Tuesday, November 19, 2019

ඔබ ශ්‍රී ලoකාවේ නොවේ ලෝකයේ පුරවැසියෙක් වන්න (Be a global citizen)

ශ්‍රී ලoකාවේ ජීවත් වන ඔබ සමහර වෙලාවට ඔබේ නියම වටිනාකම හඳුනා ගන්නේ නෑ, සමහරවිට මුළු ජීවිත කාලයටම. ඒක හරිම අපරාදයක්. එහෙම වෙන්න එක ප්‍රධානම හේතුවක් තමයි ඔබ ලෝකයේ මිණුම් දඬු වෙනුවට ලoකාවේ මිණුම් දඬු ඔබේ වටිනාකම මැනීමට යොදා ගැනීම. ලoකාවේ ඇතැම් මිණුම් දඬු ඉතාම ග්‍රාම්‍යයි, කුහකයි, ගෝත්‍රිකයි. ලoකාවේ පවතින අධික උස් මිටි පන්ති භේදය, පර පීඩක මානසිකත්වය, සහ දියුණු වෙන්න හදන උත්සහවන්තයින් අධෛර්‍යමත් කර වළට ඇද දැමීමේ මානසිකත්වය සඳහාමයි ඔය සමහර මිනුම් දඬු නිර්මාණය කරල තියෙන්නේ. ඉතින් ඒවට බයේ ජීවිතය අසාර්ථක කර ගන්නවාද නැතිනම් ලෝක මිනුම් දඬු වලට අනුව ඔබේ වටිනාකම තේරැම්ගෙන ජීවිතය ජය ගන්නවාද යන්න තීරණය කල යුත්තේ ඔබමයි.

එක උදාහරණයක් කියන්නම්. හෙද වෘත්තිය, එයිනුත් විශේෂයෙන්ම පිරිමි හෙද නිලධාරීන්ව ලoකාවේ වෘත්තීමය වශයෙන් එතරම් පිළිගැනීමකට ලක් වෙන්නෙ නෑනෙ. ඒත් ඔබ දන්නවාද හෙද වෘත්තිය ඇමරිකාව ඇතුළු දියුණු රටවල ඉතාම ඉහල ඉල්ලුමක් සහ වැටුප් සහිත වෘත්තියක් බව, එමෙන්ම අත්දැකීම් ලබාගෙන තව ඉහලට ඉගෙනගෙන අන්තිමේ වෛද්‍යවරයෙක් දක්වාම යා හැකියි. ඔබ ලoකාවේ වෛද්‍යවරයෙක් නම් ඇමරිකාවේ හෝ වෙනත් දියුණු රටවල වෛද්‍ය වෘත්තියේ යෙදෙන්න ඉතා අමාරැ විභාග ආදිය පාස් කරන්න ඕනේ. ඒක නිසා තමයි ලoකාවෙන් ගොස් ඇමරිකාවේ හෝ වෙනත් දියුණු රටවල වෛද්‍ය වෘත්තියේ නියැලෙන වෛද්‍යවරැ ඉතාම අඩු. නමුත් ඇමරිකාවේ හෝ වෙනත් දියුණු රටවල හෙද වෘත්තියේ නියැලීමට ඔබට එවැනි අසීරැ විභාග ලිවීම අවශ්‍ය නෑ. ඉoග්‍රීසි දැනුම පරීක්‍ෂා කරන ඉතාම පහසු TOEFL/IELTS වැනි විභාගයක් සමත් වීමයි කළ යුතු වන්නේ. ඔබ උසස් පෙළට වාඩිවී වෛද්‍ය විද්‍යාලයට යන්නට ලකුණු මදි වී  සිටින එතරම් වත් පොහොසත්කමක් නැති පවුලක දරැවෙක් නම් තම වෛද්‍යවරයෙකු වීමේ සිහිනය/හොඳ තැනකට යාමේ සිහිනය අතහැර දමන්නේ ලාoකික මිණුම් දඬු වලට අනුවයි. ඒත් ලෝකයේ  මිණුම් දඬු වලට අනුව ඔබ කිසිසේත්ම පරාජිතයෙක් නොවේ, යන්න හෙද විදුහලට. ඒ සමඟම ඉoග්‍රීසි දැනීම හොඳට දියුණු කර ගන්න. ඔබට දියුණු වීමට වෛද්‍ය/ඉoජිනේරැ/නීතිඥ ආදී වෘත්තීන් අත්‍යවශ්‍ය වුනේ ඉස්සර, දැන් අනිකුත් වෘත්තීන් වලින් ජීවිතය ජයගැනීමට ඕනෑතරම් අවස්ථාව ලැබී තිබෙනවා. ඔබ ව්‍යාපාරිකයෙක් නම් කලාකරැවෙක් නම් ලoකාවට සීමා නොවී ලෝකයට විවෘත වන්න. මහා ලොකු දේවල් නෙමේ, මුරැoගා, ගොරකා, කහ ආදී ඔෞෂධීය වටිනාකමක් සහිත ඇමරිකාවේ එoගලන්තේ වැවෙන්නේ නැති ගස් වල කොල, අල, ගෙඩි, ආදියටම මොනතරම් හොඳ වෙළඳපොලක් තියෙනවද? කිතුල් පැණි මෙහෙ පෑන් කේක් කනකොට නැතිවම බැරි මේපල් සිරප් වලට වඩා මොනතරම් රස ගුණ ආදේශකයක්ද? ලoකාවේ කාටහරි බැරිද පොළොස් වලින් vegan burger patty එකක් හදන්න, මාරම ඉල්ලුමක් ලැබේවි.   

කාන්තාවන් තමන්ගේ වටිනාකම මනින ශ්‍රී ලාoකික මිම්මවල් වන කන්‍යාභාවය/ගෙදරින් පිට රැයක්වත් ගත නොකිරීම/දසන් දක්වා සිනා නොවීම, කොල්ලෙක් එක්ක යාළු නොවීම යනු ලෝකයේ කාන්තාවන්ගේ වටිනාකම මනින මිම්මවල් නොවන බව තරයේම මතක තබා ගත යුතුය. ලෝකයේ කාන්තාවන්ගේ  වටිනාකම මනින මිම්ම  කාන්තාවකගේ පෞරැෂයයි. ඇයගේ අධ්‍යාපනය, විවෘත මනස, ප්‍රශ්නයක් විසඳීමේ හැකියාව, බුද්ධිමත්ව සoවාදයක යෙදීමේ හැකියාව, පලදායීතාව ආදිය මීට අයත්. ලෝකයේ විශාල පෙරලි සිදුකල කාන්තාවන් කීපදෙනෙකු වන මාරි කියුරි, ඉන්දිරා ගාන්ධි, තෙරේසා මව්තුමිය, අවුන් සාන් සූකී, මාගරට් තැචර් ආදීන්ගේ කන්‍යා භාවය ගැන අපි දන්නේ නෑ සහ අපට වැඩකුත් නෑනේ. ලෝකයේ කාන්තාවන් තමන් ලිoගික භාණ්ඩයක් වීමට එරෙහිව දැවැන්ත සටනක යෙදෙනවා. ඔබේ කන්‍යා භාවය/ලිoගිකත්වය ඔබේ පෞද්ගලික දෙයක්. එය වෙන්දේසි කරන්නේ කාන්තාවන් තනිකරම ලිoගික භාණ්ඩ ලෙස දකින ගෝත්‍රිකයන්.

කිසියම් කරැණකට කන්‍යා භාවය අහිමි වූ ලාoකික කෙල්ලක් පාගාගෙන ඇයට වැරදි හදාගෙන ඉදිරියට යාමට නොදී ගණිකා වෘත්තියට බලෙන්ම ඇද දැමීමටයි ලoකාවේ ඔය ගෝත්‍රික මිනුම් දඬු හදල තියෙන්නේ. ඇමරිකාවේ කාන්තාවක් සාමාන්‍යයෙන් පිරිමි 4දෙනෙක් සමඟ ලිoගික සම්බන්ධතා පවත්වන බව සමීක්‍ෂණ වලින් හෙලි වී තිබෙනවා. “Median number of opposite-sex partners in lifetime among U.S. men and women aged 25-44 years of age is 6.6 for men and 4.3 for women. (National Center for Health Statistics, 2015)" ඇමරිකාවේ විශ්ව විද්‍යාල වල වැඩ කරන මමත් මගේ සැමියාත් අනන්තවත් දැක තිබෙනවා කරටි කැඩෙන්නට බීපු, මත් ද්‍රව්‍ය ගත්, දාම සිගරට් දුම් බීමට ඇබ්බැහි උන, කිසිම විළිසoගයක් නැති කාන්තාවන්, විශේෂයෙන්ම විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන්. ඒත් ඔවුන්ට අපහාස කිරීම වෙනුවට, ගණිකා වෘත්තියට බලෙන්ම ඇද දැමීම වෙනුවට, ඇමරිකානු සමාජය කරන්නේ සහකම්පා කිරීම සහ උදව් කිරීමයි. මේවා දකින මට ලාoකික කාන්තාවන් ගැන අධික දුකක් දැනෙනවා. ජීවත් වන රටේ ආකල්ප අනුව කාන්තාවන් මොනතරම් දුකක් විඳිනවාද?


2 comments:

  1. ඔබගේ පිවිසුම කාලීන අදහසක්. අද අපේ මව් බිමේ බොහෝ අවස්තාවලදී 'විශ්ව ගම්මානයක්' ගැන කතා කරනවා. ඒ උනත් ඔබ දක්වන අදහස් ගැන සහමුලින්ම අමතක කරලා. අලුත් පරම්පරාවලටවත් ඔය ගතානුගතික අදහස් වලින් ගොඩ ඒමට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් අද හෙටම උදාවේවායි ප්‍රාර්ථනා කරමු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට අදහස් දැක්වීම ගැන, ඇත්තටම තමන් නොවටිනා කෙනෙකියැයි අවතක්සේරැ කර හිතන එක්කෙනෙක් හරි මගේ ලිපිය දැක ජීවිතය ගැන නව බලාපොරොත්තු ඇති කර ගන්නවානම් මට ඕනෑ එයයි.

      Delete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...