Wednesday, November 13, 2019

පුවතක්- ජර්මන් ටෙක් කථිකාචාර්යවරයාගේ ඝාතනය - විවාහ පමාවට යාගයක් කරනවා කියූ කට්ටඩියා වළක් හාරා පණ පිටින් වැළලු හැටි -

මීට දින කීපයකට කලින් අතුරැදහන් වූ යමක් කමක් තියන උගත් අවුරැදු 45ක මිනිසෙක්  ඝාතනය - ඒ මහතා විවාහ පමාවට පිළියම් ලෙස කට්ටඩියෙකුට කියා ශාන්තිකර්ම කිහිපයක්ම පවත්වා (ඒ වෙනුවෙන් රුපියල් 50,000 සහ 75,000 අතර මුදලක් ගෙවා) තිබෙනවා. එතැනින් නොනැවතී විවාහය ඉක්මන් කිරීමට කළ යුතු අවසාන ශාන්තිකර්මය කිරීමට නම්  ඒ මහතාගේ නිවෙසේ තිබෙන සියලුම රන් භාණ්ඩ රැගෙන ආ යුතු බවට ඔහුට උපදෙසක් දී  ඇත. එයට එකගවූ ඒ මහතා ඒවා රැගෙනවිත් සැකකරු අතට පත්කර ඇත. අනතුරැව එම කට්ටඩියා ඒ මහතාගේ නිවෙස පිහිටි අක්කර 25කින් යුතු ඉඩමේ කෙලවරක වළක් හාරා ඒ තුළ පහන් පත්තු කර සුවඳ දුම් අල්ලා තිබේ. මරණයට පත්වූ මහතා කපන ලද වළ ඇතුළේ නිදි කරවා රන් භාණ්ඩ සියල්ල බෝනික්කකු තුළට ඇතුළු කර එම බෝනික්කා ඔහුගේ ඇග මත තබා ශාන්තිකරමය කිරීමට සැකකරු සූදානම් කර ඇති බව පැවැසේ. එසේ කිරීමට මත්තෙන් වළ තුළ තබා තිබූ පොල් තෙල් පහන් දල්වන ලෙස සැකකරු ඔහුට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ඔහු වළ තුළට නැමී පහන් පත්තු කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඔහුගේ හිසට උදැල්ලකින් පහර දී පසුව වළට දමා වසා දමා බෝනික්කාගේ ඇතුළට බහා තිබූ රන් භාණ්ඩ ද පැහැරගෙන කට්ටඩියා පළා ගොස් තිබේ. - ගොසිප් ලoකා පුවතක් (https://www.gossiplankanews.com/2019/11/german-tec-lecturer-murder.html)

ලාoකික අප ගොදුරැ කරගෙන තිබෙන මිත්‍යා විශ්වාසවල තරම කොතෙක්ද කියලා පෙන්වන තවත් එක පුවතක් මේ. මේ මිනිසා මිය යන්නට කලින් මොන තරම් දුකක් විඳින්නට ඇතිද? මිත්‍යා විශ්වාස ගැන වෙලාවක වෙනමම කතා කරන්නට ඕනේ. ඒත් මේ ලිපිය ලියන්නට හිතුවේ ලාoකික විවාහ ගැන මගේ අදහසක් දෙකක් කියන්නටයි. මේ මහතා විවාහය පමා වීම ගැන desperate වෙලා සිටි බව පැහැදිලියි. ලoකාව කියන්නේ ගෑනු හිඟ රටකුත් නෙමේ (චීනයේ සහ ඉන්දියාවේ සමහර පැති වල නම් ගෑනු හිඟ කමක් තියෙනවා). කලින් කිව්වා වගේ මිය ගිය මිනිසා යමක් කමක් තියන උගත් අoගවිකල වීම් ආදී විශේෂ ආබාධයක් නැති කෙනෙක්. ඇයි එහෙනම් මේ තරම්ම විවාහය පමා වී desperate තත්වයට පත් වෙන්නේ? ගැලපෙන කසාදයක් කරගැනීම ඔය තරම්ම අමාරැද?

මේ මහතා ගැන මම පෞද්ගලිකව දන්නෙ නැහැ. නමුත් මටත් විවාහය පමා වූ ලාoකික මිතුරැ මිතුරියන් සිටිනවා. ඔවුන්ගේ සමඟ කතා බහ කර ලබපු අත්දැකීම් අනුව විවාහය පමා වූ සහ විවාහ වීමට කැමති (සමහරැ විවාහ වීමට අකමැතියි හෝ ලොකු ආශාවක් නෑ, එහෙම අය මේ කතාවට අදාළ නෑ  ) ලාoකික මිතුරැ මිතුරියන් බොහොමයකට එසේ වීමට ප්‍රධාන  හේතුව ලෙස මම දකින්නේ ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල අය කරපින්නාගෙන සිටින වැරදි ආකල්ප. 

මම ඔබෙන් ප්‍රශ්න කීපයක් අහන්න මට අවoකව උත්තර දෙන්නකෝ. ඔබ මොහොතකට සිතන්න ඔබත් මේ  මහත්මා වගේ වයස අවුරැදු 45ක වැදගත් රස්සාවක් කරන ඉඩකඩම් ඇති  සාමාන්‍ය පෙනුමක් ඇති අවිවාහකයෙක් කියලා. ඔබට විවාහ වෙන්න නම් කාන්තාවකගේ තිබිය යුතු සුදුසුකම් මොනවාද? මෙන්න list එක.

1) තමන්ට වඩා මිටි වීම
2) කුළය ගැලපීම
3) කේන්දර ගැලපීම
4) දරැවන් ලබා දිය හැකි වයසේ සිටීම
5) තමන්ට වඩා වයසෙන් අඩු වීම
6) දික්කසාද/වැන්දඹු නොවීම
7) කන්‍යාවක් වීම
8) දරැවන් නොසිටීම
9) කරන රස්සාව කසාදයෙන් පසු නැවැත්වීම/අනිවාර්‍යයෙන් රස්සාවක් කල යුතු වීම
10) ඩිග්‍රියක් තිබීම
11) තමුන්ට වඩා උගත් නොවීම
12) සාමාන්‍ය පෙනුමක් නොව ඉතා ලස්සන විය යුතුය
13) පවුල වැදගත් එකක් විය යුතුයි
14) පවුල දුප්පත් එකක් නොවිය යුතුයි
15) දෑවැද්දක් ලැබීම
16) මේ කාන්තාවට තම පවුලේ අයගේ මනාපය ලැබිය යුතුයි

අනේ මිත්‍රවරැනි, මේ සියල්ලම ඔබ විසින් ඔබේ විවාහය ගැන අධිතක්සේරැවකින්, අහoකාර කමකින්, යල් පැන ගිය සම්ප්‍රදායකින්, මිත්‍යා විශ්වාස වලින්, වාණිජ අරමුණු වලින් සහ හීනමානයකින් කර පින්නා ගත් ඒවා නේද? ඇමරිකාවේ නම් ඕවා එකක්වත් අදාළ නෑ විවාහයකට. අර ගීතයකුත් තියෙන්නේ I don't care who you are, where you from, what you did as long as you love me (Backstreet Boys) කියලා. (https://www.youtube.com/watch?v=0Gl2QnHNpkA)

දැන් මෙහෙම හිතමු. අල්ලපු ගෙදර කෙල්ල ලස්සනයි, ඒ ගෙදර තාත්ත අමු බේබද්දෙක්, ඒ නිසා පවුල වැදගත් නෑ අඩු කුලේ සහ දුප්පත්, ඒත් කෙල්ල උත්සහයෙන් ඉගන ගන්නවා, දැන් උපාධි කීපයක් අරන් හොඳ රස්සාවක් කරනවා. ඉස්සර මේ කෙල්ල කොල්ලො කීපදෙනෙක් එක්කම යාළු වලත් තියෙනවා හැබැයි දැන් නම් හරි තැන්පත්. මිනිස්සු වයසට යනකොට පරිණත වෙනවනේ. ආ, තව එකක්, කෙල්ල ඔබට වඩා උසයි ඈ, කේන්දරය ගැලපෙන්නෙත් නෑ. ඔයාගෙ දෙමාපියො කෙල්ලගෙ තාත්තගෙ ක්‍රියාකලාපය නිසා ඒ පවුලට මනාප නෑ. දැන් ඔබට අවස්ථාවක් ලැබුනොත් මේ කෙල්ල ගැන සළකා බලන්නට, ඔබ කැමතිද? 

උත්තර දෙක තුනක් ලැබුනාම ඉතිරි ටික ලියන්නම්. No judgments, please don't hesitate to let me know your honest thoughts.


2 comments:

  1. මට හිටපු පෙම්වතියන්ගෙන් දෙදෙනෙකු අඩු යැයි සම්මත කුලවල තවත් පෙම්වතියක් කලින් විවාහ වෙලා හිටපු කෙනෙක්.කේන්දර මම විශ්වාස නොකලත් අනික් පාර්ශවයට අවශ්‍ය නිසා බැලුවා.නමුත් සියල්ල පහසුවෙන් සිදු විය යුතු ආකාරයට මඟුලු ගෙදර දවසේ මගේ නිවසින් පිටත් වීමේ වෙලාව මම බොරුවට හදලා දෙමව්පියන්ට දුන්නා.මදු සමයට යත් දී ඇඳට සුදු රෙදි එලිමට අවශ්‍ය නොවන බව කලින්ම කිවිවා.බිරිඳගේ අධ්‍යපන පසුබිම අදටත් මම දන්නේ නෑ.මට අවශ්‍ය එදිනෙදා ජීවිතයට අවශ්‍ය බුද්ධිය පමණයි.නමුත් වැදගත් පවුලක්ද යනවග හොයලා බැලුවා.වැදගත් බව කියන්නේ මිල මුදල්වත් අනෙකුත් සහෝදර සහෝදරියන්ගේ රැකියාවන් වල තත්වයවත් නෙමේ.දුප්පත් උනත් සමාජයේ වැදගත් අකාරයට ජීවත් වනවාද යන වග.ඔබේ ප්‍රශ්ණ කීපයකටම උත්තර මේක ඇතුලේ තියනවා කියලා හිතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අදහසට, බලමුකෝ තව අදහස් ලැබෙයිද කියල තව දවසක් දෙකක්. ඊට පස්සෙ ඔයාලගෙ අදහස් ගැන මගේ අදහස් තව ටිකක් ලිපියට එකතු කරන්නයි හිතාගෙන ඉන්නෙ.

      Delete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...