Tuesday, March 21, 2023

ගී පද රචකයන්ව හමු වී අහන්නට හිතුනු ප්‍රශ්න ටිකක්

 කාලයක් තිස්සේ ගී පද රචකයන්ව හමු වී අහන්නට හිතුනු ප්‍රශ්න ටිකක් තියෙනවා. ඇත්තටම ඒ ගීත ගැන මම ඕනෙවට වඩා හිතන නිසා වෙන්න ඇති. හින්දි හෝ විදේශීය තනුවකට සින්හල ගී ලියනකොට නම් තනුව නිසා සමහර අමුතු වචන දාන්න වෙන එක ගැන නෙමේ මම මේ කියන්නෙ. ගී පද රචකය නිවී සැනසිල්ලෙ ලියපු ගීත වල යම් ව්‍යගාර්ථයක් දැනුන අවස්ථා. 

කලින් ලිපියෙ මහේඳ්‍ර කපූර් ගායනා කරපු සුනිල් ශාන්ත මහත්මයා මුල් ගායනය කරන ඕළු පිපීලා ගීතය ලියුවේ කව්ද කියල සඳහනක් නෑ බලපු කොහෙවත්. කොහොම උනත් ඒ ගීතය බැලූ බැල්මට අක්කෙක් කියන එකක් වෙන්න ඕනෙ කියල හිතෙනව, මොකද  "ඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා" කියන පද ගැළපෙන්නෙ ගෑනු ළමයි දෙන්නෙක්ට. එහෙනම් ඇයි සුනිල් ශාන්තගෙ පිරිමි කටහඬින් ගීතය ගැයුනේ. අක්කෙක් නoගියෙක්ට සාමාන්‍යයෙන් නොකියන ලාවට රොමැන්ටික් කතාත් තියෙනව;

"එන්න දියේ බැස මා හා - දෙන්න ඔබේ අත මාලා" (මේක අක්කෙක් නoගියෙක්ට කියන්න බැරි කමක් නෑ ඒත් ඊට වඩා රොමැන්ටික් වගේ)

"වැල නොකැඩී පෙම් කෙළිමින් යන්නෝ දන්ඩි පැටව් නංගෝ"

"ඕලු මලේ සුද නාලා - ඔබ රුව වැඩිවෙයි මාලා" (මේක අක්කෙක් නoගියෙක්ට කියන්න ඕනෙ ඔබෙ රැව නෙමේ අපෙ රැව කියල)

"අන්න මල්ලි මෙහි එනවා- යමු යමු හනිකට මාලා" (මල්ලිලට "බය" පෙම්වතුන්නේ, ජෝතිපාල මහත්මයට මේක ඇති වෙලා අරැන්දතිය මල්ලි මොටද ගමන් බිමන් යන්න - අදින පසුව මේ පාරෙන් ඔබ තනියම එන්න කිව්වෙත් ඒකනෙ )

ඉතින් මේක වඩාත් ගැළපෙන්නෙ ට්‍රාන්ස් ජෙන්ඩර් අයියෙකුයි එයාගෙ ක්‍රශ් එකටයි වගේ, සුනිල් ශාන්ත මහත්මයාගෙ පිරිමි කටහඬත් මැච් ඒ උපකල්පනයට. 

දෙවන ගීතය තමා චඳ්රානි ගුණවර්ධන මහත්මිය ගායනා කරන ජයන්ති කස්තුරිආරච්චි ලියපු ගගන තලේ විමන් අරා ගීතය.https://www.youtube.com/watch?v=fBow9bLd9Tk

ගගන තලේ විමන් අරා - සමන් වැලක සුවඳ පෙරා

ඔබ හද මල් පිපෙන තුරා - ඔබට වාසනා

දෑස කඳුළු දිය උතුරා - දෝතක මල් මුතු වරුසා

හදක විමන් පිරෙන තුරා - ඔබට වාසනා

පැහැදිලිවම මේවගේ අදහස් තියෙන්නෙ ආදරයෙන් පැරදුනු ගෑනු ළමයෙකුට, ඒකනේ චඳ් රානි ගුණව ර් ධන මහත්මියගේ කාන්තා හඞින් ගායනා කරන්නේ. නමුත් ඇය ආදරය කලේ පිරිමියෙක්ටද ගැහැනියකටද කියල හිතා ගන්න බැරි දෙවනි කොටස නිසා.

කුංකුම අංජන තවරා - ආදරයෙන් බැලුම් හෙළා //

මා සමගින් පැතුම් පිරූ - ඔබට වාසනා

කුංකුම අංජන තවරපු ඇස් දෙකෙන් ආදරයෙන් බැල්ම හෙලලා ඇය සමඟින් පැතුම් පිරැවේ ගැහැනියක් කියලමයි මට හිතෙන්නෙ. ඒ අනුව ඒක ලෙසබියන් ආදරයක්ද? 

අන්තිම කොටසත් හරිම අමුතු කතාවක්.

සඳ එළියක සිහිල පතා - හිරු ගිණිදැල් දවන තුරා //

වේදනාව මට හිමිමුත් - ඔබට වාසනා

මේ කතාව ඕනෙ අතකට හිතන්න හැකියි. මට හිතෙන්නෙ ලෙස්බියන් ආදරේ එයා පැතුව සඳ එළියක සිහිලටත් එයාට හිමි උන හෙටරො ආදරේ (බලෙන් මිනිහෙකුට බන්දල දුන්න නම් වගේ) හිරු ගිණිදැල් දවන වේදනාවත් කියල.

පද රචනය කරපු ජයන්ති කස්තුරිආරච්චි වෙනත් ගීත ලියපු කෙනෙක්ද හෝ කිසිම විස්තරයක් නෑ. මම හරිම ආස අභිරහසක් ඒක.

මේ ඔක්කොම LGBTQ කතා මතක් උනේ ලඟදි මට මුහුණදෙන්න අපූරැ වෙච්ච සිද්දියක් නිසා. ඇමරිකන් යාළුවෙක්ට මගේ මෝඩාභිමානෙ නිසා කැන්ඩි පෙරහැරේ අලි ටික පෙන්නුව ඒක වාව් කියයි කියල, මෙන්න ඒක හිනා වෙනව. ඒ පාර මම ඇහුව ඇයි තෝ අපේ මෙව්ව එකට  හිනා වෙන්නෙ කියල. ඒක කියපි මුන් ට්‍රාන්ස් ජෙන්ඩර් අලිද කියල. සාමාන්‍යයෙන් ඇමරිකාවෙ ට්‍රාන්ස් ජෙන්ඩර් අය විසිතුරැ අරැමෝසම් ඇඳුම් අඳින්න කැමතියි, ඉතින් විසිතුරැ අරැමෝසම් ඇඳුම් ඇඳන් පෙරහැරේ යන අලි ටික මේ යකාට පෙනිල තියෙන්නෙ ට්රානි අලි වගේ. 

2 comments:

  1. කදිම අදහස් ටිකක නේ ප්‍රියාවී ඔයාට හිතිලා තියෙන්නේ. මටත් සමහර වෙලාවට ඔහොම දේවල් හිතට එනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාලනී, මගේ අදහස් ගොඩක් දියුණු උනා වෙනත් කල්චර්ස් වලට එක්ස්පෝස් උනාම. ඔයාටත් එහෙම හිතෙන්නැද්ද?

      Delete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...