Wednesday, November 6, 2019

Safety First Please

කඨින පෙරහැරට දැල්වූ මල් වෙඩිල්ල අතේ පුපුරා පාසල් සිසුවා මිය යයි: 

මොන තරම් අවාසනාවන්ත සිද්ධියක්ද? ලoකාවේ අපගේ තිබෙන බරපතල අවුලක් වන්නේ safety ගැන කිසිම අවධානයක් යොමු නොකිරීමයි. අවුරැදු 14 ක දරැවෙක් මෙම සිද්ධියෙන් අකාලයේ මිය ගියේ. පහසුවෙන්ම වළකාගත හැකිව තිබූ අනතුරක්. පස්සේ හැමෝම අඬල වැළපිලා දරැවගෙ ආයුෂ එච්චරයි කියල වැඩිහිටියන් ලෙස තමුන් අතපසු කල වගකීම (වැරදි ලෙස) බුද්ධාගමෙන් තමුන්ම සාධාරණීකරනය කරගෙන ඉන්නවා. ඇමරිකාවේ නම් දරැවගෙ දෙමාපියන්ව අත් අඩoගුවට ගෙන සාවද්‍ය මනුශ්‍ය ඝාතනය යටතේ නඩු පැවරීමට ඉඩ තිබ්බා. දියුණු රටවල දරැවන් ජාතක කල පළියට දරැවන්ව අනතුරැ දායක දේවල් වලට යොමු කිරීම, අඩත්තේට්ටම් කිරීම ආදිය දෙමාපිය භාරකරැවන්ට කළ නොහැකියි. මීට කලිනුත් දරැවන්ව safety jackets ඇන්දවීමෙන් තොරව ගoගා ඇල දොළ වල ගෙනගොස් අනතුරැ වලට ලක්වී මියගොස් තිබෙන අවස්ථා සහ හෙල්මට්, car seat, seat belts නැතිව වාහනවල ගෙන ගොස් අනතුරැ වලට ලක්වී මියගොස් තිබෙන අවස්ථා  ආදිය ඕනෑ තරම් අසා තිබෙනවා. එවැනි බොහෝ දෙමාපියන් උගත් හොඳ රැකියා කරන ඒවගේම දරැවන්ට ආදරය කරන උදවිය, ඒත් safety ගැන හිතන්නෙ නෑ. වැඩිහිටි ඔබ ඔබේ ජීවිතය සමඟ සෙල්ලම් කරන්නට කැමති නම් ඊට බාධාවක් නෑ හැබැයි තම ආරක්ශාව සළසගන්න තේරැමක් නැති කුඩා දරැවෙක් අනතුරැදායක තත්වයන්ට ලක් කිරීමට අයිතියක් නැහැ, ඒ දරැව ඔබේ ලෙයින් මසින් හැදුනු ඔබේ දරැවා උනත්.

2 comments:

  1. දරැවන් නෙමේ දරුවන් ඒක නිවැරදි කරන්න.අකුරු තව ටිකක් ලොකු කරොත් කියවන්ඩ ලේසියි.ඔබ හැම තැනකම රු වෙනුවට රැ අකුරයි යොදාගෙන තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහසට, මම පාවිච්චි කරන font එකේ ගැටළුවක් ඒක. බලමු ඉදිරියට නිවැරදි කර ගැනීමට.

      Delete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...