ්‍යාවකි. මොන තරම් සුදුසුකම් කැපවීම හෝ ආශාව තිබුනත් ගෑනුන්ට සභාපතිකම බැරිය, පිරිමින්ට ලේකම්කම බැරිය. විශ්ව විද්‍යාලවල පවා ඒ තරම්ම gender stereotyping පවතී. පර්‍යේෂණ පත්‍රිකා පල කලේ නැති තරම්ය. මම පල කරන්නට යෙදුන පර්‍යේෂණ පත්‍රිකාවක ප්‍රධාන කතුවරයා වූයේ එම පර්‍යේෂණය ගැන මෙලෝහසරක් නොදත් ආයතන ප්‍රධානියෙකි. මම අධික මහන්සියෙන් කල පර්‍යේෂණයෙන් නිකම්ම ඉඳ ලකුනු දාගන්නට දේශපාලන බලයෙන් ඉහළ පුටුවකට අරක් ගත් හොරෙක් සිටී. මෙය අමු අමුවේ පර්‍යේෂණ පත්‍රිකා පිළිබඳ ආචාර ධර්ම බරපතල ලෙස කඩ කිරීමකි. නමුත් කල හැකි දෙයක් නැත. විශ්ව විද්‍යාලය ගැන තව බොහෝ දේ ලිවිය හැකි උනත් මේ උදාහරණ කීපය පමණක් දැනට සඳහන් කරමි.

මම හිතුවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු ලoකාවේම රැඳෙන්නටය. නමුත් රැකියාවක් කරන්නට පටන් ගත් විට සමාජයේ ගරා වැටීම මට හොඳින්ම අවබෝධ වන්නට විය. මම රැකියා කල රැකියා ස්ථාන සියල්ලේම පාහේ අධික කල්ලිවාදයක් තිබුනි. මේ කල්ලි සියල්ලෙහිම පාහේ පොදු ලක්‍ෂණයක් නම් පුළුවන් තරම් වැඩ නොකර අයිස් ගැසීමයි. ඒවාගේම මේ ආයතන සියල්ලෙහිම පාහේ ස්ත්‍රී සොඬෙක්, ආයතන ප්‍රධානීන්ට බොරැ කේළම් කියන්නෙක්, සුළු දේටත් කුණුහරැප කියාගෙන රණ්ඩුවට එන කුකුල් කේන්ති කාරයෙක්, සහ ඒවාට උඩගෙඩි දෙන ඉරිසියාවෙන් හා හීනමානයෙන් පෙලන ගෑනු ටිකක් සිටිය බව කිව හැකිය. මම වැඩ නොකර අයිස් ගැසීමට ඉතාම අකමැති නිසාත් කල්ලි වල membership ගැනීමට උනන්දුවක් නොදැක්වූ නිසාත් මට නොයෙක් අරියාදු කිරීම් වලට ලක් වීමට සිදු විය. ආයතනයේ දියුණුව සඳහා මා විසින් නිර්මාණය කල නව ක්‍රමවේද ක්‍රියාත්මක නොකර බකල් කිරීමට මිසක සහයෝගයෙන් ආයතනය දියුණු කිරීමට ඉතාම ඉහල කළමණාකාරීත්වය හැර කාටවත් සැබෑ උවමනාවක් නොවීය. ඔවුන් බිය වූයේ මම ඉක්මනටම ඔවුන් අභිභවා ඉහලට යෑමට ඇති හැකියාව ගැන මිස පාඩු ලබන ආයතනය වැසී යෑමට යෑමට ඇති හැකියාව ගැන නොවේ. අන්තිමේ මේ කකුලෙන් අදිද්දී අමාරැවෙන් ඉදිරියට යාම මට ඉතා වෙහෙසකර වන්නට විය.

සාමූහිකව සහයෝගයෙන් වැඩ කර හැමෝම ගොඩ යනවාට වඩා තනි මතයට හෝ කල්ලියේ මතයට ආත්මාර්ථකාමීව වැඩකර වලට යෑමට මෙම මිනිසුන් බොහෝ දෙනෙක් පෙළඹුනේ නිකම්ම නොවේ. උපාධි රහිත පරණ මිනිසුන් බොහෝ දෙනෙක් උපාධි සහිත අළුත් අපට ඉරිසියා කල අතර මොනතරම් හොඳින් සැළකුවත් ඔවුන්ගේ අධික හීනමානයත් මට වඩා ඉතා තරැණ අයෙකුට දෙවැනි වීමට වේද යන සoස්කෘතිකමය උද්දච්චභාවයෙන් ඇතිවූ බියත් කැපී පෙනුනි. කුමන අවාසනාවකට හෝ කාළකන්නිවූ දරැවන් සිටින බොහෝ මැදි වියේ නිලධාරීන්ටද ඔවුන්ගේ දරැවන්ගේ වයසේ නමුත් ඔවුන්ගේ දරැවන්ට වඩා හොඳ තැනක සිටි අපව පෙනුනේ වහ කදුරැ මෙනි. මෙවැනි අවස්ථාවල අරියාදු කරැවන්ට ඔබ මොනතරම් හොඳින් සැළකුවත් ප්‍රතිපල රහිත වේ, මන්ද ඔවුන් ඔබට අකමැති ඔබේ උපාධිය නිසා නම් හෝ ඔබ (තම දරැවා මෙන්) හෙරොයින් වලට ඇබ්බැහි නොවීම නිසා නම් උපාධිය අවලoගු කර කුඩු ගැසීම හැර වෙන කිසි දේකින් ඔවුන් ඔබට ඇති අකමැත්ත ඉවත් නොවන නිසා. මා සේවය කල පර්‍යේෂණ සහ සoවර්ධන අoශයේ මගේම rank එකේ සිටි සිල්වා මහතාගේ ක්‍රියා කලාපය ඊට හොඳ නිදසුනකි. ඒ මහතා ඊට වසර ගණනාවකට පෙර සුළු සේවකයෙකු ලෙස ආයතනයට බැඳී හැකියාව සහ දක්‍ෂතාවය මත අත්දැකීම් සමඟ උසස්වූ නිලධාරියෙකි. තමන් වසර ගණනාවක් සේවය කර ලබා ඇති rank එකට නවක උපාධිධාරීන් කෙලින්ම බඳවා ගැනීමට ඔහු තරයේ විරැද්ධ විය. උපාධිධාරීන්ට ඉතාම අකමැති ඔහු තම හිතවත් සේවකයන් දමා මා ඇතුළු අනිත් නවක උපාධිධාරීන් කරන පර්‍යේෂණ වල ඔත්තු බලයි. එම සේවකයන් අප වෙත පැමිණ පර්‍යේෂණ ගැන විස්තර අසද්දී මේ ගැන නොදත් අප කිසිම රහසක් නැතිව අප කරන පර්‍යේෂණ ගැන ඔවුන් දැනුවත් කලෙමු. අප රැකියා වේලාවෙන් පසු නිවෙස් වලට ගිය පසු සිල්වා මහතාත් ඔහුගේ හිතවත් ගෝලයිනුත් රෑ දෙගොඩහරියේ විද්‍යාගාරයට පැමිණ අපෙන් ලබා ගත් තොරතුරැ වලට අනුව අපේ පර්‍යේෂණ කොපි කර (හැකිනම් ඊට සමාන්තරව අපේ පර්‍යේෂණ දත්ත වැරදීයන පරිදි රසායනිකයන් යොදා අවුල් කර) අපට පෙර  ප්‍රතිපල ගෙන ඒවා තමන්ගේ සොයාගැනීම් ලෙස ඉහලට වාර්තා කරයි. මෙම ක්‍රියාකළාපය වැඩි කලක් යෑමට පෙර එළිවී සිල්වා මහතා කුප්‍රකට වුවත් මම ආයතනයෙන් ඉවත් වන තුරැම ඔහුගේ හැසිරීමේ කිසිම ප්‍රගතියක් නම් මට නොපෙනුනි.

මෙම කතා කිහිපය මම මුහුණදුන් ඍනාත්මක අත්දැකීම් වලින් අoශුමාත්‍රයක් පමණි. වසර කීපයක් මෙසේ ගතවෙද්දී මට පසක් වූ අමිහිරි සත්‍යය නම් ලoකාවේ සිට මා කොතරම් මහන්සි වුවත් මගේ සේවය ලoකාවට නිසි පරිදි නොලැබෙන බව සහ මගේ මහන්සියට සරිලන අවම ඇගයීමක්/පිළිගැනීමක්/අවස්ථාවක් හෝ ආරක්‍ෂාවක්වත් මට නොලැබෙන බවයි. එය වැටහුණු පසු මට ලoකාවෙන් පිටතට ගොස් මට ඇගයීම/පිළිගැනීම/අවස්ථා සහ නිසි ආරක්‍ෂාව ලැබෙන රටක පoදිචි වීම හැර වෙනත් විකල්පයක් නොවීය. ඇත්ත වශයෙන්ම මම ලoකාවෙන් පිටව ගියාට වඩා මාව ලoකාවෙන් පලවා හැරිය බව කීම වඩාත් නිවැරදිය. එතකොට කවුද මාව ලoකාවෙන් පලවා හැරියේ?

මට දිනපතාම පාහේ වීදි හින්සනය සහ පොදු ප්‍රවාහන සේවා වල ලිoගික අතවර කල මිනිසුන්
මගේ බුද්ධිමය දේපොළ තම බලපුළුවන්කාරකම යොදාගෙන  රිසිසේ මoකොල්ලකෑ මිනිසුන්
මට මගේ රැකියාව සාර්ථකව කිරීමට ඉඩ නොදුන් රැකියාස්ථානවල අරියාදු කරැවන් (Workplace Bullies)
තමන් යටතේ වැඩ කරන සේවකයන් තම ප්‍රවේණි දාසයන් ලෙස සලකමින් නොයෙකුත් වදහිoසා දීමට උත්සහ කරන ආයතන ප්‍රධානීන්
මට අවශ්‍ය රැකියා ස්ථානයේ ආරක්ශාවවත් (Occupational Safety)  දීමට නොහැකි වූ (උදාහරණයකට සාරි ඇඳ විද්‍යාගාරයට යාමට බල කල) යල්පැන ගිය සoස්කෘතියට බියවූ ආයතන ආදී මෙකී නොකී සියල්ලන්ම අඩු වැඩි වශයෙන් එකතු වී මාව ලoකාවෙන් පලවා හැරිය බව කිව යුතුය.

කිසිම සාධාරණ හේතුවක් නැතිව ලිoගික අසහනය/ඉරිසියාව/හීනමානය/බිය/කුහකකම හෝ පවුකාරකම නිසා මාව ලoකාවෙන් පලවා හැරිය මේ මිනිසුන් ලoකාවේ සිටියත් ඔවුන් ලoකාවට ආදරේද? මගේ අදහස නම් ඔවුන් ලoකාවට ආදරේනම් මෙවැනි ක්‍රියාවල යෙදෙන්නේ නැත යන්නයි. ඔවුන් ආදරේ ඔවුන්ට පමණි, රට ගැන කිසිම සැබෑ හැඟීමක් ඔවුන්ට නැත. මට ලoකාවේ හොඳින් ජීවත්වීමේ අයිතිය අහිමි කල මේ මිනිසුන් එතැනින් නොනැවතී මගේ ලoකාව ගැන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියද උදුරා ගන්නට හදති. අපි ලoකාව ගැන බලාගන්නම් ඔබලා මොකටද ලoකාව අතහැර ගොස් ලoකාව ගැන වද වෙන්නේ යැයි අසති. මෙය මොනතරම් අසාධාරණද?

අනිත් අතට ලoකාවේ ඩයස්පෝරාවේ හැමෝම දේශප්‍රේමීන් නොවෙති. උදාහරණයකට ලoකාවේදී අපරාධයක් කර නීතියෙන් ගැලවීමට රටින් පැන්න අයෙකු දේශප්‍රේමී නොවේ. ඒ අනුව ලoකාවේ ඩයස්පෝරාවේ  සෑම දෙනා ගැනම එකම හොඳ ආකල්පයකින් බැලීමට නොහැක යන්න මම දනිමි. එසේම ලoකාවේ ජීවත්වන හොඳ මිනිසුන්ද ඕනෑ තරම් ඇත. එබැවින් මාව ලoකාවෙන් එළවා දැමීමට දායක නොවූ ලoකාවේ වෙසෙන යහපත් ස්ත්‍රී පුරැෂයන් වන ඔබට මේ ලිපිය අදාල නොවේ.
















Wednesday, November 13, 2019

පුවතක්- ජර්මන් ටෙක් කථිකාචාර්යවරයාගේ ඝාතනය - විවාහ පමාවට යාගයක් කරනවා කියූ කට්ටඩියා වළක් හාරා පණ පිටින් වැළලු හැටි -

මීට දින කීපයකට කලින් අතුරැදහන් වූ යමක් කමක් තියන උගත් අවුරැදු 45ක මිනිසෙක්  ඝාතනය - ඒ මහතා විවාහ පමාවට පිළියම් ලෙස කට්ටඩියෙකුට කියා ශාන්තිකර්ම කිහිපයක්ම පවත්වා (ඒ වෙනුවෙන් රුපියල් 50,000 සහ 75,000 අතර මුදලක් ගෙවා) තිබෙනවා. එතැනින් නොනැවතී විවාහය ඉක්මන් කිරීමට කළ යුතු අවසාන ශාන්තිකර්මය කිරීමට නම්  ඒ මහතාගේ නිවෙසේ තිබෙන සියලුම රන් භාණ්ඩ රැගෙන ආ යුතු බවට ඔහුට උපදෙසක් දී  ඇත. එයට එකගවූ ඒ මහතා ඒවා රැගෙනවිත් සැකකරු අතට පත්කර ඇත. අනතුරැව එම කට්ටඩියා ඒ මහතාගේ නිවෙස පිහිටි අක්කර 25කින් යුතු ඉඩමේ කෙලවරක වළක් හාරා ඒ තුළ පහන් පත්තු කර සුවඳ දුම් අල්ලා තිබේ. මරණයට පත්වූ මහතා කපන ලද වළ ඇතුළේ නිදි කරවා රන් භාණ්ඩ සියල්ල බෝනික්කකු තුළට ඇතුළු කර එම බෝනික්කා ඔහුගේ ඇග මත තබා ශාන්තිකරමය කිරීමට සැකකරු සූදානම් කර ඇති බව පැවැසේ. එසේ කිරීමට මත්තෙන් වළ තුළ තබා තිබූ පොල් තෙල් පහන් දල්වන ලෙස සැකකරු ඔහුට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ඔහු වළ තුළට නැමී පහන් පත්තු කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඔහුගේ හිසට උදැල්ලකින් පහර දී පසුව වළට දමා වසා දමා බෝනික්කාගේ ඇතුළට බහා තිබූ රන් භාණ්ඩ ද පැහැරගෙන කට්ටඩියා පළා ගොස් තිබේ. - ගොසිප් ලoකා පුවතක් (https://www.gossiplankanews.com/2019/11/german-tec-lecturer-murder.html)

ලාoකික අප ගොදුරැ කරගෙන තිබෙන මිත්‍යා විශ්වාසවල තරම කොතෙක්ද කියලා පෙන්වන තවත් එක පුවතක් මේ. මේ මිනිසා මිය යන්නට කලින් මොන තරම් දුකක් විඳින්නට ඇතිද? මිත්‍යා විශ්වාස ගැන වෙලාවක වෙනමම කතා කරන්නට ඕනේ. ඒත් මේ ලිපිය ලියන්නට හිතුවේ ලාoකික විවාහ ගැන මගේ අදහසක් දෙකක් කියන්නටයි. මේ මහතා විවාහය පමා වීම ගැන desperate වෙලා සිටි බව පැහැදිලියි. ලoකාව කියන්නේ ගෑනු හිඟ රටකුත් නෙමේ (චීනයේ සහ ඉන්දියාවේ සමහර පැති වල නම් ගෑනු හිඟ කමක් තියෙනවා). කලින් කිව්වා වගේ මිය ගිය මිනිසා යමක් කමක් තියන උගත් අoගවිකල වීම් ආදී විශේෂ ආබාධයක් නැති කෙනෙක්. ඇයි එහෙනම් මේ තරම්ම විවාහය පමා වී desperate තත්වයට පත් වෙන්නේ? ගැලපෙන කසාදයක් කරගැනීම ඔය තරම්ම අමාරැද?

මේ මහතා ගැන මම පෞද්ගලිකව දන්නෙ නැහැ. නමුත් මටත් විවාහය පමා වූ ලාoකික මිතුරැ මිතුරියන් සිටිනවා. ඔවුන්ගේ සමඟ කතා බහ කර ලබපු අත්දැකීම් අනුව විවාහය පමා වූ සහ විවාහ වීමට කැමති (සමහරැ විවාහ වීමට අකමැතියි හෝ ලොකු ආශාවක් නෑ, එහෙම අය මේ කතාවට අදාළ නෑ  ) ලාoකික මිතුරැ මිතුරියන් බොහොමයකට එසේ වීමට ප්‍රධාන  හේතුව ලෙස මම දකින්නේ ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල අය කරපින්නාගෙන සිටින වැරදි ආකල්ප. 

මම ඔබෙන් ප්‍රශ්න කීපයක් අහන්න මට අවoකව උත්තර දෙන්නකෝ. ඔබ මොහොතකට සිතන්න ඔබත් මේ  මහත්මා වගේ වයස අවුරැදු 45ක වැදගත් රස්සාවක් කරන ඉඩකඩම් ඇති  සාමාන්‍ය පෙනුමක් ඇති අවිවාහකයෙක් කියලා. ඔබට විවාහ වෙන්න නම් කාන්තාවකගේ තිබිය යුතු සුදුසුකම් මොනවාද? මෙන්න list එක.

1) තමන්ට වඩා මිටි වීම
2) කුළය ගැලපීම
3) කේන්දර ගැලපීම
4) දරැවන් ලබා දිය හැකි වයසේ සිටීම
5) තමන්ට වඩා වයසෙන් අඩු වීම
6) දික්කසාද/වැන්දඹු නොවීම
7) කන්‍යාවක් වීම
8) දරැවන් නොසිටීම
9) කරන රස්සාව කසාදයෙන් පසු නැවැත්වීම/අනිවාර්‍යයෙන් රස්සාවක් කල යුතු වීම
10) ඩිග්‍රියක් තිබීම
11) තමුන්ට වඩා උගත් නොවීම
12) සාමාන්‍ය පෙනුමක් නොව ඉතා ලස්සන විය යුතුය
13) පවුල වැදගත් එකක් විය යුතුයි
14) පවුල දුප්පත් එකක් නොවිය යුතුයි
15) දෑවැද්දක් ලැබීම
16) මේ කාන්තාවට තම පවුලේ අයගේ මනාපය ලැබිය යුතුයි

අනේ මිත්‍රවරැනි, මේ සියල්ලම ඔබ විසින් ඔබේ විවාහය ගැන අධිතක්සේරැවකින්, අහoකාර කමකින්, යල් පැන ගිය සම්ප්‍රදායකින්, මිත්‍යා විශ්වාස වලින්, වාණිජ අරමුණු වලින් සහ හීනමානයකින් කර පින්නා ගත් ඒවා නේද? ඇමරිකාවේ නම් ඕවා එකක්වත් අදාළ නෑ විවාහයකට. අර ගීතයකුත් තියෙන්නේ I don't care who you are, where you from, what you did as long as you love me (Backstreet Boys) කියලා. (https://www.youtube.com/watch?v=0Gl2QnHNpkA)

දැන් මෙහෙම හිතමු. අල්ලපු ගෙදර කෙල්ල ලස්සනයි, ඒ ගෙදර තාත්ත අමු බේබද්දෙක්, ඒ නිසා පවුල වැදගත් නෑ අඩු කුලේ සහ දුප්පත්, ඒත් කෙල්ල උත්සහයෙන් ඉගන ගන්නවා, දැන් උපාධි කීපයක් අරන් හොඳ රස්සාවක් කරනවා. ඉස්සර මේ කෙල්ල කොල්ලො කීපදෙනෙක් එක්කම යාළු වලත් තියෙනවා හැබැයි දැන් නම් හරි තැන්පත්. මිනිස්සු වයසට යනකොට පරිණත වෙනවනේ. ආ, තව එකක්, කෙල්ල ඔබට වඩා උසයි ඈ, කේන්දරය ගැලපෙන්නෙත් නෑ. ඔයාගෙ දෙමාපියො කෙල්ලගෙ තාත්තගෙ ක්‍රියාකලාපය නිසා ඒ පවුලට මනාප නෑ. දැන් ඔබට අවස්ථාවක් ලැබුනොත් මේ කෙල්ල ගැන සළකා බලන්නට, ඔබ කැමතිද? 

උත්තර දෙක තුනක් ලැබුනාම ඉතිරි ටික ලියන්නම්. No judgments, please don't hesitate to let me know your honest thoughts.


Monday, November 11, 2019

ඔබේ ගෙදරටත් ගෙනෙන්නේ කුකුළු මස් පමණක්ද?

ඇතැම් ශ්‍රී ලාoකික සිoහල බෞද්ධයන්ගේ බෞද්ධකම පෙන්වන විලාසිතාවක් වන්නේ නිවසට හරක් හෝ උෳරැ මස් ගෙන ඒමෙන් වැළකීමයි. එම නිවෙස් වල බොහෝවිට කුකුළු මස්, මාළු, බිත්තර, සොසේජස්, ඉස්සන්, දැල්ලන්, කකුළුවන් ආදී මස් මාoශ සහ මී පැණි, ගිතෙල්, බටර්, කිරි ආදී වෙනත් සත්ව නිශ්පාදන පරිභෝජනය කෙරේ. ලාoකික දෙමළ, මුස්ලිම්, සහ ක්‍රිස්තියානි මිනිසුන්ගේ මස් මාoශ අනුභව කිරීම හෝ නොකිරීම ඔවුන් අදහන ආගම් අනුව පහසුවෙන් අවබෝධ කරගැනීමට හැකි වුවත් ඇතැම් සිoහල බෞද්ධයන්ගේ නිවසට හරක් හෝ උෳරැ මස් ගෙන ඒමෙන් වැළකීම කුමන පදනමක සිට සිදු කරන්නක්ද යන්න මට තේරැම් ගැනීමට අපහසුයි.

මේ ගැන හදිසියේම මතක් වුනේ මගේ පරණ මිතුරෙකු සමඟ බොහෝ කාලයකට පසු ආගිය තොරතුරැ කතා කල පසුයි. ඔහුත් මමත් කලකට පෙර ලoකාවේ විශ්ව විද්‍යාලයක පශ්චාත් උපාධියක් හැදෑරැවා. සති අන්තයේ උදේ සිට හවස් වන තුරැම ඒ පශ්චාත් උපාධියේ දේශන පැවැත්වුනා. මෙම මිතුරා (අපි ඔහුට චාමර යැයි කියමු) පෞද්ගලික අoශයේ ඉතාම ඉහල තනතුරක් දැරෑ, නිහඬ, ආචාරශීලි, දක්ශ වෘත්තිකයෙක්. ඔහුගේ බිරිඳ රැකියාවක් කලේ නැහැ. ඔය විශ්ව විද්‍යාලයට යන පාරේ ඉතා හොඳ අවන්හලක් තිබුනා. ටිකක් ඉහල මිලක් අයකලත් අනිත් අවන්හල් වලට වඩා පිරිසිදුවට රසවත්ව ඕනෑම මස් මාළු වර්ගයක් සමඟ ආහාර ලබා ගන්නට පුළුවන් තැනක් මෙම අවන්හල. දේශන පැවැත්වෙන හැම සති අන්තයකම වාගේ දහවල් ආහාරයට ඔය අවන්හලට අපි ගොඩවැදුනා. ඒ හැම වතාවකම වගේ චාමර ඉතාම ආසාවෙන් ඌරැ මස් ඇනවුම් කරනවා. ඉතින් ඒකට හේතුව මෙන්න මේකයි. චාමරගේ බිරිඳ නීතියක් දාල තිබුනා ගෙදර හතර මායිමට ඌරැ මස් ගේන්න එපා කියලා. මේ ගැන බිරිඳ සමඟ වාද විවාද කරගන්නවට වඩා චාමර තෝරා ගත්ත විසඳුම තමයි පුළුවන් හැම වෙලාවකම පිටින් ඌරැ මස් කෑම.

චාමරගේ බිරිඳ ගෙදර හතර මායිමට ඌරැ මස් ගේන්න එපා කියලා කියන්න හේතුව මොකක්ද? එයට ආගමික පදනමක් තිබේද? චාමරගේ බිරිඳ බෞද්ධ කාන්තාවක් නිසා මුස්ලිම් සහ යුදෙව් ආගම්වල කියා ඇති ඌරැ මස් කෑමෙන් වැලකීම ඇයට අදාල නොවේ. බුද්ධාගමේද මා දන්නා තරමින් සතාගේ ප්‍රමාණයට පව අනුලෝමව සමානුපාතික නොවේ. හාල්මැස්සකු මැරීමත් ඌරෙකු මැරීමත් එක සමාන පව් නොවේද? ඇතැම්විට චාමරගේ බිරිඳ බුද්ධාගම වැරදි ලෙස අර්ථකථනය කරගෙන මෙසේ කියනවා විය හැක

චාමරගේ බිරිඳ පවුලේ ආහාර සෞඛ්‍යය ගැන සිතා එසේ පැවසුවා විය හැකිය. එවිට නම් එහි යම් වලoගු තාවයක් ඇති බව පෙනේ. මුහුදු ආහාර සහ කුකුළු මස් වලට සාපේක්ශව වල අධික තෙල් ප්‍රමාණයක් ඇති නිසාත් පටි පණුවන් වැනි පරපෝෂිතයන් සිටින නිසාත් ඌරැ මස්  කෑම සීමා කිරීම චාමරගේ ඇඟට ගුණය. ඒත් දැන් චාමර ඌරැ මස් කෑම නවත්වා නැත, ඒ වෙනුවට මේ නීතිය නිසා සිදු වූයේ ඔහු ඇයට නොපෙනෙන්නට ඌරැ මස් කෑමට පටන් ගැනීමයි. ඒ නිසා (ඇය නොදන්නවා වුනත්) අපේක්ශිත අරමුණ ඉටු වී නැත. ඒ මදිවාට ස්වභාවයෙන්ම හොර බොරැ කරන්නට අකමැති චාමරව මේ නීතිය නිසා වoචාකාරයෙක් බවටත් පත් කර ඇත.

චාමරගේ බිරිඳ ඉතාම ප්‍රාථමික බුද්ධියක් ඇති කාන්තාවක් නම් මේ නීතිය දමන්නට ඇත්තේ යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම් වල බල නොබිඳීමට වන්නටත් පුළුවන්. එහෙමත් නැත්නම් චාමරගේ බිරිඳ තමන්ගේ දෙමව්පියන් කරපු දෙයක් ඒ විදියටම ඉස්සරහට ගෙන යනවා වන්නටත් පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ගේ දෙමව්පියන් කවදාවත් ගෙදරට නොගෙනාපු නිසා එම මස් දැකීමත් ඇයට පිළිකුල් සහගත නිසා එසේ පැවසුවා වන්නටත් පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ගේ දෙමව්පියන් කවදාවත් ගෙදරට නොගෙනාපු නිසා එම මස් පිළියෙල කිරීමට ඇය නොදන්නා නිසා වන්නටත් පුළුවන්. මීට අමතරව වෙනත් හේතු තිබෙන්නටත් පුළුවන්. ඒවායින් ඇතැම්වා වල ඇත්තක් තියෙනවා. ඇතැම්වා හරිම අසාධාරණයි. කලින් සඳහන් කල පරිදි චාමරගේ බිරිඳ රැකියාවක් නොකරන නිසා ඔවුන්ගේ නව සුඛෝපභෝගී නිවස ඉදිකරන්නට ඇත්තේ චාමර හරිහම්බ කරපු මුදලින් වෙන්නට ඇති කියල මට හිතෙනවා. ඉතින් තමුන්ගේ සැමියා කන්න ආසම දෙයක් ඔහුගේ දාඩිය මහන්සියෙන් ඉදිකරපු ගෙදර හතර මායිමට ගේන්න  එපා කියන එක හරිම අමානුෂිකයි මට නම්. හේතුව මොකක් වුනත් තමන්ගේ සැමියාට/බිරිඳට/පෙම්වතාට/පෙම්වතියට දරදඬු නීති දැමීම අන්තිම මෝඩ වැඩක් බව ඔබට මතක් කර දීමයි මෙම ලිපියේ අරමුණ.

මොහොතකට අපි චාමරගේ බිරිඳ ලෙස සිතමු. මම කැමති නෑ චාමර ඌරැ මස් කනවට, මොකද චාමරට කොලස්ටරෝල් වැඩි වෙනවට මම අකමැතියි (ඒක විතරයි මගේ බුද්ධියට ගෝචර වෙන හේතුව). දැන් එහෙනම් කොහොමද මේ  ගැටළුව විසඳා ගන්නේ? ඇයට පුළුවන් ඔහුට හොඳින් පැහැදිලි කර දීමට ඇයි ඇය ඌරැ මස් වලට අකමැති කියලා. ඒවගේම දරඳඬු ලෙස සම්පූර්ණයෙන්ම ගෙදර මෙනූ එකෙන් ඌරැ මස් කපා නොදමා අඩු කරන්නට තිබ්බා. චාමරටත් යුතුකමක් තියෙනවා තමන්ගෙ සෞඛ්‍යය රැක ගැනීමට. මොකද ගෙදර එකම උපයන්නා ඔහු, දරැවන් ඉතා කුඩායි. ඒ නිසා තමන් කොතරම් කැමති උනත් අහිතකර කෑම පාලනයකින් යුතුව ආහාරයට ගන්නවානම් තමයි හොඳ. මෙන්න මෙවැනි විසඳුම් වලට  win-win decisions කියල කියනවා. දෙන්නම දිනන තීරණ ගැනීම විවාහයේදී ඉතාම වැදගත්. කිසියම් කරැණක් ගැන අන්ත දෙකක සිටි සැමියා සහ බිරිඳ කතා බහ කරගෙන දෙදෙනාටම එකඟ විය හැකි මැද පිහිටි විසඳුමකට ඒම මගින් තමයි දෙන්නම දිනන තීරණ ගැනීම සිදු වෙන්නේ. ඔබට පෙනෙනවා ඇති දෙදෙනාම දිනන්නට නම් දෙදෙනාටම අන්තවාදී නොවී යම් කැප කිරීමක් කිරීමට සිදු වන බව. මේ සඳහා එකිනෙකා කෙරෙහි ගෞරවයකුත් නම්‍යශීලී වීමත් තිබිය යුතුමයි. ඔබත් ඔබේ සමීපතමයන්ට නීති දමන එක නවත්වා මෙම ක්‍රමය අත්හදා බැලීමට උත්සහ කරන්න. ඔබට ඉන්නේ යහපත් සහකරැවෙක්/සහකාරියක් නම් මෙය ගැටළු විසඳා ගැනීමේ ඉතාම හොඳ ක්‍රමයක්. එසේ කතාබහ කරගෙන දෙදෙනාටම සෑහීමකට පත් විය හැකි තීරණ ගන්න බැරි පටු, දරදඬු සහ ආත්මාර්ථකාමී සහකරැවෙක්/සහකාරියක් සිටින අය කාලයත් සමඟ ගෙදර කතා බහ ඉතාම අඩු කරනවා, මොකද කතා බහ කරල ගැටළුවක් විසඳා ගැනීමට හැකියාවක් ඔවුන් අතර නැහැ. ඒ වගේම ගෙදර තීරණ ගැන එක සහකරැවෙක් ඉන්නේ නොසතුටින්, නමුත් ඒක කියන්නට යන්නෙ නෑ මොකද රණ්ඩු වීමක් හැරැණුකොට වෙන ප්‍රතිපලයක් නොලැබෙන නිසා. ඒ තත්වයට ඔබේ සහකරැ/සහකාරිය පත් කරන්නට එපා. මහාචාර්ය සරත් විජේසූරියගේ වෛරල් ගිය වීඩියෝවක "බකමූණු සහකරැ" ලෙස හඳුන් වන්නේ මෙම අවස්ථාවට පත් සහකරැ විය යුතුයි. https://www.youtube.com/watch?v=cjK9TEP9yYU


Saturday, November 9, 2019

විවාහාපේක්ශකයන්ට උපදේශනය (Pre-Marital Counselling) සහ තවත් කතා


https://api.venuelust.com/images/2012/05/mark-zuckerberg-chan-wedding.jpg/thumbnail/post-image-large/ (9.21.2019)

අපේ ලoකවේ  විවාහාපේක්ශක තරැණ තරැණියන් විසින් විවාහයට පෙර කරන සුවහසක් වැඩ රාජකාරි වලින් සමහරක් මෙන්න මේවායි, කාන්තාව මුහුණ අතපය සුදු කරගැනීමට රෑපලාවන්‍ය  ආයතනයකට ක්‍රමානුකූලව යාම, විවාහ දිනය සැළසුම් කිරීම (වඩාත් කාලය, මුදල් සහ ශ්‍රමය කැප වෙන්නේ මෙයටයි, ඇඳුම් පැළඳුම් ලෑස්ති කර ගැනීම, පෝරැව සෑදීම, අශ්ඨක, කේක්, හෝටල් ශාලාව, මෙනු එක, සoගීතය, මල්, ඡායාරෑප ගැනීම සහ එදින ඇඳුම් අන්දවා ගැනීම ආදිය සoවිධානය කර ගැනීම මීට අයත්), මල් කුමර කුමරියන් සහ දෙවැනි මනමාල මනමාලියන් ලෑස්ති කර ගැනීම, නෑදෑයන්ට මඟුල් කීම, මේ සියල්ලටම මුදල් සොයාගැනීම ආදී දහසකුත් වැඩ. මේ සියළු වැඩ සමග ඉතාම අවිවේකී වන ඔබට විවාහය සාර්ථකව ගත කිරීම සඳහා විවාහාපේක්ශකයන්ට ලබා දෙන උපදේශන සේවා (Pre-Marital Counselling) ගැන සිතීමටවත් කාලයක් නැතුව ඇති, ඇතැම්විට ඔබ ඒ ගැන නොදන්නවා විය හැකියි. ඔබ ඉතා මහන්සි වී සිදුකල ඉහත සඳහන් කල සියළුම වැඩ රාජකාරි පාහේ විවාහ උත්සවයෙන් පසුදාම අවලoගු වේ, නමුත් ඉදිරි ජීවිත කාලයටම බලපාන Pre-Marital Counselling යනු ඔබට ඉතා ප්‍රයෝජනවත් අධ්‍යාපනයකි. 

දැන් උපාධිධාරී හෝ පශ්චාත් උපාධිධාරී උගත් ඔබට හිතෙන්නට පුළුවන් මට තනිවම විවාහයේ පැන නගින ගැටළු ආදිය විසඳාගැනීමට උගත් කමක් තිබෙන නිසා මෙවැනි අධ්‍යාපනයක් අවශ්‍ය නැතැයි කියලා. නැතිනම් හිතෙන්නට පුළුවන් මට උපදෙස් දීමට නෑදෑ හිතමිතුරන් සිටින නිසා මෙවැනි අධ්‍යාපනයක් අවශ්‍ය නැතැයි කියලා. එය වැරදි අදහසක් බවයි මගේ අත්දැකීම. මොන තරම් උගතෙකු වුවත් නෑදෑ හිතමිතුරන් සිටියත් ඔබට විවාහ ජීවිතයේ අභියෝග ජයගැනීමට නම් කිසියම් මානසික පුහුණුවක් අවශ්‍ය වන අතර එහි කොටසක් ලෙස ඔබේ දුර්වලතා හඳුනාගෙන ඒවා මඟහරවා ගැනීම අත්‍යාවශ්‍ය වේ. එහිදී ඔබේ දුර්වලතා බොහෝ විට ඔබට නොපෙනෙන සහ ඒවා පෙන්වා දීමට නෑදෑ හිතමිතුරන් අපොහොසත් වන (ඔබව අසතුටු කිරීමට ඇති බියට හෝ ඔබට ඇති ආදරය නිසා ඔබේ අඩුපාඩු නොපෙනෙන) තත්වයක් තුල Pre-Marital Counselling  උපදේශකයා තුන්වන පාර්ශවය ලෙස ලබා දෙන උපදෙස් ඉතා වැදගත් වේ. මින් අදහස් වන්නේ නෑ Pre-Marital Counselling කියන්නේ ඔබේ වැරදි ලිස්ට් එකක් ඔබට පෙන්වා දීම කියලා. එය ඊට වඩා ඉතාම ධනාත්මකයි සහ ගැඹුරැයි. ඔබට ඔබේ සහකරැ/සහකාරිය සමග සහයෝගයෙන් කටයුතු කරමින් නිවැරදි තීරණ ගැනීම මගින් පවුලේ සුභසිද්ධිය සළසාගන්නේ කොහොමද යන්න කියාදීමයි Pre-Marital Counselling වල අරමුණ. Pre-Marital Counselling වීඩියෝ ගණනාවක් YouTube නාලිකාවේ තිබෙනවා. එම නිසා ඔබට Pre-Marital Counselling  සඳහා යන වියදම හරිම අඩුයි. ඉන් ඔබට සුදුසුයැයි හැඟෙන Pre-Marital Counselling පාඨමාලාවක් විවාහයට වසරකටවත් කලින් තෝරාගෙන සතියකට වරක් එක කොටස බැගින් එකම වේලාවක දෙදෙනාම අනිත් සියළුම වැඩ නවත්වා ඉතා ඕනෑකමින් නරඹන්න. වැදගත් කරැණු පොතක සටහන් කරගන්න. වීඩියෝවෙන් පසු එය ගැන ඔබේ අනාගත සහකරැ/සහකාරිය සමග කතාබහ කරන්න. ඔබේ ගතිගුණ ධනාත්මකව හැඩගස්වා ගැනීමට උත්සාහ කරන්න. මම ඔබට නිර්දේශ කරනවා Buddy Mendezගේ පාඨමාලාව (https://www.youtube.com/watch?v=9qmPXtb49RA&list=PLGfxhcbo8hq3DUJnh
_6eYK1a6gpgAryre&index=5), මොකද එය ක්‍රිස්තියානි පාඨමාලාවක් වුවත් සියළු ආගමිකයන්ට හෝ නිරාගමිකයන්ට  ඉතා ප්‍රයෝජනවත්  අදහස් තිබෙන නිසා. ඔබ ක්‍රිස්තියානි  ආගමිකයෙක් නොවේ නම් එහි ක්‍රිස්තියානි  ආගමට අයත් කොටස් වලට අවධානය යොමු කරන්න එපා.

ඉතාම උත්කර්‍ෂවත් ලෙස විවාහ උත්සව සoවිධානය කරන ලoකාවේ මෙතරම් වැදගත් Pre-Marital Counselling අoගයක් ලෙස එකතු නොවීම පුදුම සහගතයි. ලoකාවේ උත්කර්‍ෂවත් විවාහ උත්සව ගැන කියද්දී මතක්වුනේ ඇමරිකාවේ නම් විවාහ උත්සව ඉතාම චාම්. උදාහරණයක් ලෙස ඉහත ඡායාරෑපය ලෝකයේම ඉහලම ධනවතෙකු වන ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සුකර්බර්ග් තම පෙම්වතිය වූ වෛද්‍ය  ප්‍රිසිලා චෑන් සමග 2012දී විවාහ වූ අවස්ථාවේ ඡායාරෑපයක්. විවාහය පැවැත්වුනේ ඔවුන්ගේ ගේ පසුපස මිදුලේ. ඉතා සීමිත ආරාධිතයන් පිරිසක් සමඟ පැවැත්වූ බව කියන එම විවාහ උත්සවයේ විශාල මල්, සැරසිලි, ආභරණ, පෝරැ, කේක්, දෙවැනි මනමාල මනමාලියන්, නැටුම් සහ සoගීත කණ්ඩායම් ආදී කිසිවක් තිබූ බවක් නොපෙනේ. පහත චායාරෑපත් බලන්න ඔබට පෙනේවි එය ඉතා සරල උත්සවයක් බව.

  https://www.bing.com/th?id=OIP.QvJIHlZkzKZoHk3izhOMFwHaD4&pid=Api&rs=1

 http://img2-1.timeinc.net/people/i/2012/pets/news/120604/zuckerberg-wedding-300.jpg

https://static01.nyt.com/images/2012/05/27/fashion/27PRICILLA_SPAN/27PRICILLA-jumbo.jpg   

අනිත් කාරණය තමයි ඇමරිකානු විවාහ උත්සව වල දෙවැනි මනමාල මනමාලියන් තම තමන්ගේ ඇඳුම් පැළඳුම්වල වියදම් දරා ගත යුතුයි. හිතන්න මගේ යාලුවෙක් මට ආරාධනා කලොත් ඇයගේ දෙවැනි මනමාලිය වීමට සහ මම එය පිළිගත්තොත් මගේ ඇඳුම් පැළඳුම්වල වියදම් දරන්නේ මම. ඇමරිකාවේ විවාහ වලදී මoගල තෑගි දීමත් සිදුවන්නේ හරි අපූරැ ක්‍රමයකට. ලoකාවේ මoගල තෑගි තෝරා ගන්නේ ගොඩක් වෙලාවට අහඹු ලෙසයි. උදාහරණයකට ඔබ හිතනවා මනාළ යුවලකට ප්‍රයෝජනවත් තෑග්ගක්, අපි හිතමු එය රයිස් කුකරයක් කියා. එහි ධාරිතාව, නිශ්පාදකයා, පාට ආදී සියල්ලත් ඔබම තීරණය කරනවා. අන්තිමට මනාළ යුවලට මoගල තෑගි ලෙස රයිස් කුකර් පහක් ලැබිලා. නමුත් ඒ එකකවත් ඔවුන්ට උවමනා ධාරිතාව, නිශ්පාදකයා හෝ  පාට නැහැ. මෙවැනි තත්වයක් ඇතිවීම වළක්වාගන්න ඇමරිකාවේ විවාහ වලදී මoගල තෑගි රෙජිස්ටරයක් නිර්මාණය කරනවා. එහි ඔවුන් තෑගි ලෙස ලබා ගැනීමට කැමති දේවල් ලයිස්තුවක් ඉදිරිපත් කරනවා. ආරාධිතයන්ට තමන් කැමති තෑගි එම ලයිස්තුවෙන් තෝරාගෙන අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කල හැකියි. විවාහ උත්සවයෙන් පසු අදාල රෙජිස්ටරය ඇති ආයතනය සියළුම තෑගි නව යුවළට ගෙදරටම ගෙනත් බාර දෙනවා අදාල තෑගි ඇනවුම් කල ආරාධිතයන්ගේ නම් සමඟ. ආරාධිතයන් දෙදෙනෙකුට එක තෑග්ගක් ඇනවම් කළ නොහැකියි. මේ ක්‍රමය නිසා ආරාධිතයන්ට තෑගි උස්සගෙන විවාහ උත්සවයට යා යුතු නෑ සහ තෑගි අස්ථානගත නොවේ. ඒවගේම එකම තෑග්ග මනාළ යුවලට කිහිපවරක් ලැබීම වළකිනවා. ඒ විතරක් නෙමේ මoගල තෑගි මනාල යුවළ කැමති මොඩලය, ධාරිතාව, නිශ්පාදකයා ආදී දේ අනුව ඒ විදියටම ලැබෙනවා.

ඉතින් ඔබට වෙනසකට මම මෙන්න මේ දේවල් යෝජනා කරනවා. තමුන්ට දරාගත හැකි මට්ටමේ විවාහ උත්සවයක් සැළසුම් කරන්න. උදාහරණයකට ඔබේ මේකප් දාගැනීම සහ ඇඳුම් ඇඳීම ඔබටම මිතුරියන්ගේ උදව් ඇතුව කර ගැනීම වඩාත් හදවතට දැනෙන සහ විනෝදජනකයි. නිවසේ උත්සවය පවත්වන්න. හෝටලයක විවාහ උත්සවය පවත්වනවිට සිරියාවක් නෑ, ගෙදර ඉන්න ඔබේ සුරතල් බල්ලා/බළලා පවා එදාට පාළුවෙන් කුසගින්නේ නේද? ඡායාරෑප ගැනීම මිතුරන්ට බාර දෙන්න. මෙසේ විවාහය සැබෑ පවුලේ සහභාගීත්වයක් තිබෙන, බැඳීම් වැඩි කරන, විනෝද ජනක සහ දරා ගත හැකි (Sustainable) උත්සවයක් කර ගන්න. එහෙම නැතුව එදින සියළුම වැඩ ගිනිකන,  ඔබ ගැන කිසිම සැබෑ හැඟීමක් නැති ආගන්තුකයන්ට බාරදී විශාල පීඩනයකින් ගෙවා දමන්නට එපා. ඉතිරි කරගන්නා මුදල් ඔබේ අනාගතයට ආයෝජනය කරන්න. බුද්ධිමත් තරැණ පරම්පරාවක් ලෙස ඔබ ලoකාවේ සැබෑ ධනාත්මක වෙනසක් කිරීමට පෙරමුණ ගන්න.

Wednesday, November 6, 2019

Safety First Please

කඨින පෙරහැරට දැල්වූ මල් වෙඩිල්ල අතේ පුපුරා පාසල් සිසුවා මිය යයි: 

මොන තරම් අවාසනාවන්ත සිද්ධියක්ද? ලoකාවේ අපගේ තිබෙන බරපතල අවුලක් වන්නේ safety ගැන කිසිම අවධානයක් යොමු නොකිරීමයි. අවුරැදු 14 ක දරැවෙක් මෙම සිද්ධියෙන් අකාලයේ මිය ගියේ. පහසුවෙන්ම වළකාගත හැකිව තිබූ අනතුරක්. පස්සේ හැමෝම අඬල වැළපිලා දරැවගෙ ආයුෂ එච්චරයි කියල වැඩිහිටියන් ලෙස තමුන් අතපසු කල වගකීම (වැරදි ලෙස) බුද්ධාගමෙන් තමුන්ම සාධාරණීකරනය කරගෙන ඉන්නවා. ඇමරිකාවේ නම් දරැවගෙ දෙමාපියන්ව අත් අඩoගුවට ගෙන සාවද්‍ය මනුශ්‍ය ඝාතනය යටතේ නඩු පැවරීමට ඉඩ තිබ්බා. දියුණු රටවල දරැවන් ජාතක කල පළියට දරැවන්ව අනතුරැ දායක දේවල් වලට යොමු කිරීම, අඩත්තේට්ටම් කිරීම ආදිය දෙමාපිය භාරකරැවන්ට කළ නොහැකියි. මීට කලිනුත් දරැවන්ව safety jackets ඇන්දවීමෙන් තොරව ගoගා ඇල දොළ වල ගෙනගොස් අනතුරැ වලට ලක්වී මියගොස් තිබෙන අවස්ථා සහ හෙල්මට්, car seat, seat belts නැතිව වාහනවල ගෙන ගොස් අනතුරැ වලට ලක්වී මියගොස් තිබෙන අවස්ථා  ආදිය ඕනෑ තරම් අසා තිබෙනවා. එවැනි බොහෝ දෙමාපියන් උගත් හොඳ රැකියා කරන ඒවගේම දරැවන්ට ආදරය කරන උදවිය, ඒත් safety ගැන හිතන්නෙ නෑ. වැඩිහිටි ඔබ ඔබේ ජීවිතය සමඟ සෙල්ලම් කරන්නට කැමති නම් ඊට බාධාවක් නෑ හැබැයි තම ආරක්ශාව සළසගන්න තේරැමක් නැති කුඩා දරැවෙක් අනතුරැදායක තත්වයන්ට ලක් කිරීමට අයිතියක් නැහැ, ඒ දරැව ඔබේ ලෙයින් මසින් හැදුනු ඔබේ දරැවා උනත්.