Friday, November 15, 2019

දේශප්‍රේමී වීමට ලාoකික ඩයස්පෝරාවට අයිතියක් නැතිද?

අද ලියන්නට කල්පනා කලේ ජනාධිපතිවරණ ඡන්ද උණුසුමත් සමඟ කතාබහට ලක් වූ "දේශප්‍රේමී වීමට ලාoකික ඩයස්පෝරාවට අයිතියක් නැතිද?" යන කාරණයයි. මෙතෙන්දි මමත් ශ්‍රී ලාoකික ඩයස්පෝරාවට අයිති කෙනෙක් වීම නිසා මට මේ කරැණ ගැන අදහස් දැක්වීමට අයිතියක් ඇති බව හිතනවා. මුලින්ම අපි ඩයස්පෝරාව යන වචනයේ තේරැම මොකක්ද කියල බලමු. මේ වචනය ඔබ නිතරම අසා ඇත්තේ කොටි සoවිධානයත් සමඟ ඈඳී  නිසා ඔබට එහි නිවැරදි අර්ථය පහදා දීම වැදගත් යැයි සිතුනා. තමුන් පාරම්පරිකව ජීවත් වූ භූමියෙන් පිටත වාසය කරන මිනිසුන් එම රටේ/භූමියේ ඩයස්පෝරාවයි. ඒ අනුව මමත්, රටින් පිට ජීවත් වන ලාoකික සිoහල බෞද්ධයාත්, දෙමළ හින්දු පුද්ගලයාත්, මුස්ලිම්, ක්‍රිස්තියානි, මැලේ, බර්ගර් ආදී මෙකී නොකී සියල්ලන්ම ලාoකික ඩයස්පෝරාවට අයත්. එම නිසා ඔබට දැන් වැටහෙනවා ඇති ඩයස්පෝරාව යන්න විදෙස්ගත කොටි හිතවාදීන්ට කියන තවත් නමක් නොවන බව. 

ඕනෑම සතෙක් ස්වභාවිකවම කැමති තමන් උපන් ප්‍රදේශයේ ජීවත් වීමටයි. මම අසා තිබෙනවා වන අලි වනජීවී දෙපාර්තමේන්තුවෙන් අල්ලාගෙන ගොස් කොහේහරි ඈතට අතහැරියම නැවතත් දුරැ කතර ගෙවාගෙන තමන් උපන් ප්‍රදේශයටම එන බව. ඒවගේම ඇතැම් කුරැල්ලන් සහ මසුන් පවා මෙසේ තමන් උපන් ප්‍රදේශයට දුරැ කතර ගෙවාගෙන ජීවිතයේ වැදගත් අවස්ථාවල පැමිණෙන බව. එම වන සතුන් එහෙම පාර සොයාගෙන එන්නේ කෙසේද යන්න හරියටම කියන්න මම දන්නෙ නෑ නමුත් එය මම දන්නා පරිදි පෘතුවියේ චුම්භක ක්‍ෂේත්‍රය සමඟ සම්බන්ධයි. එහෙනම් ඒ ස්වභාවික නැමියාව යටපත් කරගෙන තමන්ගේ අක් මුල් නැති විදේශයක පoදිචි වීමට මිනිසුන් තීරණය කරන්නේ ඇයි?

මට ලාoකික ඩයස්පෝරාවේ අනිත් අය ගැන අදහස් දැක්වීමට බැරි නමුත් මම ගැන හිතා ඒ ප්‍රශ්නයට උත්තර දෙන්නම්. ලoකාවේ මධ්‍යම පාන්තික පවුලක ඉපදුනාට මට කුඩා කාලයේ සිටම ලoකාවට අනුගත වීමේ නොහැකියාවක් දැනුනා. මම කැමති වුනේ නෑ ලoකාවේ තිබෙන බොහෝ ලක්‍ෂණ වලට. උදාහරණයක් ගත්තොත් මම කැමති නෑ මට හැමදාම වගේ මුහුණදීමට සිදුවූ වීදි හින්සනයට, බස් වල මට දිනපතාම පාහේ මුහුණ දෙන්නට සිදු වූ අතවර වලට, සමහර දේවල් දැන් මතක් වෙන විටත් පුදුමයි. එක උදාහරණයක් කියන්නම් ඒවල බරපතලකම ගැන ඔබට අදහසක් ගැනීමට. විශ්වවිද්‍යාලයෙන් පිට වූ අළුත රස්සාවක් හොයාගන්නකම් ටික කාලයක් තාවකාලිකව එම විශ්වවිද්‍යාලයෙම වැඩ කරන කාලයේ ගෙදර ඉඳන් උදේ හවස බස් තුනක යන්න එන්න මට සිදු වුනා. සාරිය ඇඳීමත් අනිවාර්‍යයි. ඒ මදිවට මගේ මව අසනීපයෙන් සිටි නිසා ආහාර පිළියෙල කලෙත් මම. ඔය ඔක්කොටම උදේ පාන්දර තුනටවත් නැගිටින්න ඕන. ඒ නිසා සහ අඩි උස පටි සපත්තු දාන් සාරි පටලගෙන උගන්නලා හවස ගෙදර එන විට හොඳ ගණන්. අධික මහන්සියට බසයේ ඉඳගෙන එනවානම් නින්ද යන එක වලක්වා ගන්න හරිම අමාරැයි. හැමදාම වගේ එම නින්දෙන් ඇහැරැණේ කවුරැහරි මිනිහක් සාරියෙ එහෙන් මෙහෙන් අතදානකොට. වතාවක් ඉදිරියට නැමී ඉස්සරහ සීට් එකේ හිස තබාගෙන නිදා සිටි මට අමුත්තක් දැනී ඇස් ඇරියාම මම දැක්කේ මගේ හිස අසල සිටගෙන සිටින පිරිමියා සිය පුරැෂ ලිoගය කලිසමෙන් එළියට ගෙන මගේ මුහුණේ ගෑවෙන නොගෑවෙන ලෙස ස්වයo වින්දනයේ යෙදෙන බව, මේක අනිත් මිනිස්සු දැක දැක නොදන්නව වගේ ඉන්නවා. ඒක දැක්ක ගමන් ඉද්ද ගැහුව වගේ මම කෙළින් වුනා. ඒ මිනිහ අසුරැ සැනින් පුරැෂ ලිoගය කලිසමට ඔබාගෙන ඉදිරි පාපුවරැවට දිව ගොස් ඊලඟ නැවතුමෙන් බැස්සා. ඒ මිනිසාගේ හැසිරීම අනුව හොඳටම පෙනුනා ඒ වැඩේ කාලයක් තිස්සේ කරන පලපුරැදු අතවරකරැවෙකු බව. ඒ කාලේ නම් මෙවැනි අතවර වලට එරෙහිව අතවරයට ලක්වන කාන්තාවට කතා කල නොහැකියි, මොකද අර පිරිමියා ඇයව වාචිකවත් අපහරණය කරනවා ඇතැම්විට පහරදිය හැකියි, ඇතැම් විට පිහි ඇනුමක් වුවත් සිදු කල හැකියි.

සාරි ඇඳීම ගැන වෙනමම ලිපියක් ලියන්න තරම් කරැණු තිබුණත් ඉතා කෙටියෙන් මෙතැනදී සඳහන් කල යුතු බව සිතුනා. උත්සවයකට ඉඳහිට සාරි ඇඳීම හැර දිනපතා වැඩට සාරි ඇඳීමට මමනම් ඉතාම විරැද්ධයි. ලoකාවේ ගෑනුන්ගේ පලදායීතාව අවම කර අකාලයේ මරා දමන මර උගුලකි මේ සාරිය. සාරිය නිසා  නිරාවරණය වන පිට සහ බඩ කොටස ලිoගික අසහනකාරයන් උද්දීපනය කරයි. සාරිය නිසා  නිරාවරණය වන පිට සහ බඩ කොටස අතවරකරැවන්ට ඉතා හොඳ ප්‍රවේශයක් වගේම සාරිය කැඩෙයි කියන බය නිසා  අතවරකරැවන්ගෙන් බේරීම අපහසුයි. ඕක සේදීම, මැදීම, ඇඳීම ආදියට පැය 24න් පැය දෙක තුනක් වත් යයි. මෙය මොනතරම් නාස්තියක්ද? ඕනෑම පිළිගත් Safety Standard එකකට අනුව විද්‍යාගාර තුල සාරි ඇඳීම සහ ඊට කැපෙන පටි සපත්තු දැමීම ඉතාම අනතුරැදායක නමුත් ලoකාවේ විශ්ව විද්‍යාලවල විද්‍යාගාර තුල පවා ඉගැන්වීමට සාරි ඇඳිය යුතුය. සාරි ඇඳි විට දුව පැන වැඩ කල නොහැක. යන්තම් අවුරැදු 40 පැන්න ගමන් බොහෝ ලාoකික කාන්තාවන් පිටි මුට්ටි මෙන් මහත් වී දියවැඩියාව, කොලස්ටරෝල්, අධික රැධිර පීඩනය ආදී රෝග වැළඳී ජීවිතය විඳීමට වඩා විඳවීමට මූලික හේතුවක් ලෙස සාරිය මම දකිමි. ඊට අමතරව ප්‍රාථමික පන්ති වල කුඩා දරැවන් සමඟ දුව පැන වැඩ කල යුතු ගුරැවරැ, Physical Training ගුරැවරැ, ඉන්ජිනේරැවරියන්, වෙනත් දුව පැන වැඩ කල යුතු වෘත්තීන් වල යෙදෙන කාන්තාවන් සාරිය නිසා පලදායීව රැකියාව කර ගැනීමට නොහැකිව සිටිති. එය රටටම පාඩුවකි. වෙනත් රටවල රැකියාවට පහසු ලෙස ඇඳුම් අඳිද්දී ලoකාවේ ඇඳුමට පහසු ලෙස රැකියාව කරති.  

ඊලඟට ගත්තොත් මම කැමති වුනේ නෑ ලoකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගිලගෙන තිබෙන දේශපාලන සහ ගෝත්‍රික හර පද්ධතියට. ලoකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් පසුගාමී සමාජයටම අනුගත වෙලා. මම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබපු කාලයේ තත්වයට වඩා දැන් වෙනස්ද දන්නෙ නෑ. විශ්ව විද්‍යාලයකින් බිහි විය යුතු නිර්මාණශීලී විද්‍යාර්ථියා වෙනුවට බොහෝවිට බිහි වෙන්නේ කාළකන්නි ගොට්ටෙකි. දේශපාලනය ඔඩු දුවා ඇති විශ්ව විද්‍යාලයේ ඉගෙන ගැනීම හැර ඉතිරි හැමදේටම ඇප කැපවූ ශිෂ්‍ය ප්‍රජාවකි බොහෝ විට ඇත්තේ. විශ්ව විද්‍යාල කොතරම් පසුගාමීද කියතොත් අධ්‍යයන සමාජයක සභාපති හැම විටම ශිෂ්‍යයෙකි, ලේකම් ශිෂ්‍යාවකි. මොන තරම් සුදුසුකම් කැපවීම හෝ ආශාව තිබුනත් ගෑනුන්ට සභාපතිකම බැරිය, පිරිමින්ට ලේකම්කම බැරිය. විශ්ව විද්‍යාලවල පවා ඒ තරම්ම gender stereotyping පවතී. පර්‍යේෂණ පත්‍රිකා පල කලේ නැති තරම්ය. මම පල කරන්නට යෙදුන පර්‍යේෂණ පත්‍රිකාවක ප්‍රධාන කතුවරයා වූයේ එම පර්‍යේෂණය ගැන මෙලෝහසරක් නොදත් ආයතන ප්‍රධානියෙකි. මම අධික මහන්සියෙන් කල පර්‍යේෂණයෙන් නිකම්ම ඉඳ ලකුනු දාගන්නට දේශපාලන බලයෙන් ඉහළ පුටුවකට අරක් ගත් හොරෙක් සිටී. මෙය අමු අමුවේ පර්‍යේෂණ පත්‍රිකා පිළිබඳ ආචාර ධර්ම බරපතල ලෙස කඩ කිරීමකි. නමුත් කල හැකි දෙයක් නැත. විශ්ව විද්‍යාලය ගැන තව බොහෝ දේ ලිවිය හැකි උනත් මේ උදාහරණ කීපය පමණක් දැනට සඳහන් කරමි.

මම හිතුවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු ලoකාවේම රැඳෙන්නටය. නමුත් රැකියාවක් කරන්නට පටන් ගත් විට සමාජයේ ගරා වැටීම මට හොඳින්ම අවබෝධ වන්නට විය. මම රැකියා කල රැකියා ස්ථාන සියල්ලේම පාහේ අධික කල්ලිවාදයක් තිබුනි. මේ කල්ලි සියල්ලෙහිම පාහේ පොදු ලක්‍ෂණයක් නම් පුළුවන් තරම් වැඩ නොකර අයිස් ගැසීමයි. ඒවාගේම මේ ආයතන සියල්ලෙහිම පාහේ ස්ත්‍රී සොඬෙක්, ආයතන ප්‍රධානීන්ට බොරැ කේළම් කියන්නෙක්, සුළු දේටත් කුණුහරැප කියාගෙන රණ්ඩුවට එන කුකුල් කේන්ති කාරයෙක්, සහ ඒවාට උඩගෙඩි දෙන ඉරිසියාවෙන් හා හීනමානයෙන් පෙලන ගෑනු ටිකක් සිටිය බව කිව හැකිය. මම වැඩ නොකර අයිස් ගැසීමට ඉතාම අකමැති නිසාත් කල්ලි වල membership ගැනීමට උනන්දුවක් නොදැක්වූ නිසාත් මට නොයෙක් අරියාදු කිරීම් වලට ලක් වීමට සිදු විය. ආයතනයේ දියුණුව සඳහා මා විසින් නිර්මාණය කල නව ක්‍රමවේද ක්‍රියාත්මක නොකර බකල් කිරීමට මිසක සහයෝගයෙන් ආයතනය දියුණු කිරීමට ඉතාම ඉහල කළමණාකාරීත්වය හැර කාටවත් සැබෑ උවමනාවක් නොවීය. ඔවුන් බිය වූයේ මම ඉක්මනටම ඔවුන් අභිභවා ඉහලට යෑමට ඇති හැකියාව ගැන මිස පාඩු ලබන ආයතනය වැසී යෑමට යෑමට ඇති හැකියාව ගැන නොවේ. අන්තිමේ මේ කකුලෙන් අදිද්දී අමාරැවෙන් ඉදිරියට යාම මට ඉතා වෙහෙසකර වන්නට විය.

සාමූහිකව සහයෝගයෙන් වැඩ කර හැමෝම ගොඩ යනවාට වඩා තනි මතයට හෝ කල්ලියේ මතයට ආත්මාර්ථකාමීව වැඩකර වලට යෑමට මෙම මිනිසුන් බොහෝ දෙනෙක් පෙළඹුනේ නිකම්ම නොවේ. උපාධි රහිත පරණ මිනිසුන් බොහෝ දෙනෙක් උපාධි සහිත අළුත් අපට ඉරිසියා කල අතර මොනතරම් හොඳින් සැළකුවත් ඔවුන්ගේ අධික හීනමානයත් මට වඩා ඉතා තරැණ අයෙකුට දෙවැනි වීමට වේද යන සoස්කෘතිකමය උද්දච්චභාවයෙන් ඇතිවූ බියත් කැපී පෙනුනි. කුමන අවාසනාවකට හෝ කාළකන්නිවූ දරැවන් සිටින බොහෝ මැදි වියේ නිලධාරීන්ටද ඔවුන්ගේ දරැවන්ගේ වයසේ නමුත් ඔවුන්ගේ දරැවන්ට වඩා හොඳ තැනක සිටි අපව පෙනුනේ වහ කදුරැ මෙනි. මෙවැනි අවස්ථාවල අරියාදු කරැවන්ට ඔබ මොනතරම් හොඳින් සැළකුවත් ප්‍රතිපල රහිත වේ, මන්ද ඔවුන් ඔබට අකමැති ඔබේ උපාධිය නිසා නම් හෝ ඔබ (තම දරැවා මෙන්) හෙරොයින් වලට ඇබ්බැහි නොවීම නිසා නම් උපාධිය අවලoගු කර කුඩු ගැසීම හැර වෙන කිසි දේකින් ඔවුන් ඔබට ඇති අකමැත්ත ඉවත් නොවන නිසා. මා සේවය කල පර්‍යේෂණ සහ සoවර්ධන අoශයේ මගේම rank එකේ සිටි සිල්වා මහතාගේ ක්‍රියා කලාපය ඊට හොඳ නිදසුනකි. ඒ මහතා ඊට වසර ගණනාවකට පෙර සුළු සේවකයෙකු ලෙස ආයතනයට බැඳී හැකියාව සහ දක්‍ෂතාවය මත අත්දැකීම් සමඟ උසස්වූ නිලධාරියෙකි. තමන් වසර ගණනාවක් සේවය කර ලබා ඇති rank එකට නවක උපාධිධාරීන් කෙලින්ම බඳවා ගැනීමට ඔහු තරයේ විරැද්ධ විය. උපාධිධාරීන්ට ඉතාම අකමැති ඔහු තම හිතවත් සේවකයන් දමා මා ඇතුළු අනිත් නවක උපාධිධාරීන් කරන පර්‍යේෂණ වල ඔත්තු බලයි. එම සේවකයන් අප වෙත පැමිණ පර්‍යේෂණ ගැන විස්තර අසද්දී මේ ගැන නොදත් අප කිසිම රහසක් නැතිව අප කරන පර්‍යේෂණ ගැන ඔවුන් දැනුවත් කලෙමු. අප රැකියා වේලාවෙන් පසු නිවෙස් වලට ගිය පසු සිල්වා මහතාත් ඔහුගේ හිතවත් ගෝලයිනුත් රෑ දෙගොඩහරියේ විද්‍යාගාරයට පැමිණ අපෙන් ලබා ගත් තොරතුරැ වලට අනුව අපේ පර්‍යේෂණ කොපි කර (හැකිනම් ඊට සමාන්තරව අපේ පර්‍යේෂණ දත්ත වැරදීයන පරිදි රසායනිකයන් යොදා අවුල් කර) අපට පෙර  ප්‍රතිපල ගෙන ඒවා තමන්ගේ සොයාගැනීම් ලෙස ඉහලට වාර්තා කරයි. මෙම ක්‍රියාකළාපය වැඩි කලක් යෑමට පෙර එළිවී සිල්වා මහතා කුප්‍රකට වුවත් මම ආයතනයෙන් ඉවත් වන තුරැම ඔහුගේ හැසිරීමේ කිසිම ප්‍රගතියක් නම් මට නොපෙනුනි.

මෙම කතා කිහිපය මම මුහුණදුන් ඍනාත්මක අත්දැකීම් වලින් අoශුමාත්‍රයක් පමණි. වසර කීපයක් මෙසේ ගතවෙද්දී මට පසක් වූ අමිහිරි සත්‍යය නම් ලoකාවේ සිට මා කොතරම් මහන්සි වුවත් මගේ සේවය ලoකාවට නිසි පරිදි නොලැබෙන බව සහ මගේ මහන්සියට සරිලන අවම ඇගයීමක්/පිළිගැනීමක්/අවස්ථාවක් හෝ ආරක්‍ෂාවක්වත් මට නොලැබෙන බවයි. එය වැටහුණු පසු මට ලoකාවෙන් පිටතට ගොස් මට ඇගයීම/පිළිගැනීම/අවස්ථා සහ නිසි ආරක්‍ෂාව ලැබෙන රටක පoදිචි වීම හැර වෙනත් විකල්පයක් නොවීය. ඇත්ත වශයෙන්ම මම ලoකාවෙන් පිටව ගියාට වඩා මාව ලoකාවෙන් පලවා හැරිය බව කීම වඩාත් නිවැරදිය. එතකොට කවුද මාව ලoකාවෙන් පලවා හැරියේ?

මට දිනපතාම පාහේ වීදි හින්සනය සහ පොදු ප්‍රවාහන සේවා වල ලිoගික අතවර කල මිනිසුන්
මගේ බුද්ධිමය දේපොළ තම බලපුළුවන්කාරකම යොදාගෙන  රිසිසේ මoකොල්ලකෑ මිනිසුන්
මට මගේ රැකියාව සාර්ථකව කිරීමට ඉඩ නොදුන් රැකියාස්ථානවල අරියාදු කරැවන් (Workplace Bullies)
තමන් යටතේ වැඩ කරන සේවකයන් තම ප්‍රවේණි දාසයන් ලෙස සලකමින් නොයෙකුත් වදහිoසා දීමට උත්සහ කරන ආයතන ප්‍රධානීන්
මට අවශ්‍ය රැකියා ස්ථානයේ ආරක්ශාවවත් (Occupational Safety)  දීමට නොහැකි වූ (උදාහරණයකට සාරි ඇඳ විද්‍යාගාරයට යාමට බල කල) යල්පැන ගිය සoස්කෘතියට බියවූ ආයතන ආදී මෙකී නොකී සියල්ලන්ම අඩු වැඩි වශයෙන් එකතු වී මාව ලoකාවෙන් පලවා හැරිය බව කිව යුතුය.

කිසිම සාධාරණ හේතුවක් නැතිව ලිoගික අසහනය/ඉරිසියාව/හීනමානය/බිය/කුහකකම හෝ පවුකාරකම නිසා මාව ලoකාවෙන් පලවා හැරිය මේ මිනිසුන් ලoකාවේ සිටියත් ඔවුන් ලoකාවට ආදරේද? මගේ අදහස නම් ඔවුන් ලoකාවට ආදරේනම් මෙවැනි ක්‍රියාවල යෙදෙන්නේ නැත යන්නයි. ඔවුන් ආදරේ ඔවුන්ට පමණි, රට ගැන කිසිම සැබෑ හැඟීමක් ඔවුන්ට නැත. මට ලoකාවේ හොඳින් ජීවත්වීමේ අයිතිය අහිමි කල මේ මිනිසුන් එතැනින් නොනැවතී මගේ ලoකාව ගැන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියද උදුරා ගන්නට හදති. අපි ලoකාව ගැන බලාගන්නම් ඔබලා මොකටද ලoකාව අතහැර ගොස් ලoකාව ගැන වද වෙන්නේ යැයි අසති. මෙය මොනතරම් අසාධාරණද?

අනිත් අතට ලoකාවේ ඩයස්පෝරාවේ හැමෝම දේශප්‍රේමීන් නොවෙති. උදාහරණයකට ලoකාවේදී අපරාධයක් කර නීතියෙන් ගැලවීමට රටින් පැන්න අයෙකු දේශප්‍රේමී නොවේ. ඒ අනුව ලoකාවේ ඩයස්පෝරාවේ  සෑම දෙනා ගැනම එකම හොඳ ආකල්පයකින් බැලීමට නොහැක යන්න මම දනිමි. එසේම ලoකාවේ ජීවත්වන හොඳ මිනිසුන්ද ඕනෑ තරම් ඇත. එබැවින් මාව ලoකාවෙන් එළවා දැමීමට දායක නොවූ ලoකාවේ වෙසෙන යහපත් ස්ත්‍රී පුරැෂයන් වන ඔබට මේ ලිපිය අදාල නොවේ.
















4 comments:

  1. ලාංකික කාන්තාවගේ ඇදුම් සහ ක්‍රියාශීලී භාවය අතර සමීප සම්බන්ධ තාවයක් තියනවා කියන එක මටත් හිතුන දෙයක්.සාරිය විතරක් නෙමේ පාසල් නිල ඇඳුමෙන් පවා කරන්නේ ඒක.සාරිය අඳිනකොට තියන දුෂ්කරතාවය ගැන කියන ඔබට කෑම උයද්දී ඇති අමාරුව අමතක උනාද?අපේ සම්ප්‍රදායික කෑම වට්ටෝරු හරිම සංකිර්ණයි.බතයි මාළු දෙකයි උයනකොට භාජන හතරක් පහක් හෝදන්ඩ වෙනවා.උදේට ඉක්මනට කෑම හදන්ඩ අපේ වට්ටෝරු වලින් හරිම අමාරුයි.ලංකාවේ සැබෑ තත්වය ගැන අංශු මාත්‍රයක් ඔබේ ලිපියෙන් විද්‍යාමාන වෙනවා.ඇත්තම තත්වය මීටත් වඩා නරකයි.මෙවැනි ලිපියකින් සාකච්ඡා කළ නොහැකි තරම්.( පර්යේෂණ මෙහෙම ලිව්වහම ඇති.අනිවාර්ය මෙහෙම ලියමු.පරණ විදිහ අවශ්‍ය නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අදහසට. මම හිතනවා සාරි ඇඳීම ඔබ සඳහන් කල අනිත් කරැණු වලට වඩා ඉතාම අවාසිදායක බව. සාරි ඇඳීමේ කිසිම වාසියක් මම ඇත්තටම දකින්නෙ නෑ. ඒක ලoකාවට ආවේණික ඇඳුමක්වත් සoවර ඇඳුමක්වත් ආරක්‍ෂාකාරී ඇඳුමක්වත් පහසු ඇඳුමක්වත් නෙමේ. නමුත් ලාoකික ආහාරවල සෑහෙන්න වාසි තිබෙනවා, විශේෂයෙන්ම සෞඛ්‍යය පැත්තෙන්. ඒනිසා ලාoකික ආහාර ගැන මට ඔබ සමඟ එකඟ විය නොහැකියි. එතැනදී ඇමරිකානු පිරිමි මෙන් ලාoකික පිරිමිත් ආහාර පිසීමට උදව් කල යුතුය යන මතය මම දරනවා.

      Delete
  2. මම අදහස් කරේ ලාංකික ආහාර වර්ග ප්‍රතික්ෂේප කළ යුතු බව නොවේ.අද පවතින කාරය බහුල ජීවිතයට ගැලපෙන පරිදි අපගේ ආහාර තුලින්ම ඉක්මනින පිස ගත හැකි වට්ටෝරු නිර්මාණය කර ගත හැකි නම් කාටත් පහසුයි.ඉස්සර කරත්ත වලින් වෙළඳාම කරන පිරිස් අතර එහෙම වට්ටෝ‍ෙරු තිබුනා.ඔවුන්ට පාරේ මාළු පිනි තුනක් හතරක් උයන්ඩ බෑ.සෞඛ්‍යය පැත්තෙන් අපේ ආහාර වල වාසි තිබෙන බව ඔබ පැවසුවත් අප අහාර රටාවේ ලොකු අවුලක් තියනවා.අපි අනවශ්‍ය පරිදි කාබෝහයිඩ්‍රේට් කන්දක් අනුභව කරන අතර ප්‍රෝටීන් විටමින් සහ අනෙකුත් සංඝටක අවශ්‍ය ප්‍රමාණයටවත් ගන්නේ නෑ.ඒ නිසා අපේ අහාර වේල කිසි දින සමබර වන්නේ නෑ.ඔබගේ ලිපියේ දක්වා ඇති ආකාරයේ සමාජයක් ඇතිවීමටත් සමහර වි මෙම ඌන පෝෂණය බලපානවා වෙන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, අපි එකඟ නොවීමට එකඟ වෙමු.

      Delete